Author Archives: හංසකිංකිණි

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.

හොරා…!!!

දවස් හතරක මන්නාරම් ක්ෂේත්‍ර චාරිකාව අවසන් කරල ගෙදර ආව විතරයි. මං පහුවදා වැඩට ආවෙ හුස්මක් කටක් ගන්න නැතුව ඊලඟ දවසෙ  ඒකෙ ඩීබ්‍රීෆිං එක දාපු ලොක්කට හිතෙන් බනිමින්. මගෙ හිතේ දුකට අලගු තියන්න වගේ පාන්දරම අහසත් ගොරවන්න ගත්ත.  ඩික්මන් පාරට හරවද්දි … Continue reading

Posted in Uncategorized | 13 Comments

ඉඳිආප්ප කතාව…!

“අනේ තාත්තෙ අදත් ඉඳිආප්පද? මට බෑ හැමදාම ඉඳිආප්ප කන්න.” තුං දවසක් එක දිගට රෑට ඉඳිආප්ප කාල හතර වෙනි දවසෙත් රෑට තාත්ත ඉඳිආප්ප පිටි අනනකොට මං නහයෙං අඬනව. “එහෙනං චූටි පුතාට කන්න  දවල් බත් ඇති…” මගෙ අඬෝවැඩියාව අහං ඉන්න බැරි තැන … Continue reading

Posted in Uncategorized | 17 Comments

දැන් ඉතින් අපේ තාත්තාට තනියක් නොවනු ඇත…!

  ට්‍රීං….. ට්‍රීං ට්‍රීං…. හවස් වරුවක අපේ ගෙදර දුරකථනය නාද වෙනව. මං හෙලෝ කියනව.. හෙලෝ දුව, මං මේ සුනිල් මාම… අනේ.. මට පොඩි උදව්වක් කරනවද? බෑ… ඔය උදව්ව මොකද්ද කියල ඉන්තේරුවෙන්ම දන්න හන්ද මං ගත්තු ගමන් කියනව… අනේ….එහෙම කරන්න එපා… … Continue reading

Posted in අම්මයි තාත්තයි මල්ලියි මමයි, මට හිතෙන හැටි, Uncategorized | 5 Comments

මාමලේඩ් රස මතක…!

සති දෙකක සෙමෙස්තර විරාමය හුලඟට ගහගෙන ගියා වගේ ගෙවිල ගියා. ඒ විතරක් නෙවෙයි එයිනුත් දවස් තුනක්ම අධ්‍යයන කටයුතුවලට අදාළ ක්‍ෂේත්‍ර කටයුත්තකට වැය වුණා. සුපුරුදු පරිදි සඳුදා පාන්දර ජංගමයා අවදි වෙන්නට වෙලාව හරියි කියා මතක් කළාම සති දෙකක් ගෙවුණ හැටි අග … Continue reading

Posted in Uncategorized | 7 Comments

ඉබාගාතේ යමින් නගරයක හිත විඳිමින්….!!!

නගරයකටත් හිතක් තියෙනව කියල ඔබට කවදාක හරි දැනිල තියෙනවද? අලුත් රටක් අලුත් නගරයක් කියන්නෙ වැඩි දෙනෙක්ට ලැබෙන පොඩි ඉඩකත් විශාල පරාසයක දේවල් අත්විඳිය යුතුයි කියන මානසිකත්වයක් එන තැනක්නෙ. එක අතකට හිතාමතා දේවල් කරල අත්දැකීම් එක්කාසු කරන්න කැමති මිනිස්සුන්ට ඒක ගැලපෙනවත් … Continue reading

Posted in Uncategorized | 8 Comments

අර්ථසාධක සටන්..!

අපි කම්කරු දෙපාර්තමේන්තුවට ගියේ තුන්වෙනි දවසට. ආයතන කීපයක සේවය කළ යජිත්ගේ නම ඒ ඒ ආයතනයට අදාල සේවක අර්ථසාධක අරමුදල් ගිණුම්වල විවිධාකාරයට සඳහන් වන නිසා එය නිවැරදි කර ගැනීමට අවශ්‍යව තිබුණා. එය මහා ලිහා ගත නොහෙන නූල් බෝලයක් බවට පත්ව තිබුනේ … Continue reading

Posted in පෙම්බරයයි මමයි, මට හිතෙන හැටි | Tagged | 8 Comments

කුමාරයා අයියා…!

මං දොර ඇරියෙ අම්මගෙ වයලින් පන්තියෙ පොඩි උන්ව බලාපොරොත්තුවෙන්. කාව හම්බෙන්නද? දොර ඇරපු ගමන්  දැක්ක දෙයින් තුෂ්නීම්භූත වෙච්ච මට ඉබේම ඇහුණ. මට පිටුපාල, ඉටි කවර දෙක තුනක් අතින් එල්ලගෙන දොරකඩ හිටිය කොල්ලා මං දිහාට හැරුණ. උඩ ඉඳල පහළට බලපු මං … Continue reading

Posted in Uncategorized | 7 Comments

තාත්තෙක්, හීනයක් සහ වාසනාවන්ත දුවෙක්..!!

මෙන්න බොලව් අපගේ බලු පුතුනා මේකා නම් මහ නරක බල්ලෙකිය මේ බල්ලා කොයි සිට ආවේ මේකා අපායෙ ඉඳ ආවේ   ඔලුවෙ ඉඳන් රෙදි පොරවාලා හොරට නිදාගෙන මේ ඉන්නේ නැගිටපියවු හොර ගෙඩි දෙන්නා පස්සට ඉර අවුවත් වැටිලා   හොඳ ලොකු කෝටුව … Continue reading

Posted in අම්මයි, තාත්තයි, මතක, මමයි, මල්ලියි, මුතුගල විත්ති | Tagged , , , | 24 Comments

මහ‍පොළෙන් ගත්ත “ටෙලිෆෝනය”

අම්මා මීරිගම ඉස්කෝලෙ ලඟදි මට පරිස්සමෙන් බස් එකෙන් බහින්‍ඩ කියල මල්ලිව අතින් අල්ලල පඩි බැස්සුව. දැන් කාලෙ වගේ නම් ඉතිං කොන්දොස්තර මාම අම්මට බෙරිහන් දේවි ළමය වඩිගෙන බහින්ඩ කියල.. ඒත් ගිරිඋල්ලෙ ඉඳල එනකල්ම එක එක කවි සින්දු කිය කියා, කතන්දර … Continue reading

Posted in Uncategorized | 33 Comments

ආනන්ද මාමා ගෙනා “හඳහාමි”

ඉස්සර අපි පුංචි කාලෙ අපිට හැමදාම බත් කාල කන්න ටොපි චොකලට් ලැබුණෙ නෑ..එහෙම අරන් දෙන්න අම්මලට සල්ලි තිබුණෙත් නෑ… අහම්බෙන් දවසක පෙරේර බේකරියෙන් පාන් බනිස් ගන්නකොට අම්ම අපි දෙන්නට බන්ටි ටොෆි දහයක්, මයිලේඩි ටොෆි පහ හයක් අරන් දුන්නොත් ඇරෙන්න චොකලට් … Continue reading

Posted in අම්මයි තාත්තයි මල්ලියි මමයි, මට හිතෙන හැටි | 40 Comments