සැමරුම්…!!!


සතුටත් දුකත්
මුසුවුණු
වසරක් ගෙවී යන සඳ
මතකේ රැඳුණු
සුබ සැමරුම්ද ඇත!!

කුමට රන් රුවන්
සුරඟන සාද මට
ලබැඳි ඔබ සැම හා
සමරනු මිසක!!

ජනූගෙ සටහන් වියුණුවට වයස අවුරුදු දෙකක් වෙන්ඩ එනව!!!(තුනක් කියල ලියවිලා තිබුණෙ… රවී අයිය නෙ පෙන්නල දුන්නෙ)
කාලෙ ගත වෙන ඉක්මණ???
අද මමං ලියන්නෙ මගේ සියවෙනි සටහන….(කම්මැලිම කම්මැලි පෝස්ට් එකක්!!!)
ඒ සේරෝටම වඩා අද ජනූගෙ උපන්දිනේ!!!

මගේ වියුණුවට වසර දෙකක් පිරෙන්ඩ එන වෙලාවෙ මේ වියුණූ අවකාශෙදි මුණ ගැහිල මගෙත් එක්ක දුක සැප බෙදාගන්ඩ එකතු වෙලා ඉන්න ඔබ සැම දෙනාවම ආදරෙන් සිහිපත් කරනව!!!

අදට සමුගන්නෙ ඉක්මණින්ම ඉන්දියානු චාරිකා සටහන් අරන් එන බලාපොරොත්තුවෙන්!!

ජනූ

Advertisements

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in පෙම්බරයයි මමයි, මට හිතෙන හැටි. Bookmark the permalink.

16 Responses to සැමරුම්…!!!

  1. henryblogwalker පවසයි:

    උඹට පැතුම් ඉ‍ටුවෙන, වාසනාවන්ත, සුභ උපන්දිනයකට ආසිරි මගේ මුළු පවුලෙන්ම, ජනුවා.

    සියවෙනි සටහන? අඩේ එච්චර ලියලද? තව තවත් හරවත්, රසවත්, හදවතට අමතන ලිපි ලියවේවා.

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

  2. praveena පවසයි:

    ජනුට සුබ උපන් දිනේකට සුබ පැතුම් මුලු හදවතින්ම. ඔන්න තවත් උම්ම්ම්මා එකක්….උම්ම්ම්මා…..

    (මෙච්චර උම්ම්ම්මා දෙන්ට නම් බෑ. දැන් උදෙත් එකක් දුන්නා හී හී )

    ඒවගේම ලිපි සීයටත් සුබ පැතුම්. තව තව ලස්සන ලිපි රැසක් ජනුගෙන් ඉදිරියට ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා….

    ඉතින් අද මොකද කරන්නේ??? 🙂

    • ස්තූතියි පොඩ්ඩි අක්කෙ.
      මහ ලොකු විශේෂ දෙයක් කලේ නෑ… ඇයි උපන්දින කේක් එක කලින් දවසෙම කන්ඩ ඕනෙ වුණානෙ අපෙ මල්ලිටයි පෙම්බරයටයි…. ඉතිං වැඩ ඉවර වෙලා අපි දෙන්න එක්ක කාලෙක ඉඳල යන්ඩ ආස වෙච්ච තැනකට ගිහින් රෑට කෑම කාල කැබ් එකක ගෙදර ගියා….. ඔච්චර තමා කළේ

  3. සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත පවසයි:

    ආ මේකයි මේ. මං බැලුවා මොකෝ මෙයා මේ සෙන්චරිය ගහන්න මේ හැටි පරක්කු. නැකත ලබනකල් බලං ඉඳලනේ. හරි හරි. 🙂

    එහෙනං අක්කේ, මේ කියාපු සැමරුම් සේරෝටම හද පිරි සුභ පැතුම් එක්කම, මේ ආවා වගේ සාර්ථක දිග ගමනක් ජීවිත ගමනේත්, බ්ලොග් ගමනේත් යන්න ධෛර්යය, ශක්තිය, වාසනාව ලැබේවා කියලත්, අක්කගේ හැකියාවන් තව තවත් දියුණු වේවා කියලාත් ප්‍රාර්ථනා කරනවා. සුභම සුභ උපන් දිනයක්! 🙂

    බ්ලොග් ලෝකයේදී මට හම්බුණ, මේ තරම් සමීප උන මුල්ම සහෝදරිය ඔයයි ජනූ අක්කේ. 🙂

  4. ravi පවසයි:

    සෙනෙහස උපනුයේ හදවත පුරාවට,
    පිපිහස කැලුම් පරසතුමල් විලාසෙට,
    මදහස මුවපුරා රැඳුනේ ලතාවට,
    සුවහස පැතුම් නුඹ වෙනුවෙන් උපන්කොට,

    ඒයි..අඩෝ…ඔන්න සුබ පැතුම් හරිය?……දෙකටම…උඹේ උපං දෙණියටයි…ජනූගේ සටහං උපං දෙණියටයි…දෙකටම…

    / මගේ වියුණුවට වසර තුනක් පිරෙන්ඩ එන වෙලාවෙ….. /

    යකෝ…හරියට ගණන් කරන්ට ඉගෙන ගෙන ඉඳු බොලොග් ලියන්ට ඉස්සරවෙලා…වසර තුනක්….කොහේද බොල වසර තුනක් පිරුනේ? 😀 😀

  5. Buratheno පවසයි:

    හැපි බර්ත්ඩේ මෙවුවා එකක් මෙවුවා වේවා.!!

    පලි: යකඩෝ මේ පෝස්ට් එකේ කොටඅඅඅ..!! මේකි මෙච්චරටම කම්මැලි වෙලාද.!?

  6. සුසර පවසයි:

    සුබ උපන් දිනයක් වේවා

    නගෝ
    වැදගත් වෙන්නේ ලියවිලි ප්‍රමාණය නෙමෙයි ලියවිල්ලේ ඇත්තේ මොනවද යන්නයි
    මාලෙට මුතු අමුණලා වගේ ලිපි පෙළක් අමුණන්න ශක්තියත් දිරියත් ඔබට ලැබේවා.

    ප ලි
    ඒක නෙමෙයි මොකක්ද මේ වියුණුව කියන්නේ (text ) කියන එකද?
    අර කතිර කණ්ඩායමේ හිටපු කස්ටිය වගේ අපි හොඳට දන්නා දේවල් නොදන්නා වචන වලින් කියන්න යනවට නම් මගේ වැඩි කැමැත්තක් නැහැ

  7. tg පවසයි:

    කෝ බන් ඉන්දියානු සටහන් ? මම මේ මහපාරෙ මග බලන් ඉන්නේ ඉස්මනට අප්ලෝඩ් කරනවා හොඳයි

    අතීත මිහිරි මතක රස ගුලාවන්
    සියුම් සිතිවිලි ස0වේදනාවන්
    කැටිව දිවි මග තව දුර යන්න
    නුඹට වාසනාවන්

  8. Giza පවසයි:

    Januta subama suba upandinayak wewaaaaaaaaaa…..!!! digatama liyagana yanna ….
    october 08 kiyanne kohomath wasanawantha dawasak 🙂

  9. නිරෝෂා පවසයි:

    සුබ උපන් දිනයක් වේවා නගාටයි… සටහනටයි දෙකටම !!!!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )