ඔබට කියන මගේ දුක….

හිත හොඳටම අවුල් වෙලා තියෙන වෙලාවක මෙහෙම ලියන්නෙ දුක පොඩ්ඩක් හරි හෑල්ලු වෙයි කියල හිතලයි…

මල්දෙනියෙ කතාවලට පණ දීපු ලොකුමාම යන්න ගියා සදහටම…..!

ඊයෙ උදේ පපුවේ දකුණු පැත්තෙ වේදනාවක් නිසා ඉස්පිරිතාලෙට ඇතුලත් කරපු චූටි මාමට හදිසි හදවත් සැත්කමක් කරන්න වෙලා…!

මල්ලිත් ලංකාවෙ නෑ…පෙම්බරයයි අපේ මල්ලිගෙ පෙම්බරියි  විතරයි  මට හයියකට ඉන්නෙ

කඩිමුඩියෙ සැත්කමට අවශ්‍ය දේවල් සූදානම් වෙනව…

ඒ වැඩවල යෙදිල ඉන්නකොට නොදැනෙන වේදනාවක් තනි වුණාම මට දැනෙනව…

ඒක හරියට කෑගහල අඬන්ඩ ඕනෙ වෙලාවක කවුරුහරි කට මිරිකගෙන ඉන්නකොට දැනෙන වේදනාව වගේ!!!

ඇයි මේ…???

තාත්තට හිටියෙ නංගිල දෙන්නෙක්….

තාත්තගෙ ලොකු නංගිගෙ මහත්තය, අපේ මෙත්තෙ මාම හදිසියෙම අපිව දාල ගියා….

නොහිතපු වෙලාවක තාත්ත යන්න ගියා…

මම බ්ලොග් එකේ මොනවත් නොලීවට පහුගිය නොවැම්බර් මාසෙ චූටි නැන්දගෙ මහත්තය ආනන්ද මාමත් හදිසියෙම අපිව දාල ගියා…

අම්මට හිටියෙ මල්ලිල දෙන්නෙක්නෙ..

ජනවාරි මාසෙ ලොකු මාම යන්න ගියා…

ඇයි මේ අපේ පවුලෙ හයියට හිටිය පිරිමි සේරම අපිව දාල යන්නෙ…???

දැන් මොකද්ද මේ වෙන්න යන්නෙ…???

සමාවෙන්න

කිසිම වගතුවක් නැති මේ ලියමන ගැන…

තවත් මට ලියන්න බෑ යාලුවනේ…

මම යනව

 

 

Advertisements

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in අම්මයි තාත්තයි මල්ලියි මමයි. Bookmark the permalink.

9 Responses to ඔබට කියන මගේ දුක….

  1. praveena පවසයි:

    අනේ ජනූ, හරිම කනගාටුයි. අපෙන් කෙරෙන්න මොනා හරි තියනවානම් කියන්න. මමත් හිත් තැවුලෙන් ඉන්නේ. ඒත් ඔයාගේ කතාව අහපුවාම ඒ මොකක්ද කියලා හිතුනා. මට අර රවිලට වගේ අවවාද කරන්න තේරෙන්නේ නෑ. ඒත් එකක් මතක තියාගන්න. ඔයාගේ පෙම්බරයා ඔයා ලඟ ඉන්නවා. ඒක කොච්චර හය්යක්ද කියලා හිතන්න නංගියේ…කවුරු නැතත්, එයා එක්ක මුලු ලෝකේ තියන හැම කරදරයකටම මූන දෙන්න පුලුවන් කියලා හිතන්න.

  2. ‍මොනා කියන්න ද මන්ද ? කලබල ‍නොවී වැඩ කරන්න. එන ‍දේට මුහුණ ‍දෙන්න. මාමාට ඉක්මන් සුවය පතමි.

