මගේ අලුත් යාලු මිතුරු…

සෑහෙන කාලෙකින් මේ පැත්තෙ ආවෙ… හැමෝම සැපෙන් සනීපෙන් ඉන්නව ඇති නේද???

මහ ලොකුවට මුතුගල විත්ති ලියනව කියල පොරොන්දු වෙලා මේ ජනූ කොහෙ ගියාද කියල කට්ටියම බලන්ඩ ඇති නේද???

පොරොන්දු කඩ කළා හෙම නෙවෙයි… ඔයාලව අමතක කලත් නෙවෙයි…

පහුගිය දවස්වල රැකියාවට අදාල පුහුණුවකට චීනයේ ශැංහයි නගරයට යන්ඩ වුණා.

මේ පුහුණුවට යන්ඩ ලැබෙයිද නැද්ද කියන එක ගැන කිසිම විශ්වාසයක් තිබුණෙ නැති හන්ද කිසිම සූදානමක් තිබුණෙ නෑ… අන්තිමට වීසා ලැබිල හැම දේම සූදානම් කරගන්ඩ වුණා දවස් දෙකක් ඇතුළත…

මේ ගමනට ලංකාවෙන් හතර දෙනෙක් සහභාගි වුණා. ඒ අතරෙ මගෙත් එක්කල වැඩ කරන අපේ නිරෝෂ අක්කත්  හිටිය නිසා මට හොඳ හිතේ හයියක් තිබුන…

ඉතිං පහුගිය නොවැම්බර් හත් වෙනිදා ඉඳල එකොලොස් වෙනිදා වෙනකල් සතියක් චීනයේ ශැංහයි නගරයදි මම ලබපු අත්දැකීම් බෙදා හදාගන්නයි මේ සූදානම් වෙන්නෙ..

මම ඒක මෙන්න මේ විදියට සටහන් කීපයක් විදියට ලියන්නයි හිතුවෙ

1. මගේ අලුත් යාලු මිතුරු

2. චීන රටේ කෑම බීම

3. ශැංහයි රාත්‍රී සංචාර

4. චීනයේ අපේ පුහුණුව

ඉතිං පටන්ගන්ඩයි යන්නෙ පලවෙනි කතාව…..

ඔන්න ඉතිං අපි මැලේසියානු ගුවන් සේවයේ පිහිටෙන් 05 වෙනිද රෑ කොළඹින් ගැවන් ගත වෙලා මැලේසියාවේ  ක්වාලාලුම්පූර්වලට ගොඩ බැහැල එතනිං ශැංග්හයිවල පූඩොං ගැවන්තොටුපොල බලා එනකොට පහුවදා හවස දෙකට විතර ඇති..

ගුවන්තොටුපල ලිය කියවිලි කටයුතු හෙම ඉවර වෙලා අපේ ගමන් මලු අරගන්ඩ ගියාගමගේ ගමන් මල්ල වගේම එකක් අර පටියෙ යනව.. ඒත් මම ඒකට දාපු පාස්වර්ඩ් එකක් හෙම තියෙන ලොක් එක නං නැහැ….

එහෙනං ඒක මගේ එක නෙවෙයි වෙන්ඩ ඇති!!

සාමාන්‍යෙයන් ගුවන් ගමන්වලදි තමන්ගෙ ගමන් මලුවල නම ලිපිනය හෙම ගහනව නෙ… අපේ පෙම්බරයටත් ඔය පුරුද්ද නෑ  වෙනදට පුංචියට හරි පෙම්බරයගෙ නම ගම උන්දැගෙ බෑග් එකේ ලියන දෙන මම මේ ගමනෙදි මගේ නම්ගම ලියන්ඩ ඕනෙ කියල හිතුණෙවත් නෑ…. දැන් ඉතිං බෑග් එකේ පෙනුමෙන්ම තමා අඳුනගන්න වෙන්නෙ…

මං ඉතිං බලන් හිටිය මගේ මල්ල එනකල්…. ඔහොම බලන් ඉන්නකොට අර කලින් මල්ල නැවත වතාවක් අර පටිය මතින් ගියා… සැක හිතුන පාර මම ඒක අරගත්ත… දෙයියෝ සාක්කි ලොක් එක් නෑ… පෙම්බරයගේ බෑග් එක… ණයට ඉල්ලගෙන ආවෙ… ඔය බෑග් එකේ අපි දෙන්න ආසම කෑල්ල තමයි ඒ ලොක් එක….

