අවුරුද්දක් ගෙවිල ගිහින් තවත් අවුරුද්දක් ලබනව..
මේ වතාවෙ අවුරුද්ද මහ ඉහළින් සමරන්ඩ හිතක් නෑ…
අපේ ලඟින්ම හිටපු ආනන්ද මාමයි ලොකු මාමයි අපිව දාල යන්නම ගිහින්…
චූටි මාම අසනීපෙන්….
වෙලාවකට හිතෙනව පුදුම අවුරුද්දක් නේද මේ ගෙවුනෙ කියල…..?
හිතේ තිබුනෙ නං මල්දෙනියෙ ගෙදරට කට්ටියම එක්කල ගිහින් එන්ඩයි….
වල් බිහි වෙලා වවුල්ලු ලැගල හිටපු මහ ගෙදර චූටි මාම ආපහු වතාවක් ගෙදර නවීකරණය කරමින් නෙ හිටියෙ
ඒත් වෙච්ච කරදර අස්සෙ ඒ පිඹුරුපත් සේරෝම යට ගැහුණ..
මාම අසනීප වෙච්ච වෙලාවෙ අපේ අම්ම කිරි දානෙකට බාර වෙච්ච හින්ද අපේ ගෙදර තෙල් වළං ලිප තියන්නෙ නෑ…. ඒ කියන්නෙ කැවුම් නෑ…. ඒ විතරක් නෙවෙයි, කිරිබත් කෑලි කපන්නෙත් නෑ…
පොල් ගහක් වෙනම අතු බැඳල වෙං කරල…
ඒ ගහේ ආයෙ පොල් කඩන්නෙ කිරි දානෙට තමා
ඒක තමා අපේ පැත්තෙ චාරිත්‍රෙ
හැබැයි නැකතට ලිප ගිනි මොළවල කිරිබතක්, හත්මාලුවක් නං උයාවි…
ඊට පස්සෙ ලිඳත් එක්ක ගනුදෙනු කරල, වැඩ අල්ලල ඒ චාරිත්‍ර ටිකත් කරයි…
හැබැයි වෙනද තරම් සාර නං නෑ….
කතාවෙං කතාවෙං අමතක වෙනව කියන්ඩ ආව දේ..
ඉස්සර අපි සිංහල අවුරුද්දට මල්දෙනියෙ ගිහිං ආතටයි ආච්චිඅම්මටයි බුලත් දීල වඳිනව නෙ….
එතකොට ආත අපිට ආශිර්වාද කරන්නෙ මෙන්න මෙහෙමයි…
මයෙ දුවට රත්නත්තරේ සරණයි, සමං දෙයි හාන්දුරුවංගෙ පිහිටයි ආරක්සාවයි….!
ගහක් ගලක් උඩ හිටියත් කිරි උතුරන්නා වාගෙ හරියන්ඩ ඕනෙ
සුබම සුබ අලුත් අවුරුද්දක්……!!!
ඉතිං මගෙත් එක්ක මේ සයිබර් ලෝකෙදි හම්බවෙලා… කතාබස් කරල, ලඟින් ඉන්න අයටත් වඩා දුක සැප බෙදාගත්ත ඔයාලටත්
ගහක් ගලක් උඩ හිටියත් කිරි උතුරන්නා වගෙ හරියන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!!!
ඔයාටත් එසේම වේවා!!!, මයෙ නංගියේ, එසේමම වේවා!!!
අපි දැන අඳුනගෙන බොහොම ඇබිත්තං කාලෙකදි කල්ප කාලාන්තරයක් ආස්සරේ කලා වගේ ලංවුනා, පෙර කාලෙක ඇහූ දුටු පුරුද්දක් තියෙනවා ඇති, ආයෙ ඒකෙ දෙකක් නැහැ,
ඉතිං දුක් කරදර කියන එව්වා කාටත් එනවනෙ නංගියේ, ඒ නිසාවෙන් ගිය දේ ගැන අකම්පාල නොවී අපි ඉස්සරහ ගැන බලමු,
එහෙනං ඕං ඔයාටත් අම්මා, පෙම්බරයා, මාමා ඇතුලු පවුලෙ ඔක්කෝටම මම සුබම සුබ අවුරුද්දක් පැතුවා, ආයිබෝවේවා!!!
ආයු බෝ වේවා
සිත් සතුටින් පිරේවා
සෝ දුක් නිවේවා
නව වසරෙ ජය සතුට ඒවා!!!!!!!!!!!!!!!1
අයියෝ තැවෙන්න නාකයි අක්කණ්ඩියේ, මොකෝ මේ අවුරුද්ද විතරයැ අවුරුද්දකට තියෙන්නේ?අනික හිතේ සන්තෝසේ තියේ නං හැමදාම අවුරුදුනේ බං අක්කේ.
ඕං අක්කණ්ඩිටයි මකර වරිගේ පිංබර පෙම්බරාටයි(ගුටි කන්න වෙයිද දන්නෙත් නැ) පවුලේ හැමෝටමයි,මල්දෙනියට ගාටලා ජුණ්ඩ ඇත්තං ඇන කොටාගන්න අපේ කස්ටියටයි සුභම සුභම සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා කියලා ඉත සිතිං සහ නිකං සිතිං පරාර්ථනා කොරනවා!
හැබෑව මලේ හිතේ සංතෝසෙ නෙවෙන්නං ඕනෙ…
මකර වරිගෙ… හිහි මට මතක් වුනේ දඟර වලිගයව…හොඳා හොඳා මං කියන්නංකො..
දෙයියන්නේ පිහිටයි කියල හිස තෙල් ඩිංගිත්තක් ගාගෙන හොදවැයිං ටොක්කකුත් ඇනගත්තනං ඕං පංකාදු පහයි.නැද්ද අක්කණ්ඩි?
:Dහිහ්හී…
නගා+පෙම්බරයාටත්, නගාගේ පවුලේ හැමෝටමත්, මෙතෙන්ට යන-එන හැමෝටමත් අවුල් තැවුල් නැති සතුට සිනහව සපිරුන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..!!
බූරයියෙ! කොහොමෙයි…. හොඳට අනුමත වුනැයි අලුත් අවුරුද්දෙ???
නිදුක් නිරෝගී සුවෙන් පිරි අලුත් අවුරුද්දක් පතනව ඔයාටත්!!!
මොන අනුමතද නගා.. දිගටම වැඩ.. අනුමත වෙන්ට තියා කිරිබත් කෑල්ලක්වත් කන්ට හම්බවුනෙ නෑ.. වැඩ කරන ගමන්ම නැකතට සෑන්ඩ්විච් එකක් කාලා නිකං හිටියා.. 🙂
එසේම වේවා…
කුමාරයවත් සාදරෙන් පිළිගන්නව…
අපේ අත්තම්මත් ඉස්සර සුභ පතන්නේ ගහක් ගලක් උඩ හිටියත් කිරි උතුරන්නා සේ හරියන්න ඕන කියලලු. මම නම් ඒ අත්තම්මා දැකල නෑ. මං ඉපදෙන්නත් කලින් යන්න ගිහින්..
ජනනිටත්, පෙම්බරයාටත්, පවුලේ සැමටත් සුභ අලුක් අවුරුද්දක්ම වේවා..!!!
ප්‍රියන්ත අයියටත් සුබම සුබ අලුත් අවුරුද්දක්….!!!
ඔයාටත්, ඔයාගේ ඔය හොඳ පෙම්බරයටත්, පවුලේ සැමටත් ඔය කියන්නා වාගේ සුබ අලුත් අවුරුද්දක් වේවා!!!
අක්කණ්ඩිට උපන්දිනේට පතපු පැතුම අලුත් අවුරුද්දෙදි අලුත් කරනව.. බාරයක් වගේ.. හැබැයි ඕං පැතුම එකමයි හොඳේ!!!!
ජනූ අක්කේ, ඔබටත් එසේම වේවා කියල ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි චූටි මාමාටත් ඉක්මනින්ම සම්පූර්ණ සුවය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.
ස්තූතියි මල්ලි….. අලුත් අවුරුද්දෙ නැවත මුනගැහෙමුකො
ජනූ ඇතුලු පවුලේ සැමට ලැබුවාවු අළුත් අවුරුද්ද සිත සතුටින් බරවන පැතූ පැතුම් ඉටුවන ඉසුරුබර සුභ අලුත් අවුරුද්දක් වේවා!
ඔබටත් නිරෝගී සුවෙන් පිරුණු නව වසරක්!!!!
ලියවෙන ගෙතෙන කියවෙන හැම අකුරකම
ලොකු බලයක් ඇතිය ඒ ගැන සැකය කිම
බ්ලොග් කියවන ලියන හැමටම ලබන මෙම
නව අවුරුද්ද ජයවේවා පතමි මම
දාහක් හමාරක් තව ලිපි ලියවේවා
කියවන අයගෙ ඇස් ඒ දෙස යොමුවේවා
සැමටම එයින් හද තුල තුටු ඇතිවේවා
සිංහල වියුණු අවකාශය බැබලේවා!
-කතන්දරකාරයා
කතන්දර අයියවත් සාදරෙන් පිළිගන්නව!!! ඒ වගේම හාමිනේ ඇතුලු සිය පවුලටම සුබම සුබ නව වසරක් පතනව!!!! නිතර කමෙන්ට් නොකළට හැමදාම වගේ අයියගෙ ලිපි නම් කියවනව
ඕං… මේක දැක්කේ දැනුයි…. සුභ අළුත් අවුරුද්දක් වේවා…
අක්කේ මට ඈහුනා ඔයාලගේ ගමේ සතිඤ්ඤා සද්දේ…. හික් මාව උඩ ගිහින් ඇහැරුනේ…
මාමාට ඉක්මනට සනීප වෙයි අක්කේ…. dont worry be happy… කෝ ඉතිං දැං හිනාවෙලා ඉන්ට….
රත්තරං මාලුව මලයටත් සුබම සුබ අලුත් අවුරුද්දක්!!!!!
නංගිටත්, නංගිගෙ පෙම්බර ඇත්තා, අම්මා, චූටි මාමා ඇතුළු පව්ලේ හැම දෙනාටත් සතුට සැනසුම සපිරුණු සෞභාග්‍යමත් සුභ නව වසරකට සුභ පැතුම් මාත් මගේ පව්ලේ හැමෝගෙන්මත්!
මේ සැරේ මායි මගේ මහත්තයයි එකට සමරපු මුල්ම අවුරුද්ද. මම කැවිලි හදන වෙලාවේ ලඟින් ඉඳං මගේ මහත්තයා කියනවා ‘ඔයාගෙ අර යාළුවා, හංසකිංකිණිනම් දන්නවා ඇති ගමේ විදියට රසට කැවිලි හදන්න.’ බලන්නකෝ ඉතිං බ්ලොග් නොකියවන මගේ මහත්තයා ඔයයි ඔයාගෙ කෑම විස්තරයි ගැන දන්න තරම. 😀 මම ඒ තරමට මගෙ බ්ලොග් යාළුවො ගැන එයත් එක්ක කියවනවා. 😀
හි හි.. ඔයාටයි, මහත්තයටයිදෙන්නටත්, පවුලේ සියලුම දෙනාටත් සුබම සුබ අලුත් අවුරුද්දක් කවිකාරි අක්කෙ…