නුඹ සිටියා නම්…!!!

නික්ම ගොස් දස වසක් වුව

හමන සුළං පොදක

ගෙමිදුල පිපෙන මලක

නුඹෙ සුවඳ දැනෙනකොට

ගිරවියක් වගේ මං

නුඹෙ සරං ඔඩොක්කුවෙ හිඳ

අතොරක් නැතුව දෙඩුවද

ඉවසිල්ලෙන් අසා හිඳ

හූමිටි තියන හැටි

අමතක නොවේ මට….

සිහිසන් නැතිව නුඹ

රෝහල් ඇඳක වැතිර සිටි අයුරු

තව මොහොතක් දැකගන්න ලැබුණා නම්…!!!

නුඹේ හිස සිඹ

ගොඩක් රිදෙනවද තාත්තේ?? යැයි

අසන්නට තිබුණා නම්…!!!

නුඹේ අවසන් හුස්ම පොද යන තුරු

අසල රැඳෙන්නට තිබුණා නම්…

සිතේ රැඳි දහසකුත් එකක් පැණ

වෙනදා වගේ නුඹට දැනුණා නම්…!!!

අසුරු සැණක් වගේ අතැර නොගොස්

මා යන මග වැල් පාලම්

අතින් අල්ලා එගොඩ කරන්නට

තාත්තේ නුඹ සිටියා නම්….!!!

 

 

දවසක් හිතල හිතල යමක් ලියාගන්ඩ බැරි වුණු තැන මට මාත් එක්කම අහේතුක තරහක් ගිහින් ඉන්නෙ

ඒ හන්ද දැනට අවුරුද්දකට විතර  කලින් ලියපු කවියක්  මෙහෙම ලියනව…..

තනිකර වංචාව!!!!

තරහ අවසර ළමායි!!!

මේ දවස්වල  කිසි දෙයක් හරි යන්නෙ නෑ…ලියන්ඩ කියල පටං ගත්තට ටිකකිං වාතයක් වෙනව ඒකත්…

ඒ මදිවට මගෙ ලැප්ටොප් පුංචට අනතුරක් වෙලානෙ… උගෙ අයන්නයි ඉස්පිල්ලයි වැඩ කරන්නෙ නෑ…

මං දාන කමෙන්ට්වල අයනු ඉස්පිලි අඩු නං නැවතත් කමන්ඩලා!!!

පින්තූරෙ හම්බවුණේ මෙතනින්

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in අම්මයි තාත්තයි මල්ලියි මමයි, මගේ කවි. Bookmark the permalink.

29 Responses to නුඹ සිටියා නම්…!!!

  1. praveena says:

    අප්පච්චි සිහියට ඇවිත් ඇහැට කඳුලක් ආවා….සසර කතරේ සැරිසරන්න එක් මොහොතක, කොහේදී හෝ ඔබට ඔහු යලි මුණ ගැසේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

    ආදරණීය පියාණෙනි!!! ඔබ නිවී සැනහේවා….

  2. Nish says:

    මන් මේක හොරකන් කරනව ඔය ටික ඔහොම්ම මටත් කියන්න ඕන
    ඒත් අනේ ඇහෙනවනන්……………………………………………………………………

    • අනේ මක් වෙනවද…. අපිව දාල ගියාට හිතකින් නෙවෙයි වෙන්ඩ ඇති….
      අපි ඇහෙන්නෙ නෑ කියල හිතුවට කොහේ හරි ඉඳන් අපේ හිතත් කියවනව ඇති!!

  3. google says:

    අැත්ත සිද්ධ්යක්ද

  4. කලින් පෝස්ට් කියවලා තියෙන කෙනෙකුට මේකෙ වේදනාව වැඩියි!

