මටත් වෙන්නෙ පුදුමාකාර අලකලංචි නෙව…
මල්දෙනියෙ විත්ති ලියන්ට අරං දැං දවසක් දෙකක් පරක්කු වුණාම කට්ටිය නාන්නාප්පරකාර පුරස්න අහනව
අනේ අක්කේ … කෝ ඉතුරු ටික….?
අනේ තව තියෙනව නේද අක්කෙ?
පුරස්න කෙල කෝටියයි…
මාත් දැං අර කොහොල්ලැ බබාගෙ ඇලිච්ච ළමය වගේ ගැලවිල්ලක් නෑ… මොන වැඩ රාජකාරි තිබුණත් බොලොක්කෙ ලියන්නෙ නැතුව ඉන්ට බෑ නෙව….
ඉතිං ඕං පටංගන්ට අවසර අද දවසෙ කටන්දරේ….!
අපේ එල්ලාවල ආතා හරිම විනෝදකාමී මනුස්සයෙක්නෙ….
ඒ ජෝඩුවගෙ විවාහ ජීවිතේ හරිම සැහැල්ලුවෙං විනෝදෙං ගෙවුණ බව තමයි පෙණුනෙ…
ඉස්සර කාලෙ ඔය යෝජනාවලිං කෙරෙන විවාහ නෙව…
අද කාලෙ වගේ හැම දේකම උසයි මහතයි දිගයි පළලයි බලල කරන්නෙ නෑ නෙ… කේන්දර පොරොන්දං හරි නං, දෙපාර්ශවේ කැමති නං, මහ ලොකු දේ යමක් නැති වුණත් කෙල්ල වැඩට පළට සූර නං, කොල්ල උත්සහවන්ත නං, දියුණුවෙන්ට සූරය නං, ආයෙ වෙන මොනව බලන්ඩද කියල මංගල්ලෙට කැමති වෙනව නෙ…
අනික ඉස්සර කාලෙ ඉතිං කසාද බඳින දෙන්නගෙ කැමැත්ත අකමැත්ත ඒ හැටි සැලකුවෙ නෑ මහිතෙ…. දැං කාලෙ ඔය ඔක්කෝම සලකල බලල අවුරුදු ගණං ආස්සරෙත් කරල කරගන්න එව්වයෙ ආයුස ප්‍රමාණෙ ගැන හිතපුවාම මේ මිනිස්සුංගෙ ජීවිත ගැන මට පුදුමත් හිතෙනව….
ඉතිං එව්ව ගැන වාද විවාද කොරන වෙලාවක් නෙවෙයි නෙ මේ…
ඇහැරිච්ච ගමන තෙලිජ්ජ බිව්ව බිව්වමයි කොල්ලො දෙන්න අතුරුදහං….!
මාත් ඉතිං යන්ඩ දැඟලුවට
කොහෙ යන්ඩද ගෑනු ළමයි අතන මෙතන ලඳු ගානෙ හක්කලං කරන්ඩ….?
කියල අම්ම සැර වුණානෙ….
දූ ඉන්ඩ… අද අපි අපූරු මාලුපින්නක් හදනව නෙ… ඒක බලන්ඩත් එක්ක…
චූටි මැනිකෙ නැන්දම්ම එහෙම කිව්වම මගෙ හිත පොඩ්ඩක් එකලාසයක් වුණා..
මොනවද නැන්දම්මෙ….?
ඇයි ඊයෙ අපි දෙන්න ඇළට ගිහිං එද්දි කඩං ආවෙ අල කොළ…එව්ව උයන්ඩයි යන්නෙ…
ඇත්ත නේන්නං… ඊයෙ නාන්ඩ ගිහිං එන ගමං ඇළට උඩහිං තියෙන හබරල වාගෙම ගස් ජාතියක කොළ කැඩුව නේන්නං චූටි නැන්දම්ම..
ඔය හබරල කොළ මොකටද?
මේ හබරල නෙවෙයි අල කොළ
අල කොළ… මොකටද නැන්දම්මෙ….?
උයන්ඩ නෙ…
ඈ… උයන්ඩ…. අල කොළ උයනවද…..? අපේ පැත්තෙ නං ඔව්ව කඩන්නෙ මාලු කාරයො… මාලු ඔතල දෙන්ඩ
ඇයි නැත්තෙ දුවේ…. මෙව්ව හරි රහයි හිඳෙන්ඩ ඉව්වාම….
ඉතිං අපි අලකොළත් කඩාගෙන ගෙදරට ආව….ගෙදර ලඟටම ආවාම
දූ යන්ඩ ඉස්ස්රහ පැත්තෙං… මං මේටිකත් අරං පිලිකන්න පැත්තෙං එන්නං…. කිවව
ඒ ඇයි එහෙං එන්නෙ…?
අල කොළ මියන කොළ පිලී ජාති නෙ දුවේ… එව්ව ගෙයි ඉස්සරහ පැත්තෙං ගේන්නෙ නෑ….
මං ඇස් දෙකත් උඩ ඉන්දාන බලං ඉන්නකොට චූටි මැණිකෙ නැන්දම්ම කිව්ව…
ඕකෙ හැබෑව බොරුව මට තේරුණේ එව්ව උයල කෑවම තමයි .. හැබෑවටම පොඩි පිලී ගතියක් තියෙනව ඔය දෙවගෙම…
ඉතිං පිලිකන්න පැත්තෙ මිරිස්ගල උඩ කොළපතක දාල තියල තිබුණ අලකොල ටික ඇතුලට අරගත්තෙ ඕං දවාලට උයන්ඩ තමයි…
එව්ව දැං ටිකක් මැලවිලා නෙ නැන්දම්මෙ….
එහෙම තමයි මෙව්ව ටිකක් මැලවිලා කිරි හිඳෙන්ඩ ඕනෙ…. කඩං ආව ගමනම උයන්නෙ නෑ…
ආච්චි අම්ම අලකොල ටික ලියල ඇතිලියකට දාල…
අර කොච්චි ටිකක් කඩං ආවනං දුවේ ….. කිව්ව.
මං දුවල ගිහිං කඩං ආව කොච්චි දාල.. යහමිං පහේ උම්බලකඩ දාල.. මිටි කිරෙං ලිප තිබ්බ මාලුව සෑහෙන වෙලාවක් මද ගින්දරේ ඉදුන…
ඒ අවු අස්සෙ උදේ ඉඳලම රබර් වතු ගානෙ තේ වතු ගානෙ කරක් ගහල මද්දහං වෙද්දි කොල්ලො දෙන්නා ඒ කිව්වෙ මලයයි ලොකු චූටි මාමයි එල්ලාවල ගෙදරට අඩිය තිබ්බෙ උහුලන්ට බැරි බඩ ගින්දරේ…..
ආ.. ආවද වැදි පැටවු දෙන්නා…? යමවු ඇළට නාගෙන එන්ඩ…
එල්ලාවල ආත කොල්ලො දෙන්නව ඇදගෙන ඇළට යන්ඩ ලෑස්තිය නාවං එන්ඩ..
අනේ ආතෙ මාත් එන්නං….?
මං ඇහුව…
හා අහපං උඹලයෙ අම්මගෙං… ආවට කමක් නැද්ද කියල….?
මං ඇද කරගත්ත මුහුනෙං අම්ම බැහැ දකින්ඩ යන්නෙ ඒ තරම් විස්සාසෙකිං නෙවෙයි යන්ඩ දෙයි කියල..
හා …. හැබැයි දැඟලිලි බෑ… අහරෙ මෙහෙ නැටිලි බෑ… ආත කියන දේ අහගෙන නාල විජහිං එන්ඩ ඕනෙ…..
නීති මාලාවක් පනවල අහකල අම්ම අවසර දුන්නා….
මං ඉතිං තුවායක්, අඳින රෙදි පෙරෙදි හෙම අරං එක්කාසු වුණා නාන්ඩ යන කට්ටියට
අපි වතුරෙ ජබි ගහන අතරෙ එකා එකාව අල්ලාගන ගෙදරිං ගෙනාව පොල් මුඩු කොස්සෙං අතුල්ල නාවන ආතත් හොඳහැටි ගිලිල නාගන්නව… එතකල් අපි ඉතිං වතුරෙ මාලු ඇල්ලිලි, රවුං ගල් ඇහිඳිලි, ඇළේ පාවෙලා හැඩ වෙච්ච පරණ ලී කෑලි ඇහිලිලි තමයි….
අහෝහාමත් වෙලා ගෙදර යද්දි දවල් කෑම මේසෙ ලෑස්තියි..
වත්තෙම ඉන්දල තියෙන ඉන්නල කිරට උයල…. අංගුලු කරෝල තෙල් දාල… රවී අයිය මතක් කරපු කර කොළ මැල්ලුම හදල, අල කොළ මාලුව හිඳෙන්ඩ උයල….
කන්ට හැකි බඩ පිරෙන කල්!!!!!
කෑමෙං පස්සෙ එල්ලාවල ආත නින්දක් හෙම දානව නෙ…
අපිත් ඔහෙ වැටිච්ච අතේ වැටිල ඉන්නෙ බඩ පිරෙන්ඩ කාපු එක උහුලගන්ඩ බැරුව…
හවස් වෙන කොට රාලහාමි බාප්පයි, මැණික් ගරන්ඩ පතලක් හාරන්ඩ ගිහිං හිටපු පොඩි බාප්පයි, සපුමල් කන්ද තේ කර්මාන්ත ශාලාවෙ වැඩ කරන ලොකු බාප්පයි තුන් දෙනත් ගෙදර එනව….
එල්ලාවල ගෙදර අංගසම්පූර්ණ වෙන්නෙ අන්න එහෙම දාට තමයි…
හවස් අතේ රා ටිකක් හෙම සප්පායං වෙන ආතා,
හා වරෙල්ල කොල්ලනේ බජව්වක් දාන්ඩ…… කියල අපි ඔක්කෝමලව ඉස්තෝප්පුවට කැන්දනව..
රාජ සඟබෝ හිස දී දුගියාටා…
දාන පාරමී….
අද වෙස්සන්තර රාජ පුතා මද්‍රී කුමාරි බඳි
දේවෝපකාර වේවා සෑදී සෙත්…
රට වැස්සංගේ කාලෙ හොඳා දුර්භික්ෂේ යාය සිඳී
මංගල්ලෙ සාර වෙවා සෑදී සෙත්…
බජව්ව පටං ගන්නෙ ඔන්න ඔහොම පැරණි රසාංගවලිං තමයි….
ආතා අත්පුඩි තල තලා නටන්ඩ පටං ගන්නව…
මමයි මල්ලියි, ලොකු චූටි මාමයි රාලහාමි බාප්පයි ආතට එක්කාසු වෙලා නටනව
ඒ බජව්ව නවත්තන්නෙ ඉතිං ආච්චි අම්ම රෑ කෑමට කතා කළා තමයි…….
පිස්සු හැදෙනවා ඈ….. මමත් පුංචි එකා වංගියේ හැඳුනෙ වැඩුනෙ කිරි අම්මලාගෙ ගෙදර වෙච්චි…. මතක නම් තියේ ඕසෙට….
ඉතිං අයියත් ලියන්ඩකො ඒ මතක ගැන… අපේ ළමයින්ට නං ඒව කවදාවත් ලැබෙයි කියල හිතන්ඩ බෑ…. උං ඉතිං ඔහෙ මෙව්ව කියවල වත් තේරුං ගනියි නෙ… අපිටත් ඉතිං ඔය මතක විතරයි ඉතුරු වෙන්නෙ…
අපුච්චියේ ආතා ගේ දින චරියාව පංකාදු පහයි නෙව අක්කණ්ඩියේ.අනේ වාසනාවං…
කෑම ටික දැක්කා විතරයි කටට කෙල ඉනුව,ආතා ගේ රා සප්පායම්විල්ල ගැන කිව්වාම නං හරි අමාරුවෙන් මායංවිල්ල නතර කොරගත්තේ.
අක්කණ්ඩියේ උඹ නං අපිව පිස්සං කොටුවට දක්කලා මිසක්ක නවතින්නේ නැති හැඩයි.
තවා………………………………………………………….ත් ලිව්වනං නිවාඩුපාඩුවේ!
මේ මේ පරාස්ස මලේ උඹ මායං නොවුණට කාරි නෑ….
ආව මෙතන…
අනේ බොලං උඹලයෙ ආයෙ අමුතුවෙං පිස්සං කොටුවට දක්කන්ඩ දෙයක් ඇතෑ….?
ලියන්නං ලියන්නං
මේ ලිපි ටික නං ගරිම ලස්සනයි. ඇත්තම පිංතූර නූනට කාරි නෑ, ඔය තඩි බිච්චි ,ආරුක්කු ජනේල , ඉස්තෝප්පුවෙ හාන්සි පුටුවක් තියෙන මහගෙදරක පින්තුරයක්, ඔය මැද මිදුලක පිංතූරෙකුත් දැම්ම නං තමා වටින්නෙ.
ඇත්තම පින්තූරයක් දාන්නං කො සිරිබිරිස් අයියෙ…. මං ඉතිං ඔය පින්තූර දැමිල්ලට ටිකක් කම්මැලියි නෙ…
මම මේ පැත්තට ආවේ කෑම සුවඳට. ‘අල කොළ’ කීවාම මම හිතුවේ ගෙඩි කියලා හරියට අර ‘කිරි අල’ වගේ. ඔය පැලේ ගෙඩිත් තියනවද? ඒවා කනවද? මට මතක හැටියට පොඩි කාලේ ගමේ ගිය වෙලාවක ‘අල කොළ’ කෑවා. හැබැයි මතකෙට එන්නේ හොඳට තැම්බෙන ගෙඩි වර්ගයක්.
ඔය වගේ කෑම වේලක් කන්ට පින් කරලම තියෙන්ට ඕනි කියලා තමා මම හිතන්නේ.
බොලේ බොලේ…..! මේං පොඩි කුමාරිහාමි අක්කණඩිත් ඇවිල්ල නෙව මල්දෙනියෙ…!
මං ඔය තියන කිරි අල නං කාල තියෙනව… ඹයත් තම්බල කෑවනං ඒ කිරි අල වෙන්ඩැ…. ඔය අලකොළ කිව්වට උයන්ඩ ගන්නෙ ඒකෙ දල්ල නෙව අක්කෙ… ඒ වර්ගෙ ගස්වල බහින අල කෑමට ගන්නවද කියල නං මම හරි හැටියට දන්නෙ නෑ… අපෙ අම්මගෙං අහල කියන්නංකො
හැබැයි එව්ව කන්ඩ බැරි ජාතියක් නං වෙන්ඩ බෑ.
ඒ පැත්තෙ ගියාම කන්ඩ හම්බවෙන තව රසම රස අල ජාතියක් තමයි ආටිචොක් කියන්නෙ….
අක්කයෙ මේ කතාවට නං මං එකඟයි ඒ වගෙ රහට කෑම වේලක් කන්ඩ නං පිං කරල තියෙන්ඩ ඕනැ තමයි…
අනේ කෙල්ලෙ, උන්දැයි මමයි දන්න “අල කොල.” අල කොල කියල හිතාගෙන හබරල කෑවද කව්දෑ දන්නෙ. ඕං කෙහෙල්මුහ ගැන ඇහුව නං ලියයි පොතක් පිරෙන්න. හුහ්, අපි නොදන්න කුමාරිහාමිල.
සැමදා ආ ගියත් ඇතිනම් වෙන්නෙ නැත
ලියැවෙන සොඳුරු දෑ කෙතරම් අපූරුද
අකුරු මතින් පණ පෙව් ඒ මතක වැල
අප හා බෙදාගත් සොයුරියෙ පින් බොහොම
එකකට එකක් නොදෙවෙනි රස කතා ඇත
ගැමි රස වෑහෙනා රස පිරි බොජුන් ඇත
මිනිසත් ගුණෙන් පිරි සුන්දර චරිත ඇත
මෙහැම කියා දෙන ඔබ හට පතමි ජය
රස කවි ගොතන්නට ඉස්පාසුව නැත්තේ
ඒකට කවිකාරිගෙ හිත හරි නැත්තේ
විංහනියෙං ලියන වග පවසා ඇත්තේ
පොරොන්දු කැඩුමට මගෙ හිතකවත් නැත්තේ
මල්දෙනියේ විත්ති කියවන්නට හිතලා
ඔරුවෙන් එගොඩ වී පොඩි කන්දක් නැගලා
ගල් ඇතිරූ පාර ද පඩි පෙළ නැගලා
ආ අය ඔහෙන් ඉඳගමු මහන්සි නොබලා
ගම්මිරිස් සැරට කට දන අග්ගලා
ආප්ප කන්ඩ නං හොඳ දේ පැණි කිතුලා
කාලා බොන්ඩ අරගෙන මේ තේ හදලා
රෑට කන්නෙ මොනවද බත් එක්කලා?
කවි ලිව්වේ නං ගැලවිජ්ජාවටය
අගක් මුලක් නැති හින්දා ලැජ්ජාය
කවියට කවි නොකීවට කාරියක් නැත
ඒ ගැන අනේ කිසි අමනාපයක් නැත
දුක හිතුණේ මට උත්තර නැති කළට
අනිත් හැමෝටම උත්තර දී යසට
පිළිතුරු කවි පෙළක් මේ ඇත්තේ ගලපා
ලියමන් පරාදයි නංගිගෙ කවි කමටා
බොලයි ආත නම් අදහන්ඩ වටින උත්තමයෙක් නෙව නංගියේ,
රෑ කෑමට ආච්චි අම්ම සූජානං කොරල තිබ්බෙ මොනවදැයි කියාල විගැහිං කියනව නේදෝ? මට අනුමාන කොරන්ඩ නං ඇහැකි ඒත් මොකටදෑ බැණුං අහන්නෙ කියාල මම මොකොවත් කියන්නෙ නැහැ ඔන්න,
අයියෙ උඹෝ එක්කත් හරි අමාරුයි නෙව මේ වැඩේ කොරන්ඩ… ඒ කාලෙ ඉතිං ගමේ ගෙදරකට අමුත්තො නෑදෑයො ආවාම ගේන ඉස්තරම්ම දේ සාඩින් නෙව… එව්වත් ආය හැමදාම කන්ඩ පුලුහං යැ…? ඒ වගේද ගමේ සාර පොළවෙ හැදෙන අල බතල, මඥ්ඥොක්ක, දන්දිනල, පලා ජාති හෙම…. එව්ව හැමදාම උණත් කන්ඩ ඇහැකි නෙ… කියන්නංකෝ රාත්‍රී බෝජනේ ගැනත්
සුදු අක්කේ ඉතුරු ටික…?
හිටු රත්තරං මාලුව අල්ලගන්ඩ උඹව… උඹ තමා පරාස්සයවත් නරක් කොරන්නෙ..
ආයේ මගේ මක්කක් නරක් කොරන්ටයෑ?අපි කෝමත් නාකයි නේ මාළු පනේ?
ඊ… තු… රු… ටිකා………………………………………………ත් ඕනේ!