අමතක මතක දොර…

හෙලෝ… මොනවද කරන්නෙ??

මං මේ රෙදි නවනව.. කාමරේ අස් කරගන්ඩයි හදන්නෙ..

ආ .. ඇත්තද… එහෙනං වහාම ඒව සේරම නවත්තන්ඩ. නවත්තල පෝස්ට් එකක් ලියන්ඩ….

ආ… මං තාම රෑට කෑම හදලත් නෑනෙ…

ඒකට කොච්චර වෙලාවක් යයිද කියල කියන්ඩ පුලුවංද?

ම්… පැය බාගයක්… කාල සේරම අස් කරන්ඩත් එක්ක පැයක් විතර…

අපෝ බෑ… බැරි වෙයිද විනාඩි හයකිං විතර පෝස්ට් එකක් ලියල දාන්ඩ…

මොකක්??

මේකයි.. වැඩි වෙලාවක් දෙන්ඩ බෑ…. හරි එහෙනං පැය කාලකිං ලියන්ඩ…

දැං මං ගෙදර ගිහිං ඒක කියවල  ඊට පස්සෙ තීරණය කරනව තව පෝස්ට් කීයක් අද ලියන්ඩ ඕනෙද කියල….කොයිකටත් තව තුනක්වත් ලියන්ඩ ලෑස්ති වෙන එකයි ඇත්තෙ හරිද?

දැන් ටිකකට කලින් ගෙදර යනගමන් මට කතා කරපු පෙම්බරය අණ කළා..

ලියන්ඩ නං හිතාගෙන තමයි ගෙදර ආවෙ… ලියන්නෙ මොනවද කියල හිත හිතා තමයි බස් එකේ ආවෙත්..

ඒත් ගෙදර ඇවිල්ල ඇඟපත හෝදගත්තම කම්මැලිකමකුත් ආව…

දැං මොකද කරන්නෙ??

ඕං ඔහෙ ලියමු එහෙනං……

අද නං ලියන්නෙ පෙම්බරයගෙ කරදරෙං බේරෙන්ඩයි…

එහෙනං එකතු වෙන්ඩකෝ කියවන්ඩ…

ඔන්න අදත් හවස වැඩ ඉවර වෙලා මම බස් එකට නැංගා..වාසනාවට වගේ සීට් එකක් ලැබුණ නැග්ග ගමන්ම

බස්එකයි, ඉඳගන්ඩ සීට් එකයි දෙකම හම්බ වුණා කියල පෙම්බරයට කෙටි පණිවිඩයකුත් යවල.. මම හරිබරි ගැහුණෙ මගේ පිස්සු කල්පනා ලෝකෙට දැහැන්ගත වෙන්ඩයි….

ඔය වෙලාවට ලෝකෙ නැති දේවල් කල්පනා වෙනව….කොන්දොස්තර හරි නැත්තං කවුරුහරි දැහැන බින්දෙ නැත්තං

පුංචි සිදුවීමක් ඔස්සේ දුර ගමනක් යන්න හිතට පුලුවන් නෙ…

ඉතිං ඔය දකින දෙයක්, ඇහෙන දෙයක් ගැන හිතෙන දේ කෙලවර වෙන්නෙ ඒක ඔස්සේ සෑහෙන්ඩ දුරක් ගිහින් සමහර වෙලාවට අර ඉස්සෙල්ලාම වෙච්ච දේ අන්තිමට මතකවත් නැති වෙන තරම් දුර ගිහින්….

මං හිතන්නෙ මගෙ හිතට සිතිවිලි එන වේගෙ හරිම වැඩියි… එකක් පස්සෙ එකක් ඒකට පස්සෙ තව එකක් ඔන්න තව එකක්, එතකොට කලින් හිතුනෙ මොකද්ද???

ඇයි මට එහෙම හිතුනෙ??? එහෙම හිතෙන්ඩ කලින් මොනවද මට හිතුනෙ….?

මේව ට උත්තර හොයන්ඩ ගියොත් නං පිස්සු හැදිල තමයි නතර වෙන්නෙ…

මම තරමක් පොඩි කාලෙ ඒ කියන්නෙ අවුරුදු දොළහක් පහලවක් කාලෙ මේ තත්වය හරිම වැඩියි…

මොකද්ද චූටි පුතා වෙලා තියෙන්නෙ??? ඔයාට මේ කිව්ව දේ මේ මතක නෑනෙ….

අපේ අම්මගෙන් මම ඔය වැඩේට  ඇති තරං බැනුම් අහල තියෙනව

ඔය වැඩේ  සිද්ද වෙන්නෙ මෙන්න මෙහෙමයි….

මං ඉතිං කොයි වෙලෙත් ඉන්නෙ මනෝ ලෝකෙ නෙ….

චූටි පුතා………… ගිහින් ෆ්‍රිජ් එකෙන් දෙහි ගෙඩියක් ගෙන්ඩ….

කුස්සියෙ උය උයා ඉන්න අම්ම කියනව….

මං ඉන්නෙ වෙන සිහියක… එක්කො කියවපු කතාවක චරිතයක් එක්ක හිතෙන් සංවාදයක්….

එහෙම නැත්තං ඒ මං චරිතය බවට පත් වෙලා එයා මම නං මොනව කරයිද?? කියල හිත හිතා…

දැං අම්ම මොනව හරි ගේන්ඩ කිව්ව කියල මට ඇහෙනව මේ අස්සෙම..

මම නැගිටල යනව…

ඇයි මම මේ යන්නෙ…. ? යන අතරෙ කල්පනා වෙනව

අම්ම මොනව හරි ගේන්ඩ කිව්ව නේද???

ඔන්න දැං මට මතක නෑ….

මේ වගෙ වෙලාවට ආපහු ගිහින් අම්මගෙං ඇහුවොත් එහෙම ඇතිවෙන තත්වෙ හිතා ගන්ඩ පුලුවන්නෙ?

වෙලාව කියන්නෙ මට තියෙනව තැනක් ඒ වගෙ දේවල් මතක් කරගන්ඩ යන…

ඒක අපේ ගෙදර කුස්සිය හදල නැති කාලෙ ඒ කියන්නෙ අපි තාත්තලගෙ මහ ගෙදර කුස්සියෙ උයන කාලෙ, අපේ ගෙදර කුස්සියට ඇතුල් වෙන්ඩ තිබුණ දොර…

(දැන් ඔන්න එක්කෙනෙක් කල්පනා කරනව ඇති මේ කියන්නෙ අපේ ගෙදර කොයි දොරද කියල???)

මේක නිකංම නිකං දොරක් විතරයි.. කිසිම ඉන්ද්‍රජාලික වටිනාකමක් නෑ ඒකට…

ඒත් මොන එකක්ද මන්ද මට එතෙන්ට ගිහාම අර ගේන්ඩ කිව්ව දේ මතක් වීමේ සම්භාවිතාව සෑහෙන්ඩ වැඩි බව මම ඒ පොඩි වයසෙදි තේරුම් අරං තිබුණ…

පිස්සු වගේ නේද හිතද්දි???

ඇත්තටම වෙන්නෙ මෙන්න මේකයි

මං අම්ම කිව්ව දේ මතක නැතුව අර දොර ලඟට යනවනෙ…

ගිහිං අර මගෙ කල්පනා ලෝකෙ පොඩ්ඩක් පැත්තකිං තියල පියවි සිහියට ඇවිත් කල්පනා කරනව මොකද්ද වෙච්ච දේ කියල…

මොනවද මම දැක්ක විදියට අම්ම කර කර හිටියෙ?

එයා හිටියෙ ලූණු ලියමින් කියල මට යාන්තමට මතකයි.. එහෙනං ලූණු නෙවෙයි නෙ ඉල්ලුවෙ…

ඊලඟට හිතනව උයනව කියල කිව්වෙ මොනවද කියල?

