ආදර සයුරෙන් දෝතක්…අවසාන කොටස

දිනුකත් නෑ………

චාරුත් නෑ………

ජනුත් නෑ………

වෙච්චි දේකුත් නෑ……………….

මෙහෙම දවස් ගාණක් ගත වුණාම කාටද අමතක නොවෙන්නෙ කතන්දරේ???

එහෙනං මතක් කරගන්ඩකො අමතක වෙච්ච කෙනෙක් හෙම ඉන්නවනං කතාව නතර වුණේ අතීරණයකින්නෙ….

චාරු නොදැනුවත්වම දිනුකට මිතුරු ඇරයුමක් යවනව….

දිනුක ඒක පිළිගනියිද නොගනියිද?

එහෙනං  කියවලම දැනගන්ඩකො උත්තරේ

 

හවස යමුද පොඩි රස්තියාදුවක… චාරුගෙ යාලුව ශාලි කෝල් කරල ඇහුව…

අද???? කොහෙද??? වෙනද පැනල හා කියන චාරු අද ටිකක් අදිමදි කළා..

වෙන කොහෙද ඉතිං යන්ඩ තියෙන්නෙ??? එක්සෙල් වර්ල්ඩ් !!!!!                               

අපෝ!!!!!!!!!!!!!! එපා වෙලානෙ තියෙන්නෙ ගිහිල්ලම

මොකද බන් වෙලා තියෙන්නෙ?

නෑ… කම්මැලීයි ශාලි… අපි  වීක් එන්ඩ් එකේ යංකො….

මොකක්  හරි හොරයක් තියෙනව උඹේ…. හිටපංකො මං අල්ලගන්ඩ…

නෑ… නෑ…. මං විහිලුවක් කළේ චාරු… උඹට අද යන්ඩ කමිමැලි නම් අපි සැටඩෙ යං….. ඔන්න වෙන වැඩ එහෙම දාගන්ඩ බෑ….. හරිද???

දෙවියනේ මගෙ හිතේ තියෙන දේවල් ශාලිට වගේ හැමෝටම දැනෙනව ඇති!!!!

 

දුරකථනය විසන්ධි කරල ඒ ඉරියව්වෙන්ම ඉඳගෙන චාරු කල්පනා කළා…..

 

 

වැඩ ඉවර වෙලා නවාතැනට ගිහින් සුපුරුදු විදියට මුහුණු පොතට ඇතුල් වුණ චාරුගෙ මූනෙ මනමාල හිනාවක් ඇඳුන

එහෙනම් දිනුක ඇක්සෙප්ට් කලා….!!!

 

ඒ මදිවට පණිවිඩයකුත් තියල

“Hey, how are things???”

දැන් ඉතිං මොකද කරන්නෙ??

මොනව කරන්ඩද ලස්සන උත්තරයක් දානව මිසක… චාරුගෙ හිත චාරුට කරදර කරන්ඩ ගත්ත…

අහක යන නඩුවක් බලෙන්ම ඇඟට දාගත්තද මන්ද මම…

කමක් නෑ… උත්තරයක් දානව… බොහොම සාමාන්‍ය එකක්….. යාලුවෙකුට වගේ!!!!!

දැන් එයත් බලන් ඇති මම උත්තරයක් එවනකල්….

හෙලෝ දිනුක.

හැමදේම හොඳින්…

එදා දවසෙ හරි හැටි කතා නොකලට සමාවෙන්න… ඔයා එකපාරටම කතා කළාම මම ටිකක් කළබල වුණා…

සුබ රාත්‍රියක්!!

චාරුකී

 

විනාඩියක් ගියේ නෑ…

හායි!!!

දිනුක චාරුකීට චැට් එකේ කිව්ව…

චාරුට හායි නොකිය ඉන්ඩ බැරි වුණා….

එතනින් පස්සෙ වෙච්ච දේ හිතා ගන්ඩ පුලුවන් නේද මම නොකිව්වට???

 

දවස්  10කට පසු,

 

 හලෝ චාරුකී …… මම දැන් බස් එකෙන් බහින්ඩයි යන්නෙ….ඔයා කොහෙද???

මම ඇවිල්ල ඉන්නෙ….

ආ හරි …ඔහොම ඉන්න මම ඉක්මනට එනව…

දෙවන හමුවීම………….!

මේ වගේ සොඳුරු හමුවීම් ගණනාවක්!!!!!

මේ තියෙන්නෙ කතාවෙ ඉස්සරහ ගැන ඉගියක්!!!!!

 

 

ලියනව නං ලියන්ඩ දේවල් ඇති තරම්!!!!

කතාව ඇදල මෙගා සීරීස් එකක් කරන්ඩ කියල රවී අයියත් කිව්වනෙ…

ඒත් එහෙම කරන්ඩ බෑ කියල හිතුණ….එහෙම හිතුණෙ නිකම්ම නෙවෙයි… කතාවෙ එතනින් එහාට ලියන්න ගියොත් ඒක ටිකක් කම්මැලි වැඩක් වෙයි කියල හිතුණ…

ඊටත් වඩා මම ලියන්ඩ ගොඩක් කැමති දේවල් මගේ ලැයිස්තුවට එකතු වුනා….

පරාස්සය නම් වෙලාවක දෙකක් නෑ මාව මරාගෙන කනව… මල්දෙනියෙ විත්තිවල තියෙන කෑම බීම ගැන විස්තර බලල කෙල ගිලින්ඩනෙ උන්දැට  ඕනෙ….

සේරෝටම වඩා… මගෙ මුහුණුපොතට ආව අහිංසක ඉල්ලීමකින් මගේ හිත ටිකක් හෙල්ලිලා ගියා….

 

අනේ ලවු කතා ලියන්ඩ එපා…. මං ආස නෑ ඒව කියවන්ඩ… එතකොට මට දුක හිතෙනව අක්කෙ….

 

මෙහෙම කියන්නෙ ඇත්තටම දුකක් දැනිල කියල මට හිතුණ……

දවසක් දෙකක්ම ලියන්ඩ ගත්ත…. කතාව රස කරල ඉස්සහට ඉස්සරහට ගොතනකොට, ලියන හැටි ගැන හිතනකොට මට හැමතිස්සෙම මතක් වුණා… අර ඉල්ලීම….

ඒ පාර අත ඇරිය….

අද ලියන්ඩ හිතුවෙත් එකලාරටම නවත්තන එක හොඳ නෑ නෙ…

අනේ මේ කතාව ආසාවෙන් කියවපු හැමෝම මට සමා වෙන්ඩ හොඳේ???

ආයෙමත් පුරුදු පෙම්බර කතා මල්දෙනි කතා අරන් ඉක්මනටම එන්නම්කො…..

එහෙනම් අදට ගිහින් එන්න අවසරයි!!!!!

 

 

 

 

 

 

 

පින්තූරෙ මෙතනින් –

topnews.us

film315s.com

 

 

 

 

 

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in Uncategorized. Bookmark the permalink.

8 Responses to ආදර සයුරෙන් දෝතක්…අවසාන කොටස

  1. Ravi says:

    සුබ පැතුම් නව යුවලට,මේ…..වරදවා වටහා ගන්නව එහෙම නෙවෙයි ඔන්න….මම මේ කිව්වෙ දිනුක සහ චාරුකීට….හොඳද?….පටලව ගන්ට එහෙම එපා…..

  2. හුරේ , සුරේකා ! ඉවරා……………………….යි .
    හැබැයි ඉතිං ඕං මම මරාගෙන කනඩ තැනුවේ එක දොහයිනෙ බොල, හිටුකෝ අපාය දිහැ ගැටුවම අල්ල ගන්න…

  3. කතාව ඉවරයි ! … අනේ අපොයි ! ..,. මූනු පොත නැත්තම් ඔය ආදර කතාවට මොනා වෙයිද ?

  4. Buratheno says:

    චැහ් වැඩේ කාලනෙ.. කතාව හරියකට පට්ටාං ගන්ටත් කලින්ම ඉවර කරලා.. 😦

  5. praveena says:

    කතාවේ හොඳ හරිය නොකියා ඉවර කරලා අපරාදේ.

  6. සුන්දර කතාවක් ….ජීවිතයට ඉදිරියට ගෙන යන්න යථාර්ථවාදී සිහිනයක් Realistic fantasy එකක් ඔනෑ …….

    http://www.sanasum.tk

  7. ලියාගෙන ආව ආදර කතාව අතර මග අත ඇරිය කියල හිත රිදුණ කට්ටිය අනේ මට සමා වෙන්ඩ…. මේ දවස්වල පොඩ්ඩක් මම කාර්ය බහුලයි… ලියන්ඩ දේවල් ගොඩක් පෙළ ගස්සගෙන ඉන්නෙ.. ඒත් මේ වැඩකටයුතු ටික පොඩ්ඩක් එකලාසයකු වෙච්ච ගමන් මම ලියනව…

  8. dimuthu says:

    Digatama liyanna wena katawaluth..

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s