නැන්ජිං පාරේ වීර ක්‍රියා!!!!!

ඔයාල දන්නවනෙ රාජකාරිවලට අදාල පුහුණුවකට මම පහුගිය නොවැමිබර් මාසෙ චීනයේ ශැංහයි නගරෙට ගියා කියල… චීන රටේ චාරිකා කියල ලියවෙච්ච ලිපි පෙලක් ඇති ඒ ගැන… කියවල බලන්ඩකො…

ශැංහයි තියන්නෙ රාත්‍රී කාලෙට ඇවිදින්ඩ ආස හිතෙන නගරයක්… විදුලි බුබුලු එක එක විදියෙ රටා මවන උසම උස ගොඩනැගිලි අතරෙ පාරවල් දිගේ ඉබාගාතෙ ඇවිදින එක පුදුම සතුටක් ගෙන දුන්න වැඩක්… හැමදාම හැන්දෑවට ඔය වීදි සංචාරෙට ලංකාවෙන් ගිය අපි හතර දෙනාට අමතරව භූතාන ජාතික මිතුරන් වගේම දොස්තර රස්තෝගිත් එකතු වුණා…. පරණ චීන චාරිකා සටහන් කියවල ඉන්න කෙනෙක් නම් රස්තෝගි ගැන තවත් විස්තර කරන්ඩ දෙයක් නෑ නෙ…. නේද???

ඒ විතරක් නෙවෙයි… අපේ චීන මිත්‍රය සූ ෂඔලින් එන්නෙ එයාගෙ කැමරාවත් අරන්!!!

ඉතිං මං මේ මේ වැඩේ සිද්ධ වුණේ අපි ලෝක ප්‍රසිද්ධ නැන්ජිං පාර බලන්ඩ ගිය වෙලාවෙදි තමයි!!

දේශන ඉවර වෙච්ච ගමන් කැබ් දෙකක පැටවිච්ච අපි කටිටිය විනාඩි විස්සක විතර ගමනකින් පස්සෙ නැන්ජිං පාර ට ආව…

දන්නවනෙ මේ නැන්ජිං පාර ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ බොහොම මිලාධික සාප්පු සවාරිවලටයි…. අපි නම් ඉතින් පාර දෙපැත්තෙ විදුලි ආලෝකයේ ලස්සන සහ පාරෙ තියෙන ඊටම ආවේණික වෙච්ච ගතියට වශී වෙලා නෙ හිටියෙ…. එක පැත්තක සින්දු කියනව… හරියට ගීතිකා කණ්ඩායමක් වගේ තවත් තැනක ගැහැණු හා පිරිමි එකතු වෙලා ජෝඩු හැදිල පසෙකින් වාදනය වෙන සංගීතයට අනුව නටනව…. ඒ වටා එකතු වෙච්ච පිරිසත් අත්පොලසන් දෙමින් ඒ හා එකතු වෙන්නෙ හරිම ජිවය පිරිච්ච මුහුණින්….

මේ පරිසරයට අමුත්තන් වෙච්ච අපිට මේ දේවල් පුදුමය දනවන්නක් වුණා!!!

වශී වෙලා වගේ නැටුම දිහා බලන් හිටිය මගේ අවධානය එකපාරටම මගේ ලඟින් කුරුල්ලෙක් වගේ ඇදිල ගිය කෙල්ලෙක් නිසා බිඳුන… ලුමිනස් පාට විදුලි බුබුලු පත්තු වෙන රෝද සපත්තු උඩ යන එයා සංචාරකයන්ට රෝද සපත්තු විකුණනව….

හරිම අමුතු ලස්සනක්!!!!!