එතකොට යාන්තං මතක තියෙනව එයා ලූණු සම්බෝලයක් හදනව කිව්ව කියල…

ඒ එක්කම මතක තියෙනව මොනව හරි ඒ දේ ගේන්න කිව්වෙ ෆ්‍රිජ් එකෙං කියලත්…

එතකොට තව ලූනු සම්බෝලෙකට දාන දේවලින් ෆ්‍රිජ් එකේ තියෙන්නෙ අමු මිරිස් විතරයි… එව්ව දිගටියි නෙ මොනව වුණත් අම්ම ගේන්න කිව්ව දේ රවුම් කියල ඒ දේ ඇහුණ ගමං මගේ ඔලුවට ඒකෙ හැඩය ගැන අවබෝධයක් ඇවිල්ල තියෙනව යාන්තං…මොනවද රවුම් දේ ?

සම්බෝලෙට දාන .. ෆ්‍රිජ් එකේ තියෙන….??

අහස පොළව ගැටලන්ඩ කල්පනා කරල කරල කරල කරල….

ආ දෙහි නෙ…

මතක් වෙනව යාන්තං….

ඉතිං දෙහි ගෙඩිය ගෙනියනකොට ඒක ගේනකල් බලං ඉඳල ඇති වෙච්ච අම්ම වැඩේ නවත්තල මගට ඇවිත් මෙච්චර වෙලා මොනව කරනවද කියල බලන්ඩ…

හිනාම යන වැඩේ තමයි අම්ම මොනව හරි දෙයක් අතට දීල ඒක ෆ්‍රිජ් එකේ තියන්ඩ කියනවනෙ….

මම ඒකත් අරං යන්නෙ වෙන කල්පනාවක නෙ…

ගිහින් ගිහින් කාමරේ ඇතුලට ගිහින් අරින්නෙ අල්මාරියෙ දොර…

මම දැන් ඔය අත්භුත දොර ගැන කිව්වට ඒ කාලෙ  කා එක්කවත් කියල නෑ.. මොකද මම හිතෙන් හදාගත්ත නීතියක් තිබ්බ මම ඒක කාටහරි කිව්වොත් එහෙම ඒ දොර ලඟ තියෙන බලය නැති වෙලා යනව කියල…

මල්ලි මට කියල තියෙනව ඉස්සර එයාටත් එහෙම හදාගත්ත නීති තිබ්බලු එයාගෙ හිතේ හිටපු යක්කු හොල්මන් එක්ක…

මල්ලි පොරවන රෙද්ද ඔලුවෙ ඉඳල පොරවගත්තම යක්කුන්ට එයාව පේන්නෙ නෑ.. ඒ වගේම යක්කු දන්නෙ නෑ එයා එතන ඉන්නව කියල.. ඉතින් බයක් නැතුව ඉන්ඩ පුලුවන් රෙද්ද පොරවගත්තාම

හරියට ගිවිසුමක් ගහල වගේ…

රවී අයිය නං කියන්නෙ… නංගි උඹ වගෙ උන් නං ලෝකෙටම ඇත්තෙ උඹ විතරයි කියල…

දෙකක් නෑ අපේ පෙම්බරයට ඔයිට වඩා තව තව දේවල් හිතෙනව ඇතිනෙ මගෙ පිස්සු වැඩ ගැන  කිව්වෙ නැති වුණාට….

 

Advertisements

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in මට හිතෙන හැටි. Bookmark the permalink.

37 Responses to අමතක මතක දොර…

  1. yajith පවසයි:

    දැන් මොන දොර ගැනද මේ කියල තියෙන්නෙ?

  2. yajith පවසයි:

    බොහොම හොඳයි! ලකුණු 3/10ක් විතර දෙන්න පුලුවන්..! ඊලඟ එකත් ලියන්න දැන් පටා…න් ගත්තනම් හරි! හිහ්..හිහ්! 😉

  3. සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත පවසයි:

    හපොයි අන්තිමට දෙහි, බටර්, චීස්, එළවළු ජාති අල්මාරියෙ තියෙද්දි ඇඳුම් පොත් එහෙම ෆ්‍රිජ් එකේ තිබ්බද දන් නෑ!

    නගාගෙ පෙම්බරයගෙ අණාඥාවනං කෝටියක් වටිනවා. කොයි තරං පුංචි දේවල් වලින් හරි අපූරු හිතුවිලි, කතන්දර ගොඩනගන්න පුළුවන්ද, නේද?

    රවි අයියා කියලා තියෙන කතාව ගැනත් කියන්න දෙයක් තියෙනවා. අපි හැමෝම ගත්තොත් එහෙමයි, තමං වගේ මේ ලෝකෙටම ඉන්නේ තමන් විතරයි. මේ කතාව කියවලා බලන්නකෝ. මේක මම ඇහැව්වේ අපේ ඉස්කෝලේ විදුහල්පතිතුමිය පවත්වපු කතාවකදි. ඔන්න මං දැං යනවා නගාගෙ කළිං ලිපිය කියවන්න.

  4. හපුච්චේ මෙහෙමත් මනෝපාර ගහනවා කියලා මනෝපාර ගහන සිරිතක් ඇතෙයි?අනේද කියන්නේ.අක්කණ්ඩියි මලයණ්ඩියි දෙකම එකයි නොවැ.

    පෙම්බර උත්මයගේ පොටෝ එකක් කාරිය තිබුණා නං මල් වට්ටියක් පුදලා දුං ටිකක් අල්ලනවා,හුදී මල්දෙණිය වාසීන්ගේ හිත සුව පිණිස පෝස්ට් කටුවක් කොටාපිය කියලා අණ කොරාට!
    හිහ්හී මෙව්ව කියලා අක්කණ්ඩි ඉලපත අරං පැන්නුවොත් එහෙම මාව බේරන්ට කට්ටිය ඉදීයි නේ?

  5. සනත් පවසයි:

    ඇ…….ජනූ, අම්ම “චූටි පුතා” කිව්වෙ ඔයාටද මල්ලිටද?
    අම්ම “චූටි පුතා” කිව්වෙ ඔයාට නම්, ඔය අමතක වීම ආරෙට එන එකක්…..
    මොකද මල්ලිටත් ඉතින් ටිකක් ටිකක්……………..

    (මම අදයි බ්ලොග් එකට ආවෙ… කියවන්න දුක්විදින්න ඕනෙ නැ…… එල)

    • මට මට…. මල්ලි සුදු පුතා මම චූටි පුතා.. අපේ ගෙදර දුවල නෑනෙ 😉
      මේ තියෙන්නෙ මගෙ මුල්ම සටහන් අතරින් එකක් සනත් ඉස්ඉස්සෙල්ලම ආව එකේ තෑග්ගක් හැටියට මෙන්න ලිංක් එක…
      ගිහිං කියෙව්වනං 🙂
      අපේ මලයයි මායි

      • Buratheno පවසයි:

        හිහි.. අපේ ගෙදර අක්කා ලොකුපුතා මං චූටිපුතා.. ඔහොම ඉදලා ඉදලා අවුරුදු බරගානකට පස්සෙ නංගි ආවම එයා බලෙන්ම උදුරගත්තා චූටිපුතා පට්ටම.. මං නිකංම නිකං පුතා වුනා.. ඔන්න බලන්ට පිරිමින්ට වෙන අසාධාරණකං.. 🙂

      • සනත් පවසයි:

        දැන් නෙ දන්නෙ මේක විහින් දා ගත්තු ලෙඩක් කියල……….. හෙ හේ.
        අර ෆ්‍රිජ් කතාව කිව්වම මතක් උනෙ…..
        අපේ තාත්තගෙ යාලුවෙක්ගෙ නෝන කියනවලු හැමදාම “අනේ අපිත් ෆ්‍රිජ් එකක් ගමු ” කියල
        ඔන්න තියෙන වදේටම අරගෙන දුන්නලු ෆ්‍රිජ් එකක්…
        දවසක් මෑන්ට හිතුනලු ෆ්‍රිජ් එක ඇරල බලන්න මොනවද තියෙන්නෙ කියල………
        හා හා පුරා කියල ඇරියලු ෆ්‍රිජ් එකෙ දොර…………..
        මොනව ඇති කියලද හිතන්නෙ??????????????

        -පොල් බෑයක්- විතරමයිලු.

  6. Buratheno පවසයි:

    හිකිස්.. අර යක්කුන්ට පේන්නැතිවෙන්ට ඔළුවෙ ඉදන් පොරවගන්න එකනං මාත් කොලා චූටි එකා කාලෙ.. හැබැයි හොදට පොරවගන්ට ඕනෙ.. යාන්තං හුළං පොදක් එන ගානට හරි පොරවන රෙද්ද එහා මෙහා වෙලා තිබ්බොත් ඉවරයි.. ඕක වැඩියෙන්ම වෙන්නෙ අම්මා එපා කියන එක අහන්නැතුව පණ්ඩිතකමට ටීවී එකේ හොල්මන් ෆිල්ම් බලලා නිදාගත්ත දාට තමා..

  7. praveena පවසයි:

    ඔයාට ඕක තිබුනේ පොඩි කාලෙනේ ජනු. මට තාමත් තියනවා. සමහර වෙලාවට පිඟන් හෝදලා, පිහලා ගිහින් ෆ්‍රිජ් එකේ දොර අරිනවා. 😀

    ඔයාගේ පෙම්බරයා නම් මාර පෙම්බරයෙක්නේ.

  8. Ravi පවසයි:

    නංගි, අපිට අමතක යමක් නැවත මතක් කරගන්න අවශ්‍ය උනාම අපෙ මනස ක්‍රියා කරන ආකාරය ඔයා අපූරුවට විස්තර කරල තියෙනව. ඔහොම තමයි ඒ ක්‍රියාවලිය සිද්ධ වෙන්නෙ. අමතක උනු දේට නැත්නම් සිද්ධියට සම්බන්ධ දෙයක් මතකයට අරන් ඒ ආශ්‍රයෙන් තමයි අදාල දේ මතක් කර ගන්නෙ.

    දැන් ඔය සුවිශේෂී දොර කෝකද කියල එහෙම අමතක වුනොත් නම් මහ ජංජාලයක් නෙව බොලේ සිද්ධ වෙන්නෙ… අනික, අලුත් ගෙදරට ඔය දොර ගලවල ගෙනැල්ල හයි කරගන්ඩත් වෙයි නෙවද?…හෙහ්,…..හෙහ්,

  9. Lucky Wickramasinghe පවසයි:

    අපොයි ඇති යන්තම්. මම හිතාහිටියෙ මේ වගේ හිතන අය ඉන්නේ මම විතරයි කියලනේ. මාර සහනයක්!

  10. තාරක Dilsh@n පවසයි:

    ඔලුවෙ ඉදන් පොරෝ ගන්න එකනම් මමත් තාම කරනවා.
    මනෝ පාරක් දාන ලෙඩත් ගොඩක් වෙලාවලට තියෙනවා. අන්තිමට ඇයි එහෙම දෙයක් ගැන හිතුවෙ කියල මතකත් නෑ

  11. Priyantha පවසයි:

    මාත් මේ ඊයේ පෙරේදා දවසක කාපු පිඟාන හොදල ෆිජ් එකට දාන්න ගිහින් අම්මාගෙන් බැණුමුත් ඇහුවා. මොන සිහියෙන්ද ඉන්නේ කියල. ලොකුම වැඩේ ඔය එක එක විකාර ඔලුවේ තියන් ගෙදර යන එක. ඊයෙත් පාරේ වාහනයක හැප්පෙන්න ගියා. අම්මෝ ආයෙනම් යන එන වෙලාවට කිසිදෙයක් හිතන්නේ නැතිව යන්න ඕන.
    බලන් ගියාම ජනූට විතරක් නෙවේ කාටත් ඔය පිස්සු වඩ තියනවා වගේ.

  12. මධුරංග පවසයි:

    ටෙරාබීතියාවට යන පාලම වාගේ !
    ලස්සන මතකයන් ගොන්නක්..

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )