තාත්ත ඉස්තෝප්පුවෙ පඩිය උඩ ඉඳගෙන…
මං ඉන්නෙ තාත්තගෙ සරං ඔඩොක්කුවෙ…..
දවල් කෑම කාල ඉවර වෙලා පොඩි නින්දක් හෙම දාල නැගිටල… අම්ම දුන්න තේ එක බීල තාත්ත ඇවිල්ල ඉස්තෝප්පුවෙ පඩියෙ ඉඳගෙන ඉන්නව… මල්ලි හරි මං හරි දුවගෙන ඇවිල්ල ඔඩොක්කුවට පනින්නෙ ඒ වෙලාවට.. තාමත් මද නින්දක ඇස් දෙක පියාගෙන ඉන්න තාත්ත හෙමිහිට මාව දෙපැත්තට පද්දනව
(අනේ දැන්නං ඒ පඩිය කඩල අයින් කරල… ඇයි ඉස්සරහ පැත්තම විනාස වුණා නෙව….)
ඔරු පදිනේයා!!!! පරු ඔදිනේයා!!!! පැදල පැදල පැදල පැදල හති වැටුණේයා!!!
මං කියන්නෙ ඔය සරං ඔරු පැදිල්ලටම හදාගත්ත කයියක්!!
තාත්තගෙ සරං ඔඩොක්කුව කියන්නෙ මේ ලෝකෙ මං ඉඳගත්තු සැපම තැනක්!!
ඒක කොහොමද ඔයාලට විස්තර කරන්නෙ… ඔයාලත් මේ අත්දැකීම ලබල තියෙනව නං තේරෙයි තාත්තගෙ සරං ඔඩොක්කුවෙ ඉඳගන්න එක ඔය සැප පුටු දාහක් පරාදයි කියල…එතන තියෙන්නෙ ආදරය ආරක්ෂාව…. මේ හැම දේම මුසු වෙච්ච සුවයක්!! මේක අත් විඳපු නැත් කෙනෙක් ඉන්නව නං කවද හරි තමන්ගෙ දරුවෙක්ව මෙහෙම හුරතල් කරල බලන්ඩකො….
ඔහොම ඉඳගෙන දෙපැත්තට පැද්දෙනකොට එක එක දේවල් මගෙ ඔලුවට එනව…. මගදි දැකපු දේවල්!!! ඉස්කෝලෙට ළමයි ගෙනාපු අරුමෝසම් බඩු…. ළමයි කරපු නරක වැඩ….
තාත්ත ඉන්නෙ ඒව අහගෙනද නැද්ද කියල මූණ අතගාල
තාත්තෙ….?? අහගෙනද ඉන්නෙ කියලත් අතරමැදදි අහනව….
අඩ නින්දෙ ඉන්න තාත්ත.. හ්ම් හ්ම් කියනව!!!
ඔරුපදිනේ යා……….. පරු……… තාත්තෙ???
නිරායාසයෙං කියවෙන ඔය කවිය අස්සෙ කවිය අස්සෙ හිතින් යමින් හිටපු මහා සංචාරෙ නවත්තල මං
එකපාරටම කතා කරන්නෙ හදිසියෙම මතක් වෙච්ච දෙයක් අහන්ඩ
හ්ම්????
නිශ්ශබ්දතාවයක්
තාත්තෙ…….
ඇයි බොලං??
එලා එල බලන්නෙ කොහොමද???
මොකක් කිව්ව?? එලා එල??
ඔවු!!
ඒ මොකද්ද බොල ඒ? එලා එල??
ඔවු තාත්තෙ ඇයි අර සුමතිපාල බාප්පලගෙ ගෙදර තියෙන්නෙ
ඔවූ
එයාලගෙ ගෙදරට ඉහලිං තියෙන ගෙදර ඉන්නෙ පොඩි අත්ත??
ඉතිං??
එයා එලා එල බලනව නෙ…. තව කේන්දරත් හදනවලු… අර බෝඩ් එකක් ගහල තියෙන්නෙ අලුතෙං තාත්ත දැක්කෙ නැද්….
මට වාක්‍යය ඉවර කරගන්ඩ විදියක් නැති වුණේ මෙච්චර වෙලා නිදි කර කිර හිටපු තාත්තගෙ හිනාව ඊට කලිං එළියට පැන්න හන්දයි…
දැනට අවුරුදු විස්සකට විසි දෙකකට කලින් ඒ වෙලාවෙ තාත්ත හිනා වෙච්ච විදිය මට තාමත් මතකයි
එලා එල නෙවෙයි බොල බොල ලොකු බල්ලො ඵලා ඵල… මහප්‍රාණ පයන්න….
පලාපල….
මැල්ලුං පලා නෙවෙයි…ඵ… ඵ…
ඵලා ඵල???
ආං හරි… ඒ කියන්නෙ මිනිස්සුන්ගෙ සුබ අසුබ කාල ගැන කේන්දරෙං බලල කියන්ඩ පුලුහං පොඩි අත්තට… හිනාව අස්සෙං තාත්ත කියාගත්ත
ආ…… ඒකද මේ…. හිනා වෙන්ඩ එපා තාත්තෙ… අනේ කාටවත් කියන්ඩ එපා මං ඒක වැරැද්දුව කියල… හොඳ තාත්තනෙ….
බෑ බෑ… මං කියනව…. අනේ එපා… මං ආයෙ තාත්ත නිදාගෙන හිටපුවාම බූල් බෑන්ඩ් දාන්නෙ නෑ තාත්තගෙ කොණ්ඩෙට….
තාත්තා මදක් කල්පනා කරනව…
ම්හු…. බෑ බෑ….
ආයෙ බුලත් කොල අස්සෙ ගම්මිරිස් කොල කඩල කියන්නෙත් නෑ….
හා… එහෙනං සලකල බලන්නං…
පහුගිය දවසක නිදිමතේම විටක් ඒදන්ඩ ගිහිං බුලත් කොලයක් කියා මං කඩල තියපු ගම්මිරිස් කොලයක් කාපු තාත්තට වත්ත වටේ එළවලත් මාව අල්ලගන්ඩ වුණේ නෑ…. එදා වෙච්ච කරදරේ මතක් වෙලා වෙන්ඩ ඇති හා කිව්වෙ..
හොඳ…අ තාත්ත මං බෙල්ල බදාගෙන තාත්තව ඉම්බ
අනේ එහෙම කිව්වට මොකද කියල කට ගන්ඩ වුනේ නෑ අම්ම එතෙන්ට ආව ගමන් එලා එල කිව්ව!!!
ඒ මදිවට අවුරුදු ගාණක් යනකල් මාව තරහ ගස්සන්ඩ මට “එලා එල” කිව්ව….
අනේ මන්ද මගෙත් වැඩ…
මහ ලොකුවට මේ බ්ලොග් එක ලියාගන්ඩ බැරුවට තවත් එකක් පටන් ගත්තනෙ ජනූ බබා කාලෙ වෙච්ච වැඩ ගැන ලියන්ඩ කියල…
වර්ඩ් ප්‍රෙස් හා බ්ලොග්ස්පොට් කියන බ්ලොග් දෙවර්ගයම පාවිච්චි කරල වඩා පහසු එක තෝරගන්ඩයි ඉස්සෙල්ලාම එහෙම කළේ. කිව්වම මොකෝ පෙම්බරය විතරක් නෙවෙයි කාලෙකට ඉස්සර බ්ලොග් ලෝකෙ වැඩිම කතා බහට ලක්වෙච්ච ටැබූ ත් වතාවක් යෝජනා කළා ඔය බ්ලොග් දෙකම එකකට ගෙනල්ල ප්‍රවර්ග කරගන්ඩ කියල… ඒ වුණාට මං කැමති වුණේ ඒකෙ ලියන එව්වගෙයි මේකෙ ලියන එව්වගෙයි වෙනසක් තියෙන හන්ද ඒ දෙක වෙනස් තේමාවන් යටතේ තියෙන්ඩ ඕනෙ කියල..
ඒ ඉතිං ජනූට හිතිච්ච හැටි…
අද නං ලියන්ඩ යන්නෙ හරි නං ජනූගෙ කතා බ්ලොග් එකේ ලියන්ඩ හිටපු එකක්…මේ කතාව කාලෙකින් අමුත්තෙක් තියා මං වත් ගොඩ වැදිච්ච නැති ඒකෙ ලියන්නෙ නැතුව මේකෙ ලියන්නෙ පැහැදිළි කම්මැලිකමට. අනික තියෙන මහ ගොඩාරියක් වැඩ අස්සෙ බ්ලොග් දෙකකුත් ලියන්ඩ ගත්තොත් මට දෙකෙන් එකක්වත් ලියන්ඩ බැරි වෙයි. මෙහෙම ගිහින් ඒක අභාවයටම යයිද මන්ද?? ;
හිතෙන කොටත් දුකයි!!!
ඉතිං කතාවට එමුකො වැල්වටාරං ආරලු බූරලු නැතුව….
අපේ තාත්ත නං හරිම පුදුමයි….
හදිස්සියෙම අපිට තේරුම් බේරුම් යන කාලෙ වෙන කොට අපෙන් වෙන් වෙලා ගියාට අද හිටිය නං එහෙම බොහොම හොඳ සංවාදශීලී සම්බන්ධතාවක් ඇතිවෙන්ඩ තිබුණ අපි අතරෙ…
පුදුමෙ කියන්නෙ අපේ තාත්තට අපි දෙන්නම පුංචි කාලෙ කරපු කියපු දේවල් මතක තිබුණ…
ඔය වගේ අපි දෙන්න වරද්දල කියපු දේවල් විතරක් නෙවෙයි අපි දෙන්න එක එක දේවල්වලට කියපු විකාර වචන පවා තාත්තට මතක තිබුණ…
මං බහ තෝරන කාලෙ අපේ ගෙදර උණ ගහක බැඳල උසට උසේ තිබුණ ඇන්ටනාවට කිව්වෙ “ඇටුනං”කියලලු..
බැටරි කෑලි දැක්කම මං “අලිංටිංටිං”කිව්වලු.
අපේ මල්ලි රූපවාහිනියට කිව්වෙ “ටීබියෝ” එක කියල…
මං හිතන්නෙ ඒක ටීවී හා රෙඩියෝ කියන වචන වල සම්මිශ්‍රණයක් වෙන්ඩ ඇති….
වතාවක් කවුපිවලට ආස වෙච්ච පාර එයාට “මවුපියො කන්ඩ ඕනෙ” කිව්ව…
අපේ චූටි මාමගෙ නංගි එලුවො කෑගහන්නෙ බච බච ගාල කියල තමයි කිව්වෙ.. ඉතිං එලුවොන්ට කිව්වෙ බච බච කටිටිය කියල…
ලොරියට කිව්වෙ රොලිය කියල
අපි ට්‍රිප් එහෙම යද්දි එයාට කියල මන්ද නාව කාරණාව සින්දුව කියවනව
ඇයි ඒකෙ තියෙනව නෙ කෑල්ලක් මෙන්න මෙහෙම “රොලි බාගේ මග හිටියා එන කොට රෑ ජාමේ” කියල
අපේ ලොකු නැන්දගෙ නංගි සුධර්මිකා ගෙම්බට බෙංග කිව්ව…
අපි දෙන්න වැහි කාලෙට අපේ ගෙදර හුඩ් එක යටට එන කඩි ගෙම්බො සේරමලට අතුල පීරිස් කියල නම තිබ්බෙ ඒ කාලෙ වැඩිය නාලිකා තිබුණෙ නැති රූපවාහිනියෙ ඔය නම නිතර දැකල මතකෙට වෙන්ඩ ඇති…
ඒ විතරක් නෙවෙයි සිංහල හඬ කවපු “ටාසන්” පෙන්නුවෙ “ප්‍රොක්ටර් ඇන්ඩ් ගැම්බල්” කියල ආයතනයක අනුග්රහයෙං මට මතක හැටියට… ඕක කොච්චර නං මතකෙ රැඳිල තිබුණද කිව්වොත් අපි දෙන්න අපිට ගෙනල්ල දුන්න ඉස්සෙල්ලාම පූසො ජෝඩුවට නම් තිබ්බෙ ප්‍රොක්ටර්, ගැම්බල් කියල….
එක අතකට මං එලා එල කිව්ව කියල ඇටුනං කිව්ව කියල ලැජිජ වෙන්ඩ දෙයක් නෑ… මේ ඊයෙ මං කොන්ඩෙ කපන්ඩ ගියාම මං සංගීතෙ ඉගෙන ගෙන තියෙනව කියල දැනගත්ත එතන හිටිය කරදඬු උස් වෙච්ච කොල්ල ඇහුවනෙ මගෙං… ඒ කියන්නෙ ඔයා හාත්කණ්ඩේ කරලද ඉන්නෙ කියල… මටයි මගෙ යාලුව රුවා ටයි හිනාව නවත්තගන්ඩ බැරි වුණා… ඒ මදිවට අද ඔෆිස් එකේදිත් එක්කෙනෙක් කිව්වනෙ ඔයා ඉතිං හාත්කණ්ඩේ කරන්ඩ ඇත්තෙ පොඩි කාලෙම නෙ.. කියල…. අපි දෙන්න ආයෙත් හිනා වුණා වරුවක්!!!
පුංචි කාලෙ ඉඳල අපේ අම්මට ටීචම්ම කිය කියා අපි ගිය දවසට අපේ ගෙදරට රිංගන අල්ලපු පොඩි මෑන් කොලුව ශිෂ්‍යත්වෙ කරපු දවස්වල වෙද්ද දෙයක් මේ…
මම පොඩි මෑන්ට දුන්න ප්‍රශ්න පහක් හයක්…
එක ප්‍රශ්නයක් තමා කුස්සියේ තිබෙන ප්‍රයෝජනවත් භාණ්ඩ පහක් ලියන්න
මෙන්න උත්තරේ
- කුල්ල
- හිරමනය
- කිරි ගොට්ට
- මුටිටිය
- රයිස් පුකරය
පටංගත්තෙ කොහෙං වත්… ඉවර වුණේ තවත් කොහෙං වත්!!!
ඒකෙං කාරි නෑ………………..
ඉතිං ඉතිං… කියන්ඩකො……ඔයාලටත් නැතෑ ඔය වගේ කතන්දර… නේද??
හාත්කණ්ඩේ මේ මොකද්ද අක්කේ….????
අපෙ මල්ලි මල් වලට කිව්වේ … “ඩොකොල් ඩොකොල්” කියලා…
මිසයිල් වලට කිව්වේ නිසයිල කියලා….
හාත්කණ්ඩේ නෙවෙයි මලයො හරි වචනෙ Bhathkande.. ඉන්දියාවෙ ලක්නව් නගරයේ තියෙන සංගීත සරසවියක්!!
දැං ඔය මල්ලි කියපුව විතරක් කියල මාරු වෙන්ඩද හදන්නෙ??
……………………………………………………………………………………… කොච්චර කල්පනා කලත් මතක් වෙන්නේ නෑ නොවෑ 😦
ඔය බොරු ඔය බොරූ
නගේ කියන්ට දාහක් දේ හිතට ආවා.. කොහෙන් පටන් ගන්නද හිතාගන්න බෑ බං..
මතකද ඒ කාලෙ මිහිර පත්තරේ ගිය යෝධයාගෙ කතාව..?? ඕකෙ එක සතියක තිබ්බා යෝධයා අලුතෙන් ‘දොඩං කොම්පැණියක්’ විවෘත කරන්න යනවා කියලා.. මං ඔය විවෘත කියන වචනෙ එතකොට අහලා තිබුනෙ නෑ (මං එතකොට බාලාංශෙද, එකේද කොහෙද).. මං ගිහින් ඇහුවලු අම්මගෙන් “මොකද්ද අම්මි විර්වාත කරනවා කියන්නෙ.??” කියලා.. අපේ අම්මා තාමත් ඕක මතක් කරලා හිනාවෙනවා..
ඔන්න එකපාරක් ගමේ ගිහින්, මාත් ඔය වගේම සීයගෙ බුලත් වට්ටියෙ බුලත් කොල අස්සෙන් ගම්මිරිස් කොල හැංගුවා.. මගෙ කරුමෙට බුලත් කන්න වාඩිවුනේ තාත්තා.. කියන්න ඕන නෑ නේ ඊටපස්සෙ මක්කැයි වුනේ කියලා, හික්ස්.!!
පුංචි කාලෙ රෑට කෑම කාලා ඉවරවෙලා, තාත්තා අක්කටයි මටයි කතා කියලා දෙනවා.. එහෙම කිවුවට ඉතිං මේක කාලෙ ගතවෙන ක්‍රියාවලියක්.. තාත්තා ඉතිං බොහොම වෙලාව අරගෙන විටක් එහෙම ලෑස්ති කරගෙන (අක්කටයි මටයි ඉවසිලි නෑ, තාත්තට ගානක්වත් නෑ), හරිබරි ගැහිලා සාලෙ වාඩිවෙලා, විටත් හපන ගමං කතාව කියනවා.. අක්කයි මායි දෙපැත්තෙ ඉදං හූමිටි තියන්න ඕන.. කතාව දිග එකක් නං, අතරමැදදිත් තාත්තා ආයෙ ‘කොමර්ෂල් බ්රේක්’ ගන්නවා අලුත් විටක් ඒදන්න.. ඉතිං ඔන්න දවසක් ඔය වගේ ගත්තා බ්රේක් එකක් “හා මං ටක් ගාලා විටක් හදාගෙන එන්නංකො” කියලා.. දැන් ඔන්න ඉතිං අක්කයි මායි බලාගෙන ඉන්නවා ඉන්නවා, මෙයා නෑ.. විනාඩි 15ක් ගියා, පැය බාගයක් ගියා තාමත් නෑ.. දැන් නිදිමතත් පෙරෙනවා.. බැරිම තැන මං ගිහිල්ලා බැලුවා, අනේ තාත්තා හොදට නිදි.!!
අනේ ඒ වගෙ කාලයක්… 😦
කොච්චර නං කියල ලියන්ඩද බූර අයියෙ??? තාත්ත අපිට කියපු කතන්දර ඒව කියපු හැටි ගැන ලියල තියෙනවනෙ මීට කලින්…. අපිට අඩු ගාණෙ මේව මතක තියෙන එක හොදයි……ඒ කාලෙ ආයෙ කවම කවදාවත් එන්නෙ නෑ නෙ…
ඇයි හෙලිකොට්ටරේ….
ඇත්තම කියනවානම් ජනූ මට තවමත් සංඤක කියන්න බෑ… හඳට කියන්නේ හද, ගඟට කියන්නේ ගග.. ආයාසයෙන් කියන්න පුලුවන්.. ඒත් නිතරම වරදිනවා…..
හි හි… මගෙ යාලුවෙක් හිටිය අභීත අයියෙ එයාට ෂ යන්න කියන්ඩ බෑ… ඒ වෙනුවට කියන්නෙ ෆ යන්න…
සරං බොක්ක මටනං හොඳටම මතකයි. තාත්ත ඒකාලෙ ඇඳෙම පිජාමා සරම්, මම ඒකෙ බොකට බැහැල බොහොම සනීපෙට වාඩිවෙලා ඉන්නව. දැං ඒ දේම මගෙ පොඩි එකාත් එහෙම්මම කරනව. ඒත් මගෙ තාත්තට මාව පද්දන්න වෙලාව තිබුනනට මගෙ පොඩි එකාව පද්දන්න මට වෙලාවක් හොයාගන්න බොහොම අමාරුයි. කාලය බොහොම ලොකු වෙනසක් කරල තියෙන්නෙ.
පච්චු = සපත්තු
ඩෝ = වතුර
ඩැන්ඩා = නැන්දා
සී = සීයා
ආචී = ආච්චි
බෝතෙ = බෝතලේ
ක්කා = අක්කා
මානූ = මාලූ
බොයිලේ = බෝලේ
චුච්චූ = හුනා
පූවා = පූසා
ඔය මගෙ අවුරුදු එක හමාරෙ පොඩ්ඩාගෙ වචන සෙට් එක.
කෝ දැං තාත්ත පොඩි එකා කාලෙ ලැයිස්තුවත් දැම්ම නං මෙතන…
//තාත්තගෙ සරං ඔඩොක්කුවෙ ඉඳගන්න එක ඔය සැප පුටු දාහක් පරාදයි කියල…එතන තියෙන්නෙ ආදරය ආරක්ෂාව…. මේ හැම දේම මුසු වෙච්ච සුවයක්!!//
අපොයි කියන්ට ජාති ගොඩයි. ඒත් ඔයාගේ තාත්තා ගැන කියෙව්වට පස්සේ ඒ ඔක්කොම අමතක වෙලා ගියා.:(
හ්ම්ම්…..ඒක හරි… මට තේරෙනව අක්කෙ….
මගුලක් කතාකරනව…. මම ඊයෙ ගියා ඩ්‍රයිවින්ග් ලයිසන් එක සම්බන්ද වැඩකට… මේ ඩුබායි රටේ… මම ගියේ evaluation test එකකට අවශ්‍ය ෆෝම් එකක් ගන්න…. මට වැඩේ ටක් ගාල කරල දෙන්න මාත් එක්ක ආපු පකිස්තාන් මාස්ටර් අර කවුන්ටරේ හිටපු ගෑල්ලමයට මහ සද්දෙන් කියපි…. මේ මගෙ යාලුවට “ලැමිනේෂන්” ෆෝර්ම් එකක් දෙන්න කියල….
හි හි… මෙන්න සපා අයිය කාලෙකිං ඇවිල්ල…
හොඳ වෙලාවට මෙයාට මං කියපුව හෙම මතක තිබිලා නෑ.. හොහ් හොහ්….
මේ ඒක නෙවේ හැබෑට ජනූ බබාගේ කථවකුත් මාසෙකට සැරයවත් ඇට් ලීස්ට් ලියන්ටකෝ…..
උඹගෙ පූරුවෙ පිනක් පලදීල කියල හිතාගං නංගියෙ….!!
//තාත්තගෙ සරං ඔඩොක්කුවෙ ඉඳගන්න එක ඔය සැප පුටු දාහක් පරාදයි කියල…එතන තියෙන්නෙ ආදරය ආරක්ෂාව…. මේ හැම දේම මුසු වෙච්ච සුවයක්!!//
මේක ඇත්තම ඇත්ත, මාත් සාක්කියි. මං ඉස්සර ටීවි බලන්නෙත් තාත්තගෙ සරං ඔඩොක්කුවෙ වාඩි වෙලාම තමයි. ටීවි එකේ යන ඒවා ගැන, කතන්දරයක්නං ඒ කතන්දරේ ඉස්සරහට වෙන්නෙ මෙන්න මෙහෙමයි අරහෙමයි කියලා තාත්තා එක්කම වාද කරන්නෙත් එතන ඉඳන්ම තමයි.
මට ඉස්සර හෝල්ට් එකයි හොටෙල් එකයි පැටලෙනවා. ‘බස් එක හොටෙල් එකේ නවත්තන් නැතුවම ගියානේ’. ‘ඊයෙ අපි හෝල්ට් එකෙන් බත් කෑවනේ’ ඔය වාගෙ කතා ඉතිං චූටි කාලේ මට කියවිලා තියෙනවා. 😀
තව ඔන්න ඉස්සර කරපිංචා වලට මම කියන්නේ කපිරිංචා කියලා. ඒක ඇත්තටම පැටලිලා කියනවද, වැරදියි කියලා දැනගෙන හිතලම කියනවද මන්දා ඒ වචනේ මගෙ කටට හොඳට හුරුයි. දැං උනත් ගෙදරදි මට හිතුණහම කපිරිංචා කියලා කියනවා කරපිංචා වලට. ඔන්න දවසක්දා අපේ ඔෆිස් එකේ වැඩ කර කර ඉන්න ගමන් කන්න කට්ටිය එකතු වෙලා වඩේ ගෙන්නවගත්තා. මට ඕන උනා වඩේ එක්ක තියෙන්නේ අර බැදපු කරපිංචා, අන්න ඒවා. මම ඉතිං යාළුවො ගොඩ මැද්දේ ඉඳං කිව්වා ‘මට ඕනේ කපිරි…’ කියන කොටම ඔන්න මතක් උනා වැරදි වචනෙයි එළියට එන්නෙ කියලා හරි වචනේ දාලා ඉතුරු ටික කිව්වා. කොහොම හරි මම අන්තිමට කිව්වේ ‘මට ඕනේ කපිරිපිංචා’ කියලා. කට්ටිය එදා වඩේ කෙසේ වෙතත් මාවනං කෑවා. 😀 😀 D:
තව ඕන තරං කතන්දර ඇති, මතක් වෙන්නෙ නෑනේ.
නංගියෙ ඔය ලොරියට රොලිය කියපු අපේ සමින්දතී නංගිට ඒ දවස් වල ෆ්රුට් ඇන්ඩ් නට් ෆියෙස්ටා කියන්ඩ බෑ…
එයා කියන්නෙ ෆ්රුට් ඇන්ඩ් නෆ්ටියෙෆ්ටා!!!
මල්ලිගෙයි මගෙයි වැඩේ ඒකිට කියල ඕක කියවන එක
ආහ්! ෆෘට් ඇන්ඩ් නට් ෆියෙස්ටා.. ඒ කාලෙ අපෙ ප්‍රියතම අයිස්ක්‍රීම් එක.. අපි ඒ දවස්සොල වැඩපලේ පෙටිකෑෂ් වලින් හැමදාම කරන්නෙ ඕකෙ ලීටර් 4 පෙට්ටියක් ගෙනල්ලා කෙලලා අරින එක.. මතක්වෙනකොටත් හිතට සැපයි.. 🙂
කිරි ඇට =කිරි බිංදු ( මිල්ක් ඩ්‍රොප්ස් වලට කිව්වේ එහෙම )
නවය ඇතුලෙන් පූසා පනින ඒවා = ලක්ෂපාන ටෝච් බැටරි
අලෝ, නවය ඇතුලෙන් පූසා පනින්නෙ එවරෙඩි බැටරිවල, ලක්ෂපාන නෙවේ.. 😛
ඕකනෙ මම බය නැත්තේ වරද්දන්න බූරා ඉන්නවනේ ඒවා හදන්න 🙂
ටී ජී අක්කා : +++++
බූරයියා: මගෙත් ප්‍රියතම අයිස්කිරිමක් තමා ඔය… හැබැයි බලනකොට නිෂ්පාදිත දිනය ඉතා ආසන්න එකක් ගත්තොත් තමයි නියමම රසය දැනෙන්නෙ… ඇතුලෙ දාල තියෙන ෆ්රුට්ස් ඇන්ඩ් නට්ස් ඒ තරම් පෙගිල නැති වුණාම තමයි මට නම් රසම….
පොඩි කාලේ මොකෝ මේ අදටත් සමහර වචන මට කියා ගන්න බෑ. ඉතින් ගොඩාක් වෙලාවට දෙපාරක් හිතලා සමහර වචන කියන්නේ. ඒත් හිටි ගමන් එෆ් අකුර වෙනුවට පී අකුර කියලා අනාගන්නවා ගමම.
බොහෝ ලාංකිකයන්ට ඒ ප්‍රශ්නේ තියෙනවා මම හිතන්නේ. විශෙශයෙන්ම මේහේ ඕක වෙනවා වැඩියි.
හිහීග පණ යනවාෙන් ෙම් ෙපා්ස්ට් ඒක දැක්කම ෙබාෙල්. මම ෙදක වසෙරදි දවසක් දුන්නා ගණං ටීචර් “ෙම් සංඛ්‍යා ඒකතු කරන්න කියලා. ෙගර ගිහින් අත්තම්මා පුතා ෙමානවද අද ඉස්ෙකා්ෙලදි කෙළ් කිව්වාම මම කිව්වලු “අත්තම්මා දන්ෙන් නෑ. අපි අද සම්බා කියලා අලුත් ගණන් ජාතියක් කළා” කියලා. තව කතාවක් මතක් වුෙණා්. ඒහා ෙගදර අක්කාට බබා හම්බ ෙවන්න හදිසිෙය් ඉස්පිරිතාෙල ෙගනිච්චා . ඒයාෙග් අම්මා කිව්ෙව් දුවෙග් ෙවා්ටර් ෙබා්ර්ඩ් ඒක කැඩුණු නිසා අරං ගිය බවයි.
අා තව ඒකක් අේ මාමාෙග් දුවට ෙපාඩි කාෙල් ජුජුබ්ස් කියා ගන්න බෑ. මම දවසක් උෟ ළග තියන් ඔ්ක කියන්න පුරුදු කළා. ජුජුස්. නෑ ජුජුබ්ස් ජුජුස් නෑ ජුජුබ්ස් . ඔෙහාම ගිහින් අන්තිමට ජුබුස් තමයි කියවුෙණ්.