මල්ලි කිව්ව බොරැල්ල යටි මගේ කතාව…

කෝ බලන්ඩ…. බොරැල්ලෙ උමං පදික මාරුව ඇතුලෙදි පාර වැරදුන අය එහෙම ඉන්නවද මෙතන???

ලැජ්ජා වෙන්නෙ මොකටද මම නම් කැම්පස් ආව මුල් කාලෙ ඔය උමගෙ දෙතුන් පාරක් වැරදිලා පඩිපෙල නැගල බැහැල තියෙනව…

උදේ හවස කලබලේට  බොරැල්ල පසුකරන මගී ජනතාව ඔය යටිමගේ පාරවල් වැරදිලා ආයෙමත් එහා මෙහා ඇවිදින හැටි මම දැකල තියෙනව..

ඇත්තටම මෙහෙම වෙන්නෙ ඇයි??

ඔතනදි සම්බන්ධ වෙන්නෙ පාරවල් පහක් වුණත් අපි පාරවල නමින් මතක තියාගෙන නැහැනෙ…

ඒ වුණාට අපි  යායුතු පාර සහ හැරෙන්ඩ ඕ නෙ කොහෙටද කියල උමගට බහින්ඩ කලින් අපි දන්නව…

අපිව අතරමං වෙන්නෙ උමග ඇතුලෙදි පාරවල් අඳුනගන්ඩ ගියාම නෙ…

දවසක්දා මල්ලියි මමයි ඔය උමග ඇතුලෙන් යන්ඩ යනව…

ඔයා කවදාවත්ම මේක ඇතුලෙ පාර වැරදිලා ගිහින් වෙන තැන්වලින් මතු වෙලා නැද්ද???

මං ඇහුව

ගියා එක දවසක්.. ආයෙ නං වරදින්නෙ නෑ…

මල්ලි හිනා වුණා

ඇයි ආයෙ වරදින්නෙ නැත්තෙ??

එදා මං නැවතිලා හොඳට බැලුව

උමග පාවිච්චි කරන හැමෝටම කියවන්ඩ කතා කරන්ඩ බෑ නෙ….ඉතිං මොකක් හරි විදියක් කියෙන්ඩ ඕනෙ නෙ ඒ වගේ ආබාධිත අයට..මං ඒ විදිය හෙව්ව

එතකොට මං හොයාගත්ත විදිය….

ඒ මොකද්ද ඒ??? මං ඇහුවෙ පුදුම වෙලා

මෙහෙමනෙ… අර බලන්ඩ පේනවද ඔය උමං කට ට වහලයක් තියෙනව… හොඳට බලන්ඩ ඔය හැම වහලයකම ගාල තියෙන්නෙ වෙන වෙන පාටවල්….

ඇත්ත නේන්නම්… කහ, මෙරුන්,නිල්, කොළ කලු…. පාට පහයි

දැන් ඔයා උමගට බහින්ඩ කලින් බලාගන්ඩ ඔයා යන්ඩ ඕනෙ පාරෙ වහලෙ ගාල තියෙන පාට මොකද්ද කියල…

දැන් අපි යන්නෙ 154 බස් එකක් ගන්ඩ බොරැල්ලෙ වෙළඳ සංකීර්ණෙ ලඟටනෙ… බලන්ඩ ඒ වහලෙ මෙරුන් පාටයි නෙ…

දැන් බහිමු පහලට…

පඩි පෙළ බැහැල අපි උමග ඇතුලට ගියා…

දැන් බලන්ඩකො ඔයාට පේනවද උමගෙ ටයිල් බිත්තිවල පාට ටයිල් තීරුවක් තියෙනව…

ඔවු………!

ඒ ඒ වහලෙ පාටට  තමයි ඒ ඒ පාරට අයත් උමං  බිත්තිවල ටයිල් අල්ලල තියෙන්නෙ…

දැන් ඔයාට තියෙන්නෙ මෙරුන් පාට ටයිල් අල්ලල තියෙන බිත්ති හොයාගෙන ඒ දිගේ යන එකනෙ

යනකොට උමග ඇතුලෙ පඩි පෙළ ඉවර වෙලා එළියට එන තැන බිත්තියෙ ඇති ඒ ඒ පාටට අදාල ටයිල් මියුරල් එකකුත් තියෙනව පෙනේවි…

ශා නියමයිනෙ…මම දැනගෙන හිටියෙ නෑ ඒ ගැන… අනික කලබලේ දුවන කොට ඒව බලන්ඩ මතක් වෙනවයැ

දවසක් මම බස් එකේ බොරැල්ල හන්දිය පහු කරන ගමන් මේ සිද්ධිය මතක් වෙලා හිනාවක් ගියා. ඒ එක්කම හිතුන මේ ගැන මගෙ සයිබර් යාලුවො එක්කත් බෙදාගත්ත නං හොඳයි නේද කියල. මේ ගැන බ්ලොග් එකේ ලියන්ඩ හිතිල නං දැං ටික දවසක්.. ඒත් මට හොයා ගන්ඩ බැරි වුණා මේ ගැන කිසිම තොරතුරක් වෙබ් අවකාශෙං…

අඩුම ගානෙ පින්තූරයක්වත් මේක පැහැදිලි කරන්ඩ උදව් වෙන….!

ඒ පාර තමයි ගූගල් අර්ත්  මගෙ පිහිටට එන්නෙ…මේ තියෙන්නෙ බොරැල්ලෙ යටි මග සම්බන්ධ වෙන පාරවල් ගුවනේ ඉඳල පේන හැටි…

මේකත් බලන්ඩකො??  නිල් පාට වහලෙ නම් හඳුනා ගන්ඩ පුලුවන් වෙයි…

ඔන්න අද ඔයාල ගෙදර යන්නෙ බොරැල්ල පහු කරල නං මේ ගැන ටිකක් විමසිලිමත් වෙන්ඩ අමතක කරන්ඩ එපා..

ඒත් ඉතිං වහලෙ පාට බලා ගන්ඩ නං ටිකක් මහන්සි වෙන්ඩ වෙයි… ටෙලි නාට්‍ය වල  මූණු තියෙන මහ විසාල බෝඩ්වලින් මේ හැම වහලයක්ම වගෙ වැහිල නෙ…මේ රවුම් ටික ඇන්දම තමයි තේරුණේ ටිකක් හුරු පුරුදු පාටවල් ටිකක් නෙ කියල

මේ බලන්ඩකො….!!!!

එහෙනම් ඔයාල හැමෝටම සුබ ගමන්!!!!!!!

විශේෂ ස්තූතිය අපේ මල්ලිට!!!

පින්තූර හොයා ගත්තෙ

viviankc.blogspot.com

හා Google Earth

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in Uncategorized. Bookmark the permalink.

51 Responses to මල්ලි කිව්ව බොරැල්ල යටි මගේ කතාව…

  1. මල්ලී වැඩ්ඩානේ? අක්කා කැලේ, හූ හූ
    අයියෝ සල්ලි,කැම්පස් මොලේට ඕක මීටර් උනේ නෑනේ අක්කේ… 😀

  2. ඉදල අරං එන්ඩ මං බටකොල ආච්චිද බොල??

  3. Buratheno says:

    අපට උදේ හවහ ‘පෙනෙන’ දේ අතරින් අපි ‘දකින්නේ’ කොච්චර පොඩි ප්‍රමාණයක්ද..??

    • සහතික ඇත්ත!!!!

      • ලාරා says:

        අපේ ඉස්කෝලෙ ප්රාතමික අංසෙ බෝඩ් ඒකක මෙසේ ලියා අැතේ.
        “දකින දේ මතකයෙ නොරැදේ, බලන දේ පමණක් මතකයෙ රැදේ.” කියලා.
        සහතික ඇත්ත.
        ඔයාගෙ මල්ලි ට කෘතඥ වෙමි.
        පොරෝජං වෙන දේවල් තව තව සොයා ගනිත්වා !

  4. හැමදාම ඔෆිස් එකට යනකොට ඔය හරියෙන් ගියත් මමත් ඕක දැක්කෙ නැති හැටි

  5. අයියෝ! මම ආසාවකවත් උමගක් තුලින් ගොස් නැහැ . කවම කවදාවත් බොරැල්ලට බය ගහලා නෑ මම .. කොලඹ ආවෙත් ජීවිතේටම දෙපාරයි ..

  6. praveena says:

    ඔය කියන ඉසව්ව ගැන මට නම් නිච්චි නෑ. ඒ හන්දා කියන්න්ට දෙයක් නෑ. ආපු වෙලාවකවත් බලන්ට යන්නම්. හ්ම්…අපිට පෙනෙන දේවලින් අපි දකින්නේ කොච්චර ටිකද නේද? අපිට නොපෙනෙන දේවලින් අපි මවාගන්නා දේවල් කොච්චර බොරුද නේද?

    • ප්‍රවීණා අක්කේ,
      ඔයාගෙ කතාවට මම එකඟයි. සමහර වෙලාවට අපි පේන දේ දිහා නොබලා නොපෙනෙන දේවල් වලින් මවාගන්න දේවල් අපේ ජීවිතවලට කොයි තරම් ප්‍රබලව බලපානවද???

