සුබ පැතුමක්….!!!!!

 

යාන්තං ඇති!!!!!!!!!!!!!!

උදේ ඉඳන් වැඩ කරපු මම බස් එකේ චප්ප වෙලා පයින් ඇවිත් තුං කංසෙං දාඩිය පෙරාගෙන, මහන්සියෙං නවාතැනට ගොඩ වුණා

දැන් ඉතිං උයන්ඩ එපැයි රෑට!!!

හයියෝ!!!!!!!!!!!!!!!!!

කාමරේ මලයට දීල තියෙන ඇඳේ කලිසම්, කමිස, සරං මෙකී නොකී සේරම ගොඩගහල…

කොටිංම කිව්වොත් නිදා ගන්ඩ තියා වාඩි වෙන්ඩ වත් ඉඩක් නෑ…. තෙත තුවායක් ඇඳෙං බිමට එල්ලෙනව.

මේසෙ උඩ කහල ගොඩක් වාගෙ…. කාසි, යතුරු, බිල් බස් ටිකට්,  හිස් බිස්කට් කවර, කෙසෙල් ලෙලි…..

බිම තබ්ලාව…………….

උදේ පාන්දර මම වැඩට යන්ඩ ලෑස්ති වෙද්දි ප්‍රැක්ටිස් කරන්ඩ කියල දිගෑරපු ගමං…..

පවුඩර් හතර වටේ හලල

නවාතැන් කාමරේ දොරෙන් ඇතුලු වුන ගමන් දැක්ක දර්ශනයෙන් උන්නු හිටි තැන් අමතක වෙච්ච මම ආපහු හැරුණ

ආ ඔය ඉන්නෙ මගේ ඇඳ උඩ යසට…. හිටපං උඹට ( ඒ ටික කිව්වෙ හිතෙං, මල යකා වැහිල)

මොකද්ද හලෝ වෙලා තියෙන්නෙ???  

මොකද්ද??? මට තරහ ගිහින් කියල ගණන්වත් නොගත්ත මලය එහෙම අහනව

මුනින් අතට හැරිල මගෙ ඇඳේ  ලැප්ටොප් එකත් දිගෑරගෙන මොකුත් නොදැක්ක වගේ ඉන්න මලයට දෙන්න හිතුණ හොඳවගෙන් දෙකක් මට…

අනේ හැබෑට.. මූ මගෙ ඇඳේ ඉඳගෙන මගෙං අහන හැටි මොකද කියල???

 ගිය ආත්මෙ ඌරු පැටියෙක්ද කොහෙද මූ ….. මොකද මේ ඇඳ පුරාම ඇඳුං දාගෙන??? අස්කරගෙන  පිළිවෙලකට ඉන්නවකො.. ඇඳුම් ජාඩි දාන්නෙ නැතුව…. බලනව ගඳ කාමරේ???

මට පෙන්නන්ඩ බැරි වැඩක් තමයි මහන්සි වෙලා ගෙදර එනකොට කාමරේ අපිලිවෙල කරල තියෙනව දකින එක.

මට ඔක්කොටම වඩා මල පනින්නෙ මොකුත් නොවුණ වගේ විරිත්තන්ඩ එද්දි තමයි

වහාම නවල දාගන්නව කබඩ් එකට…. සේරම… නැත්තං මං අම්මට කියනව….. ඇරත් තමුසෙ මොකද මේ මගෙ ඇඳට පැනල??? අස්කරගන්නව තමුංගෙ ඇඳ… මගෙ ඇඳ හැඩි කරන්නෙ නැතුව….

ආ…… මට බෑ…………. මට කබඩ් එකේ තමුසෙ දීල තියෙන ඉඩ මදි… තමුසෙට තට්ටු දෙකක් තියෙනව ඒකෙ… ලොකුම තට්ටු… මට ලොකු එකක් දෙනව නං මං අස් කරනව…

අනේ මගෙ කට….. ඇයි ඕයි…. මං මේ සෙනසුරාද නෙ තමුසෙගෙ ඇඳුං සේරම නවල ඔය තට්ටුවට දාල පෙන්නුව නේද???

අද සඳුද නෙ…………… අද වෙනකොට  කොහොමද ඉඩ මදි වෙන්නෙ…..??

මගෙත් ඉවසීමෙ සීමාව පනිනව….

ආ ………………….ආං ඒවගෙ ලබන සෙනසුරාදත් අස්කරල දානව…. එතකොට හරිනෙ….

මං කට වහගන්නෙ කියන්ඩ දේවල් නැතුව නෙවෙයි…. කියල වැඩක් නැති හංදයි….

