මං ඉන්නෙ මලගෙදරක…
අඩන්නෙත් නෑ….
එක තැනක ඔසරියක් ඇඳගත්ත ගෑණු කෙනෙක් අඬනව පේනව…
ඒ අම්ම නේද???
මාමල එහෙ මෙහෙ දුවනව..
එයාල අස්සෙන් හෙමින් හෙමින් ඇවිදගෙන ගිය මම සාලෙ තියල තිබුණු පෙට්ටිය ලඟට ගියා….
තාත්තා නේද ඉන්නෙ පෙට්ටිය ඇතුලෙ…
මම එතෙන්ට යනකොටම මට තේරුණා…
ඒ කියන්නෙ තාත්ත මැරිලද???
මට දැඩිය දැම්ම!!!!!
මම මහ හයියෙන් අඬන්ඩ පටන් ගත්ත…
අත් දෙකට දැණුනු සීතල තෙත ගතිය නිසා මාව නින්දෙන් අවදි වුණා…නොසෑහෙන්ඩ දාඩිය දාල!!!!
ඒ මදිවට පපුව ගැහෙනව…
ඇස්වල කඳුලු පිරිල…
මං හීනෙන්ම අඬල!!!!!!!!!!!!!!!දෙයියනේ යාන්තං ඇති ඒක හීනයක්!!!
මම හුස්මක් හෙලල හිත සැහැල්ලු කරගත්ත…
ඔය හීනෙ වෙනස් වෙනස් විදි වලට මම කීප වතාවක් දැකල තියෙනව
ඒත් ඒ තාත්ත ජීවතුන් අතර ඉන්නකොට….
හදිසියෙම තාත්ත නැති වුණා තියල දැන ගත්ත ගමන්ම මට මොන දේටත් කලින් මතක් වුනේ මේ හීනෙ….
අදටත් මම උන්න ගමන් තාත්තව හීනෙන් දකිනව…
ඒ වෙලාවට මට මතක් වෙනව තාත්ත නැති වෙලානෙ..මේ හීනයක් නෙ තියලත්…. තාත්ත මගෙ හීනවල කොනක දැවටිලා පෙනී ඉඳල යන්ඩ යනව…
කතා කරන්ඩ කොච්චර හැදුවත් මට බෑ එයා එක්ක කතා කරගන්ඩ…
එයා මාත් එක්ක කතා කළා නං කතා කළේ එකම එක දවසක්…
ඒත් පළවෙනි වඩනෙ පිටවෙන කොටම මට කටහඬේ වෙනස දැණුන…මේ ඇත්ත තාත්ත නෙවෙයි කියල මට හීනෙන්ම තේරුණා….
පුදුමයි නේද???
ඔයාලගෙ හීන මොන පාටද???
උත්තර දෙන්න පුලුවන්ද මේ ප්‍රශ්නෙට??
මං අහල තියෙන ගොඩක් අයගෙ හීන කලු සුදු හීන…
ඒත් මගෙ උත්තරේ නම් වෙනස්,
මං දකින්නෙ පාට පාට හීන….
මේක ඇත්තම කියල මට හිතෙන්නෙ කාරණා දෙකක් නිසා
මම හීනයක් දැකල ඒ හීනෙ හිටපු කවුරු හරි කෙනෙක් ඇඳගෙන හිටපු කමිසෙ පාට මට මතක තියෙනව ඊලඟ දවසෙ උදේ වුනත්
අනික තමයි මට මගෙ හීනෙ ඇතුලෙදිත් ආ මෙයා ඇඳල ඉන්නෙ නිල්පාට කමිසයක් නේද? කියල හිතෙන එක….
ඇත්තටම හීන තියන්නෙ හරිම අපූරු පුදුමාකාර දෙයක් නේද???
සමහර වෙලාවට අපි හීන දකින්නෙ ගැඹුරු නින්දෙදි…
ඒත් සමහර වෙලාවට මහන්සි වැඩි කමට කොහෙ හරි විනාඩි පහක් දහයක් නින්ද ගියා කියන්ඩකො…
මට නං ඒ ටිකටත් හීනයක් පේනව…
අනික ඔය කාටද පුලුවන් ටෙලිනාට්‍ය වගේ හීනෙ කොටස් දකින්ඩ???
