Monthly Archives: January 2011

පෙම්බරයගෙ දුං වළලු යැවිල්ල

මේ පැත්තෙ එන හැමෝම කුතුහලෙන්….. මොකද්ද මේ …? ඉක්මනට ලියාපංකො අක්කෙ…..! නගේ…..දැං අපිට ගුටි කන්ඩත් වෙනව ඔය කතාව ලිව්වෙ නැත්තං ඔන්න කට්ටිය එක පොරයයි…..! ඒ හින්ද ඕන්න ලියනව අපේ පෙම්බරයගෙ හපංකොමක්… පහුගිය සිකුරාද දවසක්. ඒදා අපේ ඔපීසියෙ ඇත්තො එක්කහු වෙලා … Continue reading

Posted in පෙම්බරයයි මමයි | 17 Comments

මොකෑලන්තෙ….!

හිතේ මහ දුකක් කඳු ගැහිල තියෙන වෙලාවක හිතවත් ඇත්තෙක් කතාබහ කළාම මොන තරං නම් හිත හැදෙනවද….? අනිත් එක මේ බ්ලොග් එක නිසා කවදාවත් දැකල නැති ඒත් ලියන දේවල් හරහා  හදවතට සමීප වෙලා ඉන්න කීදෙනෙක් නම් ඉන්නවද? අද උදේම මගෙ සටහන … Continue reading

Posted in Uncategorized | 12 Comments

ලොකු මාමේ නුඹ කොයිබක ගියාදෝ…..!

කහ පාට රුක්අත්තන මල් යාය දැක්කම මට හීල්ලුනා. සන්තෝසෙට  නෙවෙයි… පපුවෙ තෙරපිලා සුසුම් පවා හිර කරවන මහා දුකට… කී කාලෙකින්ද ගමට යන්නෙ…..? වෙනද ආසාවෙන් බලන කිසිම දෙයක් දිහා බලන්ඩවත් හිතෙන්නෙ නෑ…. අපි තුන්දෙනත් වැඩි කතාවක් නෑ….. කරවනැල්ලෙ ඉස්පිරිතාලෙ ලඟ අපි … Continue reading

Posted in මට හිතෙන හැටි | 8 Comments

හූණියම් පෙට්ටියේ ව්‍යසනය….!

අපේ අම්මගෙ උපන්ගම ගැන මම ලියන මල්දෙනියෙ විත්ති කියවන්න ගොඩක් දෙනෙක් කැමතියි කියල මම දන්නව….. ඇත්තම කිව්වොත් මමත් ඒ මතකය සටහන් කරන්නෙ හරිම ආසාවෙන්…. ඒත්………………. අදනම් පොඩ්ඩක් පීලි පැනල මේ ලියන්ඩ යන්නෙ වෙනමම කතාවක්…. කාලෙකින් ගිය සතියෙ දවසක හවස වැඩ … Continue reading

Posted in අම්මයි තාත්තයි මල්ලියි මමයි, මට හිතෙන හැටි | 8 Comments

චූටි මාම කෝ………….!

ආච්චි අම්මෙ කෝ චූටි මාම…? මල්ලිගෙ දවස එලිවෙන්නෙ මාම ගැන අහගෙන…. දන්නෙ නෑ පුතේ… උදැහැනැක්කෙ කිරි බීපු ගමන එළියට බැස්සෙ. කොහෙ යනවද කියල නං කිව්වෙ නෑ… කොළඹ ගියාද?? මල්ලිගෙ මූණ ඇද වුණා… සරම ඇඳං කොළඹ යන්ඩ ඇහැකිය මාමට? ආ………… සරම … Continue reading

Posted in මල්දෙනියෙ විත්ති | 11 Comments

සොල්දරේ නිධානේ……!

ලොකු පුතේ අදවත් බැට්ටිය චාජ් කරං ආවොත් හොඳා. පවුත්ති බැලුවෙ නෑ දවස් ගාණකිං…. ආත කිව්වෙ පාන්දර සීතල හින්ද කුස්සියෙ කොලොම්බුවක් උඩ ලිපේ රස්නෙ වදින්ඩ වාඩිවෙලා උන්න ලොකු මාමට…. හ්ම්… ලොකු මාමගෙ උත්තරේ එච්චරයි… ආ… ඒහෙනං අපිට දොස්තර හොඳහිත බලන්ඩත් පුලුවන්….! … Continue reading

Posted in මල්දෙනියෙ විත්ති | 8 Comments

දැහැන්වකේ කතන්දරේ….

මහන්සියි නේද…..? කෝ දෙන්ඩ ම ම ම ම මං රිටි ගගගහන්නං…. කතා කරද්දි මට වගෙම ගොත ගැහෙන අපේ ලොකු මාම චූටි මාමට කිව්ව…. නෑහ්…. තව ටිකයි නෙ…. අයිය ඉන්ඩ….. කෝ තාත්තෙ දැහැන්වක…….? ඒක මොන වගේද??? මල්ලි ගෙ සුපුරුදු ප්‍රශ්න වැල … Continue reading

Posted in මල්දෙනියෙ විත්ති | 12 Comments

සීතාවක ගඟේ නැටුම්…….

සුදු පුතේ….. නැගිටින්ඩකො….. කිරි එක බොන්ඩ…. මල්දෙනියේ සීතල සැපදායක පරිසරයෙදි මලයව උදේට කූද්දන්ඩ අම්මට සෑහෙන්ඩ මහන්සි වෙන්ඩ වෙනව. ආං ආතා මීමින්නෙක් අල්ලං ඇවිත් පුතාට කියල….. නැගිටින්ඩකො අද අපි ගඟේ නාන්ඩ යනව…. පරණ තැටි කීපයක් වාදනය වුණා… ම්හ්…. ආං අර ඉස්සරහ … Continue reading

Posted in මල්දෙනියෙ විත්ති | 2 Comments

ලොකු මාමයි හල් පිට්ටුයි……

අන්න ලොකු මාම එනෝ………. ගමේ ගෙදර මිදුලෙ දම්පාට, කහ පාට, සුදුපාට හෙන්දිරික්ක මල් පිපෙනකල් බලාන හිටිය මම ගල් පඩි පෙළ බැහැල ගල් අල්ලපු පාර දිගේ දිව්වා. මං පිටිපස්සෙන් නූලත් ආවා ලොකු මාමා එනවෝ කියාගෙන අපි දෙන්නව දැකල පය ඉක්මන් කරපු … Continue reading

Posted in මල්දෙනියෙ විත්ති | 9 Comments

බයිසිකල් රේස් එකයි උගුරැස්ස ගහයි….!

අන්නෝ………….. බයිසිකල් රේස් එක එනෝ…………………… මල්ලී කෑගසාගෙන දුවගෙන යන්නේ ගමේ ගෙදර මිදුල අයිනේ අලිපේර ගහ යටට. අනේ රත්තරනේ හෙමින් හෙමින්……. මගෙ ඇඟේ ලේ නෑ ඔහොම දුවද්දි…. ආච්චි අම්මා  කෑ ගැහුවා….. කෝ කෝ… ! ඔය ඈත ඇහෙන්නෙ…. ලවුස්පීකරෙන් කෑ ගහනව… මල්ලී … Continue reading

Posted in අම්මයි තාත්තයි මල්ලියි මමයි, මල්දෙනියෙ විත්ති | 6 Comments