Monthly Archives: January 2014

බක්කි ඇවිස්සිලි සහ දෙගරාවේ නිදන් හෑරිලි…

ඔය අපේ අත්තගෙ කඩේ තියෙනව නේද?? නැති  දෙයක් නෑ ඒකෙත්… පරණ ටින් අස්සෙ සිවංගුරු, පල්මානික්කං, දුම්මල, ටොපි බෝතල් දෙක තුනකුයි, පරණ ෂෝ කේස් එකක දාපු ඔය බනිස් පාං අනං මනං ටිකකුයි විතරයි කඩේටම තිබුණෙ අලුත්ව කියල.. ආ ඇයි ආච්චි අම්මට … Continue reading

Posted in අම්මයි තාත්තයි මල්ලියි මමයි, මුතුගල විත්ති | 14 Comments

ගම්මිරිස් කොළ කැවිල්ල…

මයෙ කෙල්ලේ!! හොඳ එකී වගෙ ගිහිං  බුලත් කොලයක් දෙකක් කඩාගෙන වරෙංකො.. දවල් බත සප්පායං  නින්දකුත් නිදාගෙන එහෙම කඩේ ඉස්සරහ බංකුවෙ ඉඳගෙන විටක් හපන්ඩ ලක ලෑස්ති වෙන අත්ත කතා කළේ කඩේ තියෙන බක්කි අස්සෙ කරක් ගහ ගහ එක එක එව්ව ඇද … Continue reading

Posted in මුතුගල විත්ති | 35 Comments

පොරොන්දු සහ ඇරියස්…!!

ගෙදරට  මගේ නමටම ඇවිල්ල තිබුණ ලියුම මං කැඩුවෙ හරි ආඩම්බරෙන්… පරණ ඉස්කෝලෙන් අපිට දැනුම් දීල තිබුණ අපිව ශිෂ්‍යත්ව ලකුණු අනුව තේරුණ අලුත් ඉස්කෝලෙ මෙන්න මේකයි, යන්ඩ තියෙන්නෙ අහවල් දවසෙ ඉඳනුයි කියල.. ඉස්කෝලෙන් සමුගැනීමේ උත්සවාරාධනාවත් ඒත් එක්කම …. යාන්තං ඇති!! ගන්දබ්බ … Continue reading

Posted in අම්මයි තාත්තයි මල්ලියි මමයි, මතක, මුතුගල විත්ති | 23 Comments

හිතවත්කම්…!!

ටිං ටිං ටිං ටිං ටිං…. දිගු සීනු නාදෙන් පස්සෙ  උදේ ඉඳල බුදු මැදුරෙ ‍ඉඳගෙන සෙල්ලම් කරන අපි ඔක්කොමල නැගිටිනව.. මුලු ඉස්කෝලෙම පුටු තල්ලු වෙන හඬ එක පාර ඇහෙනව.. ළමයි ගෙදර යන්න බෑග් ලෑස්ති කරනව… සීනු හඬ  එක්කම ගෙදර යන්න සූදානම් … Continue reading

Posted in Uncategorized | 25 Comments

ආයෙමත් බොළඳ ඇබ්බැහිකම් ගැන…

මං හනි හනිකට කෝන් එක උඩ දුම් දම දම තිබුණ වැනිලා අයිස්ක්‍රීම් බෝලෙ පුලුවන් දියවෙන්ඩ කලින් සමතලා කළා ඊලඟට පටන්ගත්තෙ ඉතුරු අයිස්ක්‍රීම් ටික කෝන් එක ඇතුලට තල්ලු කිරීමේ වැඩසටහන.. කෝන් එක පෙඟිල කර කර ගාන ගතිය යන්න කලින් ඒකෙ හීනි … Continue reading

Posted in අම්මයි තාත්තයි මල්ලියි මමයි, මතක, මුතුගල විත්ති | 27 Comments