වැඩේ කෑවා!!! චාරුකී තනියම හිතුව…
ඉඳගත්තට පස්සෙ ගොලුවෙක් වගෙ ඉඳියිද?? දැං ඉතිං උත්තර දීපංකො අහන ප්‍රශ්නවලට….
මම දිනුක….. ඔයාගෙ නම මොකක්ද??
හපොයි මෙන්න ඒ පාර ආලෝක කදම්බය කඩු හරඹයක් පටන් ගත්ත…
ඇත්ත නම කියනවද??? නැද්ද?? චාරුකී හිත ඇතුලෙන් කාසියක් උඩ දාන්ඩ පටන් ගත්ත…
අන්තිමට ඒ වැඩෙනුත් තීන්දු වුණේ ඇත්ත නම කියන්ඩ…
හ්ම්………අද නම් මට එච්චර හොඳ දවසක් නෙවෙයි වගේ!!!
චා.. චාරුකී…
ලස්සන නමක්!!!
හ්ම්… තෑන්ක්ස්!!!! චාරුකී කිව්වෙ හිතෙන් මෙහෙම කියන ගමන්
ඕකෙ ලොකු අමුත්තක් වත් විශේෂ ලස්සනක්වත් නෑනෙ… මේ වගෙ වෙලාවක ඕනෙම කෙනෙක් කියන දේනෙ ඔයත් ඔය කිව්වෙ…
ඔයා බ්‍රයිඩ්ගෙ යාලුවෙක්ද??
කඩු පාරවල් එකකට පස්සෙ එකක්…..
නෑ… අපි නෑදෑයො. මම එයාට නංගි වෙන්නෙ
ආ… ඕකේ.. මම ග්රූම්ගෙ යාලුවෙක්… අපි එකට වැඩ කරන්නෙ…
ආ ඇත්තද? (ඉතිං මට මොකද??)
හ්ම්…. මට ගැලවීමක් නැති වෙන හැඩයි…. චාරුකී හිතුව…
හොඳ වෙලාවට මම ඇත්ත නම කිව්වෙ…අර්ජුන අයියගෙ යාලුවෙක් නම් එයාට බොහොම ලේසියෙන් මං ගැන දේවල් හොයාගන්ඩ පුලුවන්නෙ….
ඉඳගෙන විනාඩි පහක් යන්ඩත් කලින් මේ නන්නාඳුනන මනුස්සය හින්ද තමන් වටා කඩුලු ඇහිරෙන හැටි දැනුණම පුංචි නුරුස්නා ගතියක් චාරුකීට ආරූඪ වුණා…
ලස්සන හෙයා ස්ටයිල් එක!!!!
හ්ම්!!!! තෑන්ක්ස්
ඇයි මේ ඔයාල කීප දෙනෙක් එකම ඩ්‍රෙස් එක ඇඳල??
අපි තමයි වෙඩින් ඩේ එකේ බ්රයිඩිස් මේඩ්ලට හිටියෙ… ඉතින් හෝම් කමින් එක දවසටත් සඳලි අක්කිට ඕනෙ වුණා අපිව
ආ… කූල්!!!!! දැන් හෝම් කමින් එකටත් බ්රයිඩිස් මේඩ්ල ඉන්නවද???
හ්ම්…. ඔවු මං හිතන්නෙ… !!
ඉතින් ….ඔයා මොනවද කරන්නෙ??
…..
මං අහන්නෙ රස්සාව විදියට??
…..
කොහෙද??
…….
ඒ කියන්නෙ මොකක්ද?
………
හරියට ඉන්ටවීව් එකක් වගෙ…
දිනුක ප්‍රශ්න ඇහුව, චාරුකී උත්තර දුන්න..
හරි වැඩක්නෙ මේක………උත්තර දීල ඉවරයක් නෑ නෙ….
චාරුකීව ප්‍රශ්නෝත්තර වැඩසටහනකට කැඳවල වගේ…
ඒ විතරක් නෙවෙයි…. ඒ උත්තරවලත් තිබුණෙ අහංකාර ගතියක් මිශ්‍ර වෙච්ච හරිම කුසීත ගතියක්….
ටිකක් එහෙම නෙවෙයි… බොහොම අහංකාර පාටයි!!! ප්‍රශ්නෙට උත්තරේ විතරමයි….දිනුකටත් නොහිතුණාම නෙවෙයි…
ඒත් දිනුක නෙවෙයි අත ඇරියෙ…. චාරුකීගෙ හිතේ ඒ වෙලාවට එයා ගැන ඇතිවෙලා ඇති කියල හිතෙන ප්‍රශ්නවලටත් දිනුක උත්තර දුන්න…
නිශ්ශබ්ද විනාඩියක් දෙකක්!!!!!!!!
