හිත සමග සටනක!!!

 

ඔන්න හරී……!

චූටි මාම සපෝටර් දෙක හයි කරපු පුංචි චොපර් බයිසිකලේට නැග්ග මම පැදගෙන පැදගෙන වේගෙන් ගියා

හා හා.. හෙමින් හෙමින්… චූටි මාම කෑගැහුව

මෙච්චර දවසක් කකුග් අකුලගෙන පුංචි තුන් රෝද බයිසිකලේ පැද පැද හිටපු මට චූටි මාම ගෙනත් දුන්න රතුපාට බයිසිකලේට නැග්ගම කුරුල්ලෙක් වගේ ඉගිල්ලිලා යන්ඩ ඇත්තං කියල…

ටකස්!!!!

වේගෙන් ගිය බයිසිකලේ සපෝටර් එකක් කැඩිල විසි වුණා එකපාරටම…

බයිසිකලේ වාංගු කරගන්ඩ බැරු වුණු මම බයිසිකලෙත් එක්කල වේගෙන් ගෙදර මිදුල කෙළවරේ බූසි ඇපල් ගහ ලඟ පල්ලමට වැටුණ…

ඇස් නිලංකාර වෙලා ගියා!!!

ඇඟ ගැහෙන්ඩ ගත්ත!!!

ජනනි අක්කි…. ජනනි අක්කි… නැගිටින්ඩ…

මම ගැස්සිලා ඇහැරුණේ මධූ නංගි මගෙ උරහිසෙන් අල්ලල හොළවනකොට…

මම ඇස් පිහදාගෙන වටපිට බැලුව…

මාල නැන්දම්මයි, අම්මයි, පුංචි අම්මයි, පුංචි අම්මගෙ පොඩි දුව මධූයි,  කටිටියම දැඩි සත්කාර ඒකකය ළඟ පුටු පෙළේ ඉඳගෙන හිටිය ගමන මට මොහොතකට ඇස් පියවෙලා හීනත් පෙණුන…

දවස් ගාණකින් හරිහමන් නින්දක් නැති, කෑමක් බීමක් නැති මාල නැන්දම්මට පුටුවක් උඩ නින්ද ගිහින්…

අනේ…..! ඒක දැක්කාම පපුවට ලොකු බරක් ඇවිත් මම පියවි සිහියටආව

අම්මා රෝහල් වායුසමනයෙ සීතල දරාගන්න බැරුව ඔසරි පොට පෙරවගෙන

පුංචි අම්මා දැඩි සත්කාර ඒකකයෙ දොර ලඟ හිටගෙන ඇස් දල්වාගෙන…

දැන් වෙලාව කීයද???

අටයි කාලයි…

හ්ම්….!

මට ලොකු හුස්මක් පිටවුණා…

ඒ පාර මම නැගිටල පොඩ්ඩක් ඇවිද්ද..

මධුත් මගෙ පිටිපස්සෙන් ඇවිද්ද….

අපි දෙන්න තේරුමක් නැති වල්පල් කතා කළා…

ඔයා නේද පුංචි කාලෙ ස්ටේපල් එකක් ඇඟිල්ලට ගහගත්තෙ?

ඔවු ..! ඔයාට තාම මතකද ඒක ජනනි අක්කි??

නැත්තං….?

ඇයි අර මුතූගෙ බත් කන්ද?? කවන කවන කට ෆ්‍රිජ් එක ලඟ දොර මුල්ලට ගිහින් දාල හදපු…

අපි දෙන්නට හිනාගියා එකපාරටම…

අපේ සද්දෙට නැන්දම්මට ඇහැරුණා ඇහැරිලා වටපිට බැලුවා…

තාම ආරංචියක් ආවෙ නෑ නැන්දම්මා…. මම කිව්ව

හ්ම්!!! ලොකු හුස්මක්!!

ඒත් එක්ක දරාගෙන ඉන්ඩ බැරි නිහඬබවක්!!!

