රික්ෂෝවාලා සහ තවත් කතා…!!!

ඉර එබිකං කරලවත් නැති උදේ අපි තුන්දෙනා රිසාල්දාර් පාක් එක පහුකරන් මහ පාරට ආවෙ ගෝමතී නගර් බලා යන්ඩයි… වැඩ දෙක තුනක්ම තිබුණ කරගන්ඩ…
චාර්බාග් ගිහින් ආපහු එන ගමනට කෝච්චි ආසන වෙන්කරගන්ඩ, එතකොට ඒ කාලෙ අම්මල ඉන්දියාවෙ එද්දි අම්මලට බොහොම උදව් කරපු, දැන් ගෝමතී නගර්වල ඉන්න ලංකාවෙ හාමුදුරු කෙනෙක් බැහැ දැකල උන්වහන්සෙට අපි ගෙනා තේකොළ පිළිගන්නන්ඩ… සහ අපේ රස්තියාදු ගැහිල්ලත් මීට අයිතියි…
සීතල ඇඟ හිරිවට්ටනව…. ඒක උහුලන්ඩ බැරුව මම කරේ දාගෙන හිටපු ලොකු සලුව අස්සෙ තව තවත් ගුලි වුණා
මල්ලිත් එයාගෙ කබාය ඇඳගෙන අත් බැඳගෙන!!
පාර අයිනෙ ලිප් බැඳගත්ත මිනිස්සු වතුර මුට්ටි, රොටී තැටි ලිප තියල.. ලිප වටේට රොක්වෙලා සීතල නිවා ගන්න ගමන් පාතරාසය සූදානම් කරනව!!
ලක්නව් නගරය තාමත් නිදිගැට හැරල නැති නිසා පාරවල් හරිම පාලු වෙලයි තිබුණෙ. ඉඳල හිටල යන වාහනයක් ඇරුනාම අපි දැක්කෙ උදෑසන කිරි බෝතල් අරන් යන්ඩ ආව ගෑණුයි, එලවලු කරත්තවල අහුරන මිනිස්සුයි, තැන් තැන්වල වැතිරිලා, තුන්කුදු ගැහිල නිදාගෙන ඉන්න මිනිස්සුයි පාර පුරා ඇවිදින හරක් සහ එලුවො විතරයි…
කොහෙට යන්ඩද මැඩම්??
වටපිට බල බලා යන්ඩ මගක් හොයමින් හිටි අපිව දැක්ක රික්ෂෝවාලෙක් ලද අවසරෙන් තමන්ගෙ රික්ෂෝවත් අරන් අපි ලඟ..
අපිට ගෝමතී නගර් යන්ඩ ඕනෙ…
රුපියල් දහයයි…
ආ.. එහෙනං අපිට එපා…
නෑ අටක් දෙන්ඩ

එපා එපා.. ගෝමතී නගර්වලට යන්ඩ යන්නෙ රුපියල් පහක් විතර දැන දැනත් අපි හෙට්ටු කලේ නෑ.. මිනිහ එක්ක යන්ඩ බෑ කිව්ව විතරයි. ඒත් තමන්ගෙ හයර් එක නැති කරගන්ඩ මිනිහට ඕනෙ නැති පාටයි…
තුන්දෙනෙක් යනවනෙ, ගෝමතී නගර්වලට දුරයිනෙ…
අරව මේව කිය කියා එකෙල මෙකෙල වෙවී ඉඳල අන්තිමට මිනිහට සිද්ධ වුණා ටික ටික අපේ ගානට එන්ඩ
එහෙනං පහක් දෙන්ඩ…
ඔහු අවසානෙ කිව්ව…
ඒ පාර අපි තුන් දෙනාම රික්ෂෝවෙ පිටිපස්සෙ ඉඳගත්ත…
රික්ෂෝවාලා ඉදිරියට ඇදුණා!!
පදිනව කිව්වට මේක අපි තුන්දෙනෙක් දාගෙන තනි මිනිහෙක් බයිසිකලයක් පැදිල්ලක් නෙ…
උදේ පාන්දර මීදුම කපාගෙන ඉදිරියට ඇදෙන, තමන්ගෙ ශරීරයට වඩා දෙකක් විතර විශාල කබායක් සීතලට ඇඳගත්ත මේ මනුස්සය හැකි වෙර යොදල බයිසිකලේ පාගන විදිය දැක්කම රුපියල් පහකට මේ මනුස්සය ඔට්ටුවෙන ඔට්ටු විල්ලක් කියල මට හිතුණ…
ඔයිට කලින් දවසක් අපි රික්ෂෝවක නැග්ගෙ අවද් හෝටලයට යන්ඩ…
අවද් කියන්නෙ ලක්නව් නගරෙටම කියන තවත් නමක්!!
ඒ සුපිරි හෝටලේ බිම් මහලෙ තමයි අපි ප්‍රවේශපත් අරගත්තු ගුවන් සේවයට අයත් ලක්නව් ශාකාව තිබුණෙ… ඉතින් අපි අවද් බලා ගියේ අපේ ප්‍රවේශ පත්‍රවල වැඩකට…
ඔයාල මේකෙද ඉන්නෙ??
අපි විදේශිකයන් බව කතා බහෙන් තේරුම් ගත්තු ලාල් කුවාන්වල ඉඳල අපිව අරන් ආපු රික්ෂෝවාලා අවද් හෝටලයි ඉස්සරහ අපි බැස්සම ඇහුව… ඔහු හෝටලය අවට සිසාරා බලල අහස උසට දිවෙන හෝටලේ තට්ටු ටික දිහත් බලල ආයෙ අපි දිහා බැලුව….
මේ හෝටලයෙ ඉන්න මිනිස්සු රික්ෂෝවක ඒම ගැන ඔහු පුදුමයට පත් වෙලා හැඩයි
නෑ නෑ….අපි වෙන වැඩකට ආවෙ…. මං කිව්ව..
ඒ මනුස්සයගෙ මූණ මට මතක් කරගන්ඩ බැරි වුණත් ඒ මූණෙ ඇඳිල තිබුණෙ අහිංසක කමක් මුසු වෙච්ච දුක් රේඛා මට තාම මතකයි…
ලක්නව් කියන මහා නගරෙ උපන්නත් ඉන් පිටතට අඩියක් තියල නැති මිනිස්සු ඉන්න රටේ තමන්ගෙ නගරයේ තියෙන ලොකුම හෝටලයකට එන විදේශිකයන් දිහා බැලුවම දුකක් හිතුනෙ නැත්නම්නෙ පුදුමෙ..
අනෙත් අතට ඒ මිනිස්සුන්ට මේ වගේ ලොකු හෝටලයකට ඒම, නවාතැන් ගැනීම වගේ අවශ්‍යතා ඇතියි කියල හිතන්ඩ බෑ නෙ… එදා වේල හරි හම්බ කරගන්ඩ දවස තිස්සෙම දඟලන එක තමා ජීවිතේ

මට මතක් වුණේ දවසක් අපේ රස්තියාදුවකදි අම්ම එක මනුස්සයෙක් ලඟ තිබුණ ගෑස් ලිප් පත්තු කරන දාහකයක් ගැන උනන්දු වෙලා ඒක කීයද කියල ඇහුවාම රුපියල් එකසිය පණහක් කිව්ව…
අම්ම සීයකට ඉල්ලුව…වෙලෙන්දා දෙන්ඩ කැමති වුණේ නෑ…
අපි හැරිල ඇවිල්ල ඊලඟ තැනින් අහනව ඒ මනුස්සය බලාගෙන හිටිය… අපි එතනිනුත් මොනවත් නොගෙන යනව දැක්ක මේ මනුස්සය අපි පස්සෙන් සෑහෙන දුරක් ආව… එක එක ගණන් කිය කිය…
අන්තිමට රුපියල් එකසිය පණහයි කිව්ව ඒක අපි අරගත්තෙ රුපියල් දහයකට වගේ මට මතක හැටියට…
ඒ එක ඕනෙම හන්ද නෙවෙයි… අර තරම් දුරක් පස්සෙන් ආවෙ ඒක කීයකට හරි විකුණගන්ඩ තිබුණ උවමනාව හන්ද කියල දැනුන හන්ද..
ඉන්දියාව හරිම පුදුම රටක්!!!
ඕනෙ දෙයක් කියන ගානෙන් බාගයකටත් අඩුවෙන් අරගන්ඩ පුලුවන්!!
අනික තමයි සංචාරකයො කියල තේරුණාම බොරු ගණන් කියන එක මොන රටෙත් එහෙමනෙ…
මල්ලිගෙයි මගෙයි හින්දි ඉංග්‍රීසි මිශ්‍ර භාෂාවයි, කතා කරන විලාසයයි සෑහන්ඩ ඉන්දියානු ආරක් අරන් තිබුණේ ඒදවස් වෙද්දි මේ මිනිස්සු එක්ක කතා කරලම…
ඉතින් එයාල හිතන්නෙ අපි දකුණෙන් හරි බොම්බාය දිහායින් හරි ආව ඉන්දියානුවො කියලයි
ඒක බොහාමයක් තැන්වලදි වාසියට හිටිය!