  3. Ravi පවසයි:

    හපොයි නංගියේ, මොනව කියන්නද කියල මට හිතාගන්න බැරුවයි මෙච්චර වෙලා හිටියෙ,අර හැමදාම මේ වගෙ වෙලාවක කියන සම්ප්‍රදායික වචන ටික ” ඔව්ව ඔහොම තමයි, ජීවිතේ හැටි, කණගාටු වෙලා වැඩක් නැහැ ” එහෙම්මම කියන එකේ තේරුමක් නැහැ කියල මම දන්නවා,ඒත් මයෙ නංගියේ, අකමැත්තෙන් හරි කියන්න වෙලා තියෙන්නෙත් ඒ සම්ප්‍රදායික වචන ටික විතරමයි,

    අහල පහලක හිටියනම් දුවගෙන එන්නවත් තිබුන උඹේ දුක බෙදාගන්න, මොකද කොරන්නෙ එහෙමවත් බැරිකොට,

    බයවෙන්න එපා, නංගියේ, උඹේ මාමට සනීප වෙනවා, ඒක ඒකාන්තයි, මේ ලෝකෙ කොහොමටත් හොඳ මිනිස්සුන්ට නරකක් වෙන්නෙ නැහැ, ඒ නිසා බය නැතුව, හිත එකලාසයක් කරගෙන මේ වෙලාවෙ කෙලින් ඉන්න හිතා ගන්න,

  4. සෝරෝ පවසයි:

    හිත​​ට ​​ධෛර්යය ගන්න… එච්චරයි මට කියන්න පුළුවන්…

  5. සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත පවසයි:

    ජනූ නගේ, ඔයාගෙ චූටි මාමට මුකුත් වෙන්නෙ නෑ. ඔයාගෙ චූටි මාමා රටට ලොකු සේවයක් කරපු රටක් වටින කෙනෙක්. එහෙම කෙනෙකුට ඔයාලගෙ පවුලේ අයගේ වගේම මුළු රටේම ආශිර්වාදය ලැබෙනවා. ඔයා ශක්තිමත් වෙන්න, ඔයා ලඟම ඔයාගෙ පෙම්බර ඇත්තො ඉන්නවනේ. බය වෙන්න එපා. අපිත් ඉන්නවා. අපෙන් කෙරෙන්න මුකුත් තියෙනවනම් කියන්න නංගෝ. මම ඔයාට පස්සේ mail එකක් එවන්නම්. පරිස්සමෙන් ඉන්න.

    Everything happens to save us from happening something worse.

  6. SiriBiris පවසයි:

    හරිම කනගා‍ටුයි නඟේ. මොනව කියන්නද කියල තේරෙන්නෙ නෑ. අඩුම ගානෙ උඹේ ලඟ පෙම්බර ඇත්තොවත් ඉන්නවානෙ. එහෙම හිතල හිත හදාගන්න බලන්න. චූටි මාමට ඉක්මනට සුව වෙන්න කියලා පතන්නම්.

  7. ගෝල්ඩ් fish පවසයි:

    ජීවීතේ ඔහොම තමයිනේ අක්කේ… හිත හදාගන්න… ඔයාට පන්ඩිත ටෝක් දෙන මට වුනත් කොයි වෙලාවෙද කියන්න බෑ… ඒකනේ ස්වභාවය…

  8. Lucky Wickramasinghe පවසයි:

    ජනූ අක්කේ, දුක බෙදාගැනීමේදී සනසවන්නෙක් විදිහට මාත් ටිකක් දුර්වලයි. මොකද දුක මුලින්ම මගේ හිතේ මුල් අදින නිසා. හැබැයි ඔයාගේ චූටි මාමාට මම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. එයා වගේ නිහතමානී සුන්දර මිනිස්සු අඩුයි.
    අනිත් එක බය වෙන්නෙපා අක්කේ, මේ රටේ දරුවන්ට එයා කරන සේවයේ පිහිට එයාට අනිවාර්යයෙන්ම ලැබේවි.

  9. Manoj Dharmawardhane පවසයි:

    kenekuge jeevithe samahara dewal tawa kenekuge jeevithe samahara dewal ekka samapatha wenawa kiyana eka eththa (?)..
    oya lina samahara dewal mage hitata thattu karanawa….

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )