කම්මැලි පෝස්ට් එක සමග මගේ සින්දු නොමිලේ….!!!

අනේ මන්දා මගේ මේ කම්මැලිකම මොකද කියල…

ලියන්ඩ දේවල් පෝලිමට තියෙනව… ඔෆිස් එකේ කම්පියුටරේ, ගෙදර, ඒ විතරක්යැ මගෙ ජංගමයගෙත් නෝට් දාගෙන තියෙනව… මතක් වෙන මතක් වෙන දේවල් ලියන්ඩ කියල…

ම්හු….

හිතක් නෑ…

ඔයාට මං කිව්වම තමා ලියන්ඩ බැරි නේද?? හිතුණ ගමන් ලියාගෙන ලියාගෙන යනව ආවේස වෙලා වගේ ….

නැති වුණාම ආයෙ බ්ලොග් එකක් තිබුණද නැද්ද කියලවත් බලන්නෙ නෑ….

පෙම්බරයගෙන් දෝස්මුරේ…

අදත් ලියන්ඩ දෙයක් හිතේ තියද්දිත් කම්මැලිකමට බොරුවක් කරල මාරුවෙන්ඩයි හදන්නෙ…

ඉතිං අද ලියන්නෙ ඊයෙ අපෙ පෙම්බරයයි මායි කරපු පිස්සු වැඩක් ගැනයි!!

මං පුංචි කාලෙ ඉඳල හෙන ආසයි විසිල් කරන්ඩ…

මේ…. චූටි පුතා… මගෙන් කන්ඩයි හදන්නෙ ඔය හොඳ ගුටියක්!!

ගෑණු ළමයි විසිල් කරන්ඩ නේන්නං ඕනෙ…

නවත්තනව ඕක…

ඕන්න ඔහොමයි අපේ අම්ම මට බැන්නෙ…

නවත්තනව ඕක …. බලන්ඩ….. කොල්ලෙක් වගේ….. හරි කැතයි නංගි…. කෙල්ලො විස්ල් කරනවද ඔහොම??

ඒ මදිවට අපේ ඔෆිස් එකේ මට එහා පැත්තෙන් ඉඳගෙන ඉන්න ආශ අක්ක…

ඔෆිස් එකේදි මට උන්න ගමන් මොකක් හරි සින්දුවක් මතක් වෙලා ඒක නොදැනීම විසිල් වුණාම මං බැනුම් අහනව කණ පුරාම…

ඉතින්… ඉතිහාසෙ පුරාම කිසිම කෙනෙක් මගේ විසිල් කිරීමේ හැකියාවට අත දුන්නෙම නෑ…

දැන් එහෙම නෑ….ඇයි.. අපේ පෙම්බරය ඉන්නව නෙ

මෙන්න බලාගන්ඩල එයා මගේ හැකියාවට අත දුන්න හැටි….!!!

මේක කිසිම පෙර සූදානමක් නැතුව ඔහේ කරපු පටිගත කිරීමක්… ඒ හන්ද බාහිර ශබ්ද ඇහෙන එකට සමාවෙන්ඩ ඕනෙ… අනික සෑහෙන කාලෙකින් විසිල් කරන හන්ද ගීතයේ සමහර තැන් ස්වරස්ථානවල නිවැරදිව පිහිටන්නෙ නෑ…

දැං ඉතිං ආයෙ කාට බය වෙන්ඩද… දිගට හරහට විස්ල් කරනව….

ටික දවසකින් මගේ පුහුණුවේ ප්‍රතිඵලත් පෙන්නන්නංකො….

මෙන්න තවත් ගීතයක්!!!!

දැනට අවුරුදු දෙකකට විතර කලින් මම විශ්ව විද්‍යාලෙ වැඩ කළා නෙ

ආන්න ඒ කාලෙදි අපි  අසෙනිය කුසුම් කියල ආචාර්යවරුන් ගේ  ගායන නර්තන ප්‍රසංගයක් සංවිධානය කළා…

මේ තියෙන්නෙ මං එදා ගයපු ගීතය …..

ඒ හැටි හොඳ කොලිටියක් නං නෑ…. ගීතය කොටස් දෙකක් විදියට පටිගත වෙලා තිබුණ නිසා  මම ඒක එකතු කළා… එතෙනදි වෙච්ච පුංචි හැප්පිල්ලක් සින්දුවේ අන්තිම හරියෙදි දැනෙයි… කරන්ඩ දෙයක් නෑ… පෙම්බරයට කියන්නෙත් නැතුව පණ්ඩිතකමට මං ඒක එක්කාසු කළේ තනියම නෙ….

සෑහෙන කාලෙකට පස්සෙ ආයෙමත් ඒක ඇහුව අද

මට පුංචි ආඩම්බරයක් දැනෙනව සහ මේ ගීතයේ මට ලොකු වටිනාකමක් තියෙනව!!!

මේ ගීතය ලිව්වෙ ඒ විතරක් නෙවෙයි තනු නිර්මාණය කළෙත්අම්මා නිසා…

උගසට ගිය කණ කර රන් අබරණ

ඔබ එනතුරු මග බලා ඉඳී

සරසවියෙන එන අයියන්ඩියෙ

නුඹ ගමට වඩින පාරේ

දෙවැට දිගේ මැයි මල් පිපිලා

දෙපා වලංගුව වාරුව නැති වීා

ලණු ඇඳ මත්තේ දිගා වෙලා

බලාපොරොත්තුවෙ දෑස අයාගෙන

අප්පච්චී එක තැනට වෙලා

රන් මිණි කිරුලක් සිංහාසනයක්

නුඹට වඩින්නට රජ මාලිගයක්

හිතේ මවාගෙන නුඹ පිලිගන්නට

අපෙ අම්මා දොරකඩට වෙලා

අම්ම මේක ලියල නං මං හිතන්නෙ අවුරුදු විස්සකටත් වැඩියි….

ඒත් ගීතයේ සර්වකාලික අගයක් තියෙනව කියල මට හිතෙනව….

ඒ අපේ අම්ම හින්දම නං නෙවෙයි…

මම මේ පද වැලට පුංචි දැරියක්ව හිටි කාලෙත් අදත් එකසේම ඇලුම් කරන නිසා!!!

කම්මැලි පෝස්ට් ලියනව කියල බැනුම් ගොඩාක් අහන්ඩ කන්දෙකම  සුද්ද කරගෙනයි  ඉන්නෙ

ඕනෙ එකක් ලියල යන්ඩලා!!

Advertisements

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in මට හිතෙන හැටි. Bookmark the permalink.

42 Responses to කම්මැලි පෝස්ට් එක සමග මගේ සින්දු නොමිලේ….!!!

  1. Gold fish පවසයි:

    හොඳ හැකියාවක් තියෙනවා….! 😀

  2. Sanuja Jayaratne පවසයි:

    මාරයි අක්කේ මාරයි!!
    මාර හැකියාවක්නෙ අනේ ඔයාට තියෙන්නෙ…. 🙂

  3. Buratheno පවසයි:

    එලස්.!! වොයිස් එක මැක්සා.!!

    විසිල් කිවුවහම මට මතක් වුනේ, ඒ දවස්වල හිටියා ‘විසිල් නිහාල්’ කියලා කෙනෙක්.. TV එකේ සංගීත වැඩසටහන්වලට එහෙම එනවා.. විසිල් එකෙන් තමා වැඩ..

  4. praveena පවසයි:

    ගීය, ගායිකාව, කටහඬ, සහ ලිපිය කදිමයි. සිංහලෙන් කීවොත් එලස් නැත්නම් මැක්සා….:-D

  5. Amarasinghe Sujatha පවසයි:

    //මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.//

    agree

  6. hasithag පවසයි:

    මේ හඬ සැඟවිලා මෙච්චර කාලයක් කොහෙද තිබුණේ 🙂

    • හි හි… නෑ අනේ… ඔහොම කිව්වාම මට ඉස්සර මගේ කැම්පස් එකේ යාලුවො කියන කතාවක් මතක් වුණා මං සින්දු කියද්දි එයාල එක්ක
      උන් කියන්නෙ ජනූ කතා කරද්දි නිකං තල් අත්තට බොරලු ගහනව වගේ නෙ… සින්දු කියන්ඩ වෙනම ගැජට් එකක් හයි කරගන්නවද දන්නෙ නෑ උගුරට කියල

  7. henryblogwalker පවසයි:

    මම වෙච්ච කතාව කියන්නම්කො. මම මේක ඇරියෙ ඉස්කෝලෙ ස්ටාෆ් රූම් එකේදි. සවුන්ඩ් ක්ලවුඩ් ඩොට් කොම් එකට ගිහින් ෆයිල් එක ඇරියා විතරයි මෙන්න මං වටේ ඉන්න ඉන්දියානුවො ඔක්කොම නිශ්ශබ්ද වෙලා කං ඒ පැත්තට මේ පැත්තට හරවා හරවා ඉව අල්ලනවා කොහෙන්ද මේ සද්දෙ එන්නෙ කියලා බලන්න. මෙහෙ වැසියොත් එහෙමයි. උන් එකිනෙකාගෙන් අහගන්නවා ඒ කවුද ඒ කවුද කියලා. මං හිනාව කාගෙන් පෝකර් ෆේස් එක දාගෙන හිටියා. අන්තිමට තමයි කශ්ටියටම මීටර් වුනේ මේක එන්නෙ මගෙ ලැප්ටොප් එකෙන් කියලා.

    පශ්ටයි ඈ. මට නම් මලාට ඔහොම විස්ල් කරන්න බෑ බං! මගෙ වයිෆ්ට පුලුවන් මට වැඩිය හොඳට විස්ල් කරන්න, ඇත්තමයි.

    • හහ් හා… උඹට කියන්ඩ හෙන්රි අය්යෙ මට දවසෙන් බාගයක් විතර යනකල් හිසරදේ වරෙකෝඩිං ඉවර වෙලා … සාමාන්‍ය විදියට විසිල් කරන්නෙ හුළං පාර ඇතුලෙ සිට එළියට නෙ… මං දෙපැත්තටම විසිල් කරනව.. ඒ කියන්නෙ හුළඟ කටෙන් පිට කරල වගේම කට ඇතුලට ඇදල අරගෙනත් නාද නිපදවනව…. සින්දුව රෙකෝඩ් කරල ඉවර වෙද්දි කටේ කෙල බින්දුවක් නෑ… උගුරට යනකල් හිඳිල

  8. මධුරංග පවසයි:

    අද මෙහාට්ට හෝගෑවිල්ලේ වහිනවා. ඒ නිසා මාර කම්මැලියි.
    කම්මැලි නිසාම බනින එක වෙන දවසකට කල් දැම්මා. බනින්නත් කම්මැලියි නේ !!
    අඩේ මාත් ආසයි විසිල් කරන්න. දවසක් සිංදුවක් විසිල් කරගෙන එනකොට මැනේජර් කෙනෙක් ඒක අහගෙන ඉදලා මට බැන්නත් එක්ක !!!
    අම්බෝ එදායින් පස්සේ නෝ විසිල් !!!

  9. Gayan Nadugala පවසයි:

    සිරා නේ අක්කේ සින්දුවත් මාර ගති….. කීප් ඉට් අප් ඈ………

  10. බුද්ධි පවසයි:

    ජනනියා, විසිල් එකෙන් සිංදුවක් කියන්න (හරි වචනෙ නං ගහන්න) උත්සහ කරපු කෙනෙක් තමා ඒකේ අමාරුව දන්නෙ….. ඔහේ විසිල් ගැහුවට හරි විදිහට සිංදුවක් එක දිගට ගහන එක නං හරිම අමාරු වැඩක්. ඒ අතින් මේක මරු. පෙම්බරයා ගැන නං කියන්න වචන නෑ කිව්වා කියන්ඩ. මට නං වැඩිපුරම අල්ලලා ගියේ විසිල් එකේ 1.12 ඉදලා 1.18 වෙනකල් ටික. ඒ ටින නං පට්ටම පට්ට.

    • ඇත්තම කිව්වොත් ඔය විස්ලිං කියන දේ ගායන හැකියාවත් එක්ක තදට බද්ධයිනෙ බුද්ධි…
      දැන් ඔය ඔයාගෙ කැමතිම කෑල්ල මම විසිල් කරන්නෙ ඒක මම ගායනා කරන විදියට.. ඒක ඊට වඩා වෙනස් විදියකට ගයන්ඩ ඕනෙ කියල මගෙ හිතේ ඇඳුනොත් මම ඒක ඒ විදියට විසිල් කරනව…
      සංගීතෙ ජීවිතේම වෙච්ච කාලයක් ගතකරල ඊට පස්සෙ අංශක එකසිය අසූවක් අනික් පැත්ත කැරකිලා නෙ දැන් ඉන්නෙ… සතතාභ්‍යාසය නැති වුණාම කෙනෙක්ගෙ ගායන වාදන හැකියාව මොට වෙනව.. ආයෙ ඒක අල්ලන්ඩ නං ඉතිං යමර යුද්යක් කරල අභ්‍යාස කරන්ඩ ඕනෙ.. මගෙ හිතේ ඇඳෙන ස්වර රටා හරි විදියට ගායනා වෙන්නෙ නැති වුණාම ඒක හරිම පසුතැවිල්ලක් වෙනව…
      මේ විස්තරේ සංගීතෙ ගැන දැනුමක් නැත්තං නං ටිකක් බෝරිං වෙයි.. ඒත් මට දැනෙනව ඔයා කැමතිම ටික කියල මාක් කරල තියෙන ටිකෙන් ඔයාගෙ රසය පිලිබඳව යමක්!!
      ඒකයි ලිව්වෙ

      • බුද්ධි පවසයි:

        පැහැදිලියි කියපු සියල්ල! සිත්තරයක් අඳින්නැතුව කාලයක් ඉදලා පැන්සල ඇල්ලුවාම කෝමද කියලා මම දන්න හින්දා, සතතාභ්‍යාසය ගැන මට හොඳ හැටි තේරෙනවා……. ස්තුතියි පැහැදිලි කිරීම ගැන…. ඉදලා හිටලා මේ වගේ එකක් දෙකක් දාන්න අපි අහන්නම්

      • Buratheno පවසයි:

        බුද්ධියා, දැන් උඹේ කවි හැදී‍මේ සතතාභ්‍යාසය කොහොමද.?? කාලෙකින් දැක්කෙ නෑ උඹ කවියක් ලියලා තියෙනවා.. 😉

  11. mekuwi පවසයි:

    හික්ස් .. මේකනම් මරු ජනූ ..ඒ වගේම ඔයාගේ අම්මගේ පද වැලත් හරිම ලස්සනය්..

  12. සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත පවසයි:

    අක්කගේ කටහඬ හරිම ලස්සනයි. හොඳ ගායන හැකියාවක් තියෙන බව දැනගෙන හිටියත්, කටහඬ මිහිරි බව දැනගෙන හිටියත් ඒ කොයිවගේද කියලා හිතාගන්න බැරුව හිටියේ. ඒක ඔයාටම ආවේණික වෙච්ච ලස්සන කටහඬක්. තව ලස්සන සින්දු කියලා පටිගත කරලා අපිට දෙන්නකො අහන්න.

    විසිල් ගැන කියනවනං මගෙත් ආසම වැඩක්. අර බූරො අයියා කියලා තියෙන විසිල් නිහාල් වෙන්න ඇති, මාත් පොඩි කාලේ ටීවි එකේ දැක්කා හරිම ලස්සනට සින්දු විසිල් කරන කෙනෙක්. ඒ දැකලා බැරි මරගාතේ විසිල් කියලා හුළං පිඹ පිඹ ඉන්න කොට මට හරියට විසිල් කරන හැටි කියලා දුන්නේ අපේ තාත්තා. මං වැඩේ අල්ලගත්තා අපේ අයියටත් වඩා හොඳට. උදේ දවල් රෑ නැතුව විසිල් කරන්න ගත්තහම තමයි ඔන්න අම්මගෙන් මමයි තාත්තයි දෙන්නම බැණුං අහන්න පටන්ගත්තේ. ඊට පස්සෙ ගොම්මං වෙලාව පහු උනාට පස්සේ විසිල් කරන එක නතර කළා. හැබැයි මං ගෙදරදි ඇරෙන්න වෙන කොහෙදිවත් විසිල් කරන්නෙ නෑ. අක්කාගෙ මේ විසිල් සින්දුව තරම්නං ලස්සනට මට ඒ වැඩේ බෑ. ඔයා හරිම ලස්සනට අලංකාර එන තැන් වලදිත් ඒක අරගෙන තියෙනවා.

    අපේ ජනූ අක්කගේ හැකියාවට අතහිත දෙන පෙම්බර අයියට ජය වේවා!!!

    • විස්ල් කරල පුරුදු වෙන්ඩ ඕනෙ නගේ.. අනික අර මං කිව්ව වගේ නිවැරදි ස්වර ස්ථානවල පිහිටල විස්ල් කරන්ඩ නං ටිකක් ගායන හැකියාවත් ඕනෙ… ඒ වුණාට විස්ල් කරන එකෙන් විනෝදයක් ලබන්ඩ ඒක අත්‍යවශ්‍ය නෑ නෙ…මං ඔයාට එවන්නංකො රෙකෝඩ් කරන එව්ව…..තව පොඩි වැඩක් තියෙනව ඒක මේලෙං එවන්නං..

  13. susara wijeratne පවසයි:

    සියල්ලෝ සංගීතයෙන් ජීවිකාව සදා ගනිත්දී සංගීතය ජීවත් කරවීම සඳහා හැකියාව සහ රසබර හදවත් ඇති අය අවශ්‍යය.
    ඒ සඳහා ඔබට ඉහටත් උඩින් සුදුසකම් ඇත.

    • ස්තූතියි සුසාර… මම මෙහෙම දේවල් ලියන්නෙ සීමිත විදියට…. ඒ ඔහු හෝ ඇය ලියල තියෙන දෙයින් මට ඔවුන් විනිවිද පෙනෙන්ඩ ගන්නවා නම් පමණයි….
      මගේ අම්මා මට මුලින්ම ශාස්ත්‍රය දෙන අවස්ථාවෙ ඉඳලම හිතට දුන්න දේ තමයි මේ දේ ඔයාගෙ ජීවන වෘත්තිය වෙන්ඩ ඕනෙ නෑ… හැබැයි ඒකෙන් ඔයාගෙ ජීවිතේ සමබර වෙයි!!කියන එක
      මේක මං අදටත් අත් විඳිනව.. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි!!
      ඉතින් සංගීතෙන් හම්බ කරගෙන කන මිනිස්සු අතරෙ අපි ඉගෙන ගත්තු ශාස්ත්‍රයට තැනක් කවදත් නෑනෙ… තියෙන්ඩත් බෑ නෙ… වැඩි දෙනාට වටින්නෙ ජනප්‍රියත්වය මිසක් තමන්ගෙ හැකියාව නෙවෙයි නෙ… ඉතින් සංගීතය හදාපු තරමින් ඒකෙ ගැඹුර අවබෝධ කරගෙන අම්ම කිව්ව වගේ ජීවිතේ සමබර කරගන්ඩ ඒක ඉවහල් කරගත්ත, රස්සාවට සිතියං අඳින මමත්, වෘත්තියෙන් ඉංජිනේරුවෙක් විතරක් නෙවෙයි බොහොම හොඳ තබ්ලා වාදකයෙක් වෙන මගේ මල්ලිත් තරයේ හිතාගත්ත දෙයක් තමයි අපි දෙන්නම ඕනෙවට වඩා පේන්ඩ එලියට එන්නෙ නෑ කියන එක… අපි හදාරපු දේ අනුව බොහොම සුලු පිරිසකගෙ හදවත්වල විතරයි අපිට ඉඩ තියෙන්නෙ කියල තේරුම් ගත්තාම එච්චරයි. රසඥතාව බලෙන් ඇති කරන්ඩ පුලුවන් දෙයක් නෙවෙයි කියලයි මට හිතෙන්නෙ….

  14. නිසුපා පවසයි:

    මමත් මගේම කියලා සින්දුවක් කියන්න ඉන්නෙ. තනුව,සංගීතය එහෙම දාල තියෙන්නෙ.පුරුදු වෙන්න යන්න වෙලාවක් තමා නැත්තෙ.

    අක්කගෙ විසිල් සද්දෙ අහන්න බෑ ඔෆිසියේ.ගෙදර ගිහින් අහන්න ඕනෙ.

  15. Maneka පවසයි:

    මගේ කෙහෙම්මලේ මේක ප්ලේ වෙන්නේ නෑ:(( ඒ හන්දා ගෙදර ආවම මට ලයිව් ෂෝ එකක් ඕනා…..:(( අලිද??? ඔන්න ටිකට් කඩන්ඩ එහෙම බෑ……!!!

  16. Gaminie Vijith පවසයි:

    විස්ල් එකයි සින්දුවයි දෙකම අහලා රසවින්දා .. ඇත්තටම අපූරුයි නගේ ..!

    විස්ල් කිරිල්ලට මමත් පොඩි කාලේ ඇතිවෙන්න කතන්දර අහලා තියෙනවා. ඒක ඒ කාලේ සැලකුවේ ඉලංදාරි කමක් හැටියට.

    මම කොහේ හරි ගිහිල්ලා ගෙදර එනකොට අපේ කෙල්ලයි කොල්ලයි පේන්න හිටියොත් විස්ල් පාරක් ගහන පුරුද්දක් අදත් මට තියෙනවා. අපේ කෙල්ලටත් කට උල් කරලා පොඩි පිළිතුරු විස්ල් පාරක් ගහගන්න පුලුවන්.

  17. Gaveen Prabhasara (@gaveen) පවසයි:

    මේ ගායනාව මීට කලින් බ්ලොග් අඩවියේ තිබුනෙ නෑ මං හිතන්නෙ 🙂 – http://www.youtube.com/watch?v=Ok_P5x2E3Nk

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )