ගම්මානේ යන අතරමග…..

අන්න අක්කේ…..!

අර……………………!

මල්ලි එක පාරටම කෑ ගහගෙන ඉස්සරහට දිව්ව….

දුවල දුවල ගිහින් නතර වුණේ  දිග්ගොඩැල්ලෙ ගෙදර ළගින් ගලාගෙන යන පුංචි දිය කඳුර හරහට සිමෙන්ති කැටවලිං දාල තියෙන පාලම ලඟට වෙලා කේශාන්තයේ සිට පාදාන්තය දක්වාම  හැමදාම බරට බරේ  ගෙඩි පුරවගත්තු නමිනං ගහ ළඟ…

ඒයි… කඩන්නෙ එහෙම නෑ ඔන්න… ආං මාම ඉන්නව බලාගෙන…

අම්ම මල්ලිට තර්ජනාංගුලිය පෙන්නුව….

ඒ පාර මල්ලි පොඩ්ඩක් වේගෙ බාල කළා… නැත්නම් ඉතිං කෙලින්ම ගෙඩියක් කඩාගෙන කාල තමයි පස්ස බලන්නෙ

අනේ ඔන්න ඔහෙ කඩාගත්තාවෙ නංගියෙ….මක් වෙනවද? ඔය තියෙන්නෙ පුතේ… කඩාගන්ඩ ඇති තරං…

අම්ම කිව්වෙ  මාම ඉන්නව කියල කිව්වෙ මාමව දැකල නැතුව මල්ලිව බය කරන්ඩ වුණත් ඇත්තටම මිදුලෙ පේර ගහයට බංකුවෙ ඉඳගෙන හිටපු මාම කිව්ව.

ඉබ්බ දියට දැම්මම ඇන්නෑවෙ කිව්වලු!!

මල්ලි පැන්න ගමන් නමිනං කඩාගත්තා…

මමත් ගහ යට නතර වුණා…

නංගිල ආව කියල නං ආරංචි වුණා… කොහෙද එන්ඩවත් විවේකයක් තිබ්බෙ නෑ ඒ පැත්තෙ මේ තේ කෑල්ලට පෝර දාන්ඩ කට්ටිය ඇවිත් හිටිය නෙ

යං යං ගෙට….

අපි මේ ගම්මානෙ ගෙදරට ගොඩ වෙන්ඩ කියල අයියෙ…

අම්ම උත්තර බැන්ද

ආ……ඒකට මොකද තේ ඩිංගක් බීල යං…

ආං අක්ක අග්ගල හදනව…

අනේ අයියෙ මේ ගෙදරිං හැලප කාල තේ බීපු ගමන් නෙ… තේ නෙවෙයි ඩිංගක් කතා කරල යං අක්කත් එක්කල…

ඔන්න ඉතිං අම්මයි ආච්චිඅම්මයි දෙන්න ගේ ඇතුලට යනව… අපි දෙන්නව ඇතුලට එක්කං යන්ඩ ඉතිං ටිකක් අමාරුයි….

ගමේ ගෙදර ගල්පඩිපෙල බැස්සාම දූරියං ගහයි ලිඳයි අතරිං වැටිල තියෙන පාරෙ තේ වත්ත මැදින් පල්ලෙහාට ඇවිදගෙන ගියාම ඉස්ඉස්සෙල්ලම හම්බවෙන්නෙ දිග්ගොඩැල්ලෙ ගෙදර…

ගම්මානෙ යනවනං අපි අනිවාර්යයෙන් ගොඩ වෙන ගෙදරක් තමයි ඒ ගෙදර… එහෙ ඉතිං ගමම නෑයො නෙ…

ඒකෙං මේකෙං තව කතාවක් මතක් වුණා ලියන්ඩ….

ඒ අපේ ආතලගෙත් ආත නුවර මල්දෙනියෙං දෙහිඕවිට මල්දෙනියට ආව කතාව

ලියන්නංකො පස්සෙ…

අපි දෙන්න වත්ත වටේ කැරකෙනව…

ආං පුතේ වෙරලුත් වැටිල ඇති ගහ යට අහුල ගන්ඩ…

මාම කියනව…

දිග්ගොඩැල්ලෙ මාම උසයි, උසට හරියන මහත… සරම ඇඳල, සුදු පාට අත් කොට මේස් බැනියමක් ඇඳල, පොලිස් රැවුලක් වවල නපුරු පාටට හිටියට මොකද හරිම හොඳයි.

නමිනං ගහ, මිදුල මැද්දෙ පේර ගහ, ගෙදරින් බහින පඩි පෙළ ලඟ වෙරලු ගහ, කොච්චර නං පලතුරු තියෙනවද අහුලන්ඩ කඩන්ඩ?

අඩියට දෙකට පඩිපෙළ බැහැල ඇති පදං වෙරලු අහුලගෙන අපි කුස්සිය පැත්තට යන්නෙ එව්ව දාගන්ඩ කවරයක් ඉල්ලගන්ඩ නැන්දගෙං..

දිග්ගොඩැල්ලෙ ගෙදර කුස්සිය තියෙන්නෙ ගෙදරිං වෙන් වෙලා….ගෙදරිං කුස්සියට යන්ඩ වෙනම ටකරංවලිං වහලයක් ගහපු පාරක් කුස්සියටම සම්බන්ධ කරල කොට බිත්ති බැඳල තිබුණ… ඒ බිත්තිවලට එහයින් දිය සීරාව බේරෙන ගල් ඇන්දක්, මේ ගල් ඇන්ද දිගේ එන වතුර පාරකිං පීල්ලක් දිගේ වතුර එක්කාසු වෙන ටැංකි බැරල් එහෙම තියෙන්නෙ මේ ගල් ඇන්දයි කොට බිත්තියි අතරෙ තියෙන කලුගල් අල්ලපු හරියෙ….

ඊට එපිටහිං තියෙන්නෙ ඉවර වෙන්නෙ කොහෙන්ද කියල හිතාගන්ඩ බැරි රබර්වත්ත…

මං දිග්ගොඩැල්ලෙ ගෙදරදි ආසම වැඩේ තමයි අර කොට බිත්තියක් උඩ වාඩි වෙලා මොනව හරි හප හපා ඈත රබර් කන්දෙ රබර් ගස් හුළඟට වැනෙන හැටි බලං ඉන්න එක…

අඳුරු රබර්වත්තෙ හෙලවෙන වැනෙන ගස් අතරිං නිල් අහස පේනකොට හරිම අමුතු හැඟීමි හිතට දැනෙන්නෙ…වෙලාවකට තනියම ඉන්ඩත් බයයි…. ඒත් දාල යන්ඩ හිතෙන්නෙත් නෑ..

අපි දෙන්න හෙමිං හෙමිං එබර් වත්ත දිහාට ඇදෙන්නෙ අම්මලගෙ කතාවෙ ඉවරයක් වෙන පාටක් නැති හිංද…

රබර් වත්තෙ බැඳල තියෙන ගල්වැටි වල නොවැටි ඇවිදින්ඩත් අපි හරි ආසයි…මේ ගල් වැටිවල ඇවිදිනකොට යන්තං හරි එහා මෙහා වුණොත් කොන්ඩෑරුම් තමයි පහලට…

ඒත් හරි විනෝදයි වැඩේ….!

ඒයි අක්කෙ… මෙන්න ඔට්ටුපාලු තියනව ගස්වල… එකතු කරමුද ?

අපිට බෝලයක් හදාගන්ඩ පුලුවං…

එපා එපා… එව්ව එකතු කරල විකුණනව මාමල..

කමක් නෑ ටිකක් ගනිමු. මාම මොනවත් කියන්නෙ නෑ…

එහෙම කියල මල්ලි එබර් වත්තෙ ගස් වටේට කැරකි කැරකි රබර් ගහේ පොල්කටුවට කිරි පිරෙන්ඩ කපල තියෙන හීං තීරුවෙ ඇලිල වේලිලා තියෙන ඔට්ටුපාලු ගලවනව…

ඇති ඇති යං .. ආං අම්ම කතා කරනව…

මං මල්ලිට කෑ ගහන්නෙ අම්ම අපිට කතා කරන සද්දෙ ඇහිලම නෙවෙයි… ඉක්මනට එතනිං යා ගන්ඩයි…

එහෙම කිව්වට මල්ලි පල්ලං බහින්නෙ බෝලයක් හදාගන්ඩ පුලුවං තරං එක්කාසු කරගෙන තමයි….

අපි ගෙදරට එනකොට අම්මල යන්ඩ සූදානම් වෙනව

එහෙනං අපි ගිහිං එන්නං අක්කෙ… ආයෙ එන්නංකො අයියෙ යන්ඩ කලිං…

චූටි පුතා, සුදු පුතා,  කෝ මේ නැන්දටයි මාමටයි වඳින්ඩ….

තුනුරුවංගෙම පිහිටයි මගෙ පුතාලට! ආයෙ එන්ඩකො

ආ මේං මේ අග්ගල ගෙඩි ටිකත් ගෙනියන්ඩකො ගම්මානෙ ගෙදරට… මාම ආසයි නෙව අග්ගල කන්ඩ…

දිග්ගොඩැල්ලෙ නැන්ද පාර්සලයක් අම්මගෙ අතට දෙනව

අපි දිග්ගොඩැල්ලෙ ගෙදරිං සමු අරන්  පඩිපෙළ බහින්නෙ ගම්මානෙ ගෙදරට යන්ඩයි….

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in මල්දෙනියෙ විත්ති. Bookmark the permalink.

17 Responses to ගම්මානේ යන අතරමග…..

  1. සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත says:

    නගෝ, ඔයාගෙ ලියමන් කියවන්න ගත්තම සුටුස් ගාලා ඉවර වෙනවනේ, ඒ මොකෝ මන්දා. බැලුවහමනං දිගට තියෙනවා, රස කර කර ලියලත් තියෙනවා, ඒත් කියවලා අහවර උනාම තව මදි මදි වගේ. ඒකට මොකෝ කොරන්නේ?

    • අනේ මන්ද අක්කෙ.. මගෙ ලියමං දිග වැඩි හින්ද මම ටිකක් විස්තර කරනව නං අඩු ද මන්ද.. පෙම්බර ඇත්තොත් කීප වතාවක් කිව්ව තමයි ඉස්සරට වඩා මොකක් හරි වෙනසක් දැනෙනව ලියන විදියෙ කියල…

      • සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත says:

        ඕකට ඔය හැටි විස්සෝප වෙන්ට ඕන නෑ නගෝ. ගම්මානේ ගමන ගැන ලියවිච්ච ලිපි දෙකේ තමයි මට ඔය වෙනස තේරුණේ. අර පොඩි කුමාරිහාමි කිව්වත් වගේ එව්වැයි කෑම බීම ගැන විස්තර වරුණනා අඩු හන්දා වෙන්නත් ඇති මයෙ හිතේ. ඒ කියන්නේ නගා ලියන විදියෙ වෙනසක් නෙවෙයි, කියෝන අපට කටට කෙළ උනාපු තරමේ අඩුවක් තමයි දැනිලා තියෙන්නේ. 😀 😀 😀
        ඉඩක් ලැබිච්ච හැටියේ ඉතිරි ටිකත් ලියන්ටකෝ හොඳේ?

    • ලියන්නං අක්කෙ.. මේ දවස්වල ටිකක් වැඩ වැඩියි… පුලුවන් ඉක්මනට ලියන්නංකො

  2. praveena says:

    ඔයාට හරිම ලස්සන ලමා කාලයක් තියලා තියෙන්නේ. හරිම ලස්සනයි. ඔයා ලියන රටාවේ වෙනසක් මට නම් පේන්නේ නෑ. හැබැයි ඔයා කෑම ගැන විස්තර කරන කොට නම් එතනදි ඔයා සම්පුර්නයෙන්ම වෙනස් කෙනෙක් විදියට දැනෙනවා.

    හහ්…කාලා වරෙල්ලකෝ!! හැලප මදිවට තව අග්ගලත්!!!

    • ඉන්ඩ ඉන්ඩ තව දඹදෙනියෙ ඉඹුල් කිරිබත්….. දෙන්නං ඔයාට වැඩේ ඔය රට අත ඇරල එන්ඩම…

      • SiriBiris says:

        ආන්..නඟේ කරනව නං වැඩේ. හැබැයි ගොයියෝ ලේසි වෙන එකක් නෑ වැඩේ. කොච්චර එහාට පුරුදු වෙලාද කියනව නං, දැං යන්නෙත් පැන, පැනලු!

      • Buratheno says:

        මූටනං ලොකු මාරකයක් තියෙනවා මේ දවස්වල.. සිරා බලාගෙන, පරිස්සමෙන් හිටපං කෝකටත්..

      • SiriBiris says:

        ආයි අහල, අන්තිම අපලයි. සිකුරයි, හෙනහුරයි දෙන්නම එකටම ලබල!

      • Priyantha says:

        දෙයියෝ කොවිලේ කිව්වලු. දෙන්නම එකටම ලබලද? එහෙනම් බිරියෝ පරෙස්සමෙන්…..:D

  3. Thushari Rajapaksha says:

    නංගී, ඔයා ඔය කියන කාලයේ ඔයගේ සංගීත ගුරුතුමී අම්මගෙ ස්කොලෙ ඉගෙන ගත්තු ඔයාගෙ අම්මගෙ ගොලයෙක් තමයි මමත්..ඔයාට මතක නැති උනාට ඔයා ඔය කියන කාලය ගැනත් ඔයාවත් මට හොදට මතකයි..ඔයාගේ Blog එකෙන් මගෙ හිතත් අපේ සුන්දර පාසල් කාලයට ගියා. ඒවා මතක් කරල දුන්නට ඔයාටත් මගේ ආදර සංගීත ගුරුතුමි රුක්මනී ටිචර් ටත් ස්තුතියි..

    • ස්තූතියි අක්කට මේ පැත්තට ආවට…
      හරිම සතුටුයි අක්ක අම්මගෙන් ඉගෙනගත්ත කෙනෙක් කියල ඇහුවම
      මට අක්කව මුහුණුවරින් නම් මතක නෑ…
      ඒත් අඳුනගන්න ආසයි…

  4. අනේ මට නමිනං කන්න ඕනේ……………

  5. ඉරිසියාවේ බෑ අක්කේ…

  6. Priyantha says:

    නමිනං අපොයි මොනවද මේ මතක් කරන්නේ. ආයෙම ඉතින් ඕව හොයන් කන්න යන්න වෙනවනේ දැන්. ඉඹුල් කිරිබත් ගැනත් කියන්නද යන්නේ. එරමිණියා එහෙම මතක් උනේ නැද්ද කට කළුවෙනකල් කාපු. මේව අහල තවත් ඉන්නේ කොහොමද ආයෙම පොඩි කාලේ වලේ බැදි වල ඇවිදින්නමයි හිතෙන්නේ ඔයාගේ පළතුරු ටික හොයන්න. ආත්තම්මලාගේ ගෙදර යන්න ඕන ඔය කෑම කන්න නම්.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s