මේ දවස්වල කලින් හවස් වෙනව…. ඉතිං ගෙදර යද්දි ඇටපල් කලුවරයි !!!
හයියෝ ඉරත් අපිට අරියාදු කරන්ඩමයි බලාන ඉන්නෙ….
සමහර දාට අතින් කටින් බඩු මලුත් එල්ලාන ගේට්ටුව ඇරන් පඩිපෙල බැහැල කලුවරේම පුරුද්දට වගේ යතුරු කටට යතුර දාල දොර ඇරගෙන ලයිට් දාගෙන ගෙට එද්දි බිම පුරාම නානාප්‍රකාර කූඹි පේලි පේලි පේලි සැදී පෙරහැරවල් යනව….
උන් එක්ක තරහ ගන්න එක යුතු නැති වුණත් හීන් තරහක් හිතට එනව…
බඩුටි දොර ලඟම බිම තියල කාමරේට ගිහින් අත් බෑග් එක තියල ආයෙ යනව අර මලුටික උස්සගෙන කුස්සියට…
ලයිට් එක දැම්ම විතරයි බිත්ති දිගේ පහලට බැහැල ඉන්න හූණු රංචුව පන එපා කියල උඩට දුවනව…
දුවල හැංගෙනව නං බැරියැ
මගක් දුවල මුන් ආපහු හැරිල මගෙ දිහා බලන් ඉන්නෙ නිකං කවුද මේ අපේ රාජධානියට ආව අමුතු සතා කියල අහන්න වගේ හදාගත්ත මූණක් පෙන්නගෙන….
ඔන්න ඉතිං මගෙ ඉවසීමටත් සීමාවක් තියෙනව නෙව…
යකෝ මුන් අපි දෙන්නගෙ ගෙදරට ඇවිල්ල අපිට පාට් දාන්ඩ එන හැටි…
කොස්ස අරන් උන්දැලට දෙකක් පතබාන්ඩ එන හිත මං සන්සුන් කරගන්නව…
පෙම්බරයගෙ අම්මගෙන් දවසක් දෙකක් මං ඔය කොසු හරඹෙට ගිහින් බැණුම් අහල තියෙනව නෙ.. ඒක මතක් වෙලා…
ඔන්න උයල පිහල ඉවර වෙලා පෙම්බරය ඇවිත් දොරට ගහන වෙලාවෙ මං ඉස්සරහ හරියෙ ගැවසෙන්නෙ උන්දැට ගෙට එන්ඩ දොර අරින්ඩ….
ඔහොම ඉන්න අතරේ එක පාරටම මං දැක්ක ඉස්සරහ ජනෙල් පේලියෙන් එබිල ඉන්න මහ පත ඇස් දෙකක්!!!!
මහ හයියෙන් කෑ ගහල එක පාරටම හිතට ආපු භයංකර හැඟීම පිට කරන්ඩ හැදුවත් ටිකක් ලං වෙලා බැලුවාම තමයි වැඩේ තේරුණේ!!!
ජනෙල් දෙකක ග්‍රිල් එකයි ජනේලෙයි අතරෙ ඉඩේ ලේන් කූඩු දෙකයි!!!
අනේ මන්දන්නෙ නෑ අප්පා!!!!
මුන්ට ගෙදර බාර දීල අපිට මහ පාරට බහින්ඩ වෙන දවස නං වැඩි ඈතක නෑ ඔන්න
රෑට රෑ වෙලා හැම දාම ගෙදර එන මමයි පෙම්බරයයි කල්පනා කලේ ඔන්න ඔච්චරයි…
හ්ම්!!
ඉස්සර මං හරිම ආසාවෙන් කියවපු ප්‍රබන්ධයක් තමයි “මෝ මෝ“
ඒකෙ විදියට ඒ රටේ මිනිස්සුංගෙ කාලෙ හොරකං කරන අඳුරුවන් මිනිස්සු කියල කොටසක් ඉන්නව… උන් ජීවත් වෙන්නෙ මිනිස්සුංගෙ කාලෙ උරා බීල…
පහුගිය අට වෙනිදට අපි දෙන්න මහපොතේ අස්සං කරල අවුරුද්දක් පිරුණ…
ඉතිං කාලෙ ගත වෙන ඉක්මන ගැන හිතුවාම මට නිකමට වගේ හිතෙනව මේ අඳුරුවන් මිනිස්සු අපේ වටෙත් කැරකෙනව ඇති කියල
හා හා.. ඒව අමතක කරල මෙන්න මේක අහන්ඩල..