චාරුකී ඔහේ නැටුම් දිහා බලන් හිටිය..
පාට පාට ඩිස්කොලයිට්වල එළි වැටිල හැදිච්ච මිනිස් තොරණක්!!!!
ඒ මූණුවල වෙලාවකට රතු පාට… වෙලාවකට නිල් පාට!!!!
‘I know you want me
You know I want ya’
වාදනය වුණු සින්දුවට දිනුක තාල තියන්න ගත්තෙ හරියට ඊලඟට අහන ප්‍රශ්නෙ මොකක්ද කියල ඉඟි කරන්ඩ වගේ.
ඇයි ඔයා ඩාන්ස් කරන්න යන්නෙ නැත්තෙ?
ම්….. මූඩ් එකක් නෑ…. ඇරත් මම නටන්ඩ ඒතරම් දන්නෙ නෑ…
ඒත් ඔයාට නටන්ඩ බැරි බවක් නම් පේන්නෙ නෑ….
ම්….???
මං කිව්වෙ ඔයාට නටන්ඩ මූඩ් එකක් නෑ කිව්වටඔයා ඒක ෆීල් කරන බව පේනව… දිනුක පෙන්නුවෙ චාරුකීගෙ අත…
චාරුකීටත් නොදැනිම එයත් සින්දුවෙ තාලෙට මේසෙට තට්ටු කරන්ඩ පටන් අරගෙන තිබුණ…
කපටි හොරෙක්ද කොහෙද!!! මම කරන සේරම බලන් ඉන්නෙ… චාරු හිතුව…
යමුද අපි පොඩි ට්‍රයි එකක් දෙන්ඩ….?
දිනුක මේ ආරාධනා කරන්නෙ නටන්ඩ
අනේ සොරි…. මට බෑ…. චාරු ඒ යෝජනාව පුලුවන් උපරිම විදියට විනීත වෙලා ප්‍රතික්ෂේප කළා
ආ… මේ ඉන්නෙ… කොහෙද හිටියෙ හැංගි හැංගි…. මං කිව්වනෙ ආවෙ නැත්නම් සිද්ද වෙන දේ… යමන් නටන්ඩ….
අර්ජුන අයිය සුනාමි වේශයෙන් කඩාගෙන පාත් වුනෙත් හරියටම මේ වෙලාවෙ… බෑ කියල කට ගන්ඩ වුණේ නෑ..
චාරු බෑ කියද්දි අර්ජුන එයාව මරන්ඩ ගෙනියනව වගේ ඩාන්සිං ෆ්ලෝ එකට ඇදගෙන යන හැටි දිනුක බලාගෙන හිටියෙ හිනා වෙවී…
හොඳ වැඩේ ආඩම්බරකාරිට!!!
දැන් මොනව කරන්ඩද… අර අඟර දඟර කොල්ලො කෙල්ලො මැද්දෙ චාරු බොරුවට එහාට මෙහාට පැද්දුනා…
මේ…!!!!!
කවුදෝ කණට කරල කෑ ගැහුවම චාරු ගැස්සුණා!!!
කොණ්ඩෙ හරියට හාකොබොන්ඩ් ගාල ඉදලක් වගේ හිටින්ඩ හදා ගත්ත කොල්ලෙක් චාරුට කතා කරනව…
ඔයාගෙන්…..උදව්වක් ඕනෙ..
සංගීත නාදය ශාලාව දෙදරන්ඩ ඇහෙනකොට මොන කතාද??කොල්ල තවත් ටිකක් චාරුට ලං වුණා…
මොකා…..ක්???
උදව්වා…. ක්!!!!
ඒ මොකක්ද…..??
අර ඔයා එක්ක හිටපු අනිත් නංගිගෙ නම මොකක්ද??
මට එයාට කතා කරන්ඩ ඕනෙ… එයාගෙ ෆෝන් නම්බර් එක දෙනවද??
ඔය පැන්නෙ බලල්ලු තුන් හතර දෙනෙක්ම එකපාරට මල්ලෙන් එළියට..
අනේ මගෙ ලඟ එයාගෙ නම්බර් එක නම් නෑ….
බොරු කියන්ඩ එපා!!!!!!!!!!!…. මම දැක්කා….. ඔයයි එයයි එකටමයි හිටියෙ… ඉතින්…..ඔයා කියන්නෙ මට ඔයා කියන දේ විශ්වාස කරන්ඩ කියලද?
ඇත්තටම මගෙ ලඟ නෑ…. අපි දෙන්න අඳුනගත්තෙ මේ වෙඩින් එකට ඇවිල්ල… අපි දෙන්න බ්රයිඩිස් මේඩ්ලට හිටියට ඉස්සර ඉඳල දන්න දෙන්නෙක් නෙවෙයි!!!