හිටපං හෙට ඔය ඇඳුං ඔහොම තිබ්බොත් නං දෙකක් නෑ මං එළියට දානව දානවමයි…. කොහෙං ඉගෙනගත්ත ඌරු වැඩද මන්ද

මං එහෙම කියල වොෂ් රූම් එක පැත්තට යනව

අපේ කතාව අහං ඉන්න නවාතැනේ අක්ක හිනාවෙනව….

කොල්ලො ඔහොම තමයි නංගි…..

ඕයි බඩගිනියිනෙ… මොනවද හදන්නෙ??‍ පරිප්පු උයල ඔම්ලට් එකක් හදනවකො

ඇයි දවල්ට උයල තිබුණ ඒව කෑවෙ නැද්ද???

කෑව…. ඒවුණාට බඩගිනියි….

ඉතිං තරහ හිතේ තියාන ඉන්ඩ පුලුවං යැ…. මං යනව අපි දෙන්නට කන්ඩ දෙයක් හදන්ඩ…

මේ ලියන්නෙ කවුරු ගැනද කියල අමුතුවෙං විස්තර කරන්ඩ ඕනෙ නෑනෙ???

ඔය මොන වලිය දාගත්තත් අපි දෙන්නගෙ පිස්සු වැඩ එමටයි….පොඩි කාලෙ ඉඳන් කරපු  එව්ව ලියල ඇති මේං මෙතන

අද මේ ලියන්නෙත් විශේෂ දෙයක් හංද… හෙට මලයගෙ උපන්දිනේ….. මට ඉන්න එකම මලයනෙ… ඉතිං ඌ ගැන නොලිය බෑනෙ උගෙ උපංදිනේ වෙනුවෙං…. නැද්ද??

මං එහෙනං යනව…. කේක් එක හදන්ඩ…..

ඉක්මනින්ම මල්දෙනියෙ විත්ති අරගෙන එන බලාපොරොත්තුව ඇතුව….

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in අම්මයි තාත්තයි මල්ලියි මමයි. Bookmark the permalink.

30 Responses to සුබ පැතුමක්….!!!!!

  1. ෂෙහ් …….. මෙහෙම හැඩි කරන වල් ඌරු පැටියෙක් අපේ ගෙදර නැති හැටි…. හරිම දුකයි…

    නමේ පරිසමාප්තාර්ථයෙන්ම මෙයා නම් මල්ලි කෙනෙක්ම තමයි රජෝ….

    අපිටත් කේක් තියන්න හොඳද …

    මේ වගේ අක්ක කෙනෙක් ඉන්න වාසනාවන්ත මල්ලිට “සුබම සුබ උපන් දිනයක් වේවා “

    • වත් අක්කට තේරෙයි හිටිය නං මේ වගෙ එකෙක්……මේ ලියල තියෙන්නෙ බොහොම ටිකයි මට දෙන වද කරදර…. ඔක්කොම ලිව්ව නං ඔයා උන්දැව එක්කරගෙන යනව….
      දෙන්නං දෙන්නං කේක් නං දෙන්නං……..බ්ලොග් කේක්!!!

  2. zee says:

    හෑම දාම වාගේ අදත් ලස්සනයි

  3. praveena says:

    ඔච්චරම දඟ කරන්ට එපා මල්ලි. ඔයාට සුබ උපන් දිනයක් වේවා….
    මටත් කේක් කෑල්ලක්….ලැබේවා….. 🙂

  4. Buratheno says:

    හුහ්.. කොච්චර බැන්නත් මොකක් හරි වැඩක් කොරගන්ට ඕන වුනාම මල්ලිලාට ගාන බටර් ගැන කතා නෑ නේ.. අපි නොදන්න අක්කලා.. මේ අපටත් ඉන්නවනෙ.. 🙂

    අනේ අර අසරණ අහිංසක කොල්ලට හැපි බර්ත්ඩේ මෙව්වා එකක් වේවා කිවුවා කියන්ට.. කේක් කෑල්ලකුත් එවන්ට..

  5. praveena says:

    කේක් එක නම් මල්ලිගේ මූන වගේමයි. ලස්සනට හදලා. ඒ වගේම රසත් ඇති. මල්ලිටයි, පෙම්බරයටයි ඔක්කොම කාලා ඉවර කරන්ට දෙන්ට එපෝ….කෑල්ල එවනකල් බලං ඉන්නවෝ… 🙂

  6. කේක් එකනම් ලස්සනයි ඔන්න අපි කෙල ගිල්ලා දැන් ඉතින් කන කන කෙනාට බඩු පැකට් ..

    මලයන්ඩිට සුබ උපන්දිනයක් වේවා !!