මේ තමයි අපි දෙන්නගෙ ඇනිවසරියට අපි දෙන්න ගිය සති අන්තෙ කරපු පිස්සු වැඩේ!!!
මේක පල කරන්ඩ ගියාමනෙ දැක්කෙ……හප්පේ……. මං මේ ලියන්නෙ අනූ නව වෙනි සටහන නෙව…..!!!!
අරියාදුකාර හූණගෙ පින්තූරෙ ලැබුණෙ මෙන්න මෙතනින්
ඒ මදිවටු මූ ඉන්නෙ හරියට මගෙ බ්ලොග් එකත් උගේ වගේ නෙව!!!
මේකෙ දෙගල් අස්සෙ දාපු පෝස්ට් එකක්නෙ බං ජනුවො. එකක් උඹලගෙ ඇනිවර්සරිය පහුවෙලා. අනික සිය වෙනි පෝස්ට් එක ඊ ලඟ එක. එකකටවත් හරියට සුභ පතන්නෙ බෑ.
එහෙනම් උඹලා දෙන්නාටත් තව ඇනිවර්සරි බර ගානක් සමරන්නට හේතු වාසනා ලැබේවා කියලා පතනවා.
(අර බුවාගෙ ෆෝටෝ පනහක් හැටක් අරන් තිබ්බොත් මොකෝ කොන්ඩෙ තියෙන වෙලාවෙම, ඔය මතක් වෙච්ච එකේ! 😀 )
හි හි… ගණං ගන්ඩ එපා අයියෙ… ආයෙ සුබ පැතුව වගේ තමා ඉතිං… බොහොම ස්තූතියි!!
/(අර බුවාගෙ ෆෝටෝ පනහක් හැටක් අරන් තිබ්බොත් මොකෝ කොන්ඩෙ තියෙන වෙලාවෙම, ඔය මතක් වෙච්ච එකේ! )/
මේ කිව්වෙ පෙම්බරයගෙද??
හි හි…
බොලං කෙල්ලේ.. ඇනිවසරියක් කිවුවහම එහෙම නිකංමම ගෙවිලා යන්ට දෙන්ට පුළුවන් එකක් නෙවෙයි.. අපට එන්ට කියලා කෑමක්වත් දුන්නොත් නරක්වෙලා තියෙයි..
ආ.. එහෙනං එන එකනෙ ඇත්තෙ සේරෝමල…. ආව නං දෙනව ආයෙ නෑ ලංකාව දාල දුවන්ඩ හිතක් නැති වෙන්ඩම කෑම වේලක්!!!
සුබ ඇනිවසරියක් ජනු…
හපොයි අවුරුද්දක්ම පහු උනාද? හී හී…
මේ වගේ රසබර අවුරුදු බර ගානක් පහු වේවා කියලා පතනවා…
අවුරුද්දට ඔය සත්තු ගොඩක් එකතු උනා නම් දෙක තුන යනකොට එකතු වෙන සත්තු ගොඩ ගැන හිතන්ටකෝ 🙂
බොහොම ස්තුතියි පොඩ්ඩි අක්කෙ….
ඒක තමයි කියන්නෙ අර අඳුරුවන් මිනිස්සු ඉන්නව කියල
මං ඔය කිව්වෙ ටිකයි… .තව සීලිමේ ඉන්නව කලවැද්දො මීයො… තව… ලේන්නු කන්ඩ එන හොර පූස් තඩියෙකුත් ඉන්නව
aniversary ekatai 100 tai jaya.karapoththangen ehema karadara nadda?
බොහොම ස්තූතියි සුබ පැතුමට
හික්ස්……….පාලු නැති වෙන්නත් එක්කම ඔය ඉන්නෙ යාලුවො රොත්තක්ම.
සුභ ඇනිවසරියක් වේවා.
ස්තූතියි නගේ!!! යාලුවොංගෙන් අපිට තියෙන කරදර නං කියල නිමක් නෑ… කොච්චර අතුගෑවත් හැමදාම අර ලේන් කූඩු දෙකේ දඟලන පැටව් හන්ද බිම හැඩි වෙලා… මොනව කරන්ඩද… ගෙදරට ආව අමුත්තො වෙච්චි… යන්ඩ කියන්ඩයැ ආපහු..??
සුභ ඇනිවසරියක් වේවා…..ජනු
කම්මැලි නැතුව ලියන්න නංගී. 100 එනකම් බලන් ඉන්නවා.
ඒ කියන්නේ, ඔයා 98ක් ලියනකම්ම මම මේක දැකලා නෑ කියලා නේද?
හපොයි….. ! ලැජ්ජාවයි සන්තෝසෙයි දෙකම මට…
ස්තූතියි අක්කෙ…. අයියෝ ගණං ගන්ඩ එපා.. අපේ මලය මේක දැක්කෙත් ඔයාට පස්සෙ
ඔය හූණො ඉන්නොව නේද?…නියම ජොලි බඩු…උංගෙ වලිගෙ කැඩුනම ආයම ලියලනව…ඒක ආරක්ෂක උපක්‍රමයක්….ඒ කිව්වෙ බළලෙක් එහෙම පන්නං එද්දි වල්ගෙ ගලෝල දාල දුවනව….බළල් තඩිය අර එහාට මෙහාට දඟලන වලිගෙ එක්ක ඔට්ටු වෙන අතරෙ සුහුණු තෙම නිසොල්මනේ අන්තර්ධාන වෙයි.
අපි පොඩි දවස්වල ඔය දඟලන හූණු නැට්ට අරගෙන තියාගන්නව…ආසාවට….ඕක දඟලද්දිම කාපුවම හොඳට වණපොත් කරන්ට පුළුවන් කියලත් කතාවක් තිබ්බ…ඒත් අනේ අපි අත්හදා බලන්ට එහෙම නම් ගියේ නෑ ඔන්න…හෙහ්, හෙහ්,
ඔය හූණගෙ ආරක්සක උපක්කරමේ අනුගමනය කොලා නෙව බොල මම එක පාරක්..හෙහ්, හෙහ්, කියන්ටත් නිකම් මහ මොකක්ද වගෙ…ලැජ්ජාවෙ බැරුවා…මේං බලහං මයෙ මූණත් එක්ක රතුවෙලා…ඔන්න ඔහෙ ඕන එකක් එහෙනං කියාල හිට කියඤ්ඤංකො…පොඩි කාලෙ වෙච්චි දේවල් නෙව..
ඔන්න දවසක් රෑ හතට වගෙ ඇති..අපෙ ගෙදර උන්නු මාමට සිගරට් ගේන්ට මම ගියා කඩේට…ඔන්න ආපහු එද්දි අපෙ ගෙදරට හැරෙන දෙවට ගාවදි මහ විසාල බල්ලෙක් ආවෙ නැද්ද මා පාරෙ පන්නං…
ඉතිං මොකෝ කොරන්නෙ…ඔයිට කලිං මොකක් හරි කතාවක මම කියවල තිබ්බ බල්ලො පන්නං එනකොට අනුගමනය කරන්ට ඕන ආරක්සක විදි විදාන…ඒ අනුව මම දුවන ගමම්ම සේට් එක ගලෝල වීසි කලා…මොන බල්ල ඒක දිහා බැලුවෙත් නෑ..ඊට පස්සෙ ඉතිං මොකද කරන්නෙ…ගැලෙව්ව කලිසම…යකෝ ලැජ්ජාව වාගෙද පණ කෙන්ද…කොහෙද ඒ බල්ල කිසිම කතාවක් බලපු එකෙක් නෙවෙයි..මෙන්න ළඟ ළඟම එලවං එනව..ඒ ළඟම තිබ්බ අප්පච්චිලත් එක්ක එකට වැඩ කරපු අංකල් කෙනෙක්ගෙ ගෙදර…ආත බූත කඩාගෙන මම පැනපි ගේ ඇතුලට…
පැන්න තමයි..හතර විලිලැජ්ජාවෙ පස් වෙනි එක…හෙහ්, හෙහ්, ඒ ගෙදර අක්ක කෙනෙක් හිටිය මට වඩා අවුරුදු තුන හතරක් වැඩුමල්…එදා ඒ කෙල්ලගෙ බේඩ්ඩේ පාටිය…අප්පට සිරි …කෙල්ලො විමානයයි ගේ ඇතුලෙ..හපොයි බල්ල කාල මලානං මීට හොඳයි කියල මට හිතුන ඒ වෙලාවෙ…අපි එහෙං මාරුවෙල එනකල් එවුං කට්ටිය මාව දැක්ක ගමං බක බක ගාල හිනා වෙනව..මට මරු නමකුත් දාල තිබ්බ ඔය සීන් එකට…දැං මතක නෑ බොල….
ඒ අංකල්ගෙ තව දුවක් හිටිය මයෙ වයසෙ…ඒ තමයි මගේ පෙතම පේමය…ඒ පේමයත් එහෙම්මම ඇන හිටිය අර අසමජ්ජාති බල්ල කොරාපු දහ දුරා වැඩෙං….
/ මුන්ට ගෙදර බාර දීල අපිට මහ පාරට බහින්ඩ වෙන දවස නං වැඩි ඈතක නෑ ඔන්න /
යකෝ…ආය පාරට බහින්ට දෙයක් නෑ…ඔය රටේ නැති සත්තු ගෙවල් වල බෝ වෙන්නෙ මොකද දන්නවය?…වෙන අහවල් ලබ්බක්වත් හින්ද නෙවෙයි බං …අපිරිසිදු කම හින්ද…අපිරිසිදුකම හින්ද….කොහෙද කම්මැලිකොම ඉහවහා ගිහිල්ල නෙව….ගෙදර ගියගමන් අරං ගිය දෙයක් කොටා බාල බුදියෙන එක නෙව කොරන්නෙ…ඒ කමක් නෑ කියමු…දවස තිස්සෙ නැහිල ගෙදර එන්නෙ පාං කියාගන්ට බැරුව තමයි..ඒත් යකෝ වීකෙන්ඩෙක කියල මඟුලක් තියෙන්නෙ මොකටද?….දෙන්න එක්ක සුද්ද බුද්ද කොරල දාපං ගෙදරයි අහල පහල වත්ත පිටියයි ටිකක්…කලවැද්දොයි, හෝතඹුවොයි, මීමින්නොයි,උරුලෑවොයි, ඌරු මීයොයි ඔය එකෙක් වත් ඉන්න එකක් නෑ අය පැත්ත පලාතෙ…
/ ඉස්සර මං හරිම ආසාවෙන් කියවපු ප්‍රබන්ධයක් තමයි “මෝ මෝ“ /
මෝ මෝ…ශෙහ්…සෝක් පොතක් වගෙ…හොයා ගන්ට ඕන…තැන්කියු හොඳේ….
/ පහුගිය අට වෙනිදට අපි දෙන්න මහපොතේ අස්සං කරල අවුරුද්දක් පිරුණ… /
අම්මප..අවුරුද්දක් ගියාද බං?….මේ ඊයෙ පෙරෙයිද වගේ නෙව…කාලය පියඹා යන විගස….හෙහ්, හෙහ්,
/ හා හා.. ඒව අමතක කරල මෙන්න මේක අහන්ඩල.. /
දැං මේ ඔපිස්සියෙ ඉන්නෙ බං…සිංදු අහන්ට බෑ..ඉඳපන් ගෙදර ගෙහුං අහඤ්ඤං…මගෙ ආසම සිංදුවක්…..උඹ ඒක කාල එහෙම තිබ්බොත් බලාගං උඹව තියන්නෙ නෑ මම….හෙහ්, හෙහ්,
උඹ ඔය දුවන ගමං කලිසම ගලෝපු හැටි ගුරු මුෂ්ඨි නැතුව කියා දීපං රවියා, මොකද හිටපු ගමන් ටොයිලට් දුවන කොට හෙම පොරෝජං වෙන්න පුලුවං!
අර හූනු නැට්ට කෑවා නම් අද රවියෙක් නැතිවෙන්න තිබ්බා. මොකද මම අහලා තියෙනවා හූනෙක් වැටිච්ච තේ එකක් බිව්වත් මාර විසක් තියෙනවා කියලා. Urban Legend එකක් වෙන්නත් පුලුවන්!