අද දවල් මම පෙම්බරයගෙං ඔහොම අහන වෙලාවෙ නං හිතුවෙ නෑ කොයි වෙලේ හරි මේ ගැනත් බ්ලොග් එකේ ලියන්ඩ ඕනෙ කියල…
හවස් වෙනකොට
පෝස්ට් එකක් එහෙම ලිව්වනං හොඳයි නේද ළමය
කියල ඉල්ලීමක් ලැබුණාම මං කල්පනා කළේ මොනවද ලියන්නෙ කියල….
ඒපාර මතක් වුණා හීන කතන්දරේ ගැන ලිව්වනං හොඳයිනෙ කියල.. හැබැයි මේක ලියන්ඩ හිටියෙ හීන ගැන ටිකක් විද්‍යාත්මක විදියට හොයල බලල… ඒත් මේ පෝස්ට් එකක් ලියන්ඩ කියල අණ ලැබුණ වෙලාවෙ ඒක නොසලකා ඉන්ඩ බෑනෙ…
ඉතිං අද දවසෙ කතන්දරේ මම දැකපු හීනයක් ගැනයි
ඔන්න මං හීනයක් දැක්ක දවසක්….
හීනෙ හැටියට මම මොනව හරි ගන්ඩ ටිකක් ලොකු කඩේකට ගිහින් ඉන්නෙ…මොනව ගන්ඩ ගියාද කියන එක නං පැහැදිලි මදි… සමහර වෙලාවට හීනෙ අපි රඟපාන චරිතය හසුරුවාගන්ඩ අපිට අවශ්‍ය වුණත් ඒකට හැකියාවක් නෑනෙ අපිට…. ඉතිං මේ ගන්ඩ ගියදේ මොනවද කියල මම හීනෙ ඇතුලෙදිත් හිතුවට මම දන්නෙ නෑ ඒ ගැන….
ඔහොම වටපිට බලබලා ඉන්නකොට වීදුරු මල්පෝච්චියක දාපු ෆෙංෂුයි බැම්බු අතු මම දැක්කෙ….
මට එකපාරටම ඒව ගන්ඩ හිතුණ..
දැන් ඔන්න හීනෙ ඇතුලෙම මට හිතෙනව
මං ෆෙංෂුයි බැම්බුවලට කැමති නෑනෙ…කොටින්ම ෆෙංෂුයි කියන දේ එහෙමට දන්න කෙනෙක්වත් නෙවෙයිනෙ….ඇයි මේ මම ඒව ගන්ඩ යන්නෙ කියල..
ඒත් හීනෙ ඇතුලෙ ඉන්න මාව ඒව මිලදී ගන්න එක වලක්වාගන්න එයා දිහා බලන් ඉන්න එයාම වන මට බැරි වුණා…
ඉතින් ඒ හීනෙ ඉවර වෙච්ච හැටි නං මට මතක නෑ….
ඔහොම දවසක් දෙකක් තුනක් ගෙවුණ කියන්ඩකො…
ඔන්න ආයෙත් දවසක් මම හීනයක් දකිනව…
මං ඉන්නෙ අපේ පෙම්බරයගෙ ගෙදර…
මම මගේ ගමන් මල්ල අවුස්සනව මොනව හරි දෙයක් හොයාගන්ඩ….
ඒත් හීනෙන් මෙපිට ඉන්න මම දන්නෙ නෑ හීනෙ ඉන්න මම හොයන්නෙ මොනවද කියල..
දැං මේ කතාවට ජනූල දෙන්නෙක් සම්බන්ධයි නෙ ..ඒ නිසා මම දෙන්නට නම් දෙකක් දෙන්නයි යන්නෙ..
එක්කෙනෙක් හීන ජනූ.. එයා තමයි හීනෙ ඇතුලෙ ඉන්නෙ..
අනිත් එක්කෙනා ඇත්ත ජනූ... ඒ කියන්නෙ මේ වෙලාවෙ ලියන මම
ඔහොම යනකොට හීනෙ ඉන්න මට හම්බ වුණා පැල දෙකක්…
තරමක් වේලිලා….
දැක්ක ගමන්ම මට මතක් වුණා ආ…. මේ අර දවසක් මම ගත්ත පැල දෙකනෙ කියල… මේක මතක් වුනේ පැල දෙක හම්බවුණ හීන ජනූට…
එතකොට ඔන්න ඇත්ත ජනූට හිතෙනව ඒක මං දැක්ක හීනයක් නෙ කියල…
ඒත් ඒක හීන ජනූ දන්නෙ නෑ වගේ..
එයා ගෙදර පුරා පෝච්චියක් හොයනව ඒ පැල දෙක වතුරෙ දාන්ඩහොයනකොට හොයනකොට හීන ජනූට හම්බවෙනව විදුරු පෝච්චියක් වගේ හැඩේ ඇති බෝතලයක්…
එයා මේක අරන් ගිහින් ටැප් එකෙන් වතුර පුරවල අර පැල දෙක දාන්ඩ යනව…
ඇත්ත ජනූට මතක් වෙනව
ආ… මේ අර මම පෙම්බරයගෙ ගෙදර අස්කරන වෙලාවෙ මල් දාල තියන්ඩ හොඳයි කියල හෝදල තියපු බෝතලේනෙ… කියල
දැන් හීන ජනූ ඉන්නෙ පෙම්බරයගෙ ගෙදර වුණාට එයා වතුර පුරවන්ඩ යන්නෙ අපේ දඹදෙනියෙ ගෙදර සිංක් එක ලඟටයි….
දැං ඇත්ත ජනූට මේක තේරෙනව…මේක අතාත්විකයි තියල… මාලඹේ ඉඳල එකපාරට දඹදෙනියට එන්ඩ හේතුවක්වත්, එහෙම වෙන්ඩ විදියක්වත් නෑනෙ….
ඒත් කියන්ඩයැ හීන ජනූට… ඇරත් එයා අහනවයැ ඇත්ත ජනූ කියන දේවල්….
ඉතිං ඔන්න ඒ හීනෙත් ඉවර වුණා… ඉවර වුණ හැටි නම් මතක නෑ….
ඒත් කලින් හීනෙ තවත් කොටසක් බැලුව වගේමයි මට ඒ කියන්නෙ ඇත්ත ජනූට දැණුනෙ…
හීන හරිම සංකීර්ණයි නේද…?මේ විදියට හීන කොටස් වෙලා පෙනුණ පළවෙනි වතාව නෙවෙයි මේ….
මට පෙනිල අමතක වෙලා ගිය කොච්චර හීන ඇතිද???
ඒ ගැන කල්පනා කරද්දි හිතට එන හැඟිම් හරිම අමුතුයි…
පපුව සීතල වෙලා යන හැඟීම්!!!!!
දැන් ඔය පැල කොහෙද ඔයා තිබ්බෙ???
දැන් මේ කතාව අහන් හිටපු පෙම්බරය ඇහුව…
මං හිතන්නෙ ලබන සතියෙ විතර තමයි ඒක පේන්නෙ…
ඉතින් මතු සම්බන්ධයි…..!
මං උත්තර බැන්ද
චිත්‍රපටය ගැන කීප කෙනෙක්ම කියල තියෙනව…
ඉක්මනින්ම හොයාගෙන බලන්ඩ ඕනෙ
මමනම් මගේ තාත්තව තුන් හතර වතාවකට වඩා හීනෙන් දැකලා නෑ… එයාව මට හොඳටම මතකයි ඒත් මට හීනෙන් පේන්නේ නෑ …..
සඳරුව ආදරයෙන් පිළිගන්නව!!!
