දේදුන්නටත් බය මං….

සද්දයක් බද්දයක් නැතිව කාලයක් ගෙවුණ..

රස්සාවෙ වැඩ ඉවර වෙච්ච ගමන් මාමව බලන්ඩ දිව්ව…ගෙදර ගියේ රෑට රෑ වෙලා…

අම්මයි මාමගෙ බිරින්දැයි දෙන්නත් හිටියෙ අපේ නවාතැනේ නිසා වෙනද වගෙ රෑ වෙනකල් ජාලගත වෙන්ඩ තරම් වෙලාවක් වත් හිතක්වත් තිබුණෙ නෑ

එයාලට කන්ඩ මොනව හරි හදල දීල නින්දට යනව ඇරෙන්ඩ…

අද මේ ලියන්න පටන් ගත්තෙ නැත්තං මට මේ කම්මැලිකම පුරුද්දට යාවි….

මල්දෙනියෙ කතා ලියන්න නං බෑ මට දැන්මම…

ඉතිං මොනවද ලියන්නෙ කියල හිත හිතා ඉන්නකොට මතක් වුණා පොඩි දෙයක්…

අපේ හිත් වල තියෙනව නේද පුංචි පුංචි බයවල්…?

දැන් මේ කියවන අය සමහරු කැරපොත්තන්ට මකුලුවන්ට මීයන්ට හෙම බය ඇති නෙ…

මම සත්තුන්ට නම් ඒ හැටි බයක් නෑ…

ඒත් මම  බය හරිම අරුම පුදුම දේවල්වලට

අවුරුදු තුනක් හතරක් තරම් පුංචි කාලෙ මම රෑට නිදාගත්තෙ කිරිඅම්ම ලඟ..

ඒ කියන්නෙ දඹදෙනියෙ ගෙදර අපේ තාත්තගෙ අම්ම ලඟ…

ඔය වයස වෙනකොට අපිට තේරෙනවනෙ මිනිස්සු මැරෙනව, අපිට ලඟින්ම ඉන්න අය අපිව දාල සදහටම වෙන් වෙනව කියල… ඉතින් මට එයා මැරෙයි කියල ලොකු බයක් හිතේ තිබුණ..

මං කොච්චර බයද කියනව නං හවස කෑම කාල එහෙම මාවත් එක්ක ගිහින් නිදාගෙන ඉන්න කොට මම කිරිඅම්මගෙ පපුවට අත තියල බලනව එයා හුස්ම ගන්නවද කියල…

අනික තමයි අපායට තිබුණ බය

අම්මයි කිරි අම්මයි දෙන්න  පණ පිහිටුවල අපායෙ යමපල්ලො දෙන දඬුවම් විස්තර කලාම මට ඒව මැවිල පෙනුන..

ඉතින් බැරි වෙලාවත් කූඹියෙක් හරි මැරුණොත් මගෙ අතින් මම බයේ ගැහෙනව… අපායට ඇදන් යාවි එවෙලෙම පොළව පැලිල කියල…බොහෝ විට එදා රෑට නිදාගන්නෙ ඉතින් කෑමක් බීමක් නැතුව තමයි…

ඒ විතරක් නම් මදැයි..

පළවෙනි වතාවට දතක් වැටුණාම කිරි දත් වැටෙන බව නොදැන හිටපු මට මැරෙන්න හිතුණ…

ඒත් ඒ කාලෙ මැරෙන්න හිතුණට මැරෙන විදිය දන්නෙ නෑ නෙ

දැන් කාලෙ ළමයින්ගෙන් ඇහුවනම් එකට දහයක් කියයි මැරෙන හැටි…

ඉතින් ඔය අතරෙ තව අපූරු බයක් තිබුණ මට

ඒ තමයි දේදුනු භීතිකාව

මම පළවෙනි වතාවට අහසෙ දේදුන්න දැක්කෙ පුංචි කාලෙ සෙල්ලම් කරන්ඩ තනියම මිදුලට ආව හවසක

හදවත ගැහෙන සද්දෙ එළියට ඇහුන නම් ඒ ගැන පුදුමයක් නෑ….

ඒ අපූරු වස්තුව දැකල මම බයවෙච්ච තරම මට අදත් මතකයි…කොච්චර ලස්සන වුණත් මට ඒක දිහා තනියම බලන් ඉන්ඩ බැරි වුණා….

මං කෑ ගහගෙන ගෙට දිව්ව වගෙත් මතකයි…

අදටත් තනියම දේදුන්න දැක්කාම කොච්චර බලන් ඉන්න ආස වුණත් මම බයයි…

ඒ විතරක්යැ…. අර අනූ ගණන්වල අහසෙ දකින්ඩ ලැබුණු හයකූටාකේ වල්ගාතරුවටත් මම බය වුණානෙ…

ඒක බලන්ඩ කොච්චර ආස වුණත් මල්ලි හරි තාත්ත හරි නැත්නම් මම නම් නෙවෙයි එළියට ගියේ…

ඒකෙන් පස්සෙ මම  මගේ ගැන නිගමනය කලේ මෙන්න මේකයි

මම අත්භූත දේවල්වලට බයයි…

ඒත් එහෙමමයි කියන්ඩත් බෑ….

කිරිඅම්මත් එක්ක දවසක් රෑ ලිඳ ලඟට ගිහින් එයා මූණ කට හෝදගන්න කං ඉන්න වෙලාවක

සරස්!!!!

ලිඳේ බාල්කෙ ගෑවි නොගෑවී ගිය ගිනි පෙනෙල්ලක් වගේ වස්තුවට මගෙ ඇස් නිලංකාර වෙලා කතා කරගන්ඩවත් බැරි වුණා මොහොතකට…

වෙන එකක් තියා ආං…. කියල කිරි අම්මට පෙන්නගන්ඩවත් බැරි වුණා…

කතන්දරේ අහපු කිරි අම්ම කිව්වෙ

ඒ දේවතා එළියක් නෙ පුතේ….මහ දේවතා බණ්ඩාර දෙයියො වඩිනවනෙ  දේවාලෙ ඉඹූල් ගහට….  ඕං දැං ආපහු වඩියි තව පොඩ්ඩෙං කියල…

ඇත්ත නැත්ත නං මං ද ඒත් ඒ එළිය ගියේ නම් ඉඹූල් ගහ පැත්තට තමයි

මහ දේවතා බණ්ඩාර දෙයියො එදා ආපහු වඩිනව දකින්ඩ අපි එළියෙ හිටියෙ නෑ ඒ තරං වෙලාවක්…

ඒත් පස්සෙ මං තරමක් ලොකු කාලෙ අම්ම එක්කල ඒ වගේම ලිඳ ලඟ ඉන්නකොට ආයෙමත් සරස් ගාගෙන දේවතා එලිය ගියා!!!

ඒක ආවෙ නම්  ඉඹුල් ගහ පැත්තෙ ඉඳල තමයි!!!

ඒත් මට ඔය දෙවතාවෙම බයක් දැණුනෙ නෑ එහෙමට..

ඒක ක්ෂණයකින් වෙලා ඉවර වෙච්ච හින්දද මන්ද මට ඒ ගැන ඇති වුනේ බයකට වඩා කුතුහලයක්…

අනේ හැබෑටම අපේ හිත්වල හැටි!!!!!

Advertisements

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in මට හිතෙන හැටි. Bookmark the permalink.

22 Responses to දේදුන්නටත් බය මං….

  1. Buratheno පවසයි:

    නගා ආයෙමත් මොන මොනවා හරි කුරුටු ගාන්ට ගත්ත එක ගැන සංතෝසයි.. හිතේ තියෙන පීඩනයෙන් නිදහස්වෙන්ට ඒකත් රුකුලක් වෙයි.. මල්දෙණියෙ කතාම නොකිව්ව කියාලා අපේ අමනාපයක් නෑ ඕං.. මොනා ලිවුවත් අපි ඇවිල්ලා කියවනවා..

  2. praveena පවසයි:

    මගේ බයක් තියනවා ගොඩාක් උස, ලොකු බිල්ඩින් වලට. මට මතකයි මම ටෝකියෝ ගියපු වෙලාවක (ලඟදි නෙවෙයි ) අපි ගිය ට්‍රේන් එක නගරෙට ඇතුල්වෙද්දි මට දැනුනු බය. කූඹියෙක් ඇත්තු ගොඩක් වට කරගත්තා වගේ. මම බය උනාම අප්පච්චි මට සැර උනත් එක්ක. මහ රෑක පිට්ටනියක තනිවෙලා අහස දිහා බැලුවාමත් මට එන්නේ අමුතුමෙ හැඟීමක්. තව කාගේ හරි අතක්වත් අල්ලගන්න හිතෙනවා. ඒ වෙලාවට විශ්වයයි මායි විතරයි . මහා තනිමක් දැනෙන්නේ. හිටපු ගමන් උඩින් මොකක් හරි පාත් වෙයිද කියලා හිතෙනවා.
    බලාගන ගියාම අනෙක් අයට මොන වගේ බයවල් තියනවද කවුද දන්නේ?

  3. හිනා නෙවෙයි.
    ඔය හිනා වෙන කට්ටිය මොනවටවත්ම බය නැද්ද හා???

  4. සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත පවසයි:

    😀
    මංනම් වැඩියෙංම බය අර අඬු විහිදගත්තු ලොකූ මකුළුවන්ට. හපොයි, උං මේ ඉන්නවා, මේ නෑ. කොහෙ අතුරුදහන් උනාද කියල හිතාගන්න බෑ.

  5. Priyantha පවසයි:

    මම රෑ අහස දෙස බලන් ඉන්න ආසයි තනියම. ඒත් බයයි උඩින් මොනව හරි දෙයක් එයි කියල (පිටසක්වල යානාවක් වගේ දෙයක්) ආයේ උසක ඉඳන් පහල බලන්නත් බයයි.

  6. Ravi පවසයි:

    ජනූ නඟේ, ඔයාගෙ මේ දේදුන්නට බය වැඩේ, බලාගෙන ගියාම ඉතාම දුර්ලභ දෙයක් නෙව. මම ජංජාලෙ පීරලා බැලුවා, ඒත් ඒ ගැන කිසිම දෙයක් හම්බ උනේ නැහැ. ලිස්ට් එකක් හම්බ උනා ෆෝබියා ( ඔය විවිධ දේවල් වලට බය වෙන එකට කියන්නෙ Phobia කියලනෙ. ) දෙසිය ගානක් තියෙන. බොලේ ඒකෙවත් නැහැනෙ, හෙහ්……..හෙහ්, මම අර කියපු කතාව නිකමට කිව්වට, ඒක ඇත්තම වගේ තමයි පෙනෙන්නෙ. ජංජාලෙ ඔය ලක්ෂණය තියෙන එකම එක්කෙනෙකුගෙ අදහස් දැක්වීමක් විතරයි තිබුනෙ.

    All my life, I have been afraid of rainbows. When I see one, or see one forming, my heart beats faster and I begin to hyperventilate. Sometimes I cry, sometimes if I see it suddenly I can’t help screaming. I have looked up this fear and found no such thing, but I doubt I’m the only one. I propose to call it IRIDOPHOBIA.

    Growing up, I was most afraid of the rainbows you see in the mist of the sprinkler in the lawn. I used to shower with my eyes closed for fear that the spray of the shower would create a rainbow (I was too young to realize this was not possible, though).

    ඔන්න මම උඹට යාලුවෙක් හොයල දුන්න,…….හෙහ්………හෙහ්,

    අපි මේකට නමක් දාමුද?,ම්ම්ම්……..ඉන්ද්‍රචාප භීතිකාව……නැත්නම් ඉඳුසැව් බිය…….මොකද කියන්නෙ?, මරු නේද?

    අනික මට පොඩි ප්‍රශ්නෙකුත් ඔන්න ආව, ඔය ඉස්ත්‍රී පක්සෙ ඇස්බැමි දේදුනු වගෙයි කියල නෙව කියන්නෙ,….ඉඳුසැව් දෙබැමින්….කියල කියන්නෙ ඒකනෙ, ඉතිං බාං එව්වට උඹට බය හිතෙන්නෙ නැත්ද?

    මට නම් ඔය භීතිකා එකක් වත් නැහැ…..නැහැ කියන්නමත් බැහැ…….උඹට කිව්වට මොකෝ…….මගෙ තියෙන්නෙ වලව් භීතිකාව…..හෙහ්,හෙහ්, මම වලව් වලට හරීම බයයි.

    • praveena පවසයි:

      මමත් උදේ ඉඳන් ජංජාලේ පුරාම හොයනවා මේ ‘වලව් භීතිකාව’ ගැන. කිසිම දෙයක් හම්බ උනේ නෑ. අනේ දන්න කෙනෙක් හෝ මොනව හරි විස්තරයක් හොයාගත්තු කෙනෙක් ඉන්නවා නම් කරුනා කරලා මටත් තරහා නැතුව දන්නන්න.

      • Priyantha පවසයි:

        @ praveena
        ඕක කලාතුරකින් හැදෙන ලෙඩක්ග බෙහෙත් නෑ.

      • Buratheno පවසයි:

        වලවු භීතිකාව හෙවත් Haciendaphobia කියන්නෙ නිතර නිතර වලවුකාරයො/වලවුකාරියො ආශ්‍රය කොරන අයට හැදෙන භීතිකාවක්.. වැඩිපුරම වලවුකාරියො ආශ්‍රය කොරන අයට.. මොකද ඔය වලවුකාරියො කියන්නෙ අරුම පුදුම සත්ත්ව කොට්ටාසයක්නෙ.. මේ හොදට ඉන්නවා, මේ ඇගට කඩං පනිනවා.. මේ හිනාවෙලා ඉන්නවා, මේ රවාගෙන ගොරවනවා.. ඉතිං ළගිං ඉන්න අය බොහෝම පරිස්සමින් ඉන්න ඕන කොයිවෙලාවෙ මාරකයක් කඩාපාත්වෙයිද කියලා.. ඕං ඕකට තමා වලවු භීතිකාව කියන්නෙ..

      • Ravi පවසයි:

        මයෙ මලේ, Welcome , welcome to the club, අනෙ අම්මප මම මේ හිතාන උන්නෙ ජනූ නඟාට විතරක්ම තියෙන ඉන්දරචාප බීතිකාව වගෙ වාගෙම මේ වලව්බීතිකාවෙන් අසාද්ද වෙලා ඉන්නෙ මේ අසරණ මම් විතරක්ය කියාල.හෙහ්…හෙහ්…..බොටත් ඒ ලෙඩේම හැදිල නේද?

        අනික වලව්කාරියො ගැන උඹේ නිර්වචනෙ නම් මල් හතයි, පහන් දාහතරයි, අම්මප ඇස්සහක් කටවහක් නෑ, ටක්කෙටම හරි.

        මමත් කල්පනා කලා ඔය ලෙඩේට නමක් දෙන්ඩ. මට මතක් උනේ Manorphobia කියල. ඒත් බොගෙ නම වඩාමත් අගෙයි. Haciendaphobia…… හෙහ්…….හෙහ්…….. කට ඇරල…….., දිව රෝල් එහෙම කරල……. සද්ද කරන කොටත් කොහොමද තියෙන ගාම්බීරකොම විතරක්,

        මොකෝ කියන්නෙ? අපි දෙන්න Organize කරමුද අන්තර්ජාතික වලව් භීතිකා දිනය කියල එකක්, International Haciendaphobia Day , ඔය…….මාර්තු පළවෙනිද වගෙ දවසක් නරකම නැහැ……..හෙහ්……..හෙහ්….

        සකල ලෝකවාසී වලව් භීතිකාවෙන් පෙලෙන්නනි, නැගිටිව්, එක්සත් වෙයව්, බොලාට නැතිවීමට ඇත්තේ රොස්වූ පරිප්පු පමණකි.

        හෙහ්…..හෙහ්……එල නේද?………හෙහ්………හෙහ්,

    • Buratheno පවසයි:

      ඈ බං රවි අයියෙ.. උඹට ෆෝබියා නැහැයිම කියන්ට බෑ නෙවද..?? ඇයි බං මේ ලෝකෙ ගොඩක් පිරිමින්ට පොදු ෆෝබියාව, ඒ කියන්නෙ මේ ප්‍රාණභීතිකාව හෙවත් බාරියාවට ඇති බිය හෙවත් Wifephobiya..

      • Ravi පවසයි:

        හෙහ්….හෙහ්…. උඹ තමයි දවසකටවත් මිනිහා…..මලේ,ඒ කතාව මතක තිබ්බ නේද?……ඒක අමතක උනාවත්, හිතල අමතක කලාවත් එහෙම නෙවෙයි.

        භාර්යා ප්‍රාණ භීතිකාව හෙවත් Chronic Wifephobia කියන්නෙ ලෙඩක්ය කියල මම පිළිගන්නෙ නැහැ. ලෙඩක් නම් හැදෙනව, සනීප වෙනව, ආයෙ හැදෙනව වෙන්ඩ එපාය. අපරාදෙ කියන්ඩ බැහැ, මේක එහෙම නැහැ. සදාකාලිකවම Suffering තමයි.

        ඒ නිසා Chronic wifrphobia කියන එක මම වර්ග කරන්නෙ Occupational hazard – වෘත්තීය උවදුරු ගනයට. It comes with the package. either you would have both……..or none at all.

      • හි හි හි පස්සෙ කාලෙක අපේ පෙම්බරයටත් හැදෙයි නේද මේ පෝබියාව නං???

    • ශා… නියමයි නෙ
      මේ කට්ටිය මාර මාර දේවල් නෙ හොයාගෙන තියෙන්නෙ….
      ඉන්ද්‍රචාප භීතිකාව තිව්වාම ලෙඩක් වඅණත් පොඩි ගාම්භීර ගතියක් තියෙනව නේද??
      අපි එහෙම කියමු…මොනව වුණත් මට යාලුවෙක් හම්බවුණ එක ගැන නම් හරි සතුටුයි…

      දැම්මේ කට්ටියගෙ වලව් භීතිතාවට මොකද්ද අපි කරන්නෙ පොඩ්ඩි අක්කෙ???

      • Buratheno පවසයි:

        වෙන මොනවා කොරන්නද ජනූ නගා.. අර බුදු බණෙත් කියාලා තියෙනවනෙ පෙර සිට ගෙන එන අකුසල කර්ම කොහොමහරි ගෙවා නිමකොරන්ට ඕනෑමය කියාලා.. අපට ඉතිං ඕක ඔහොම්මම කාගෙන ඉන්ට තමා තියෙන්නෙ..

        ඒක නෙවෙයි, රවි අයියයි මායි එකතුවෙලා හදන්න යන්නෙ සංගමයක් වලවු භීතිකාවෙන් පෙලෙන්නන් සදහා.. මේක මේ අන්තර්ජාතික මට්ටමෙන් ක්‍රියාත්මක වෙන, වලවු භීතිකාවෙන් පෙලෙන්නන් සදහා අවශ්‍ය උපදෙස් ආධාර ආදිය ලබාදෙන චැරිටි එකක්. මේක තමා දැනට හිතාගෙන ඉන්න නම: IOANeHaPho (අයියෝ-අනේ-හපෝ) International Organisation for Adults Negated from Hacienda Phobia

        අපේ ඊළග පියවර වශයෙන් අන්තර්ජාතික IOANeHaPho Day එකක් ප්‍රකාශයට පත්කොරන්න තමා සූදානම..

      • මගෙ අම්මේ… මං මේ තාම හිනා වෙනව උඹලගෙ කතාවලට

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )