අදට වඩා හෙට හොඳ වේවී……..!!!

 

දැනට සති තුනක විතර වෙලේ පටන් දවස් ගෙවුණෙ අදහගන්ඩ බැරි තරම් වේගෙන්… ඒ විතරක් නෙවෙයි හරිම කලබලෙන්…

මගුල් ගෙදරට මාසයක් තියා නොසිතූ විදියට ගෙදරට සිද්ද වෙච්ච අලාබහානිය නිසා අපි පත් වුනේ හරිම අපහසුවකට.

මං නිවාඩු හෙම දාල ගෙදර ගියේ ජනවාරි 25 වෙනිද… 26 වෙනිද මගෙ අතිජාත මිත්තරයෙක්ගෙ මංගල්ලෙ නෙව… ඒකටත් යන්ඩ එක්කල…ඒ මදිවට මගෙ තව අතිජාත මිතුරියෙකුත් එක්ක…

හප්පච්චියේ!!!!! ගෙදර ඉස්සරහ වහලෙට මුක්කු ගහල, උලු සේරම බිමට අරන්, ඉස්සරහ දොර  ගලවල…  අඩුම ගානෙ නිදාගන්ඩ තියා ගෙනාව මහ තඩි බෑග් ටික තියාගන්ඩවත් තැනක් නෑ කිව්වහම!!!!!

මගුලට දවස්  පහක් තියා ගෙදර හැටි දැක්කාම මට කරන දෙයක් හිතා ගන්ඩ බැරි වුණා….

ඈ අම්මෙ.. අපිට පුලුවන් වෙයිද මේක ඉවර කරගන්ඩ??? මට  ඉබේම ඇහුණ…

මුක්කු ගහල තියෙන ඉස්සරහ දොරෙන් මාව මනමාලියක් විදියට යවන්ඩ තියෙන අකමැත්ත නිසා අම්ම නොවිඳිනා දුක් විඳිනව කියල මට හිතුන….

අවුරුද්දෙ මුල… බාසුන්නැහේල හොයන්ඩ තියෙන අමාරුව, ගෙදරට සිද්ද වෙලා තියෙන හානියේ විදියට නවීකරණය වෙද්දි එන වහලෙ ගහන්න අත තියන්ඩ තරම් හිතේ විශ්වාසවන්ත කමක් තියෙන බාසුන්නැහේල නැතිකම, මේ වගේ ගැටලු ගොඩක් මැද්දෙ මල්ලියි මල්ලිගෙ යාලුවොයි පවා දිවා රෑ වැඩ කරල අන්තිමට මම නැකතට එලියට බහින්ඩ පැය කාලක් විතර තියල තමයි ගෙදර වහලෙ උලු තියල ඉස්සරහ දොර හයි කලේ….

ඒ දවස් ගැන දැන් මතක් කරනකොට හීනයක් වගේ!!.

කොහොම වැඩ කෙරුණද?? කොහේ ගියාද කියල මතක නෑ… අම්මටවත් මල්ලිටවත් කරදර නොකරපු මම මගේ වැඩ කටයුතු හෙමින් හෙමින් කරගත්ත…

පෙම්බරය ඇරෙන්ඩ වෙන කවුරුත් දන්නෙ නැති වුණාට මගෙ මල් කළඹ හදන්ඩ අරලිය මල් කඩන්ඩ මමම ගසුත් නැංග මගුලට කලින් දවසෙ…

උන්නු හැටියට මළා මදැයි කියන්න වගේ ලොකු අඩුපාඩුවක් නැතුව මගුල්ගෙදර දවසෙ වැඩ ටිකත් ගියා… ඒකම මදෑ….

අපේ දෙවෙනි  උත්සවේ අපි සූදානම් කළේ අපි දෙන්නගෙ කාර්යාල මිතුරන් හා අපේ අනෙත් ලඟම මිතුරු මිතුරියන් වෙනුවෙන්නෙ… එදාට පස්සෙන්ද අපි පෙම්බරයගෙ ගෙදර ගියා… ඒ දවස් ගෙවුණෙ හිතාගන්ඩවත් බැරි වේගෙන්…

ඒ නෑගං ගිය ගමන් පෙම්බරයගෙ අම්මත් ටික දවසකට ගමේ නතර වුණා… අපි දෙන්න තනියම ගෙදරට ආව… අපි දෙන්න කුලියට ගත්ත වාහනේ බාර දෙන්ඩ ගිය ගමන් අත්‍යවශ්‍ය බඩු මුට්ටු ටිකක් අරන් ආව සති අන්තෙ ලොකු ෂොපිං පාරක් යන්ඩ හිතාගෙන. ඒ ඇවිල්ල ගෙදර අස්පස් කරගත්ත… ඒ කියන්නෙ අපි  දෙන්නගෙ කාමරෙයි සාලෙයි කෑම කාමර කෑල්ලයි පොඩ්ඩක් බලන්ඩ පුලුවං වෙන්ඩ බඩු මුට්ටු ටික එහා මෙහා කළා. ඒ තැන්වල තිබුණු අනවශ්‍ය සේරෝම දේවල් අනිත් කාමරේට පිරෙව්ව…

ඒ සති අන්තෙට අතුරුපසට!!!!!!

මගුල්ගෙදරට පස්සෙන්ද එහෙමම දාල ගිය ගමන් නෙ…. පැය තුනක් හතරක් විතර යනකොට යාන්තං ගෙදර අපිදෙන්නට ඕනෙ විදියට ඉඩ කඩ ඇති වුණා….

දවස් තුනක් වැඩට ගියාට කිසිම සූදානමක් නැති ගතියක් දැනුණෙ අපි දෙන්නම තාම හොඳ රිද්මයකට අනුගත වෙලා නැති හන්ද කියල තේරුණා…

වැඩට ගිය ඉස්සෙල්ලාම දවසෙ මං වැඩ ඇරිල ගෙදර ආවෙ තනියම… පෙම්බරය ටිකක් පරක්කු වෙනව කිව්ව.. වෙලාව නාස්ති කරන්නෙ මොකටද කියල මං පණ්ඩිතය වගේ කිව්ව මං යන්නං එහෙනං කියල….

ගියා තමයි!!!

හපොයි අඳුරත් වැටිල!!! මට පාර ඒතරම් පුරුදුත් නෑ….

කඩුවෙල කොල්ලුපිටිය බස් එකකින් බෙල්ල කොකෙක් වගේ එලියට දාල පාර බලාගෙන බස් එකෙන් බැහැල තුන් රෝදෙකින් ගෙදරට ආව….

කලුවරම කලුවරයි….!!! බොහොම අමාරුවෙන් ගේට්ටුව ඇරගෙන ඇතුලට ඇවිත් ජංගමයගෙ එලියෙන් තමා ගෙදර දොර ඇරගත්තෙ…. තියෙන ස්විච් සේරම ඔන් කරල තමයි ලයිට් එකක් දාගත්තෙ…. ඇයි ලයිට් තියෙන තැන්, ඒවගෙ ස්විච් තියෙන තැන් කිසි දෙයක් මං තාම දන්නෙ නෑ නෙව!!!

අනේ පෙම්බරයගෙ අම්ම හිටියනං!!!!!

බැන්දට පස්සෙ ඔයාල දෙන්න තනියෙම ඉන්ඩ ඕනෙ දුවේ…. මං ඇවිල්ල යන්ඩ එන්නං… ඒ වුණාට ඔයාල දෙන්නගෙ ජීවිතේ ඔයාල තනියෙං ගෙවන්ඩ ඕනෙ.. ඒකට ඔයාල දෙන්න හැඩ ගැහෙන්ඩ ඕනෙ….

එහෙම කිව්වට මේතරම් ඉන්මනට අපි දෙන්නව තනි කරන්ඩ අම්මගෙ හිතේ තිබුණෙ නෑ… ඒත් නොවැලැක්විය හැකි හේතු කාරණ කීපයක් නිසා එයා අපිත් එක්ක ආපහු කොළඹ ආවෙ නෑ නෙ…. අනික අම්ම ආවත් පාන්දර ගෙදරින් යන අපි දෙන්න ආපහු රෑ වෙලා ගෙදර එනකල්ම එයාගෙ සුපුරුදු  තනිකමෙන් ඉන්ඩ එපැයි…. රස්සාවට යන මං ආවයි කියල ඒක වෙනස් වෙනව කියලයැ…

කොහොම හරි මේ අලකලංචිය හන්ද අපි දෙන්න හිතා ගත්ත පුලුවන් හැම වෙලාවෙම හවස ගෙදර එද්දි දෙන්නම එකට එන්ඩ ඕනෙ කියල…

සති අන්තෙ එනකල් අපි දෙන්නම නොයිවසිල්ලෙන් බලන් හිටියෙ

කුස්සියෙ දේවල් මට උදේට කලබලේට වැඩ කරන්ඩ පුලුවන් වෙන්ඩ ලේසි විදියට අහුරගන්ඩ…

සතියෙම රෙදි අයන් කරල එල්ලල තියාගන්ඩ

අඹ කොළ හැලිල හැඩි වෙච්ච අපි දෙන්නගෙ ලොකු මිදුල අතුගාගන්ඩ

හ්ම්…..!!!!!!!!!!! සති අන්තෙ මදි වෙයිද මන්ද????

