මෙවන් මවක ලද දරුවෝ නිවුණේ වෙත්….!!!!

 

දුවේ!!!මං ඇතුලට එන්ඩද??

පෙම්බරයගෙ අම්ම කාමරේ දොර ලගට ඇවිත් මගෙන් ඇහුව…

එන්ඩ අම්මෙ ඇතුලට.. මං අම්මට කතා කළා

වරෙං අම්මෙ  ඇතුලට… පෙම්බරය සුපුරුදු විහිලුවෙන් අම්මව පිලිගත්ත….

ඒ ආදරේ මට මුල් දවස්වල හරි නුහුරුයි…. අපේ අම්මට අපි උඹ බං බොලං කියන්නෙ නෑනෙ කවදාවත්….!!
ඒත මේ අම්මයි පුතයි අතර තියෙන ආදරේ මොකක්දෝ වෙනසක් තියෙනව….

අපි අම්මට දක්වන්නෙ ආදරෙට වඩා ගෞරවය වෙන්ඩ ඇති….මේක ඊට වඩා අමුයි ඒත් අව්‍යාජයි…

පෙම්බරය මගෙ කොන්ඩෙ  සරසල තිබුණු මල් ගලවනව… දවසෙම හිරට හිරේ ඇඳගෙන මාල වලලු දාගෙන හිටිය මං කොයි වෙලේ ඒවගෙං නිදහස් වෙන්ඩද කියලනෙ  උන්නෙ…

එහෙව් වෙලාවෙ  හා මං ගලවන්නං!!! කියල ස්වේච්ඡාවෙංම ඉදිරිපත් වෙලා ටිකක් අත ඉක්මං කරන්නෙ නැතුව ලතාවට ඒක ගලවන්ඩ තියාගත්තම  ඉවසුං නැතුව ගිහිං අනේ ඔයා ඉන්ඩ මං ගලවගන්නං කියන්ඩ කට පොපියනව වුණත් මං කරබාගෙන හිටිය…..

ඒක ඊට වඩා ඉක්මනට මට කරගන්ඩ පුලුවං වුණත් උන්දැගෙ ආසාවනෙ….දැන් ඉතිං මට හිතෙන දේම කරන්ඩ හොඳ නෑ නෙ….

ආ ඔහෙප්පලයං…. මූ කවද කරපු වැඩද මේ….??

ඇඳ කොණේ ඉඳගත්තු අම්මට හිනාවෙලා ඉවරයක් නෑ

මේ බලන්ඩකො අම්මෙ කටු ගොඩ….හො වෙලාවට අද අකුණු හෙම ගැහුවෙ නැත්තෙ… නැත්තං අපි ඔක්කොම ඉවරයි මේ කටු ගොඩට අකුණක් ඇද්දනං….

පෙම්බරය අම්මට මගෙ කොන්ඩෙං ගලවපු කටු පෙන්නනව

වතුර උණු කරල ඇති දුවේ… දැන්  රෑවෙලා ඇල්වතුරෙන් ඔලුව සෝදන්ඩ එපා…

මට වතුර බේසම ගෙනත් දීල මං ඇග සෝදගන්නකල් අම්ම පෙම්බරයත් එක්ක කයියක් දාගෙන හිටිය.

ඊට පස්සෙ ඒ කතාවට ඇඟපත හෝදගෙන ආව මාත් හවුල් වුණා…

වෙලාවට වැස්සෙ නැත්තෙ…  කලුකරගෙන එද්දි මං හිතුවෙ අපේ ගාඩ්න් වෙඩින් ප්ලෑන් එක නං ඉවරයි කියල…

හැම දේම හොඳින් කෙරුණ එකම ලොකු දෙයක් නෙ!!!

අනේ පුතාලගෙ තාත්ත හිටිය නං අද කොච්චර නං සතුටු වෙයිද… අනේ දකින්ඩ වාසනාව නැති වුණා නෙ දයා මහත්තයට

හැමදාමත් වගේ පෙම්බරයගෙ තාත්ත මතක් වෙච්ච අම්මගෙ ඇස්වල කඳුලු පිරුණ

දුවේ!!!