උපරිම වීර්යයෙන් රික්ෂෝව පැදපු රික්ෂෝවාලා පාර මැදම වාහනේ නැවැත්තුව..
මං ඔලුව උස්සල බැලුවාම තරමක කඳු පාරක් ඉදිරියෙන් පෙනුන…
තුන්දෙනෙක් රික්ෂෝවෙ දාගෙන තියා මිනිහට තනියෙන් පැදගෙන යන්ඩ වත් බැරි ඒ කන්දෙ මොකක් කරන්ඩ හදනවද කියල බැලුවාම මෙන්න බොලේ මෙ මනුස්සය පැත්තෙන් බයිසිකලේ අල්ලුවෙන් අල්ලගෙන අනිත් අතින් රික්ෂෝවෙ බඳ අල්ලගෙන තල්ලු කරනව…
කරන්ඩ පුලුවන් වැඩක්ද හැබෑට….
අපි බහින්ඩ හැදුවත් මිනිහ ඒකට කැමතිත් නෑ..
සමහර විට අපි දෙන ගාන අඩු කරයි කියල වෙන්ඩ ඇති…
ඒ පාර මල්ලි මිනිහට තදින්ම කිව්ව නවත්තපිය කියල…
නැවැත්තුවාම මල්ලි බැහැල පිටිපස්සට ගියා…
රික්ෂෝවාලට ආයෙමත් නැගල බයිසිකලේ පදින්ඩ කියල මල්ලි කන්ද ඉවරවෙනකල්ම රික්ෂෝව පිටිපස්සෙන් තල්ලු කළා…
සමතලා පාරෙ ආයෙමත් රික්ෂෝව නවත්තුපු රික්ෂෝවාලා අසල කඩේකින් රසකල පුවක් පැකට් එකක් අරන් කටේ හලාගත්ත..
ඒක හීන් සීරුවෙ හපන ගමන් හති අරින්ඩ ගත්ත
පවු මේ මනුස්සය තාම උදේ තේ වත් බීල නැතුව ඇති!!
අම්ම කිව්ව…
කෙසඟ සිරුරක්!! හුස්ම වැටෙන වේගෙට නහයෙන් සීතල දුම් පිටවුණා!!!
කෝට් එක පියවන්ඩ ඒකෙ බොත්තං නැති හන්ද ඒකෙ පලු දෙක හරියට කැඩිච්ච දොරවල් දෙකක් වගේ දෙපැත්තට විහිදිලා!!!
ඉණට අත් තියාන වේගෙන් හුස්ම ගන්නකොට පපුව උස් පහත්වෙනව පවා අපිට පෙණුන…

මේ මනුස්සය එළවලු ටිකක් හාල් ටිකක් අරන් ගෙදර යනකල් බලන් පැල්පතක ඉස්සරහ ඇණබාගත්ත කුසගිනිකාර පැටවු ටිකක් ඇති, තව පුංචි පැටියෙක් බඩේ බැඳගෙන, පාට හේදිලා වියැකිලා ගිය කපු සාරියකි න් සැරසිලා ඒකෙ කොණකින් හිස වහගත්ත තරුණ, ඒත් කෙසඟකමත්, දරුවන් වැදීමත් නිසා වැහැරුණු බිරිඳක් ඇති….
උදේ තේ එකක්වත් නැතුව රික්ෂෝව අරන් එන්ඩ ඇත්තෙ පුරවන්ඩ බඩවල් රොත්තක්ම තියෙන හන්ද වෙන්ඩ ඇතිනෙ…
මට තව දුරටත් රික්ෂෝවෙ ඉඳගෙන යනව කියන එක හරියට ගිනි මැලයක් උඩ ඉඳගෙන යන ගමනක් වුණා…
ගෝමතී ගඟ හරහා දැමූ පාලම අසලින් අපි බැස්සම තමයිමට සැනසිල්ලක් දැනුනෙ….
පුදුම තරං වෙහෙසක් අරන් අපිව එතෙන්ට එක්කන් ආව ඒ මනුස්සයට රුපියල් දහයක් දෙන්ඩ කියල මං අම්මට දැඩි සේ කියා හිටිය…
මගෙ හැටි දන්න හන්ද අම්මත් සද්ද නොකර රික්ෂෝවාලට සල්ලි දුන්න…
ඒ මනුස්සය පුදුම වෙලා අම්ම දිහා බැලුව!!!
ඒ ඇස්වල කඳුලු පිරුණ කියල මට පෙණුනෙ මං ඒ මනුස්සය ගැන දුක් සිතින් හිටිය හන්ද වෙන්ඩ ඇති….
සමහරවිට ඉන්දියානුවෙක් එක්ක ආව නං ඔය රුපියල් පහට දෙකයි පණහක් දීල එලවගන්න අවස්ථාත් ඇති

රික්ෂෝකාරයන්ව නලවන්ඩ යන්ඩ එපා… උන් හැම තිස්සෙම වැඩියෙන් මයි කියන්නෙ ගාණ…
ඒ අපිට ඉන්දියාවෙ හිටිය ශ්‍රී ලාංකික මිතුරන් වගේ ම ඉන්දියානුවනුත් කිව්ව කතාවක්!!
මේ වෙද්දි ඉන්දියාවෙ ඉස්සර රික්ෂෝ වගේ මනුස්සය හරකෙක් වගේ ඇදගෙන දිව්වෙ නෑ නං තමයි..
බොහොමයක් රික්ෂෝ පයින් පාගන බයිසිකල්වලට සම්බන්ධ කරල තිබුණ.
ඒත් කකුල් දෙකක් තියෙන ඇවිදින්ඩ පුලුවන් මිනිස්සුන්ව දාගෙන බයිසිකලේ පාගල ඒ මිනිස්සු විඳින දුක මට නං දරං ඉන්ඩ අමාරුයි

රික්ෂෝවාලා අපි දිහා බලල අත් දෙක එකතු කරල ආචාර කරල අපෙන් සමු ගත්ත!!
ඔහුගෙ මුහු‍ණෙ තිබුණු ශාන්ත සැනසිලිදායක පෙනුම මගෙ හිත පහන් කළා!!
සමහර විට අද දවසෙ ඔහුගෙ දරුවන්ට හොඳට වේලක් කන්ඩ ලැබේවි!!!!
හ්ම් යාන්තං ඇති!!!

අනේ අම්මෙ පයිං යං සල්ලි නැත්තං…….ආයෙ රික්ෂෝවල නං ගමන් බෑ!!!

මං අම්මට කිව්ව!!
මාත් මේ කියන්ඩ හැදුව විතරයි
මල්ලිත් කිව්ව!!

අපි තුන්දෙනා හෙමින් හෙමින් ගෝමතී ගඟ පහු කරගෙන පාලම දිගේ එගොඩට ගියා!!

කතාවට පින්තූරෙ මෙන්න මෙතනින්

පසුව ලියමි:
සමා වෙන්ඩල කලින් සටහන විතරක් නෙවෙයි මගෙ සටහන් කීපයක්ම ඔයාලගෙ බ්ලොග් රෝල්වල යාවත්කාල වෙලා නෑ කියන එක සහ මගේ ආර් එස් එස් ෆීඩ්ස් වැඩ කරන්නෙ නෑ කියන එක දැක්කෙ මේක පල කරන්ඩ ආවමයි..
අනේ පින් ඇත්තෙක් මට එය යථා තත්වයට ගැනීම සඳහා උපකාර කරත්වා!!!

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in මගේ චාරිකා. Bookmark the permalink.

65 Responses to රික්ෂෝවාලා සහ තවත් කතා…!!!

  1. tg says:

    කියෙව්වාම මහා ගොඩක් දේවල් හිතුනා .ඒත් ඒ ඔක්කොම නොලියන්න කල්පනාකලා .අයැම් මිසින්ග් ඉන්ඩියා 😦

  2. praveena says:

    //මේ මනුස්සය එළවලු ටිකක් හාල් ටිකක් අරන් ගෙදර යනකල් බලන් පැල්පතක ඉස්සරහ ඇණබාගත්ත කුසගිනිකාර පැටවු ටිකක් ඇති, තව පුංචි පැටියෙක් බඩේ බැඳගෙන, පාට හේදිලා වියැකිලා ගිය කපු සාරියකි න් සැරසිලා ඒකෙ /කොණකින් හිස වහගත්ත තරුණ, ඒත් කෙසඟකමත්, දරුවන් වැදීමත් නිසා වැහැරුණු බිරිඳක් ඇති….
    උදේ තේ එකක්වත් නැතුව රික්ෂෝව අරන් එන්ඩ ඇත්තෙ පුරවන්ඩ බඩවල් රොත්තක්ම තියෙන හන්ද වෙන්ඩ ඇතිනෙ…//

    බඩ පපුව දාගෙන ගියා. හැම රටකම මේ වගේ චරිත දකින්ට ලැබෙනවා ජනූ.
    බිමට බැහැලා රික්ෂෝව තල්ලු කරපු මල්ලිට ආදරේ හිතුනා. අක්කගෙම මල්ලිනේ නේද?

    ටීජී කියන්නා වගේ මටත් ඉන්දියාව මිස්වෙනවා. ගොඩක් කාලෙකින් ගිහිං නෑ. 😦

    • නැත්තං.. අක්කගෙම මල්ලි නේන්නං….
      හා ඉන්දියාව මිස් වෙනව නං ඔයත් එන්ඩ එහෙනං අපි දෙන්න එක්ක සෙට් වෙලා යන්ඩ

  3. Jayantha Upatissa says:

    ඉන්දියන් කෙටිකතාවක් වගෙයි ..

  4. ඉන්දියානු පරිවර්තනයක් කියෙව්වා වගේ. තවත් බොහෝ දේ කිව්වා කියලා හිතා ගන්ඩ:)

    • buratheno says:

      කිවුවා කියලා හිතාගන්නෙ කොහොමද බං.!? අපට පරචිත්තවිජානනඥානය තියෙනවා කියලා හිතුවයැ.?? ඔය හිතාගන්ට කියලා කියපු දේවල් ටිකත් කියලා දැම්මානං.. 😛

      • හංසකිංකිණි says:

        🙂 හරේ.. දැන් දීපල්ලකො උත්තර

    • ස්තූතියි බුද්ධි… අවුරුදු පහක් හයක් ගත වෙලත් මේ සිද්ධි මතක තියෙන එක ගැනයි මට පුදුම

      • හංසකිංකිණි,
        ඉන්දියන් ෆිල්ම් බලද්දි ඔය මිනිස්සු ගැන අපේ අම්මත් කොච්චර නං දුක් උනාද? ඔය කියන්ඩ හිටිය එක දෙයක්…….

        බූරා,
        හුඟක් දේවල් නොකියා හිතන්ඩ ඉතිරිකොලාමත් ගතියක් තියෙනවා කියලා හිතුනා පහුගිය දවසක මම කොල්ලෙක් ව ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට සමාන කරාට පස්සෙ 😛

      • Buratheno says:

        කවුද බං ඒ කොල්ලා.. පෙන්නහං මට, මං ඌට හොඳවයින් දෙකක් කතා කොරලා එන්ට.. 😉

    • Beetle says:

      මේක ලේසි වැඩේ..අද ඉඳන් මමත් පුරුදුවෙනවා…

      පෝස්ට් එක ආසාවෙන් කියෙව්වා හංසකිංකිණි … ගොඩක් දේවල් තියෙනවා කියන්න… ඒ සේරම කිව්වා කියලා හිතාගන්න…

  5. buratheno says:

    ඔයාගෙ feeds තියෙන්නෙ https://hansakinkini.wordpress.com/feed/ කියන ලින්ක් එකේ.. මම මේ දැන් ගිහින් Google reader එකෙන් ඒක update කලාම මට අලුත් පෝස්ට් 3ක් තියෙනවා කියලා පෙන්නනවා.. ඒක මේ වෙනකං update වෙලා තිබුනේ නැහැ.. ඒක සමහරවිට Chrome browser එකත් එක්ක තියෙන ප්‍රශ්නයක් වෙන්න ඇති.. WordPress හා Chrome අතර compatibility ප්‍රශ්නයක් තියෙනවා.. ගොඩක් help forums වල මම දැකලා තියෙනවා feeds update නොවීම ගැන ප්‍රශ්න කරලා තියෙනවා..

    Header එකේ Meta tags වල ප්‍රශ්නයක් ඇති කියලයි මට හිතෙන්නෙ, ඒත් ඒක හදාගන්න විදියක්නං මට කියන්න තේරෙන්නෙ නෑ.. මොකද WordPress වල codes manually update කරන්න දෙනවද, ඒ කොහොමද කියලා මම දන්නෙ නෑ.. එහෙමත් නැත්තං RSS feeds reset කරන්න විදියක් ඇති.. WordPress dashboard එකේ search කරලාම තමා බලන්ට වෙන්නෙ.. 😦

    • හංසකිංකිණි says:

      ඒ කියන්නෙ මං ක්‍රෝම් අතෑරල වෙන සෙවුම් යන්තරේකින් මේක පල කළොත් ඔය ගැටලුව නැති වෙයිද??
      ගිනි නරිය මොකද??

    • Buratheno says:

      නගෝ, මෙන්න මේ plugin එක install කරලා බලන්ට.. http://wordpress.org/extend/plugins/fix-rss-feed/

      මීට අමතරව බලන්ට wp-rss.php හා wp-rss2.php කියන php files දෙක නියම තැන තියෙනවද කියලා.. මේ දෙක තියෙන්න ඕන wp-config.php එකත් එක්කමයි.. මේ දෙක නැත්තං ආයෙමත් upload කරන්ට වෙයි..

      ඔයාට code එක edit කරන්ට පුළුවන්නම්, header එකේ ( හා අතර) මෙන්න මේ code කෑල්ල දාලා බලන්ට..

      <link rel="alternate" type="application/rss+xml" title="RSS 2.0" href="” />
      <link rel="alternate" type="text/xml" title="RSS .92" href="” />
      <link rel="alternate" type="application/atom+xml" title="Atom 0.3" href="” />

      • Buratheno says:

        ඔය උඩ තියෙන (හා අතර) තියන කෑල්ල (Head හා /Head අතර) කියලා වෙන්න ඕන ඈ.. මේකෙ HTML ටැග්ස් ලිවුවම ඒවා interpret වෙනවා.. 😦

      • ඇත්තම තියනව නං මගේ ඇඩ්මින් පැනල් එකේ ප්ලගින් කියල සබ් පැනල් එකක් නෑ අයියෙ.. එක්කො මං පණ්ඩිත වැඩක් කරල දන්නෙම නැතුව ඒක ඩිලීට් කරල, නැත්තං වර්ඩ්ප්‍රෙස් පිස්සුවක් කෙලල තියෙන්නෙ….
        ඔයා මේ කියල තියෙන එව්වත් මං පෙම්බරයව අල්ලානම කරන්නං… මං කොරන්ඩ ගිහිං දෙයියනේ කියල මේච්චර කල් ලියාපු බ්ලොග් පෝස්ට් ටික අල වුණොත් එහෙම අයියෙ… සූජානං සරීරෙ කියල බැකප් එකකුත් ගන්ඩයි කියල බැලුවෙ… බොහොම ස්තූතියි මේ උදව්වට නං!!!

  6. දුමී says:

    ජනූ ලස්සනට කතාව ලියල තියෙනවා.

    ඔය වගේ ජීවිතේ ගෙට ගහගන්න දහදුක් විඳින අහිංසක මිනිස්සු වගේම ලඟින් ගියොත් ඇස් දෙකටම කෙලවන්න බලාගෙන ඉන්න ඉන්දියන් කාරයොත් ඉන්නවා. මැදපෙරදිග වැඩ කරනකොට ඔය කොයි තරාතිරමේ ඉන්න ඉන්දියන් කාරයොත් එක්ක වැඩ කරන්න වෙනවා.

    දැනට අවුරුද්දට විතර ඉස්සර වෙලා රාජකාරී වැඩකට බැංගලෝරයට ගිහින් හිටිය සති දෙක ගැන මතක් උනා. හින්දි ෆිල්ම් වලින් මවන සුර පුරයකට වඩා ඉන්දියාවෙ සැබෑ තත්වය ගැලපෙන්නේ අර “slum-dog millionaire” ෆිල්ම් එකේ තියෙන පරිසරයට.

