Category Archives: මගේ චාරිකා

බඩගින්න…!!!

එකවරම දුම්රියේ ගමන් තාලය මාරු වුණා. ඒ තාලයත් එක්ක හිතෙන් බැඳිල ඒ ඔස්සේ කල්පනා ලෝකෙක බොහෝ දුර ගිහින් හිටිය මාව පියවි ලෝකෙට ඇදගෙන වැටුණ. ඉන්දියාවෙ තැනිතලා බිම්වල දිවෙන දුම්රිය ගමන්තාලය වෙනස් වෙන්නෙ කලාතුරකින්. පාලමක් උඩින් යනකොට… එහෙමත් නැත්නම් පැයකට දෙකකට … Continue reading

Posted in මගේ චාරිකා, මට හිතෙන හැටි, මතක | 24 Comments

සන්තරා ආච්චී, අපූගේ ආච්චී සහ කිරි අම්මා…

සන්තරේ!! සන්තරේ!!! ඉර පේන්ඩ එන්නෙවත් නැති ලක්නව් සීතලේ බර පොරෝණාවක් අස්සෙ ගුලි වෙලා ඉන්න මල්ලි බොහොමයක් දවසට අවදි වෙන්නෙ හැමදාම එකම වෙලාවට  රිසාල්දාර් පාක් එක ඉස්සරහින් යන සන්තරා විකුණන වයසක උන්දැගෙ සද්දෙට… මල්ලි ඇඳෙන් නැගිටපු හැටියෙම මාවත් ඇදං බුද්ධ විහාරෙ … Continue reading

Posted in මගේ චාරිකා, මට හිතෙන හැටි | Tagged , , | 33 Comments

ඉමම්බරා වංගගිරියේ අතරමංව…!!!

සති තුනක් ගතවුණා….!!! අපි මොන තරං ලක්නව්වල කොටසක් වෙලා හිටියද කියනව නං පාන්දර සීතලට ඝන පොරෝණාවත් ඇඟ වටේට දාගෙන උණු උණූ තේ එකත් අරං බුද්ධ විහාරෙ උඩ වහල් තලයට නගින එක අපේ පුරුද්දක් වුණා.. සීතල සුළඟ අපිව පිලිගන්ඩ ඇවිත් ඇඟ … Continue reading

Posted in මගේ චාරිකා, මට හිතෙන හැටි | 13 Comments

රික්ෂෝවාලා සහ තවත් කතා…!!!

ඉර එබිකං කරලවත් නැති උදේ අපි තුන්දෙනා රිසාල්දාර් පාක් එක පහුකරන් මහ පාරට ආවෙ ගෝමතී නගර් බලා යන්ඩයි… වැඩ දෙක තුනක්ම තිබුණ කරගන්ඩ… චාර්බාග් ගිහින් ආපහු එන ගමනට කෝච්චි ආසන වෙන්කරගන්ඩ, එතකොට ඒ කාලෙ අම්මල ඉන්දියාවෙ එද්දි අම්මලට බොහොම උදව් … Continue reading

Posted in මගේ චාරිකා | 65 Comments

පෙම් පුරාවතක්…!!!

ජනනි දීදී වැඩක්ද?? මල්ලි විද්‍යාපීඨයට පුහුණුවීම් සඳහා ගිය දවසක නිදැල්ලේ කළ පාද සංචාරෙකින් පස්සෙ කාමරේට වැදුණු අම්මයි මමයි සංගමිත්‍රා එද්දි හිටියෙ සඳලුතලේට වෙලා අපි ලංකාවෙන් අරන් ආව තේකොළවලින් හදාපු රස තේ කෝප්පයක් බොන ගමන්!!! ඇයි නංගි?? මහන්සි නැත්තං එන්නකො…බඩේ බන්තේ … Continue reading

Posted in මගේ චාරිකා, මට හිතෙන හැටි | 20 Comments

සොඳුරු සැරිසර මතක…!!

අපි උදෙන්ම බුද්ධ විහාරෙන් එළියට බැස්ස… ඒ වෙද්දිත් මීදුමේ අඩුවක් නෑ… දූවිල්ල අවුස්සාගෙන එන සීතල සුළඟ ඇඟේ දැවටිලා ආයෙමත් ඇතුළට ගිහින් පොරවගෙන නිදාගන්ඩ බල කළත් ඒ රටේදි හිත කියන්නේ  ඇවිදින්ඩයි!! ඒ වෙද්දි මල්ලිගේ ලිඛිත පරීක්ෂණය අවසන් වෙලා…ප්‍රායෝගික පරීක්ෂණය සඳහා දින … Continue reading

Posted in මගේ චාරිකා | 27 Comments

බුද්ධ විහාරයේ සංගමිත්‍රා…!!

දොර ඇරුණා!! අපි මෙච්චර වෙලා ඉඳගෙන හිටිය බුද්ධ විහාරෙ ඉදිරි පඩිය උඩින් නැගිට්ටෙ ස්වාමීන් වහන්සේ දකින බලාපොරොත්තුවෙන්… අරේ……….. ආප් ලෝග් බාහර් ක්‍යූ ඛඩේ හෝ…?? අන්දර් ආඕනා… ( ඇයි ඕගොල්ලො එළියෙ හිටගෙන ඉන්නෙ.. ඇතුළට එන්ඩ) ඇරුනු දොරින් ස්වාමීන් වහන්සෙ වෙනුවට එළියට … Continue reading

Posted in මගේ චාරිකා | 29 Comments

ලක්නව් සීතලට ලෝදිය කෝපි…!!

සුදු පුතා නැගිටින්ඩ නැගිටින්ඩ… දැන් බහින්ඩ ලඟයි…. මේ බෑග් එහෙම ලෑස්ති කරගන්ඩ… අම්ම මල්ලිට ඇහැරවන සද්දෙට මමත් ඇහැරුණා… අපි කලබලෙන් අපේ ගමන් මලුවලට දාල තිබුණු දම්වැල් ගලවල සූදානම් කරගත්ත…. පාන්දර එක හමාරයි!!! අපි ලක්නව්වලින් බැස්ස…. තඩි ගමන්මලු ටිකත් ලං කරන් … Continue reading

Posted in මගේ චාරිකා | 33 Comments

අහඹු හමුවීම් සහ සමුගැනීම්…!!!

දුම්රිය හති ලමින් නතර වුණා…. බලාපොරොත්තුවෙන් ඇස් දල්වාගෙන වේදිකාවේ බලන් හිටිය මගීන් තමන්ගෙ බඩු පොදි  පාපැදි, එලුවො ආදී එකී නොකී දේ අරන් ළමා ලපටි වඩන් කඩිමුඩියෙ දුම්රියට නගිනව… අපේ මැදිරියට එන්නෙ කලින් වෙන් කරගත් ප්‍රවේශපත් ඇත්තන් නිසා  ඒ හැටි ජනාකීර්ණ නෑ… … Continue reading

Posted in මගේ චාරිකා | 41 Comments

අතුගාන කොලුවා…!!!

දුම්රියේ මහා හූ හඬට මාව ගැස්සිලා ඇහැරුණා!! මං හිටියෙ අපි ඉඳගෙන හිටිය කොටසෙ උඩින්ම තිබුණ බංකර ඇඳේ…. ඇතුලට ඉර එළිය වැටිල තිබුණ නිසා එලි වෙලා කියල තේරුණත් මට පහළට බහින්ඩ නං ඊට පහලින් සීට් එකේ ඇන්ද වහලෙ එල්ලල හදාගන්න බංකර … Continue reading

Posted in අම්මයි තාත්තයි මල්ලියි මමයි, මගේ චාරිකා, මට හිතෙන හැටි | 40 Comments