දන්නවද මට තමයි චූටි මාම ඉස්සෙල්ලම බයිසිකලයක් ගෙනත් දුන්නෙ..

හීනෙන් දැක්කම ඇත්ත සිද්ධිය මතක් වේච්ච මම නිහඩබව බිඳෙන්ඩ මොනව හරි කිව්ව…

ආ මට මතකයි රතු පාට චොපර් එක… කහ පාට සපෝටර් දෙකක් තිබුණ…

මධුට බයිසිකලේ මතක තිබුණ…

හ්ම්…!!

මාම ඒක ගෙනාවෙ බස්එකේ මිනිස්සු ඉඳගන්න සීට් එකක තියාගෙන… උඩ රැක් එකට දානවට කැමති නැතුව මිනිස්සු දෙන්නෙක්ට කොළඹ ඉඳල බස් ගාස්තු ගෙවල…

අපි දෙන්න කතා වුණා…

නැන්දම්ම හීන් හිනාවකින් අපි දෙන්නගෙ කතා අහගෙන හිටිය…

එයා දන්නව අපි එහෙම කියවන්නෙ එයාගෙයි අපි දෙන්නගෙයි හිත්වල තෙරපෙන පීඩනේ අඩු කරගන්ඩ කියල…

දොරක් ඇරෙන සද්දයක්…..!!!

අපි ගැස්සිලා බැලුව!!!

දොර ලඟ හිටපු පුංචි අම්ම තවත් ලං වුණා….!!

රෝහල් සේවිකාවක් දොර ඇරගෙන ඇවිත් පිට වුනා…

හ්ම්!!!!!

ආයෙත් හැමෝගෙම දිග හුස්මවල්!!!!

හම්මේ….!! මේක නම් හරිම අමාරු වැඩක්!! බලං ඉන්න එක

අද හරි වැඩේනෙ පුතේ උණේ උදේ…

පුංචි අම්මත් බලං ඉන්ඩ බැරිම තැන අපේ සමාගමයට ආව…

ඇයි පුංචි අම්මෙ??

මාම උදේ වලි දැම්මනෙ ඉඳි ආප්ප කන්ඩ බෑ බත් ඕනෙ කියල…

අපිට හිනා!!!
මාම ඉතිං තුන් වේලම බත් කන මනුස්සයනෙ!!

මේ ඉස්පිරිතාලෙ කෝසස් පාං එලවලු කන්ඩ කැමති නෑ නෙන්නං…

ඊට පස්සෙ මම අනූ ආන්ටිට ටක්ගාල කතා කරල බත් ටිකක් ගෙන්නගත්ත

අනේ පවු පුංචි අම්මෙ මාම ඊයෙත් දවසම තේ එකක් වත් නැතුවනෙ.. අර ටෙස්ට් ගන්ඩ ගිහින්..

ඔවු ඒ පාර බත් ටික සේරම කෑව…

හ්ම්!!!
ආයෙමත් පුරුදු නිහඬබව!!!

ද සර්ජරි ඊස් ඔවර්….!

එක පාරටම ඇහුණ කටහඬින් අපි තිගැස්සුණා!!

මාමගෙ ශල්‍යකර්මය කළ ඩොක්ට දේව්ව අපිට ඒ වෙලාවෙ පෙනුණෙ හරියට අපේ ජීවිතවල පැවැත්ම තීරණය කරන දෙවියෙක් වගේ!!!

අපේ සීතල වෙලා ගිය හිත් උණුසුම් වෙන්න ගත්තෙ මාමගෙ සැත්කම සාර්ථකව අවසන් වුණ බව හා කව ටික වෙලාවකින් දැඩි සත්කාර ඒකකයට ගේන බව ශ්‍යල්‍යාගාර ඇඳුම පිටින්ම එළියට ආව ඩොක්ට දේව් කිව්වමයි..

හැමෝගෙම මූණුවල හිනාවක් ඇඳුනා!!!!!!!!!!!!

විස්තර කරන්ඩ නම් අමාරුයි ඒ වෙලාවෙ හිතේ ඇඳනු දේවල් සේරම!!!

මං හිතන්නෙ නෑ මං විස්තර කරන්ඩ ඕනෙයි කියල

ඒව ඔයාලට දැනෙන බව මම දන්න නිසා!!!!

 

Advertisements

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in Uncategorized. Bookmark the permalink.

7 Responses to හිත සමග සටනක!!!

  1. Ravi පවසයි:

    අප්‍රමාණ සන්තෝසයි නංගි, මම කිව්වනෙ බය වෙන්න එපාය කියල, අපි හැමෝම අවංකව පපුවෙන්ම කරන ප්‍රාර්ථනය අහක දාන්න තරම් උඩ ඉන්න දෙයියො නපුරු නැහැ ජනූ,

    ඔය වගේම බොහොම ඉක්මනටම මාමට පූර්ණ සුවය ලැබෙනවට කිසිම සැකයක් නැහැ,

  2. Lucky Wickramasinghe පවසයි:

    හ්ම් ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්….. හිතට පුදුම සැහැල්ලුවක් දැනෙනවා අක්කේ. අහන්නත් සන්තෝසයි. මම කිව්වේ, ඒ වගේ මනුස්සයෙක්ට රටක ආශීර්වාදය තියෙනවනේ! 🙂
    ඔයාගේ චූටි මාමා මනුස්සකම අතින් සහ නිහතමානී කම අතින් කවදාවත් වෙනස් නොවුණු කෙනෙක් කියල හැමෝම කතා කරනවා. ඒ වගේ අයටත් බලන්නෙ නැති දෙයියො කාට බලන්නඩ හලෝ! 🙂
    බ්ලොග් අවකාශේ නෑදෑයොත් චූටි මාමාට නීරෝගී සුව පැතුවා කියල කියන්නකෝ!

  3. ඩිලාන් පවසයි:

    පලමු පාරට කමෙන්ට් එකක් දාන්නේ අද.මටත් මේ වගේ අත්දැකීම් ගොඩක් තියනවා,හිත වට්ටගන්නේ නැතුව ඉන්න එක තමා හොදම දේ.

  4. ගෝල්ඩ් fish පවසයි:

    ඇත්තෙන්ම, ඒ හැඟීම සම්පූර්ණයෙන් නොවුනත් ටිකක් හරි අපිටත් දැනුනා.

  5. abeetha පවසයි:

    කාලෙකින් නොවැ ගොඩ උනේ…කරදර වෙලා නේද නගෝ…. මාමට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.. ඒ වගේ වෙලාවට බෝධි පූජා, ගවයින් නිදහස් කිරීම වගේ පින් වැඩ කෙරෙහිත් අවධානය යොමු කරන්න ජනූ..

  6. අනේ හදිස්සියෙ මෙහෙම උත්තර බඳින්නෙ හරිම කලබලෙන්
    රවී අයියට, රත්තරං මාලුවට, අභීත අයියට, ලකීට, ඩිලාන්ට, තව මං නම් නොකියපු සේරෝටම ගොඩක් පින්!!!!
    කමෙන්ට් නොකලට හැමදාම හොරෙන්ම ඇවිත් මගෙ ලිපි කියවල යන, රැයක් දවාලක් නැති වෙහෙසකර රස්සාවක් කරමින් වුණත් ලඟින් ඉඳන් දුක බෙදා ගන්න පෙම්බරයවත් අමතක කරන්ඩ බෑ මේ වෙලාවෙ

  7. පින්ග්කිරීම: ගවයින් නිදහස් කිරීම… මාලුවෙකුගේ ඇසින්… « ගෝල්ඩ් fish ගේ blog ටැංකිය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )