චීන රටේ චාරිකා… 02

මගේ දෙවියනේ!!!! එකක් උඩින් එකක් උඩින් තව එකක් ඒක උඩින් තවත් එකක්!!!!
ශැංහයි නගරයේ එක එක දිශාවට ගමන් ගන්නා අධිවේගී මාර්ග හයක් එකක් උඩින් එකක් හදල තියෙන හැටි දැකපු අපේ උපදේශකයා රිකාඩෝ බස් එකෙන් එළියට ඔලුව දාල කෑ ගැහුව..

ඒ එක්ක බස් එකේ ජනෙල් අයිනෙ හිටපු සේරෝමල වගේ රිකාඩෝව අනුගමනය කළා…

මග දෙපස උසට උසේ හදපු මහල් නිවාස සංකීර්ණ…. සමහර ඒව හරියට සෙල්ලම් ගෙවල් වගේ කියලයි මට නම් හිතුණෙ…

ඔයාල දන්නවනෙ අපේ චීන සංචාරෙ තුන් වෙනි දවස වෙන් වෙලා තිබුණෙ ක්ෂේත්‍ර චාරිකාවකට කියල…

ඒ ශැංහයි වල ඉඳල කිලෝමීටර් සීයක් විතර  ඈතින්  පිහිටල තිබුණු නගරයක් වෙන සුෂෝවලටයි

මේ තියෙන්නෙ ඉහළ අහසෙ ඉඳල බැලුවාම  සූෂෝවල පෙනුම.. උදව් කලේ මෙන්න මෙයා

එහෙදි අපේ පුහුණුවට අදාල ආයතන කිහිපයක වැඩ කටයුතු නිරීක්ෂණය කරන්ඩ වගේම  අපේ වෘත්තීය කටයුතුවලදි භූගෝලීය පිහිටීම් පද්ධතිය භාවිත කරන ආකාරය ගැන පුහුණුවකුත් තිබුණ…

උදේ ආහාරයෙන් පස්සෙ කට්ටියම හෙමින් හෙමින් හෝටලේ පාමුල නවත්තල තිබුණු බස් එකට ගොඩ වුණා…

පුංචි පුංචි නගර ගණනාවක් පහු කරගෙන බස් රථය ඇදිල ගියා.. උදේ පාසල් යන දරුවො.. කඩිමුඩියෙ වැඩට පලට දුවන ගෑණු පිරිමි…

පලතුරු රාක්ක, අරුමෝසම් බඩු!! පහු කරගෙන පහුකරගෙන ගියා

අනිත්මට අපි දවල් එකොලහට විතර සුෂෝ වල පිහිටි සී ඩීසී (Center for Disease Prevention and control) එකට ගියා…

බස් එකෙන් බිමට බැස්ස ගමන්ම ඉවසගන්න බැරි තරම් සීතලක්!!!

මම කොහොමත් ලංකාවෙදිත් සීතලට ඔරොත්තු නොදෙන විදියෙ කෙනෙක්!!!

ඇත්තම කිව්වොත් සුෂෝවලදි එක පාරටම දැණුනු සීතලට මට ඇවිදගන්න බැරිව කකුල් අගුල් දාල වගෙයි දැණුනෙ..

සීතල නිසා හැමෝම වාගෙ කඩිමුඩියෙ ගොඩනැගිල්ල ඇතුලට වැදුණ..

සීඩීසී එකේ කාර්ය මණ්ඩලය සම්‍න්ත්‍රණ ශාලාවට අපිව පිලිගත්තෙ උණුසුම් ග්‍රීන් ටී සංග්‍රහයක් එක්ක…

සීතලෙන් ගල් වෙලා හිටපු අපිව ගලවගන්ඩ ඒ තේ කෝප්පය හරියට දිව්‍ය ඖෂධයක් වගේ වුණා

ඒ විතරක් නෙවෙයි දේශන වලට ඇහුම්කන් දෙන අතරෙ නොදැනුවත්වම හිස් වෙන අපේ තේ කෝප්පවලට නැවත නැවත උණුවතුර පුරවල දෙන්නත් එයාල කාරුණික වුණා..

ආ ඇයි තව දොඩම්  හා පුංචි ඇපල් පුරවපු භාජන මේසෙ වටේ තියල තිබ්බ අපිට දේශන අතරෙදි කන්න…මේ පුංචි ඇපල් හරිම රසයි!!!

මම ශැංහයිවලින් ආපහු එද්දි ගෙඩි කීපයක අරන් ආව අපේ පෙම්බර ඇත්තන්ට, මල්ලිට, අම්මලට හෙම රහ බලන්ඩ

ඇත්තම කියන්ඩ ඒ දේශනවල  වැදගත් කරුණු ගොඩාක් තිබුණත් ඉදිරිපත් කිරීම නම් හරිම නීරසයි…

එකක් තමයි එයාලගෙ ඉංග්‍රීසි උච්චාරණය වටහාගන්ඩ හරිම අමාරුයි.. අනික ගොඩක් දෙනා චීන භාෂාවෙන් ම තමන්ගෙ දේශනය කරද්දි අපේ චීන යාලුවෙක් ඒක අපි වෙනුවෙන් ඉංග්‍රීසියට පරිවර්තනය කළ එකයි සිද්ධ වුනේ…

කොහොමින් හරි අපි එතනින් පිටත් වෙලා ගියේ  සුෂෝවල උද්‍යානයකට යි.. ඒ අපේ ජී පී එස් පුහුණුවට..

ඔය කට්ටිය දන්නවනෙ ජීපීඑස් කියන්නෙ මොනවද කියල… දන්නෙ නැති කවුරු හරි ඉන්නවනම් ඒක චන්ද්‍රිකාවලින් ලැබෙන තොරතුරු යොදාගෙන පිහිටීම අඳුනගන්න පාවිච්චි කරන තාක්ෂණයක්… පොළවෙ ඉන්න අපිට ඒ පිහිටීම අඳුනගන්න උදව් වෙන ග්‍රාහකයට තමයි අපි හැමෝම වගේ දැන් ජී පී එස් එක කියල කියන්නෙ…

මටත් නිරෝෂ අක්කටත් මේ පුහුණුවට කලින්ම ඒ ගැන දැනුමක් තියෙනව… ඒ නිසා ඇත්තටම අපි දෙන්න ඒ පුහුණුව තරමක් නොසලකා හැරල වටපිටාවෙ ලස්සන දේවල් බලන ඡායාරූප ගන්න එක තමයි කළේ… හැබැයි අපේ කට්ටිය නං බරටම වැඩ!!!

මීදුමෙන් බර වෙච්ච උද්‍යානය කෙලවරේ ඇළක්!! ඊට ඉහත්තාවෙන් තිබුණෙ පරණ තාලෙ ගෙවල්!!!  අර වහලයෙන් පිටතට නෙරපු මකර හිස් එහෙම තියෙන කොළ පාට වහලයක් තියෙන ගෙවල්!!!

වටපිටාවෙ සීතල ගතට බලපානව වගේ මේ දර්ශනය නිසා හිතත් සීතල වෙනව!!

අපි කට්ටියක් උද්‍යානයේ ඉන්නව දැක්ක ඈත හිටපු වෙලෙන්දො කිහිප දෙනෙක් කඩිමුඩියෙ අපි ඉන්න දිහාවට ආව…

ලස්සන සිල්ක් පසුම්බි, එම්‍‍බ්‍රොයිඩර් කරපු ලස්සන දර්ශන…. අවාන්, පුහුණුව පැත්තක තියාපු අපේ කට්ටිය මේ බඩුමුට්ටුවලට රොද බැඳගත්ත…මේ තියෙන්නෙ මම අපේ අම්මට ගෙනාව තෑග්ග…

ඊට පස්සෙ අපි අපේ දිවා ආහාරය අරගන්න ගියා. මතකනෙ අර ලස්සන මාලුවෙක් එහෙම හිටියෙ පිඟානක

අපරාදෙ කියන්ඩ බෑ ඒ සියල්ල මනාව සූදානම් කරලයි තිබුණෙ…. අපිට තිබුණෙ ගිහින් ඉඳගෙන කන්න විතරයි…

ඔන්න දිවා ආහාරයෙන් පස්සෙ අපි හැමෝම අවන් හලෙන් එලියෙ තිබුණු ලස්සන උද්‍යානයෙ ඡායාරූප අරගත්ත.

දැන් අපි යන්නෙ ටයිගර් හිල්ස්!!!
බස් එකට නැගල හැමෝම  ඉඳගත්ත කියල සහතික කරගත්ත අපේ ගමන් සහායිකා ලින්ඩා කිව්ව.

ඒ කියන්නෙ කොහෙද??? අපි ඇහුව

ඇත්තටම ඒක පැරණි උද්‍යානයක්.. මෙන්න මෙතනින් වැඩි විස්තර කියවන්ඩකො

ඕකේ!!!! ලෙට්ස් ගෝ සූන් අදර් වයිස් ටයිගර් විල් එස්කේප්!!!
කොයි වෙලාවෙත් මහ හයියෙන් කතා කරන විහිලු කරන අපේ රස්තෝගි මහත්තය කිව්ව…

හානේ!!! අර කවුද???

මගෙ කටින් ඉබේම පිටවුණේ එතන පුංචි පැලේක පටියකින් බැඳල හිටපු සතාව දැක්කාමයි!!!

සිංහලෙන් අහපු දේ‍ තේරුණා වගේ හැමෝම ඒ පැත්ත බැලුවෙ මගේ හඩේ තිබුණු විස්මය නිසා වෙන්ඩ ඇති!!

මෙයාද ?? මෙයා බල්ලෙක්!! පෙනුමෙන් සිංහයෙක් වගේ!! මෙයාගෙ දිව නිල්පාටයි!! අපේ උපදේශක රිකාඩෝ කිව්ව!!

නිල්පාටයි!!!! මගේ පුදුමය දෙගුණ වුණා!!!

ඔවු එහෙමයි මම අහල තියෙන්නෙ!!!

ලයන් ඩෝග්!!!  ඩෝග් ලයන්!! ඩොගී ලයන්!!!! මං එයාට නමක් දාන්ඩ උත්සාහ කළා

හැමෝම හිනාවුණා!!

මෙන්න බලන්ඩකො එයා ඉන්න අපූරුව!!! අපේ පෙම්බරය නං මෙයාට කියන්නෙ බ්ලයින්ඩ් ඩෝග් කියලයි!!!

හැබැයි ඇත්තටම මෙයාලගෙ නම නම් Chow Chow

අම්බ්‍රෙල්ලා අම්‍බ්‍රෙල්ලා!! ෆො යූ ඉට් ඊස් ෆො ට්වෙන්ටි යුවාන්!! ස්පෙෂල් ප්‍රයිස්!!

අපේ ජූනේසා සමර් හට් එකක් ලඟ කුඩ විකුණන්ඩ තියල ගිය චීන මුදලාලි එහාට මෙහාට වෙනකල් ඉඳල කඩේ වැඩ බාරගත්ත!!!
නෝ නෝ!! යුවර් ප්‍රයිස් ඊස් ටූ හයි!! අපේ රස්තෝගි මහත්තය කිව්ව

ඕකේ!! යූ සේ හවු මාච්???

ටුවෙන්ටි යුවාන් ඊස් හයි… අයි සේ ටෙන් යුවාන්!!!

ජුනේසා මූණ ඇද කරල චීන වෙලෙන්දොන්ගෙන් ඉගෙනගත්ත ඉරියව්වක් පාල ඒ ගණනට එකඟ නැති බව පෙන්නුවාම රස්තෝගි මහත්තය යන්ඩ යනව කුඩ එපා කියල

ඕකේ ෆිෆටීන් යුවාන් ෆයිනල් ප්‍රයිස්!!! ජුනේසා කෑගහනව!!

ඕකේ ට්වෙල්ව් යුවාන්!!! ආයෙමත්!!!!

රස්තෝගි නෙවෙයි හැරිලවත් බලන්නෙ…

ඕකේ ඕකේ ටෙන්!!!

ජුනේසා පසුබහිනව!!!!

රස්තෝගි ආපහු හැරෙන්නෙ ජයග්‍රාහි හිනාවක් මූණෙ රඳවාගෙන

අප් හැමෝම ජුනේසගෙයි රස්තෝගි ගෙයි වැඩේට හිනා වුනේ බඩවල් අල්ලගෙන ( සිද්ධියෙ හරිහමං පින්තූරයක් ගන්ඩ බැරි වෙච්ච එකට නං මගෙ හිතට හරි නෑ)

ඒ විතරක් නෙවෙයි… කොහේදෝ ගිහින් ඉඳල ඇවිත් තමන්ගෙ කුඩ කඩේ ලඟ අපේ කට්ටිය කරන පිස්සුව දිහා බලාගෙන හිටිය චීන මුදලාලිටත් හිනා!!!!

හා හා… හරි අප් ගයිස්!! ටේක් යුව ටිකට්ස්!!! අපේ රිකාඩෝ කෑ ගැහුව!!

මේ  පින්තූරෙ පිටුපස දකුණු කෙලවරෙ ඉන්නෙ  රිකාඩෝ!!


( දැන් ඔය හැන්ඩියො එහෙම කෝ කියල අහපු අය කෝ හැබෑට?? ඕං බලාගත්ත නං ඇවිල්ල )

අපි හැමෝම ටිකට් එක ගානෙ අරන් ඇතුලු වුණා ටයිගර් හිල් උද්‍යානෙට

මේ උද්‍යානයේ ඇතුලුවීමේ දොරටුව ලඟම තියෙන මල් ගොමුව හරිම ලස්සනයි…

ඔන්න ඉතින් මට එතන ඉඳල තනියම ෆොටෝ එකක් ඕනෙ වුණා කියන්ඩකො..

මං කොන්තරාත්තුව බාර දුන්න නිරෝ අක්කට…මෙන්න බොලේ ෆොටෝ එක ගන්ඩ ලෑස්ති වුණා විතරයි….අපේ පිලිපීන ජාතික ජූනේසා යි එයාගෙ යාලුවො ටිකයි අනේ අපිවත් අරගන්ඩ කියල දුවල ආවනෙ…

ඒ විතරක් නෙවෙයි සොලමන් දූපත්වලින් ආව එරික් හේලුත් අපි එක්ක මේ ෆොටෝ එකට එකතු වුණා…මෙන්න බලන්ඩකෝ!!

අපි ඈත තියාම දැක්ක මේ උද්‍යානය මැද තියෙන කුලුණ..

ඔය ළමයි පොලොන්නරු නටබුන් අතරෙ තියෙන සත් මහල් ප්‍රාසාදය ගැන අහල දැකල ඇති කියල හිතනව… මේ උද්‍යානය මැද්දෙ තිබුණ ගොඩනැගිල්ල ( මේක ඇත්තටම දාගැබක් ලු) අපේ සත්මහල් ප්‍රාසාදයට බොහොම සමානකම් කියනවයි කියල මට හිතුනෙ… අපේ චූටි මාමගෙං අහගන්ඩ ඕනෙ ඒ දෙක අතරෙ තියෙන සම්බන්දෙ කියල හිතල ඔන්න ෆොටෝ එකකුත් අරගත්ත…

අපි උද්‍යානෙ පුරා විසිරුණා…. මමයි නිරෝෂ අක්කයි දෙන්නත් හිතේ හැටියට ඇවිද්ද

නිරෝෂා!!!! වේට් වේට් අයි ඈම් ඕල් සෝ කමිං විත් යූ!!

රස්තෝගි ඈත ඉඳල කෑ ගැහුව!!

අපි එක්ක ඇවිදින්න එයා හරිම කැමති වුණා!!

අයි තිංක් ජනනි ඊස් යූස්ඩ් ටු වෝක්  ලයික් දිස් !! ලුක්!!! ශී රියලි කැන් වෝක් ෆාස්ට්!!!

නිරෝෂා අක්කටයි රස්තෝගි මහත්තයටයි දෙන්නටම වඩා වේගෙන් යන මම දැකල එයා කිව්ව!!

හති හල හල අතේ තිබුණ දිග කුඩේ බස්තමක් වගේ බිම ඇන ඇන තමයි උන්දැ එන්නෙ ඒ මදිවට මොනව හරි කියන්ඩ ඕනෙ වුණාම වැඩි උනන්දුවට එතන නතර වෙලා ඉඳල තමයි ඒක  කියන්නෙ!!!!!!

ටයිගර් හිල්ස් වල බොන්සායි උද්‍යානයක් වෙනම තිබුණ හැබැයි ඊට වඩා ලස්සන බොන්සායි ගස් නම් මම දැකල තියෙනව!!

ඒ තරම් ලස්සන නැතත් අපේ සපතේරු ගෙ ඉල්ලීම අහක දාන්ඩ බෑ නෙ… උන්නැහේ බොන්සායි කලාවට හරි මනාපයිලුනෙ… ඉතිං ඔන්න ෆොටෝ දෙකකුත් ඇමිණුව….

 

උද්‍යානයෙන් එලියට එන පාර දිගේ පුංචි පුංචි කඩවල විසිතුරු බඩු!!

මුතු මාල, සිල්ක් රෙදි,එකී මෙකී කොකී හැම දේම අතරෙ අතරමං වෙච්ච අපේ කට්ටිය අහුලන්ඩ අන්තිමට චීන යාලුවන්ට නැවත් නැවතත් යන්ඩ වුණා!!!

අපේ ඔපීසියෙ ඇත්තෙක් මගින් මගටම මතක් කරපු වියලි පලතුරු දැක්ක මම එයාට ඒව ගන්න ගමන් මටත් ඉන් පැකට් දෙකක් අරගත්ත!!

බස් එකට නගින්ඩ එන පාර දිගේ මේව අරන්  එනකොට කඩේක හිටපු චීන ගෑනු කෙනෙක් මගෙන් ඒ පලතුරු පෙන්නල අහනව

අ.. අ…..( බෑග් එක පෙන්නනව) මනී මනී (ඒව සල්ලි වලට ද අරගත්තෙ??)

මමත් ඔලුව උඩට පහලට වනල ඔවු කිව්වම මේ මනුස්සය හිනාවුණු තරමක්!!

ඒ විතරක් නෙවෙයි!! එයා පෙනුමෙන් චීන ජාකියයෙක් වගේම වුණු ලාඕස ජාතික අපේ යාලුවත් එක්ක මට මොනවද කියලත් හිනා වුණා!!!  ඒ ඔහු චීන ජාතිකයෙක් කියල හිතලයි!!
මං හිතන්නෙ ඒ කියන්ඩ ඇත්තෙ මෙන්න මෙහෙමයි

මේ පිස්සු කෙල්ල චීනෙට ඇවිල්ල ගෙනියන්නෙ මේ ගස් යට වැටිල අහුලල වේලන ගඩා ගෙඩිද?? අපිනං ඔව්ව සල්ලිවලට තියා නිකං දුන්නත් කනවද අප්ප??? අනේ මන්ද මේ පිටරටවල මිනිසුසුන්ට පිස්සුද කියල???

ඔන්න ඉතිං ආයෙමත් බස්එකේ ගමනේ යා!!!!

රෑ කෑමට අපි නැවැත්තුවෙ ලොකූ විලක් අසබඩ තිබුණ අවන්හලකයි!! මතකනෙ ගොලු බෙල්ලො දීසිය???

කෑමෙන් පස්සෙ අපි එලියට ආවම තිබුණ සීතල නිසා අපි හැමෝම දුවගෙන දුවගෙන ගිහින් බස්එකට වැදුන…

එතකොට තමයි මට මතක් වුණේ බස් එකේ රියදුරු මහත්තය කෑම කෑවද දන්නෙ නෑ නේද කියල??

අපේ රටේ නම් පුරුද්දක් තියෙනවනෙ අපි කුලියට ගත්ත වාහනේක වුණත් රියදුරා කෑවද බිව්වද කියල හොයල බලන… මම හොයි හොයිගෙන් ඇහුව එයාගෙ රාත්‍රි කෑම කොහොමද කියල??

එයා වත් කවුරුවත්ම දන්නෙ නෑ ඒ මනුස්සයගෙ කෑම ගැන… ඒක එයාලට අදාල නැති දෙයක් බව තමයි මුහුණෙන් පෙණුනෙ…

සමහර විට එහෙම යනකොට තමන්ගෙ ආහාර සපයා ගැනීම ඔහුගේ වගකීමක් වෙන්ඩ ඇති!!
ඒත් මට නං ටිකක් දුක හිතුණ…. මං හිතන්නෙ ඒක ශ්‍රීලාංකික දුකක්!!!

ගයිස් ඉට්ස් ටූ කොල්ඩ්!!!!!!!!!! ලෙට්ස් සිං අ සෝං!! වී ජස්ට් වොන්ට්  ටු ක්ලැප්!! ඒ මට පිටුපස ආසනයේ හිටපු  අපේ රිකාඩෝ!!!

අයි හර්ඩ් ජනනි කැන් සිං වෙරි වෙල්!!! ආස්ක් හර් ටු සිං!! රස්තෝගි මහත්තය පැනල මාව අමාරුවෙ දැම්ම!!

ශ්‍රීලංකා, ශ්‍රීලංකා, ශ්‍රීලංකා, ශ්‍රීලංකා, – කට්ටිය ඔල්වරසන් දෙන්ට පටන්ගත්ත!!

ඉකින් මම පටන් ගත්ත සින්දුවක් – අපිට අප්පුඩි ගහන්ඩ පුලුවන් වෙන්ඩත් එක්කල

ඉඳුනිල් ගඟුලැල්  – පියුමින් සැරසූ රුව ලස්සන මවු ලංකා!!!!

මුතු ලැල් සයුරෙන් තේජමාන දීපයයි මගෙ මවු බිම ලංකා!!!!

 

ඕකේ ලෙට්ස් හියර් ෆ්‍රොම් සොලමන් අයිලන්ඩ්ස්!!!!

මම අවසාන කරනවත් එක්කම රිකාඩෝ කෑගැහුව

ඊට පස්සෙ එයාලගෙ සින්දුව!!

තායිලන්ඩ්  තායිලන්ඩ්!!!!

ඊට පස්සෙ ආරම්භ වුණේ එක් එක් රටවල් නියෝජනය කරමින් ඒ ඒ රටේ භාෂාවෙන් ගැයුණු ගී පෙලක්!!!

කොහොම හරි ගීත පෙල අවසානයේ හැමෝම උණුසුම් වෙලා හිටිය…. සීතලක් පැත්ත පලාතක නෑ!!!

හපොයි ළමයිනේ… දිගට විස්තර ලියන හන්ද අදත් චීන චාරිකා ඉවර කරන්ඩ නං වෙන්නෙ නැතෝ!!!!

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in මගේ චාරිකා. Bookmark the permalink.

21 Responses to චීන රටේ චාරිකා… 02

  1. praveena says:

    //( දැන් ඔය හැන්ඩියො එහෙම කෝ කියල අහපු අය කෝ හැබෑට?? ඕං බලාගත්ත නං ඇවිල්ල )//

    මේ ඉන්නවා…මේ ඉන්නවා. හැන්ඩියෝ නේන්නම්. කතාව කියවන එක පස්සට තියලා, ඔන්න හැන්ඩියෝ දිහා බැලුවා…:D:D:D

    අවසාන පේලියේ දෙවැන්නාත්, මැද පේලියේ හයවැන්නාත්, මුල් පේලියේ පලවැනියාත් එක, දෙක, තුන, ලෙස පිලිවෙලින් තෝරමි. කරනාකර අනෙක් ගැහැනු ලමයිනුත් පැමින, ඔබේ වටිනා, ජන්දය දෙන්ට.

    හැබැයි ගෙම්බා තරම් මේ එක්කෙනෙක්වත් හැන්ඩි නැති බවද කණගාටුවෙන් ප්‍රකාශය කරන්නෙමි… 🙂

    • ඔය වැටුනෙ හරි ඔලුවටම තොප්පිය!!!!
      හිත ගිය තැන මාලිගාව නෙ අක්කෙ…. දැං කොච්චර හැන්ඩි කොල්ලෙක් ආවත් අපේ පෙම්බරයට වඩා මට අගේද…..?? නෑනෙ… ආන්න ඒක තමා ලෝකස්සබාවෙ 😛

  2. Buratheno says:

    අර GPS ටෙස්ට් කරන තැන පිටිපස්සෙන් තියෙන්නෙ බලකොටුවක්ද..?? ඔයාලා මොකටද GPS පාවිච්චි කරන්නෙ, field trips වලදිද..??

    • ඇයි බොලං බූරයියෙ මං වෘත්තියෙං GIS specialist කෙනෙක් නෙව… ඔය ඉස්පෙසලිස්ට් කෑල්ල අපේ ඔපීසියෙං පිරිනමපු එකක්නෙ …. නැත්තං ඇත්ත කතාව මම GIS පාචිච්චි කරන කෙනෙක්…. වැඩ කරන්නෙ මැලේරියා රෝගය තුරන් කිරීම හා සම්බන්ධ පුද්ගලික ආයතනෙක නෙව… ඉතිං එයාලගෙ සිතියම් වගේම ක්ෂේත්‍රීය දත්ත හසුරුවන්නෙ මමයි.. GPS පාවිච්චි කරන්නෙ අන්න ඒ වැඩවලදි
      පිටි පස්සෙන් තියෙන්නෙ බලකොටුවක් නෙවෙයි.. ඒ අර උද්‍යානෙට පිවිසෙන දොරටුව නෙව බලකොටුව වගෙ හදල තියෙන්නෙ

      • Buratheno says:

        හුටාස්, ඉතිං අපට ඒ බවක් කලින් කියලා තිබුනේ නෑ නෙවැ.. 🙂

  3. ලස්සන විස්තරෙකුත් එක්ක ලස්සන පිංතූර ටිකක්..අර ඇපල් ගෙදර ගෙනැල්ලා කස්ටියට කන්න දුන්නද…ඉස්සර රට ඉදලා ගේන ඇපල් වල මාරම සුවදක් තිබුනේ ,,දැන් එහෙම නෑ..

    • ඔයා දන්නවද මල්ලි අපි එහෙදි ඇපල් කෑව නෙ… පුදුම රසක් තිබුණෙ.. ඒ වගේම සුවඳයි…. අපේ රටට එන පලතුරු බොහොමයක් කල්තබා ගැනීමේ රසායනික ද්‍රව්‍ය වගේම ඉටි ආවරණයකුත් එක්කලු නෙ එන්නෙ.. ඉතිං රසක් කොහෙද සුවඳක් කොහෙද??

  4. අර බොන්සයි උද්‍යානෙ පොටෝ කෑල්ලක් දෙකක් ඇල්ලුවෙ නැතෙයි… මං නං හරිම මනාපයි බොන්සායි කලාවට…

  5. ලේසි පාසු දුරක්යැ ගිහිං තියෙන්නෙ, සික් වෙලාසන කිව්වනං අපේ නංගිලාට කියලා මොකක් හරි සංග්‍රහයක් ලෑස්ති කරන්ඩ තිබ්බා…….

  6. ලස්සන ගමනක්නේ අක්කේ… අපිටත් නිකං චීනේ ගියා වගේ දැනෙන්න නියමෙට ලියලා තියෙනවා…

  7. chathu says:

    විස්තරෙයි පින්තූරයි නියමයි.

    ඔක්කොටම වඩා මම කැමති සහෝදරි කියපු සිංදුවට තමා… එතන උන්නු අයට තේරුමක් නැතත් ඔබා දේශභිමානී ගීතයක්ම තෝර ගත්ත එක ගැන ලාංකිකයෙක් හැටියට මට පොඩි කික් එකක් ආවා… අම්මප මමත් ඔබ බස් එකේ හිටිය නම් උඩපැනලා ගහන්නේ අත්පුඩි !!!

  8. චීනේ ගිහිං ආවා වගේ තමයි හිතට දැනුනේ ! චීන ෆයිට් උගන්වන පන්ති එහම ඔයා දැක්කේ නැද්ද ? ඔය පින්තූර වල ඉන්න අය මාසල් ආට් දන්නේ නැද්ද ?

    බොන්සායි ගස් තියන පින්තූරේ මගේ වෝල් පින්තූරේ කරගත්තා

  9. සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත says:

    ලයන් ඩොගී හරිම ස්වීට්…

    අර උයන මැද්දෙ තිබ්බ සත් මහල් ප්‍රාසාදය වගේ කුළුනත් ගලින් හදපු එකක්ද අක්කේ? ඒ ගැන ඔයා කියලා තියෙන කතාව ඇත්ත. අපේ පැරණි රාජධානි වල ගොඩනැගිල්ලක් වගේ.

  10. නවම් says:

    ලබන්නාවූ 2012 නව වසර ඔබ ඇතුළු පවුලේ සැමගේ සුභ සිහින ඉ‍ටුවන සුභම සුභ නව වසරක් වේවා – [නවම්-චූටිමැණිකේ-ලීනු]

  11. Buratheno says:

    ජනූ හොඳටෝම බිසී වෙලා වගේ.. සෑහෙන කාලෙකින් සද්දයක් නෑ..

Leave a reply to හංසකිංකිණි Cancel reply