දොළ පාරෙන් එගොඩ වෙලා….!!!

 

 

ලොකු දුවේ… මේං මේ ලයිප්බෝයි කෑල්ල අරං පොඩිවුංගෙ කකුල්ඔල ගෑවනං……

දිග්ගොඩැල්ලෙ ගෙදර ගල් පඩිපෙල බැහැල අඩිපාර දිගේ බහින්ඩ කලිං ආච්චි අම්ම කිව්වෙ අම්මට

ඇයි ආච්චියම්මෙ ඒ???

ඇහුවට ඇහුවට කොච්චරවත් ඉවර වෙන්නෙ නැති ප්‍රශ්න මල්ලක් තියෙන අපේ මල්ලි ඇහුව…

මග දිගට රබර් වතුඔල කූඩැල්ලො එල්ලෙයි පුතේ ඒක නෙ සබං ගාන්නෙ….

ඉතිං සබං ගෑවම කූඩැල්ලට එල්ලෙන්ඩ බැයිද ආච්චිඅම්මෙ?? ඒ මම

බෑනෙ පුතේ උන්ට සැරයි නෙ ලයිප්බෝයි සබං….

හා හා…. කතාව ඇති මේං  ඔයත් ගාගන්ඩ ඉක්මනට

ගල් පඩියක් උඩම ඉන්දවගෙන මල්ලිගෙ කකුල් රෝස පාට වෙනකල් සබං ගාපු අම්ම මට කිව්ව…

කට්ටියම කකුල්වල යහමිං සබන් ගාගත්ත…

හා යං……. ආච්චිඅම්ම චීත්ත රෙද්දත් කැටි කරගෙන අඩිය තිබ්බ….

පඩිපෙළ කෙළවරෙන් පටන් ගන්න අඩියක්වත් පළල නැති අඩි පාර රබර් වත්ත මැද්දෙන් වංගු වංගු ගැහෙන්නෙ හරියට නයෙක් වගේ!!!

රබර් වත්ත කෙළවර වුණාම පාර දෙපැත්තෙම තියෙන්නෙ ගණ සාරෙට වල් තෙබු පැල හැදිච්ච අකුල්…

අතරිං පතර තමයි ලොකු ගස්, පඳුරු හෙම තියෙන්නෙ….

ඔය පඳුරු ගොල්ල කෙළවර වෙන්නෙ ගම්මානෙට යන ගමනෙ අපි දෙන්නගෙ ආසම තැනින්….

ඒ මොකද්ද දන්නවද…

ඇළ හරහට දාපු කොස් කොට ඒදණ්ඩ

ඔය ඒදණ්ඩෙ වයස නං මං දන්නෙ නෑ… ඒත් මට මතක ඇති කාලෙ ඉඳලම ඔය ඒදණ්ඩ තිබුණ….

දෙනෝදහක් දෙනා උදේ හවස ගිහින් ගිහින්ම ඒ දණ්ඩ මැදිල මැදිල දිලිසෙනව….

අත්වාරුවක් නැති මේ ඒදණ්ඩෙන් එගොඩ වෙන්ඩ අපිදෙන්නම ආසයි…හැබැයි බයයි…

එගොඩ වෙන එක විතරක් නෙවෙයි නෙ… ඇල දිගේ පීනන දණ්ඩි පෙතියො දිහා බලන්ඩත් එපැයි…

ඕං….. පුතේ අහක බලන්නෙ එහෙම නෑ එගොඩ වෙනකල්…හොඳට බිම බලාගෙන අඩිය පරිස්සමට තියල එගොඩ වෙන්ඩ ඕනෙ…. ලොකු දුවේ කල්පනාවෙං ඕං…..

හරි හරි අම්ම එගොඩ වෙන්ඩකො ඉස්සරවෙලා….. මං මේ දෙන්නව එගොඩ කරන්නංකො

ආච්චි අම්ම හැලප ආගෙන ආව පං මල්ල ඔලුව උඩ හොඳට සමබරව තියාගෙන…. එක අතකිං චීත්තෙ කැටිකරගෙන….

පං මල්ල අතිංවත් අල්ලන්නෙ නැතුව ඒදන්ඩ දිගේ විංහනියට යන ආච්චිඅමම දිහා මල්ලියි මමයි කට ඇරගෙන බලං හිටිය….

කෝ ඔයා එන්ඩ…. අම්ම මට කතා කළා

පරිස්සමෙං යන්ඩ වතුර දිහා බලන්ඩ එපා අඩිය දිහා බලන් යන්ඩ…

මං කොස් කොටේට නැංග…. එක අඩියක් ඉස්සරහට තිබ්බ…

වැටෙයිද??? වැටෙයිද, වැටෙයිද?? වැටෙයිද??

අඩියක් උස්සල තියෙන ගානෙ හිතට බයයි…

ඒත් ඒදණ්ඩෙන් එගොඩ වුණාම හිතට දැනෙන්නෙ සැහැල්ලුවක් මුහු වෙච්ච සන්තෝසයක්!!!!