  7. ඔන්න බස්සත් ආවා කේක් කන්ට. මලයට සුභ උපන්දිනයක් වේවා.

    • අඩේ……! මං පෙම්බරයගෙ ඊලඟ උපන්දිනේට හදන්නෙ බස්සෙක්!!! එකකොට ඔය බස්සව මරං කන්ඩ හිතේ තියං ඉන්න අයත් ආවනං හරි කේක් කන්ඩ නැද්ද බස්සො???

  8. Priyantha says:

    මගෙනුත් සුභ පැතුම්. ආවේ නම් ප්‍රමාද වෙලයි. අපිට කේක් ලැබෙයිද මන්දා….:D

    • ලැබෙනව ලැබෙනව.. හැබැයි පරක්කු වෙලා ආව හංද ඉතුරු වෙලා තියෙන්නෙ අස්සෙං අහස පේන තරං කේක් කෑලිග පොඩ්ඩි අක්කනෙ කේක් එක කෑලි කපන වැඩේ බාරගත්තෙ.. එයා එයාට ලොකුම කෑල්ල අරං අනිත් අයට දෙන්ඩ ඔන්න ඔහොමයි කේක් කැපුවෙ

  9. Maneka says:

    මටත් ඕනා කේක් කෑල්ලක්!!!

    • ඔයාට නොදෙන උපන්දින කේක් කොහෙද අනේ??? එක්කොත් ඔන්න ඔහෙ තව ටික දවසකිං වෙඩිං කේක්ම කමු නේද???

      • Maneka says:

        මට වෙඩිං කේක් කන්ට වෙන්නේ නෑ….:((( එදාට මගේ ඔලුවට මරාලයක් කඩාගෙන වැටෙන්න නියමිතයි අනේ…. :((( වට් ‍ටු ඩූ!!! මලයා හම්බවෙනකං මං ඉන්නේ…. සුභ පතන්න….!!!!!!

  10. හප්පා අදමයි මේ පැත්තේ ආවේ, එල එල
    පරක්කුවෙලා හරි මල්ලිට හැප් බර්ත්ඩේ කිව්වා. මල්ලි ගේ අගෝ. 6 නේ මගේ 7.
    අයේ ඇවිල්ල යන්න එන්නම්කෝ. . . .

  11. සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත says:

    අපොයි මේ අහ එන්ඩ පමා උනා වැඩියි වගේ. කාරි නෑ, මේං මේ උපන් දින සුභ පැතුම ලබන අවුරුද්දෙ උපන් දිනේට හරි ගන්ඩ කියලා මලයට දෙන්ඩකෝ, හොඳේ? මෙහෙව් අක්කෙක් ලබන්ට පින් කරාපු මලයණ්ඩිට සුභම සුභ උපන් දිනයක් වේවා!!!

  12. ජනු අක්කගේ මල්ලිට සුභ උපන් දිනයක්… මල්ලි දන්නවද අක්කා බ්ලොග් එකක් ලියන බව????

    මේ අර තුං කංසෙන් කියන්නේ කොහේද අප්පා….???????

  13. පරක්කු නම් තමා… ඒත් හිතට ආපු දේ ලියලම දානව…

    අක්ක ළඟදිම මල්ලිව දාල පෙම්බරය එක්ක ගියහම මල්ලිට කොයි තරම් පාළුවක් දැනෙයිද…?

    • හ්ම්!!!!… ඒකත් හැබෑ තමයි… මං නං ඒ ගැන හිතන්නෙම නෑ… මට හිතනකොට දුකයි!!
      ඒ හින්ද ඔන්න ඔහෙ එතකොටම බලමු කියල ඉන්නව
      ස්තූතියි පරක්කු වෙලා හරි මේපැත්තට ගොඩ වුණාට….

  14. සරුංගලේ says:

    සෝක් සෝක් ……. මම මේ ෆිෂ් අයියගේ ටැංකියට එන හංසකිංකිණි කව්ද බලන්න ආවේ……….

  15. Kali says:

    හික් හික්…මට නොදැනිම කාමරේ වටේ බැලුන!! වැඩි වෙනසක් නෑ ඉතින්! ඇඳුම් ටික රෑට ඇඳෙන් පුටුවට, උදේට පුටුවෙන් ඇඳට…මම ඉන්නෙත් ඇඳේ දැනට තියෙන සීමිත ඉඩ ප්‍රමාණෙ අල්ප ද යන්න වගේ ලැප්ටොප් එක දිග ඇරගෙන!! එකම වෙනස මට ඔය වගේ මරාගන්න අක්ක කෙනෙක් නැති එක!

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s