Category Archives: Uncategorized

පණගැහෙන ඒ දම්පාට හදවත්…!

ඒ දිග කොරිඩෝව දිගේ මං ඇවිදං ආවෙ අමාරුවෙන්, යජිත් වරින්වර උදව් වෙන්න අහන එක ගැනත් තරහ ගනිමින්. කලින් දවසෙ හැන්දෑවෙ හදිසි සිසේරියෙන් සැත්කම සිදු වෙලා ගත වුණේ පැය කියද? වෙන සැත්කමක් කරපු මනුස්සයෙක් නම් දවස් ගාණක් ඇඳේනෙ. අම්ම කෙනෙක් එහෙම … Continue reading

Posted in Uncategorized | 4 Comments

ජීවිතේ සිදු වීම…!

අහම්බෙන් වගේ ගෙදර අනිත් කාටත් කලින් අවදි වුණ උදේක, මම කෝපි කෝප්පෙකුත් වක්කරගෙන කරන්න නිශ්චිත වැඩක් නැති කමට පරණ වට්සැප් තෝම්බු අවුස්සන්න ගන්නව. ඔන්න ඔය වෙලාවට තාර්කික අංගනාව එළි බැහැල කට කොණකින් මට හිනා වෙලා ජංගමයට එබෙන්ඩ එනව. එයා හිතං … Continue reading

Posted in මට හිතෙන හැටි, Uncategorized | Tagged , , | 12 Comments

වැහිවතුර පොකුණක නෙලුම් උමතුව…!

“සුබ උදෑසනක් කොහොමද ඔයාට? මම ඔයාට උදව් වෙන්න ඕනෙ කොහොමද?” එක එක හැඩේ ලොකු පොකුණු, පොඩි පොකුණු, ප්‍රතිමා, පුංචි සත්තුන්ගෙ හැඩ පිරුණු උද්‍යානය ඇතුළෙ වතුර මල්වල වතුර සිරි සිරිය ඇහෙද්දි, සිමෙන්ති කණු, තඩි පිළිම දිහා බල බල ඇවිත්, බුදු හිසක … Continue reading

Posted in Uncategorized | 9 Comments

නමක්…!

“මං හිතන්නෙ ඩොක්ට චන්ද්‍රසේකරන් තමයි අද රූම් වන්  එකේ ඉන්නෙ. ඔයාට දැනගන්න ඕනෙ දෙයක් තියෙනව නම් එයා එක්ක කතා කරන්න හොඳ ද? ” රෝහලේ පවුල් කටයුතු භාර හෙදිය ඇඩෙල් මාව ළදරු දැඩි සත්කාර ඒකකයෙ කාමරය ළඟට ඇරලන්න යන ගමන් කිව්ව. … Continue reading

Posted in Uncategorized | 17 Comments

බ්‍රින්ග් බැක්මයි බොනි ටුමී…!

මයි බෝනී ලායික් ඕව දී ඕ..ෂන්…මයි බෝනී ලයික් ඕව ද සී මං කුස්සියට ආවෙ සින්දුවෙන්. ඒකත් මහ හයියෙං..මගෙ සද්දෙට කුස්සි කෑල්ලෙං කෑම කාමරේට යන උලුවස්සට ටිකක් එහයිං ලොකු වංගෙඩිය ලඟ පුටුවෙ ඇස් දෙක පියං, කකුලප්පිට කකුලක් දාගෙන තාලෙට උඩ කකුල … Continue reading

Posted in Uncategorized | 1 Comment

වල්ගතරුවක්…!

“තාත්තෙ?” “ඇයි බල්ලො?” උදේ වැඩට යන්ඩ සැරසිලා  මගෙ කාමරේට ඇවිත් ඕඩිකොලොං බෝතලේ ඇඟට හලාගනිමින් හිටිය තාත්ත මගෙ දිහාට හැරුණ. “නෑ… මේ… මේ… අර වල්ගතරුව, හේල්බොප්..අන්න ඒක බලන්ඩ. ඒක අපිට පේන්නෙ අද ඉඳල… ඒක පේන්නෙ උතුරු පැත්තෙං කියල කිව්වෙ.. ඒක හවස … Continue reading

Posted in Uncategorized | 11 Comments

අවුරුදුම දහ අටක්…!

“තාත්තෙ” “හ්ම්ම්” තාත්ත මට හූමිටි තියන්නෙ මහ පාරෙං ගුරුපාරට හරවපු බයිසිකලේ රූං ගාල යන ගමං අතවනං ගිය බූස්ලි මාමට හිනාවෙලා සැලියුට් එකක් ගහන ගමං. මං ඉන්නෙ තාත්තගෙ සරං බොක්ක ඇතුලෙ තාත්ත ඉන්නෙ අපේ ගෙදර ඉස්සරහ දොරෙං පැටියෝ එකට බහින පඩිදෙකෙන් … Continue reading

Posted in Uncategorized | 4 Comments

අබ්දුල්ලා, හනිෆා සහ මුම්මානේ උම්මා…

ඔය අපේ මුතුගල අත්තගෙ එකම නැන්දා ඒ කාලෙ අපේ ගම කෙළවර පදිංචි වෙලා හිටිය මුස්ලිම් මනුස්සයෙක් එක්ක පැනල ගියාලුනෙ. කතාවට කියන්නෙ දැං එතන තියෙන මුස්ලිම් ගම ආරම්භ වුණේ ඒ දෙන්නගෙ එකලාසෙං කියල තමා. පුංචි සන්දියෙ මතකෙකට මට තියෙන්නෙ ඒ ආච්චිගෙ … Continue reading

Posted in අම්මයි තාත්තයි මල්ලියි මමයි, මතක, මුතුගල විත්ති, Uncategorized | 13 Comments

රෙක්සිගෙ වැරදුන කුරුමානම..!

එක පාරටම ලැබුණු අසීමිත නිදහස් ලෝකෙ කිරුල පැලඳුන දා ඉඳල රෙක්සිය හුරතල් මෝඩ් එකෙන්  අවටියෙල් මෝඩ් එකට මාරු වුණා. අපේ වත්තෙ කොට තාප්පෙට තියපු ගේට්ටුව යටින් බඩගාල රිංගල ගිහින් වෙලේ නටන්න ගත්ත.  පෙම්බරයගෙ අම්ම හිටවල ගිය මල්වල වතුර දාන වෙලාවක … Continue reading

Posted in Uncategorized | 5 Comments

රෙක්සි හෙවත් අභිනව ගෘහමූලික…!!

  ඔන්න ඉතිං රෙක්සිය හෙමින් හෙමින් අපේ ගෙදර පාලනේ අතට ගත්ත. දවස ගානෙ ගෙදර මොනම හරි දේකට අලාබහානි කළා. හැන්දෑවට පෙම්බරය ගෙදර එනකල් බලන් පාර බලන් ඉඳල එයා ගලවල දාන මේස් කටින් අරන් එහාට මෙහාට පැන පැන අල්ලන සෙල්ලං කරන්න … Continue reading

Posted in Uncategorized | 12 Comments