අම්ම මල්ලිව ඉස්සර කරගෙන එගොඩ වුණාට පස්සෙ අපි සුපුරුදු ගමන පටං ගත්ත…

ඒ දන්ඩෙං එගොඩ වුණාම තියෙන්නෙ  පුහු කොස් ගහ…..

මහ රූස්ස කොස්ගක් වුණාට ඒ කොස් ගහේ හැදෙන මහ ගෙඩිවල මදුලු අහයකට වැඩිය නැහ්ලු….

අනික්ව ඔක්කොම කොස් ඉරි ලු!!!

හැබැයි අර මදුලු පහ හය නං පංකාදුයි කියලය ආච්චි අම්ම කිව්වෙ!!!

තේ පැල, රබර් පැල තවං කරපු බිම් පහු කරගෙන, මිදුල් මැද්දෙං ගිහිං ඒං අපි ගම්මානෙ ගෙදරට එනව,

මේං දුවේ උඩහ අක්කල එනව!!! මිදුලෙම අයිනක හදාපු එළවලු කොටුවට මැටිකලෙං වතුර දදා හිටපු ගම්මානෙ ආත කිව්ව….

ඔහෙප්පලයං…. කෙල්ලො දෙන්න ආතට උදව් කරනව වගේ!!!! පුංචි කමට මොන්ටි සෝරියෙ කළගෙඩි නැටුමට යන්ඩ ගෙනාව ඇලුමිනියම් කලේ අරන් ජීවනී නංගිත්  පැලවලට වතුර දාන හැටි දැකල ආච්චි අම්ම කිව්ව!!

අනේ….!! අක්කෙ දැක්ක කල්!!! අපි ඒත් හිත හිත උන්නෙ ඇයි මේ පාර අවුරුද්දට ඇවිත් නැතුව වද්ද කියල?? අද හෙට ඇවිල්ල යන්නං කියලයි හිටියෙ ඕං තාත්ත…

ගම්මානෙ ආතගෙ පුතා… සිරිල් මාමගෙ බාරියාව..ගම්මානෙ නැන්ද මැටියෙං හදල තහඩු හෙවිල්ලපු ගෙයි පිළිකන්නෙ ඉඳල එන්නෙ ඇඳගෙන ඉන්න රෙද්දෙ අතත් පිහින ගමන….

කොහෙද එල්ලාවල ගිහිනුත් ඉන්ඩ වුණේ දවස් දෙකයි නෙ නංගියෙ… මේපා‍ර නිවාඩුව වැඩි කල් නෑ නෙ…

ඒක තමයි… මහංසිත් නැතැයි… මං බොන්ඩ තේ ටිකක් හදන්නංකො… ඔය මොනවැයි නැන්දෙ ඉහේ???

මේං මේ හැලප මල්ලත් අරං තිබ්බනං ගෙයිං දුවේ…..

ආච්චි අම්ම මෙච්චර වෙලා හිසේ තියං උන්න පං මල්ල නැන්දගෙ අතට දෙනව…

ගෙයි ඉස්සරහ කොට බිත්තිවලිං වට වෙලා!! ඒ මැද්දෙ ගරුගාම්භීර විදියට වැඩ ඉන්නෙ ගම්මානෙ ආතගෙ හාන්සි පුටුව!!!

ඒ  විතරක් නෙවෙයි තව මැද්දෙ වියපු ලී පුටු දෙකතුනක් මේ කෑල්ලෙ තියෙනව.

කෝ නංගියෙ කුසුමක්ක??? අම්ම ඇහුව

ඕං පල්ලෙහා රබර් කෑල්ලෙ ඉඳං දැං ගෙට ගොඩ වුණේ…. නාන්ඩ යන්ඩයි ලෑස්තිය මහිතෙ…

අපි දෙන්න මූනට මූණ බලාගත්තෙ ඇහිච්ච දේ දෙන්නටම ඇහුණෙ එක විදියටමද කියල දැන ගන්නයි!!!!

ආ යං  යං කට්ටියම නාන්ඩ යං…. ලොකු අම්ම රෙදි පෙරෙදි සූදානං කරං ඉස්සරහට ඇවිත්  ගම්මානෙ අක්කටයි නංගිටයි කතා කරනව….

ආ … ඒ දෙන්න යනවනං අපිත් යනව ලොකුඅම්ම එක්ක…. අපි දෙන්න උඩ පනින්ඩ ගත්ත…

ගිහිං පරිස්සමට එන්ඩ ඕනැ එහෙනං…. .. සුදු පුතා වතුරට බහින්නෙ එහෙම නෑ… චූටි පුතා මල්ලිව බලාගන්ඩ ඕනෙ…. අකුල් අස්සෙ  රිංගන්නෙ නෑ…..ලොකු අම්මට බෑ සේරම කරන්ඩ…

අම්ම අනුමැතිය දෙන්නෙ නීති මාලාවක්ම පනවල…

කොහෙද අක්කෙ නාන්නෙ..??? අම්ම ලොකු අම්මගෙනුත් ඇහුව….

