පිය නගන්නෙමු හෙමින්…..!!!!

අපි අපිට පෙනෙන යමක් දැකල ඒ ගැන හිතන දේ, අපිට දැනෙන දේ ඇත්තම දේට වඩා කොච්චර වෙනස්ද??

මම  පහුගිය දවස්වල අම්පාරෙ ගිය වෙලාවෙ ගත්ත පින්තූරයක් තමයි ඔය මගෙම පාසටහන්වල….

මේ පා සටහන ඔයාලට පේන්නෙ කොහොමද??

උත්තල විදියටද……? අවතල විදියටද……..?

දැන් ඇත්තටම ගත්තොත් මේ පාසටහන වැල්ලෙ සටහන් වෙලා තියෙන්නෙ අවතල ව නෙ…

නමුත් මේක මට නං පේන්නෙම උත්තල ආකාරයට…අපේ මලයට මේක පේන්නෙ හරියට…

ඒ කියන්නෙ ඇත්ත දැන දැනත් මට මේක පේන්නෙ වැරදියටද???

මෙහෙම පේන එකට විද්‍යාව අනුව මොනව හරි විග්‍රහයක් ඇතිනෙ… දන්නව නං කවුරු හරි ලියන්ඩකො..

දැන් තව කතාවක්…

පහුගිය දවස්වල මගෙ අන්තර්ජාලෙ ලියුං පෙට්ටියට  කීප දෙනෙක්ගෙන්ම ආව ලියමනක් දැකල මට විතරක් නෙවෙයි මම ඒක යැව්ව බොහෝ දෙනාත් සැහෙන්ඩ ලේ පිරිසුදු කරගත්ත…

අපේ පෙම්බරයත් මම ලියමන යැව්ව අය අතරින් එක්කෙනෙක් වුනත්, වෙනදා ඒ වගේ ලියමනකට ඒ ඇත්ත දක්වන කිසිම ප්‍රතිචාරයක් මට ලැබුණෙ නෑ ඒ ගැන…

මේං මේකයි ඒ ලියමන

Change Management

“Change can’t be given too you every time, you must bring the change”

Great Quote!!!!

Who said this originally??

Plz Scroll down

|

|

|

|

Albert Silva

Bus Conductor

154 route

Col 09

Now read the Quote again, Once more….

 

(දැං මේ කතාවෙ ඇත්තම අදහසයි මේ ලියමනේ හැටියට අදහසයි දෙකම තේරිච්ච අය අත උස්සන්ඩකෝ….)

ඉතිං කොහොම හරි ඔය මේල් එක දාල හිනා වෙලා පෙම්බරය මොනවත් ඒගැන කිව්වෙ නෑ නේද කියල අමතක වුණා….

හවස අපි දෙන්න එක්ක ගෙදර එද්දි මං ඉතිං ගිරව වගේ දවසේ සිද්ද වෙච්ච දේවල්, එයාට කියන්ඩ කියල එකතු කරගත්ත විහිලු කතා කියකියා ආව…කොහොම හරි කයිය ගැහිල්ලෙං අපිට හරි තැනින් බහින්ඩත් බැරිවෙලා ඉස්සරහ හෝල්ට් එකෙන් තමයි බැස්සෙ…

අයියෝ… දන්නවද හරි වැඩේනෙ අද වුණේ…!

එක පාරටම පෙම්බරය කිව්වම මං දැන ගත්ත අද දවසෙ මගෙ කතා ටික සේරම යටපත් වෙන්ඩ තරං කතාවක් තමයි මේ කියන්ඩ යන්නෙ කියල

අර කවුරුත් මේල් එකක් දාල තිබ්බෙ මොකද්ද චේන්ජ් මැනේජ්මන්ට් ගැන…

ඔන්න මට ආයෙත් හිනාව අලුත් වුණා….

මං හිනා වෙන්නෙ ඒක තේරිලා කියල තේරුණු පෙම්බරයගේ මූණ කලු වුණා…

ඔයාට ඒක හරියට තේරුණාද?

නැත්තං… ඒකෙ තියෙන්නෙ මේ බස් කොන්දොස්තරල අපිට මාරු ගේන්ඩ කියන එක ගැනනෙ…

මම හිනාව අතරින්ම කිව්ව..

අයියෝ….බලන්ඩ ඔයාටත් ඒක තේරිලා… මට තේරුණේ නෑනෙ.. මට දහයක් විතර ආව මේල්… මං ඒත් කල්පනා කළා මාර සිරා  අදහසක් නෙ කියවපුවාම…

පෙම්බරය හිතේ දුකට කියවගෙන කියවගෙන යනව…

දන්නවද වෙලා තියෙන දේ???

පෙම්බරයට ඔය මේල් එක දහ දෙනෙක් විතර එවල…

ඒ විතරක් යැ…………… ඔෆිස් එකේ බොසුත් එවල!!!!!

ස්ක්‍රොල් ඩවුන් කරල  මේ කතාව  කියල තියෙන ඇල්බට් සිල්ව ලංකාවෙ 154 බස් එකක කොන්දොස්තරවරයෙක් කියල දැනගත්තම අපිට හිනා ගියාට අපේ පෙම්බරය කල්පනා කරල තියෙන්නෙ

මාර මනුස්සයෙක්නෙ….! මෙච්චර උසස් දෙයක් කිව්ව මනුස්සය බස්කොන්දොස්තර ජොබ් එකක්ද කරන්නෙ….?

එහෙනං මාර එඩියුකේටඩ් පොරක් වෙන්ඩ ඇති…මොකද දන්නෙ නෑ බස් කොන්දොස්තර කම කරන්නෙ…..!!!!

(මේ නං මං අතිං දාපුව) කියල ලු..

ඉතිං එයා කල්පනා කළාලු

ඒත් ඇයි මේ ඔෆිස් එකේ හැමෝම මේ මේල්එක බලල, එවල බඩ අල්ලං හිනා වෙන්නෙ කියල???

ඉවසං බලං ඉන්ඩ බැරිම තැන පෙම්බරය ඇහුවලු එයා එක්ක වැඩ කරන අයිය කෙනෙක්ගෙන්

අනේ මට නං තේරෙන්නෙ නෑ …..මොකද්ද අයියෙ මේකෙ තේරුම?? ඇයි මේ මේක බලල කට්ටියම හිනාවෙන්නෙ ??? කියල

ඉතිං එයා කතාව පැහැදිලි කළාට පස්සෙ පෙම්බරයට මොනව හිතෙන්ඩ ඇති ද?

පණ්ඩිතකං පැත්තක තියල මගෙන් අහන්ඩ තිබ්බනෙ…… නැද්ද???

මට පස්සෙ හිතුණෙ මේක තේරුම් ගැනීම ගැන දෙයක් විතරක්ම නෙවෙයි නේද කියල?

දැන් අපි හිතමුකො ඔය මේල් එක කවදාවත් බස් එකක ගියේ නැති, එහෙමත් නැත්නම් ලංකාවෙ වගේ පොල් පටවල බස් යන්නෙ නැති රටක කෙනෙක් ඔය මේල් එක තේරුම් ගන්නෙ ඔය අත්දැකීම ලබපු අපිට වඩා වෙනස් විදියකටනෙ…..

ඇති වෙන්ඩ බස් එකේ ගිහින් තියෙන අපේ පෙම්බරය වුණත් හිතුවෙ ඒ  වචන පේලියෙ ඇත්තම අදහස ගැන විතරමයි නෙ….. ඒක බස් කොන්දොස්තර කෙනෙක් කිව්ව කියල ආපහු පාරක් ඒක කියවන්ඩ කියල තිබුණත්, කියෙව්වත්, එයාට ඒක තේරුණේ නැත්තෙ ඇයි??? අපිට ඒක තේරුණේ ඇයි??

සමහර විට ඒ වෙලාවෙ එයා වැඩි අවධානය යොමු කළේ එයාගෙ හිතට වඩාත් වැදුණු අර වචන ටිකේ සැබෑ අදහස නිසා…. එහෙමත් නැත්නම් අපි තරම් එයා බස් කොන්දොස්තරලගෙ මාරු සල්ලි ඉල්ලිල්ලට අහු වෙලා නැති නිසා….

ඉතිං ඔන්න කතාවෙ පසුකතාවටත් හිනා වෙලා අපි ගෙදර ගියා…

බලන්ඩ… එකම කතාව බලල එක එක්කෙනා තේරුම් ගන්න කතාව කොච්චර විවිධයිද???

සමහර වෙලාවට අපේ හිත රිදෙනව නේද අනිත් අය කියන යම් යම් දේවල්වලින්??

අපි නිකමට  හිතමු ඒ මනුස්සය ඒ දේ කිව්වෙ කිසිසේත්ම අනෙකාගේ හිත රිදවන අදහසකින් නෙවෙයි කියල ….

එහෙම තියෙද්දිත් අපි ඒ කතාව අහල හිත රිදවගන්නෙ අපි ඒ කතාව තේරුම් ගත්ත ආකාරයට අනුව නෙවෙයිද???

අපේ පෙම්බරය කියන සමහර වචනවලට, සමහර දේවල් කියන විදියට ටක් ගාල රිදවගන්න හිතක් තියෙන මම කල්පනා කළා….

මං දන්නව ඒ පෙම්බරය පුරුදු වෙලා තියෙන හැටි…. ඒ වගේම ඒ මට දැනෙන හැටි…

ඉතින් මම ගිරව වගේ කියව කියව ඉඳල එයා එකපාරටම ඒ වගෙ දෙයක් කිව්වම ගල් ගිල්ල වගේ ඉන්න පමාවට එයාට දැනෙනව ඔන්න හිත රිදුනා කියල

දැන් මං ඒක අහන්ඩ ඕනෙ කොහොමද එතකොට???

ඒ අහන්නෙ තරහකිං අහිතකිං නෙවෙයි….

ඇත්තටම!!!!

ඉතිං මං කියනව අහන්ඩ ඕනෙ විදිය….ඒක මෙන්න මෙහෙම ඇහුවනං හරිනෙ ඒක කියල….

අපෝ වචනයක් වරදින්ඩ බෑ …. ලේසි වෙන්නෙ නෑ මේක නං……පෙම්බරය මට හිනා වෙනව…

අනේ මන්දා… ඒ ළමයත් බොහොම සැහැල්ලුවෙං හිතන වැඩිය තැලිල පොඩි වෙලා නැති  කෙනෙක් පාටයි, ඔයාටත් ජීවිතේ මහලොකු බරක් හරක් තියෙන එකක්යැ….

අපි දෙන්නගෙ සම්බන්ධෙ ගෙදරට කියල පෙම්බරයයි, එයාගෙ අම්මයි ඉස්සෙල්ලම අපේ ගෙදර ඇවිත් ගියාට පස්සෙ අපේ අම්ම අපි දෙන්න ගැන කිව්වෙ එහෙමයි

මට හිතෙන්නෙ ඔය කියන තරං බරක් ඔලුවට නොගත්තට විහිලුවෙන්  සැහැල්ලුවෙන් වුණත් අපි ලොකු පාඩම් ඉගෙනගන්නව….. අපි දෙන්න දෙන්න ගැන තේරුම් ගන්න එක, දෙන්න එකතු වෙලා ගත කරන්ඩ යන ජීවිතේ ගැන තේරුම් ගන්න එක සිද්ධ වෙන්නෙ අපිටත් නොදැනීමයි….

අද කතාව ඇත්තටම මොකක් ගැනද කියල හිතා ගන්ඩ බෑ නේද?

ලියාගෙන ලියාගෙන ගියාට මටත් එහෙමයි…

කතාව ලියල ඒකට හෙඩිමක් දාන්ඩ මට ගිය වෙලාවක්!!!!

දවස් ගාණක් ගත වුණා කිසි දෙයක් ලියාගන්ඩ බැරුව….

වෙන මොනවත් නෙවෙයි ඉතිං අසීමිත කම්මැලිකමම තමයි හේතුව…

එහෙම ඉන්නකොට මට ලියන්ඩ සිද්ධ කළේ ඔන්න පෙම්බර ඇත්තො තමයි….

ඔන්න එහෙනං අද විශේෂ ස්තූතිය හිමි වෙන්නෙ එයාට…

ඔන්න තෑග්ගකුත් !!!!

වැඩි ආලවට්ටං මොකටද

ජීවිතේට….

නුඹට මං

මං නුඹට

ආදරේ වග අපි දෙන්නටම දැනෙන කොට…..?

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in පෙම්බරයයි මමයි, මට හිතෙන හැටි. Bookmark the permalink.

23 Responses to පිය නගන්නෙමු හෙමින්…..!!!!

  1. මාත් ටියුබ් ලයිට් උනා ඊය කියවලා,වෙලාවට මට ඕක කවුරුවත් නොඑව්වේ.නැත්තං අහගන්න එකෙක් නැතුව මටත් අද වෙනකල් උතුර දකූණ මාරු කරං ඉන්ඩ තිබ්බා. 😀

    සෝයි පෙම්බරෙක් නොවැ අක්කණ්ඩිට සැට් වෙලා තියෙන්නේ? ඔන්න ඔහොම දෙන්නට හැමදාම ආදරෙන් ඉන්න පුළුවං වේවා කියලා ප්‍රාර්ථනා කොරනවා!

  2. මේං වැඩක්…. ඔයාගේ පෙම්බරයා විතරක් නෙවෙයි අයියෝ අපිත් වෙලාවකට ටියුබ් ලයිට්. ඒත් ඉතිං ඒ අයියා ටියුබ් ලයිට් කියලා මෙහෙම කියන එක කැතම… කැතයි.

    මේ …. කෝ අවුරුදු…?

    හැබැයි මට හිතෙනවා වෙලාවකට… ජනූ අක්කා කතාව අනිත් පැත්ත හරවලද කියලත්…

    • ආ.. මේං වැඩක්!! මං කිව්වයැ එයා ටියුබ් ලයිට් කියල???
      අවුරුදු කන්ඩ යං මල්දෙනියෙ…
      මොකද්ද ඔය මං කතාව අනික් පැත්ත හරවපු එක???
      හනේ යකෝ??

      • මට තර්ජනේ කරද්දි නම් හිතෙන්නෙම කතාව අනිත් පැත්තට ලියලා කියලා…

        ඇත්ත කියද්දි කේන්ති යනවා කියනවනේ… 😛

  3. yajith says:

    සිංහල පෝස්ට් එකේ මැද ඇති ඉංග්‍රීසි ටික නම් මාර ඔඩ්ය. වස කැතය. හැබැයි නැතුවත් බැරිය..නේද?! 😉

  4. Sajith Bandara says:

    කියන එක වෙන වෙන අය තේරුම් ගන්න විදිය හරිම මාරයි,
    කියන ටිකයි, කියන විදියයි, අහගෙන ඉන්න විදියයි, මූඩ් එකයි
    ඔක්කෝම මත තීරනය වෙනව වගේ කියලයි මට හිතෙන්නෙ…………..

    • ඇත්ත තමයි.. අපි කියන්නෙ වචන කීපයක් වුණාට ඒ දේ අවබෝධ කරගන්නව කියන කාරණාවෙදි කීයක් දේවල් බලපානවද?

  5. Priyantha says:

    මටත් තියෙන ප්‍රශ්නයක් තමා මම කියන දෙයින් අනෙක් අයගේ හිත් රිදෙයිද කියන එක. ඒ නිසා එක වචනයක් කියන්නෙත් ගොඩක් හිතල. ඒ කොච්චර හිතල කලත් සමහර විට අපි කියන දේ නිවැරදිව අනෙක් කෙනා තේරුම් ගැනීම අපිට පාලනය කරන්න බෑනේ.
    කොහොම උනත් ඉතා හොඳ පෝස්ට් එකක්.
    ඔව් හෙමින් යන්න. ඉක්මන් ගමන් වරදිනවා තමා.

    • ඇත්ත අයියෙ.. සමහර වෙලාවට ඒක අපේ අවාසියට හිටිනව… අත්දැකීමෙන් කියන්නෙ… එව්ව මෙතන ලියන්ඩ ගියොත් එහෙම මේක පෝස්ට් එකක් තරම් දික් වෙයි…

  6. හිතන්න ඕන කතාවක් ………

  7. සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත says:

    නගාගේ ලියමන හැමදාමත් වගේ ලස්සනයි. ලියලා තියෙන කාරණාවත් අළුතින් හිතන්න දෙයක් හිතට එකතු කරන අපූරු කාරණාවක්. බොහොම වටිනවා.

    • ලියන්ඩ එන්න බැරි වුණා නෙ අක්කෙ ගොඩක් දවසකින්… සමාවෙන්ඩ ඕනෙ පමාවට…
      ඔයා ඉතිං මගෙන් උත්තරයක් පරක්කු වුණාම ටක් ගාල හොයනව නෙ මගෙ ගැන..
      ඒක හරිම ආදරණීය වැඩක්!!
      එකිනෙකාව නොදුටු අපි සේ සයිබර් ලෝකෙ ඇතුලෙ පුංචි ගමක් හදාගෙන…!!!!!

  8. Ravi says:

    අන්න නංගි,……. පෙම්බරය හොඳ කොල්ල, තමන්ට හිනාවෙන්ඩ පුලුවන් නම් ආයෙ කිසි කතාවක් නෑ,මේ ලෝකෙ ඕනම ප්‍රශ්නෙකට බය නැතුව මූණ දෙන්න පුලුවන්.

    පිය නඟන්නෙමු හෙමින්,
    නුඹෙ සුරත අත නොහැර,
    මා සමඟ දිවි ගමන,
    නුඹද මා අත නොහැර,
    පිය නඟන බව දනිමි,

    එසේවූයෙන් සබඳ,
    ඔබට පවසමි මෙලෙස,
    පිය නඟමු අපි සෙමින,
    වෙහෙස නොදැනෙන ලෙසින,

    • ඒකනෙ අයියෙ!!!
      මං හිතන්නෙ ඒක අපි දෙන්නගෙ සමානකමක්…
      අනුන්ට හිනා වෙන්නෙ නැතුව තමන් ගෙ වැරදිම්වලට හිනාවෙන එක හොඳයි නෙ….
      නැද්ද??
      කවියක් ලියන්ඩ නං හිත එකලස් නෑ මේ වෙලාවෙ
      ඉන්ඩකො
      ආයෙ වෙලාවක ඇවිත් ලියන්නං

  9. ඔයා දාපු කෙමෙන්ට් එකක් දිගේ තමයි මම මේ පැත්තට ආවේ මීට කලින් එක වතාවක්ද දෙකක්ද කොහේද මෙහේ ආවා වගේ මතකයි .ඔය අක්කා හරිම ලස්සනට ලියනවා . අද ඉඳලා මමත් දිගටම සෙට් වෙන්නම් මේ බ්ලොග් ඩිංගට ! .

    මුලින්ම මට නිකං වයර් වගේ උනා මේක කියවලා . ඒත් මොහොතකින් මගේ මොලේට තේරුනා .මොකද වෙන්නේ කියලා . ඔයවගේ පෙම්බර කුමාරයෙක් ඉන්න එක අක්කන්ඩිගේ වාසනාව . හැබැයි දැං කාලේ ගොඩක් කොල්ලෝ ඔය වගේම හොඳයි .

    ඇයි ඔයා අම්පාරේ ගියේ .? ඒ ඔයාගේ ගමද අක්කේ ?

    • ඔයා ඇවිල්ල තියෙනව තමයි කලින්!!!
      ස්තූතියි!!! ඔයත් ලස්සනට ලියනව.. මම යෝජනාවක් කරන්ඩ හිටියෙ ඔයාට. ඔයාට සිද්ධීන් හැගීම් සරලව ලස්සනට හිතට දැනෙන විදියට විස්තර කරන්ඩ හොඳ හැකියාවක් තියෙනව.
      පුලුවන් නම් පොතක් ලියන්ඩ… යුගයේ ආකර්ශනය වෙන්ඩ ඔයාට පුලුවන් වෙයි!!!! ( විහිලුවට නෙවෙයි හරිද?)

      මගෙ ගම අම්පාර නෙවෙයි දඹදෙනිය… අම්පාරෙ යන්ඩ වුණේ අපේ ඹෆිස් එකේ වැඩකට මල්ලි….

  10. තාරක Dilsh@n says:

    මටත් ඔය ලියුම ආව. දෙවෙනි පාර උඩට ගිහින් කියවද්දි තමා ක්ලික් වුනේ. කවුරු කිව්වත් කතාව ඇත්තනේ.
    ඔතන නමට කොන්දොස්තර නැතුව ඩොක්ටර් කියල වගේ තිබ්බනම් කී දෙනෙක් උඩින්ම පිළිගනියිද

  11. ඔජායෙ.. says:

    නියමයි….බස් වල කට්ට කාපු නිසා 1 shot තේරුනා……එත් මේ උත්තල අවතල කතාව තාම ?????

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s