ආදර සයුරෙන් දෝතක්…05

හෙලෝ!

මිස් චාරුකී??  පිරිමි කටහඩක්!!

……………………? යර්ස් ස්පීකිං…

අදුනන්ඩ පුලුවන් වෙයිද මාව???

ම්…අදුනගන්ඩ නම් ටිකක් අමාරුයි… කවුද මේ??

මීට සති දෙකකට විතර කලින් අපි වෙඩින් එකකදි මුණ ගැහුණ.. මතකද දන්නෙ නෑ

චාරුට මොහොතකට නිරුත්තර වුණා!! කතා කරගන්ඩ බැරි තරම් උගුර කට වේලුණා…

හෙලෝ.. හෙලෝ???  නිරුත්තර නිමේශයෙන් නොයිවසිලිමත් වුණු පිරිමි කටහඩක් ඇහුණාම චාරු පියවි සිහියට ආව

චාරු බී කූල් බී කූල්!!! එයාම එයාට හිතින් කියාගත්ත

ම්.. මේ අර අර්ජුන අයියගෙ යාලුවද???

ඔවු එයා තමයි… මගෙ නම  දිනුක…… ඉතිං කොහොමද???

හොදයි…

කෝල් එකක් දෙනව කිව්වට ඔය කතා කරපු හැටි නේද??

………….?????

මේ වෙලාව ඔයා බිසී වෙලාවක්ද?? කතා කරන්ඩ පුලුවන්ද??

ම් මේ වෙලාවෙ නම් ටිකක් බිසී

ඕකේ.. එහෙනම් මම පස්සෙ කතා කරන්නම්..

ඕකේ බායි

බායි!!!!

 

ඇයි නංගි??? බය වෙලා වගේ මොකද??? කරදරයක්වත්ද???

ජංගමය ව විසන්ධි කරන්ඩවත් සිහියක් නැතුව ගල් වෙලා ඉන්න චාරු දැක්ක මධූ අක්කත් බය වුණා

ආහ්…??? නෑ අක්කෙ .. මේ මේ… ඔවු… කරදරයක් වෙන්ඩ තමයි එන්නෙ…!

මොකක් කිව්ව??

අර බෝයි කෝල් කලේ අක්කෙ…

කවුද??

ඇයි අනේ අර ම කිව්වෙ.. වෙඩින් එකේදි කතා කළා කියල කිව්වෙ!!!

ආ……………. මධූ අක්කගෙ කටත් ඇරිල…..  වහ ගන්නත් අමතක වුණා…

ඉතිං ඔයා කිව්වෙ එයා ඔයාට නම්බර් එක දුන්න කියලනෙ..

ඔයාගෙ නම්බර් එක කොහෙන්ද එයාට?? දුන්න නේද ඔයා???

නෑ නෑ…. ඒක නේන්නං මමත් මේ රත් වෙලා කල්පනා කරන්නෙ… කොහෙන්ද මගෙ නම්බර් එක කියල???

අපේ රිසෙප්ෂන් එකට කතා කරල ඉල්ලගත්තවත්ද??

ඒත් කොහොමද දැනගත්තෙ මම වැඩ කරන තැන???

ඔයා කිව්වද???

ඔවු  කිව්ව නං තමා.. ඒත් …??

ඉතිං ළමයො වෙබ් සයිට් එක බල හොයා ගන්ඩ ඇති මෙහෙ ඩිරෙක්ට් ලයින් එක..

ඒත් චාරුට එක පාරටම මතක් වුණා අර්ජුන අයියව…

නෑ නෑ… මම දන්නව කොහොමද වුණේ කියල…

අර්ජුන අයිය තමයි දුන්නෙ!

කවුද ග්රූම් ද??

ඔවු!!! එයා තමයි

 එයා මට ෆේස් බුක් සජෙෂන් එකක් දාල එයාට මොබයිල් නම්බර් එකත් දීල!!!

හපොයි … මම ඉවරයි….!!

 

මොකද මචං වුනේ???

දිනුක ජංගමයව විසන්ධී කරන පමාවට හර්ශයි අරවින්දයි වටවෙලා!!!

මොකද ආන්සර් කලේ නැද්ද??