    • හංසකිංකිණි says:

      ස්තූතියි දුමීඅයියෙ… අපේ පෙම්බරය කියන්නෙත් ඕකම තමා…ඔයාලට ඉන්දියානුවන් එක්ක ලැබිල තියෙන සමාන අතිදැකීම් ගැන හිතද්දි මට හිතෙන්නෙ ඒක ඒ රටේ උගත් පන්තියේ සහ ඔයාලගෙ ක්ෂේත්‍රයේ නිරත වෙච්ච ඉන්දියානුවන්ගේ ලක්ෂණයක් කියල….මං හරිද මන්දා??

      ඇත්ත… හින්දි ෆිල්ම්වල්තියෙන මල්වතු වටේ නටන සුන්දරත්වය නෑ සැබෑ ඉන්දියාවෙ.. අනික දැන් හින්දි ෆිල්ම් සේරම වගේ හදන්නෙ බටහිර රටවලනෙ…. සැබෑ ඉන්දියාව දකින්ඩ නං පාරට බහින්ඩ ඕනෙ…බැහැල ඉබාගාතෙ ඇවිදින්ඩ ඕනෙ, කෝච්චියෙ දවස් දෙකක්වක් එක දිගට යන්ඩ ඕනෙ…

  7. නිරෝෂා says:

    හ්ම් … මොකක්දෝ දුකක් දැනෙනවා.
    අදත් ලස්සනට ලියලා. මම කැමතිම ඔයාගේ ලියවිල්ලේ ලතාවට….
    මගෙත් යෙහෙළියක් ඉන්නවා, නිතර ඉන්දියාවට යන එන…
    එයත් පුදුමාකාර විදියට ඉන්දියාවට කැමතියි. හුගක් අය ඉන්දියාව ගැන දොස් කීවට, ඔයාලගෙ අදහස් වෙනස්.
    මට හිතෙන්නේ, ඒ යමක් දකින විදින විදියෙ වෙනස…
    ඒකයි, කැතයි,ග‍්‍රාමයයි, අපුලයි කියන දේවල් ඔයා වගෙ අයට සුන්දරව පෙනෙන්නේ….

    • හංසකිංකිණි says:

      අක්කෙ, මට නං හිතෙන්නෙ අපිට ඉන්දියාවත් එක්ක තියෙන්නෙ ආත්මීය බැඳිමක්, වෙන කිසිම රටක් එක්ක නැති විදියෙ. හරියට කවද හරි අපි ඒ රටේ ඉපදිලා ඒ වීදිවල ඒ විදියටම කරක් ගැහුව වගේ දැනෙන එක නිකංම වෙන දෙයක් වෙන්ඩ බෑනෙ.. ඒකට මොකක් හරි සසර පුරුද්දක් ඇති කියල මට හිතෙනව..

      • tg says:

        ජනූ ඔන්න ඔන්න වරද්දගන්න තැන .දැන් පෙම්බරයා මූණ කුණ්ඩ හට්ටියක් කරන් ඇති .

        ඉන්දියාව මහා ජරා රටක් අයියෝ ඊට හපන් එහේ මිනිස්සු මලම ජරා සත්තු 🙂

  8. අදහසක් දාලා හැරෙන තැපෑලෙන් උත්තර දීම ගැන මගේ බලවත් මෙව්වා එක පිළිගන්න…. නැතිනං මේවා දවස් ගණන් වේලෙනවා නොවැ උත්තර බඳින දවස වෙනකල්!

    • හහ් හහ් හා… එහෙම හැමදාම වෙන්නෙ නෑ අයියෝ.. සමහර දවස්වලට මේව වේලෙනව සති ගණං

      • අපරාදෙ කියන්න බෑ උඹ ලියන කතානම් ඇස්වහක් කටවහක් නෑ බොක්කටම වදිනවා. උඹේ තියෙන්නෙ මහ අමුතු ලියවිල්ලක්. මම කිසිසේත්ම එකඟ නොවෙන අදහස් උඹ ගාවා තිබිලත්, උඹ ඒක ලියන විදියට මටත් මෙතෙක් නොදැකපු පැත්තක් පේන්න ගන්නවා.

        මේ පල්ලෙහායින් තියෙන උඹ TGට ලියපු කෑල්ල එක්ක මම කොහෙත්ම එකඟ නෑ. මම උඹත් එක්ක දවසක් ඉඳගෙන තර්ක කරන්නම් ඔන්නම් ඔය ගැන නොකා නොබී.

        //අක්කෙ, මට නං හිතෙන්නෙ අපිට ඉන්දියාවත් එක්ක තියෙන්නෙ ආත්මීය බැඳිමක්, වෙන කිසිම රටක් එක්ක නැති විදියෙ.//

        ඒ වුනත් උඹ ඉන්දියාව ගැන ලියන විදියට වඩා මේ මිනිස්සුත් එක්ක තියෙන මානව සම්බන්ධතා ගැන ලියන විදියට මම නිකම්ම පරදිනවා.

        මම කමෙන්ට් එක මෙතන දැම්මෙ උඹ අපේ කමෙන්ට් රස්තියාදු කරන ක්‍රමය ගෙන මතක් වෙලා. පහුගිය ටිකේ කොහේ මකබෑවෙලා හිටියද බං?

        උඹ නැති අතරෙ මම මගේ ඩෙනිමේ අලුත් කතාවකුත් දැම්ම. උඹ දවසක් ඇවිත් අර කම්මැලි හොර කමෙන්ට් එක දාලා ගියාට පස්සෙ පැත්ත පලාතෙ ආවේ නැ නේද බොල?

        henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

      • හෙන්රි අයියෙ,
        කම්මැලි කමෙන්ට් දාල, කියවල හොරෙන් කමෙන්ට් දාන්ඩ කම්මැලි කමට ඇවිල්ල මං උඹෙන් තරං බැනුං අහන්නෙ නෑ කාගෙන්වත් බං අයියෙ..
        අනේ බං මං ආස නෑ… මාරයි, මාර සිරා, උපරිමයි, එලකිරි වගේ කමෙන්ට් දාන්ඩ මට හිතෙන්ම වැදිච්ච තැන්වලට… සමහර වෙලාවට දඩිබිඩියෙ හරි ඇවිල්ල උඹල ලියන එව්ව කියවල යනව.. ඒත් මගේ කමෙන්ට් ලිවිල්ල නං තනිකරම මගේ මූඩ් එක මත තීරණය වෙන දෙයක්…ඒ හන්ද තමයි මේකෙ උඹල දාන කමෙන්ට් පවා රස්තියාදු වෙන්නෙ…
        බයින්ඩ එපා බන්…

        මේ දවස්වල අපි දෙන්න පොඩි වැඩතට එහෙ මෙහෙ දිව්වනෙ… ඒකයි පැත්තෙවත් හිටියෙ නැත්තෙ

        වරෙං දවසක, අපි ටීජීටත් එන්ඩෙයි කියල හොඳවැයිං කලු කෝපි බුජමකුත්හදාගෙන තර්ක කරමු කෙස් පැලෙන කල්…
        මං මේ කල්පනා කළේ මට බැක් කරන්ඩ තව කාට හරි එන්ඩ කියනවද කියල?? නැත්තං උඹ උඹගෙ මහාර්ඝ තර්කන හැකියාව පාවිච්චි කරල මාවයි ටීජී අක්කවයි අලුයම හිරු දුටු පිණි බිඳු වගේ මෙව්ව කරල දැම්මොත් එහෙම!!
        රවී අයියගෙන් රහසෙං…..රවී අයියේ…..?? උඹ කාගෙපැත්තෙද බං??
        (මේ… අහු වෙන්ඩ එපා හෙන්රි අයියට බැක් කරන්ඩ හෙම ගිහින් හරිය??)

      • Buratheno says:

        // වරෙං දවසක, අපි ටීජීටත් එන්ඩෙයි කියල හොඳවැයිං කලු කෝපි බුජමකුත් හදාගෙන තර්ක කරමු කෙස් පැලෙන කල් //

        පොඩ්ඩිත්තක් හිටහං, මේ මාත් එනවා.. අපි බොලායෙ ගෙදරින් දවල්ට කාලා එහෙම, කෝපි බොනගමන් ඔය දාර්ශනික විවාදය පවත්වමු.. 😀

  9. tg says:

    බොලා අහක යන මාවත් මේකට ඇදලා ගත්තා නෙ කොහොමහරි .මම බැලුවේ ඔය හමුව හරිද්වාර් , ශිම්ලා , දෙහෙරාදූන් එහෙම නැත්නම් ඩාර්ජිලින්ග් වගේ තැනක පවත්වමුද කියලා 🙂

    • හරි.. අක්කට බාරයි තැන… අපි දැන් ඔය හමුවට නමකුත් දාන්ඩ එපැයි
      කාල කෝපි සන්ධ්‍යා! හොඳයි නේද?

      • tg says:

        හොඳා .”භාරතීය ආත්මීය බැඳීම් හා නූතන ඉන්දියානු විරෝධී , ව්‍යාපතවාදී අධිරාජ්‍යවාදී බ්ලා බ්ලා බ්ලා පිලිබඳ හමුව ” වගේ මොඩ් නමකුත් තියමු 🙂

      • අපි එහෙනං මෙහෙම දාමු
        ”කාල කෝපි සන්ධ්‍යා හෙවත් භාරතීය ආත්මීය බැඳීම් හා නූතන ඉන්දියානු විරෝධී , ව්‍යාපතවාදී අධිරාජ්‍යවාදී බ්ලා බ්ලා බ්ලා පිලිබඳ හමුව ”

      • Buratheno says:

        නම නං පංකාදු පහයි.. ඔය නම ඇහෙනකොට මට මැවිලා පේන්නෙ නිකං ලා-ඕත්සුයි, කොන්ෆියුසියසුයි, ජෛන මහාවීරයි, සොක්‍රටීසුයි, සාත්‍රේයි එක්කහු වෙලා, එරමිණිය ගොතාගෙන වටේට වාඩිවෙලා, තේ/කෝපි බිබී සාකච්ඡා වාද-විවාද කරන දර්ශනයක්.. 😀

  10. හලේ TGට නං කතා කරන්න එපා. ඔය යෝදි දවසක් මම ඉන්දියානුවන් නිවේචනය කලා කියලා මට ඇණුම් පද කියලත් තිබ්බා. 😀

    හැබැයි උඹේ පෙම්බරයයි මායි නං එක පැත්තෙ බව මම දන්නවා. (අර දුමියා බඩා ඇරුනු කොට.)

  11. ravi says:

    “අඩෝ..වරෙං ඩෝ මරාගෙන මැරෙනව අම්මප…කවුද ඩෝ ඉන්දියාවට එව්ව මෙව්ව කියන්නෙ?…උඹ දැනගං හැන්රි මම ඇවිල්ල ඉන්දියානුවො එක්ක බාර් එකක් ඉස්සරහ පඩි පෙලේ වාඩි වෙලා ඔන් ද ස්පොට් එතනම බැදපු වඩේ කමිං ඉන්දියං රම් ගහපු කොල්ලෙක් හරිය…

    ජනූ උඹ බය වෙන්න එපා බාං…ඔය හැන්රිය දන්න ඉටිගෙඩිය…දාගනිං මගෙ නමත් යෝජක පක්ෂයට..භාරතය වනාහී අපගේ මුල් ජන්ම භූමිය මෙන්ම අපගේ සංස්කෘතික, සෞන්දර්යාත්මක සහ ප්‍රසාංගික කලා ශිල්පයන්හි උල්පත ද වීම කරණ කොට ගෙන භාරතීයන් කෙරෙහි අප තුල පවතින්නෙ කිසිදා බිඳිය නොහැකි ආත්මීය මෙන්ම ඒකමිතික ද වන දෘඩ සබඳතාවයක් වන බව යෝජක පක්ෂය යෝජනා කර සිටී.

    හෙහ්, කොහොමද මාතෘකාව විතරක්?….ඕක කියව ගන්ට ගිහිල්ල හැන්රියගෙ දිවට කොස් පොත්ත ගැටේ වැටුනම එතනිං වාදෙ ඉවරයි..යෝජක පක්සෙට නිතරඟ ජයක්….

    • ග්ලුබ් බ්ල්බ් ග්ල්බ් උබ හලි!

    • tg says:

      රවියට කොහොමත් යෝජක පිලට තමා සපෝර්ට් කොරන්ට වෙන්නේ .මෙන්න ලිඛිත සාක්කි තියෙනවා . ආයේ පැත්ත අතෑරලා මාරු වෙනව නෙවෙ ගොයියෝ ඕන් 🙂 hikz

      //Ravi December 29, 2010 6:19 PM
      ස්තූතියි TG ,

      මම කැමතිම රට ඉන්දියාව, ඉන්දියාවෙ ඇවිදිද්දි මොකක්දෝ අමුතු නෑදෑකමක්,සමීපතාවයක් දැනෙනව විස්තර කරන්ඩ බැරි,අපේ යටි හිත හැම දේකම මතුපිටින් පේනවට එහාගිය ගැඹුරක්,ගුප්ත කමකට ඇලුම් කරනව කියල මට වෙලාවකට හිතෙනව,ඉන්දියාවෙදි ඒ හැඟීම හොඳටම දැනෙනව,

      මම රාජස්ථාන් නම් ගිහිල්ල නැහැ,ඒත් ඔයාගෙ සංචාර විස්තරෙන් පස්සෙ නම් යන්නම හිතෙනව,///

      • ravi says:

        හෙහ්, හෙහ්, නීතිඥ තුමිය පරණ තෝම්බු මිටිය පෙරලල හොයාගත්ත නේද Precedent එකක් මයෙ කරමුලින්ම අහුවෙන්ට…එළ , එළ…ඕකනෙ ඔය පෙර ඉරිසින්නාන්සෙල කියාල තියෙන්නෙ කට කහනවට නෙවෙයි නෙව කාන්තා පක්සයට මොනව හරි කියනකොට බෝම පරිස්සං වෙන්ටෙයි කියල…කල්පයක් හරි මතක තියාගෙන ඉඳල ඔන්න කියාවි ගහෙං ගෙඩි එන්නැහෙ අහවල් දවසෙ තමුං මෙන්න මෙහෙම කිව්වය කියාල..ඉතිං කාටද කියන්නෙ?

        හරි, හරි එදා ඔය මං එහෙම කිව්වෙ නිකං මූනිච්ඡාවට එහෙම නෙවෙයි ඔන්න…බොක්කෙංමයි අනෙ අම්මප…ඒ නිසා මම කොහොමත් යෝජක පක්සෙ තමයි හැමදාම….:) 🙂

  12. ravi says:

    / අනේ අම්මෙ පයිං යං සල්ලි නැත්තං…….ආයෙ රික්ෂෝවල නං ගමන් බෑ!!! /

    අපේ හිත් වාවන්නෙ නැති උනාම එහෙම හිතෙනව තමයි බං…ඒත් අනිත් අතට හැමෝම එහෙම හිතුවොත් ඒ අසරණය කොහොමෙයි තමංගෙ දරු පවුලට කන්ට දෙන්නෙ? 😦

    මම කලින් දවසකත් කිව්ව උඹේ වියුණුවෙම ටීකාවකදි මම හිතන්නෙ..මයෙ උපං දිනේට ළමා නිවසෙකට දවල් කැඇම වේලක් දෙන්ට ගිහිල්ල මයෙ හිත වාවන්නෙ නැතුව වෙච්චි අලකලංචිය…

    වෙනද මයෙ බේත් ඩේ එකට රෑ අපි දානව පොඩි සාජ්ජයක්…එදා අහවල් සාජ්ජද? කොටිම්ම මම රෑට කෑවෙත් නෑ කිව්වම…අර අහිංසක මූණුමයි මතක් වෙන්නෙ…අසාධාරණයක්, අඩු පාඩුවක් දැක දක ඒ ගැන කිසිම දෙයක් කරන්ට බැරි අසරණ තත්වෙක අපි ඉන්නකොට දැනෙන හිත හෝදා පාලු වෙලා ගිහිල්ල වගෙ හැඟෙන හිස් බව උඹට දැනිල ඇති නේද කවදක හරි….එහෙම දැනිල තියෙනවනම් උඹ දන්නව මම කියන්නෙ මොකක්ද කියල හරියටම…

    ” මට නම් ආයෙ කියන්ට එපා එතනට යන්ට එන්නෙයි කියල…එකම පාරක් ජීවිතේටම ඇති නිදාගන්ට ගිහිල්ල මම අපෙ ලොක්කිට කිව්ව,

    ” ඔයා වගෙ අයත් එහෙම කියල මඟ ඇරියම හරියනවද?…හැමෝම එහෙම කිව්වොත් ඒ දරුවන්ට යන කල දසාව මොකක්ද?

    ලොක්කි මා දිහට හැරිල ඇහැව්ව…මම තාම ඒ ප්‍රශ්නෙට උත්තර හොයනව 😦 😦

    ******************************
    ප. අ. – ඒයි එදා එච්චරම සීතලද බං?…උඹල තුං දෙනාම අර රතු සහ කහ ඉරි රෙද්ද පොරෝගෙන ද ඉන්නෙ රිස්සෝවෙ? 🙂 🙂

    • පට්ට සීතල වෙන්ඩ ඕනෙ බං. බලාපංකො අම්මගෙවත් ලමයි දෙන්නගෙ වත් අන්ඩක්වත් පේන්න නෑනෙ! 😀

      • රවීඅයිය: ඕකනෙ කියන්නෙ… උඹ පටල ගන්නවනෙ අම්මප හැම තිස්සෙම.. ඔය පින්තූරෙ මේ අන්තර්ජාලෙං ගත්ත එකක් මිසක් අපි අරගත්තු එකක්ය කියල මං බොට කිව්වද අයියෙ??

        හෙන්රි අයිය: අනේ අම්මපා… දීකිරට බලල්ලුත් සාක්කි කියන්නෙ මෙව්වට නෙව.. මට හිතෙනව වෙලාවකට අර කතාව රවි අයියට කියල දිට්ටදම්මවේදනීය කරුමෙ පටිසන්දෙවන්ඩත්… අයෙ පවුනෙ… ඔන්නොහෙ නිකං ඉන්නව

      • ravi says:

        ආයෙ අමුතුවෙං කියන්ට දෙයක් නෑ බං …මම දන්නව…උඹ ඔය වහෙං ඔරෝ කියන්ට දත කන්නෙ අර හෙන්රි ගොයිය සූකර මද්දව කිලෝ දෙකක් ගෙනියල මාලේ එයා පෝට් එකේදි අහුවෙල ප්‍රසිද්ධියෙ මාලෙ ටවුම මැද්දෑවෙ පශ්චාත් බාගයට කස පහර තිහක් ගසාපු එක නේද?…ඒක මම දන්නෙ ගිය සතියෙ බං ගිය සතියෙ…ගිය සතියෙ

  13. ravi says:

    / සූජානං සරීරෙ කියල බැකප් එකකුත් ගන්ඩයි කියල බැලුවෙ… /

    කැචයි හොන්ජේ?….උඹ හීං නූලෙං ඇඟට නොදැනි අපෙ බූර මලේට නෝන්ඩියක් දැම්ම නෙවද?…උඹ කොච්චර සටකපටද කියනව නං කොටිම්ම බූර්ස් ට උනත් තාම තේරිල නෑ ඒ කැපිල්ල…අර මම් වාගෙ බහුසුරූත්තයෙකුට තේරුනා මිසක 🙂

    හැබයි ජනූ මොනව උනත් ආන්න ඒකනං මසුරං අදහස…මොකද ඔය බූරගෙ උපදෙස් පිළිඅරගෙන වැඩ කරපු කස්ටිය 99.99 % ඒ එක්කම පත් වෙනව විශේෂ තානාන්තරේකට…. ඒක ඇවිල්ල බොලේ ” බූරාබිදාන මාතෘ ගුණ ගායක” කියන බොහෝම බලසම්පන්න තනතුරක්…දැනට මම දන්න තරමිං ඉන්නව ඔය තත්වෙට පත් වෙච්චි අය විසි අට දෙනෙක්…උඹට ඕන නෑනෙ නේද එහෙම තනතුරක්?

    මෙන්න අද වරපට කැඩීගිය පරණ තබ්ලා කුට්ටමක් තෑගි ලැබෙන පාඨක පැණය…

    “‘ අනෙ අම්මප මේ යස්ස පැටිය දේස දීපංකරේ ගිහිල්ලත් මේ වයසක මට නිවිහැනේ ඉන්ට නොදෙන හැටි…හච්චීං….හච්චීං…හච්චීං…”

    මේ ප්‍රකාශය කවුරුන් විසින් කවුරුන් අරභයා කුමන හේතුවක් කරන කොටගෙන කරන ලද්දක්ද?

    • tg says:

      කැලේ පැන්න දඩයක්කාරයො එක්ක මොන කතාද අප්පා 🙂

      • ravi says:

        නෝනො මේ…දඩයක්කාරයො කියන ජාතියට උලත් එකයි පිලත් එකයි හරිය?…ඔය මහ උළු ගෙදර උනත් අපේම තැං වගේ තමයි තේරුණාය?……වැඩිය සද්ද දාන්ට එපා…කළු කෝට් බෑය ඔලුවෙං ගලවන්නෙ , ඔලුවෙං , ඔලුවෙං 🙂 🙂

      • tg says:

        ඉවසුව ඉවසුව උගත් මිත්‍ර දඩයක්කාරයානෙණි නො ඔබ්ජෙක්ශෙන්ය

      • ravi says:

        අඩේ ටී.ජී. මම මේ උඹෙං අහන්ටමයි හිටියෙ….

        මේ ඔය උසාවියෙ ලෝයර්ස්ල අනික් ලෝයර්ස්ල ගැන කියනකොට හඳුන්වන්නෙ ” මගේ උගත් මිත්‍රයා ” කියලනෙ….එතකොට දැං උඹ නඩුවකට පෙනී හිටියයි කියමු. මේ ලොකු කිරිමෙල් කේස් එකක් එහෙම නෙවෙයි…බයවෙන්ට ඕමනා නෑ..අපි කියමු මල් පෝච්චියක් හොරකං කිරිල්ලක්…එහෙමත් නැත්තං හොර කුරුම්බ කැඩිල්ලක් කියල…

        ඔන්න උඹ විත්තියට තමයි පෙනී ඉන්නෙ…දැං පැමිණිල්ලෙ නීතිඥයා මිනිහගෙ දේශනයෙදි උඹව හඳුන්වන්නෙ කොහොමද?….මගේ උගත් මිතුරිය කියලද?…එහෙම නැත්තං????

    • Buratheno says:

      ඔය කතාව ඉතිං උඹ වගේ ගොබි‍ලෙකුට මිසක් වෙන කාටවත් හිතෙන්නෙ නෑ බංස්.. යාංතන් හරි IT ගැන දැනුමක් තියෙන එකෙක් දන්නවා මොනා කරන්න පට්ටාං ගන්ටත් කලිං තියෙන එකේ backup එකක් දාගෙන ඉන්න ඕන කියලා (අපට උගන්නලා තියෙන්නෙ backups දෙකක් දාගන්ටයි කියාලා).. ඒත් ඉතිං මං දන්නවනේ උඹේ IT knowledge එක.. ඒක නිසා උඹ ඔය වගේ කතාවක් කිවුවය කියලා මට පුදුම හිතෙන්නෙ නෑ.. 😛

      • ravi says:

        අඩේ මලේ කාම් ඩවුන්…කාම් ඩවුන්..මොකෝ බොලේ මේ තරහ ගිහිල්ල වගෙ….ජොලියට කියන කතා ගනං ගන්ට එපා බොල…මයෙ IT දැනුම ඉතිං රහසක් නෙවෙයිනෙව බං…හැමෝම දන්නව ඒක ගැන…ආයෙම පාරක් හිත රිදුන නං සමා වෙයං හොඳද?

      • Buratheno says:

        කාටද බොලේ තරහ ගියේ..!? උඹ අර මක්කටැයි සමාව ඉල්ලන්නෙ..?? 😀

      • පහලොස්සක පෝය ලඟයි නේද බූරයියෙ?? 😀

      • ravi says:

        @ ජනූ,

        ඕන්න ආයෙම උඹ හීන් නූලෙං….නෑ…එක්කොත් ඕන නෑ…. 🙂

        මේ කියන තැනකට වඳින්නං මයෙ සත්තරනේ…උඹේ ඔය ඇඟට නොදැනි කරන නෝන්ඩි කිරිල්ල නවත්තපං කරුණා කරල…ඇහුනද?…පව්නේ බං 🙂

  14. ruwi says:

    i ve been living in india for almost for 3 years and i have simillar experiences. (thought you cant take a rikshaw for 5 rupees anymore) eventhough some dont like it here i personally feel like its home away from home.where you are welcomed with open hands… 🙂

    • මේ පැත්තට ආවට බොහොම ස්තූතියි රුවී, මේ අවරුදු පහකටත් කලින්නෙ… අපේ රටේ පාංගෙඩිය රුපියල් පනහක් වුණ වේගෙ ගැන බස් ගාස්තුව වැඩි වෙන විදිය ගැන හිතද්දි හිතද්දි ඉන්දියාවෙ රික්ෂෝවල ගාන වැඩි වෙන එක පුදුමයක් නෙවෙයි නෙ…. ඒ රටක් එක්ක ඔයාට තියෙන බැඳීම මෙහෙම විස්තර කරන්ඩ එක් වුණ එක සතුටක්!!

  15. සුසර says:

    මේක දන්නේ දවස් ගානක් පහුවෙලා.
    මුලින්ම කියන්නේ හෙඩිම නොගැලපෙන බවයි
    දැක්ක ගමන් මතක් වෙන්නේ “කබුලිවාලා සහ තවත් කතා”. තාගෝර් තුමාගේ සුප්‍රසිද්ද කබුලිවාලා කෙටි කතාවත් ඒක පදනම් කරගෙන පනස් ගණන්වල හැදිලා තවමත් කතා කරන ඒ නමින්ම යුත් චිත්‍රපටිය ගැනවත් මතක් නොකලට ජනුගේ ලිවීම කියවන අයව ඇද බැඳ ගන්න සමත්. ඉතින් මට හිතෙන්නේ ඒ හෘදයංගම ලිවීමේ රටාවේ තියෙන වැදගත් කම බාල වෙන ව වගේ මේ වගේ සුපුරුදු හෙඩිමක් දාල.
    ලියවිල්ල ගැන නම් කියන්නතියෙන්නේ මම පහුගිය ජුලි මාසේ අර ” අතුගාන කොලුවා ” කියන ලිපියට දමපු දේම තමයි . පද්ම එදිරිසිංහ,සුනේත්‍රා සහ නීල් විජේරත්න වගේම ජනනි තිලකරත්නත් ඉන්දියාවේ ඇවිදින්නේ නිකන් මතුපිටින් බලන සංචාරකයෝ හැටියට විතරක් නෙමෙයි .
    රාජකාරී කටයුතු වලදී හමුවෙන, දුරකතනයෙන් කතාකරන , අපේ රාත්‍රී සේවා මුරවල සුලබ අත්දැකීමක් වෙන “siR please chek wetheR the saRwaR is woRking propoRly ” කියල ඊට පස්සේ උගේ ජෙනරෙටරේ දෝසයත් අපේ පැත්තට පටවන්න හදන කුප්ප ඉන්දියානුව ඇතුලෙත් සමහර විට ඔබ කියන ඔය සරල ඉන්දියානු ජීවන සුවඳ ඇති එත් අපිට ඒක දැනෙන්නේ නැහැ. ඔවුන් අපට ඒක දැනෙන්න දෙන්නෙත් නැහැ.
    ඔය උඩ කොමෙන්ටු වල පැටලිලා ඉන්න හැමෝම කියන්න හදන්නේ ඔන්න ඔයවගේ කතාවක්.
    සුබපතනවා

    • සුසුර අයියා.. සමාවෙන්ඩ මගේ හෙඩිම රසවින්දනයට ඒ තරම් බාධාවක් වෙයි කියල හිතුවෙ නෑ… දඩි බිඩියෙ ලියල පබ්ලිෂ් කරදන්ඩ හෙඩිම දාද්දි සමහර විට අර අයිය මතක් කරල තියෙන්නා වාගෙ කාබුලිවාලා කතාව මගේ හිතේ තියෙන්ඩ ඇති…
      මම නැවත ඒ වැරැද්ද කරන්නෙ නෑ… ඒක පෙන්නල දුන්නට බොහොම පින්!!
      ඇත්ත.. මම ලංකාවෙ ගමක ඇවිද්දත් ඇවිදින්නෙ මතුපිටින් නෙවෙයි අයියෙ….
      දැඩිව කුලභේදය නිසා පීඩා වින්ද, සාමාන්‍ය ගොයිගම, රදල මිනිස්සු වතුරවත් බොන්නෙ නැති ගම්වලට ගිහින් ඉල්ලගෙන වතුර බොන මං වගේ එකෙක් මොන රටට ගියත් කැමති ඒ විදියටයි…
      ඒක අපේ අත්දැකීම්වලට කරන බලපෑම තේරෙන්නෙ මේ වගේ ලියද්දි තමයි!!

      අපේ පෙම්බරය කියන්නෙත් ඉන්දියානුවන් ගැන අයිය කියල තියෙන්නා වගේ ම කතාවක් තමයි..
      උද්දච්ච අන් මත නොයිවසන ඉන්දියානුවන්ම හමු වෙලා තියෙන ඔයාලට මං ලියන දේවල් උන්ගෙන් දැනෙන්නෙ නැති එක පුදුමයක් නෙවෙයි… උගත්කම එක අතකට මිනිස්සුන්ව දූෂණය කරනව මට තේරෙන්නෙ ඒකයි….

  16. ravi says:

    කතාවෙ මාතෘකාව දැක්ක ගමන් මටත් කලිබුවාලා සහ තවත් කතා පරිවර්තන පොත මතකයට ආව…ඒ එක්කම තවත් මතකයට ආපු තවත් පොතක් තමයි මම ඉතාම ප්‍රියකරන කේ.ජී.කරුණාතිලක මහත්මයගෙ බිම්ගෙයි සිරකරුවා සහ තවත් කතා. හැබැයි මගේ අවංක අදහස කියනව නම් මගේ රසවින්දනයට ඒකෙන් කිසිම බාධාවක් නම් උනේ නෑ.ඒ වෙනුවට උනේ ඒකෙ අනික් පැත්ත. ජනනිගෙ වියුණුව කියවන්ටත් ඉස්සෙල්ලම යම් හුරු පුරුදු බවක් හෘදයාංගම බවක් තමයි මටනම් දැනුනෙ.

    ඊළඟට මේ විදේශිකයින් විශේෂයෙන් ඉන්දියානුවන්ගැන තියෙන අප්‍රසාදය ගැන වචනයක් කිව්වොත්…..බොහොම දෙනෙක් මේ ඉන්දියානු අප්‍රසාදීන් ඇවිල්ල විදේශවල විශේෂයෙන් මැද පෙරදිග රටවල රැකියා කරද්දි තමන් එක්ක එකට වැඩකරන ඉන්දියානුවන්ගෙ හැසිරීම් නැත්නම් ගතිගුණ ගැන කලකිරීමට පත් වෙලා ඉන්න අයයි කියලයි මට හිතෙන්නෙ. ඒත් ඊ ලඟට මතුවෙන ප්‍රශ්නෙ මුළු ඉන්දියාවටම ඒ හැඟීම ආදේශ කරන්න පුලුවන්ද කියන එක….එහෙම කරන එක එච්චර හරිම නෑ කියල හිතෙන්නෙ නැත්ද?

    සමහරවිට ජීවිතේටම තමන් ආශ්‍රය කරල තියෙන්නෙ එකම ඉන්දියානුවයි වෙන්න පුලුවන්…එහෙමත් නැත්නම් දෙන්නයි තුන් දෙනයි වෙන්නත් පුලුවන්…ඒ අයගෙ කල්ක්‍රියාව අනුව මුලු ජාතියක්ම වර්ග කරන එක මටනම් පිළිගන්න අමාරුයි.

    තව පොඩි කතාවක් කියන්නද?….මම මුලින්ම මෙ රටට ඇවිල්ල හිටපු තැන මගෙ අල්ලපු කාමර දෙකේ හිටියෙ ඉන්දියානුවෙක් සහ පකිස්තානුවෙක්….ඉන්දියානුවා දැඩි හින්දු භක්තිකයෙක්…මස් මාලු කටේ තියන්නෙ නෑ…මත්පැන් ගැන ඉතින් කියන්න දෙයක් නෑනෙ… වීක් එන්ඩ් එකට පොඩ්ඩක් අනුමත වෙන එක මගෙ එදා ඉඳලම පුරුද්දක්..මිනිහට මේක බරපතල ප්‍රශ්නයක්…අහන්ඩත් මොකක්ද වගෙ නිසා කැරකි කැරකි ඉඳල ඔන්න දවසක ඇහුව..

    ” රවි..මම මෙහෙම ඇහුවට තරහ වෙන්න එපා…ඔයා බෞද්ධ නේද?…ඔයාලට මත්පැන් තහනම් නේද ආගම අනුව?….ලංකාවෙ ඔක්කොම බෞද්ධයො මත්පැන් බොනවද?”

    ඉතිං මොකද කියන්නෙ?…මොනව කියන්නද?…ඇත්තම කිව්ව..

    ” බුද්ධාගමෙන් එහෙම දැඩි නීතිරීති පනවල නම් නෑ..ඒත් මත්පැන් පානයෙන් වළකින්නෙයි කියලයි කියල තියෙන්නෙ…ලංකාවෙ ඔක්කොම බෞද්ධයො නම් මත්පැන් බොන්නෙ නෑ. ඔයා වගෙ මස් මාංශ මත් පැන් වලින් සම්පූර්ණයෙන්ම වැළකුණු අය අනන්ත ඉන්නව.මම වගෙ පුද්ගලයො ව්‍යාතිරේකයක් කියල සලකන්නකො ”

    ඔන්න ඔහොමයි කිව්වෙ ..අවුලක් නෑනෙ නේද?…කොහොමද ඒ මනුස්සය ගෙදර ගිහිල්ල කිව්ව නං හප්පෝ ලංකාවෙ සිංහලයො කියන ජාතිය ඔක්කොම බේබද්දො කියල…හෙහ්, හෙහ්, ඒ කතාව හරිද?….නැහැ නෙව…..සිංහලයො ඔක්කොම බොන්නෙ නැහැනෙ…මෝඩයොත් ඉන්නව නෙව ඔය අතරෙ 🙂 🙂

    අනික් අතට මගෙ මේ හිතවත් ඉන්දියානුවා නියම මහත්මයෙක්….ඒත් ඒකෙන් මට පොදු සාමාන්‍යකරනයක් කරන්න පුලුවන්ද ඉන්දියානුවො ඔක්කොම නියම මහත්වරුය කියල…එහෙම කරන්න බෑ කීයටවත්…

    ඉතිං ඔන්න ඔහොමයි…ඉන්දියානුවො, තවත් විශේෂයෙන් කියනවනම් කේරලයො මෙහෙමයි, සික් කාරයො මෙහෙමයි, දෙමළු මෙහෙමයි කියල එහෙම නිගමන වලට එන එක අන්තිම අසාධාරණයි. ලෝකෙ කොහෙත් එක විදිහයි. හැම තැනම ඉන්නෙ මිනිස්සු, හෝමෝ සේපියන්ස් සේපියන්ස්…එවුං අතරෙ සාන්තුවරු, දෙවිවරු, මනුස්සයො වගේම යක්කු, පෙරේතයො කුම්භාණ්ඩයොත් ඉන්නව.

    • tg says:

      එහේ ඉන්නවා පoකා වාලා , ටැක්සි වාලා ,ගාඩි වාලා ඉස්තිරික්ක වාලා. “වාලා” කියන්නේ අපේ පත්තර, කිරි එහෙම විකුණන උදවියට “කාරයා” (එකී ක්‍රියාව කරන්නා,යමකින් පැවත එන්නා ) කියන අරුත් ඇති පදයක් එකතුකිරීම නේ .එහේ ඒක සාමාන්ය දෙයක්.බෙන්ගාල් යාලුවො වැඩියෙන් ඔය වචනේ යොදනවග පේනවා .

      කබුලිවාලා කියන්නේ කාබුල් ( ඇෆ්ඝන් වල අගනුවර ) වලින් ආව කෙනා කියන එකනේ . දැන් වැඩිය ඕනේ නෑ කට්ටිය මට ඉන්දියා ගියාම විනෝදෙට අමතන්නේ ශ්‍රී ලන්කන් වාලා කියලා.මාත් සාරි කඩවලදී ,කෝච්චි බස් වලදී මාව හඳුන්වලා දෙන්නේ “මේරි ශ්‍රිලන්කන් වාලා කියලා” . ඕක වල් වුනොත් කෝමද ? (රවියා මොකක් කියාවිද දන්නේ නෑ! )

      දැන් ජනූ නෝනා ලිව්ව මේ කතාවට ආවොත් රික්ෂාවාලා කියලා යෙදුවට කිසි හානියක් මේක රසවිඳින කෙනාට වෙන්නේ නෑ .ගැලපෙන නම ඒක .අනික යම් යම් දේ ගැන ලියනකොට අපි කියෙව්ව , ඇහුව අපි ආසා කොරන පොත් වලින් යම යම් දේවල්වලින් ටිකක් හීනෙන් ගෑ සුවඳක් වගේ දැවටෙනවා . එහෙම වීම වරදක් නෙවේ .දැන් ඔය මම ලිව්ව වැඩකට නැති අනම් මනම් වල් පල් කියෝලා සමහරු මූණටම කියන්නේ අර සුනේත්‍රා නෝනේ වගේ ලියනවා කියලා .ඉතින් මම මොකෑ කොරන්නේ .මම ඒ නෝනගේ පොත් කියෝලා තමා දවසක ඉන්දියාවේ යන්න හීන මැව්වේ අහ් තව බෙන්ගාලි කතා සෙට් එක මගේ ෆේවරිට් අපු ට්‍රියොලොජි එක .ඇත්තම කිව්වොත් මම ඉන්දියා රේල්වේ මැප් එකක් අරන් බැලුවා නේ බෙන්ගාල් යද්දී විජයවාඩා කියලා ඉස්ටේසමක් හෙම තීනවද කියලා .

      ඉතින් ඕවා ඔහොම තමයි . අමු අමුවේ කොපි ගහන මේ කාලේ මෙහෙම සෙන්ටිමෙන්ටල් දේවල් ලිව්ව්ම එහෙම සෙන්ටිමෙන්ටල් වෙලා තමා කියවන්න ඕනේ . ( හප්පා කමෙන්ට් එක දිග වුනා , දැන් එයිද දන්නේ නෑ මට නෙලාන්ට , මම ගියෝ )

      • ravi says:

        හෙහ්, හෙහ්, දන්නවද ටී.ජී. ඔය රික්ෂෝ-වාලා, ටැක්සි-වාලා වගෙ වචන ලියන්නෙ මෙහෙමනෙ….. Rickshaw-Wallah…… Taxi-Wallah,

        Wallah කියන වචනෙ උච්චාරණය කරන්නෙ වාලා කියල මම දැන ගත්තෙ පස්සෙ. මුලින්ම මම ඕක කිව්වෙ ඒ වචනෙ අකුරු තියෙන විදිහටමයි. හොඳ වෙලාවට ඔය ගැන දන්න කෙනෙක් මුණගැහෙන්ට ඉස්සරවෙලා මම හරියට ශබ්ද කරන විදිහ ඉගෙන ගත්ත. නැත්තං අර හතර විලිලැජ්ජාවෙ පස් වෙනි එක …අනෙ අම්මප…

  17. Gaminie Vijith says:

    කතාව අපූරුවට ලියවිලා තියෙනවා නගේ … ටයි කෝට් ඇඳපු ඉන්දියානුවො නෙමෙයි, යන එන පාරෙදි දකින සරුවාල ඇඳ ගත්තු ඈයො තමයි ඉන්දියාව නියෝජනය කරන්නෙ.

  18. Maneka says:

    රික්ෂෝ එකේ ගමන නම් මරු ගමන තමා අප්පා…. හෙහෙ… පල්ලමේ උඩ විසි විසි වෙවි යනකොට අම්මා වැටෙයි කියල මං අම්මව අල්ලගත්තා ! වැටෙයි කියලා ඒකේ අල්ලගන්ඩ තැනකුත් නෑනේ!!! ඔහොම ගිහින් තව ඩිංගෙන් ඒ කොලුවා අපේ හෝටලෙත් පාස් කරගනේ යන්ඩ හදදිදි මං.. “අරේ බායි ලෙෆ්ට් ලෙෆ්ට් ” කියලා කෑ ගැහුවා විතරයි මේකා රික්ෂෝව හරෝපු හැරවිල්ලට තව ඩිංගෙන් මං කැලේ..!!! ගල් පාරක පල්ලමේ රික්ෂෝවේ යන ගමනත් ත්‍රාසජනක අත්දැකීමක්!!

    • //මේකා රික්ෂෝව හරෝපු හැරවිල්ලට තව ඩිංගෙන් මං කැලේ..!!!

      එහෙම උනා නන් එක අතකට නේද….හික්ස් 🙂

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s