ඉබාගාතේ යමින් නගරයක හිත විඳිමින්….!!!

නගරයකටත් හිතක් තියෙනව කියල ඔබට කවදාක හරි දැනිල තියෙනවද?

අලුත් රටක් අලුත් නගරයක් කියන්නෙ වැඩි දෙනෙක්ට ලැබෙන පොඩි ඉඩකත් විශාල පරාසයක දේවල් අත්විඳිය යුතුයි කියන මානසිකත්වයක් එන තැනක්නෙ.

එක අතකට හිතාමතා දේවල් කරල අත්දැකීම් එක්කාසු කරන්න කැමති මිනිස්සුන්ට ඒක ගැලපෙනවත් ඇති.

මං කැමති නගරයක් නිදහසේ විඳින්නයි…

අරක කළා, මේක කළා කියල, ලිස්ට් එකක් ටික් කර කර අත්දැකීම් එක්කාසු කරන එකට වඩා ඒක අපූරුයි.

අනෙක් අතට, උණුසුම්, කාර්යබහුල නගරයක මහා ගාලගෝට්ටිමය හිතකත්, සන්සුන්, සිසිල් නගරයක  ඉබිගමන් හිතකත් වෙනස අඳුනගන්න ඒ ඒ නගරයේ වර්ග අඟලක් ගාණෙ අඩිය තියන්න ඕනෙ නෑ…

එකම මාර්ගයේ ඉඳල හිටල පයින් ගියත්  නගරය අපට ඇගේ හිත විවර කරනව.. අපි වැඩි දෙනෙක් ඒ දිහා නොබැලුවට..

නගරයක හිත අඳුනගත්තම, ඇගේ හිත කියවන්න ලැබුණාම ඒකට ඇබ්බැහි වෙනව.

නගරයකට ඇබ්බැහි වෙන එකත්  හරි අපූරු දෙයක්.

මේ නගරයේ වීදිවල ඇවිදිනකොට නානාප්‍රකාර මිනිස්සු මාව පහු කරනව.

උස මිනිස්සු, මිටි මිනිස්සු, කලු මිනිස්සු, සුදු මිනිස්සු, ඇස් පොඩි මිනිස්සු, තලප්පා බැඳගත්තු රැවුල් වවාගත්තු මිනිස්සු මේ නගරයේ ලා පාට පසුබිම වර්ණවත් කරනව.

සමහරු දුවනව. හරියට කවුරුහරි පස්සෙන් පන්නගෙන එනව වගේ…

සමහරු බොහොම මන්දගාමී විදියට ඇවිදගෙන යනව.. දවස ගෙවිල යන එක ගැන කිසිම හැඟීමක් නැතිවා වගේ..

මග බලන් ඉන්නව.. හරියට කවුරු හරි එනකල් වගේ..

තවත් සමහරු අත්වැල් බැඳන් පාර මාරු වෙන ගමන් සිප ගන්නව.. හරියට ඒ මොහොත නැවතත් නොඑන බව දැනගෙන වගේ..

එකම මාර්ගයේ දවස ගානෙ දකින අලුත් මූණුවල කතන්දරවලින්, විඳින අලුත් අලුත් අත්දැකීම්වලින් මං නගරයේ හිත විඳිනව

ඒ විතරක් නෙවෙයි, සංස්කෘතිකව විසල් නගරයක  එහෙම ඇවිදිනකොට අපි අංශුවක් තරම් කුඩා බව දැනෙන්න ගන්නව.

අඳුනන්නෙක් මුණ ගැහෙන්නට  පුලුවන් සම්භාවිතාව අල්ප වෙන තරමට මම ඒ නගරය එක්ක පෙමින් බැඳෙනව.

ඒක සැහැල්ලු හිතකින් නගරයක සැරිසරන්න අවශ්‍ය වටපිටාව හදල දෙනව. වීදි දිගේ ඉබාගාතෙ යමින් මම නගරය විඳිනව..

අලුත් රටක අලුත් නගරයක විවිධත්වය එක්ක හිතෙන් අලුත් වෙන්න බැරි වුණත් මම ඒ වෙනස එක්ක මුහු වෙන්න උත්සාහ දරනව.

එක වරම ජීවිතේ අරමුණු වෙනස් වුණාම ඒ අනුව අපේ ජීවන යාත්‍රාව හැරවෙන හැටි අත් විදින්න නං මෙහෙම නන්නාඳුනන නගරයක විවිධ මුහුණු අතරෙ, අහස සිඹින ගොඩනැගිලි අතරෙ අතරමං වෙන්නම ඕනෙ…

නගරයේ හිත එක්ක ඒකාත්මික වෙන්නම ඕනෙ!!

ඒක හරිම පුදුමයි!

නුපුරුදු යමක් දුටුවාම මේ කොහෙද මං ඉන්නෙ? වගේ කැලඹිලි සහගත සිතුවිල්ලක් එක පාරට හිතට එනකොට අර ආපු ගමන් මග සිතියමක් වගේ හිතේ ඇඳීගෙන යනව.

ඉතුරු සත පණහ දුන්නෙ නැතිවුණාම කොන්දොස්තර එක්ක ගහ මරාගන්න රටක ඉඳල, රියදුරාට ස්තූතියි කියල බස්එකෙන් බහින රටකට ආවාම ලංකාවෙදි කිසිම දවසක බස් ගමනක් ප්‍රිය නොකරපු අපි බස් එකේ යන්නත් ආස වෙනව.

ඉඳල හිටල කොළඹ නගරයේ බලහත්කාරයෙන් ඔබ්බපු උද්‍යානවල ඇවිදපු අපි උදේ හවස උද්‍යානයක් හරහා ඇවිදගෙන යන්න වෙන එක ආදරෙන් වැළඳ ගන්නව

ඉතිං,

මොනම රටකත් නගරයක හිත  විඳින්න නං  වීදි ගානෙ පයින් ඇවිදින්න ඕනෙ!!

ඒක මං නිකං හිතට ආවට කියන එකක් නෙවෙයි. අත් විඳිමින් කියන දෙයක්.

Advertisements

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in Uncategorized. Bookmark the permalink.

8 Responses to ඉබාගාතේ යමින් නගරයක හිත විඳිමින්….!!!

  1. නුවර කුමාරි පවසයි:

    අපිව කොයිල් කරන්න එපා ජනුවෝ

  2. Asokamala පවසයි:

    ඇති යන්තන් පෝස්ට් එකක් ලිව්වා කාලෙකට පස්සේ 🙂

  3. ravi පවසයි:

    නුවර ගැන වෙලාවක ඔහොම ලියන්න ඕන කියල කාලෙක ඉඳල මයෙ හිතේ තියනව….ඇත්තටම හැම නගරෙකම අනන්‍යතාවයක් තියනව.නුවර එහෙම බැලුවම කලබලකාරිත් නැති නැත්තෙත් නැති දෙකටම නැති නගරයක්. හරියටම කිව්වොත් මැදිවියේ එළිපත්තෙ ඉන්න තරුණ වියේ දඟකාරකම් වලින් සම්පූර්නයෙන්ම නොමිදුනු ඒත් තැන්පත්වෙන්ට උත්සාහ කරන ගැහැණියක් වගෙ..මන්දා එහෙමයි මට හිතෙන්නෙ.

    පලි – ඔහෙ පාරවල්වල ඇවිදිනකොට කිවියො පෑගෙන්නෙ නැද්ද බොල?

    • නුවර කුමාරි පවසයි:

      හපොයි… නුවර ගැන ඔහොම කියල මට පිහිපාරවල් දෙන්න එපා අය්යෝ…. නුවර ගැන මටත් තියෙන්නේ පුද්ගලයෙක් ගැන කියනවා වගේ හැඟීමක්. රවී මේක ලිව්වම මට පුදුම හිතුනා. නුවර තවත් ‘කෙනෙක්’ කියලා හිතන තව අය ඉන්නවද? මගෙන් නම් නුවර ගැන කියවෙන්නේ බොහොම රෝමාන්තික දේවල්.. හි හි…

  4. කුරුටු ගෑ ගී පවුර පවසයි:

    ලියැවිල්ලනම් නියමයි………. සුපර්……………

  5. Maneka පවසයි:

    ආ??? මෙන්න මෙයා?? මං හිතුවා හීතලට වෙව්ල වෙව්ල ඇති කියලා ලිවිල්ලත් පැත්තක දාලා…. කෝ බොලව් මට තැපැල් කරනවය කීව හිම ඩිංග…??

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )