උදේ පාන්දරම ඇහැරුණා…. කොහෙද ඉන්නෙ කියල නිනව්වක් නැති වුනා ටික වෙලාවක් යනකල්…
ඔන්න පෝ…ඩ්ඩක් විතර මතකෙට ආව ටිකකිං..
අපි දැම් මේ ඉන්නෙ එල්ලාවල නෙව… අපි ඊයෙ හවස එහෙ ආවනෙ… කියල..
ඒ පාර ඇඳෙන් බැහැල කාමරෙන් එළියට ආව…
කුස්සිය පැත්තෙ බවලත් කටහඬවල් ටික ඇහෙන්නෙ හීල සුදානං කරනව වෙන්ඩැ….
මං ඉතිං ඇවිදගෙන ගෙයි ඉස්සරහ පැත්තෙ ආලින්දෙට ආව…. හීතල හුළං රොදක් ඇවිත් දැවටිලා මාව පිළිගත්ත.
ඈත සිරීපාදෙ පැත්තෙං කඳු මුදුන් එළිය කරගෙන ඉර දෙයියො වඩිනව… පලාතම රන්වන් පාටයි…
මල්ලි ඇහැරිලත් නෑ… ලොකු චූටි මාමයි රාලහාමි බාප්පයිත් තාම නිදි පැදුරෙ වෙන්ඩ ඇති…එහෙම හිත හිතා මං ඉස්තෝප්පුවෙං පහල මිදුලට බැස්ස…
චූටි මැණිකෙ නැන්දම්මගෙ පාට පාට රෝස පාත්තියෙ මල් පිපිල, කහ පාට, රතු පාට, රෝස පාට…. මල් යායයි, සිරීපාදෙ වන්දනා කරන්ඩ යන ගමං ගිමං නිවාගන්ඩ ආපු කහ පාට පුංචි පුංචි සමනල රෑන් මල් පාත්ති වටේ කැරකෙනව…
අනේ උන්ගෙ හීලෑකොම…. අල්ලන්ඩත් පුලුහං ගාණයි…
කහ රෝස මලක වැහුවම මලක් ද සමනලයෙක්ද කියලවත් හිතාගන්ඩ බෑ..
මහ පුදුමෙකි – මලෙක මලෙකි
නැහැ එහි සකි – සමනලයෙකි
මට නන්දා මාලිනී නැන්දගෙ හඳහාමී කැසට් පීස් එකේ සින්දුවක් මතක් වුණා…
හා සුදු හාමිනේ… උදේම නැගිටල සින්දු කියනව වගේ….!
මේං රාලහාමි බාප්ප නැගිටල….!
මෙයාගෙ වැඩේ ඉතිං සින්දු කියන එක නේන්නං…
ඒ පිටිපස්සෙං ලොකු චූටි මාමත් එන්නෙ ඔය..
මං වත්ත පැත්තට ගිහිං එන්නංකො සුදු හාමිනේ..
කෝ ආතා….?
ඉන්ඩකො ඉන්ඩකෝ… තව ටිහකිං එයි…
එහෙම කියල රාලහිමි බාප්ප ගුරු පාර දිගේ පල්ලම් බැස්ස රබර් වත්තට
මමයි ලොකු චූටි මාමයි මිදුලට බැහැල ඇවිද ඇවිද කයිය ගැහුව…
ටිහකිං මලයත් ඇහැරිලා එක්කාසු වුනා අපිට..
තුන් දෙනාම එක්කල ගේ ළඟ රබර් කෑල්ලෙ ඇවිද්ද..
මල්ලි රබර් ඇට එක්කාසු කළා…..
හා…. මෙන්න ගෙනාවා…. සුමිහිරි පානේ…. මේං ගෙනාවා….
හා.. මේක තමා දෙයියංගේ සුමි හිරී පානේ
සුමි හිරී පානේ ඕ සුමි හිරී පානේ
මේක තමා දෙවියන්ගෙ සුමි හිරි පානේ….ඒ ඒ…..
වෙන කවුදැ ඉතිං මේ මහ පාන්දර සින්දුවකුත් කියාන එන්ට ඉන්නෙ.. එල්ලාවල ආතම මිසක්ක….?
අපි කට්ටියම ආතගෙ සින්දුවට නට නටා පෙර මගට දිව්ව…
බැලින්නං ආත එන්නෙ හිස් අතින් නෙවෙයි…
එක අතකින් සුදු සරමෙ මඩ ගෑවෙයි කියල සරං කොණ අල්ලාන, අනික් අතිං පුංචි මුටිටියකුත් එල්ලාන..…
මොනවද ආතේ…….?
මේං බීල බලහල්ලා…..
මුටිටිය ඇතුලෙ මොනවද දියරයක්.
මොනවද ඒ?
ආයෙ ඉංගං හොයන්ඩ එනව…. ඔන්නොහෙ බීපල්ල ජාතකේ නාහ..
ආතා හිනා වෙලා අපි දිහාට හැරිල කිව්ව..
අපි තුන්දෙනා අන්දුං කුන්දුං වෙලා බලං ඉන්නව බලං ඉන්ඩ බැරිවුණු එල්ලාවල ආත මෙහෙම කිව්ව
ඇයි බොලේ තෙලිංජ්ජ නෙව…..අර සියදෝරිස් කිතුලක් මදිනව නෙ…
මට හකුරු හදන්ඩ හම්බවෙනව නෙව පංගුව හැමදාම….
අද මං එපයි කිව්ව….. ටිකක් ඉල්ලාන ආවෙ උඹලට රහ බලන්ඩ…
බීපල්ල ඉතිං….
ඉතිං ඕං ඔහොමයි මං ඉස්ඉස්සෙල්ලම තෙලිජ්ජ බිව්වෙ….
හැමදාමත් වගේ ඒ රස නං මෙහෙමයි කියල විස්තර කරන්ඩ මට දැනුමක් නෑ..
ඔය තෙලිජ්ජ ඉතරක් නෙවෙයි ඊට වඩා රහමෙර පානය කරපු, කරන ඇත්තොම විස්තර කළානං…..
තෙලිජ්ජ නම් බීලා නැත..රහමෙර මොනවද දන්නෙත් නැත.! 😛
හැබෑට…..?
අනේ දන්න කවුරුහරි ඇත්තං පහදල දෙන්ටකො මේ ඇත්තට…:-D
නිවාඩු දවසේ අපූරු අදහසක් නොවැ දුන්නේ.යන්ට ඕනේ හොද තෙලිජ්ජ ඇබින්දක් හොයන් එන්ට…
අපූරු ආතා නොවෑ.තව කතන්දර රස කොරලා ලියහං අක්කණ්ඩියේ!
ලියන්නං ලියන්නං… හප්පේ දැං ඒපාර පරාස්ස මලයගෙං බේරෙන්ඩත් බෑ රත්තරං මාලුව මලයගෙං බේරෙන්ඩත් බෑ….
තෙලිජ්ජ නං හොයනව සුම්මා…. හැබැයි ඒ පිටිං දාල ඔය අනිත් එව්ව හෙම ගේන්ඩ යනව නෙවෙයි ඕං….
ආයේ මක්කෙයි හොයලා හොයලා තෙලිජ්ජ ඩිංගිත්තක් හොයාගත්තා නෙව.ඕං මදිපාඩු උනේත් නැති නිසා හවස් ජාමේ හොදට නිදා ගත්ත.
මාළු රත්තරනේ ඕං තව කරදර කොරමු ඈ !
ඒ පාර තව කෙහෙම්මලක්….. තෙලිජ්ජ, අම්මප උඹෝ එක්ක නං මේ රාජ්ජෙ කොරන්ඩ බෑමයි නඟේ,
තෙලිජ්ජ….. අම්මප මතක් වෙනකොටත් ඉහිලුං නෑ ඔන්න, ඒත් පදම වැරදුනොත් ඉතිං බඩදිය පලච්චාවෙ ඉවරෙකුත් නෑ, බොට සමං දෙයි හාංදුරුවංගෙ පිහිටාරස්සාවෙං එහෙම අලකලංචියක් උනේ නැහැ නෙව නඟේ එදා?
අනේ මංදා බං රහක් ගැන නං කියන්ඩ මටත් බැරුවා, තෙලිජ්ජ ඩිංගක් බීලම බලාහල්ල කියාල තමයි ඉතිං කියන්ඩ ඇත්තෙ,
උදේ පාංදර හිස් බඩ තෙලිජ්ජ ටිකක් බුන්න නං අපෙ අම්මේ නිකං නිවං ගියා වාගෙ නෙව, මතක් වෙන කොටත් ආසාවෙ බැහැ බං,
ඔය තෙලිජ්ජ කියන වචනෙ මාතර අහ වචනයක්, ඒ පැත්තෙ ඈයො තමයි ඔය ලුනිජ්ජ, කරිජ්ජ, මිරිජ්ජ, හුලිජ්ජ වාගෙ එව්ව කියන්නෙ,
සුමිහිරි පානේ,
පදමට ගහලා,
හෙට මැරුනත් හිතට සැපයි,
අද ජොලි කරලා,
හැබෑටම මොනවද රාළේ මෙව්ව? තෙලිජ්ජ, සුමිහිරි පානේ,රහමෙර. මොනව උනත් රස බීමක් පාටයි. අර මිල්ක් ෂේක්,ෆලූඩා,අයිස් කෝපි වගේ රස බීමක් වෙන්ටෑ, මයෙ හිතේ?
මයෙ අම්මෙ… මේ සිරිබිරිස් අයිය දෙසා බාන මුසාවාද හැබෑට…..?
ඔය කියන්නෙ අපි ඇත්තෙයි කියල හිතල වෙන්ටැ…
අපි නං අහු වෙයි ඔව්වට….
අර වලව්වෙ අලියගෙං ඇහුවනං ඕං කියයි සහසුද්දෙංම ඇත්තසත්තෙ…?
හනේ සකෝ බල ලෝ…..! කිව්වලු
හැබෑව හැබෑව… උඹෝ එක්කත් මට විචාරන්ට අමාරුයි තමයි මේ බොලොක්ක රාජ්ජෙ…
තෙලිජ්ජ බුන්න කියල මට නං එදා එහෙමට කරදරයක් වුණේ නෑ… ඒකෙං මට බොන්ඩ ඇහැක් වුණේ ඇබින්දයි නෙව…හැබැයි රා බුන්නම නං එහෙම වෙනව කියල මං අහල තියෙනව අපෙ මළයගෙං.. ඌ ඉතිං ඔය හතර දිබ්බාගෙ කරක් ගහපු එකා නෙව..
හැබෑට උදේ පාන්දර තෙලිජ්ජ බුන්නම මක් වෙනවය අයියෙ? මං දන්නෙ නැ නෙව?
තෙලිදිය කියලත් කියනව මහිතෙ ඔව්වට
ඔය ලුණිජ්ජ කියන්නෙ ජාඩි හැලියෙ ඉතුරු වෙන වතුර නෙව… ඒක රසකාරකයක් හැටියට ගන්නවයි කියල මං අපෙ ටීජී අක්ක ලියල තිබුල කියෙව්ව වගෙ මතකයි…
මේකටනං කමෙන්ට කරන්න බැරියෝ… කරොත් අපිත් බේබද්දෝ වෙනවෝ… ඒක නිසා කතාව ලස්සනයි කියලා විතරක් කියන්නම්…
ඕං පුහුල් හොරා කරෙන් දැනේ… කිව්වලු..
වලව්වෙ අලියා? හුටා, උඹ එහෙත් ගිහින් තියනවද? අනේ කෙලී උඹ ඔය බොලොක්කවල තියෙන කෙබර විස්වාස කරන්න එපා. අනික ඕක මහ හොර අලිය, කොයි වෙලාවෙත් මයෙ සායම අරින්නමයි බලන්නෙ.