අම්ම ඈ ලඟින් ඉඳගෙන හිටිය මගෙ අතින් අල්ලගත්ත

ඈ එහෙම අතින් අල්ලා ගන්නෙ කියන්ඩ වැදගත් යමක් තියෙනකොට කියන එක අත්දැකීමෙන් දන්න මං ඈට උවමනාවෙන් සවන්දුන්න…

මට ඔය දෙන්නට කියන්ඩ දෙයක් තියෙනව… ඒක විවාහ ජීවිතේට ඉතා ම වැදගත් දෙයක්!!!

පුතාලගෙ තාත්තයි මායි බොහොම හොද පවුල් ජීවිතයක් ගත කළා…

දයා මහත්තයත් මේ මගෙ පුතා වෙච්ච  මූ වගෙ මයි.

නාහෙට අහන්නෙ නෑ…… මොනවට හරි තරහ ගියාම සෝඩ බෝතල්  ඇරිය වගේ

හැබැයි එහෙම වෙලාවට මගෙ හිත රිදිල මං අනකොට  හිතට අමාරුයි!!!

අඩන්න එපා චූටි නෝන …. ඔහෙට කොහෙද යන්ඩ ඕනෙ?? දියලපේද? හම්බන්තොටද? නැත්තං වත්තෙද??

අපි යං!!!!!

කියල අක්කලගෙ ගෙවල්වල එක්කගෙන රවුමක් යනව… හිතේ තරහක් තිබුන නං ඒ තරහ හිතේ රන්නෙ නෑ  එහෙම වුණාම

ගණං ගන්ඩ එපා ඔය මගෙ නාදෙ විතරයි, දඩයං නෑ කියල කියනව

අපි අතරෙ වාද විවාද අඩ දබර වෙලා තියෙනව.. විවාහ ජීවිතේක ඒව නැත්තෙ නෑ….දුවේ

හැබැයි අපි කවම දාවත් තරහ වෙලා ඉදල නෑ……..

එයාට තරහ ගිහින් හිටිය නං මං ගිහින් කතා කරනව

ආං තේ හදල, තේ බොන්ඩ එන්ඩ කියල හරි කතා කරනව

පුතාලගෙ තාත්තත් එහෙමයි

මොනව හරි දේකට මට තරහ ගිහින් නං ලගට ඇවිත් යාලු වෙනව….කොහෙ හරි යං කියනව

අන්න ඒක තමයි දුවේ  පවුල් ජීවිතේක වැදගත්ම දේ…….රණ්ඩු කළාට වාද විවාද ඇතිවුණාට දෙන්න තරහෙන් ඉන්ඩ එපා……ඒ තරහ හිතේ තියන් ඉන්ඩත් එපා

අපි කසාද බැන්දෙ පරක්කු වෙලා කියල යි අපි දෙන්නට පස්සෙ කාලෙ හිතුණෙ

චූටි නෝන ඔහෙයි මමයි හම්බ වුණා පරක්කු වැඩියි ඔහේ මට හම්බවෙන්ඩ තිබුණෙ අවුරුදු ගාණකට කලිං!! එහෙම වුණා නං අද මම ඉන්නෙ මේ ඉන්න තැන නෙවෙයි!!! පුතාලගෙ තාත්තගෙ  කටින් නිතර එහෙම කියවුණා

 

ඒ වෙහෙසකර දවස අවසානයේ වජිරා ඇවිත් රෑ කෑම කන්ඩ කියල මතක් කරනකල්ම අපි තුන්දෙනා ලොකු කයියකට වැටිලයි හිටියෙ….

ඔන්න ඕක තමයි මගුල් ගෙදර දාහක් කයි කතක්දර පට්ටන්දර  අතරෙ පෙම්බරයටයි මටයි හිතට වැදිච්ච එකම දේ!!!

මගුල් ගෙදරක මනමාලිව බාරදෙන්ඩ යන වෙලාවෙ… පවුල් ජීවිතේ අරෙහෙම ගතකරන්ඩ මෙහෙම ගත කරන්ඩ කිය කියා දෙසන්ඩ එන වැදි බණවලට වඩා අම්මගෙ පවුල් කෑමේ අත්දැකීම අපි දෙන්නට කොච්චර නං වටිනවද??

අපි දෙන්න  අම්මගෙ උපදේශය ගැන නිතර ඒ ගැන කතා කරනව

කොටින්ම අපි ඒ උපදේශෙ වටිනාකම ප්‍රායෝගිකව අත්දකිනව…!!!

ඈත් මාත් අතරෙ ඉතා හොඳ අවබෝධයක් තියෙනව කිව්වොත් ඒ ගැන  කියන්ඩ තාම කල් වැඩියි කියල සමහරුන්ට හිතෙයි…

මං කියන්නෙ නැන්දම්ම ලේලි අතර සාම්ප්‍රදායික අරගලය ගැන අත්දැකීම් තියෙන ඒකෙන් බැට කන කෙනෙක්ට එහෙම නං මේ මාස තුනකින් ඈ එක්ක එක ගෙදර ඉන්නෙත් නැතුව නං ඔහොම කාට කියන්ඩ බැරිද කියල හිතෙන තරම්  විහිලුවක් වෙයි…

ඒත් ඒක හරිම  අරුමපුදුම බැඳීමක්… මෙහෙම විස්තර කරල ලියන්ඩ බැරි දේවල් බොහොමයක් හිතට දැනෙනව ඈ ඇසුරේ ගතකරද්දි…

ඒ  විතරක් නෙවෙයි…..මේ මෑතකදි මගේ පෙර ආත්මය ගැන කතා කළ එසේ පෙර භවයන් දැකීමේ අධ්‍යාත්මික ශක්තියක් ඇති අපේ පවුලේ හිතවතියක් පැවසූ දෙයකින් පෙම්බරයයි මමයි පුදුමෙන් පුදුමෙට පත් වුණා…

දුව…..ඔයා  පුතාගෙ අම්ම ගැන  ගොඩක් හිතනව නේද??

මම නිරුත්තර වුණේ…  ඒ වගේ වෙලාවක මොනව කිව යුතුද කියල වැටහීමක් නැතුව…

සමහර වෙලාවට ඔයාගෙ අම්මටත් වඩා ඔයා පුතාගෙ අම්ම ගැන හිතනව… දුරක හිටිය වුණත් අම්ම කෑවද?? අම්ම සනීපෙන්ද?? මේව නිතරම ඔයාගෙ හිතේ තියෙනව… මං හරිද??

අපි දෙන්න නිතර කතා කරනව නං තමයි!!! මං කිව්වෙ දෙකට දෙවාරමට නැති උත්තරයක්!!!

මං එහෙම කිව්වම ඇස් පියාගෙන හිටි ඇගේ මුහුණේ අපූරු සිනාවක් ඇඳුණා…

ඔය දෙන්නගෙ ඒ බැඳීම මේ පුතාගෙ පවුලට ඔයා සම්බන්ධ වෙන්ඩ කලින් එකක්!!!

බොහොම කලින් එකක් දුවේ!!! ඔයා ගෙ එක භවයකදි මේ පුතාගෙ අම්ම ඔයාගෙ කිරි අම්ම වෙලා ඉල තියෙනව.. ඒ කිරි අම්මයි ඔයයි බොහොම සමීපව ඉල තියෙනව…

ඔයාලට මේ ආත්මෙදි නැන්දම්මයි ලේලියි වෙන්ඩ වුණත් ඔයාල අතරෙ මේ තරම් තදබල බැඳීමක් තියෙන්ඩ හේතුව ඒකයි!!!!  ඒ බැඳීම ඔය දෙන්නට මේ භවයටත් ආශිර්වාදයක් වෙලා තියෙනව!!!

 

විනාඩියක් විතර යනකල් මම වචනයක් කතා කරගත නොහැකි තත්වෙකට පත්  වුණා කිව්වොත් ඒක පුදුමයක් නෙවෙයි නෙ නේද??

ඒ අරුම පුදුම බැඳීම ගැන තවත් මොනව පැහැදිලි කරගන්ඩද කියල මට හිතුණ!!!

ඉතින් අද මේ සටහන පිදෙන්නෙ පෙම්බරයට ඉරිසියාවක් නොදැනෙන්ඩ මටත් ,මට කිසිම වෙනසක් නොදැනෙන්ඩ පෙම්බරයටත් ආදරේ බෙදන රහස දන්න පෙම්බරයගෙ හා මගේ ආදර අම්මාටයි…

 

 

ලියන්ඩ ඕනෙ කමත් තිබුණු, ලියන්ඩ කියල හිස් පිටු දිගෑරගෙන වරු ගණන්  ඒ දිහා හිස් බැල්මෙන්, හිස් හිතින් බලන් හිටපු ඒත් කිසි දෙයක් නොලියපු, හිතාමතාම කිසිවක් නොලියා හිටපු දවසින් දවස ගත වෙලා ගියා…..