මමත් නිතර දකින්නෙ නෑ තාත්තව එයා නැති වුණාට පස්සෙ…
ඒත් ඉඳල හිටල දැක්කම මට ඇහැරුණ ගමන්ම මතක නෑ… ඒත් පස්සෙ මතක් වෙනව මම මෙහෙම දෙයක් දැක්කනෙ… කියල
අනේ ජනූ අක්කේ ඔයා විස්වාස කරයිද මන්දා මමත් මේ වගේම හීන දකිනවනේ. මම නම් දැන් හීන විශේෂඥයෙක් වෙලා. මට පුලුවන් මගේ හීනේ හසුරුවන්න. හිතමුකෝ මම හීනෙන් මැරෙන්න යනවා කියලා, මම මැරෙන්න යන්නේ වාහනේකට යටවෙලා කියල. ඔන්න මම මේ කෑල්ලට කැමති නෑ. ඉතින් මම හීනෙ ඇතුලෙ ඉඳගෙනම හිතනව “මේක හරියන්නෑ, මේක මෙහෙම වුනොත් හොඳයි “කියල . එතකොට ඒක සිද්ධ වෙනවා. ඒ වගේම තමයි මාත් කළු සුදු හීන දකින්නෙ නෑ. අනිත් කාරණේ තමයි කෙටි නින්දකදි වගේම සමහර විට උදේ අවදිවෙන්න කිට්ටුව දකින හීන සැබෑ ලෝකෙට සම්බන්ධ වීම. හැබෑ ලෝකෙ ඉන්න කවුරුහරි කියන දෙයක් හරි නැත්තම් එලාම් එකේ සද්දෙ වගේ දේවල් අර හීනෙට සම්බන්ධයි. හීනෙ අන්තිම කෑල්ලයි ඇත්ත ලෝකෙයි මාර පුදුම විදිහට සම්බන්ධයි. ඒත් ඒක ඉතින් සමහර වෙලාවට ටිකක් අවාසියි. තව ලස්සන දෙයක් තමයි දැනට ජීවතුන් අතර නැති, ඒත් අවදිවෙලා ඉන්නකොට මූණුවර මතක නැති අය උනත් හීන ලෝකෙදි බොහොම විස්තර සහිතව පෙනීම. මම මේ විදිහට කියාගෙන යනකොට ඔයාගෙ පෝස්ට් එකට වඩා මගේ කමෙන්ට් එක දික් වේවි.
කෙටියෙන්ම කිව්වොත් මම හීන රසිකයෙක්.සහ හීන දැකීමේ කලාව ප්‍රගුණ කරන්නෙක්. මම නිදාගන්නේ හීන බලන්න.ඒවා මොනවගේ හීන උනත් මම කැමතියි.
මල්ලි, ඔයා කියන හැම දේම මං සම්බන්ධවත් ඇත්ත… ඔයා මං අකින් අතපසු වෙච්ච ටික ලස්සනට විස්තර කරල තියෙනව.. බොහොම ස්තූතියි
හි හී සමහර දවසට මම ඇහැරෙන්නෙ යකෙක් වගේ අමුතු සතෙක් දැකල… ඇහැ ඇරල බලනකොට ඉස්සරහ තියෙන අල්මාරියෙ කාදුවක එල්ලල තියෙන කලුපාට බෑග් එකක් තමයි යකා….:-D
ඉස්සර මට එක කාලයක් තිබුණා මම ඇස්දෙක පියාගත්ත ගමන්ම මට පේන්නෙ බස්එකකට මාව යටවෙනව…
ඒක දැන් නම් ඇරිල ගිහින්…
හීන රසිකයෙක්!!!
ලස්සන නම
හීන දකින්න විතරක් නෙවෙයි මෙහෙම හීන ගැන කතා කරන්ඩත් මම හරි ආසයි…
අඩේ ඕවට කියන්නේ වර්චුවල් හීන කියලා… නම දැම්මේ ගෝල්ඩ් ෆිෂ් කියලා එකෙක්.
ඔයා දන්නවද අන්ධ මිනිස්සුන්ට හීන පේන්නෑලු
අනේ මම ඒක නං දැනගෙන හිටියෙ නෑ…
අහල බලන්ඩ ඕනෙ..
ඒත් එයාල හීන කියන්නෙ මොනවද කියලවත් දන්නෙ නැතුව ඇතිනෙ එහෙනං…
අනේ මටත් හීන නම් පේනව මදි නොකියන්න. ලෙක්චර්ස් වල නින්ද යන ටිකටත් හීන පේනව. හැබැයි ඉතින් සම්බන්ධයක් නැති විකාර දේවල් ගොඩක් වෙලවට පෙන්නෙ. මේ එක තැනක ඉන්නව, ආයෙත් වෙන තැනකින් පටන් ගන්නෙ. අක්කට බාගයක් දැකපු හීනෙක ඉතුරු ටික එවෙලෙම බලන්න පුලුවන්ද? මොකක් හරි ලස්සන හීනයක් බල බල ඉඳල මගදි ඇහැරුනොත්, ඉතුරු ටිකත් පෙනුන නම් හොඳයි කියල හිතල නිදා ගන්නව. එතකොට ගොඩක් වෙලාවට මට අයෙත් ඉතුරු ටිකත් පේනව. මට තව දෙතුන් දෙනෙක්ම කියල තියනව එහෙම පේනව කියල.
@Lucky Wickramasinghe
හීනෙ අන්තිම ටිකයි ඇත්ත ලෝකෙයි සම්බන්ධ වෙන එක. ගොඩක් වෙලාවට වෙනව නේද? මටත් ඒක නිතරම වෙනව. හිතා ගන්න බෑ ඒක කොහොමද වෙන්නෙ කියල.
අනේ අවාසනාවට මට තාම එහෙම හීන නවත්තපු තැන ඉඳල බලන්ඩ බෑ… අර ලකීට වගෙ දැකීමේ කලාව ප්‍රගුණ කලොත් නම් පුලුවන් වෙයි නේද?
හැබැයි අපේ පෙම්බරයට නං ඔය හැකියාව තියෙනව…
ජනූ කියපු මේ කතාව නම් ඇත්තම ඇත්ත. මමත් අහල තියෙන්නේ හීන කලුසුදු කියල. ඒත් මම දකින හීන එකක් වත් කලුසුදු නෑ. ඔබ කීවා වගේම ඒවායේ තිබුන පාට පවා මට මතකයි. ඒ වගේම හීන ලෝකේ මා හා සැබෑ ලොකේ මම කියන්නේ ඔබ කියනවා වගේම දෙන්නෙක්. ඒත් මම නම් කැමති හීන මට නෙවේ. සැබෑ මටයි. අනෙක් අය හිතන්නේ කොහොමද දන්නේ නෑ. මටනම් සැබෑ ලෝකේ ඉන්න මම හොඳයි.
තව ටිකෙන් කියන්න බැරි වෙනවා. ලස්සන හීන කතාවක්.
ඔවු මම වුණත් කැමති ඇත්ත ජනූට.. මොකද හීන ජනූ වැරදියි කියල දැන දැනම වැරදි වැඩ කරනව.. ඒ විතරක් නෙවෙයි ඇත්ත ජනූ ඒක කියන්ඩ උත්සාහ කළත් එයාට කියන්ඩ දෙන්නෙත් නෑ…
ස්තූතියි අයියෙ
ඒ කියන්නෙ, වැරැදි වැඩ නිසා හෝ වෙන යම් හේතුවක් නිසා හෝ ඇත්ත ජනූ නොකරන (නමුත් කරන්න කැමැත්තෙන් ඉන්න) දේවල් මුදුන්පමුනුවාගන්න ඔයාගෙ යටිහිත දරන වෑයමක් ඒක..
වෙන්ඩ පුලුවන් නේද බූරයියෙ… කවුද දන්නෙ??/
හික් හික්.. හරියට Inception film එකේ part 2 බැලුවා වගේ ඔයාගෙ හීන කතා ටික ඇහුවම.. 🙂
මටත් සමහර වෙලාවට හීන කොටස් වශයෙන් පේනවා.. හැබැයි ඒ මම හිතලා කරන දෙයක් නෙවෙයි, ඉබේම වෙන දෙයක්.. ආ තව දෙයක්, මම අහලා තියෙන විදියටනං හීන පේන්නෙ ගැඹුරු නින්දෙදි නෙවෙයි, මද නින්දෙදි. ඒකයි සමහරවිට හීනෙ අතරමගදි අපට ඇහැරෙන්නෙ.. ගැඹුරු නින්දෙ ඉන්න කෙනෙකුට එහෙම ඇහැරෙන්නෙ නෑ..
හි හි… අපේ පෙම්බරයටත් පුලුවන් ලු බූර අයියෙ හීනෙ නවත්තපු තැන ඉඳල ආපහු බලන්ඩ…
ම්…. කළු සුදු හීනත් පේනවා… ඒත් වැඩි හරියක් මටත් පේන්නේ කලඩ් හීන තමා…. හීන වල තේරුම් නම් මම දන්නේ නැහැ… ඒත් නරක හීන දැක්කහම හොදක් වෙනවා කියලානම් අහලා තියනවා…. ලේ… නයි දකින එක එහෙම හොදයි කියලා කියනවා නේද???? මම නිකන් අදහසක් විතරයි කිවුවේ….
මමත් ඔය කතාව අහල තියෙනව. අනික තමන් කවුරු හරි ගැන නරක හීනයක් දැක්කාම ඒකෙන් ඒ හීනෙ ඉන්න කෙනාට හොඳක් වෙනවලු.. දකින කෙනාටලු නරක…
ඔන්න ඔහොම කතාත් අහල තියෙනව
අම්මේ මේ ඉන්නේ කලර් ඩිස්ප්ලේ හීන දකින අය මම වගේම…
මේ කස්ටිය මගේ වැඩේ ලේසි කොරලා නේ,එක එක්කෙනා මම කියන්න හිටපුවා බෙදාහදාගන කියලා.
එපිසෝඩ් 2 කවද්ද එන්නේ?
දැක්ක දවසට තමයි මලයො…පුලුවන් නං ඉන්සෙප්ෂන් එකේදි වගේ මගෙ හීනවලට බලපෑමක් කරල පුලුවන් ඉක්මනට ඒ කෑල්ල පෙන්නපං
උඹ පරාස්සයෙක් නෙ යක්කුත් කන 😀
හොදා හොදා මං බලන්නංකෝ
සමාවෙන්න ඕනෙ මේ මාකටින් පාරට, ජනූ අක්කගේ බ්ලොග් එකේ ඉන්නේ හරිම අපූරු රසික පිරිසක් කියල හිතුණ.වෙලාවක මගේ මේ පුංචි බ්ලොග් එකටත් ගොඩවැදිලා ගුණ අගුණ කියල යන්නකෝ. තාම වැඩිය පෝස්ට් නම් නෑ.
http://thoughtsoflucky.blogspot.com/
මේක ඇවිත් තිබුණෙ ස්පෑම් එකක් විදියට නෙ මල්ලි.. ඒකයි පරක්කු වුණේ දාන්න
අර කලින් පෝස්ට් එකක තිබුනු ටිකක් පිස්සු එකෙයි මේකෙයි කිසිම සම්බන්ධයක් එහෙම නෑ නේද?
මටත් පේන්නේ පාට, පාට හීන.
මට නං හිතෙන්නෙ ඒව ඔක්කොම සම්බන්ධයි කියල අක්කෙ…
සමහරු හීනවලට තේරුම් දෙනවනේ. කවුරු හරි මෙන්න මේ හීනේ තේරුම දන්නව නම් කරුනා කරලා කියලා දෙන්න. ඊයේ රෑ දැක්කේ. කතා කරපු කෙනෙකුට බය වෙලා දැක්කද මන්දා.
මම ඩ්‍රයිව් කරනවා. කොහෙද කියලා කියන්න තේරුමක් නෑ. හැබැයි පාරවල් වෙනුවට තිබුනේ ඇලවල්. මේ සමහර ඒවා ගිහින් ලොකු වතුර පාරවලට වැටෙනවා. සමහර ඒවා මූදටම වැටෙනවා. මම සන්සුන් දියපාරවල් හොයමින් වාහනය එලවනවා. එකපාරටම එකපාරටම මම ගමන් කල වතුර පාර මූදට වැටෙන තැනට මම නොදැනිම ලංවෙලා. මම වාහනේ අමාරුවෙන් නතර කරගත්තා. මූදේ රැලි උස්වෙලා පාත් උනේ හරියට සුනාමියක දර්ශන වගේ. මට පේනවා අනෙක් අයගේ වාහන දැඩි වේගෙන් වතුරට වැටෙන හැටි. ඒත් ඇහෙනවා එයාලා කෑගහලා හිනාවෙන සද්දේ. මම නං නැගිට්ටේ බයවෙලා. නැගිටපු හැටියේ ගෙදරට කතා කලා. හිත සන්සුන් වෙන්න ගොඩාක් වෙලා ගියා. කරදරයක් වෙන්ට වත්ද කියලා මට හිතුනා.