  7. ෂහ් මෙන්න වසරේ වැදගත්ම පෝස්ට් එක! කිව්වට මොකද අක්කේ මම ඕක යටින් පොඩිම කාලේ දෙතුන් පාරක් ගිහින් තියෙනවා ( මතක විදිහට අපේ පුංචි එක්ක ) ඉතින් ඒ යනකොට ඔහේ අතේ එල්ලිලා යනවනේ
    ගිය අවුරුද්දේ මට ඕක යටින් යන්න උනා විභාගෙකට. සෑහෙන වෙලාවක් එහෙටයි මෙහෙටයි හක්කලං කළා.හැම තැනම වැඩා වගේ යන මම මේ සිද්දවෙච්ච සන්තෑසියෙන් පස්සේ දහ අතේ කල්පනා කර කර හිටියෙ.අක්කට වගේම අක්කගේ මල්ලිටත් නොසෑහෙන්න ස්තුති වේවා!

  8. තාරක Dilsh@n says:

    මල්ලි දස්සයා

  9. මම තමයි ඔයාගේ මල්ලිට එය ක්‍රමේ කියලා දුන්නේ… හොඳයි නේද…?

  10. ..ChAnDiKa.. says:

    දසයෙක් නොවැ 😀

  11. සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත says:

    කිරි අප්පොච්චියේ නගෝ!!! මේ ලිපියේ වටිනාකමනං කියලා නිම කරන්න බෑ. මං ඔය උමග යටිං තනියෙං ගිය එක පාරක්වත් හරියට ගිහිං නෑ, හැම සැරේම පාර වැරදුනා. ඔයාගෙ ලිපිය කියවගෙන යන අතරමගදිම හිතාගත්තා මේ ලිපියේ link එක දන්න හැමෝටම යවන්න ඕනේ කියලා. කමක් නෑ නේද ඒකට?
    මේ වටිනා කාරණේ අපි හැමෝම එක්ක බෙදාගත්ත ඔයාටත්, ඔයාගෙ මල්ලිටත් ගොඩාක් ස්තූතියි.

  12. මෙහෙම ඒවා ලියන එක හොඩයි අක්කා මමත් මුලින්ම මැක්ඩොනල්ඩ්ස් ගිහිල්ලා ටැප් එක වහන්න තැනක් හෙව්වා… පස්සේ බැලින්නම් ඔටෝ වැහුනේ…….
    සමහරු කියනවා ගොඩේ අයටලු එහෙම වෙන්නේ…
    ඉතින් මමත් ගොඩේ ඕන්

  13. Priyantha says:

    මමත් ඕක ඇතුලෙන් ගිහින් තියෙන්නේ කීප වතාවයි. එක පාරක් නම් වැරදුනා. අනික් පාරවල නම් ගියේ කොහොමද මන්දා. ඒත් ඔහොම දෙයක් දැන ගත්තේ අදයි. මම හිතන්නේ අපි නොදැන හිටියට ඔය ක්‍රමය පිළිගත් සම්මතයක් වෙන්න ඇති. ගොඩක් වැදගත් පොස්ට් එකක්. ඊළඟ දවසක ඔය පැත්තේ ගියාම බලන්නම්කෝ..

    • ඒක තමයි.. මම නම් කියන්නෙ ඒක මීට වඩා ප්‍රචලිත වෙන්ඩ ඕනෙ කියල..
      පෙම්බරයයි මමයි කතා වුණේ ඔය වැඩකට නැති නාට්‍යයි අරවයි මේවයි ගැන දැවැන්ත දැන්වීම් ප්‍රදර්ශනේ කරන්ඉ ඉඩ දෙනවට වඩා අවධානය යොමු වෙන්ඩ ඕනෙ ඔය වගේ වැදගත් දේවල් හැමෝටම (මම කියන්නෙ කියවන්ඩ බැරි කෙනෙකුට වුණත් ) අවබෝධ වෙන විදියට ප්‍රදර්ශනය කරන්ඩ ඕනෙ නේද කියල…

  14. වැදගත් උපදෙසක් ………. තෑන්ක්ස්…………..

  15. Ravi says:

    / ඒත් ඉතිං වහලෙ පාට බලා ගන්ඩ නං ටිකක් මහන්සි වෙන්ඩ වෙයි… ටෙලි නාට්‍ය වල  මූණු තියෙන මහ විසාල බෝඩ්වලින් මේ හැම වහලයක්ම වගෙ වැහිල නෙ…/

    අනේ බොල කෙල්ලෙ, ඕකත් මහ කජ්ජක්ද හැබෑටම?,

    මම කියාදෙඤ්ඤං එහෙම වෙලාවට කොරන වැඩේ, මම කොරන්නෙ එහෙමයි, කවමදාකවත් මට නම් පාර වැරදිලා නෑ ඔන්න,අර උඹ හිත හොඳ එකී නිසා කියල දෙනව මිසක්ක මේ මමම හොයාගත්තු උපක්කරමෙ මම මෙතුවක් කාලයක් කාටවත්ම කියා දීල නැහැ ඔන්න, අනෙ අම්මප,

    වහලෙ පාට බෝඩ් හින්ද පේන්නෙ නැහ්නං පලයං වහල ගාවට, ඉම්පස්සෙ පාට බලාගෙන ආපහු වරෙං හිටපු තැනට, දැං ඔන්න කිසි අවුලක් නෑ ටයිල් පාට බලාගෙන ගිහෑකි අවස්සිය තැනට, ඔන්න තේරුණයි බොට?

    අම්මප අපිම ඉන්න නිසා හොඳයි උඹලට, හෙහ්…..හෙහ්,

    • අනේ……………වාසනාවං!!!!
      මට තේරුණේ දැං තමා ඕං!!!!!
      අයිය වගෙ දැනුං තේරුං ඇති අය ඔහොම කොරනව මිසක වෙන කෙනෙක් හෙම නං ගුරු මුෂ්ටි අර මුෂ්ටි මේ මුෂ්ටි තියා ගෙන නෙව ඔව්ව කියා දෙන්නෙ…
      මං ඉතරක්යැ
      මේ අහ එන හෑම දෙනෙක්ම පිං කොරල තියෙනව ඒ අතිං!!!!
      😛

      • සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත says:

        අනේ ඇත්තමයි, මෙහෙව් උපදෙස් දෙන අයියලාට මල් තියලා වැන්දත් මදි, නේද නගේ?

      • කාට කියන්ඩද කවිකාරි අක්කෙ???

  16. harshana says:

    අම්මාපල්ල ඔය මළ ඉලව්ව යටින් එහෙමෙහෙ යන පස් වෙනි අවුරුද්ද…. ඔහොම එකක් දැක්කෙ නෑනෙ…. හෙට ඉඳලා පාර වරදින එකක් නෑ එහෙනම්….. කොහොම උනත් මලයට තැන්කූ කිව්වා කියන්න…

  17. හරිම වැදගත් .. මහන්සිවෙලා මේවා හොයල ලිවුවට තුති.. අපි කවදාවත් ඔය පාරවල්වල නම් මතක තියාගන්නේ නැහැනේ. මන් කොළඹ මහා විසල කාලයක් හිටියත් මම දන්නෙත් නැහැ !

  18. ඉතාමත් ප්‍රයෝජනවත් ලිපියකි. සුභ පතමි

  19. Maneka says:

    බලාන ගියාම මල්ලිටත් මොලේ ඩිංගක් විතර තියෙනවා නේද???

  20. අදින් පසු http://vajiradevi.blogspot.com/ වෙබ් ලිපිනයෙන් වජිරදේවිගේ ලිපි සමඟ එකතු වෙන්න.

  21. හප්පේ… මාත් දවසක් හත් අට පාරක් ඕක ඇතුලෙ රස්තියාදු උනා පාර හොයාගන්න බැරුව… කවුද දන්නෙ මෙහෙම කතන්දරයක්… 😛

    බොහොම ස්තූතියි මේ ගැන දැනුවත් කළාට!

  22. ජ…ජ…ජ….. ජනු අක්කේ ඔයා හොඳින්ද? මේ පෝස්ට් එක දැන් පුස් කාලානේ….

    • සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත says:

      ඒක තමයි. කෝ මේ ජනූ? මගේ ඊතල පණිවිඩේට උත්තරත් නෑ!!!

  23. වජිර says:

    අය්යෝ.. මමත් දෙපාරක් විතරම මමත් අතරමන් වෙලා තියනව, ඒ කාලේ බොරැල්ලෙ කැම්පස් එක තියන කාලෙ…

    ඊට පස්සෙ මම යොදා ගත්ත ක්‍රමේ තමා ඒක ඇතුලෙ එක් එක් පාරවල් වල තියන තොරොම්බල් කඩ ටික මතක තිය ගන්න එක… හැබැයි එහෙම කරන්න පුලුවන් වෙන්නෙ දිනපතා පාවිච්චි කරන අයට විතරයි….

    හොඳ ලිපියක්… ස්තූතියි දැනුවත් කලාට……

Leave a reply to හංසකිංකිණි Cancel reply