දැහැංවක කිට්ටුව  තමා නාන්නෙ

අනේ අක්කෙ බලාගෙන ඕං… මුං කියන දේ අහන්නෙ නැති වුනොත් දෙන්ඩ හොද කෝටුවක් කපාගෙන!!!

නෑ නෑ අපි දෙන්න වතුරට බහින්නෙ නෑ…..අපි බලං ඉන්නං අම්මෙ….!!! මල්ලි කිව්ව

අපි කට්ටිය දැහැංවක බලා පිටත් වුණා!!!

 

 

 

 

 

කාලෙකට පස්සෙ ආයෙමත් මල්දෙනියෙ විත්ති!!!!

මගෙ අඩවියට ගොඩ වදින ගොඩක් දෙනෙක් ගෙ ඉහේ මලක් පිපුණ වගේ සන්තෝසයක් ඇති ඕං!!!

දවස ගානෙ වුණත් ලියන්ඩ නං අකමැති කවුද අප්ප???

ඒත් මේ රාජකාරි, ගමං බිමං, පවුලෙ යුතුකං, වගකීම්, පවුල් වීමේ වැඩකටයුතු, කීයක් නං දේවල් කරන්ඩද ලැබෙන පොඩි කාලෙං?

ජීවිතේ එන්ඩ එන්ඩම කාර්ය බහුල වෙනව… වෙනද වගේ නිදහසේ ජාලගත වෙලා කියවන්ඩ කරන්ඩ වෙලාවක් ඇත්තෙම නැති තරං….

ඒ අස්සෙ සමහරු නං හීං ටොක්කකුත් ඇණල තිබු‍ණෙ…. නිහඬ වෙලාලු කියල…..

ඒත් ඉතිං ලියන්ඩ වෙලාව තිබිලම බෑ නෙ… හිතත් තියෙන්ඩ එපැයි…. නේද??

ලියන්ඩ ලියන්ඩ … ඔයාට ඔහොම ලියන හිත පහල වෙන්නෙ බොහොම කලාතුරකිං නෙ…

දවස් ගාණකට පස්සෙ අද මුණ ගැහුණු පෙම්බර ඇත්තට මං අදනං මොනව හරි ලියනව කියල කිව්වම ඒ ඇත්තොත් කිව්ව…

එහෙනං ඉතිං ඕං ආයෙත් මං ලියන්ඩ ගත්ත!!!!

 

 

පින්තූරෙ හම්බ වුණේ මේං මෙතනිං!!!

dinamina.lk

Advertisements

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in මල්දෙනියෙ විත්ති. Bookmark the permalink.

5 Responses to දොළ පාරෙන් එගොඩ වෙලා….!!!

  1. Buratheno පවසයි:

    හුරේ.. ජයවේවා.. මෙන්න ජනූ ඇවිල්ලෝ.. 😀

  2. gizza පවසයි:

    ඔන්න එහෙනම් ජනු කාලෙකට පස්සේ මල්දෙයේ කාථා කියවන කට්ට්යව මතක් වෙලා 😀 ,
    මම නම් හිතුවෙ ජනු බ්ලොග් ලියන එක නවත්තලා කියලා:D
    කොහොම උනත් අපි නම් ඉල්ලන්නේ වෙඩ අතරේ වෙලා තියන විදිහට කතාවක් දෙකක් ලියල දාන්න කියලා මොකද අපි අසාවෙන් කියවන බ්ලොග් එකක් නිසා

    • වැඩ ටිකක් වැඩි වුණාම ඔය වගේ නිහඬ සති දෙක තුනක් ගත වුණාට දිගටම ලියන්න තමයි ආසාව සහ අපේක්ෂාව, අනිත ලියන්ඩ වෙලාව විතරක් තිබිල බෑනෙ… මට නං ඒකට හිතත් ඕනෙ.. සමහර දවස් තියෙනව අද නං මැරිල වැටෙන තරං මහන්සි වුණත් බ්ලොග් එකේ මොනව හරි තුරුටු ගානවමයි කියල එක හිත් හිතාගෙන එන… සමහර දවසට බ්ලොග් එක දිගාරින්නෙවත් නෑ…අනිත හිතට ආව ගමන් ඒ වෙලාවට වාං ඇරිය වගේ ලියාගෙන ලියාගෙන යනව මිසක් මම පෝස්ට් ලියල තියාගෙන ඉන්නෙත් නෑ නෙ මලයො… ඒකයි වෙන්නෙ… ලියන්නං කො ලියන්නංකො අඩු ගානෙ මාසෙට දෙකක් වත්…

  3. Ravi පවසයි:

    ආහ්…..මේ ඇවිල්ල ඉන්නෙ…..කොහෙද බං හිටිගමං අන්තරස්දාන වෙන්නෙ හැබෑටම උඹ?

    ඒක නෙවෙයි දැන් ඔය ගම්මානෙ ආතල එහෙම කායෙ කවුද කියල මතක බැරීවෙලා නෙව තියෙන්නෙ……..ආයෙම මතක් කරපංකො කවුදැයි කියල…..

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )