Category Archives: මතක

කපුටියකගෙ කේජු මතක…!

“අපෝ මොනවද මේ මහ රෑ කන කෑම?” සැප පුටුවෙ දපල ඉඳගෙන චිත්‍රපටිය බලනවයි කියල නිදි කිරන, ඒ නින්දෙං ඇහැරිලා කිසි නිදිමතක් නෑ වගේ රෑ එකොළහට දොළහට කුස්සියෙ චීස් කපන මාව දකින පෙම්බරයා අහනවා.“කේජු…. රසම රසයි කේජූ……!”  ඉස්කෝලෙ කාලෙ නාට්‍යයක මීයෙක්ට … Continue reading

Posted in අම්මයි තාත්තයි මල්ලියි මමයි, මට හිතෙන හැටි, මතක | 11 Comments

අබ්දුල්ලා, හනිෆා සහ මුම්මානේ උම්මා…

ඔය අපේ මුතුගල අත්තගෙ එකම නැන්දා ඒ කාලෙ අපේ ගම කෙළවර පදිංචි වෙලා හිටිය මුස්ලිම් මනුස්සයෙක් එක්ක පැනල ගියාලුනෙ. කතාවට කියන්නෙ දැං එතන තියෙන මුස්ලිම් ගම ආරම්භ වුණේ ඒ දෙන්නගෙ එකලාසෙං කියල තමා. පුංචි සන්දියෙ මතකෙකට මට තියෙන්නෙ ඒ ආච්චිගෙ … Continue reading

Posted in අම්මයි තාත්තයි මල්ලියි මමයි, මතක, මුතුගල විත්ති, Uncategorized | 13 Comments

තාත්තෙක්, හීනයක් සහ වාසනාවන්ත දුවෙක්..!!

මෙන්න බොලව් අපගේ බලු පුතුනා මේකා නම් මහ නරක බල්ලෙකිය මේ බල්ලා කොයි සිට ආවේ මේකා අපායෙ ඉඳ ආවේ   ඔලුවෙ ඉඳන් රෙදි පොරවාලා හොරට නිදාගෙන මේ ඉන්නේ නැගිටපියවු හොර ගෙඩි දෙන්නා පස්සට ඉර අවුවත් වැටිලා   හොඳ ලොකු කෝටුව … Continue reading

Posted in අම්මයි, තාත්තයි, මතක, මමයි, මල්ලියි, මුතුගල විත්ති | Tagged , , , | 24 Comments

පොරොන්දු සහ ඇරියස්…!!

ගෙදරට  මගේ නමටම ඇවිල්ල තිබුණ ලියුම මං කැඩුවෙ හරි ආඩම්බරෙන්… පරණ ඉස්කෝලෙන් අපිට දැනුම් දීල තිබුණ අපිව ශිෂ්‍යත්ව ලකුණු අනුව තේරුණ අලුත් ඉස්කෝලෙ මෙන්න මේකයි, යන්ඩ තියෙන්නෙ අහවල් දවසෙ ඉඳනුයි කියල.. ඉස්කෝලෙන් සමුගැනීමේ උත්සවාරාධනාවත් ඒත් එක්කම …. යාන්තං ඇති!! ගන්දබ්බ … Continue reading

Posted in අම්මයි තාත්තයි මල්ලියි මමයි, මතක, මුතුගල විත්ති | 23 Comments

ආයෙමත් බොළඳ ඇබ්බැහිකම් ගැන…

මං හනි හනිකට කෝන් එක උඩ දුම් දම දම තිබුණ වැනිලා අයිස්ක්‍රීම් බෝලෙ පුලුවන් දියවෙන්ඩ කලින් සමතලා කළා ඊලඟට පටන්ගත්තෙ ඉතුරු අයිස්ක්‍රීම් ටික කෝන් එක ඇතුලට තල්ලු කිරීමේ වැඩසටහන.. කෝන් එක පෙඟිල කර කර ගාන ගතිය යන්න කලින් ඒකෙ හීනි … Continue reading

Posted in අම්මයි තාත්තයි මල්ලියි මමයි, මතක, මුතුගල විත්ති | 27 Comments

බඩගින්න…!!!

එකවරම දුම්රියේ ගමන් තාලය මාරු වුණා. ඒ තාලයත් එක්ක හිතෙන් බැඳිල ඒ ඔස්සේ කල්පනා ලෝකෙක බොහෝ දුර ගිහින් හිටිය මාව පියවි ලෝකෙට ඇදගෙන වැටුණ. ඉන්දියාවෙ තැනිතලා බිම්වල දිවෙන දුම්රිය ගමන්තාලය වෙනස් වෙන්නෙ කලාතුරකින්. පාලමක් උඩින් යනකොට… එහෙමත් නැත්නම් පැයකට දෙකකට … Continue reading

Posted in මගේ චාරිකා, මට හිතෙන හැටි, මතක | 24 Comments

තීන්ත පෑනා…!!!

ආනේ!!!  අලුත්ම පෑනක්!! තරංගනී ලඟ තිබුණ රත්තරං පාට විල්ල තිබුණු අලුත්ම අලුත් පෑනෙ දිස්නෙ මගෙ ඇස් දෙකට ටිකක් ඉවසා දරාගන්ඩ අමාරු වුණා… එක සීරීමක්වත් නැතුව කොලපාටට කොලපාටෙ බැබලෙන බටයක් තිබුණු ඒ පෑන සුදුපාට ඇසුරුම් පෙට්ටිය ඇතුලෙ එයාටම කියල තැනුණු විල්ලුදවන් … Continue reading

Posted in අම්මයි තාත්තයි මල්ලියි මමයි, පෙම්බරයයි මමයි, මට හිතෙන හැටි, මතක | 45 Comments

මතක පොකුරු…!!!

ආ……………..ව්!!!! අනේ අම්මෙ අම්ම අදිනකොට රිදෙනවනෙ………… අනේ ඇති අම්මෙ…. මට දැං යන්ඩ දෙන්ඩකො මං ඔය කෑගහන්නෙ රිදෙනවටම නෙවෙයි….. ගැලවිලා දුවන්ඩ ඔහොම ඉන්ඩ චූටි පුතා… මේ බලන්ඩ ඔලුව ගන්ඩ දෙයක් නෑ…. ඔ ඔ…. ඔන්න ඔන්න!! ඔහොම ඉන්ඩ… ආ… මෙන්න…. අම්ම කලබලෙන් … Continue reading

Posted in අම්මයි තාත්තයි මල්ලියි මමයි, මතක | 20 Comments