කලබල කලබල කලබල මාසේ!!!

වෙනද වගේ චීන කතාවක්, මල්දෙනියෙ කතාවක කියවන්ඩ බලාගෙන මේ පැත්තට ආව නං සමා වෙන්ඩල…

අලුත් අවුරුද්දට සුබ පතන්ඩ වත් මේ පැත්තට එන්ඩ බැරි වෙන තරමට කාර්යබහුල වුණා …

ජනවාරි පළමු වෙනිදට යෙදුන තාත්තගෙ නව වස් පින්කම කට උඩ තියල පාරෙන් පිට පැන්න වාහනයක ඇවිත් අපේ ගෙදර ඉස්සරහ පැත්ත විනාස කරල දැම්මනෙ…

මගුල්, දාන අස්සෙ ගෙදර හැදිල්ලක් තමා අපිට  මදි පාඩුවකට තිබුණෙ….

ඉතින් දානෙට හාමුදුරුවන්ට ගෙදරට ආරාධනා කරපුව වෙනස් කරල වෙනද වගේම පන්සලට උයාගෙන ගිහින් දානෙ දෙන්ඩ වුණා…

ඒ කටයුතු  අස්සෙ මාසෙ අගදි යෙදෙන මංගල උත්සව කටයුතුවලට සූදානම් වෙන්ඩ මට ලැබිච්ච නිවාඩු ටික නං හරිම ප්‍රයෝජනවත් වුණා…

පෙම්බරය නං ටිකක් පැමිණිලි කළා බ්ලොග් එක ලියන්නෙම නෑ දැන් කියල…

මේ කලබල දවස් ටික ගෙවිල ආයෙමත් සාමාන්‍ය ජීවන රටාවට ආවාම මීට වඩා ලියන්ඩ කියවන්ඩ පුලුවන් වෙයි කියල හිතනව….

ඉතින් එතකන් ඉවසල ඉන්ඩකො!!

සුබ පතන්ඩ පරක්කු වුණා නං තමා ඒත්……..හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියල ප්‍රාර්ථනා කරනව

එහෙනං මං ගිහින් එන්නං…

ලස්සන පින්තූරෙ ලැබුනෙ මෙන්න මෙතනින්

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in මට හිතෙන හැටි. Bookmark the permalink.

27 Responses to කලබල කලබල කලබල මාසේ!!!

  1. ravi says:

    අඩේ කාර් එකක් ගෙට කඩා පැනල නේද? උඹ පාර අයිනෙ ඉඳල සිරික්කියක් වත් දාන්ට ඇති හොර නැතුව…..හෙහ්, හෙහ්,

    කෝකටත් තාප්ප රාජයෙක් ගහගන්නකල් ගෙයි පිටිපස්ස පැත්තට වෙලා ඉඳහං…

    චීනෙත් ගිය එකේ පොඩිවට චීන මහා ප්‍රාකාරය වගෙ එකක් ගැහුවොත් මොකද?

    Janu’s mini chinese great wall @ Dambadeniya……..nice isn’t it?

    *****************************************

    මඟුල් ගෙවල් ගැන නම් මතක් කරන්න එපා…..මඟුලක් ගන්න කොට කරන්න තියෙන වැඩ කන්දරාව මතක් වෙන කොටත් ඔළුව නරක් වෙනව…..

    ඔන්න අපෙ මඟුල ඉවර වෙලා සතියකින් විතර පස්සෙ ටිකක් ඉස්පාසු ලැබිච්චි වෙලාවක්…..

    ” මේ ඔයා දන්නවද මිනිස්සු විවාහ ජීවිතේ කොච්චර අප්‍රසන්න උනත් කාගෙන එකට ඉන්නෙ ඇයි කියල ඩිවෝස් වෙන්නෙ නැතුව…” .මම ඇහුවා.

    ” ඔව්…මම දන්නව…”

    ” කියන්න බලන්න…”

    ” අපේ හැදියාව, එතනින් ගියාම අවුරුදු දෙදාහක් තිස්සෙ ආරක්ෂා කරගෙන ආපු සාරධර්ම………..”

    ” හෝව්, හෝව්…..ඔය ඇති මම දන්නව ඔයා ඔය කියන්න එන විස්තරේ….ඒ බොරුවට කියන හේතු…..ඇත්ත හේතුව ඔය එකක් වත් නෙවෙයි,”

    ” එහෙනම්?…..”

    ” ඩිවෝස් වෙල ආයෙ බඳින්න ගියාම මේ සුමේ ආයෙම මුල ඉඳල කරන්න එපාය…අන්න ඒ හින්දයි ඔය මිනිස්සු කාගෙන ඉන්නෙ…හෙහ්, හෙහ්,”

    • ඒක නෙව අයියෙ… දැන් ඉතිං සේරම වැඩ තියල ගෙදර ඉස්සරහ පැත්ත හදනව.. ඇයි නැත්තං නැකතට පිටත් වෙන්ඩ වෙන්නෙ මුක්කු අස්සෙං නෙව….
      ඔය මිනි ග්‍රේට් වෝල් එකේ අදහස නං නියමයි.. උඹට බැරියැ යන සිමෙන්ති වැලි ගල්වල වියදං දරන්ඩ නැද්ද??

      තව ටික දවසක් ඉවසපංකො අය්යෙ ඔය කසාදෙ ගැන කියල තියෙන දේට මං උත්තර දෙන්නංකො ඊට පස්සෙ

    • Buratheno says:

      අම්මප රවි අයියෙ, ඇත්ත කතාව නෙවැ.. 🙂

  2. indika27 says:

    හරි වැඩ නේ වෙන්නෙ

  3. සිහ් කාරෙකට ඩැමේජ් වගේ……. මෙතන පොඩි ගැටලුවක තියෙන්නෙ මේකයි. මට පේන්නෙ කාරෙක ගේ ඇතුලෙ ඉඳලා ඇවිල්ලා වගේ….. බලන්ඩ කාරෙක තියෙන්නෙ රතුසිමෙන්ති පොලොවෙනෙ….
    ………………

    කොහොමහරි ජනනිට සුබ අලුත් අවුරුද්දක් වේවා…… වස්දොස් යන්ඩත් එක්කලා ඔය වෙලා තියෙන්නෙ නියම වැඩක්

    • එසේම වේවා බුද්ධි!!
      හා හා… කාරෙක පාරෙන් අනික් පැත්තටත් පැනල තමයි අපේ ගෙදර මැද හරියක් වෙන්ඩ වැට කඩාගෙන ඉස්සරහට ආවෙ… බ්රේක් ගැහුව ලකුණක්වත් නං නෑ…. නින්ද ගිහිං වෙන්ඩ ඕනෙ!!! සමහර වෙලාවට අපි ඔය හරියෙ ඉන්නව කයිය ගහ ගහ.. මොනව හරි සද්දයක් ඇහුණම දුවන්නෙත් ඔය කාරෙක ආව පැත්තට…. ඩැයිබරය බේරිලා තිබුනෙ වාසනාවට… තව පොඩ්ඩක් අර කණු ටික එහාට වුනා නං මුලු හුඩ් එකම කාරෙක උඩ නෙව….. අපේ වැටේ කම්බි කණුවක් තිබුණ මීටර් 25ක් විතර ඈතට විසිවෙලා…
      මාත් කිව්වෙ ඔය ටිකමයි…!! ඔන්න වස්දොස් ගිය හැටි කියල තමයි!!!

  4. praveena says:

    මම නම් හිතුවෙම, වෙඩිමට පස්සේ අහවල් පැත්තේ ගිහින් කියලා. .. 🙂

    ඔයින් බේරුනා ඇති. කීවත් වගේ වස්, දොස් ගියා කියලා හිතන්ට. ඔය එක, එක, ප්‍රාකාර ඕනේ නෑ…හැබැයි මතක ඇතුව අර වලව්වේ කැලැන්ඩරේ තියන ගවුම ඇඳන් පර අයිනේ ඉන්ට එහෙම එපා. ඊලඟට ඇඟට එන්නේ ඔය වගේ කාර් නෙමේ. ඒ හන්දා.

    බලාපොරොත්තු සියල්ල ඉටුවෙන, සුබ අලුත් අවුරුද්දකට ආසිරි පතනවා.

    • වෙඩිම තිබ්බෙත් නැතුව කොහෙ යන්ඩද අක්කෙ??
      දැන් මේ හැමෝම කියන්නෙ මං සිරික්කිය දාල කාර් එක අපේ ගෙදරට ආව කියල නෙව…
      අක්කටත් සුබම සුබ අලුත් අවුරුද්දකට ආසිරි පතනව මම!!!

  5. abeetha says:

    ස්ටුඩියෝ යූ එකේ ක්‍රිශාන්තට කියන්න මලියදේවේ අභීත හොඳ යාළුවෙක් කියලා…

    • හපොයි හපොයි… මං එයාව දන්නෙ නෑ අභී අයියෙ… මං මේ ඔයාලට හින්ට් එකක් දුන්න නෙව නුදුරු අනාගතේදි සිද්ද වෙන දෙයක් ගැන….ඒකට ස්ටූඩියෝ යූ එකෙන් හොරකම් කළා පොටෝ එකක්….

      • abeetha says:

        වෙඩින් එකට පොටෝ ග්‍රැෆර් විදිහට ඌව සිලෙක්ට් කරලා කියලා මම හිතුවේ….

  6. නවම් says:

    ඔයිං ගියා මදෑ අතක් පයක් නොකැඩී. අම්මප කොච්චරවත් කියනව නෙවද හැන්දෑකොරේ නාල වැට මායිමේ ඉඳං කෙස්ස පිහදාන්න එපාය කියල. කෝ කියන එකක් අහන එකියක් නං මක්ක වෙයිද, ව්ඩැයිබරයට ආලෝ නීලෝ නැතුව යන්නෙ ඇති ඒක දැකල.

  7. සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත says:

    හප්පොච්චියේ වෙලා තියෙන හරිය දැං නෙව හරියටම දැකගත්තෙ. මදෑ ඔයිං ගියා.

    අක්කටත් මේ අවුරුද්ද සුභම සුභ අවුරුද්දක් වෙන්නත්, ලස්සන අනාගතයක සුන්දර සමාරම්භයක් වෙන්නත් කියලා සුභ පතනවා.

  8. අක්කටත් සුභ අළුත් අවුරුද්දක් වේවා..!!!!

  9. Sameera says:

    යකඩෝ මරුටියක් ගිය උඩ …………… ,

  10. ජනූ අක්කටයි ජනූ බබාටයි සුබ අළුත් අවුරුද්දක් වේවා !

    ඒක නෙමේ අර නවම් අයියා කිව්වත් වගේ ආයෙම නාලා ගේ ඉස්සරහා වැට මායිමේ ඉන්නවා එහෙම නෙමේ හරිද !

  11. Priyantha says:

    කාර් එකට මොනවාද කලේ….:DDD
    ජනූටත් පෙම්බරයාටත් සුබ නව වසරක් වේවා …!!!!

  12. කාරෙකේ ආපු අයට මොකද වුනේ?

    henryblogwalker the Dude

    • මොකක්දෝ වාසනාවකට ඒ මනුස්සයට කරදරයක් වුණේ නෑ….තුවාලයක්වත් නෑ.. ඒ මනුස්සය ගොඩක් ලේ දන්දෙන කෙනෙක් ලු… ලේ දෙන අයගෙ ලේ හෙල්ලෙන්නෙ නෑ කියල කතාවක් තියෙනවනෙ අයියෙ… ඒක ඇත්තද මන්ද???

  13. දුකා says:

    සයිබර් ෆෙස්ටිවල් දවසට වත් වෙඩින් කේක් ගේන්ඩෝ . . ..

Leave a reply to හංසකිංකිණි Cancel reply