  5. ජනූ අක්කේ, ලිව්වා මැකුවා ආයිත් ලිව්වා…මැකුවා… මට හිතෙන දේ බර වැඩියි අක්කෙ අකුරු වලට… ! 😦

  6. ruwan says:

    ලස්සනයි

  7. sachith says:

    මන් මේ ගැන මොනවත කියන්න යන් නැ මගේ තාත්ත වෙනුවෙන් මන් ලියපු පුංචි කවක් මන් දාන්නම්
    දයා කරුනා
    පිරී ඉතිරුණු
    සිසිලැල් පවන නුබයි ……………..
    මගේ අහසට නිතින් පැයු
    හිරු හා සදුද නුබයි …………….
    බෝ සෙවනේ සේ
    දෙව් මැදුරේ සේ
    යහගුණ පිරුණු විලයි …………….
    නුබේ නාමය
    මගේ හද ගැබ
    සුපිපුණු සුවද මලයි ……………
    ………………………………………………….
    ලිහී ගිලිහුණු
    මුදු කුසුම නුබ
    යායම සුවද කෙරු ……….
    දිවිය පුරාවට
    මගේ හද තුල
    මන්දස්මිතය දැරූ……………
    සසර මතුදා
    පෙරුම් පුරන්නම්
    වන්නට නුබේ පුත් රු …………
    නුබයි තාත්තේ
    මගේ හද
    තුල මිහිබට වන්
    දෙවිදු …………..

  8. TG says:

    ජනූ උඹ ලිව්ව හොඳම කම්මැලි පෝස්ට් වලින් එකක් මේ

    දුක් වෙන්න එපා සමහර වෙලාවට අම්මලා තාත්තලා අපිව තනිකරලා ගිහින් ඈතින් ඉඳන් අපිට හොරෙන් බලන් ඉන්නවා අපි තනියෙන් කොහොමද ජීවිතේට මූණ දෙන්නේ කියලා .අමාරු තැන් වලදී අපිට උදව්වට එනවා නොපෙනී .මතකද අර පොඩි කාලේ හපන් යද්දී හිටිගමන් අපිට හොරෙන් අපිව අතෑරලා අපිට ඉස්සරහට යන්න දීලා හැංගිලා බලන් ඉඳාලා අපි වැටෙන්න වගේ ගියොත් දුවන් ඇවිත් අල්ලගෙන මගේ පුතා හපනා කියන්නේ .අන්න ඒ වගේ .ඒ නිසා ටිකක් වත් දුක් වෙන්න එපා .තාත්ත ලඟින්ම ඉන්නවා ඔයාගේ

    පෙම්බරය කෝ උඩින් එබ්බෙන්නේ නැත්තේ ? උඹලා ඩොමෙස්ටික් වලියක්වත් දාලා තරහවුනැයි ? 🙂 kidding

    • ටී ජී අක්කෙ… ඒක මට දැනෙන දෙයක්!!!
      හි හි.. උන්දැ මේ දවස්වල තරහෙන් ඉන්නෙ.. මං උන්දැ කිව්වම ලියන්නෙ නෑලු… එහෙම ආප්ප බානවවගේ මට ලියන්ඩ හිතක් නෑ කිව්වම මූණ නිකං කරත්තෙට අහුවෙච්ච කජු ලෙල්ල වගෙ කරගෙන ඉන්නව…
      ඔය සද්ද නැතුව හිටියට ඉස්සෙල්ලම කියවන්නෙ උන්දැ තමයි…
      කොහෙද අක්කෙ.. බැරි වුණානෙව…..අර පෙම්බරයගෙ අම්ම දුන්න උපදේසෙ මතක තියෙන කල් ඩොමෙස්ටික් වලියක් හරියට දාගන්නව කියන එක බොරු අප්ප… 😀

  9. Buru says:

    ජනූගේ පෝස්ට් වලට කොමන්ට් නොලීවට එකින් එකට මේල් එකට එන වේගෙටම වැඩ අස්සේ හරි කියවනවා.
    මේ දවස් වල මහ එක විදියක කාලයක් මටත්.

    කොයි තරම් දේවල් තිබ්බත්, අපේ අම්මයි අප්පච්චියි අපෙන් ඈත් වෙලා මෙච්චර කාලයක් ගිහිනුත් මට එයාලාව මතක් වෙද්දි තාමත් ඇස් වලට කඳුළු එනවා. ඕනේම දෙයකදි අනේ ඔයාලා හිටියා නම් කියලා නොහිතෙන අවස්ථා මට නෑ. දෙමාපියෝ නැති උනාම තමයි අපි හැමෝටම ඒක ඒ තරම් අඩුයි කියලා තේරෙන්නේ. අද මට තියෙන දේවල් ඔක්කොම අතෑරලා හරි මම අම්මයි අප්පච්චියි එනවා නම් කැමතියි. ඒ තරමටම මට ඒක දැනෙනවා. එයාලට ඕන වුන මාව හදාගන්න මට බැරි වුනාට එයාල කරපු ටිකක් හරි දේවල් මා අස්සෙන් හදා ගන්න මම ට්‍රයි කරනවා. ඒත් මට කවදාවත් ඒ අය තරම් ඒ දේවල් කරන්න බෑ.
    එක වෙලාවකට මම හිතා ගන්නේ හොඳ වෙලාවට එයාලා අපිව දාලා ගියේ නැත්නම් අපි හින්දා එයාල අද හිටියා නම් කොයි තරම් අවුල් වෙයිද කියලා.
    හිටි ගමන් තාමත් ඔය තරම් අපිට ආදරේ කලා නම් මොන මගුලකටද අපිව දාලා ගියේ කියලා එයාලා එක්ක තරහින් ඉන්න එකත් මට තාම බොහෝම සාමාන්‍ය දෙයක්.
    කතා ඕනේ නෑ. මේ ෆීලින් එක හොඳටම දැනෙනවා ජනුවෝ.

  10. Buratheno says:

    හ්ම්ම්ම්…………..

  11. අපේ අප්පෝ සතුටින් ඉන්න එකාට දුක හිතෙනකවියක් කියවන්ඩ වෙලා. ජීවිතේ කියන්නේ සතුට විතරක්ම නෙමේ නේහ්.

    “ඒ මදිවට මගෙ ලැප්ටොප් පුංචට අනතුරක් වෙලානෙ… උගෙ අයන්නයි ඉස්පිල්ලයි වැඩ කරන්නෙ නෑ…”

    මට අයන්නකුයි ඉස්පිල්ලකුයි පේනවා. දහ අට සන්නිය බලලා ආපු වෙලේ ඉදන් මඥ්ඥං ද කොහෙද…. 😦

  12. හම්ම්ම්ම්. . . හොදට පපුව පුරෝලා හුස්මක් ගත්තේ දිගම දිග කොමන්ටුවක් ලියන්න හිතාන. . .
    මෙතන දාලා තියන පොස්ට් එකට අදාළ නැති උනත් මන් මේ ටික කියන්නම ඕන අක්ක තරහ නැති
    වෙයි එකට. . .
    ජනු අක්කා කියලා කථා කරාට කමක් නැහැනේ
    ඉතින් මන් මේ බ්ලොගේ කියවන්න අහුවුනේ ඊ මෙල් කවිකාරිගේ ලිපියේ ලින්කුවකින් https://hansakinkini.wordpress.com/2012/02/21/592/

    ඒක කියෙව්වේ දැන් දෙතුන් දොහකට කලින් එත් ඊයේ කොපිතරෙත් දාන් අම්ම එක්කලා කයියකට සෙට් වෙලා ඉන්න ගමන් ආයෙමත් ඒ පොස්ට් එක ඕපන් කරලා අම්මාට පෙන්නුවා පොටෝ ටික විස්තරෙත් කියන
    ගමන්. . . අම්මා කිව්වා හොද ළමයෙක් කියලා. . .
    ඒ පටන් ගත්ත ගමන් අග ඉදනුත් මුල ඉදනුත් කියවන්න පටන් ගත්තා ඒ ගමන් අහුවුනු
    http://www.janugekatha.blogspot.com/2011/01/blog-post_21.html

    ඔක්කොමත් කියවලා ඉවර කලා

    ඒ හැමදෙකින්ම මතකයට ගෙනාවේ මගේ පුන්චි කාලේ අපේ අම්මයි තාත්තයි දෙන්නම ගුරුවරු
    හැබැයි ඔයා මල්ලී එක්ක සෙල්ලම් කලාට මම තනියමයි සෙල්ලම් කලේ ඒ මම එකම ළමයා උන නිසා එත් ඒ සෙල්ලම් වල අම්මයි තාත්තයි කොටස්කරුවෝ උනා මතකයි
    අපෙත් කොපි කැලයක් තිබුනා ඊට එහායින් රබර් කැලයක් මාව ඒ කාලේ බත් කවන්න එකන්
    යනෙත් කැලේට. . . ඒවගේම තාත්තා ගැන කථා. . . එවගේයි මගේයි පුන්චි කාලේ විදපු දේවල් අතර හුගක් සමානකම් මම දැක්කා

    අද පාන්දර 1 වෙද්දිත් මම හිටියේ ජනූගෙ සටහන් අතර. . . හිතට හරිම සැහැල්ලුවක් වගේම හරි සතුටක් දැනුනා මේ සටහන් අතර අක්කියාව හිතට හරිම ළග බවක් දැනුනා කොටින්ම කියනවනම් මට හරි ආදරේ හිතුනා…

    ඒ වගේම අර චීනේ ගොලුබෙල්ලෝ ගෙම්බෝ ඉක්කා පොඩි කුමරිහාමිට දුකත් හිතෙන්න ඇති ඒවා දැකලා

    අර සින්දුව ඒ විසිල් කරපු එක හරිම ෂොක්
    අම්මගේ පදවැලත් හරිම හරවත් රසවත්… දිර්ඝායුෂ පතනවා ඈට. . .

    ඒවගේම සටහන් අතර යන පෙම්බර අයියාගේ ආදරේ ඇයි එයැයිගේ අම්මගේ ආදරේ…ආදරේ උතුරනවා වචන අතරේ …
    ඔයැයි හරිම වාසනාවන්තයි . . . ඇස්වහක් කටවහක් වැදෙන්න එපා
    හිතට එන ඔක්කොම කියාගන්න වචන නැ අක්කෝ. . .

    GIS මේකේ තේරුම දැනගත්තේ දැන් සති කීපෙකට කලින් ගුගල් සර්ච් කරලා එහෙම කලේ මගේ අයිතිකාර මහතැන්ගේ ( තාම නීතියෙන් බැදි නැත )උවමනාවකට.
    එයා රස්සාවකට ගියේ ගිය මාසේ මැද ඒ http://www.cri.gov.lk/web/index.php?option=com_content&view=article&id=134&Itemid=100&lang=en
    අක්ක බලනවා ඇති මොකක්ද මේ හරුපේ කියලා ඉන්ටකෝ කියන්න
    Soil ගැනයි GIS ගැනයි ලු එයා වැඩ කොරන්නේ රස්සාව ලැබුනේ A/L සුදුසුකමට (අපි දෙන්නම BSc උපාධිය කරනවා open university එකේ තාම ඉවර නැහැ තව අවු 2 යාවි) ඉතින් GIS course එකක් කරන්න ඕනේ කියලා හෙව්වේ එත් දන්නේ නෑ කිසිදෙයක් එයැයි නම් දන්නවා එත් ටිකයි මයෙහිතේ…

    තාම හරිහමන් course එකක් හම්බවුනේ නැහැ
    ඊයේ අක්කගේ පොස්ට් විතරක් නෙවේ මන් කොමන්ටු හිටන් කියෙව්ව නෙව ඒ අතරේ මන් දැක්ක අක්ක වෘත්තියෙං GIS specialist කෙනෙක් කියල තියනව. . . ඔන්න ඕකයි හේතුව මේ ඔක්කොම කියන්න
    එයාට ඕන weekend course එකක් රස්සවට පහසු නිසා