කළා…………….. හ්ම්!!!!!!!!!!  ඒ වුණාට හරි ආඩම්බරයි වගේ.. දැන් බිසී කිව්වෙ…

අහංකාරකමනෙ… එදත් දැක්කෙ නැද්ද මම නම්බර් එක ඉල්ලුවාම ඒක ඔෆිස් නම්බර් එකලු දෙන්ඩ බෑලු කියල කිව්ව… දැන් මම හොයාගත්තෙ… එතකොට මට දෙන්ඩ බැරි වුණාට ඒක අර්ජුනයට දීල තිබුණෙ

මචන් මේකනෙ.. උඹ නම්බර් එක හොයාගෙන එකපාරට කතා කළාම  කෙල්ල හොදටම කලබල වෙන්ඩ ඇති…

ඒ නිසා තියන්ඩ ඇත්තෙ.. සමහර විට උඹට හවස කතා කරයි….

අරවින්ද ඉතිං කොයි වෙලෙත් වැඩේ ගොඩ දාන තැනට තමයි කතා කරන්නෙ…

අනේ…. නිකං හිටපන්… ඒකි කතා කරයි!!! හීනෙන් තමා….!!

එහෙම වුණොත් තව දවසකින් දෙකකින් ආයෙත් කතා කරපන්

මම නම් යයි ආයෙ කතා කරන්ඩ…. අහංකාර කෙල්ලො!!!

දිනුකගෙ හිත නම් හොදටම රිදිල වැඩෙන්…

උඹ ඔහොම කිව්වට දැන් උඹ ඔය කෙල්ල ගැන ඔච්චර උනන්දු ඇයි?? උඹ ඒකිට කැමති නිසා…ඇයි උඹ කැමති??

ඇත්ත කියපන්….

මං දන්නෙ නෑ බං….  මං ඒකිට කැමති ඇයි කියල

මේ අහපන්….වෙඩින් එකට පස්සෙ දවසෙ ඒකි උඹට කෝල් කළා නං උඹ මේතරම්  ඒකි ගැන උනන්දු වෙනවද?? නෑ නෙ මචං……!

උඹ ඔය කරදර වෙලා නම්බර් එක හොයාගෙන කතා කලේ ඒකි උඹට පැනල කතා කරන්ඩ ආවෙ නැති නිසා නෙ…

ඇත්තම කියනව නං මම වුණත් කැමති වෙන්නෙ නෑ කෙල්ලෙක් එක පාරටම මම නම්බර් එක දුන්න පලියට කතා කළා නම් එහෙම..

ඒක නං ඇත්ත තමා!!!

එහෙනං පොඩ්ඩක් ඉවසපං… ඉපදිච්ච ගමං ඇවිදල තියෙන්නෙ තාම සිදුහත් කුමාරය විතරයි!!!

ඒ පාර නං ඔන්න දිනුකට හිනාවක් ගියා!!!

හ්ම් … බලමුකො!!!!!!!!!!!!!!!

 

 

චාරු නවාතැනට ආවෙ නොයිවසිල්ලෙන්!!!

නවාතැනේ තනියම ඉන්න හන්ද වෙනදනම් චාරු ඔෆිස් එකේ ටිකක් වැඩිපුර වෙලාවක් ගත කරල තමයි යන්නෙ…

ඒත් අද එහෙම ඉන්ඩ බැරි වුනේ මොකද???
ඔෆිස් එකේදිත් බස් එකේ එන වෙලාවෙත් හිතට නිවනක් තිබුණෙ නෑ…

හදිසියෙ ආව දුරකථන ඇමතුමක් තමන්ගෙ ජීවිතේට මේ තරම් බලපෑමක් ඇති කරයි කියල චාරු හීනෙකින් වත් හිතල තිබුණෙ නෑ!!!!
ආව වෙලාවෙ ඉදල කාමරේ මේසෙ පොත් පත් සේරම උඩු යටිකුරු කරල මොනවදෝ හෙව්ව…

සති ගාණකට කලින් ලැබුණ යමක්,

එදා  වටිනාකමක් නොදැනුණ නිසා විසිකල යමක්,

විසි කලා කිව්වට  වීසි කලේම නැති, කොහේ හරි තියපු,  දැන්  අමතක වෙච්ච තැනක තැබූ යමක්!!!!!

හෑන්ඩ් බෑග් සේරම ඇද්ද.. ඇද යට,  අල්මාරියෙ ලාච්චුව….

ශික්!!!!!!!!!!!!!!! මම කොහෙද දැම්මෙ මේක???

චාරු ඇදට වැටුනෙ තෙහෙට්ටුවයි, තරහයි, දුකයි, මිශ්‍ර වෙච්ච නොසන්සුන් හිතක් එක්ක….

සිවිලිම දිහා බලාගෙන ඇදේ  වැතිරිලි ඉන්න කොට චාරැගෙ හිතේ ඇදෙන්ඩ පටන්ගත්ත එදා දවසේ සිදුවීම්

හරියට චිත්‍රපටයක් බලනව වගේ!!

හ්ම්!!!!!!!!!!!!!!! අවසානයේ චාරු ලොකු හුස්මක් හෙලල වටපිට බැලුව…

කණ්නාඩි මේසෙ උඩ පුංචි පන් රටාවකින් වියපු  පෙට්ටිය චාරුගෙ ඇහැ ගැටුනෙ මේ වෙලාවෙ…

ඒත් එක්කම යමක් හදිසියේම හිතට ආපු හන්ද චාරු ඉද්ද ගැහුව වගේ නැගිට්ට…

හරි!!!!! මේ තියෙන්නෙ….මෙච්චර වෙලා හොයපු දේ!!!

දිනුක සුරත් කුලසේකර

චාරු කාඩ් එක දිහා බැලුවෙ විමසිල්ලෙන්

හ්ම්… දිනුක සුරත්…ලස්සනයි නම…

පිටිපස්සෙ කලබලෙන් ලියල තිබුණ දුරකථන අංකය දිහා බැලුව චාරු උත්සහ කලේ දිනුකගෙ හැඩ රුව මවාගන්ඩ…

උසයි!!! ටිකක් විතර කලුයි…. ඇදල හිටියෙ මොන පාට කමිසයක්ද?? …

ඒක චාරුට මතක තිබුණෙ නෑ…

චාරුට උවමනා විදියට දිනුකගෙ මූණ  හිතේ මවාගන්න තරම් මතකයේ රැදිල තිබුණෙත් නෑ…

හ්ම්!!!! මොන වදයක්ද??

මට පිස්සුද මේ වෙඩින් එකක දැකල වචන දහයක් දොළහක් කතා කරපු, අද කොහෙන් හරි මගෙ නම්බර් එක හොයාගෙන කතා කරපු කොල්ලෙක් ගැන කල්පනා කරන්ඩ…

චාරු තමන් ගැනම තරහක් ගත්ත!!!

ආ……..  ඒවගෙන් වැඩක් නෑ…..ඊයෙ ඩවුන් ලෝඩ් වෙන්ඩ දැම්ම  මූවි එක බලමු… ඉක්මනට වොෂ් එකක් දාගෙන කන්ඩ මොනව හරි හදාගෙන…

තමන්ටම කියාගත්ත චාරු ඇදෙන් බිමට පැන්න!!!

ප්‍රේම පුරාණයක් ලියන්ඩ අරන් ප්‍රශ්න ගොඩයි…

ඔයා මොකද මේ හදිස්සියෙ ලව් ස්ටෝරි එකක් ලියන්ඩ අරන්??? පොතක් වත් අච්චු ගහන්ඩද යන්නෙ??

අධික වැඩ රාජකාරි මැද්දෙ වුණත් මගේ බ්ලොග් එක බලන පෙම්බරය අහනව….

මල්දෙනියෙ විත්ති ලියන්නෙ නැතුව වෙන වෙන බහු බූත ලියනව කියලත් චෝදනාවක් තියෙනව අපේ පරාස්ස මලයගෙං…

ඒ අස්සෙ ප්‍රේම පුරාණෙ ලියපං කියල තර්ජන… දවසට පෝස්ට් දෙක ගානෙ දාපං/දාන්ඩ එපා කියල තර්ජන…

මොනව වුණත් මට කියන්ඩ දෙයක් තියෙනව මට හිතෙන… අද දවසෙ ලියවිල්ල ඉවර කරන්ඩ කලින්…

කාලෙකට ඉස්සර .. ඒ කියන්නෙ රස්සාවක් කරන්ඩ හිතල වත් නැති කාලෙ… කවදාවත් නිදිමරාගෙන විභාගෙකට පාඩම් නොකලට එළි වෙනකල් අතට අහුවෙන  හැම පොතක්ම කියවපු  එකේ ප්‍රතිඵල අත්දකින්න පරක්කු වැඩි වුණා වගේ…

මේ…. නැති වෙච්ච ඒවගෙන් දැන් වැඩක් නෑ… ඔය අන්තිමට දාල තියෙන පින්තූරෙ දැම්මෙ හේතුවක් ඇතුව…

මේක කාගෙ පෙම් පුරාණෙද කියල හොයන්නෙ නැතුව ඒ කවුද කියල හොයල බලන්ඩකො.. එතකොට ලැබෙයි හෝඩුවාවක්!!!

ඒ  කිව්වෙ කතන්දරේ ගැන හෝඩුවාවක්

මෙන්න අද පින්තූර ගත්ත තැන්

http://www.visualphotos.com

flickr.com

kpinchbeck.com

masterfile.com

journeyofawoman.wordpress.com

faz-community.faz.net

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in ආදර සයුරෙන් දෝතක්. Bookmark the permalink.

17 Responses to ආදර සයුරෙන් දෝතක්…05

  1. praveena says:

    ඉතින්, ඉතින් ඊට පස්සේ???

    (අපොයි මටත් තියන හදිසියක්?:D)

    • දැන් මම කිව්ව වැඩේ කලාද?? හොයා ගත්තද හෝඩුවාවක් කතාව ගැන??

      • සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත says:

        ඔයාගෙ කතාවෙයි මූණු පොතේ ලොකු උන්නැහෙගෙයි සම්බන්දෙ මොකද්ද නගේ? facebook request එක හරහාද කතාව ඉස්සරහට යන්නේ? කතාවනම් ලස්සනට ගලාගෙන යනවා. මම මේ කතාව ඉවර වෙනකල් ඉන්නේ ඒ ගැන මගේ අදහස් දක්වන්න.

      • ආ…. ඔන්න එක්කෙනෙක් වටෙන් වටෙන් එනව හෝඩුවාවකට…
        මං ඒත් බැලුව අපේ කවිකාරි අක්ක කොහෙ ගිහින්ද කියල…

  2. Buratheno says:

    අපේ මාර්ක් ලොක්කගෙ පිංතූරයක් දාගෙන තියෙන්නෙ, මං හිතන්නෙ fb එක හරහා වෙන්ටැති ලවු එක නැගල ගිහිං තියෙන්නෙ..

  3. ඉතිං ඊට පස්සෙ..
    කියන්නකො අනේ… 🙂

  4. Ravi says:

    Playing hard to get is the name of the game,
    we all love chasing a fleeing shadow, don’t we?
    Moreover, what more difficult to get would be more precious,
    Only………. you should know the precise moment when to stop fleeing,

    • මේකට මොනව කියන්ඩද කියල හිතා ගන්ඩ බෑ රවී අයියෙ…..

      • Ravi says:

        මොනව කියන්ටද බං?, මොකවත් කියන්ට එපා……හෙහ්, හෙහ්,

        ඔය මට නිකමට ආපු කල්පනාවක්,අපි හැමෝම එහෙමයි නෙව, දැන් ඔන්න බලාපං නොම්මරේ දුන්න විතරයි පහුවදා කුකුල අඬලන්ඩත් කලින් චාරු දිනූකට කතාකලා නම් හෙම,…………මම දිනූක නම් එතනිම්ම මම වැඩේ නවත්තල දානව, අනෙ අම්මප මේ ඇත්ත,

        ජීවිතේ ලේසියෙම්ම ලැබෙන දේවල් වල කිසි ගතියක් නෑනෙ නංගි, ටිකක් කරදර වුනාම තමයි ඒකෙ අගයක් තියෙන්නෙ,

  5. අන්න මාර්ක් කාරයා ඉන්නවා ! .මිනිහා මොකද මේ කතාව ඇතුලේ ? ඔයා සෙල්ලං කෙනෙක් නෙවේ ඈ ඇසුරුකරලා තියෙන්නේ ලෝක පූජිත කොල්ලන්ව නේද ?

    ප්‍රේම පුරානේ නතර කරන්න එපා අන්තිමට දවසක අපිට බලන්න ඉතිරි වෙන්නේ මෙච්චරයි .

    • නැත්තං….! ලියන එක නවත්තන්නෙ නං නෑ….
      ඒත් මේ තර්ජන තමයි… කමක් නෑ සඳරු මලය එයි නෙ බේරගන්ඩ මාව….

  6. Lankapriya says:

    අපුරුයි.. අර උඩින් කෙනා කිවුව වගේ බොහොම සරලව සුගමව ගලාගෙන යනවා.. කියවන්න ආසයි..!

  7. කතාව මැද්දෙන් ගඟ වෙන කොහාටද නෙ ගලා ගියේ. කෝ ඉතුරු ටික?

Leave a reply to හංසකිංකිණි Cancel reply