මා තනි කර දා පාවෙන ඔබගේ ජීවන නෞකා නොබිඳේවා…!!

මචං…. නංගි බඳිනව….. ලබන දෙසැම්බර් මාසෙ විසි දෙක.

 බ්‍රහස්පතින්දාවක්!

ඕං දැම්මම කිව්ව…………. නිවාඩු දාපං එදාට….හරිද???

සිදත්ගේ මේ වදන් පෙළ  තාමත් මගේ සවනේ නින්නාද වේ!!

හදවත් අහසේ පැතුම් වලාකුල මතට අදිසි හෙණයක් !!!!!

මා සිතත් ගතත් අප්‍රාණිකව යනු දැනෙද්දී සිදත් දුරකථකයේ එහා කෙළවරේ සිට  තව මොන මොනවාදෝ කියූ බව පමණක් සිහි වේ.

අවල්හලේ විදුලිබුබුලු දිලිසෙනු පෙණුනත් මා වටා ලෝකය සෙමෙන් අඳුරු වී යයි…

මා ගැනම උපන් වේදනාවකින් මා සිත දැවේ!!!

මෝඩයා…. ලැබෙන්නෙ නැති දෙයක් ගැන දැන් ලතැවෙනව….ඕනෙ තරම් කල් තිබුණනෙ….. මා සිත මටම දොස් කියයි….

එකිනෙකා අවන්හලෙන් නික්මේ… බොහෝ වේලාවක් අල්ලාප සල්ලාපයේ යෙදෙමින්  යාබද මේසයේ හිඳ මෙතෙක් වේලා මගේ හද රිදවූ  පෙම්යුවල ද නික්ම යන්නට සැරසේ…..

විසා….  මං මේ වීක්එන්ඩ් එකේ ගෙදර යනව…. යංද ඒ පැත්තෙ???

ආ…..! මොකද්ද සිදත්???   මා ඔහුගේ අනපේක්ෂිත පැණයෙන් තිගැස්සෙමි

මොකද බන් වෙලා තියෙන්නෙ??? කොයි වෙලේ බැලුවත් මනෝ පාර දාගෙන… මොනව හරි ප්‍රශ්නයක් නං කියපංකො… අපිටත් උදව්වක් කරන්ඩ පුලුවන්ද කියල බලන්ඩ….

නෑ බං එහෙම එකක් නෑ…..

අනේ මේ…. මටද බොරුව දාන්නෙ උඹ??? යකෝ… දැන් උඹයි මායි අඳුනගෙන අවුරුදු ගාණක්….මට උඹව තේරෙන්නෙ නෑ කියලද උඹ කියන්නෙ….

කෙතරම් සඟවන්නට තැතණුවත්  මුහුණින් පිළිබිඹු වෙන හදවතේ වේදනාව සඟවාගන්නට මා දෙතොලට නගන සිනාවේ අසරණ ස්වරූපය  සිදත් නිහඬ කරවන්නට සමත් වේ…

උඹ කියන්ඩ අකමැති දෙයක් නං කමක් නෑ… උදව්වක් ඕනෙ වුණොත් කියපංකො…..

මගෙ හිතේ තියෙන දුක උඹට කොහොම කියන්නද බං ???

මම මටම සිතින් මුමුණා ගනිමි….

වරෙං යන්ඩ අපේ ගෙදර මේ වීක් එන්ඩ් එකේ!!! මගුල් ගෙදර හින්ද මේ දවස්වල වැඩ තියෙනව එහෙ එකසිය ගාණට….

නැත්තං උඹ බීල බීල වෙන ලෙඩක් හැදෙනව උඹට…

 

නැගපං නැගපං ඉස්සරහිං නැගපං!!!!

සිදත් වාහනය නවතා කෑ ගසයි

හිටපං බෑග් එක පිටිපස්සට දානකල්!!

කෝ මෙහෙට  දීපං ඕක….. උඹ නැගපං……  නංගි….. මේක දාන්න පස්සට!!!

 

නංගි!!!!!!!!!

 

පිටිපස අසුන මත

ඇය

අනපේක්ෂිත ලෙස

 

වේදනා ගුලියක් උගුරු දණ්ඩ දිගේ පහලට පසිනු දැණේ…  ඒ වේදනාව හුස්ම පවා සිරකරවන සුලුය….