ඔය අර අවුරුදු උත්සවේට ගිහින් පෙරේතකමට කිරිබත් ගොඩක් ගිලලා බඩ පිරිලා වැඩිකමට පෙනුන හීනයක්.. ගනන් ගන්ට එපා.. 😛
මම හිතන්නේ අර කාරෙකේ හිනාවෙවී යන්ට ඇත්තේ බූරා වෙන්ටැති. ඒකයි මම බයවෙන්ට ඇත්තේ.
.@ praveena,
ස්වප්න පලාපල විශ්ලේෂණ ග්‍රන්ථය අනුව නිසැකවමම පැවසිය හැක්කේ යුෂ්මතියට දර්ශනය වුනු ස්වප්නය ඉතාමත් ශුභඵල දායක වන බවයි.ජලය දැකීම යනු ඉතාම වාසනාව ගෙනදෙන කාරණයක් වන අතර මහා මාර්ගය වෙනුවට ජලය මත රිය පැදවීම මඟින් සංකේතවත් කරනුයේ ජීවිතයේ මෙතෙක් ඔබ පීඩා විඳි විවිධ දුක් දොම්නස් බලාපොරොත්තු කඩවීම් සියල්ල සූර්ය්ය රශ්මිය පතිත වූ කල්හි තිමිර පටල වියැකී යන්නේ යම්සේද එලෙස අන්තර්ධාන වන බවයි.
අවසන දියපහර ඔස්සේ ඔබ මුහුදට ලඟාවීම දර්ශනය වීම අනුව නිසැකවම කිව හැක්කේ ඉතාම නුදුරු අනාගතයේදී ඔබේ පැතුම් සහ අපේක්ෂාවන් පැතූ ලෙසම මල්පල ගැන්වෙන බවයි. ශාන්තියක්ම වේවා, දරුව !!!
අනේ වාසනාවං පොඩි කුමාරිහාමි අක්කෙ….!!!!
අනේ අක්කේ ඕවට කියන්නේ වර්චුවල් හීන… නම හැදුවේ මම. මොකද මටත් ඔය හීනෙ පේනනේ මහ අමුතු විදියට. ඈත්ත ලෝකෙයි හීන ලෝකෙයි සින්ක්‍රොනයිස් වෙනවා සමහර වෙලාවට. ඉතිං මං ගත්තා අපේ අම්මලා මං ඉපදුන දවස්වලට මට හීන සම්බන්ද add on ටිකක් ඉන්ස්ටෝල් කරන්න ඇති කියලා… මං පෝස්ට් එකකුත් දැම්මා ඒ ගැන.
කෝ ඔයා මට ලින්ක් එක දාල නෑනෙ ඔයාගෙ කතාවෙ
ඒ කියන්නේ ඔයා මගේ පෝස්ට් එක කියෝලා නෑ… 😦 නාක අක්කා…
https://prasanna86k.wordpress.com/2011/03/27/%e0%b6%87%e0%b6%a9%e0%b7%8a-%e0%b6%94%e0%b6%b1%e0%b7%8a-%e0%b6%af%e0%b7%8f%e0%b6%9c%e0%b7%99%e0%b6%b1-%e0%b7%84%e0%b7%93%e0%b6%b1-%e0%b6%b6%e0%b7%90%e0%b6%bd%e0%b7%93%e0%b6%b8%e0%b7%9a-%e0%b7%83/
කියෙව්ව කියෙව්ව ඕං…!
මේ හොර මාළුවා නමකුත් දාලා.මේ මට නං ඊයේ පෙරේදා HD 3d හීනෙකුත් පෙනුනනේ.මම හීනෙන් වැටිච්ච පාර ඇදෙනුත් වැටිලයි ඇහැරියේ…. 😀
හීන සාගරයක්.
හීන දැක්කට ඒ ගැණ් අවැඩි දුර හිතුවේ නැ මෙතුවකට.ඒත් දැන් ඉදන් දකින හීනේ ගැන ටිකක් උවමනාවෙන බලන්න ඕන 🙂
සාදරයෙන් පිලිගන්නව පබලුවත්!!!
බලන්ඩ බලන්ඩ…
එතකොට අර අපේ ලකීට වගේ සිහින දැකීමේ කලාව ප්‍රගුණ කරන්ඩ පුලුවං වෙයි ඔයාටත්
ඔය ඉතාම විචිත්‍ර ඒ වගේම වර්ණ සිහින පෙනෙනව කියන්නෙ මනසේ ක්‍රියාකාරිත්වය වැඩි අයටයි.පාට හීන පෙනෙනවයි කියන්නෙ මිනිස්සුන්ගෙන් 5% විතරයි කියලයි මම අහල තියෙන්නෙ.
වර්ණ සිහින පෙනෙනවයි කියල හිතන හුඟ දෙනෙක් ඇත්තටම එහෙම සිහිනයක් දැක්කයි කියල හිතන අයයි කියලත් කියනවා. මෙතන එතකොට මතුවෙන ප්‍රශ්නෙ තමයි සිහිනයක් ගැන සිහිනයක් මවන එක අයිති වෙන්නෙ සිහින ගණයටද නැත්නම් සිහින ඇතුලේ සිහින කියල වෙනම ගණයකටද කියලයි.
මම ඉඳහිට දකින සිහිනයක් තමයි,………හෙහ්, හෙහ්, කියන්ඩත් නිකම් ලැජ්ජයි වගේ……සම්පූර්ණ නිරුවතින් මම ඔන්න සෙනඟ ගොඩක් මැද්දෙ ඉන්නව, හරි පාරක ඇවිදිනව හරි. හැබැයි කිසිම කෙනෙක් මා දිහා පුදුමයෙන් වගෙ බලන්නෙ එහෙම නැහැ. එයාල එයාලගෙ පාඩුවෙ වැඩ. මම මගේ පාඩුවෙ ඉන්නව, නැත්නම් පාරදිගේ යනවා. එච්චරයි.
සිහින ඇතුලෙ සිහින දැකල තියනවද නංගි, ……….. ඒ කිව්වෙ ඔන්න අපි හොඳාකාරවම දන්නව අපි මේ දකින්නෙ හීනයක් කියල……… ඒත් ඒ හීනෙදි අපි නිදාගෙන ඔන්න තවත් හීනයක් දකිනව. මේ වැඩේ වෙන්නෙ නම් බොහොමත්ම කලාතුරකින්. පහුවදා ඇහැරෙන්නෙ තද ඉසේ ඇම්මකුත් එක්ක.
ඕක මටනං වෙන්නෙ පොඩ්ඩක් වැඩිවුන වෙලාවට.. 🙂
කෝකද බං, නිරුවත් සංචාරයද, නැත්නම් සිහින තුල සිහින දැකීමද, නැත්නම් මේ දෙකමද?………හෙහ්……..හෙහ්,
අයියෙ දවසක් අපි මේ ගැන දිගට කතා කලා වගේ මතකයි. ඒ වගේම ඔය කතාවම මමත් කිව්ව වගේ මතකයි… හැබැයි බූරයිය වගෙ දෙකක් දාගෙන නං නෙවෙයි….නැද්ද??
එහෙනං, එහෙනං, නඟේ, කතා කොලා නෙවෙන්නම්, හැබැයි බූර මලේට වගේ නෙවෙයි ඔන්න, මට නම් දෙකක් දාගත්තම හීන නෙවෙයි, උදේ ඇහැරෙනකල් උන්නද මලාද දන්නෙ නැහැ…….හෙහ්……හෙහ්,
අනික දෙක,…….. තුන හතර උනාම නිරුවත් සංචාරයෙ යන්නෙ හීනෙන් නෙවෙයි, අනෙ අම්මප, හැබැහිං………හෙහ්……..හෙහ්………හැබැහිං,
සංසාරේ……………….සංසාරේ!!!! 😀