Monthly Archives: March 2011

හිත සමග සටනක!!!

  ඔන්න හරී……! චූටි මාම සපෝටර් දෙක හයි කරපු පුංචි චොපර් බයිසිකලේට නැග්ග මම පැදගෙන පැදගෙන වේගෙන් ගියා හා හා.. හෙමින් හෙමින්… චූටි මාම කෑගැහුව මෙච්චර දවසක් කකුග් අකුලගෙන පුංචි තුන් රෝද බයිසිකලේ පැද පැද හිටපු මට චූටි මාම ගෙනත් … Continue reading

Posted in Uncategorized | 7 Comments

ඔබට කියන මගේ දුක….

හිත හොඳටම අවුල් වෙලා තියෙන වෙලාවක මෙහෙම ලියන්නෙ දුක පොඩ්ඩක් හරි හෑල්ලු වෙයි කියල හිතලයි… මල්දෙනියෙ කතාවලට පණ දීපු ලොකුමාම යන්න ගියා සදහටම…..! ඊයෙ උදේ පපුවේ දකුණු පැත්තෙ වේදනාවක් නිසා ඉස්පිරිතාලෙට ඇතුලත් කරපු චූටි මාමට හදිසි හදවත් සැත්කමක් කරන්න වෙලා…! … Continue reading

Posted in අම්මයි තාත්තයි මල්ලියි මමයි | 9 Comments

විශ්‍රාමය සුවයක්ම වේවා!!!

කවුද මේ වැඩේ කළේ…..? ඇයි මේ රිජිෆෝම් හැමතැනම කඩල දාල??? සංගීත ටීචගෙ හඬ තරමක් රලුයි… සංගීත කාමරේ බිම පැදුරුවල ඉඳගෙන හිටපු ළමයි සේරමල බිම බලාගත්ත… වැඩේ වැරදුනා වගේ… කට්ටියටම හිතුණ… සංගීත කාමරය පුරාම පුංචි පුංචි රිජි‍ෆෝම් බෝල… පුංචි හුළං පාරටත් … Continue reading

Posted in Uncategorized | 10 Comments

ගම්මානේ යන අතරමග…..

අන්න අක්කේ…..! අර……………………! මල්ලි එක පාරටම කෑ ගහගෙන ඉස්සරහට දිව්ව…. දුවල දුවල ගිහින් නතර වුණේ  දිග්ගොඩැල්ලෙ ගෙදර ළගින් ගලාගෙන යන පුංචි දිය කඳුර හරහට සිමෙන්ති කැටවලිං දාල තියෙන පාලම ලඟට වෙලා කේශාන්තයේ සිට පාදාන්තය දක්වාම  හැමදාම බරට බරේ  ගෙඩි පුරවගත්තු … Continue reading

Posted in මල්දෙනියෙ විත්ති | 17 Comments

ගම්මානේ යමු…!

ඉස්තෝප්පුවෙ මිටි පඩි උඩ ඉඳගෙන ඈත කඳුවල හෙවනැලි කන්දෙන් කන්දට වැටෙන හැටි බලාන හිටිය මම හැරිල බැලුවෙ අම්ම එන සද්දෙට… කොහෙන්ද අම්මෙ පත්තරේ? කියවන්ඩ දෙයක් නැතිව හරිම හිතේ අමාරුවෙං හිටිය මං ඇහුවෙ පස්වනක් ප්‍රීතියෙන් පිනා ගිහිං.. ඇයි ආත දෙහිඕවිට ගිහිං … Continue reading

Posted in මල්දෙනියෙ විත්ති | 21 Comments

සිවකුමාර්…!

අක්කෙ අක්කෙ…. නැගිටින්ඩ නැගිටින්ඩ…. කවදාවත් නැතිව මල්ලි උදේ පාන්දරම ඇහැරිලා කරදර කරන්ඩ එපා අනේ…. නිදාගන්ඩ දෙන්ඩකො මල්ලි… මම තව තවත් පොරවනය ඇතුලට ගුලි වෙන්නෙ කම්මැලිකමට මල්දෙනියෙ සීතල සැපදායක පරිසරයෙදි නින්ද යන්නෙ අපිටත් නොදැනීම…. එනවකෝ අක්කෙ…. අනේ එනවකො අපි උගුරැස්ස කඩන්ඩ … Continue reading

Posted in මල්දෙනියෙ විත්ති | 43 Comments