දෙලොව රත් වුණ මම ඉස්ඉස්සෙල්ලම ඇරල බැලුවෙ පිට පැත්තෙ සාක්කුව….

යාන්තං ඒකෙ තිබුණ පෙම්බරයගෙ නම ලියපු  කොල කෑල්ල දැක්කම නං මගේ හිත පොඩ්ඩක් හෑල්ලු වුණා… බෑග් එක ඇරල බැලුවෙ දෙවනුවනෙ.. විස්වාස කරන්ඩ හැම දෙයක්ම අවුස්සල තිබුන… වාසනාවට මම කිසිම වටිනා කියන දෙයක් ඒ බෑග් එකට දැම්මෙ නෑ.. මලේ ලැප්ටොප් පුංචගෙයි ජංගමයගෙයි වයර් ගොඩවල් ඇරෙන්ඩ… හැබැයි කිසිම දෙයක් නැති වෙලා තිබුනෙ නම් නෑ ( ගන්ඩ දෙයක් තියෙන්ඩ නෑ)

කොහොම වුණත් මගේ හිතට බය නිසා මම පැමිණිල්ලක් කරන්ඩ තැනක් හෙව්ව…යාන්තං විමසීම් කවුලුවක් හොයාගෙන පැමිණිල්ල කරන්ඩ ගියාම තමයි දෙවියො බුදුන් සිහි වුණේ… අපි කියන කිසිම දෙයක් ඒ චීන මහගෙලට තේරෙන්නෙ නෑ.. ඒ මදිවට තව සුදු ජෝඩුවකුත් කමන්ගෙ නැති වුණ බෑගයක් ගැන පැමිණිලි කරන්ඩ ඇවිත් හිටිය…

මං අහගෙන අර චීන මහගෙ කියනව අර දෙන්නට අයි ගිව් යූ අ බෑග් ෆො දැට් කියල….

ඒ දෙන්න හිනා වුණා අපි ට බෑග් එකක් දීල වෙච්ච පාඩුව වහන්ඩ බෑනෙ.. අපි ඉල්ලන්නෙ අපේ නැති වෙච්ච බෑග් එක නෛ කියල….

විනාඩි වඅහයක විතර අසාර්ථක උත්සාහයකින් පස්සෙ මම වැඩේ අත අරින්ඩ තීරණය කලා…

යකඩ මල්ල ගුල්ලො ගැහුව නං හාල්මල්ල නොබලම අහක දම කිව්වලු නෙ

මම නිසා අපේ කණ්ඩායමේ අනිත් තුන් දෙනා වාත වෙනව විතරක් නෙවෙයි.. අපිව හෝටලය ට එක්කගෙන යන්ඩ ඇවිත් හිටපු කට්ටියත් වාත වෙනව ඇතිනෙ කියල හිතල

ඒ පාර ඔන්න අපි ගුවන් තොටුපලෙන් එලියට ඇවිත් අපිව එක්කන් යන්ඩ ඇවිල්ල හිටපු අයව මුණ ගැහුණ..

අපිත් එක්ක එකම ගුවන් යානයෙ මේ පුහුණුවට ආව මැලේසියානු ජාතිකයන් දෙදෙනෙකුත් අපි නිසා සෑහෙන වෙලාවක් එතන බලන් ඉඳල තිබුණ..

පමාව ගැන සමාව ඉල්ලුවත් අපිව එක්කරගෙන යන්ඩ ඇවිල්ල හිටපු අයට ඉංග්‍රීසි නං තේරුණේ නැති බව තමයි පෙනී ගියේ…..

එකක් උඩින් එකක් දුවන් පාරවල්!! අහසට උස බිල්ඩින්… ඉර එළියක් නැතුව මලානික වෙලාගිය අහස

පාරවල් දිගේ මහ වේගෙන් දුවන වාහන

මොන රටකටද අප්පේ මං මේ ආවෙ…… මට ඉබේම වගෙ හිතුණ ලොකු හුස්මකුත් හෙලුන….

