උඹයි මමයි…!!!

උඹ ගැන ඉස්ඉස්සෙල්ලාම මට මතක තියෙන්නෙ මොනවද කියල හිතනකොට යාන්තමට වගේ මතකයි මල්දෙනියෙ ගෙදරට පාන්දරක  සුදු  ඇඳගත්ත ආච්චිඅම්මල ගොඩාක් ඇවිල්ල, අම්ම උඹව වඩන් ඉන්න වෙලාවෙ පහන් වැටි පත්තු කරල  උඹේ ඔලුවට උඩින් අල්ලල මොනවදෝ කිව්ව….

මං හිටියෙ හොඳටෝම බය වෙලා… මම කෑගහගෙන එයාල අතරින් රිංගල අම්ම ලඟට ගියා…

ඒ උන්දැල උඹව පුච්චයි කියල බයේ…

උඹයි මායි ටික ටික ලොකු වුණා…. සෙල්ලං කලේ, බයිසිකල් පැද්දෙ, හොරාකෑවෙ එකටමයි…

කොච්චර යක්කුන්ට බය වුණත් උඹට “ඇල්ල ලඟ වලව්ව” බලන්ඩ ඕනෙ වුණ හැටි…

දෙන්න බයේ ගැහි ගැහි එක පුටුවකට ගුලි වෙලා රෙද්දක් පොරවගෙන ඒක අස්සෙන් කතාව බලපු හැටි…

වෙන අක්කල මල්ලිල මූණට කතා වෙන්නෙ නැති දේවල් උඹටයි මටයි කතා කරන්ඩ පුලුවං වුණේ අපි බොහොම යාලුකමෙං හිටිය හන්ද වෙන්ඩ ඇති…

මතකෙට එන දේවල් නං කොච්චරක්ද??

තාත්තගෙ වියෝව උඹට දරාගන්ඩ කොයිතරං අමාරු වුණාද…

මටයි අම්මටයි හොරෙන් උඹ තාත්ත හිටපු පරණ ගෙට වෙලා සැරෙන් සැරේ අඬපු හැටි මං දන්නෙ නෑ කියලද උඹ හිතං හිටියෙ…??

තාත්තගෙ මරණෙත් එක්ක අපි විසිරුණා… අම්ම ගිරාගමට,  මමයි උඹයි කොළඹට…

ගෙදර එකට බත් වේලක් කන්ඩ මාස දෙක තුනක් බලං හිටපු කාල පහු වුනා…

ටිකෙන් ටික අපි ගෙදරින් ඈත් වුණා නේද කියල හිතද්දිත් දුකයි…..

අපි ඉන්දියාවෙ යන්ඩ යද්දි උඹ දසුනි එක්ක යාලු වෙලා මාසයක්වත් නෑ….

මට මතකයි උඹ කැටයම් කරපු පුංචි ටජ්මහල අරන් ආවෙ දසුනිට…

මගේ අත් වැරදීමකින් ඒක බිම වැටුණම උඹ නටපු පිස්සුවක්!!
අන්තිමට මං බොහොම ආසාවෙන් අරං ආව රාධා ක්‍රිෂ්ණා රූපෙ දීල තමයි උඹව නළවගත්තෙ…

ඒත් රස්සාවල් එක්ක ඉස්සර වගේ අපි දෙන්නට එකට ගෙදර යන්ඩ ලැබෙන අවස්ථා අඩු වෙන්ඩ ගත්ත.

ඕයි අක්කෙ කාමරයක් අරං උයාගෙන කමුකො….

උඹ එහෙම කිව්වෙ අනුංගෙ ගෙවල්වල, බෝඩිංවල කඩෙං කකා ලැග්ග ඇති හොඳටෝම ඇති වුණාම

ඕං ඔහොමයි ආයෙ අපි දෙන්න අපිදෙන්නගෙ ලෝකෙ පිස්සු නටන්ඩ පටං ගත්තෙ…

අපි දෙන්න ඒ අවුරුදු ගානෙන් වැඩි හරියක් අපි දෙන්න හිටියෙ එක කාමරේක… නිදාගත්තෙ එක ඇඳක

සමහර දවස්වලට උඹයි මායි වලි දාගෙන මං අඬල, ආයෙ නං කතා කරන්නෙ නෑ මූ එක්ක කියල හිටියත් අනේ ඇත්තට උඹ ඇවිල්ල ඒයි අක්කෙ කිව්වාම මට ඇයි කියන්නෙ නැතුව ඉන්ඩ බැරි හැටියක්!!!

අපි දෙන්නගෙ කසාදෙ දා හැන්දෑවෙ මාව පෙම්බරයගෙ ගෙදරට ඇරලවන්ඩ ආව වෙලාවෙ උඹ අතුරුදහන් වෙලා හිටිය…

අම්මට කියල තිබුණෙ මොකද්දෝ හදිස්සි වැඩකට යනව කියල..

කතා පවත්තල වැඩේ ඉවර වුණාට පස්සෙ උඹ ආවෙ අම්මව එක්කන් යන්ඩයි…

මං දන්නව

උඹට  ඕනෙ වුනේ නෑ මට සමු දෙන්ඩ…

එහෙම සමු දෙන්ඩ දේකුත් නෑනෙ එක අතකට… දැන් උඹට අපේ ගෙදරත්  උඹේ ගෙදර වගේ නෙ…

ඒකනෙ ආව ගමං ඕයි අක්කෙ බඩගිනියි.. .නැද්ද කන්ඩ මොකුත් කියල

ඇතිලි වලං ඇරල බලල… ෆ්‍රිජ් එක ඇරල චොකලට් කන්නෙ හරියට උඹේ එව්ව වගේ

අපි දෙන්න අතරෙ කවදාවත්ම බෙදා හදාගන්ඩ වලි තිබුණෙ නෑ…

අදටත් නෑ… ඕව හෙටටත් කීයටවත් නෑ!!!

යමක් කෙරෙන්ඩ තියෙනව නං .. කාගෙං කීයක් ගියාද කියල බලන්නෙ නෑ.. වැඩේ කරනව…

වෙලාවට බං අපි දෙන්නට හරියනම එවුං හම්බවුනේ කසාද බඳින්ඩ…

නැත්තං හැම දේම සතේට ගණං බේරන මිනිස්සු ගෑනු හම්බ වුණානං අපි දෙන්නට එල්ලිලා මැරෙන්ඩයි වෙන්නෙ වැඩි කල් නොගිහිං…

වෙන මොනවත්ම ඕනෙද??

අක්කි අයිය යන්නෙ කවද්ද?? මං එන්නං ඔයා එක්ක ඉන්ඩ!!

පෙම්බරයට මාව දාල දුරු රට යන්ඩ වුනාම  මං එන්ඩ කියන්ඩත් කලින්ම මල්ලිගෙන් දැනගෙන තනියට එන්ඩ අහන නෑනන්ඩියෙක් ලැබුණ එකම මදැයි!!

දැන් ඉතිං උඹත් කසාද බැන්ද එකේ අම්මගෙ හිත හරිම සැහැල්ලු ඇති!!!

අනේ මන්ද මං දන්නව මගෙ අතිං කිසි පිලිවෙලක් නැති වචන ගොඩාක් තමයි ලියවුණේ!!!

ඒත් මට තියන දුක මේ කිසි වචනෙකට බෑ අපි දෙන්නගෙ ඇත්ත සම්බන්ධය විස්තර කරල දෙන්ඩ!!

ඒකට වෙලාව නාස්ති කරල වැඩක් නෑ!!!

උඹටයි නංගිටයි සුබ අනාගතයක්!!!

සමාවෙන්ඩලා ඉන්දියානු චාරිකා ගැන කියමින් ඉඳල හදිසියේ අතුරුදහන් වෙන්ඩ වුණා!!!

මගෙ එකම මලයගෙ විවාහ ලියාපදිංචිය යෙදිල තිබුණෙ පහුගිය තුන් වෙනිද…

ඉතිං මට වගේම ඇඳුම් පැළඳුම් කොහෙන් ලැබෙනවද, කවුරු අරන් දෙනවද කියල දන්නෙ නැති පෙම්බරයෙක් හම්බ වෙච්ච අපේ වෙන්ඩ නෑනන්ඩිත් එක්ක හතර වටේ සාප්පු සවාරි ගියා…

රටේ නැති වැඩ!!!

හිතේ තියෙන්නෙ ඉක්මනට ආපහු පුරුදු බ්ලොග් සටහන් අතරට එන බලාපොරොත්තුවක්

මා අතුරුදන් වූ සමයේ මා ගැන විමසූ සියලු දෙනාටම මගේ හද පිරි ආදරය!!

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in අම්මයි තාත්තයි මල්ලියි මමයි. Bookmark the permalink.

32 Responses to උඹයි මමයි…!!!

  1. ප්‍රියන්ත says:

    සහෝදරකම… ඒක දැනෙන දෙයක්…! ඒක දැනෙන්න ලියන එක හරිම අමාරු දෙයක්… මේ වචනවලින් ඒක දැනෙනවා ඇඬෙන්නම! සහෝදරත්වයට.. අලුත් නෑදෑකංවලට ජය!!

    • මේක ලියන්ඩ ගත්තෙ සතියකට කලින් අයියෙ.. ලියන්ඩ ගිහින් ලියපු වැල්වටාරං වැඩි හරියක් කපල ආයෙ ලියල තියෙන්නෙ…
      ඔයා කියන්න වගේ ඒක වචනෙට නගන්ඩ හරිම අමාරු දෙයක්

  2. සුභ පැතුම් අක්කගෙ මලයට. මං මේ කල්පනා කලේ මලයගෙ උපන්දීනේවත්ද කියලා.

  3. Buratheno says:

    අඩේ මේක අපේ අක්කා මට ලියපු එකක්ද කොහෙද.. එච්චරට සමීපයි.. අනික උඹ බොරුවට මෙතන නොදා හිටියට පොඩි කාලෙ උඹ මලයට අම්බානකට ගුටිබැට දීපු බවත් අපි දන්නවා (අපි නොදන්න අක්කලා).. 😛

    මල් හතයි බං මේ ලිපිය නං.. 🙂

    මලයට ඕං සුබ අනාගතයකට මල් මල් ආසිරි.!! (අනේ අ‍පොයි! උන්දැත් එ‍හෙනං අමාරුවෙ වැටුනා ඈ.. වාවන්නෙ නෑ බොලං, යසට හිටිය ‍කොලුවා..)

    • මං දන්නව බූරයියට මේකෙන් භාවාතීෂ වෙන්ඩ පුලුවන් කියල….
      හහ් මං ඌට ගහනව ඌ මට ගහනව!! ඊට පස්සෙ දෙන්නගෙන් කවුරු හරි අඩාගෙන ගියාම අම්ම දෙන්නටම ගහනව!!! නඩු අරන් එන්ඩ එපා කියල

      /අනේ අ‍පොයි! උන්දැත් එ‍හෙනං අමාරුවෙ වැටුනා ඈ.. වාවන්නෙ නෑ බොලං, යසට හිටිය ‍කොලුවා../
      උඹල සේරෝම එකයි…

  4. සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත says:

    මහ පොතේ අස්සං කොරාපු කුරුල්ලටයි කිරිල්ලිටයි සුභම සුභ අනාගතේකට හද පතුලෙංම නැගෙන සුභ පැතුම්! 🙂 🙂 🙂

    හදවතෙන්ම ලියපු, හදවතටම දැනෙන සටහනක් ජනූ අක්කේ. ඔයාගෙ මල්ලිටයි නෑනා පොඩ්ඩටයි ඇඬෙයි මේක කියවලා.

    • ස්තූතියි නගේ!! මුන් දෙන්නම බ්ලොග් කියවන එවුන් නෙවෙයි… ඒ වුණාට අපේ පෙම්බරය හොර වැඩක් කරල හැඩයි!!

  5. උඹේ මල්ලිටයි නංගිටයි දෙන්නටම තවත් වාසනාවන්ත අනාගතයක් පතන්නෙ උඹලා ඔක්කොම දැනටමත් ඉතාම වාසනාවන්ත නිසා. කියන්න දේවල් දාහක් මතක්වුනත් වචනයට නගන්නෙ කොහොමද? උඹේ බ්ලොග් පෝස්ට් කියවලාම මූ ගැන මාත් සෑහෙන දන්නවා.
    මල්ලියා හැන්ඩියා කියලා මම කියපු බව විතරක් ඌට කියාපංකො.
    (තමාටම) අනේ අසරණයා, මූටත් ගෑණුන්ගෙන් මාර අපලයක්නෙ යකෝ තියෙන්නෙ.

    • ස්තූතියි හෙන්රි අයියෙ!!!
      හැන්ඩියා!! හික් හික්!! දැං ඔය උඹල හැන්ඩියො කියල කියන්න වගේ තමයි ඒකත්!! 😛

  6. Chatura says:

    lassanai bola akkandi matath uba wage akkandiyek hitiya podi kale idan mawa balagatta,, ath dan eki ath wela marry karala daruwo labunama wenama lokeka un jiwath wenne api issara hitapu widiha matak wenawa ban attamai podi kale hari sundarai minissu loku wena kota jiwetheta pashna awith sankirna wena kota tiyana badin tika tika ath wenawa ban.ubata suba patum lassai ban blog eka..

    • බොහොම ස්තුතියි මල්ලි…. ඇත්ත වගකීම් වැඩි වෙනකොට සම්බන්ධතා පවත්වාගන්ඩ වෙලාව නැති වෙනව… එකිනෙකා මග හැරෙනව…. තිබුණත් ඒව ගණු දෙනු විතරයි… ඊට එහා ගිය මානුෂික සම්බන්ධකම් තුනී වෙලා යනව….ඒත් ඉතිං මේ දවසින් දවසෙ සංකිර්ණ වෙන ලෝකෙ ඒක හරිම අමාරු දෙයක්!!

  7. මලයට සුභ පැතුම් !!!

  8. කලිත් says:

    සුපිරි!
    එකා යකා වෙච්ච මට සහෝදරකම හිත පතුලටම දැනිච්ච පෝස්ට් එකක් මේකනම්! අක්කගෙ මලයට වාසනාවන් කියල අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැනෙ…පොරටම හරියන අක්ක කෙනෙක් හම්බුනා මදිවට කෙල්ලෙකුත් හම්බ වෙලා තියෙන්නෙ ඕං!! ඒ වුනාට මලයටයි නගාටයි “මචං! උඹටයි කෙල්ලටයි සුබ අනාගතයකට ආසිරි! ” කිව්ව කියල කියන්ඩ!

    අර කිව්වත් වගෙ..කියෙව්ව අපිට ඇඬෙන කොට උන් දෙන්න ගැන කුමන කතා ද!!

    • බොහොම ස්තූතියි මල්ලි… එකා යකා වෙච්ච අපේ පෙම්බරයට තාම තේරෙන්නෙ නෑ අපි දෙන්න කරන සමහර පිස්සු වැඩ ගැන….
      අලුත් ජෝඩුවට ඔයාගෙ සුබපැතුම් පණිවිඩේ දෙන්නංකො…

  9. praveena says:

    දෙන්නගේ ආදරේ දෝරේ ගලනවා පේනවා. ඔය වගේ පින්තූර දැක්කාම ඉතින් ඉරිසියාවේ බෑ 😀
    දෙන්නටම සුබ අනාගතයක් පතනවා.

  10. තිස්ස දොඩන්ගොඩ says:

    සිතේ බෝම දුක්
    අත්හැරුණු සහෝදරකම් වී මතක්
    නැගුණි මදහසක්
    දැක දුලබ සහෝදරවතක්

  11. ravi says:

    ලේ වුනු එක කිරකි මා නුඹ තොල ගෑවේ,
    පේ වී ඉඳින්නයි සෝයුරු දම පෑවේ,
    සේ සෙවණැල්ල එන්නෙම් මතු යලි දවසේ,
    මේ අපි එක්වුනේ සසරේ පැතු විලසේ…

    ඒයි බොලේ…මළය දැක්කම මට මතක් උනේ කවුද දන්නවය?….එක්කො ඕන නෑ…ඒක කියල උඹෙං බැණුං අහගන්නෙ මොටෝ?….හෙහ්, හෙහ්,

    ඌට ආයෙ අමුතුවෙන් සුබ ප්‍රාර්තනා කොරන්න දෙයක් නෑ..උගේ විවාහෙ සාර්තක වෙනවට ආයෙ කිසිම සැකයක් නෑ…උඹත් එක්ක ඉහ ගහල හිටියයි කියන්නෙ ආය ඉතින් ඊට වැඩිය සැටිපිකට් එකක් තවත් මොනවද?

    Any way, my heartiest congratulations & best wishes to both of you!!!

  12. Giza says:

    matath meka kiyawanakota kadulak awa dura rataka inna matath mage akkawa mathak weala api denath randu karakara hari hitiyata denata denna nathuwa ba
    e wagema januge mallitath jaya siri suba mangalam 😀

  13. Gold fish says:

    මලයට සුභ පැතුම්…..

  14. Nish says:

    මලයට සුබ පැතුව කියන්න…:)

    හ්ම්ම්…..
    සහෝදරකම්

  15. මලයට සුභ පැතුම් !…

    යාළුවන්ට පාටියක්වත් නොදී හොරෙන් බැඳපු එකට ඔය නංගිට නම් සුභ පතන්නෙ නෑ… (අහුවෙද්දෙන්කො… දානව හොඳ දඩයක් 🙂 )

  16. මේ බ්ලොග් එක අහම්බෙන් නෙත ගැ‍ටුනේ..

    මට නම් ඉන්නේ මල්ලියෙක්. හැම තිස්සෙම වලිම තමයි.

    ජය වේවා..!

  17. හැම අක්කා කෙනෙක්ම මෙහෙම හිතනවද(අක්කලා නැති නිසා නොදනිමි)

    • මට හිතෙනව මල්ලි හැම අක්ක කෙනෙක්ගෙම හිතේ මේ හැඟීම් තියෙනව… බොහොම කලාතුරකින් එක බඩවැල කඩාගෙන ආවත් ජම්මාන්තර හතුරො වගේ හැසිරෙ කටයුතු කරන අය ඇති..
      ඒත් මට හිතෙන්නෙ නං වැඩි දෙනාගෙ හිතේ මේ හැඟීම් ඇති ඒව කියාගන්ඩ විදියක් නැති කමින් එලියට දැම්මෙ නැති වුණාට

Leave a reply to හංසකිංකිණි Cancel reply