Monthly Archives: January 2017

රෙක්සිගෙ වැරදුන කුරුමානම..!

එක පාරටම ලැබුණු අසීමිත නිදහස් ලෝකෙ කිරුල පැලඳුන දා ඉඳල රෙක්සිය හුරතල් මෝඩ් එකෙන්  අවටියෙල් මෝඩ් එකට මාරු වුණා. අපේ වත්තෙ කොට තාප්පෙට තියපු ගේට්ටුව යටින් බඩගාල රිංගල ගිහින් වෙලේ නටන්න ගත්ත.  පෙම්බරයගෙ අම්ම හිටවල ගිය මල්වල වතුර දාන වෙලාවක … Continue reading

Posted in Uncategorized | 5 Comments

රෙක්සි හෙවත් අභිනව ගෘහමූලික…!!

  ඔන්න ඉතිං රෙක්සිය හෙමින් හෙමින් අපේ ගෙදර පාලනේ අතට ගත්ත. දවස ගානෙ ගෙදර මොනම හරි දේකට අලාබහානි කළා. හැන්දෑවට පෙම්බරය ගෙදර එනකල් බලන් පාර බලන් ඉඳල එයා ගලවල දාන මේස් කටින් අරන් එහාට මෙහාට පැන පැන අල්ලන සෙල්ලං කරන්න … Continue reading

Posted in Uncategorized | 12 Comments

රෙක්සි..!

රෙක්සි කියන්නෙ අපේ මල්ලිට පුංචි කාලෙ ඉඳල තියෙන බලු පිස්සුව ලොකු මහත් වෙලා කසාද බැඳලවත් සනීප වුනේ නැති හන්ද කැන්දං ආව බල්ලා. අපරාදෙ කියන්න බෑ නමටම කැපෙන වංශවත් රිජ් බැක් බල්ලා. පොඩි කාලෙ ඉඳල මල්ලිගෙ වැඩපොලේ ඉන්න ඔක්කොමල සුවාමියො කියල … Continue reading

Posted in Uncategorized | 7 Comments

රොවා ජූනියර්ගෙ පැටිකිරිය..!

මං කිව්වනෙ කලිනුත් අපේ අම්ම රොවා (සීනියර්වයි ජූනියර්වයි දෙන්නම) ව හැදුවෙ බොහොම සිල්වත්ව දැහැමිව,පිරිසිදුව ඉන්න කියල දීල. මේ කතාව රොවා ජූනියර් ගැන. කොටින්ම එයා ඉන්නෙ එයාටම කියල කුස්සිය පිටිපස්ස දොර ඇරෙන තැන හදාපු බාග දැල් බිත්ති තියෙන කාමර කෑල්ලෙ නිදැල්ලෙ.. … Continue reading

Posted in Uncategorized | 11 Comments

රොවා සහ ගැම්බලයා…!

  ඔය අපේ බල්ල රොවා ඉන්නවනෙ. සිල්වත් සුපේශල බල්ලෙක් විදියට තමා අපෙ අම්ම හැදුවෙ. කොටිම්ම අපේ ගෙදර‍ට ගේන බටර් බලුබටර්, බිත්තර බලුබිත්‍තර, වෙනේකක් තියා කඩේ මුදලාලි මාමත් අහන්නෙ “නෝන අද බලුබිස්කට් ගන්නෙ නැද්ද?” කියල. අපේ ගෙදර පූසො කැලතකුත් හිටිය. මේ … Continue reading

Posted in Uncategorized | 14 Comments

හොරා…!!!

දවස් හතරක මන්නාරම් ක්ෂේත්‍ර චාරිකාව අවසන් කරල ගෙදර ආව විතරයි. මං පහුවදා වැඩට ආවෙ හුස්මක් කටක් ගන්න නැතුව ඊලඟ දවසෙ  ඒකෙ ඩීබ්‍රීෆිං එක දාපු ලොක්කට හිතෙන් බනිමින්. මගෙ හිතේ දුකට අලගු තියන්න වගේ පාන්දරම අහසත් ගොරවන්න ගත්ත.  ඩික්මන් පාරට හරවද්දි … Continue reading

Posted in Uncategorized | 13 Comments

ඉඳිආප්ප කතාව…!

“අනේ තාත්තෙ අදත් ඉඳිආප්පද? මට බෑ හැමදාම ඉඳිආප්ප කන්න.” තුං දවසක් එක දිගට රෑට ඉඳිආප්ප කාල හතර වෙනි දවසෙත් රෑට තාත්ත ඉඳිආප්ප පිටි අනනකොට මං නහයෙං අඬනව. “එහෙනං චූටි පුතාට කන්න  දවල් බත් ඇති…” මගෙ අඬෝවැඩියාව අහං ඉන්න බැරි තැන … Continue reading

Posted in Uncategorized | 17 Comments