අනේ!!! පෙම්බරයවත් මතක් වුණා…

පැය බාගෙක විතර ගමනකින් පස්සෙ අපි අපේ නවාතැන වෙච්ච ආයී හෝටලේට ආව

ඒ ලියවෙන්නෙ Er Yi  කියල… ලංකාවෙදි  ඔය නම විවිධාකාරෙට උච්චාරණය කර කර හිටිය අපි එහෙට ගියාමයි හරියටම ඒක දැන ගත්තෙත්

අපි හෝටලයට ගියාම අපිව  පිලිගත්තෙ මෙන්න මෙයා.. එයාගෙ නම Huihui Zhu

හරිම හොඳ ගෑනු ළමයෙක්… අපරාදෙ කියන්ඩ බෑ නන්නාදුනන රටකට ගියාම අපි පත්වෙන අපහසුතා අඩු කරන්න මෙයාල ගත්ත වෙහෙස මහන්සිය නම් අගය කරන්ඩ ඕනෙමයි..

මෙන්න මගේ කාමරේ ඉඳල උදේට එලිය බැලුවාම මට පේන්නෙ මෙන්න මෙහෙමයි… රෑට නම් හරියට දිව්‍ය ලෝකෙ වගේ එලියයි.. බැලු බැල අත විදුලි බුබුලු නෙ….

ඊට පස්සෙ මගෙ යාලුව වුණේ මෙන්න මෙයා

මෙයාගෙ නම Xu Xiaolin

මෙයා තමයි මගේ චොප්ස්ටික් ගුරූ.

මගේ පිඟානෙන්ම පේනවනෙ ගුරා කොච්චර හොඳට පාඩම කියල දීල තියෙනවද කියල….

මෙයා ගැන කියනව  සේරටම කලින් කියන්ඩ ඕනෙ දේ තමයි හරිම හිත හොඳ මනුෂ්‍ය ප්‍රාණියෙක්…

චීන භාෂාව නොදැන ඉංගිරිස් විතරක් දැනගෙන චීනයේ ඇවිදිනව කියන එක  තරමක් අපහසු වැඩක්…

අපිත් එක්ක හිතවත් වෙච්ච දවසේ ඉඳල හැම හැන්දෑවකම අපේ පාගමන්වල නිත්‍ය සාමාජිකයෙක් තමා මෙයා.. අපේ පුහුණුව පැවැත්වූ ආයතනයේ පශ්චාත් උපාධි ශිෂ්‍යයෙක්.

පුංචි කාලෙ පාසැල් පෙල පොතකින් අපේ රට ගැන කියවල දැනගෙන ඒ ගැන ආස වෙලා  කවද හරි මෙහෙට එන්න ආසාවෙන් ඉන්න මේ ළමය අපි එක්ක කතා කරන්ඩ හිතවත් වෙන්ඩ ඇත්තෙත් ඔහුගේ ඒ ඇල්ම නිසා වෙන්ඩ ඇති.. මම හිතන්නෙ පුහුණුවට ඇවිල්ල හිටපු හැමෝම අතරින් ලංකාවෙ අපි වෙන්න ඇති වැඩි පුරම ඇවිද්ද කණ්ඩායම.. බස්වල, භූගත දුම්රියවල, මේ හැම එකකම අපිට යන්න ලැබුණෙ මෙන්න මෙයා නිසා තමයි… අපි කොච්චර වෙලා හිටියත්, ප්‍රමාද වුණත් ඔහු නෙවෙයි ඒක කරදරයක් විදියට හිතුවෙ.. පුහුණුවේ තුන් වෙනි දවසෙ අපි ගියානෙ පොඩි අධ්‍යාපන චාරිකාවක්…

එතනදි අපි ගියා ටයිගර් හිල් කියන පාක් එක බලන්ඩ…

මේ තියෙන්නෙ Xu Xiaolin මට එහෙදි ඔහුගෙ කැමරාවෙන් අරන් දුන්න ඡායාරූපයක්..

මේ ඉන්නෙ අපිත් එක්ක හිටිය භූතාන ජාතික යාලුවො දෙන්න.

එක්කෙනෙක් Sonam Gyeltsham අනිත් එක්කෙනා  Sonam Trashi

මේ දෙන්න මුලුම දවසෙ අපේ පුහුණුවට සහභාගි වුණේ එයාලගෙ ජාතික ඇඳමෙන් සැරසිලා..

 අපි පුහුණුව ඉවර වෙලා ගම් රටවල් බලා යන්න යදිදි මේ දෙන්නට හරිම කරදරයක් වුණා.. ඒ ගැන පස්සෙ ලියන්නංකො…

මේ ඉන්නෙ අපිත් එක්ක හැම තැනම ඇවිදින්ඩ ආව අපේ ගමන් සගයා දොස්තර  රාකේෂ් මනී රස්තෝගි. ලෝක සෞඛ්‍ය සංවිධානය නියේජනය කරමින් තමයි අපේ පුහුනුවට සහභාගි වුණේ… මහා හයියෙන් කතා කරන රස්තෝගි ඉන්න තැනක පාලුවක් නම් නෑ…..

ඉතින් අදට සමු ගන්නයි යන්නෙ…. ඉක්මනට ගමන ගැන අමතක වෙන්න කලින් සියලු විස්තර ලියන්නයි යන්නෙ… එහෙනම් ගිහින් එන්නම්!!!

 

 

 

Advertisements

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in මගේ චාරිකා. Bookmark the permalink.

24 Responses to මගේ අලුත් යාලු මිතුරු…

  1. මධුරංග පවසයි:

    මම් බැලුවා ජනූ අක්කා කොයි යහා ගියාද කියලා. බැලින්නම් අක්කා චීන රටේ ගිහින් !!!
    හොද හොද. අපටත් කියවන්න එක්ක ඒ රටේ විස්තර ටිකක් එහෙම ලියමු !!!

  2. Buratheno පවසයි:

    හපොයි මේ ඉන්නෙ ඇවිල්ලා.. 😀

  3. Gimhani පවසයි:

    සුන්දර සිහින් ගතනම් හරි රූබරය
    මුවගේ සිනා මටනම් හරි සුන්දරය
    සිහල කෙල්ල අපෙ කවදත් පිං බරය
    සටහන බලා මා සිත හරි කුල්මත්ය

  4. praveena පවසයි:

    ගිය හැටියෙම මුලින්ම ඔය වගේ අත්දැකීමක් ලැබුනු එකට කනගාටුයි. ඒත් ඔහෙ ඉන්න ටැක්සි ඩ්‍රයිවර්ස්ලා එහෙම හොර, බොරු , වංචා නම් නෑ. අර ඉන්දියාවේ වගේ ගානට වාද කරන්නෙත් නෑ. හොඳ රට. හුස්ම ගන්ට අමාරු එක තමා ප්‍රශ්නේ එලියට බැහැපු ගමන්.

    කෝ එක හැන්ඩියෙක්වත් පේන්ට නෑනේ…:D

  5. Ravi පවසයි:

    / මේ දෙන්න මුලුම දවසෙ අපේ පුහුණුවට සහභාගි වුණේ එයාලගෙ ජාතික ඇඳමෙන් සැරසිලා.. /

    අම්මප උඹටත් තිබ්බෙ නැද්ද අපේ ජාතික ඇඳුමෙං සැරසිල ඔය පුහුණුවට යන්ට….කොච්චර ආඩම්බරයක්ද අපි හැමෝටම…කොහෙද එහෙම ජාති ආලයක් තියෙනෙ එකියක් නම් බැරිය….ඉන්න හැටි හඩු ඩෙනිමකුත් ගහගෙන…අම්මප ලැජ්ජාවෙ පණ ගියා මගෙ….

    කොහොමද අපේ කාන්තා පක්සේ ජාතික ඇඳුමෙන් ඒකිව්වෙ ඔය කිමෝනාවකින් එහෙමත් නැත්නම් දිය රෙද්දකින් සැරසිල ගියානං…හෙහ්, හෙහ්….පිස්සුද හැටිද පිස්සුවේ හැටිද කිව්වලු…..

    අපරාදෙ කියන්න බෑ උඹ සාටකයක් නම් බෙල්ලෙ ඔතාගෙන ඉන්නව…ඒත් කෝ බොල ඒක කුරක්කං පාට නෑ නෙව…..

  6. හිස් අහස පවසයි:

    ඔන්න ඉතින් අක්කන්ඩි ඔයාව හරියට දැක්කේ අද ?

    කොහොම ඇඳත් . කොහොම්ම හිටියත් කමක් නෑ . ඉන්න තැනක පරිස්සමින් ඉන්නවා නම් ඒ මදෑ

    මම නම් අර චීන ඩබලට වෙච්ච අකරතැබ්බෙත් කියවන්න ආසාවෙන් ඉන්නේ

  7. සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත පවසයි:

    අපිට අළුත් විස්තර ටිකක් කියවන්න ලැබෙනවා වාගේ… හරි ෂෝක්! හැබැයි මේ, ඔය ටික ඉක්මණට ඉවර කරලා ඉක්මණටම මුතුගල, මල්දෙණියේ විත්ති ආයෙ ගේන්න ඕනෙ හොඳද?

    පරිස්සමෙන් ගිහින් ආව එක ගැන සතුටුයි අක්කේ…

  8. ජනනිට හරිම ශෝක් අවස්තාවක්නෙ ලැබිල තියෙන්නෙ… ඉතුරු විස්තර ටිකත් ලියන්න…

    ට්‍රැවල් කරනකොට කැතට වුනත් කමක් නෑ ඈතට පේන වෙනස් ලකුණක් දාගන්ට ලැගේජ් වලට.. ඒක පහසුයි… හැඬල් එකේ පාට පටියක් ගැට ගහනව වගේ… ඒ වගේම චීනෙට , ජර්මනියට වගේ ඉංග්‍රීසි ඇලජික් රටකට යනකොට පොඩි අත් පොත් පිංචක් අරන් යන්ට අත්‍යවශ්‍ය යෙදුම් ටික වත් ශබ්ධ කරන හැටි තියෙන…

    ….

    අර යාලුව ගත්ත පිංතූරෙනම් අපූරුයි… මොඩල් කෙනෙක් වගෙයිනෙ… සපතේරුව වෙච්ච මගෙ නම් හිතගියෙ සපත්තු දෙකට…

  9. Giza පවසයි:

    මම බෑලුව අපිට මුතුගල විස්තර අහන්න ඉදගන්න කියල ජනු කොහෙ ගියාද කියලා.
    කොහොම උනත් ඔන්න අපි චින කතා අහන්න ඉදගත්ත කියන එකයි තියෙන්නෙ දෑන් නිවඩුගත්ත එකටත් එක්කම 😀

  10. නවම් පවසයි:

    අඩ්ඩඩ්ඩා.. මේ ඉන්නෙ, පහුගිය දොහේ මේ පැත්තෙ දෙතුං විඩයක් ඇවිල්ලත් ගියා.
    දැං එහෙනං හොඳ හොඳ කතා ටිකක් බලා ගන්න බැරියැ….

  11. Asaranaya පවසයි:

    කොටු දෙකෙන් කද්දී කටේ අනුනේ නැද්ද ? පරිස්සමි සහෝදරි

  12. Buru පවසයි:

    ඊයේ පෝස්ට් එක කියෙව්ව ගමන්ම ගිහින් වෙර්මිචෙල්ලි හදලා කෑවා.
    කෝ ඉතින් ඉතිරි කතා? මේ ජනු හරි කම්මැලි වෙලානේ. මල්දෙනියත් මුතුගලත් මොකුත් නෑ අපිට කියවන්න.

  13. TG පවසයි:

    හ්ම් මම ඒත් බැලුව මොකෝ මල්දෙනියේ කතා නැවතුනේ කියලා .ඔහේව වලව්වෙ දැක්කෙත් නැතුවා .අර බාල්දි පෙරලගත්ත උත්සවෙන් පස්සේ බිසී වෙලා කියලා හිතුවේ . අර බෙල්ලෙ ඔතාගත්තු සාටකෙයි , සපත්තු දෙකයි නම් ජැංඩි පහයි ජනූ .ඔය යාර හය පටලා නොගත්තු එකමයි හොඳ .ඒකට මගේ ප්‍රණාමය .මාත් එහෙමනේ 🙂 කවුරු හරි සුදු වෑන් එකකින් මාව උස්සයිද දන්නෑ හික්ස්

    අහ් අර භූතාන කාරයො දැකලා මතක්වුනේ සෝනම් තන්ජෝර් කියල මම දන්න භූතාන් පොරක් සහ තව භූතාන් පොරී ල ටිකක් .උන් අපේ වර්ක්ශොප් එකේ දවස තිස්සෙම හොඳ බඹර පදමට මල් පැණි සප්පායම් වෙලා හිටියේ .දවල් රෑ වෙනසක් නෑ .

  14. praveena පවසයි:

    මූනු පොතේ ‘පොඩි කුමාරිහාමි’ කෙනෙක් ඉන්නවා කියලා හැමෝම මගෙන් අහලා එවලා තියනවා ඒ මමද කියලා. අනේ මම නම් මූනු පොතේ නෑ හොඳේ. ඒ වෙන පොඩි කුමාරිහාමි කෙනෙක්. පොඩ්ඩි නම් නෙමේ…ඊලඟට තව කොහෙන් හරි ප්‍රවීනා පලිපාන කෙනෙකුත් එයිද දන්නේ නෑ. අනේ ඕං මම නම් නෙමේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )