ආදර සයුරෙන් දෝතක්…06

දවසක් දෙකක් ගෙවුණ…

වැඩ රාජකාරි අතර  හිර වුණා…..

මම  විතරක් නෙවෙයි ………….

දිනුකයි චාරුයි දෙන්නත්…..!!!

හැබැයි ඒ දෙන්නම ඒ අවිවේකී බව අස්සෙ නැවත ඇමතුමක් ඒ දෝ කියල බලාපොරොත්තුවක් දල්වගෙන හිටිය….

ඇයි දිනුක ආයෙ කතා නොකළෙ???

චාරුට දවසට දෙවතාවක්වත් මතක් වුණා….

ඒ වගේම තවමත් පිලිනොගත්තු මිතුරු ඇරයුමකුත් තියෙන  බව හිතේ කොණක හැංගිලා ඉඳන් දිනුක ගැන මතක සංඥා අවදි කරවන, දිනුක හමුවුණු දවසේ සිදුවීම් මතක් කරවන  කෙනෙක් ඉන්නව වගේ චාරුට දැණුන….

 

අර්ජුන අයිය මට ෆ්‍රෙන්ඩ් සජෙෂන් එකක් එව්වම එයාටත් නෝටිෆිකේෂන් යන්ඩ ඇති…  මම ඇක්සෙප්ට් නොකරන නිසා තරහෙන් කතා කරන්නෙත් නැතුව ඇති!!!!

සැරෙන් සැරේ… එක එක දේවල හිතට දාන්නෙ කවුද???

ඉස්සර වගේ කවියක් ලියල, සින්දුවක් කියල ඉන්ඩ බැරි ඇයි මට??? මොකක්ද මේ වෙලා තියෙන්නෙ???

දිනුක කියන්නෙ කවුද කියලවත් මම දන්නවද??? මෝඩි!!!! වෙඩින් එකකදි මුණ ගැහිල විතරයි… තව හීනත් මවන්ඩ හදනව….පිස්සු නැතුව පාඩුවෙ ඉන්නව වැඩක් බලාගෙන….

චාරු තමන්ගෙ හිතටම දොස් කියාගත්ත…

ඒත්…………..!

දිනුක හිතයි මම මහ උද්දච්ච කෙල්ලෙක් කියල……….යාලුවො එයාට හිනා වෙනව ඇති!!!!

ඔන්න ආයෙමත්!!!!!!!!!

මේ මොන වදයක්ද??? ඇයි මේ නිදාගන්ඩ ගියත් මට කොහෙද ඉන්න දිනුකයෙක් මතක් වෙන්නෙ??? මට පිස්සුද??

. ටික්.. ටීක්…….. ටීක් ටීක්!!!!!!!!!!!!!!!!

ජංගමය ගෙ ඇඟවීම කෙටි පණිවිඩයක් ආව කියලයි!!!

දිනුක ජංගමයව අතට ගත්ත…

මොකක්!!!!!!!!!!!!!!

දැක්ක දේ ඇත්තක්ද කියල දිනුකට අදහගන්ඩ බැරිවුණා

චාරුකී යසරත්න  මාව ඇඩ් කරල???


දිනුක පුදුම වුනා!!!

එක පාරටම කවදාවත් නැති හිනාවක් ගියා!!!!

මොකද මොකද??? උඹේ හිනාව නං අල්ලන්නෙ නෑ… හර්ෂ කිව්ව

නෑ මේ… චාරුකී මාව ෆේස්බුක් ඇඩ් කරල නෙ බං…

ආ …. ඔය තියෙන්නෙ ඔය තියෙන්නෙ… මම කිව්ව නේද උඹට ඉවසන්ඩ කියල??? ඒ අරවින්ද

හ්ම්!!!

මොකද දන්නෙ  නෑ මෙයාට හදිස්සියෙ මාව ඇඩ් කරන්ඩ හිතුනෙ…. හිතින් දුක් විඳිනව ඇති එදා මාව ගණන් නොගෙන ලොකූ සීන් දුන්නට…

මේ සොරි කියන්ඩ තමා මාව ඇඩ් කරන්න ඇත්තෙ…. දෙන්නං වැඩක්!!!!

ඉතිං මොකද භාවනා කරනව වගෙ උඹ බලං ඉන්නෙ……….?  ඕක ඕකේ කරපන්!!!

හහ් … මම නං ඇක්සෙප්ට් කරයි!!!! මට මතකනෙ එයාගෙ ලොකු කතා!!!
මේ වෙලාවෙ බිසීලු!!!

මේ………….. මම උඹ නම් මේ වෙලාවෙ නැතත් තව පැය දෙක තුනකින් හරි ඕක ඇක්සෙප්ට් කරනව… දැන් රික්වෙස්ට් එකක් එව්ව කියන්නෙ… මේතරම් දවසක් සද්ද නොකර හිටියට ඒකි උඹ ගැන කල්පනා කරල තියෙනව කියන එක… උඹව ඇඩ් කලා කියන්නෙ දැන් බලන් ඉන්නව උඹ ඕක ඇක්සෙප්ට් කරන කල්…. අන්න ඒක තේරෙනව ඇති නෙ උඹට!!!!

ඒ උඹනෙ… මේ මම…

උඹ කැමති දෙයක් කරගනින්!!!

 මම යනව සීට් එකට….

අරවින්ද ගියා

මාත් යනව මචං!!!

ඒ පිටිපස්සෙන් හර්ශත් ගියා!!

හ්ම්!!!!!!!!!!!!!

ලොකු හුස්මක් පහලට හෙලපු දිනුක නැවත පරිගණක තිරය දිහා බැලුවෙ වැඩේට හිත යොමන්ඩ…

ඒත් එකලාසයක් තිබුනෙ නෑ හිතේ!!!!

කරනවද, නැද්ද

කරනවද නැද්ද

දවල් වෙනකොට කාර්යාලයෙ  හදිසි වැඩ නිසා ඒ කාරණාවට අඩු වැදගත්කමක් ලැබිල හිතේ මුල්ලකට වුණා…

 

අතීරණයක්!!!!!!!!!!!!!!!!!!!!!!!

චාරු අද අවසට කී වතාවක් ජංගමය දිහා බැලුවද කියල ගණින්ඩ බැරි තරම්!!!!!

උදේ ආව ගමන් චාරු නොයිවසිල්ලෙන් බලන් හිටිය!!!

මධූ අක්ක ආව….

මධූ අක්කෙ හරි වැඩේනෙ………………..

ඇයි????

මම අද උදේ අර්ජුන අයිය එවල තිබුණු සජෙෂන් එක නොහිතම වගේ ඕකේ කළා!!! අයියෝ මම කරල ඉවර වුනාට පස්සෙ තමයි දන්නෙ ඒක දිනුකට යන්නෙ හරියට මම එයාව ඇඩ් කළා වගේ!!!

ඒ කියන්නෙ….???

මධූ අක්ක උඩ බිම බැලුව උදේ පාන්දර චාරු කියන මේ අන්ද බූත ජාතකේ අහල…

ඒ කියන්නෙ අර්ජුන අයිය කරල තිබුනෙ සජෙෂන් එකක් විතරයි!!!

මම ඒක ඕකේ කරනව කියන්නෙ මම දිනුකව යාලුවෙක් විදියට ඇඩ් කරනව කියන එක…

දැන් එයා  එයා ඇක්සෙප්ට් කරන්ඩ  හරි නොකරන්ඩ හරි ඕනෙ!!!

හයියෝ!!! මගෙ මෝඩ කමට මමත් ගියානෙ ඕන්නැති විකාර කරන්ඩ….  දිනුක මට හිනා වෙනව ඇති!!!!

චාරු කියවගෙන කියවගෙන යනව!!!!

මේ…. පොඩ්ඩක් ඉවසල ඉන්නව… දැන් ඉතින් කරන්ඩ දෙයක් නෑ නෙ…

ඒ වුණාට දැන් මම මහ මෝඩ විදියට ඒ මනුස්සයව ඇඩ් කරලනෙ තියෙන්නෙ???

එහෙනං ඔයා මොනව වෙයි කියල හිතාගෙනද අර සජෙෂන් එක  ක්ලික් කළේ???

මට ඇත්තටම තේරුණේ නෑ කරන්ඩ යන වැඩේ ගැන.. මට හිතුණෙ අර අපිට ආව රික්වෙස්ට් එකක් අපි ඇක්සෙප්ට් කරන්නෙ… අන්න ඒ වගෙ මම දිනුකගෙ රික්වෙස්ට් එකක් ඕකේ කළා කියල…

හ්ම්!!!!! ඔයාට නං පිස්සු නංගි….

බලමුකො බලමුකො……… මොකද වෙන්නෙ කියල.. යං යං කෑම කන්ඩ

මම කෑව … අක්ක කාල එන්ඩ….

චාරු බොරුවක් කිව්ව බව තේරුණත් මධූ අක්ක ඒක අඟවන්නෙ නැතුව ලංච් රූම් එක පැත්තට ගියා…

චාරු තනිවුණා…

වැඩ අතර හිර වුණා

දවස ගෙවුණා!!!!

 

කරයිද නොකරයිද???

කරයිද නොකරයිද???

 

අතීරණයක්!!!!!!!!!!!!!!!!

 

අද දවසෙත් පින්තූර මෙන්න මේ තැන්වලින්

 

fooyoh.com

visualphotos.com

cartoondollemporium.com

dreamstime.com

joywizard.com

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in Uncategorized. Bookmark the permalink.

5 Responses to ආදර සයුරෙන් දෝතක්…06

  1. Ravi says:

    දැං ඔය ෆේස් බුක් කියන මල ඉලව්ව නොතිබ්බනං ඔය පෙරේමෙට මක්ක වෙයිද කියලයි මම මේ කල්පනා කොරේ,

    හෙහ්, අන්තිමට Face Book එකේ Request එකක් Accept කරනවද නැද්ද කියන එකත් සෑහෙන වෙලාවක් කල්පනා කලයුතු, ඒ ගැන කලින් ලියවිලා ඇති සියලු මූලාශ්‍ර පරිශීලනය කොට හොඳින් අධ්‍යයනය කල යුතු සහ අවසාන වශයෙන් වේලා පත් කඩේ වර්තමාන ග්‍රහ පිහිටීම් පිළිබඳව දෛවඥ උපදෙස් ලබාගත යුතු කාරණයක් වෙලා වගෙයි මට පෙනෙන්නෙ.

  2. dimuthu says:

    Face Book love gana experince thiyana kenek widihata mata denenne hoda & naraka dekama thiyana bawai

  3. praveena says:

    චාරු නම් පොඩ්ඩි වගේම කෙල්ලක්. මොනවා හරි කලාට පස්සේ අපරාදේ ඇයි මම ඒ දේ කලේ කියලා හිතන්ට එයාට තරම් මම හිතන්නේ චාරුටත් බෑ.

  4. යවපු Request එකක් කැන්සල් කරන්න දන්නෙ නැතුව ඇතිනේ??

  5. මොඩන් ආදර කතාවක් .ඇත්තටම අදකාලේ ආදර කතා කොයිතරම් වෙනස්ද ? ඇත්තටම චාරු ටිකක් විතර උද්දච්චයි වගේ ! මට එහෙම හිතුනා

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s