තමන් සමීපයේම ඉඳන් ගෝසාවක් කරන මේ කොල්ලගෙන් ගැලවෙන්ඩ මගක් හොයමින් වටපිට බලද්දි තමයි චාරු දැක්කෙ දිනුකව….
ආ……. එයත් නටන්ඩ ඇවිත්….! චාරුට තරමක් ඈතින් ඉඳන් එහාට මෙහාට පාවෙනව… හැබැයි ඇස් තිබුණෙ චාරු ලඟයි….
චාරු ඒ පැත්ත බලනව දැකල යාන්තම් අත වැනුවත් ආලෝක කිරණ නිකුත් කරමින් තිබුණු ඒ ඇස් හොයල බැලුවෙ
මේ අලුත් කතන්දරේ මොකක්ද?? මටත් කලින් වැඩේට අත පොවපු එකෙක්වත්ද?? කියල බව චාරුට තේරුණා…
ඒක හරියට එහෙනං මං පරදින්ඩද යන්නෙ වගේ… බැල්මක්!!!
මේ…. මම ඔයාව දන්නෙත් නෑ… ඔයා මාව දන්නෙත් නෑ නෙ…. ඇයි ඔයා සඳලි අක්කිගෙන් ඉල්ලගන්නෙ නැත්තෙ… අයි ඈම් සොරි… මම ලඟ එයාගෙ නම්බර් එක නෑ… තරහ වෙන්ඩ එපා මෙහෙම කියනවට.. මගෙ ලඟ තිබුණත් මම වෙන කෙනෙක්ගෙ ෆෝන් නම්බර් එකක් එයා නොදැන තව කෙනෙක්ට දෙන්නෙත් නෑ….
මෙහෙම කියල චාරු ඩාන්සින් ෆ්ලෝ එකෙන් ඉවත් වුණා….
කවුරුත් හිටියෙ නැති මේසයක් ලඟට ගිහින් ඉඳගත්තෙ හීං තරහකුත් හිතට ඇවිල්ල තියෙද්දි
නටන්ඩ බෑ කියල මට බොරු කිව්වට හොඳ වැඩේ!!!!
ඒ හඬින් චාරුගෙ හිත මත නැවතත් තරු තරු විසිවෙන නිලා කූරු පත්තු වුනා…
දිනුකත් චාරු පිටිපස්සෙන්ම ඇවිත් ලඟින්ම ඉඳගත්ත!!!!
පින්තූරෙ : bridalcookie.com
හෙහ්…..ලස්සන කතාව නංගි,
පරම සත්‍යය වුවද, සත්‍යය ඇසුරින් ගෙතූ අර්ධ සත්‍යයමය ප්‍රබන්ධයක් වුවද, ප්‍රබන්ධයක් ඇසුරින් ගෙතූ අර්ධ ප්රබන්ධමය සත්‍යයක් වුවද, පූර්ණ ප්‍රබන්ධයක් වුවද, කම් නැත, වෘතාන්තය ලයාන්විතව ගලා යන බව පමණක් මෙසේ සටහන් කර තබන්නෙමි.
ස්තූතියි රවී අයියෙ… බලන්ඩකො ඉතුරු ටිකත් එහෙනං!!!
කාලෙකට පස්සේ ආදර කතාවක් කියවනවා. ආදරේ ඔහොමම නේ. ඔනේ නැතිවෙලාවට පස්සෙන් එනවා. ඔනේ වෙලාවට දුවලා අහකට දුවනවා.
ලස්සනයි. මැවිලා පේන්නෙම ඔයයි, පෙම්බරයයි.
මක් වෙනවද අක්කෙ…… ඔයා මාවයි පෙම්බරයවයි මවාගෙන කතාව බලන්ඩ ටෙලි නාට්‍යයක් වගේ!!!!!!!!!!!
නැත්තං ඉතිං….. ඔය හිතේ ඉන්න වෙන කාව හරි සම්බන්ධ කරගත්තනං තමන්ටම ටෙලියක් හදාගන්ඩ බැරියැ
ලස්සන කතාවක් කියලා මටත් හිතෙනවා.
අහම්බෙන් තමයි ඔයාගේ අඩවියට ආවේ.
ඉතුරු ටිකත් ලියන්නකෝ බලන්න.
ස්තූතියි!!!!
ඉදල් වාගේ කොන්ඩේ තියන කොල්ලොත් ඉන්නවාද හැබෑට ..
මටත් හිතෙන්නෙම මේක මේ හංස අක්කගේ ආදර අන්දරය කියලා . අඩේ අක්කේ මේක ඔයාලගේ ලවු ස්ටෝරියනම් ඔන්න ඇත්ත ඇති සැටියෙන්ම ලියන්න වේවි .. මම මේ වගේ කතා වලට මාර ආසයි ..
මේ ඉන්නෙ