    අයිතිකාර මහතැන්ගේ වැඩ වලට මම බැහැල සපොට් නේ හිතුනා අක්කගෙන් උපදෙසක් ගන්න (එයත් වමතින් ලියන්නේ අහන්න ඕන අක්කට ආපු ප්‍රශ්නේ ආවේ නැද්ද කියලා)

    ලියපු පළවෙනි කොමෙන්ටුවෙන්ම මගේ ලොකු විස්තරයකුත් උදව්වකුත් ඉල්ලලා ලිව්වට අමනාප වෙන්න එපා අක්කට පහසුවක් නම් උදව්ව කොරන්ට නැතත් අමනාපයක් නෑ
    මයෙම අක්කෙක් වගේ තමා හිතන්නේ. . . දිගටම මේ පැත්තේ ඇවිත් යන්ට එන්නම්

    මගේ බ්ලොගේත් නෑ මෙච්චර විස්තරයක් මගේ ගැන. . . ඒක ටිකක් නැවතුනානේ දැන් දැන් ආයෙම ලියන්න ඕනේ කියලා හිතෙනවා ක්‍රියාවට නගන්න තමා අමාරු. . .
    ඉතින් ජිවිතේ සතුටෙන් සැනසීමෙන් ගෙවන්න ලැබෙන්න කියලා පතනවා . . .

    බුදුසරණයි

    • නංගා,
      බොහොම ස්තූතියි.. ඉස්සෙල්ලාම ඔයාගෙ කමෙන්ට් එක දැක්කාම මට පුදුම හිතුණ.. ඒකෙ දිගට…. ඔයාට ඒ ලිපි හිතට දැණුන තරම මට තේරෙනව. ඔයා ජනූ අක්ක කියල කතා කරපු එකට මං හරිම කැමතියි.. මටත් නෑ කමක් නැතුව කෙනෙක්ට කතා කරගන්ඩ දිව නැමෙන්නෙම නෑ නෙ… ඒ හන්ද ඒකෙ හරිම හුරුපුරුදු හෘදයාංගම බවක් තියෙනව…
      මාව අගය කරපු එකට විතරක් නෙවෙයි ඔයාගෙ සුබපැතුම්වලටත් බොහොම ස්තූතියි!!! නැවත නැවතත් මෙහෙම අපි හම්බ වෙයි කියල හිතනව…
      අර පාඨමාලා ගැන ප්‍රශ්නවලට උත්තරයක් මම ඔයාගෙ ඊ මේල් එකට එවන්නං

  13. මිදුලේ වැලි මාළිගාවේ සක්විති පදවිය ලබන්න
    ගල් වැට ළග වාඩි වෙලා හද පායන හැටි බලන්න
    සතර දිසා ජය ගෙන මම හනික එමි
    ඔබේ ලොවට සද හිරු වී එළිය දෙමි

    පීනා සිප් සයුර එතෙර
    සියල් සතර දැන පිරිසිද
    ලොවේ අනෙක අවමන් මැද නොසෙල්වෙමි
    මිනිස් මහිම දෝතින් ගෙන සිනාසෙමි

    එපා ඔටුනු මගේ සිරසට
    එපා සිහසුනක් හිදිනට
    සිනාසිසී මා එන මග හිදිනු මැනේ
    දුවේ කියා මා අමතන් පියාණනේ. . .

    තාත්තා ගැන කියපු නිසා මුකුත් නොකිය යන එක හොද නැහැ
    අම්මට කොච්චර ආදරේ උනත් මගේ තාත්තා තමා මගේ ලෝකේ වීරයා හැමදාටම. . .
    මේ ගීතය හැමදාම මට ඒක සිහිපත් කරවනවා
    ඒ දෙන්නව හොදින් සතුටින් රැක බලා ගැනිම තමා මගේ එකම ප්‍රාර්ථනය. . .

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s