 

විසල් අයිය දැක්ක කල්!!!! ඉතින් කොහොමද???

දැන් එන්නෙත් නෑ නේද???

ඔවු…………..!  මූව අද අල්ලගත්තෙත් බොහොම අමාරුවෙං!!! ඉස්සර මටත් කලිං මූ ලෑස්ති වෙන්නෙ අපේ ගෙදර යන්ඩ… දැං මූව දැලක් දැම්මටවත් අල්ලගන්ඩ බෑ….

මොකක් හරි හොර වැඩක් ඇති අයියෙ!!!

වනිතා කටයුතු හෙම ඇතිනෙ දැං!!!කොහොමද කොහොමද ඉතිං??? මොනවද අලුත් විස්තර ඔයාගෙ???

තරිඳි කෑ ගසයි!!!

ඈ වෙනදා මෙන්ම හුරතල්ය, හිතවත්ය….

මා සිත  ඈ වෙත බැඳුනේ ඒ හිතවත්බවටය

හොඳින් ඉන්නව නංගි….  අපිට ඉතිං මොන අලුත් විස්තරද?? ඔයාටනෙ  අලුත් විස්තර තියෙන්නෙ…

අපි ගියා අද වෙඩින් කාඩ්ස් බලන්න… මේ…. ලස්සනද බලන්ඩකො….

ඈ මට ඇරයුම්පතක් දිගු කරන්නීය…..

සුදු පැහැති පසුබිමේ රෝස පැහැ පුංචි මල් දෙකක් ඇලවූ ඇරයුම්පත සැබැවින්ම පියකරුය….

ලස්සනයි!!!

ඇත්තටම ලස්සනයිද???

ඈ මේ මට පෙන්වන්නේ මාගේ ප්‍රමාදයෙන් මට ලැබුණු පරාජයේ සංකේතයක් නොවේද???

ඔවු!!! ඇත්තටම ලස්සනයි

මගේ හඬ ප්‍රාණයෙන් තොරය, වෙවුලුම් දෙයි!!!

ඈ ගිරවියක මෙනි…. මා පිලිතුරු දෙන්නේ සිහිනයෙන් මෙනි… ඇගේ කතා අසා සිනා නගන්නේ මා මද???

මා ඉදිරිපස අසුනේ ගොලුවතින් සිටිනු ඉවසනු නොහී සිදත් කාරයේ රේඩියෝව වෙත අතපොවයි.

මා කවදත් ප්‍රිය කළ අමරදේවගේ ගීත ඇතුලත් සංයුක්ත තැටිය වාදනය වෙයි!!!

පාවෙනා……. නිල්වලාවේ…..

නදී තලාවේ… රිදී ජලාසේ

ඇගේ සිනාවේ කැලුම් සැඟවුණාදෝ!!!!

ඈ පිටුපස අසුනේ හිඳ ගීතය මුමුණනු මට ඇසේ!!!

මෙන්න දාගෙන අහපං උඹ කැමති සින්දු!!!

සිදත් දුරස්ථ පාලකය මවෙතට දිගු කරයි!!!

නෑ තියපං… ඊලඟට යන්නෙ පෙම්රළ පතරින් !!!!!

මොනවා…..!! විසල් අයියට මේ සීඩී එකේ සෝංග් ඕඩර් එක මතකයිද ඒ තරමටම???

ඔවු!!!

මාර මීටරයක්නෙ ඔයා!!!!!

හ්ම්!!!

 

සත්‍ය නම් මා ඒ ගීත අනුපිළිවෙල පාඩම් වනතෙක් අසා තිබීමයි!!

එසේ ඇසුවේ… මා සිදත්ලාගේ ගෙදර යන වාරවලදීය…..

කී වාරයක්නම් යන්නට ඇත්ද???

එසේ ආවේ ඈ බලන්නට යැයි  දැන් මට ඈට කිව හැකිද???

පාලුවක් හිතට දනවන බටනලා හඩකින් ඉක්බිති අමරදේවයන් මෙසේ ගයයි!!

පෙම් රළ  පතරින් නිබඳව නැහැවෙන

මිනිස් හඬින් තොර පාලු දිවයිනේ

මා තනි කර දා පාවෙන ඔබගේ ජීවන නෞකා නොබිඳේවා

ජීවන නෞකා නොබිඳේවා

 

කණ කොක් සුද පමණයි බොල් අහසේ

ක්‍ෂිතිජය රේඛාවේ

මුව වීණාවේ මන්ද ස්වරයෙන්

මුහුද හඬන හඬ සවනට නොනැඟේ

මා තනි කරදා පාවෙන ඔබගේ

ජීවන නෞකා නොබිඳේවා

ජීවන නෞකා නොබිඳේවා…..!

හරිම ලස්සනයිනෙ විසල් අයියෙ…. කාගෙද මේ ලිරික්ස්!! කවුරු උණත් කොහොම ගලපනවද මන්ද මේ වගේ වචන!!!

ඈ පළමු අන්තරා කොටස අවසන අතුරු සංගීතයේදී පවසයි!!!

මමත් හරියටම දන්නෙ නං නෑ කවුද ලියල තියෙන්නෙ කියල

ඔයා කෑ ගහන්නෙ නැතුව දෙවෙනි කොටසත් අහන්ඩකො!!!! සිදත් කියයි

සිත් සැණකෙළියේ සිතුවිලි සලෙලුන්

නිහඬව නිදා සිටී

වියරු සිනා හඬ රස ගී ගංගා

සිඳී බිඳි සැඟවේ සැඟවේ

සිත් සැනකෙළියේ සිතුවිලි සලෙලුන් නිහඬව නිදා සිටී!!!

 

හරිම ලස්සන යෙදුමක්!!!! ඒ වගේම හරිම ප්‍රබලයි!!!!

මම අදමනෙ මේක හොඳට අහන්නෙ!!!

බලන්ඩකො…… මේ ‍ රචකයා  තරුණියගෙ වෙන් වීමෙන් මේ තරුණයගෙ හිතට දැනෙන පාලුව තනිකම වේදනාව අපිට දනවන්ඩ කොච්චර සුලු වචන ගාණක්ද පාවිච්චි කරල තියෙන්නෙ???

ඔය කතාව ඒ තරුණය කවුරු හරි එක්ක කිව්ව නං කොච්චර වචන ඕනෙ වෙයිද???

 

තරිඳි අසයි…..

ඒ විතරක් නෙවෙයි!!! මියුසික් වුණත් නියමෙට ගැලපිලා තියෙනව!!!! සිදත් කියයි‍

 

මා  නිහඬ වෙමි

ඈ කියන දේ මගේ හදවත පතුලේ වැදී දෝංකාර දෙන්නේ ඇයි???

ඇයි විසල් අයිය  කතා නැත්තෙ???

කියන්නකො ඇයි අයිය මේ සින්දුවට මේ තරම් ආස කියල???

 

ඇය අසනු මට ඇසෙන්නේ කොහේදෝ ලොවක සිට අසන්නාක් මෙනි!!

 

කාලයකට ඉහත මා ඇයගෙන් ඇසිය යුතුව තිබූ යමක් අසන්නට තිබූ ඉඩ දැන් ඇහිරී ඇත

 

දැන් මා ඇයට පිළිතුරක් දිය යුතුය…….

 

 

 

අද හිතාමතාම ට්‍රැක් පැන්න…. ඉක්මනටම ආයෙත් මල්දෙනියෙ විත්ති ලියන්ඩ පොරොන්දු වෙලා ගියාට මොකෝ මේ පැත්ත පලාතෙ අඩිය තිබ්බෙත් අද…

මේක මේ අපේ මලයයි මායි වාහනේ  යන එනකොට ඇහිච්ච සින්දුවක්….

කතාවත් ඒ වගේම හිතේ මැවිච්ච එකක් තමා….

කතන්දරේ ලිව්වෙමත් මේ සින්දුව ඔයාලත් එක්ක බෙදාගන්ඩයි…

මං හිතන්නෙ අමරදේවයන්ගෙ වැඩි දෙනෙක් අහල නැති ගීතයක් මේක….

ඔය ඉහ නිකට පැහිල ඉන්න සමහරුත් මේක අහල නෑ කිව්ව නෙව……

 

ඒවගෙං වැඩක් නෑ…..මෙන්න සින්දුව අහන්ඩලා. පෙම්බර ඇත්ත තමා ඔයාලට අහන්ඩ සින්දුව අප්ලෝඩ් කරල  මෙතෙන්ට අරන් දුන්නෙ….එයාට පින් දිදී සින්දුව අහන්ඩල….

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in මට හිතෙන හැටි. Bookmark the permalink.

61 Responses to මා තනි කර දා පාවෙන ඔබගේ ජීවන නෞකා නොබිඳේවා…!!

  1. Ravi says:

    මම අහලත් නෑ නෙව මීට කලින්…..හතර විළි ලැජ්ජාවට එකතු උනු පස්වෙනි එක ඕං, අමරදේවගෙ මෙච්චර ලස්සන සිංදුවක් අහල නෑ කිව්වම……මොකදෑ කොරන්නෙ ඉතිං……ඔටුවෙක්ගෙ වල්ගෙ වත් හපන්ඩයි තියෙන්නෙ……හෙහ්, හෙහ්,

    මේ BTW පෙම්බරයගෙ ඉහ නිකට පැහිල නෑනෙ බොලං, ඒත් මං කම්පනා කොලේ මුන්දෑ ඩයි පාරක් වත් දෙනවද කියල…….එහෙම තමයි මට හිතෙන්නෙ

    • පෙම්බරය නෙවෙයි බොල අයියෙ ඉහ නිකට පැහිච්ච එවුං කියන්නෙ ඔය උඹල වගේ දැං හතලිස් ඇඳිරියටත් කිට්ටු කොරපු එවුවොන්ට නෙව….. දැං ඔය ඔටුව යහතිං ඉන්නවැයි?? අර උඹ වලිගෙ හපාපු??? ඌට මොකුත් අසනීපයක් හෙම නෑ නේද දෙයියංගෙ පිහිටෙං???

      මොනව වුණත් ලස්සන සින්දුව නේද රවී අයියෙ???

      • Ravi says:

        ආහ්……එහෙමද?…..මේ මං ගැනය කියල තියෙන්නෙ……හෙහ්, හෙහ්, කලිං කියන්ඩ එපාය……කවුදෑ දන්නෙ?

        හැපුවෙ මස් කඩවල විකුණන්ඩ තියෙන වලිගයක් බං. ඒක අයිති ඔටුව නම් සුවර්ගෙට ගිහින් ඇති…..

        සිංදුව නම් කියලම වැඩක් නෑ බං……මේ බ්‍රහස්පතින්ද අපෙ තියනව පොඩි සාදයක්…..මම මේ සිංදුව දැන් පාඩං කොරනව එදාට කියන්ට……

      • ආ…. හැබෑට??? නියමයිනෙ…. රවී අයියෙ…අපොයි උඹ හැපුවෙ කරවල වෙච්ච ඔටු වලිගයක් ය???

  2. රවි කිව්වැහෙ විලි ලැජ්ජාවේ සන්තෝසෙ බෑ… මටම හිතා ගන්න බෑ කොහොමද මේච්චර හොඳ සින්දුවක් අහල නැත්තෙ කියල…

    පුදුම ටැංකිවු…!!!

    • හි හි හි… දැන් නං මේකට උත්තර දීල වැඩක් නෑ මහිතෙ … මං දැක්කනෙ සපතේරු උන්නැහේ සින්දුවට කොයි තරං ආස වෙලා තියෙනවද කියල….. ඉතිං පුදුම ටැංකිවු කියන එකේ ඇත්තම තේරුම දැන් මට තේරෙනව

  3. හපෝ මං කියෙව්වේ ඇත්ත කතාවක් කියලා හිතාගෙන 😛
    පස්සෙනේ දන්නෙ බොරුවක් කියලා 😛

  4. Sanoj says:

    apith mulinma kiyawuwe lassana adara kathawa kiyala hithagena……..kohoma wunath sindu wa nam maru

    • ස්තූතියි!! දිගට කතාව ලියන්නෙ නැද්ද කියල කීප දෙනෙක් ඇහුව… එහෙම බලාපොරොත්තුවක් නම් නෑ… මේ ගීතය අහගෙන යන ගමන් මගෙ හිතේ ඇඳිච්ච කතාව තමයි මං ඔය ලිවිවෙ….

  5. Pingback: මේ ගීතය ඔබටත් මග හැරුනාද ? « මට මතක හැටියට

  6. ජනනි…
    අහන්නෙ නැතුව මේක බෙදා ගත්ත.. බැන්නොත් ගලවනව කියල හිතාගෙන…

    මෙතනින් ඩිංගක් බලල අමනාපයක් නැද්ද කියල කිවුවනං…

  7. Tanikada Jeewithe says:

    කිංකිණි…කිංකිණි…..
    Thanks

  8. praveena says:

    පෙම්බරයාට පින්සිදු වේවා…හරිම ලස්සන සින්දුවක්. බ්ලොග් ලියන්ට ආපු එකෙන් ලැබුනු ලොකුම දෙයක් තමා මේ විදියට සිංහල සින්දු අහන්ට ලැබීම. ජනූටත් පින් සිංදුව බෙදාගත්තට.

    පෙම්බරයත් මාර පෙම්බරයෙක්නේ…. 🙂

    • ඒක නෙ පොඩ්ඩි අක්කෙ…පෙම්බරය නැත්තං ඔයාලට මේ සින්දුව අහන්ඩ දෙන්නෙ කොහොමද මං…. මං එයාව මගේ බ්ලොග් එකේ තාක්ෂණික සහකරු විදියට බඳවගන්ඩ තීරණය කළා…. හොඳයි නේද?

  9. ලස්සන ගීතයක් සහ ලස්සන කතාවක්..

    CD Player, කම්පියුටර් වල සිංදු අහන්න පටන් ගන්න ගොඩක් කාලෙකට කලින් යාලුවෙක්ගෙන් ඉල්ල ගත්ත කැසට් පටයක මේ සිංදුව තිබුන මතකයි. ඇත්තටම මේ සිංදුව ලිව්වෙ කවුද? මහගම සේකරද? මගේ මතකය නිවැරදිනම් “අපාර වූ ආකාසේ”, “මගේ කඳුලින්” ගීත තියෙන්නෙත් මේ කැසට් පටයේ නේද?

    මතකයන් අලුත් කරපු ජනූට සහ සපතේරු උන්න්නැහේට ස්තූතියි.

    • මේ ගීතය මගේ ලඟ නම් තියෙන්නෙ අමරදේවයන්ගෙ පැරණිම ගීත එකතුවක…
      මහාචාර්ය සුනිල් ආරියරත්න තමයි ගේය පද රචකයා
      සංගීතය අමරදේවයන්ගේමයි කියල අපේ වැම්පයර් සහෝදරය කියල තිබුණ
      බොහොම ස්තූතියි ඔබටත්!!!

  10. දුකා says:

    අපොයි කලින් කොමෙන්ටුව මකන්න . .

    අපූරු සින්දුවක්

    සපතේරු උන්නැහේගේ අඩවියේ තිබිලා තමයි මුලින් දැක්කේ . .

    පස්සේ මෙතනට ඇවිත් අහලා බැලුවා . .

    ලිපියේ ඒ ගැන කියලා තියෙනවා වගේම හරිම අපූරුයි

  11. vajiradevi says:

    උපරිමයි !

    • මෙන්න වජිරදේවිත් ඇවිත්!!! සාදරයෙන් පිළිගන්නව!!! ඇත්ත මේ සින්දුව දැන් දවස් ගාණක් තිස්සෙ මම මුමුණනව…. ඒතරමට මේ වචනවලට, තනුවට හිත ඇදිල යනව… හරියට බොල් වී අහුරු උඩු හුළගේ ගිය සේම කියන ගීතය මුලින්ම අහපු දවස්වල වගේ… මොකද්දෝ කියාගන්ඩ බැරි පාලුවක් මට දැනෙනව…
      මං කැමතිම සින්දු ගැන වෙනම දවසක ලියන්නංකො….

      • Buratheno says:

        ‘බොල් වී අහුරු’ කියන්නෙ මගෙත් ප්‍රියතම ගීයක් තමා.. ඒක අහනකොට හරියට හදවතේ බිත්ති බෝතල් කටුවකින් පහුරු ගානවා වගේ..

        මේ ගීතය තාම ඇහුවෙ නෑ.. හිතට නිස්කලංකයක් ආ‍වෙ නෑ අහන්න තරමට.. පස්සෙ වෙලාවක අහලා ඒ ගැන දැනෙන දේ කියඤ්ඤා..

      • හා බූරයියෙ, සින්දු අහන්ඩ ඕනෙ ඒව අහන මූඩ් එකක් තියෙද්දියි… පස්සෙ කියන්ඩකො දෙකක් දාල සින්දුව අහල හෙම

      • ජනනිට කියන්න මම මේ සින්දුව නිසා අන්ද මන්ද වුනා… මේ වගේ එකක් මෙච්චර කාලයක් ඇහුනෙ නැත්තෙ කොහොමද කියල මට අදහගන්න බෑ… මම අර පෝස්ට් එක දාන්නත් හේතුව ඒකයි… ඊයෙ ඉඳල දැනට විසි වතාවකටනම් වැඩිය මේ සින්දුව අහන්න ඇති..

      • Ravi says:

        උඩු හුළඟේ නෙවෙයි බොලං “බොල් වී අහුරු මඳ සුළඟේ ගියසේම”

        උඩු හුළඟෙ යන්නෙ සරුංගල්……..හෙහ්, හෙහ්,

      • නෑ බං අයියෙ… මේ දැං ඇහුව… මල්ලිත් තහවුරු කළා…
        මෙන්න මෙහෙමයි ඒක
        බොල් වී අහුරු වෙල් හුළගේ ගිය සේම
        දීගෙක ගිහිං නුඹ මටවත් නොකියාම

  12. chandrapeema says:

    oyage liyamana mage jeevithe aththama aththa kathawamai eath sinduwa wenas thanks a lot for writing 40 kata onna menna unath athithayath ekka jeewath wena eka mage sathuta

    • හරි පුදුමයි!! සමහර වෙලාවට අපේ හිතේ ඇතිවෙන සිතුවිලි තව කෙනෙක්ගෙ ජීවිත කතාවෙ පිටුවක් වෙන්ඩ පුදුවන් කියල මට අදයි හිතුණෙ!!!
      පෞද්ගලික කාරණාවක් ගැන ප්‍රසිද්ධියේ අහනවද මන්ද මම….
      ඒත් නාහ බෑ වගේ
      අවුරුදු හතලිහකට කිට්ටු වුණත් ඒ මතකයත් එක්ක ජීවත් වෙන එක මගේ සතුට කිව්වෙ?
      ඇය වෙනතක් බැලුවත් ඔබේ හිත තාමත් ඈ ළඟ කියන එකද???

  13. සමීර says:

    ඉතාම අගනා ගීතයක් එක්ක රචනාවක්..

    මීට කලින් මමත් අහල තිබුනේ නෑ මේක.. බොහොම ස්තූතියි.

  14. ස්තූතියි සමීර…

  15. දුක හිතුනා ජනු…

    • දුක් ගන්ඩ එපා සමාධි, මේ කතාව තමන්ගෙ ජිවිත කතාවමයි කියල ලියපු අයිය කෙනෙකුත් ඉන්නව…… දැක්කද??

  16. bindi says:

    ලස්සනයි කිංකිනි . සපතේරු තමයි පාර කිව්වේ . සංවේදී සින්දුවක් . කොහොමද අපිට මේ ගිය මග ඇරුනේ කියලයි මන් මේ කල්පනා කරන්නේ .

    • ස්තූතියි බින්දි, කමෙන්ට් නොකලට මම ඔයාගෙ නෙලුම් විල පැත්තට නම් නිතරම එනව… අමරදේවයන්ගෙ ගීත ගැන මට හිතෙන්නෙ එතුමගෙ ජනප්‍රිය වෙච්ච ගීතවලට වඩා මේ වගේ අපි අහලවත් නැති සින්දු ඉතා ලස්සනයි කියලයි…..

  17. දුක හිතෙන කතාවක් නේ අක්කේ !!!!
    ඔන්න මාත් මේ බ්ලොග් එකට සෙට් උනා. මේ හලෝ ඒක නෙමේ ජනූ බබාට මොකෑ උනේ? අක්කා දිගටම මේ බ්ලොග් එක ලියනවනම් මම් මේක මගේ රීඩර් එකට දාගන්නම්. ජනූ බබා ඊට පස්සේ දග වැඩ කරන්නේ නැද්ද. 🙂

    • මේක ජනූගෙ කතා බ්ලොග් එකට වැඩියෙන් අප්ඩේට් වෙනව මල්ලි…. ජනූ බබා කරපු දඟ වැඩ එහෙම ලියල ඉවර කරන්ඩ පුලුවංද??/

  18. මා ගොඩාක් ප්‍රිය සින්දුවක්, බොහෝම ස්තුතියි නැවත අහන්න සැලැස් වූවාට.

    මට මතක හැටියට සපතේරු උන්නැහේ පෙන්නූ පාරෙන් ආවේ.

    • බොහෝම ස්තූතියි මේ පැත්තෙ ආවට ගල්මල් – කොරල්…සපතේරු උන්නැහේටත් බොහොම පින්… උන්නැහේනෙ මාව ඔයාලට හඳන්වා දුන්නෙ….

  19. POTHGULLA says:

    සපතේරු උන්නැහැ ගේ ඉල්ලීමක් පිට මේ පැත්තේ ආවේ. ඔන්න එහෙ දාපු කමෙන්ට් එක මෙහෙටත් දැම්ම.
    දැන් ඉතින් දිගටම මේ පැත්තේ එන්නන්කෝ.
    —————————————————————–
    මගේ ප්‍රියතම ගීයක්
    ලිව්වේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්
    සංගීතය අමරදේවයන්ගේ මයි.
    සින්ග්ලංකා සමාගම නිකුත් කල නෑසෙන ගී සර සීඩී තැටියේ ගීතයක්.
    මේ ගීය ලියන්ට සුනිල් ආරියරත්නයන්ට මුල් වෙන්නේ මහැදුරු සරච්චන්ද්‍රයන්ගේ සිංහබාහු නාටකයේ ප්‍රාර්ථනා ගීතය.
    “සරණයි සරණයි තෙරුවන් සරණයි
    දෙවියෝ දෙත්වා ආසිරි සැමදා
    රකිමින් පුත්‍ර දාරාදින් නෑ සිය මිතුරන්
    සසරේ යාත්‍රා සුවපත් වන්නට
    නොබිඳෙන්නට ජීවිත නෞකා
    වේවා සැමට ම සුබ මංගලම් – මංගලම් – මංගලම් –
    සුබ මංගලම්”

    • ස්තූතියි පොත්ගුල්ලො…. මං අහල තියෙනව ගොඩක් ගීතවලට පසුබිම් වෙන මේවගේ සුන්දර ඇත්ත සිදුවීම් තියෙනව කියල…. එටහනං ඉතිං හම්බවෙමුකො මේ සයිපර් පිටු අතරෙදිම නැවත නැවතත්….!

  20. නවම් says:

    සපතේරුවට ස්තූතිකරල විතරක් හරියනවයැ… ඕං හංසකිංකිණිටත් බොහොම ස්තූතියි මෙහව් අගේ අති සිංදුවක් බෙදාගත්තාට.

  21. Ravi says:

    / boring post /……….

    අන්න හරි යජිත්…..හෙහ්, හෙහ්, උඹට විතරයි කොන්ද පණ තිබ්බෙ ඇත්ත ඇති හැටියට කියන්ඩ………අන්න කොල්ලො………

  22. සිංදුව ලස්සනයි.. ෂෙයාර් කලාට ස්තූතියි…!

  23. මට ඩවුන් ලින්ක් එක එවන්න පුළුවන්ද…

  24. මහිම says:

    අක්කට ඕක හිතෙන දෙයක් උනාට මටනම් දැනට ඕකෙන් 90% විතරම හරි තව ටිකයි ඉතුරු එකත් ඉක්මනටම හරියාවි

    • දැන් ඒකද මේ මටත් බලෙන් මේක පෙන්නුවේ? ඉවසල ඉඳපන්, අපි පස්සෙ අයියට ශේප් එකේ කියල බලමු. තොට බැරි නම් මම කියන්නම්. හරි හරි, දැන් ඉතින් නාඬ ඉඳින්කො.

    • දුකයි!!! ඉක්මනටම ඔයාගෙ හිතට සතුට ලැබෙන දෙයක් සිදුධ වෙන්ඩ කියල මම පතනව

  25. ලස්සන සින්දුවක් අක්කෙ. මම අහල තිබුනෙ නෑ. අක්ක ඒකට එකතු කරපු කතාවත් ලස්සනයි.

  26. මම අහලත් නෑ මේ සිංදුව.දෙපාරක්ම ඇහුවා.ලස්සනයි.ඔයාගේ පුංචි කවිත් ලස්සනයි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s