අයිවි වැල්වලින් හෙවණ වෙච්ච බංකුවක ඉඳ ගෙන වටේ පිටේ සිරිය නරඹන මගේ ලඟ හිටපු රස්තෝගි කිව්ව…

බ්‍රෑන්ඩඩ් ෂුස්, හෑන්ද් බෑග්ස්, වෙරි චීප් සර් වෙරි චීප්!! කම් අයි ෂෝයූ ද ප්ලේස්!!…

විසිටින් කාඩ් එකක් අතින් අරන් ඒක පෙන්නමින් අපි ලඟට ආව රස්තියාදු පාට ඇඳුමක් ඇඳගත්ත  චීන ජාතිකය අපිට කරදරයක් වුණා….

නෝ නෝ වී ඩෝන්ට් නීඩ් දෙම්!!!

මම කිව්වත් හැම දේ ගැනම උනන්දු වෙන අපේ රස්තෝගි මේ මනුස්සයට ලං වෙලා කටු කුටු ගානව මං දැක්ක…

මෙයාල ලඟ හොඳ සිලෙක්ෂන් එකක් තියෙන පාටයි… මට දුවට හැන්ඩ් බෑග් එකක් ගන්ඩත් ඕනෙ… අපි ගිහින් බලමුද???

රස්තෝගි ගෙ ඉල්ලීම අහක දාන්ඩත් බෑ…

අනිත් අතට මම ඔය කට්ටිය ගොඩක් එක්ක සවාරිවලට අකමැති ඒ ඒ අයගෙ න්‍යාය පත්‍රවලට අනුව මට මෙහෙයවෙන්ඩ වෙන හන්ද තමයි…

කොහොමත් මම එහෙන් ගන්න දේවල් සීමිත ප්‍රමාණයක් තීරණය කරගෙනයි හිටියෙ…

අනික මොන දේ ගන්ඩ හිතන් හිටියත් මිල ගැන සන්සන්දනය කළාම මට තේරුණේ චීනෙට වඩා ලාබෙට චීන බඩු ලංකාවෙ තියෙන බවයි!!!!

ඒ හන්ද හිතෙන හිතෙන, දකින දකින හැම දේම අරගන්ඩ මම උනන්දු වුනේ නෑ… ඔය වෙලාවෙම තමයි මගේ නරක වෙලාවට අපේ චීන යාලුව සූ ඔතෙන්ට ආවෙ… සූට කතාව පැහැදිලි කරල දීල එයාව යන්ඩ එකග කරගෙන රස්තෝගි මගේ දිහාවට හැරුණෙ ජයග්‍රාහී හිනාවකින්!!!.

අන්තිමට මට නැගිටින්ඩ වුණා ගමනට සම්බන්ධ වෙන්ඩ…

කෝ අනිත් අය???

අර ඉන්නෙ…. වෙලාව කියන්නෙ එයාලත් අපි දිහාවට ඇවිදගෙන එන ගමන්!!

එතකොටයි මං දැක්කෙ අර අපිට කතා කරන්ඩ ආව චීන ජාතිකය තාමත් එතන…

අපිට අතින් සන් කරමින් මිනිහ පාර දිගේ ගියා.. වරින් වර හැරිල අපි එනවද කියලත් බැලුව…. එතකොටයි මට තේරුනේ මිනිහ තැරැව් කාරයෙක්…. චීනෙට වෙනත් රටවල භාණ්ඩ එන්නෙ හොර පාරෙන් නෙ..

ඒ වෙලදාම තහනම් දෙයක්..

කොහේ හෝ තැනක මේ   බඩු ඇති… මේ මනුස්සය තමයි හොරෙන් වගේ ඇවිල්ල ගණුදෙනුකරුවන් එකතු කරගෙන යන්නෙ… ප්‍රධාන පාරෙන් අතුරු පාරකට හැරිල තවත් අතුරු පාරකට හැරෙද්දි නං මට ටිකක් බය හිතුණ… කලුවර, පාලු පාරක නන්නාදුනන මන්සුසයෙක් පස්සෙ මොකට යනවද කියල… ඒත් සියලු දෙනාම එකට ඉන්න ඕනෙ.

ඒ හැම පාරක්ම එකවගේ… ඒ මදිවට  පාරවල්වල නම් පවා එකවගේ පේන අපිව අතරමං වුණොත් රහෙම ඉතින් චීනෙම තමයි ඉන්ඩ වෙන්නෙ ඉතිරි කාලෙ….

මෙහෙම ගිහින් ගිහින්… අපිට තේරුණා මිනිහ යන්නෙ වහල තිබුණ දොරක් ලඟට කියල…අපි හිටියෙ තරමක් ඈතින්…දොර ලඟටම කිට්ටු වෙච්ච මේ මනුස්සය දොරට තට්ටඅවත් දැම්ම… දොර පියන යාන්තමින් ඇරුණ… හිසක් විතරක් එලියට දාල තැරැව් කාරය දිහාත් අපි දිහාත් බලපු චීනා එක පාරටම දොර වහගත්ත…. තැරැව් කාරය පඩි පෙල අසල හැංගුණා…

අපි තනි වුණා!!!

පාර දිගේ වැටිච්ච  රතුපාට කැරකෙන එලිය හා සයිරන් සද්දෙ නිසා මට පොලීසිය එන බව හඳුනාගන්ඩ අපහසු වුනේ නෑ.. වෙලාවෙ හැටියට කරන දෙයක් හිතාගන්ඩයි බැරි වුනේ…

තඩි මෝටර් සයිකල්වලින් ආව චීන පොලීසියෙන් අපේ දිහා වගේම අර වහපු දොර දිහා උකුසු ඇස් හෙලාගෙන ඇදිල ගියා…..

ඩූ නොට  පැනික් ඩූ නොට පැනික්!!!  පොලීසිය දැකල අපේ කට්ටිය කලබල වෙන බව තේරුණ ගමන් සූ කිව්ව… එහෙම කියන ගමන් එයා අපිට නැන්ජින් පාර ගැන විස්තර කරන්ඩ පටන් ගත්ත ඉංග්‍රීසියෙං…. ඈතින් පේන ගොඩනැගිලි හෙම අත දික් කර කර පෙන්නන ගමන්…

අපේ කට්ටියත් ඉතිං කට්ට කං දන්නෙම නෑ…. හොඳට ඒ ගැන අවධානය යොමු කරනව වගේ පෙන්නගෙන රඟපෑව!!!!  කොහොම හරි අපි දිහා බොහොම රෞද්‍ර බැල්මෙන් බැලුවට මොකෝ අපි සූ එක්ක හිටපු හන්දද කොහෙද එයාල අපි ගැන එච්චර අවධානයක් යොමුකලේ නෑ….

ඒ වුණාට හොර බඩු වික්කත් වැරදියි ගන්ඩ ගියත් වැරදියි නෙව… අපි අර කඩේ ඇතුලෙදි පොලීසියට අහු වුණා නං මොන දෙයියන්ට කියන්ඩද?? එහෙනං තාමත් අපි චීනෙ පොලීස් කූඩුවෙ තමයි..

රස්තෝගිගෙ බ්‍රෑන්ඩඩ්  හෑන්ඩ් බෑග් සිහිනය පැත්තක තියල අපි ආපහු හැරුණ….

 

ඊලඟ ඇබැද්දිය වුණේ අපි නැන්ජිං පාර කෙලවරේ තියෙන ග්‍රොසරි එකක්වගේ තැනතට අහම්බෙං ගොඩ වුණ වෙලාවෙයි!!! ඒ පාරත් හිටියෙ මමයි අපේ රස්තෝගියි දෙන්න විතරයි…

අනිත් අය මොකක්දෝ අඩු ගාණට දේවල් තියෙන ෂොපිං මෝල් එකකට ගිහින් අපේ සූ එක්කල…

ඇවිද ඇවිද ඉන්න ගමන් මේ කඩේ දැකල අපි දෙන්න ඒකට රිංගුව…

ඒ පාර නං මම උනන්දුවෙන් ගියෙ වියලි පලතුරු එහෙම තියෙයිද දන්නෙ නෑනෙ ඒ කඩවල කියල හිතල…

ඔහේ පාරෙ ඇවිද ඇවිද හිටිය මිසක් වෙලාවක් ගැන අදහසක් අපි කාටවත් තිබුණෙ නෑ…

කඩේ තිබුණ නානාප්පරකාර දේවල් දිහා බලබල මොනවා ගන්දෝ මේ මොනවාදෝ කියල විපරීත විලම්බීත  වෙලා ඉන්න වෙලාවෙ දොරලඟ හිටපු සෙකියුරිටි චීන වහපි නේද අර පහලට අදින දොර….

බැලින්නං නැංජිං පාරෙ කඩ සේරම හරියටම රාත්‍රී දහයට වහනව!!!!

අපි දෙන්න තුෂ්නීම්භුත වෙලා බලන් හිටිය… කඩේ ට බඩු ගන්ඩ ඇවිල්ල හිටපු චීන මිනිස්සු මහ හයියෙන් බනින්ඩ පටන්ගත්ත කඩේ අයිතිකාරයන්ට…. ඒ පාර කඩේ අයිති මිනිස්සු කඩේ පිටිපස්සෙන් යන්ඩ පාරක් පෙන්නුව.

අපි දෙන්න ඒකෙ ගිහින් අතරමං වුනොත් එහෙම…. මොකෝ ලංකාවෙ වගේ අහගෙන ආපහු එන්ඩ කියලයැ??

එකපාරටම රස්තෝගි මහ හයියෙන් කෑගැහුව…

අපි ට ඉස්සරහ දොර ඇරල දෙන්ඩ අපි දන්නෙ නෑ පිටිපස්සෙන් ගිහින් ආපහු එන්ඩ පාර හොයාගන්ඩ කියල…

මහ හයියෙන් කතා කරන රස්තෝගිසෙ කටේ සද්දෙට බය වෙලා පොඩ්ඩක් පස්සට විසි වුණු චීනා රස්තෝගිට මොන මොනවාදෝ කියල තරහෙන් වහපු දොර  බාගෙට ඇරිය….. සේරමල කොන්ද නවාගෙන එලියට ආව…. චීනට බැන බැන…. එලියට ආවාම මුලු නැන්ජිං පාරම කලුම කලුවරයි!!

සියලුම කඩ වහල…. හරියට කාගෙ හරි අණකට වැහුව වගේ!!

අපිව හොය හොය අනිත් කට්ටිය එනව…

බැලින්නම් එයාලව ත් පස්ස දොරෙන් එවල!!!

දැන් හිනා යනව මතක් වෙද්දිත්!!! ඒ වුණාට ඒ වෙලාවෙදි නං ලේ වතුර වුණා වගෙයි දැණුනෙ!!

 

මේ සිද්ද වෙච්ච සන්තෑසිය අපේ පෙම්බරයවත් තාම දන්නෙ නෑ…. දන්නව නං එහෙම උන්දැ මට දෙහි කපයි මදි නොකියන්ඩ.

ඕං මේ කවුරු හරි පෙම්බරයව දන්නව නං එහෙම  මේ කතන්දරේ ගැන වත්, මේක කියෙව්ව කියල වත් එයාට කියන්නෙ එහෙම නෑ හරිද??

 

අද පින්තූර හොයා ගත්තෙ මෙන්න මේ තැන්වලින්

en.wikipedia.org

framework.latimes.com

 

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in මගේ චාරිකා. Bookmark the permalink.

14 Responses to නැන්ජිං පාරේ වීර ක්‍රියා!!!!!

  1. සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත says:

    හත්වලාමයි! තව ඩිංගෙන් මගුල් කන්ඩ වෙන්නෙ චීනෙ ඉඳං තමයි! මාර වැඩනෙ අක්කටත් වෙන්නෙ. 😀

  2. Buratheno says:

    ඔය බඩු වල ගනං කම්පෙයාර් කරන්න යන එකෙන් වෙන්නෙ කිසිම දෙයක් සල්ලි දීලා ගන්න නොහිතෙන එකයි.. හැමවෙලාවෙම හිතෙනවා “අයියෝ මේක මීට අඩුවට ලංකාවෙන් ගන්න පුළුවන්” කියලා, පස්සෙ හිතෙනවා “අයියෝ අපරාදෙ ඒක ගත්තෙ නැත්තෙ” කියලා.. 😀

    අර කිවුවත් වගේ තව පොඩ්ඩෙන් මගුල් කන්න වෙන්නෙ චීනෙ ඉදන් තමා බොලේ..

    • එහෙම කිව්වට මමත් එක එක දේවල් අරගත්තෙ නැත්තෙම නෑ අයියෙ… ඒ වුණාට යන හැමතැනකටම මං යන්නෙ ෂොපිං කරන හිතකින් නෙවෙයි… එහෙම දකින දකින හැම තැනින්ම දේවල් ගන්ඩ ගියාම හරිම වාතයක්!!

  3. Maneka says:

    මංනං කටේ කෙළ බිඳක් හැලුවේ නෑ ඔන්න…. වෙන්ඩ මස්සිනාට… අහ් වැරදුනා! වෙච්ච මස්සිනාට හෙම නං කියන්නෙම නෑ …. ඔන්න පත්තරේට හෙම වැටිලා තිබ්බොත් ඉතිං අපි නං නෙවෙයි ඕං……

  4. නවම් says:

    මදෑ ඔයිං ගියා… මම අහල තියන විදියට ඔය තැන් වල විකුනන්නෙ චීනයේම නිශ්පාදනය කරපු ඉන්ටර්නැශනල් ඩිසයිනර් බ්‍රෑන්ඩ්ස්වල ඩුප්ලිකේට්ස්. ලංකාවට එන ගුචි, අර්මානි, චැනල් වගේ බ්‍රැන්ඩ්ස්වල බී ග්‍රේඩ් ප්‍රඩක්ට්ස් ගොඩක්ම ඔය වගේ බ්ලැක්මාක්ට් වලින් ගනිපුව. ඒ බ්‍රෑන්ඩ්ස්වල ඕනර්ස්ල ඉන්ටනැෂනල් පොලීස් හරහා චීන රජයට කරන බලපැම් නිසා තමයි ඉඳල හිටල රේඩ්ස් කරන්නෙ. එහෙම නැත්නං චීනෙ ආණ්ඩුවත් අහකබලං ඉන්නව. [ඔය මම අහල තියන විදිය විතරයි – තව කාලෙකට ඉස්සෙල්ල බලාපු බී.බී.සී ඩොක් එකකත් ඔය වගේ දෙයක් තිබුන]

    • වෙන්ඩ ඇති අයියෙ… මං නං ඔය ගැන මහ ගැඹුරට දන්නෙ නෑ… ඒත් චීනෙ නං මහම අමුතු රටක්!! ගිහිල්ල බලන්ඩ වටිනව

  5. praveena says:

    අපිත් නම් පෙම්බරයට කිසිම දෙයක් කියන්ට යන්නේ නෑ ඕං. මාර ත්‍රාසජනක අත්දැකීම්නේ ලැබිලා තියෙන්නේ….(හප්පේ යාන්තම් අමාරුවෙන් ඒ වචනේ ලියාගත්තා ) 🙂

  6. TG says:

    ඒ වුනාට ජනුවේ කොහේ හරි ගිහින් ඔහොම ත්‍රාස ජනක වැඩක් නොවුනොත් ගමනෙ කිසි ගතියක් නෑ මට නම් . හා ඔහොම නොවුනනම් කොහොමෙයි දැන් ඔහේ මේ බ්ලොග් පෝස්ට් එක වුනත් ලියන්නේ හී හී

    මීට පස්සේ ඔහොම යනකොට ( තනියම වුනත් කට්ටියක් එක්ක වුනත් ) මේ දෙවල් කලොත් බේරිලා එතෑකි

    1/ තමන් යන තැන පාරවල් , ලෑන්ඩ් මාර්ක් ගැන විමසිලි වෙලා ඒවා දේසීය බාසාවෙන් ලියවගන්න කොල කෑල්ලක

    2/සිතියමක් පාවිච්චි කොරාන්ට පුරුදුවෙන්න .ඔය සිතියම් කියවිල්ල ජනූ දැනුත් කරනවනේ නේද ?

    3/ තමන් නැවතිලා ඉන්න තැන ඇඩ්‍රස් ටෙලිපෝන් අංක කන්ටැක්ට් කරන්න ඕනේ අයගේ නම ගම එහෙමත් ඉන්ග්‍රිසියෙනුයි , තමන් යන රටේ බාසාවෙනුයි ලියලා තියාගන්න කොල කෑල්ලක

    4/ ශොපින් මෝල් , නයිට් මාර්කට් ස්ට්‍රීට් වලට යනවනම් ඒවගේ බිස්නස් අවර්ස් ගැන සොයා බලන්න.ඉන්ටර් නෙට් එකේ මේවා තියේ

    5/යන රටේ බාසාවෙන් පොඩි වචනයක් දෙකක් පුරුදුවෙන්න

    ඊට පස්සේ ඕනෙම ත්‍රාසජනක වැඩක් කරලා බ්ලොග් පෝස්ට් එකක් දාන්න

    • ඇත්තම කියන්ඩ අක්කෙ ඔය කිව්ව ඒවගෙං වැඩි ප්‍රමාණයක් කරල තමයි තිබුණෙ.. හැබැයි නැන්ජිං පාර 10ට වහනව කියල නං දැනං හිටියෙ නෑ මහිතෙ එකෙක්වත්!!
      ඒ හැටි වෙලා ඉන්ඩ හිතක තිබුණෙත් නෑ නෙව…
      ඒ වුණාට මේ යන යන තැන ෂොපිං කරන්ඩ පටංගන්න උන්දැල එක්ක බෑ නෙව ගමනක් යන්ඩ…
      අනිවා මීට පස්සෙ නං තනියම තමා යන්නෙ ඔය වගේ සවාරි…. හැබැයි ඉතිං චීනෙ පාරවල් මතක තියා ගන්නව කියන්නෙම ගේමක්… චීන භාෂාව හුරු නැති කෙනෙක්ට ඒ නං ගං සේරම එක වගේ.. ඒ මදිවට පාරවල් හන්දි සේරෝම එක වගේ… ඉතිං අතරමං නොවුනොත් තමා පුදුමෙ අප්ප

  7. Bindi says:

    හපොයි චිනේ සිරගත වුන ලංකික දැරියකගේ කතාව අපිට බලාගන්න තිබුන චාන්ස් එක . ඇත්ත චිනේ චීන බඩු වල තත්වය ලංකාව වගේ රටවලට එන ඒවාට වඩා හොඳයි .

    • හි හි… නියම ත්‍රාසජනක කතාව නේද බින්දි!!
      ඇත්තමට මට හිතුන දෙයක් තමා එහෙ ඒ රටට වෙනම සහ පිට රටවලට වෙනම නිෂ්පාදන කරනව කියන එක… ඔය ලංකාවෙ රුපියල් දෙදාහට තුන්දාහට තියෙන චීන ෆෝන් එහෙම කොහෙ හදන ඒවද කියල දෙයියො තමා දන්නෙ…. මට නං එකක් ඇහැට දකින්ඩ බැරි වුණා….දැක්ක හැම එකක්ම අඩුම ගාණෙ යුවාන් 200ක් වත් මිලයි…. සේරෝටම හපන් සියල්ල චීනෙන්… භාෂාව මාරු කරන එකම වෙනම ගේමක්!!!!

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s