ආව් ආව්….!! මේ ඇවිල්ල ඉන්නෙ බ්‍රයිඩ්ස් මේඩ්!! කොහොමද කොහොමද?? හොඳට තිබුණද වෙඩින් එක?
ලස්සනට හිටියද කට්ටිය??කෝ ෆොටෝස් ගත්තෙ නැද්ද??
උදේම ඇවිත් පරිගණකය ලඟ වාඩි වෙලා ඉන්න චාරුව දැක්ක ඔෆිස් එකේ මධූ අක්ක ප්‍රශ්න පත්තරයක්ම ඇහුව
ගත්ත අක්කෙ මේ ඒව තමයි බලන්නෙ…
කෝ කෝ පෙන්නන්ඩ..
ශා… ලස්සන ෆ්‍රොක් එක!!! ඔයාට සූට් වෙනව
ඔයා ලස්සනට ඉන්නව නංගි !!!!
පුදුමයි කොල්ලෙක්වත් ලයින් එකක් දැම්මෙ නැත්තං??
ඇත්ත කියනව.. කීදෙනෙක් නම්බර්ස් දුන්නද??
මධූ අක්ක අහපු විදියට චාරුට හිනාවක් ගියා කලින් දවසේ වෙච්ච සිද්ධිය මතක් වෙලා
ආ ඔය හිනා වෙන්නෙ මොකක් හරි හොරයක් තියෙනව! බලපල්ලකො මූණත් රතු වෙනව
හැන්සම් කොල්ලෙක් නේද???
යංකො යංකො … කෑම කන්ඩ…කන ගමන් කතා කරමු..
හ්ම්… එහෙනං එහෙමයි වුණේ නේද?? මොනව කරන කෙනෙක්ද??
උදේ කෑම කන ගමන් චාරුගෙ කතාව අහපු මධු අක්ක ඇහුව…
මම දන්නෙ නෑ අක්කෙ…
ඇයි මෝඩියෙ කාඩ් එකක් දුන්න කිව්ව නේද?? ඒකෙ තියෙනව ඇතිනෙ…
ආ….! දුන්න නම් තමයි… චාරුට ඒ බව මතක් වුණේ දැන්
ඒත් මම ඒක කොහෙ දැම්මද මතක නෑ…..
හොයල ගන්නව හොයල ගන්නව ෆේස් බුක් ඉන්නව ඇතිනෙ මෑන්. හොයල බලමු පොඩ්ඩක්!!!
මොකටද අනේ???
ජොලියට අනේ!!!
චාරුටයි මධූ අක්කටයි දෙන්නටම හිනා ගියා!!!
මචං අරකි අදවත් කතා කළාද?? හර්ශගෙ වැඩේ ම දිනුක ගෙන් දවස ගානෙ අහන එක…
නෑ මචං… මං හිතන්නෙ නෑ කතා කරයි කියල…
දැන් සති දෙකක් විතර ගියා…එයාට කතා කරන්ඩ උවමනාවක් තිබුණ නං මෙලහකට කතා කරලනෙ….
කෝ…කොහෙද ඉතිං උඹ ෆෝන් නම්බර් එක ඉල්ලගත්තෙ නෑ නෙ… අඩු ගාණෙ වැඩ කරන්නෙ කොහෙද කියලවත් අහගත්තද??
අරවින්දත් කතාවට එකතු වුණා…
කොහෙද බන් නම්බර් එක දෙන්ඩ බෑ, එයා කෝල් කරන්නං කියල කිව්වාම මං කොහොමද ආයෙත් ඉල්ලන්නෙ?? වැඩකරන්නෙ නං මොකද්ද …. මේ …. රෙඩ් හාට් කියල එකක කිව්ව??
මොකක්???
බලපන් ගූගල් කරල ඔෆිස් නම්බර් එකවත් හොයාගත්තොත් ගොඩ…
මං බැලුව ………….නෑ බං.. එහෙම කම්පනි එකක් නෑ…
එහෙනං ඒකි උඹට කියන්ඩ ඇත්තෙ බොරු වෙන්ඩ ඇති!!
නෑ මචං … එහෙමම කියන්ඩ එපා….ඒ ඔෆිස් එකට වෙබ් සයිට් එකක් නැද්ද දන්නෙ නෑ නෙ…?
අරවින්ද පැනල දිනුකගෙ කඩා වැටෙව්ඩ ගිය හිතට පැලැස්තරයක් ඇලෙව්ව
දැන් මොකද කරන්නෙ???
දිනුකයි හර්ශයි දෙන්නම බර කල්පනාවකට වැටුණ…
ම්………..උඹට නම්බර්එක ඕනෙම නම් තව එක විදියක් තියෙනව
ඒ මොකද්ද මචං??? දිනුක උනන්දු වුණා
අර්ජුන!!!
ඒකත් විදියක් නං තමයි.. ඒත්!!!.. මිනිහ කැමති වෙයිද??
අහල බලපන්!! උඹත් එක්ක ෆීට්නෙ මෑන්ස්… නොදී ඉන්න එකක් නෑ…
ඒත් මචං මට කිව්ව විදියට ඒ ගර්ල් අර්ජුනගෙ වයිෆ්ගෙ ලඟින් නෑදෑයොත් වෙනව.. පවුල් අවුල් වෙන සීන් එකක් වෙයිද දන්නෙ නෑ නේද??
උඹ ඉතිං මූද හත්ගව්වක් දුර තියා අමුඩ ගහන්ඩ හදනව නෙ
යකෝ ඉල්ලල බලපංකො ඉස්සෙල්ල…
ඊට පස්සෙ බලමු…
හ්ම්!!!! බලමු
අක්කෙ!!! මේ ඕයි අක්කෙ… මාර වැඩේනෙ!!!
ඇයි බං?? මධූ අක්ක කරන වැඩෙන් හිස නූස්සාම ඇහුව
හරි වැඩේ!! ඊයෙ අර්ජුන අයිය මට අර බෝයිව ෆේස් බුක් එකේ සජෙස්ට් කරල තිබුණනෙ…!!!
ඉතිං… ??
මම ඇක්සෙප්ට් කලේ නෑ…!!
හා…. එහෙනං මොකක්ද දැං ප්‍රශ්නෙ??
නෑ… එහෙම සජෙෂන් එකක් මට දැම්මම ඒ බෝයිටත් යනවද දන්නෙ නෑ නේද ඒ ගැන නොටිෆිකේෂන් එකක්..
අනේ නංගි මාත් ඒ ගැන ඒතරම් දන්නෙ නෑ නෙ…
හ්ම්… එහෙම වුණොත් නම් හරි වැඩේ වෙන්නෙ… දැන් මම එක්සෙප්ට් නොකර හිටියොත් මගෙ ගැන වැරදියට හිතයි නේද??
ඉතිං මොකද……….?? එදා මම ඒ මනුස්සයගෙ කාඩ් එක හොයාගෙන එන්ඩ කිව්වාම ඒක වත් කලේ නෑනෙ?? මොකටද හොයන්නෙ කියල ඇහුවෙ ?? දැන් මොකද ඒ කොල්ල වැරදි විදියට හිතයිද දන්නෙ නෑ කියල හිතන්නෙ?
නෑ .. එහෙම නෙවෙයි මධු අක්කෙ.. පොඩ්ඩක් සීරියස් වෙන්ඩකො…..මේ බෝයි අර්ජුන අයියගෙ ලඟම යාලුවෙක් නෙ. ඉතින් මේ බෝයිව මට සජෙස්ට් කලේ නිකම්ම යාලුකමට නම්……….?
මම එක්සෙප්ට් නොකලොත් එයත් මම ගැන මොනව හිතයිද දන්නෙ නෑ…
හ්ම්!!!… ඒකත් ඇත්ත… ඒගැන කතා කරමුකො අපි අද ලංච් වෙලාවෙ…
ඒක නෙවෙයි නංගි ….අද හවස මීටින් එකට ඔයාගෙ ප්‍රසන්ටේෂන් එක ඕනෙ කියල පී ඩී කතා කරල කිව්ව.
හරි අක්ක ඒක දොළහ වෙද්දි රෙඩි කරන්ඩ පුලුවන්…
චාරු ලහිලහියෙ වැඩටික ඉවර කරන්ඩ මහන්සි ගත්ත!!
ඒ අස්සෙ ජංගමය නාද කරන්න ගත්ත….
කවුද මේ වැඩ හිර වෙලා ඉන්න වෙලාවෙ…. ?
දෙවතාවක් හඬපු ජංගමය අතට ගන්න කොටම නැවතත් නිහඩ වුණා
කවුද කතා කළේ කියලවත් බලන්න උනන්දු නොවී චාරු ජංගමයව නැවත තිබ්බෙ නොසන්සුන් සිතිවිල්ලෙන්… වැඩ හිරවෙලා ඉන්න වෙලාවට ජංගමයත් පිස්සු නටනවනෙ…
මොහොතක් ගියේ නෑ මෙන්න ආයෙමත් අඩනව
ම්………… නාදුනන අංකයක්!!!
කවුරු වෙන්ඩ ඇතිද???
ආන්සර් කරලම බලමු …නේද???
අද පින්තූරලැබුණෙ මෙන්න මේ තැන්වලින්
myspacegraphics24.com
allwomenstalk.com
drboj.org
lasplash.com