ලියන්ඩ දේවල් නැතුව නෙවෙයි…

සමහර දේවල් ලියන්ඩ අරන් එහෙමම අත ඇරිය.. ඒක ලියන්ඩ අවශ්‍ය රිදම් එක හිතේ නැති හන්ද…

සමහර එව්ව ලිව්ව ඒත් පබ්ලිෂ් කළේ නෑ….

පෙම්බරය රාජකාරියකට මාලදිවයින් ගියා

මං උදේ වැඩට ආව හවස ගෙදර ගියා!!

අත්‍යවශ්‍ය රාජකාරි පමණයි!!!

හරියට හයිබනේට් වෙච්ච හිමවලහෙක් වගේ….

ඒකාකාරී රටාවකට අනුගත වෙන්ඩ වුණා….

ඒ රටාව ඇතුලෙ බ්ලොග් එකට ඉඩක් තිබුණෙ නෑ.. ඉඩ දෙන්ඩ හිතක් තිබුණෙත් නෑ ඒ දවස්වල…

මට ඕනෙ වෙලා තිබුණෙ එක පාරටම පිබිදීමක්.. හිත කළඹන සිද්ධියක්…

හිතට තදින් දැනෙන යමක්!!!
කොටින්ම කිව්වොත් ජම්ප් ස්ටාර්ට් එකක්!!!

මෙහෙම නිද්‍රාශීලීව ඉන්න වෙලාවට ඒක තමයි ප්‍රතිකාරෙ….

එක එක දේවල් ට්‍රයි කළත් බ්ලොග් එකත් එක්ක ඇතිවෙලා තිබුණ දුරස්ථබව මැඩලන්ඩ සමත් වෙච්ච යමක් තිබුණෙ නෑ….

අද වෙනමම අරමුණක් වෙනුවෙන් යමක් ලියමින් ඉන්න අතරෙ තමයි මේක ඔලුවට ආවෙ….

මතුපිට කතාව විතරක් නෙවෙයි මේ කතාව ඇතුලට එබිල බැලුවාම අම්ම  වචනයෙන් නොකියා මට  තේරුම් ගන්නට ඉඩදී ඇති කතාවල් ගොඩක් මගේ හිතට තදින් දැනෙනව…

කෙනෙක් ගෙ ජීවන අත්දැකීම් තව කෙනෙක්ගේ ජීවිතය යහපත් කරන්ඩ පුංචි උදව්වක් හරි වෙනව නං ඒක වටිනව නෙ…

මේ කතාව ඔයාලත් එක්ක බෙදාගන්ඩ හිතුණෙ ඒ හන්දයි

ඉතිං මොනවද හිතෙන්නෙ

 

ඔය උඩින් දාල තියෙන පින්තූරෙ ඉන්න අය ගැනත් අවස්ථාව මොකද්ද කියලත්  අමුතුවෙන් කියන්ඩ ඕනෙ නෑ නෙ නේද??

 

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in පෙම්බරයයි මමයි. Bookmark the permalink.

25 Responses to මෙවන් මවක ලද දරුවෝ නිවුණේ වෙත්….!!!!

  1. අනේ වාසනාවන් අක්කේ….හැමදාම ඔය ආදරෙත් එක්ක අම්මටයි, අක්කටයි, පෙම්බරයටයි ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා….

    අම්මා දීපු අර උපදෙස, කසාද බැන්දම විතරක් නෙමේ කසාද බඳින්න කලිනුත් ගොඩක් වැදගත් වෙනවා….

    ජය හා සතුට…..

  2. මටත් හරි ආසයි අර නෑදෑයගෙන් මගේ පෙර භවය ගැන අහගන්න.

    මොනවා වුනත් අක්කගෙ නැන්දම්මා කියලා තියෙන කතාව සහතික ඇත්ත.දෙන්නම එක පාර තරහ ගත්තොත් මගුල හබක්…

  3. පොස්ට් එක නියමයි

  4. Ravi says:

    අම්මප ඇත්ත බොල….මෙවන් මවක ලද දරුවෝ නිවුණේ වෙත්!!!….

    ජීවිතේ කියන්නෙ මොකක්ද කියල හරියටම තේරුම් ගත්තු අම්ම කෙනෙක්…බොගෙ පූරුවෙ වාසනාවකට එහෙව් කෙනෙක් ලැබුණෙ….නැත්නම් උඹට තියෙන නුහුගුණේ හැටියට අනේ මන්ද මොකිං මොක වෙයිද කියල…..

    අර පෙර බවේ ගැනනම් මට දැනගන්ට දෙයක් නෑ බං…මම දන්නව මයෙ පෙර බවේ විතරක් නෙවෙයි පෙර ආත්ම හතක් දක්වා…හෙහ්, හෙහ්,

    • Maneka says:

      //අර පෙර බවේ ගැනනම් මට දැනගන්ට දෙයක් නෑ බං…මම දන්නව මයෙ පෙර බවේ විතරක් නෙවෙයි පෙර ආත්ම හතක් දක්ව//

      හා කියමු බලන්ඩ ඔය හතේ මොක්කු වෙලා උන්නද කියලා….

      • Buratheno says:

        ඔය හතේ මොක්කු වෙලා උන්නද නං දන්නෑ, හැබැයි ඒ ආත්ම හතට කලින් ඕකා ඇවිත් තියෙන්නෙ පිටසක්වල ඉදලා.. ඒකනං මට හූණා කිවුවැහේ කියන්ට හැකි.. 😉

    • මගෙ නුහුගුණේ ඉතිං දැං අරින්ඩ යැ බොල අයියෙ??
      කෝ දැං ඔය පුනර්භවේ දන්නව කිව්ව නෙ ආත්ම හතක්ම… කිව්වනං??

  5. Giza says:

    ජනු හරිම සතුටුයි මෙහෙම හොද තවත් අම්ම කෙනෙක් ඔයාට ලෑබුන එක ගෑන.
    ඒ වගේම ආයමත් ඔයා ලියන්න පටන් ගත්ත එක ගෑනත් සතුටුයි

  6. Maneka says:

    එක හුස්මට කියවපු ලිපියක් මේක නම්..මේ දක්වා ලියපු ඔක්කොම ලිපි වලින් මං ආසම එක…සෑහෙන වේලාවක් හිටිය මොනවද දාන්නේ කියල හිත හිත…

    ඇත්තටම තමන්ගේ අම්ම වගේ ලෙන්ගතු නැන්දම්ම කෙනෙක් ලැබෙන්න පින් කරලා තියෙන්න ඕනි කියලයි මං නම් හිතන්නේ…ඒ අතින් නම් අක්කා ගොඩක් වාසනවන්තයි… කියලයි මට හිතෙන්නේ…. ඒ අම්මා විතරක් නෙවෙ…ඒ නැදෑ සනුහරේම හරිම ලෙන්ගතුයි කියලයි මටනම් දැනුනේ…

    අහ් එදා ඔලුවේ ක‍ටු ගලවන්න සප් එකක් ඕනද කියලා අහන්න හදලත්..දැන් ඉතිං ඔය ක‍ටු නෙවෙ ඔලුවේ කෙස් ගස් ටික හරි ගලෝලා දාන්න එක්කෙනෙක් ඔය ඉන්න හන්ඳා මං ගිහින් වැටිච්ච තැනක බුදියගත්තා! :ඩී

    //ඒ වෙහෙසකර දවස අවසානයේ වජිරා ඇවිත් රෑ කෑම කන්ඩ කියල මතක් කරනකල්ම අපි තුන්දෙනා ලොකු කයියකට වැටිලයි හිටියෙ….//
    ඇහ් බොල අර හෝටලේ දෙසල දෙසලා ඇවිල්ල බොලාලා දෙන්න ආයෙත් දෙසුවද????

    • නගේ උඹ මයෙ දෙවනි මනමාලි වෙච්චි, උඹ ඉතිං අපි එක්ක නෑගං හෙමත් ගියානෙ… ආයෙ මෙව්ව කියවන්නෙ අහවල් එකටෙයි.. ඒ ගැන උඹ දන්නවනෙව….
      දැක්ක දැක්ක වැටිච්ච වැටිච්ච තැංවල නිදාගෙන හිටිය හැටි…
      හහ්!!! අපි දෙන්නට කන්ඩ පුලුහං වුණායැ බොල අර විජ්ජුම්බර මැද්දෙ?? ඉතිං කෑව නේන්නං ආයෙ ගෙදර ඇවිත් සම්බෝලයි බතුයි

      • Maneka says:

        නෑගං නොගිහිං කොහොමයි!! හත් දවසක් මඟුල් කන්ඩ එපායෑ….

        මනමලයගේ ගෙදර ගෙහුං ඒ ගෙදරකිරි හොද්දට බස්සලා..
        මනමාලයගේ මහ ගෙදර ගෙහුං ඒ ගෙදරත් කිරි හොද්දට බස්සලා..
        ඒ අසල නියම් ගම් වල නෑයින් වෙසෙත් නම් ඒ ගෙවලුත් කිරි හොද්දට බස්සලා..

        ….නේ අපි ආපහු ආවේ!!!

  7. රූ says:

    හැබෑවටම අපූරු නැන්දම්මා කෙනෙක් පවුල් ජීවිතයකට ආලෝකයක් කියල මමත් පිළිගන්නවා..
    අත්දැකීමෙන්ම මමත් ඒක අත්විඳලා තියනවා..
    නැන්දනියකගේ ලෙංගතුබව අපූරුවට කියැවෙන ලස්සන පෝස්ටුවක්..

  8. වටින පෝස්ට් එකක් ජනූ !!!

  9. Buratheno says:

    අනේ මන්දන්නෑ, මේ උන්දෑ මේ ඉන්නවා-මේ නෑ, එක දිගට ‍පෝස්ට් දෙක-තුනක් ලියනවා ආයෙම මාස ගානකට දකින්න නෑ.. වලාමේ!!

    • උඹට කියන්ඩ අයියෙ… මයෙ හැටි එහෙම තමා… උන්න ගමං පිස්සු හැදිල වගේ ලියාන ලියාන යනව… ඊට පස්සෙ මලවගෙන මලවගෙන යනව….

  10. //අන්න ඒක තමයි දුවේ පවුල් ජීවිතේක වැදගත්ම දේ…….රණ්ඩු කළාට වාද විවාද ඇතිවුණාට දෙන්න තරහෙන් ඉන්ඩ එපා……ඒ තරහ හිතේ තියන් ඉන්ඩත් එපා// මරු ඇඩ්වයිස් එක 🙂

  11. හංස කිංකිණි!! කාලෙකට පස්සෙ!!!ඒත් මම කල්පනා කලා මොකද සද්දයක් නැත්තෙ කියලා. මේකයි හේතුව හා? මම මුලින් හිතුවෙ ප්‍රබන්ධයක් කියලා. ෆෝටෝස් හෙම දැක්කම තමයි වැඩේ තේරුනේ. .මෙය තවත් බ්ලොග් පෝස්ට් එකක් පමණක් නොවේවා. මේ බැම්ම සදාකල් ‍රැඳේවා!! වාසනාවන්ත යුගදිවියකට උණුසුම් සුභපැතුම් බ්ලොග්වෝකර් පවුලෙන්ම!

    ඒ වගෙම, ඔය වගෙ නැන්දම්මෙක් ලැබුන ලේලියක්ද – නිවුනාවේ. මතක තියාගන්න ඔයිට වැඩිය හොඳ මංගල තෑග්ගක් තවත් නැති බව. ඕකෙ අනිත් පැත්ත හුඟක් අයට වෙන්නෙ, එතකොට හොදි ඕනෙ නෑ.

    ආයෙම බ්ලොග් ලියන්න හංසකිංකිණි!

    henryblogwalker the Dude

    • හෙන්රි අයියට ස්තූතියි!!!
      මට අම්මල දෙන්නෙක් ඉන්නව… ආයෙ පෙම්බරය ගැන ලියන්ඩ දෙයක් තියේයැ?? මට තරංම පිස්සු නෙව.. මං හිතනවටක් වඩා මගේ ගැන හිතන මලයෙක් ඉන්නව… වෙන්ඩ නෑනෙක් ඉන්නව… අනේ වෙන මොනවද අයියෙ මට ඕනෙ… ???
      ලියනව ලියනව… මේ දැනුතු එකක් ලියන්ඩ හිතන ගමන්….

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s