Category Archives: මල්දෙනියෙ විත්ති

තාත්තගෙයි අපෙයි දවස්…!!!

අම්ම මොකක් හරි සංගීත වැඩකට ඉස්කෝලෙ හවස් වෙනකල් ඉන්නව නං එහෙම ඉස්කෝලෙ ඇරිල අපි දෙන්න එන්නෙ  සෝමෙ මාමගෙ වෑන් එකේ ඒ වෙලාවට ගොඩක් වෙලාවට තියෙන්නෙ ඒක‍ බස් නැවතුමේ නවත්තනකල් ඉඳල අපි දෙන්න වෑන් එකෙන් බිමට පැනල ගෙදර දිහාවට දුවනව… බස් … Continue reading

Posted in අම්මයි තාත්තයි මල්ලියි මමයි, මල්දෙනියෙ විත්ති | 44 Comments

මල්දෙණියට සමුදෙමු…!!!

හෙට උදැහැනැක්කෙම පිටත් වෙනවද ලොකු දුවල?? පාන්දර බුලත් කොරටුව පැත්තෙ ගිහින් කකුල්වල මඩ පිහ පිහා කුස්සිය පැත්තෙං ගෙට ගොඩ වුණ ආත ඇහුවෙ අම්මගෙන්… ඔවු තාත්තෙ… උදෙන්ම ගියොත් ලේසි නෙ… බස් පහක යන්ඩත් එපැයි…. එහෙනං ඔය ඉඳිආප්ප ටිකක්වත් තම්බන්ඩවෙයි උදෙං දුවලට … Continue reading

Posted in මල්දෙනියෙ විත්ති | 43 Comments

හොද්දට ලුණු ඇඹුල්!!!!

ආ… මේ එන්නේ අක්කල…. ගෙදර ලඟටම එනකල් අපිව දැක්කෙ නැතුව එක පාරටම අපි දැක්කම අම්ම කිව්ව දඟ කරාද මේ දෙන්න අක්කෙ? අම්ම අහනව… නෑ නෑ… දෙන්න ගඟට බැස්සෙවත් නෑ ඕං… ලොකු අම්ම කියන්නෙ හිනාවක් බොහොම අමාරුවෙං හංගගෙන… අම්මත් නොදන්නව නෙවෙයිනෙ අපි … Continue reading

Posted in මල්දෙනියෙ විත්ති | 42 Comments

මල්ලිගෙ චාටු කතා!!!

කුසුම ලොකු අම්ම හරි හපනි!!! පීනන්ඩ නං පීනන්ඩ.. ඒකත් මේ සුලුපටු තැංවල හෙම නෙවෙයි… දැහැන්වකේ!!! ඒ විදියට දැහැන්වකේ පීනන්ඩ නං උපං හපංකමක් තියෙන්ඩ ඕනෙ, ඒ විතරක් මදි හිතේ හයිය කොයි තරං නං ඕනෙද ඒක හරහ පීනන්ඩ??? ඒ විතරක් නෙවෙයි…. කෑම … Continue reading

Posted in මල්දෙනියෙ විත්ති | 15 Comments

දොළ පාරෙන් එගොඩ වෙලා….!!!

    ලොකු දුවේ… මේං මේ ලයිප්බෝයි කෑල්ල අරං පොඩිවුංගෙ කකුල්ඔල ගෑවනං…… දිග්ගොඩැල්ලෙ ගෙදර ගල් පඩිපෙල බැහැල අඩිපාර දිගේ බහින්ඩ කලිං ආච්චි අම්ම කිව්වෙ අම්මට ඇයි ආච්චියම්මෙ ඒ??? ඇහුවට ඇහුවට කොච්චරවත් ඉවර වෙන්නෙ නැති ප්‍රශ්න මල්ලක් තියෙන අපේ මල්ලි ඇහුව… … Continue reading

Posted in මල්දෙනියෙ විත්ති | 5 Comments

ගහක් ගලක් උඩ හිටියත් කිරි උතුරන්නා වගෙ හරියන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!!!

අවුරුද්දක් ගෙවිල ගිහින් තවත් අවුරුද්දක් ලබනව.. මේ වතාවෙ අවුරුද්ද මහ ඉහළින් සමරන්ඩ හිතක් නෑ… අපේ ලඟින්ම හිටපු ආනන්ද මාමයි ලොකු මාමයි අපිව දාල යන්නම ගිහින්… චූටි මාම අසනීපෙන්…. වෙලාවකට හිතෙනව පුදුම අවුරුද්දක් නේද මේ ගෙවුනෙ කියල…..? හිතේ තිබුනෙ නං මල්දෙනියෙ ගෙදරට … Continue reading

Posted in මට හිතෙන හැටි, මල්දෙනියෙ විත්ති | 24 Comments

ගම්මානේ යන අතරමග…..

අන්න අක්කේ…..! අර……………………! මල්ලි එක පාරටම කෑ ගහගෙන ඉස්සරහට දිව්ව…. දුවල දුවල ගිහින් නතර වුණේ  දිග්ගොඩැල්ලෙ ගෙදර ළගින් ගලාගෙන යන පුංචි දිය කඳුර හරහට සිමෙන්ති කැටවලිං දාල තියෙන පාලම ලඟට වෙලා කේශාන්තයේ සිට පාදාන්තය දක්වාම  හැමදාම බරට බරේ  ගෙඩි පුරවගත්තු … Continue reading

Posted in මල්දෙනියෙ විත්ති | 17 Comments

ගම්මානේ යමු…!

ඉස්තෝප්පුවෙ මිටි පඩි උඩ ඉඳගෙන ඈත කඳුවල හෙවනැලි කන්දෙන් කන්දට වැටෙන හැටි බලාන හිටිය මම හැරිල බැලුවෙ අම්ම එන සද්දෙට… කොහෙන්ද අම්මෙ පත්තරේ? කියවන්ඩ දෙයක් නැතිව හරිම හිතේ අමාරුවෙං හිටිය මං ඇහුවෙ පස්වනක් ප්‍රීතියෙන් පිනා ගිහිං.. ඇයි ආත දෙහිඕවිට ගිහිං … Continue reading

Posted in මල්දෙනියෙ විත්ති | 21 Comments

සිවකුමාර්…!

අක්කෙ අක්කෙ…. නැගිටින්ඩ නැගිටින්ඩ…. කවදාවත් නැතිව මල්ලි උදේ පාන්දරම ඇහැරිලා කරදර කරන්ඩ එපා අනේ…. නිදාගන්ඩ දෙන්ඩකො මල්ලි… මම තව තවත් පොරවනය ඇතුලට ගුලි වෙන්නෙ කම්මැලිකමට මල්දෙනියෙ සීතල සැපදායක පරිසරයෙදි නින්ද යන්නෙ අපිටත් නොදැනීම…. එනවකෝ අක්කෙ…. අනේ එනවකො අපි උගුරැස්ස කඩන්ඩ … Continue reading

Posted in මල්දෙනියෙ විත්ති | 43 Comments

අලිසන්දිරි රජ්ජුරුවන්ගෙ රාජධානියට සමු දෙමු….!

අදත් මල්දෙනියෙ විත්ති අහන්ඩ ආව අය ඔහෙ ඉඩ තියෙන තැනක් බලල ඈදි ගත්තනං…… ඔය මල්දෙනියෙ කතා කිව්වට මේ ටිකේම ලිව්වෙ එල්ලාවල කතා නෙ… මට පේන්නෙ මේ පැත්තෙ ගොඩ වදින ඈයො එන්නෙම කාජ්ජෙ බෝජ්ජෙ ගැන අහන්ඩ දැං නං මමත් හරියට මාලනීගෙ … Continue reading

Posted in මල්දෙනියෙ විත්ති | 27 Comments