මටත් ඇතිවුනු ප්‍රශ්නයක් තමයි ඒ………….. හෙන්රියාය්යේ, සමහරවිට ඔළුවෙන් ගලවන්ට ඇති………… 😀
ඒ මදිවට //ඒ අනුව මම දුවන ගමම්ම සේට් එක ගලෝල වීසි කලා…// මේකේ අර ගලවලා විසි කරාය කිව්ව එක මං මුලින් කියැව්වේ හල් කිරීම නැතුව……… 😀 😀
@ හෙන්රි,
/ උඹ ඔය දුවන ගමං කලිසම ගලෝපු හැටි ගුරු මුෂ්ඨි නැතුව කියා දීපං රවියා, මොකද හිටපු ගමන් ටොයිලට් දුවන කොට හෙම පොරෝජං වෙන්න පුලුවං! /
ඒ කාලෙ අපි ඇඳපු කලසං කියන එව්ව ගලෝන එක මහ කජ්ජක් නෙවෙයි, එච්. ආර්. එච්. කිං හෙන්රි ද නයින්ත්….හෙහ්, හෙහ්,..ඇත්තම කිව්වොත් එව්ව ඉණේ තියාගන්න එක නම් ලොකු ප්‍රොජෙක්ට් එකක් 😀
ඉණ එහෙම රැළි කොරල දාල තිබ්බ ඉලට්ටික් පටියක්… මාස දෙකක් යනකොට සාක්කු වල අඹ ගැටයි, ඇම්බරෙල්ලයි රටේ නැති එව්ව දාගෙන එහෙම මෙහෙ ඇවිදල ඔය ඉලට්ටික් පටිය බුරුල් වෙලා කලසම තියෙන්නෙ පූර්ණ කාලීනව දනිස් පොල්කටු දිහාවෙ…තප්පර පාලහෙං පාලහට විතර උස්සගන්ට ඕන…හෙහ්, හෙහ්,
ඒ නිසාවෙන් බල්ල පන්නද්දි ඕක වෙනම ගලවන්ට දෙයක් නෑ බොල..උඩට උස්සං ඉන්න අත් දෙක අත ඇරිය නං ආය හරමානිය ගහ උඩ, වලල්ල ගහ මුළ කිව්ව වගෙ…හෙහ්, හෙහ්..බඩු බිම…වලළුකර අසල…
/ අර හූනු නැට්ට කෑවා නම් අද රවියෙක් නැතිවෙන්න තිබ්බා. මොකද මම අහලා තියෙනවා හූනෙක් වැටිච්ච තේ එකක් බිව්වත් මාර විසක් තියෙනවා කියලා. Urban Legend එකක් වෙන්නත් පුලුවන්! /
නෑ බං ඒ කතාව ඇත්ත..ඒත් එහෙම මාරාන්තික විස වෙන්නෙ අර වැඩේ..අන්න හරි ඒ වැඩේ තමයි..ආන්න ඒ වැඩේ යෙදිල ඉන්න හූණො දෙන්නෙක් තේ එකට වැටුනොත් විතරයි. ඒ කර්තව්‍යයෙ යෙදිල ඉන්න වෙලාවෙ උංගෙ ඇඟේ හැදෙනවලු මචං සයනයිඩ් 😦
@ Randil,
/ මේකේ අර ගලවලා විසි කරාය කිව්ව එක මං මුලින් කියැව්වේ හල් කිරීම නැතුව………/
හෙහ්, හෙහ්, ඔන්න බොලා දන්න හරිය…ඒ හිච්චි එකා කාලෙ එහෙම එව්ව කොහෙද බොල තියෙන්නෙ?….සවුක්කිය එහෙම කලේ නෑ ඉස්කෝලෙ යන කාලෙ?
පුරුස පක්සෙ ඔය කියන අවයවේ හැදෙන්නෙ ඇඟ ඇතුලෙ ලමයා..ඊට පස්සෙ වැඩිවිය පත්වෙන කාලෙ තමයි පාතට බහින්නෙ…උගුරු දණ්ඩ හරහ ඒ බහින අතරෙ උගුරු ඇටේ කැඩුනම තමයි ඔය කටහඬ එහෙම රළු වෙන්නෙ
හප්පෝ!!! මට හිනාවෙලා පණත් නෑ රන්දියො
අපි නං ඉස්සර බත් ඇට ඉරටුවල ගහල හූණන්ට බත් කවනව… ඒ ගැන කතන්දරයක් ලියන්ඩ හිතට ගත්ත…. කමෙන්ට් එකක ලියල ඒකෙ රහ නැති කරන්ඩ බෑ නෙව…
හපොයි අයියෙ… උඹගෙ මේ කතන්දර තමයි කතන්දර…!!!
මට නං හිතෙන්නෙම උඹ හොරෙන්ම හූණූ වලිගෙ කාල තියෙනව කියල…. මං නං ආයෙ නෑ සුවර් ඒක
//හෙහ්, හෙහ්, ඔන්න බොලා දන්න හරිය…ඒ හිච්චි එකා කාලෙ එහෙම එව්ව කොහෙද බොල තියෙන්නෙ?….සවුක්කිය එහෙම කලේ නෑ ඉස්කෝලෙ යන කාලෙ?//
අඩේ මං ඔය ඇහැව්වමයි දත් සෙට් එක ගැන මෙහෙම කථාවක්…………. අම්මාපල්ලා……….. මං මේ ඇහැව්වාමයි……….. ඒ මදිවට දත් සෙට් එක උගුරු දණ්ඩ පලාගෙන පහලට බහිනවා කිව්වා………. මයේ සන්තෝ ස්ත්‍රී රත්නයක් වෙලා ඉපදුනේ පූර්වයේ කරන ලද්දා වූ මහත් ඵල මහත් ආනිසංස දෙන්නා වූ කුසල කර්මයක් හේතුවෙන් විය යුතුමයැ…………. 😀 😀 😀
මට ඕනෑ වුනේ ඒක කියපු තැනම කොමෙන්ටුව දාන්න. ඒ හරියේ පිළිතුරු සැපයීම කියන එක මට පෙන්නුම් කලේ නැහැ. දැනුත් නැහැ.
(ජනූට රහසින්: දවල්ට කන්න කියලා ගියා. බලමු ආවාට පස්සේ සවුක්කිය පාඩම කොහොම වෙයිද කියලා…… 😀 )
රන්දි: අනේ උන්දැගෙ සොක්කිය…. දැං එයි ඕං මොකක් හරි බොරුවක් ගොතාන…. ආයෙ පණ පිහිටුවල කියයි මේ දැං අපි ඉදිරියෙම වුණා වගේ…. ඇත්තද බොරුද කියලවත් හිතාගන්ඩ බැරිවෙලා අපිත් ඉඳියි කට ඇරං
ඉතිං මමත් කිව්වෙ දත් සැට් එක ගැන තමයි බං….ඒක වෙන්නෙ මෙහෙමනෙ…කොහොමද?….නෑ..නෑ.ඒක හරියන්නෙ නෑ….බොරු කෙලින එකෙත් සීමාවක් තියෙන්න එපාය…කෙල උනහම පිළිගන්ටත් තියෙන්න ඕන ගටක්….අපි එහෙමයි….Okay, Randil ..You Win,
මේ වරදවා වටහාගැනිමක් ගැන කියවෙන ලස්සන කතාවක්….
A guy goes to the supermarket and notices an attractive woman waving at him. She says hello.
He’s rather taken aback because he can’t place where he knows her from. So he says, “Do you know me?” To which she replies, “I think you’re the father of one of my kids.”
Now his mind travels back to the only time he has ever been unfaithful to his wife and says, “My God, are you the stripper from my bachelor party that I made love to on the pool table with all my buddies watching, while your partner whipped my butt with wet celery???”
She looks into his eyes and says calmly, “No, I’m your son’s teacher.”
\\කෙල උනහම පිළිගන්ටත් තියෙන්න ඕන ගටක්….අපි එහෙමයි….Okay, Randil ..You Win,//
අයි ඇප්රිසියේට් යුවර් ග්‍රේට් ගට…………… බට් බලන්න තිබුනා ගටේ තරම රිංගන්න එක හිලක් හරි තිබුනා නං………… 😀
හපොයි තාත්තන්ඩිට වහ කන්න හිතෙන්න ඇති නේ ටීචර් ඉස්සරහ වෙච්චි දේට
හෙහ්, හෙහ්, අම්මප ඇත්තම ඇත්ත…මෙච්චර වෙලා දහ අතේ කම්පනා කොලේ කොහෙංද රිංගන්නෙ කියල….අන්තිමට බැරිම තැන තමයි 😀 😀
ඔය ආවෙ… අර කතාව යට ගහන්ඩ තව ඉංගිරිස් කතාවක් අරන්!!
ඉස්සෙල්ලම සුබ පතනවා .
ඔය ලේන්නු හූනො කුරු කුහුඹුවන් පවා පවුල් පිටින් පදිංචි වෙලා මේ ඇනිවසරිය අස්සේ කියන්නේ මොකක්ද කියල පොඩ්ඩක් හිතල බලන්න.
” දැන් ඔය දෙන්න තුන්දෙනා වෙන්න කාලේ හරි” කියල .
ඊළඟ ඇනිවසරියට ඉස්සරින් නැළවිලි ගී අහන්න ලැබෙන්න ඕන
සුසර අයියා, සුබ පැතුමට බොහොම ස්තූතියි… 🙂
අඩේ ෂෝයි අක්කේ…. මරු…. සුභපැතුම්…!!!!!!
ස්තූතියි මලයෝ!!!
හැපි ඇනිවසරි මෙව්වා එකක් වේවා!!!!!!
මොකද්ද අනේ ඔයාලා ඉන්නේ සත්තු වත්තකද ඈ????? අපි එන්ඩ කළියෙන් ඔව්ව සුද්ද බුද්ද කොරලා දැම්මනම්……. දැං කල්පනා කොරන්ව ඇති අපි එන්නේ අහවල් එහෙකටද කියලා…. ඇයි වදේ ඇනිවසරි පාටිය!!!! 😀
එහෙමනං ඔය සුද්ද කරන එක ඩිංගකට කල් දාන්ට.. මුන්දැලාත් ආවහම එදාට දාන්ට බැරියැ ශ්‍රමදානයක්.. 😉
හරියට හරි… වරෙං නගේ… බුරයිය කියන්නැහෙ දාමු ශ්‍රමදානයක්!!
අනේ පිං අයිතිවෙයි මොනවත් බේක් කොරන්ඩ එාහෙම නං යන්ඩ එපා අපිට කියල හරි??
ඒ මදිවටු මූ ඉන්නෙ හරියට මගෙ බ්ලොග් එකත් උගේ වගේ නෙව!!!
බ්ලොග් එකත් හූණට ගිහින් නේද?
සුභ පැතුම් ඇනීවසරියට..:)
අපේ ගෙදරත් තියෙන ලොකුම කරදරය් තමයි ලේන් කූඩු. විසාල කරදරයක්..:(
සුබ පැතුවට ස්තූතියි මී පැටියො… හැබෑට මී පැටියෙක් අඩුයි නෙව අපේ ගෙදරට??
මගේ ෆොටෝ එකක්වත් ගෙනිහින් තියාගන්න.
සුභ පැතුම් නගේ………………… බොහොම සතුටින්, සැපෙන් දිර්ඝ කාලයක් බොහෝ ඇනිවර්සරි සමරමින් කල් ගත කරන්නට ලැබේවා කියාල ප්‍රාර්ථනා කරනවා
බොහොම ස්තූතියි රන්දියො!!
හහ් වෙඩිමට අරලිය මල් කඩන්න ගස් නැගලා අවුරුද්දක් වෙනව එහෙනම් 🙂
සුබ ඇනිවසරි මෙව්වා එකක් වේවා .
ඔය ගෙවල් සුද්ද කරන්න නහින්නේ නැතුව වික්ක් එන්ඩ් එකට පොතක් කියෝලා ජොලියේ හිටින් ජනූ 🙂
නැතෝ නැතෝ… ඒ වෙඩිම නෙව..අපි දෙන්න සමරන්නෙ අක්කෙ අපි දෙන්න රෙජිස්තර වෙච්ච දවසනෙ… ඒ සැප්තැම්බර්….!!
මහ ලොකුවට මහන්සි වෙන්ඩ යන්නෙ නං නෑ තමා අක්කෙ… හැබැයි පොත් කියවන එකෙන් නං සෑහෙන්ඩම ඈත් වෙලා මං… මේ ලැප් ටොප්, අනං මනං හරි කරදර අප්ප…
සිංදුව ඇහුව බොලේ….නියමයි…ඒත් කෙල්ලෙ උඹ ශුට්ටක් විතර මන්දගාමීව කියන්නෙ කියලත් මට හිතුනා,
අඩේ කන්දෙන් පාවී කියල කෝ අර ටරටරටාආ..ආ..ආ..ආ, කෑල්ල බොල?…ඊට පස්සෙනෙ ලන්දට වඩිනා කියන්ට ඕන…
මාස්ටර්ගෙ ඔය සිංදුවයි තව දෙක තුනකුයි තියනව නාල බිටන්ඩ නියමයි…කඩියකු ආවයි කකුල දිගේයා…අන්න තව එකක්…කඳුළු කතාවේ නිමක් දුටුව දා…ඒකත් එකක්…
හුරු නැති මඟක ගොස් උගුලක වැටෙනු එපා….. මාස්ටර් ඔය ටික කියන අතරෙ තමයි අපි අනෙකුත් කුදු මහත් කටයුතු කරන්නෙ…හෙහ්, හෙහ්, බඩු මදි එවුන් තව ෂොට් එකක් දාගන්නව…සිගරට් උගුරක් අදිනව…හතර ගාතෙ දාල වැටිල ඉන්න එවුන් එතනම මේසෙ යටට තල්ලු කරනව පයිම්ම..ඔන්න ඔය වගෙ එව්ව…
ඒ කරල කුන්ද සමන් පෙති..කියල ලොක්ක පටං ගන්න කොට ආයෙම නර්තනය…හෙහ්, හෙහ්, කැරකිල දෙකට නැමිල…
ඔවු අයියෙ.. හිතා මතාම වගේ ටිකක් වේගෙ අඩුවෙන් කිව්වෙ… ඒක මගේම ඉට්ටැයිල් එකකට කියන්ඩ ඕනෙ හන්ද… උඹ හොඳට ඇහුවොත් තේරෙයි සමහර තැං මං ගායනා කරන්නෙ මට ඕනෙ විදියටනෙ…
හැබැයි අර උඹ කියන්නැහෙ කන්දෙන් පා වී කෑල්ලට පස්සෙ අර ලල ලල ලල ලල ලා කෑල්ල කියන්ඩ ගියා නං මට ඉතුරු ටික අල්ලන්ඩ බැරි වෙනව වෙලාවට… අපේ මලය වත් හිටිය නං ඌ ඕක කියල දෙනව… ආං එහෙමයි අපි සින්දු කියන්නෙ ගොඩක් වෙලාවට… එකෙක් සින්දු කියනව අනික කටිං කියන්ඩ පුලුවං සංගීත ඛණ්ඩ ටික ගයනව…. ඔන්න ඔය හන්දයි අර කෑල්ල කියන්නෙ නැතුව එතනින්ම ලන්දට බහින්ඩ ගියේ
ලස්සන සිංදු පොඩ්ඩ..තෙරුවන් සරණින් බොහෝ කල් සතුටින් ජීවත් වෙන්න සුභ පැතුම් ජනූ..
පළමු වර්ෂ පුර්ණයට සුබ පැතුම්..!!!!!!
(අවුරුද්දක් හිරේ හිටියා කියන්නේ සෙල්ලන්ද නේද?)
දෙන්නගෙ සින්දුව අහලම කමෙන්ට් එකක් දාන්නං කියලා හිටියට තාම බැරි උනා නෙව ඒක අහගන්න. ඒකට කමක් නෑ, තවත් පමා වෙන්ට කළියෙන් කමෙන්ට් එක දාලා හිටින්නංකෝ. සින්දුව පස්සෙ අහන්නං ඈ?
මහ පොතේ නම් ලියලා ගත වෙච්ච සුන්දර අවුරුද්ද වගේ තව තවත් සුන්දර අවුරුදු ගණනාවක් ජනූ අක්කටයි අක්කගෙ පෙම්බර අයියටයි සතුටින් ගත කරන්න ලැබේවා කියලා සුභ ප්‍රාර්ථනා කරනවා. 🙂
ඒ එක්කම මේ ලියපු ලිපි 99 වාගේ, තව තවත් ලස්සන ලිපි ගණනාවක් ලියන්ට සුන්දර සිතුවිලි පහළ වේවා කියලා සුභ පතනවා. සෙන්චරියට ඔන්න කල් ඇතුවම සුභ පැතුම්! 🙂 🙂 🙂
සුභ ඇනිවසරියක් වේවා.
දෙන්නටම ජිවිතේ පුරාම දුකක් කරදරයක් නැතුව හිතේ සතුටින් සැනසීමෙන් ඉන්න ලැබේවා. . .
ඔයා අංශක අනුවක් හැරිලා ගිය එකෙන් අපිට හොඳ ගායිකාවක් නැතිවෙලා කියල මට ඔප්පු උනේ අදයි..