හෙමින් හෙමින් අපි දෙන්න අපි දෙන්නට ගැලපෙන රිද්මයට සකස් වෙනව….

සතියටම අඳින්ඩ ඇඳුම් පැළඳුම්  සති අන්තෙ ලක ලෑස්ති කරල තියන්ඩ, එළවලු  අඩුම කුඩුම ගේන්ඩ,

පාන්දර නැගිටල අපි දෙන්නට බත් උයාගෙන ලෑස්ති වෙලා වැඩට යන්ඩ, හවස ගෙදර ඇවිල්ල කන්ඩ මොනව හරි හදාගෙන කාල, අස්පරස් කරල, උදේට තම්බන්ඩ කවුපි කඩල වගේ දෙයක් වතුරෙ දාල,…… එකී මෙකී නොකී හැම දේම ……

ඊයෙට වඩා අද හොඳයි…. අදට වඩා හෙට හොඳ වේවි!!!!!!!!

අපරාදෙ කියන්ඩ බෑ… විනාඩියක් වත් අපතෙ යවන්ඩ නං වෙන්නෙ නෑ!!!!

හැබැයි ඒකෙත් පොඩි ජොලියක් තියෙනව!!!  මං කිව්වෙ වැඩපල ඉවර වෙලා කොහෙ හරි වැටිල කරපු වැඩ දිහා බලන් ඉන්න එකේ!!!

පාන්දරම නැගිටල, මහන්සි වෙලා, බස්වල ඇවිත්, පයින් ඇවිත්, උයල පිහල, හෙම්බත් වෙලා ඉන්න හන්ද බ්ලොග් ලියනව තියා රෑට ලැප්ටොප් පුංචව ආයෙමත් දිගාරින්ඩත් කම්මැලියි…

ඉතිං පෙම්බරය බලන චිත්‍රපටිය දිහා බලන් හිටියත් ඒ ඉන්නගමනුත් නිදි කිරාවැටෙනව!!!

ඒ හන්ද  පුරුදු බ්ලොග් ජීවිතේට එන්ඩ නං මහිතෙ ටිකක් කල් යයි!!!!

ඕං ඔහොමයි මේදවස්වල මගෙයි පෙම්බරයගෙයි ජීවිතේ!!!! ඉතිං ඔයාලට කොහොමද???

 

 

 

 

අපේ පින්තූර අරගත්තෙ අපේ පෙම්බරයගෙ මල්ලි කෙනෙක්…. නම සහන් ඉෂාර…. මූණු පොතෙන් ඔයාලට එයාව පෙන්නන්ඩ වෙන්නෙ ගෙදර ගිහින් තමයි

 

Advertisements

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in පෙම්බරයයි මමයි. Bookmark the permalink.

42 Responses to අදට වඩා හෙට හොඳ වේවී……..!!!

  1. praveena පවසයි:

    අපේ ජීවිතේ නම් තාම හොඳයි. මේවා කියෙව්වාම බය හිතෙනවනේ. 😀

  2. praveena පවසයි:

    අනෙක හොඳ හරිය හැලිලා නේද හී හී…

  3. සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත පවසයි:

    අළුත් මනමාලිව ඔන්න සාදරයෙන් පිළිගන්නවා ආපහු. ඇත්තමයි මංගල්ලෙ අත ලඟ තියාගෙන ගෙදර අර වගේ දෙයක් උනාම ගෙදර හැමෝම කොයි තරම් අමාරු කාලෙකට මූණ දෙන්න ඇත්ද කියලා හිතාගන්න පුළුවන්. ඒ දේවල් කොහොමහරි හොඳ විදිහට ඉවර කරගන්න පුළුවන් උනේ ඉතින් මනමාලිගෙ වාසනාව නිසානේ. මගේ ආසම මල් ජාතියෙන් තමයි ඔයාගේ මල් බොකේ එක හදලා තියෙන්නේ. කහ අරලිය. හරිම ලස්සනයි අක්කේ, එදා දවස ලස්සන කරපු ඔයාගේ නිර්මාණ වගේම ඔය දෙන්නත්.

    ඉතින්, අළුත් ජීවිතේ අළුත් ගමන ඔහොම තමයි. කොයි තරම් අමාරු උනත්, මහන්සි උනත්, දෙන්න එක්කම ඒ දේවල් වලට මුහුණ දෙනකොට හරි සුන්දරයි නේද? අළුත් ගමනේ බය නැතුව සාර්ථකව ඉස්සරහටම යන්න ලැබෙන්න කියලා ඔය දෙන්නාටම ආයෙ වතාවක් හදවතින්ම සුභ පතනවා.

    • ස්තූතියි නංගෝ!! කහ පාට අරලිය තමයි මගෙත් ආසම මල… ලස්සනයි සුවදයි දෙකම එකට තියෙන මල් හරි අඩුයි නෙ….. මගේ හීනයක් තමයි අරලිය මල්වලින් හදපු බොකේ එකක්.. අරලිය හැම කාලෙම නෑනෙ ඉතිං ඒ දවස්වලට නැති වෙයිද කියල මං බයේ හිටියෙ. කොටින්ම මං හීනෙනුත් දැක්ක කහපාට අරලිය කඩන්ඩ යන හැටි… ඒ විතරක් නෙවෙයි
      අපේ ගෙවල් පැත්තෙන් හොයා ගන්ඩ බැරි වුණොත් මං කෙලීන්ම එන්ඩ හියටියෙ කොළඹට…. මල් තියෙන කහ අරලිය ගස් මැප් කරගෙනයි මං හිටියෙ…. ඒත් මගේ බොකේ එක නං තනිකරම කහ අරලිය නෙවෙයි…. සාරියෙ පාටට හරියන්ඩ තරමක් සුදු පාටඅරලිය මලකුත් මිශ්‍ර කළා ඒකට…. ඒත් හවස් වෙනකල්ම ඒකෙ සුවද දැණුන….කහ අරලියවලින් විතරක් හැදුව නං මුලු හෝල් එකම සුවදින් පිරෙන්ඩ තිබුණ නැද්ද??

  4. Ravi පවසයි:

    / පෙම්බරය ඇරෙන්ඩ වෙන කවුරුත් දන්නෙ නැති වුණාට මගෙ මල් කළඹ හදන්ඩ අරලිය මල් කඩන්ඩ මමම ගසුත් නැංග මගුලට කලින් දවසෙ…/

    දැන් පෙම්බරය මේක දන්නෙ කොහොමෙයි?….උඹ ගහ උඩ ඉඳගෙනම උන්දැට දුන්නය කෝල් එකක්?……හෙහ්, හෙහ්,

    ඉතිං බලාපං…අපි බොරුද කියන්නෙ කියල….උඹ ඔහොම ගස් උඩ නැඟල මල් කඩ කඩ ඉන්නකොට පාරෙ යන කාර් ගෙට එන එක ආයෙ අහන්ටත් දෙයක්ය?

    / බැන්දට පස්සෙ ඔයාල දෙන්න තනියෙම ඉන්ඩ ඕනෙ දුවේ…. මං ඇවිල්ල යන්ඩ එන්නං… ඒ වුණාට ඔයාල දෙන්නගෙ ජීවිතේ ඔයාල තනියෙං ගෙවන්ඩ ඕනෙ.. ඒකට ඔයාල දෙන්න හැඩ ගැහෙන්ඩ ඕනෙ…./

    අන්න මල් තියල වඳින්ට ඕන අම්මල….අම්මගෙ කතාවට සීයට දෙසීයක් එකඟයි, කසාද බැඳල බං අඩුම ගානෙ අවුරුදු තුනක් වත් දෙන්න වෙනම ඉන්නම ඕන….අනු පවුලක් උනොත් විවාහ ජීවිතේ මුල ඉඳලම තත්වය බොහොම භයානකයි……

    විවාහ ජීවිතේ ඇතිවෙන නොවැළැක්විය හැකි ගැටළු, ස්වාධීන ස්වකීය මත දරන පුද්ගලයින් දෙදෙනෙක් එක වහලක් යට එක් කුටුම්භයක් රක්ෂා කිරීමේදී අනිවාර්යයෙන් ඇතිවන දහසකුත් එකක් ගැටළු වලට දෙන්න දෙමහල්ලන් එකතු වෙලා බාහිර බල පෑම්, අනවශ්‍ය උපදෙස්, ඇඟිලි ගැසීම වලින් තොරව විසඳුම් සොයා ගැනීම තමයි ජනූ කිසිදා නොබිඳෙන විවාහ බන්ධනයක නොසැලෙන අත්තිවාරම…….Take it from me, I am speaking from my very own personal experience……heh, heh,

    / අඹ කොළ හැලිල හැඩි වෙච්ච අපි දෙන්නගෙ ලොකු මිදුල අතුගාගන්ඩ../

    මේ මොකක්ද මේ අඹ ගහක්?….දැන් ඔය උඹ අරලිය මල් කඩන්ඩ නැග්ග ගහ ගැනද මේ කියන්නෙ?

    / ඉතිං පෙම්බරය බලන චිත්‍රපටිය දිහා බලන් හිටියත් ඒ ඉන්නගමනුත් නිදි කිරාවැටෙනව!!! /

    ඒ බාං, මොකෝ ලොක්ක මේ විජහට චිත්තරපටි බලන්ට පටං ගත්තෙ?…හෙහ්, හෙහ් සුමාන දෙකෙම්ම ඇති උනාද දෙන්නෙ නෑ උඹේ විගඩං?…..:)

    ‘ මේ මොකද අනේ ඔයා එන්නෙ නැද්ද අද නිදාගන්ට? ”

    ” ඔයා නිදා ගන්නකො , මේ ෂෝක් ෆිල්ම් එකක්…… මම මේක බලලම එන්නම්, ”

    ” මොකක්ද ඔය ඔච්චර උනන්දුවෙන් බලන ෆිල්ම් එක ?…”

    ” The complete idiot’s guide to what to do if you are totally fed up with your marriage after just two weeks “

  5. /දැන් පෙම්බරය මේක දන්නෙ කොහොමෙයි?….උඹ ගහ උඩ ඉඳගෙනම උන්දැට දුන්නය කෝල් එකක්?……හෙහ්, හෙහ්,/
    ගහේ ඉදල කිව්ව නෙවෙයි බං අයියෙ, බැහැල ඇවිල්ල තමයි උන්දැට කිව්වෙ…

    /අන්න මල් තියල වඳින්ට ඕන අම්මල….අම්මගෙ කතාවට සීයට දෙසීයක් එකඟයි, කසාද බැඳල බං අඩුම ගානෙ අවුරුදු තුනක් වත් දෙන්න වෙනම ඉන්නම ඕන….අනු පවුලක් උනොත් විවාහ ජීවිතේ මුල ඉඳලම තත්වය බොහොම භයානකයි……/
    අම්ම නං මාව අදුනගත්ත කාලෙ ඉදලම කිව්වෙ මම යනව දුවේ ගෙදර ඔන්න ඔයාට බාරයි ගෙදරයි පුතයි දෙන්නම කියල…

    /විවාහ ජීවිතේ ඇතිවෙන නොවැළැක්විය හැකි ගැටළු, ස්වාධීන ස්වකීය මත දරන පුද්ගලයින් දෙදෙනෙක් එක වහලක් යට එක් කුටුම්භයක් රක්ෂා කිරීමේදී අනිවාර්යයෙන් ඇතිවන දහසකුත් එකක් ගැටළු වලට දෙන්න දෙමහල්ලන් එකතු වෙලා බාහිර බල පෑම්, අනවශ්‍ය උපදෙස්, ඇඟිලි ගැසීම වලින් තොරව විසඳුම් සොයා ගැනීම තමයි ජනූ කිසිදා නොබිඳෙන විවාහ බන්ධනයක නොසැලෙන අත්තිවාරම…….Take it from me, I am speaking from my very own personal experience……heh, heh,/

    හා හා පුරා කියල ලැබුණ ආදුරුසෙ නං වටිනව අයියෙ…..!!!

    /ඒ බාං, මොකෝ ලොක්ක මේ විජහට චිත්තරපටි බලන්ට පටං ගත්තෙ?…හෙහ්, හෙහ් සුමාන දෙකෙම්ම ඇති උනාද දෙන්නෙ නෑ උඹේ විගඩං?…..:)/

    උන්දැ ෆිල්ම් බලන්ඩ ගත්තෙ මාව මුණ ගැහෙන්ඩත් කලින් නෙව…. උන්දැ විවේක ගන්නෙ ඔය චිත්තර පටියක් බලල තමා… නැතුව මේ මාව එපා වෙලා නෙවෙයි බොල….. මාත් බලන්ඩ නං මනාපයි තමා ඒ වුණාට ඉතිං ඊට වඩා නිදි මත ඉස්සර වෙනව නෙව..

  6. santhusha පවසයි:

    subama suba anagathayak akke.. akka kiwata nangi kenekda danne nah.. 😛
    hane oya inneth kaduwelada? 177 yanawa nam mamath dakala athine…

  7. Lucky Wickramasinghe පවසයි:

    ඇත්තමයි අක්කේ හරිම ලස්සනයි. මේ වගේ සරල ලස්සනක් අද කාලේ හරි අඩුයි. ඔයාගේ ඉදිරි ජීවිතේට ඉත සිතින්ම සුභ පතනවා!
    මේ දවස්වල මාත් විභාගෙට ලෑස්තිවෙනවා. ඒ වුණත් ටක් ගාලා දුවලා යන්න ආවා! ඉඩක් ලැබුණම කතාබහ කරමුකෝ. 🙂

  8. Buratheno පවසයි:

    අලුත් ජීවිතේ නැගලා යනවා වගේ ජනුවො.. ඔහොම යං, ඔහොම යං, සුබ ගමන්..!! බිසී වුනාට කමක් නෑ, ඉඳල හිටලාවත් ඇවිදිල්ලා පොඩි අප්ඩේට් එකක් දීලා යන්ට.. 🙂

    පලි: අර මක්කැයි මනේකා අර අත දික්කොරලා පෙන්නන්නෙ..!!?? ඒ පැත්තෙන් හා පැටියෙක් වත් පැනලා දිවුවැයි..??

    • DGM Bassa පවසයි:

      මොන හා පැටියෙක්ද බං?
      “ඕං දුවේ, අර තඩි කාර් එක රූං කියාගෙන ඇවිල්ලා, ඩෝං කියලා ඉස්තෝප්පු කණුවෙ හැපුනා නෙව”

    • ස්තූතියි බූරයියෙ… ඉතා ඉක්මණින් ආපහු සුපුරුදු බ්ලොග් ජීවිතේට එන්ඩ ඕනෙ… කාලයක් ලියන්නෙ නැතුව හිටියාම, වැඩ වැඩි වුණාම, බ්ලොග් එක ලියන එක නතර වෙනවනෙ… ඊට පස්සෙ ආයෙමත් ලියන්ඩ පටන්ගන්න එක තමයි අමාරුම වැඩේ… ඒක ඊයෙ කළා නෙ… ඔන්න දැන් ඊයෙන් පස්සෙ ආපහු ලියන්ඩ ආස හිතිලයි තියෙන්නෙ… අදත් මොනව හරි ලිව්වොත් අල්ලල හිටියි!!!
      ආ….. මනේකව දන්නවනෙ බොලේ මේ හැමෝම… ඒ එයා අපිට එතන පිපිල තිබ්බ රෝස මලක් පෙන්නන්නෙ…
      අනික හා පැටවු අහසට පැනල දුවනවයැ???

    • Maneka පවසයි:

      /අර මක්කැයි මනේකා අර අත දික්කොරලා පෙන්නන්නෙ..!!?? ඒ පැත්තෙන් හා පැටියෙක් වත් පැනලා දිවුවැයි..??/

      හා පැටව් කොහෙද බොල උඩින් යන්නේ… මොකවත් පෙන්නනව නෙවෙයි බොලං.. මගෙ දබැරඟිල්ල උලුක්කු වෙලා..මං මේ ඒක කියන්ට හදන්නේ..ඒ අස්සේ ෆොටෝ එකකුත් ගහල නෙව!

      /මැන්ටල් ඩයල් දැක්ක ගමන් අඳුරගන්න පුළුවං නෙවැ බං./

      හැබෑට හෙනං මට ඔහේව දැක්කත් අඳුරගන්න ඇහැක් වෙයි නේද???

      • Buratheno පවසයි:

        දබැරඟිල්ල උලුක්කු වෙලා කිවුවා..!!?? ඒ මක්කැයි, දෙවෙනි මනමාළයත් එක්ක දබරෙකටවත් ගොහිල්ලය..??

  9. Sameera පවසයි:

    කරදර භාදක මැද ජයෙන් ජය ම වේවා………. , අනේ ඇත්තමයි අක්කේ මේ ටික කියවාගෙන යනකොට මට අපේ අම්මලා අපි පොඩි කාලෙ අපිවත් කරගහගෙන ගෙවපු ජීවිතේ මතක් උනා ………. ,
    ජීවිතේ අලුත් තැනකින් පටන් ගැනීමක් ……. හිතෙන තරම් සුන්දරත් නෑ වගේ අපිත් ඉතින් දගලන්නේ ඔය පැනි මුට්ටියටම බහින්ඩනේ………. ( ගිලිලා මැරෙන්ඩ )
    ” අදට වඩා හෙට හොඳ වේවී ” නෙවී වේවා ……!

    • බොහොම ස්තූතියි මල්ලි… අම්මල ජීවිතේ හැඩ ගහගත්ත විදිය බලන් ඉන්නකොට තමයි අපිත් ඉගෙන ගන්නෙ…. විවාහ ජීවිතේ සුන්දර නැත්තෙ නෑ මල්ලි…මට හිතෙන්නෙ ඒක අපි හිතන විදිය අනුව තීරණය වෙන දෙයක්… දැන් හිතන්න මම වුණත්, ගෙදර වැඩ කරනවට වඩා නිදාගන්න, අන්තර්ජාලෙ ඉන්න කැමති කෙනෙක්.. හැබැයි මම මගේ වගකීම් හා යුතුකම් අමතක කරන්න හොද නෑ….ඒවත් කෙරෙන්න ඕනෙ… ඊට වඩා මම තේරුම් ගන්න ඕනෙ දේ තමයි.. මම පවුලක වගකීම් දරනව කියන එක… ඒක ඔලුව උඩ තියාගෙන පෙන්නන්ඩ ඕනෙ දෙයක් නෙවෙයි… අවබෝධ කරගෙන ක්‍රියාවේ යොදවන්න ඕනෙ දෙයක් විතරයි….
      ජීවිතේ සුන්දර වෙන්න තේරුම් ගන්න ඕනෙ එච්චරයි!!!

  10. මධුරංග පවසයි:

    අර මනෙක්කා මොනාද පෙන්නන්න යන්නේ ?

  11. buddie-බුඩී පවසයි:

    කිරියෙන් පැනීයෙන් ඉතිරෙන, සුභම සුභ විවාහ ජීවිතයක් වේවා !!!!!

  12. DGM Bassa පවසයි:

    පිංතූරත් ඒවවල ඉන්න අය වගේම ලස්සනයි , නඟේ 😀

    සුභම සුභ විවාහ ජීවිතයක් වේවා !!!!!

  13. කොහොම ස්තූතියි බස්සයියෙ… වෙලාවක බැස්සි අක්කත් එක්ක අපේ ගෙවල් පැත්තටත් පියාඹන්ඩකො!!!

  14. බුද්ධි පවසයි:

    ඔක්කොම කියවලා ඉවර උනාම මට කියන්නෙ තියෙන්නෙ “ගුඩ් ගර්ල්!! “කියලා.

    අලුත බැඳපු ජෝඩුවට පොඩි උපදෙසක් දෙන්නම්,
    පාන්දර නැගිටල අපි දෙන්නට බත් උයාගෙන ලෑස්ති වෙලා වැඩට යන්ඩ, හවස ගෙදර ඇවිල්ල කන්ඩ මොනව හරි හදාගෙන කාල, අස්පරස් කරල, උදේට තම්බන්ඩ කවුපි කඩල වගේ දෙයක් වතුරෙ දාල,…… එකී මෙකී නොකී හැම දේම ……// මෙන්න මේ ටින කං හොඳම හොඳයි. කවදාවත් මේ පිලිවෙල කඩන්න එපා. මහන්සියට කඩෙන් කන්න නම් යන්න එපා. අලාභ හානි ගොඩයි. කඩෙන් කෑම පුරුද්දට ගියොත් අපිට ප්‍රස්න ගොඩකට මුණ දෙන්න වෙනවා. හැබැයි ඉඳලා හිටලා කඩෙන් කන්න. ඒක මාර ජොලි!!!

    • අපි දෙන්න කඩෙන් කන්නෙ නං හරිම කලාතුරකින්.. ඒව කෑවම නිදිමතයි වතුර පිපාසෙයි එන බව ඔයාලට දැනිල නැද්ද?? ඒ හන්ද බත් වගේ එව්ව කඩෙන් ගන්නෙ අඩුවෙන්.. සතියකට වතාවක් විතර ගෙදර යන්ඩ පරක්කුම වුණොත් රෑට පාන් අරන් යනව. අපි දෙන්න කොහොමත් බත්වලට තමා වැඩි මනාපෙ.. ඒ වුණාට බුද්ධියො උදෙත් කාල දවල්ටත් ඒවම කන්ඩ බෑනෙ.. ඒ හන්ද අපි මොනව හරි ධාන්‍ය වර්ගයක් උදේට තම්බගන්නව…පුංචි පීඩන උදුන් මල්ලියෙක් ඉන්න හන්ද වැඩේට යන්නෙ විනාඩි පහයි… කඩෙන් කන්නෙ ඉතිං ඔය උපන්දිනයක් හරි වෙන මොකක් හරි සැමරුමක් දවසට තමා.. ඒකත් අඩු කරල ඒ කෑම බීම ගෙදරම හදාගන්න තමයි මගේ නං මනාපෙ…. බොහොම ස්තූතියි උපදේසෙට…

  15. abeetha පවසයි:

    1. ජනූ කියන්නේ ඉස්සරත් හොඳට මුණ ගැසුණ නංගි කෙනෙක් කියලා මතක් උනේ මූණුපොතේ ඉන්න පොදු යාළුවෝ දැක්කම…

    2. කඩුවෙල අවටනම් ඉන්නේ පෙම්බරයාගේ දුරකථන අංකය එවන්න…. බ්ලොග් කාරයෝ මාලඹේ සෙට් වෙද්දි පොරටත් කථා කලෑකි….

    3. කීප තැනකම් සුභ පතපු නිසා ආයෙත් ඕන නෑ ඕන්…

    4. බැන්දට පස්සේ ලමයි බමයි හම්බෙනකන් තනියම තමයි ඉන්න ඕන… පලවෙනි වේල උයාගෙන නිඩහසේ කාලා ඉවර වුනහම එන නිදහස් හැගීම එන්න ඇතිනෙ…

    • අපි දෙන්නම කුරුණෑගල, එක කාලෙ ඉස්කෝලෙ ගිය අයනෙ… ඉතිං පොදු යාලුවො ඇති වැහි වැහැල නේද??
      ආයෙ සුබ පතන්නෙ මොනවටද අප්ප…ඔයා කීප වතාවක් සුබ පැතුව නේන්නං…..
      ඒක නිදහස් හැගීමක් විතරක්මද මන්ද අයියෙ… අපි දැන් ලොකු මහත් වෙච්ච එවුවො කියල නං ටිකක් දැණුන, මම පවුලක වගකීම් වගකීම් දරන්ඩ පටන්ගන්නව කියලත් තේරුණා. කොච්චර වගකීම් වැඩ රාජකාරි මැද්දෙ වුණත් ලොකු නිදහසක් විදින බව තේරෙන්න ගත්ත. ( ඒ නිදහස අස්සෙ තියෙන්නෙත් ලොකු වගකීමක්ම තමයි)

  16. Nish පවසයි:

    සුන්දරයි……

    සුබගමන් ජනූ…..

    අනිවා අදට වඩා හෙට හොඳවෙයි………..

    නැන්දම්මගෙ උපදෙස නම් මල් මසුරන් නිදහසේ උයාගෙන කාලා ඔය ඉන්න ටිකේ තියෙන වැදගත්කම තව අවුරුදු දෙක තුනකට පස්සෙ තේරේවි.:)

  17. නවම් පවසයි:

    හප්පා මේ ඇවිල්ල ඉන්නෙ මඟුල් නටල අහවර වෙලා. මං උනෙ තව කාලයක් යයි කියල.

    ජීවිතේ ලස්සනයි බං ජනූ ! උඹල දෙන්නටම හැමදාටම සන්තෝසෙන් ඉන්න, එහෙම බැරිම වෙලාවක් උනොත් ගුටි කෙළගෙන හරි ආයෙම හිනාවෙලා කලින්ටත් වැඩිය ආදරෙන් ඉන්න වාසනාව ලැබේවා !

    එහෙනං දැන් උඹල අපි එහා ගමේ මෙහා ගමේ වෙච්චි ඈ.. හෙහ් හෙහ් !

    • තව කාලයක් යන්ඩ තිබුණ අයියෙ… වෙලාව තිබුණත් කම්මැලිකම ඊට එහා නෙ… ඊටත් වඩා අර කාලයක් නොලියා හිටියම ආයෙමත් ලියන්ඩ පටන්ගන්ඩ තියෙන අමාරුව අත් විදල ඇති නෙ අයියත්…
      බොහොම අමාරුවෙං ආයෙත් ලියන්ඩ පටං ගත්ත එකේ දැං ලියන්ඩ ඕනෙ දිගටම…
      බොමෙහ ස්තූතියි අයියගෙ සුබ පැතුම්වලටත්!!
      හැබෑට අයියත් අල්ලපු ගමේද??
      මන්ද මේ බ්ලොග් කාරයො සේරෝමල ඉන්නෙ කඩුවෙල මාලඹේද කියල??

  18. නිසුපා පවසයි:

    ලස්සන පින්තූර දෙක අක්කා.වැඩි විච්චූරන නැතුව වැඩේ කෙරිලා තියෙන බව පේනවා.කොච්චර කාර්ය බහුල වුනත් අක්කා සතුටින් බවත් පේනවා.කඩුවෙල හරියෙනම් ඉන්නෙ ඒ හරියෙන් යනකොට අක්කාව දකින්නත් පුලුවන් වෙයි නේද??

    එහෙනම් සුභ පැතුම්……

  19. ලාරා පවසයි:

    සිංදු කියන පින්තූරයට අමතරව අදයි ඔයාගෙ පින්තූරයක් දැක්කෙ.
    ඔයා හරී ලස්සනයි අනේ….
    යුග දිවියට සැමදා ජය !!!
    (Late comment)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )