ඒක හොඳයි නම් දෙවෙනි කොටසත් බලන්ඩකො
මෙන්න එහෙනම් තුන්වෙනි කොටස.. (අද දවසෙ නම් මම, ඒ කියන්නෙ ජනූ ඉන්නෙ ලියන මූඩ් එකක)
ඇයි එහෙම කියන්නෙ??? චාරු දිනුක දිහාට හැරුණෙ අමනාප බැල්මකින්..
බෑ බෑ කිව්වට අන්තිමට නටන්ඩ වුණානෙ…..ඒත් ඔයා එච්චර කැමැත්තකින් නම් නෙවෙයි ඩාන්ස් කළේ නේද??
හ්ම්…. ටිකක් මහන්සියි!!! චාරු කිව්ව
ඒ නම් බොරුවක්ද මන්ද?? දිනුකට හිතුණ
මගෙත් එක්ක කතාව අඩු කරන්ඩ පුලුවන්නෙ එතකොට… හ්ම්…. මාත් එක්ක කතා කරන්ඩ බෑ.. ඒ වුණාට අර රස්තියාදු පාට කොල්ල එක්ක ඔච්චර ලඟට වෙලා කතා කරන්ඩ පුලුවන්….මොනවද දන්නෙ නෑ ඔච්චර ලං වෙලා කතා කරන්ඩ තිබුණ දේ මේ දෙනෝ දාහක් මැද්දෙ??? කවුද දන්නෙ දෙන්න දැනටමත් සෙට් වෙලාද කියල… හැමෝම දන්න මම විතරක් නොදන්න දෙයක්ද කියල?
දිනුකට හිතීගෙන හිතීගෙන ගියා…
එහෙම හිතන එක වැරදියි නේද?? මේ දෙන්න අඳුනන දෙන්නෙක්, නැත්තං නෑදෑයො වෙන්ඩත් පුලුවන්නෙ… ඇත්තටම මහන්සිද දන්නෙත් නෑ නෙ…
කවුදෝ කෙනෙක් හිත ඇතුලෙ ඉඳන් දිනුකට කෙඳිරුව…
ඉතින්….! සැණෙකින් හිත නිවිච්ච දිනුකට කියවුණා
චාරු ආයාසයෙන් අවස්ථාවට ගැලපෙන්නෙ නැති හිනාවක් අමුණගත්ත…
මං මොනව කතාකරන්ඩද අඳුනගෙන පැයක් නැති මනුස්සයෙක් එක්ක? කාලාන්තරයක් දැන අඳුනං උන්න වගේ ඉතිං කියල කතාව පටංගන්ඩ ආවට! අනේ දෙයියනේ කවුරු හරි වරෙන් මේ මේසෙට ඉඳගන්ඩ…..!!!!
අක්කි…. අම්මි ඔයාව හොයනව… යශ් එතෙන්ට ආවෙ හරියට සුර දූතිකාවක් වගේ!!!!
ඒ සඳලි අක්කිගෙ නංගි
හරි මම එන්නම් යශ්.. එක්ස්කියුස් මී!! ඒ දිනුකට…..
සංගීතය නැවතුනා….. ශාලාව පිළියෙල කරන කට්ටිය අමුත්තන් අතරින් තමන්ගෙ වැඩ කටයුතු පටන්ගත්තාම හැමෝගෙම නිවෙස් බලා යාමේ උවමනාවට තැනක් ආව… එකිනෙකා විසිරුණා…
සඳලි අක්කිගෙ අම්මයි තාත්තයි ශාලාවෙ දොර අසල… ආචාර සමාචාර පවත්වනව… ශාලාව මදින් මද හිස් වෙනව…
ඊට ටිකක් ඈතින් හිටගෙන ඒ දිහාව බලන් හිටපු චාරු නැවතත් පුටුවක ඉඳගත්ත… තවරපු වත්සුණු ආලේපන මැද්දෙ වෙහෙසක සලකුණුත් මුහුණට එක්වෙලා!!!
ඈත අර්ජුන අයියයි සඳලි අක්කියි දෙන්නත් එක්ක කතා කර කර ඉන්නෙ අර්ජුන අයියගෙ ඔෆිස් එකේ යාලුවො වගේ!!!
චාරුටත් නොදැනීම ඇස් ඒ අතර තමන් දන්නා කෙනෙක් හොයන්ඩ දෙනෙත් උත්සාහ කළා…
කටිටිය අර්ජුන අයියට අතට අත දෙනව…ෆොටෝ ගන්නව
පිටුපාල හිටපු කෙනෙක් තව කෙනෙක්ගෙ පිටේ තියල කළබලෙන් මොනවද ලියනව..
සෙව්ව කෙනාව දැක ගන්ඩ බැරි වෙච්ච කාන්සියට චාරු අරමුණක් නැති බැල්මෙන් වටපිට බැලුව..
රෑ වෙලා ඇති… කීයද වෙලාව….?? හෙට වැඩට යන්ඩත් ඕනෙ නේද???
චාරු මෙච්චර වෙලා පුංචි පසුම්බියෙ හැංගිලා හිටපු ජංගමය අතට ගත්තෙ වෙලාව බලන්ඩ…
එකොලහයි!!!
අපි නම් යන්ඩයි යන්නෙ.. දැන්ම යන්නෙ නැද්ද??
ආයෙමත් හිත මත නිලා කූරු!!!!!!!!!!!!!!!!!!!!!
යනව… තව ටිකකින්…..
මේ මගෙ කාර්ඩ් එක… මගෙ නම්බර් එක පිටිපස්සෙ ලියල ඇති.. අපේ කම්පනි කාඩ් එකේ මගෙ මොබයිල් නම්බර් එක නෑ…
ගන්දෝ නොගන්දෝ!!!!!!!!!!!!!!!! හෙඩ් ටේල් හෙඩ් ටේල්හෙඩ්ටේල්හෙඩ්ටේල්හෙඩ්ටේල්ටේල්..
ඒකත් පැටලුනා…
ඒ කියන්නෙ මෙයා ද? මේකද අර යාලුවො මැද පිටිපස්ස හැරිල කාගෙදෝ පිටක් උඩ තියල ලිව්වෙ…
දිනුක කාර්ඩ් එක දෙන ගමන් චාරුගෙ අතේ තිබුණ ජංගමය දිහා බැල්මක් හෙලනව දැක්කම චාරුට හීන් දාඩිය දැම්ම…
මෝඩි!!! මෙච්චර වෙලා ඉඳල නැකතටම ගත්ත ෆෝන් එක එළියට………..
මගෙ නම්බර් එක ඉල්ලයිද??? නෑ!!!! ඉල්ලන්ඩ කලින් මම කාර්ඩ් එක ගත්තනං හරි…
තෑන්ක්ස්!!! චාරු කාඩ් එක අතට ගත්ත (දුන්නට ඉතිං වැඩක් වෙයිද කියල තමයි ප්‍රශ්නෙ)
කමක් නැද්ද මම ඔයාගෙ නම්බර් එක ඉල්ලුවට??
මගුලයි!!!!!
ඔය වුණේ යස වැඩක්…..!!!
දැන් මොකද කරන්නෙ??
සිරිතක් විදියට ඔය වගේ අහඹු හමුවලදි මොබයිල් නොම්මර මාරු කරගන්න තරම් එඩිතර කමක් හෝ අවශ්‍යතාවක් චාරුට තිබිලම නෑ…
දැන් ඕක මේ මනුස්සයට කියන්ඩයැ???
බෑ කියන්ඩත් බැරි දෙන්ඩත් බැරි තත්වෙකට පත්වුණානෙ.. දෙන්ඩ බෑ කිව්වොත් හරි නෑ… අනික මම දුන්නෙ නැතත් මගෙ මොබයිල් නම්බර් එක හොයාගන්ඩ මහ කාලයක් යන්නෙ නෑනෙ…. අර්ජුන අයිය ඉන්නකොට….
ඒත් මම විහින් දෙන්ඩ ඕනෙ නෑ… මොනව හරි බොරුවක් කියල මග ඇරල දාන්ඩ ඕනෙ..
එයා හොයා ගත්තොත් ඒත වෙනම දෙයක්! මම දෙන්නෙ නෑ!!!!
මේක මගෙ ඔෆිස් මොබයිල් එක.. මේක මට ඔයාට දෙන්න විදියක් නෑ සොරි… දැන් මගෙ ලඟ ඔයාගෙ නම්බර් එක තියෙනවනෙ… මම කෝල් කරන්නං… කෝකටත් මට ඔයාගෙ මොබයිල් නම්බර් එක කියන්ඩකො මම සේව් කරගන්නං.. (උවමනාවටත් වඩා නයිස් වුණාද මන්ද මම, ඒත් නම්බර් එක දෙන්ඩ බෑ කියල නොකිය කිව්වම හිත රිදුන නම් ඒක හරි යයි නෙ දැන්)
චාරුගෙ අනපේක්ෂිත ඉල්ලීමෙන් දිනුකගෙ මූණෙ රිදී ඉරක් පෑවුව….
දිනුක අංක වගයක් කිව්ව. චාරු ඒව ජංගමයගෙ ඔබාගත්ත
ඕකේ දෙන්! නයිස් ටු මීට් යූ!!!
නයිස් ටු මීට් යූ ටූ!!!!
බායි!!!
ගුඩ් බායි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
ආලෝක කදම්බය චාරුගෙන් ඈතට ඇදුන… හින්දි චිත්‍රපටියක් වගේ මේ දර්ශනය නරඹපු ,ශාලාවෙන් පිටවෙන තුරුම දිනුකට වදේ ගහපු යාලුවන්ගෙ හිනා හඬ ශාලාවෙන් පිටට ගිහිනුත් ගොඩක් වෙලා යනකල් ඇහුණ…
අද මෑන් ඉවරයි!!!!
ටයිප් කරපු නොම්මර ටික සේව් කරගන්නකල් ජංගමයගෙ තිරය උඩ නොයිවසිල්ලෙන් බලන් ඉන්නව දැක්ක චාරු දෙපාරක් නොහිතා ඒක මැකුව… නොම්මර ටික මැකීගෙන මැකීගෙන ගියා!!
චාරු ලොකු හුස්මක් හෙලුව!!!
ඒකත් ඉවරයි!!!!
මේ ගමන් ම මං කියවනව කට්ටියගෙම හිත
මේ ලියන්නෙ ජනූගෙයි පෙම්බරයගෙයි කතාවද??
කතාවත් ඉවරද???
නෑ නෑ…. හොඳම හරිය තාම ඇඟිලි තුඩු අග!!
හැබැයි මං ඉන්නෙ නං ලියල ඉවර කරගන්න හදිස්සියෙන්!!!
ඇඟිලි තුඩගට
මගේ හිත කොඳුරන
එකම කවියකටවත්
නොදෙන්නෙමි මේ දෑත්වල රලුබව
ඉතිරි කරලමි
විඳින්නට
නුඹට
පින්තූරෙ ගත්තෙ මෙතනින්: trulygraphics.com
ඔය බොරුනේ මොබයිල් නොම්මරේ හිතේ සේව් කරගන්ට ඇති. ඔයාගෙයි, පෙම්බරයගෙයි නම් ඔතනින් කතාව ඉවර වෙන්නේම නෑ. ඔන්න ඉතින් පොඩ්ඩිගේ කතාව නම් ??????
ඔය ඉතිං හදිස්සියනෙ!!! ඉන්ඩකෝ ඉන්ඩකො අක්කෙ…
කට ඇරලා කියන්ට එපායෑ .. සොරි මං අඳුරන්නැති අයට නම්බර් එක දෙන් නෑ කියලා! :පී
😛
නංගියේ, මේ උඹෙයි පෙම්බරයගෙයි පෙරේම පුරාණය කියල උපකම්පනය…….බොලේ වැරදියි නේද, මොකක්ද හරි වචනෙ….ආආ……හරි උපකල්පනය…..උපකල්පනය කරලයි මම මෙහෙම කියන්නෙ. උපකල්පනේ වැරදිනම් සමාදියද මොකක්ද එක බජනය කරාපන් මතක ඇතුව හොඳේ,
සෙනෙහස මුණගැසේ නුඹ නොසිතූ සේමා,
නෙතු අබියසම පිපි මල් කැකුලකි බෝමා,
පිවිතුරු සුවඳ හදවත පිරවෙන සීමා,
ඉඩදෙන් නඟේ නුඹ සිත ඉවසනු කෝමා,
තව පොඩි යෝජනාවක් කරන්ටත් අවසර,
නරකද මේ පෙරේම පුරානෙ ඇදගෙන ගියොත් එපිසෝඩ් …..ම්ම්ම්ම්ම්…..අඩු ගණනෙ 20 විතර වත්.අතරිම් පතරට ඇඩ් එහෙමත් දාපං…….හෙහ්, හෙහ්,බොලාගෙ කොම්පැණියෙ ඇඩ් එකක් කාරිය දැම්ම නං ඔන්න කියල වැඩක් නෑ, බොසාගෙන් ගානක් කපාගන්ඩත් ඇහැකි…….හෙහ්…..හෙහ්,
හැමදාමත් වගේ ලස්සන කවියක් රවී අයියෙ…
ආ දැන් රවී අයියට ඕනෙ මේ ප්‍රේම පුරාණෙං මෙගා ටෙලියක් හදන්ඩ වගේ
ප්‍රේමපුරානෙ කාගෙවුනත් අපට ඒව වැඩක් නැතෝ.. දිගටම ලියන්ටෝ.. පට්ටම පට්ටෝ.. 🙂
ආ බූර අයිය කාලෙකිං ඇවිල්ල තියෙන්නෙ….!
ආන්න එච්චරයි මටත් ඇහුණෙ!!
අක්කා උන විකාරෙන්දෝ කියලත් හිතෙනවා… පස්ටම පස්ට… ඈ….
නියමයි නියමයි. මේක ඉක්මනටනම් ඉවර කරන්න එපා…….
බලමුකො මලයො… කටිටිය මෙහෙ මට තර්ජනේ කරනව මම මෙගා සීරීස් ලියනවලු… මල්දෙනියෙ විත්ති ලියන්නෙ නෑ ලු කියල…
අහ්…මගේ කට නලියනවා අප්පා….ප්ලාස්ටරයක් වත් අලෝගන්න වෙයි වගේ….. හික්හික්…
හැබෑට….? එහෙනං අලවගන්නව හොඳා…