ආ ආවද මයෙ පුතාලා……
අපි ආව විත්තිය මගටම ආරංචි වෙච්ච එල්ලාවල ආතා උසට උසේ ගෙට ඇතුල් වුණා…
ආ ආරංචි වුනැයි දුවල ආ විත්තිය….?
මට කිව්වෙ කිරි කපන ලෙච්චමී… ආතා අතේ තිබුණු අඩුම කුඩුම ටික ආච්චි අම්ම අතට දීල කිව්ව.
ඒක දැන ගත්තට පස්සෙ මං කඩපොළටත් ගිහිංම ආව…
අනේ හොඳා… නැත්තං මං මේ ලොකු පුතාව යවන්ඩයි හිටියෙ ඒ පැත්තට…
එල්ලාවල ආතා හතර රියන් පුරුෂයෙක්……!
එල්ලාවල ආච්චි අම්මා ආතාගෙන් බාගයයි… අඩි හතරක්වත් උස නැද්ද මන්දා?
ඒ දෙන්නගෙ මගුල් ෆොටෝ එක දැක්කාම නම් හිනා යනව…
ඉස්සර කාලෙ ගොඩාක් වෙලාවට මගුල් ඡායාරූප ගන්නෙ මනමාලි බංකුවක වගේ එකක ඉන්දවල, මනමාලය ඒ අසල හිටගෙන නෙ……
මේ ඡායාරූපයෙ මනමාලය ඉඳගෙන ඉන්නෙ. මනමාලි වෙච්ච අපේ ආච්චි අම්ම මනමාලය වෙච්ච ආත ලඟ හිටගෙන ඉන්නෙ පුදුමෙ ඒක නෙවෙයි. හිටගෙන ඉන්න ආච්චි අම්ම, ඉඳගෙන ඉන්න ආතාට වඩා මිටියි….
අපේ අම්ම ලඟ මේ ඡායාරූපයෙ පිටපතක් තිබුණා වගේ මතකයි….ලැබුණොත් අමුණන්නංකො…
ඉතිං කොහොමද දුවේ… මල්දෙනි පැත්ත….?
ඒ පැත්තෙ එන්ඩත් බැරි වුණා වෙන කාලෙකිං…කොහෙද මේ වැඩ රාජකාරි පවරල යන්ඩ බෑ නෙ..
මං දවසක් හිටියෙ නැත්තං මුං වැඩට එන්නෙ නෑ….. රාලහාමිත් කොල්ල නෙව… තාම සැර වැර කොරල යමක් කියන්ඩ දන්නෙ නෑ…… ඔය තේ කහට ඩිංගිත්තං වත්කොරල ගෙනාවනං……
අම්මල ඉතිං විස්තර කතා කර කර කුස්සිය පැත්තට ගියා.
චූටි මැනිකෙ ඔය පොල් ටික විජහනියෙං අඹරල ගත්තනං මැල්ලුමට … මේ පැටවුන්ට බඩගිනි නැතෑ….
ආච්චි අම්ම නැන්දට අණ කළා…
දූට බඩගිනියිද?
චූටි මැණිකෙ නැන්දම්ම ගලේ පොල් අඹරන ගමං මගෙං ඇහුව…
ගෙදරින් පිටත වෙනම හදල තිබුණ බිම ගොම ගාපු කුස්සියෙ ලිප උඩ දුම් දම දම මොනවදෝ ඉදෙනව…මේසෙ උඩ තිබුණු ඕවාලාකාර හිස් ටින් දෙක කියා පෑවෙ ඒ සාඩින් බවයි. හොඳට කුලුබඩු තුනපහ මිශ්‍ර වෙලා ඉදෙනකොට එන අපූරු සුවඳක් හාත්පස පැතිරුණා….
අපේ රවී අයිය කිව්ව නෙවැ අපේ ආච්චිඅම්ම අපිට රෑට කන්ඩ හදල තිබුණෙ මොනවද කියල?
ඒ කියාපු ඔක්කොම නං එදා රෑට හදල තිබුණෙ නෑ… ඒත් හොඳ ගම්මිරිස් සැරට සාඩින් මිරිසට හදල, කිරි හොදියි ගොටුකොල සම්බෝලෙයි, පපඩනුයි. රසම රස රාත්‍රී භෝජනේ….!
ඔය කර කොල මැල්ලුම, ලේන හතු මාලුව කාපු තැන් ගැනත් පස්සෙ ලියන්නංකො…මේ ඊයෙ පෙරේද පෙම්බරයගෙ මහ ගෙදර ගිය වෙලේ වත්ත උඩහ මහ අඹ කොටේක ගණ සැරේට හැදිල තිබ්බ ලේන හතු දැකල මට ආසාවෙ බැරි වුනා…
ඔව්ව කන්නෙ කවුද අනේ…?
අපේ පෙම්බරය කිව්ව…
ඔයා දන්නෙ නෑ අනේ ඒවයෙ රස…ඉස්සර අපේ ආච්චි අම්ම ලඟ වේලපු ලේනහතු වරදින්නෙ නෑ. අනේ අපි ටිකක් කඩමු ද?
අනේ යං යං කහඹිලියා ගාගන්ඩ වැඩක් කමයි ඔය… පෙම්බරය මාවත් ඇදං ආවට මං පස්සෙ හරි ගිහිං ටිකක් කඩා ගන්ඩයි හිටියෙ
කොහෙද…ඒ වුණාට කඩං එන්ඩ අමතක වුණා නෙ….
ඉතිං ඕං ආයෙත් කිය කියා හිටිය කතාවට යනව…
කරුවලත් වැටුණ ඕං….
දුවේ ඔය කුප්පි ලාම්පුව මෙහෙට ගනිංකො…. තාත්තටත් කියන්ඩ වෙයි මහ ලාම්පුව පත්තු කරන්ඩ කියල සාලෙ…
ආච්චි අම්ම එහෙම කියල ආතට කතා කළා
මේ ඇහුණදෝ….. ඔය මහ ලාම්පුව පත්තු කළා නං…
ඒක පත්තු කරල දැං කොච්චර වෙලාදැ…
මේං කහට කෝප්පෙ බීල හිටියනං…
ආච්චි අම්ම ආතට කහට කෝප්පෙ දුන්න.
දූ…… දූ….. දූවේ……. මෙහෙට එන්ඩෝ……! බඩ්ඩක් පෙන්නන්ඩෝ…..!
ඉස්තෝප්පුවෙ ඉඳගෙන කයිය ගහ ගහ හිටපු ලොකු චූටි මාමයි රාලහාමි බාප්පයි දෙන්නම කෑ ගහන්ඩ ගත්ත.
කුස්සියට වෙලා අම්මගෙයි කිරි අම්මගෙයි චූටි මැණිකෙ නැන්දම්මගෙයි ගම්මැදි හෑලි අහ අහ කටත් ඇරගෙන හිටපු මම ඒ සද්දෙට ඉස්තෝප්පුවට දිව්ව…
මොනවද ලොකු චූටි මාමෙ…?
ආං බලන්ඩ අර ඈත පෙන්නෙ මොකද්ද කියල..?
කෝ කෝ…?මොකද්ද?
අර අර ඈත බලුප් පත්තු වෙනව පේන්නෙ…
කෝ මට පෙන්නෙ නෑ නෙ
මගේ ස්වරය තරමක් නොසන්සුන් වෙන්නෙ පෙන්නන දේ හරි හැටි හඳුනගන්න බැරි වුණ නිසා…
ඇයි සුදු හාමිනේ අර පේන්නෙ නයෙක් වගේ පුංචි පුංචි බල්බ් පත්තු වෙලා….
ආ ………..පාරක් නේද ඒ…..
ඇත්ත තමයි ඈත පුංචි පුංචි එළි පේලියක් පේනව තමයි
හරිම ලස්සනයි….!
හා ඔය කොහෙට යන පාරද??
අනේ මන්ද? මං කල්පනාවට වැටුණ
ඇයි ළළ ළමයො…. ඒ සි සි සිරීපාදෙ නෙ….
ආ…………..!
ඒ පේන්නෙ මලුවට යන පාරනෙ…
මට වචනත් අමතක වුණා පුදුම වෙච්ච තරමට
අනේ මෙහෙ කොච්චර ශෝක්ද……! මම හුස්මක් අරන් සිරීපාදෙ දිහා බලාගෙනම පහල හෙලුවෙ මටත් නොදැනීම
ගෙදර ඉස්තෝප්පුවට සිරීපාදෙ පේන ගෙදරක් මං ඒ දැක්කමයි…
ඉතිං සුදු හාමිනේ ඉන්ඩකො මෙහෙ… එතකොට හැමදාම සිරිපාදෙ බල බලා ඉන්ඩ පුලුහං…. අපිට පාලුවකුත් නෑ….
ආතා කිව්ව…
ආත එහෙම කිව්වට මං ඉස්කෝලෙ යන්ඩත් එපැයි….
ඒකත් හැබෑව නේන්නං
අර ඉබි පැටවු වගේ බෑක් පිටේ බැඳං යන්ට එපැයි… අනිච්චේ….!
විහිලුකාර එල්ලාවල ආතා එහෙම කියල බර කල්පනාවක වැටුණ
අපි කට්ටිය ඈත පේන සිරීපාදෙ දිහා බලාන හිටිය……!
අනේ වාසනාවං සිරීපාදේ පංකාදු පහේ දර්සනේ වෙන්ටෑ!
මේ පැත්තේ ගාටන එක නතර කරන්ට වෙන හැඩක් නෙව පේන්නේ,නැතිනං මට පිස්සං කොටුවේ ලගින්ට වෙන්නේ ඕං.
ආසාවේ බැරුවා.කෝ ඉතිං පිං මදි නෙව ඔව්වාගේ දේවල් දකින්ට.
අක්කණ්ඩියේ තවත් ලියහංකෝ බං රාජකාරි නැති වෙලාවක් අල්ලලා…
පරාස්සයො උඹ ඔය තනන්නෙ මයෙ රස්සාවත් නැති කොරන්ඩ තමා.
වෙලාව තියෙන හැටියට බොහෝම අමාරුවෙං කතාවත් දෙකක් කොටා ගන්නෙ…
උඹට කියන්ඩ මං ඒ දැකපු තරං ලස්සනට සිරීපාදෙ දැකල නෑ අද තව වෙන තුරා..
හරියට අහසේ තරු පහලට බැහැල මේං මෙහෙමයි සිරීපාදෙට යන පාර කියල කියා පානව වගේ විදුලි බුබුලු දිලිසුනේ…. ඔය ඉතිං සමන් දෙයියන්ගෙ අඩවිය නෙවැ….
ඕං ඉතිං බයක් ගන්ට කාරි නෑ අක්කණ්ඩි,අක්කණ්ඩිගේ රස්සාව නැති කොරන්ට කලියෙං මං පිස්සං කොටුවට ගාටන්ට ඉංතීරුවෙන්ම තීරණේ කොරා නෙව.
ඒ මදිවාට තවත් සීරීපාදේ වරුණේ කියනවා.දුකේ බැරුවා,මැරෙන්ට කලියෙං ඔව්වා කෝම බලාල ඉවර කොරන්ටද මංදා!!
නගේ, අනේ ඔයාගෙ කළිං කතාන්දරේ මට නිවී හැනැහිල්ලේ කියෝගන්ට ඉඩක් ලැබුන් නෑ නොවැ… යාන්තං ඉඩක් ලැබුණු වෙලාවේ ඒක කියෝගෙන වචන දෙක තුනක් කොටලා යන්ට හිතාගෙන ආවහම මෙන්න කතන්දරේ ඉතුරු කොටහත් දාලා… ඕං ඉතිං මං මේකෙම ලියනවා ඈ? නගාගේ මේ කතාන්දර කියවන කොට නගාලා කොයි තරං වාසනාවන්තද කියලා හිතෙනවා, ඒ තරං ලස්සන ගම්මාන වලට ගිහිං ළමා කාලේ නිවාඩුව ගත කරන්න ලැබිච්ච එක… අපේ අම්මයි තාත්තයි දෙන්නගෙම ගෙවල් නාගරික පැත්තේ, පුංචි කාලේ ආසාවටයි කියලා යන්ටවත් ගමක් තිබ්බේ නෑ නෙවැ… කොයි තරං පව්ද නේද අපි… මට ඉස් ඉස්සෙල්ලාම ගමේ යනවයි කියලා ගමකට යන්ට හම්බුණේ ගිය අවුරුද්දේ මගේ මහත්තයත් එක්ක එයාගේ ගමේ, අර ඔයාගෙ මල් දෙණිය තියෙන සීතාවක ගියහම තමයි… එහෙ ආච්චි අම්මයි සීයයි බලන්න, අර ඔයයි මල්ලියි තරඟෙට නැග්ග කන්ද වගේම කන්දක් නැග්ගා අපි… අනෙ අප්පේ ආච්චිගේ අතින් හදලා දීපු වණ්ඩුවේ රහ! එහෙටත් වතුර ගන්නේ පීල්ලකින් තමයි… පීල්ලෙන් වතුර එකතු වෙන භාජනේ පිරුණහම ඉතිරිලා යන වතුර පහල කොරටුවට හරෝලා තිබ්බා… මගේ මහත්තයටනං නගාලට වගේම ලස්සන ළමා කාලේ අත්දැකීම් තියෙනවා ගමත් එක්ක…
ඕං මේ අක්කණ්ඩි මට උන පරණ හදියක් මතක් කලා නෙව.
මාත් මේ අක්කණ්ඩි වගේ නගරේමයි විසුවේ.ඕං ඉතිං පොඩි කොළුවා දොහේ මයේ හිතේ දෙකේ කැලෑසියේ ඉද්දිං කියාපි “මගේ ගම” ගැන රචනාවක් ලියන්ට කියාලා.හත්තිලව්වේ මට කොයින්දෑ ගමක්?බැලුවා හතර අතේ,ඔක්කොලාම වැඩ ඕසෙට.මං ලිව්වා නෙව පිටුව පුරා යන්ට “මට ගමක් නැත” කියලා!
ඕං ඉතිං මගේ පිනටද කොහෙද අපේ ඉස්කෝලේ නේානා ගෙදරිං හෙම ගෙන්නලා තතතේ විස්තර කරාලා දුන්නමයි මාත් ඉස්සිස්සල්ලාම ගමේ ගියේ.
හි හී… මදෑ කොලා… මං නං මේ කොළඹ රටේ ඉපදිච්ච එකියෙක් නෙවෙයි බොල. මං මේ හත්කෝරලේ දඹදෙනිය කියන හද්ද ගමෙං කොළඹට පය ගහපු එකියක් නෙ…
මාත් ඔය කොළඹ කියන කුජීත රටේ නෙවේ බොලව්.මං කන්ද උඩරට මහනුවර නගරේ වසලා පොල්ගොල්ලට ගියා නෙව.දැන්නං ඕං නිස්කලංකේ ඉන්නවා ගමේ නිසා!
ආ ඒක මිසක්ක…. ආයෙ ඉඩක් ලැබුණාම ලියන්නංකො මං….
මාත් ඔය කොළඹ කියන කුජීත රටේ නෙවේ බොලව්.මං කන්ද උඩරට මහනුවර නගරේ වසලා පොල්ගොල්ලට ගියා නෙව.දැන්නං ඕං ටිකක් නිස්කලංකේ ඉන්නවා ගමේ නිසා!
ඉතිං අක්කත් වාසනාවන්තයි නෙව… පස්සෙ කාලෙක මහත්තැං එක්ක හරි ඔය ගංගොඩවල්වල ඇවිදින්ට වාසනා කරල තිබුණ නෙව… දැං ඉතිං ඔය ගංඔලත් අර පරණ ලස්සන නෑ නෙ… මං ලඟකදි එල්ලාවල නං ගිහිං නෑ… ඔය මං විස්තර කරන බංගලාවෙ දැං කවුරු ඉන්නවද දන්නෙත් නෑ…. ඒත් පුදුම ලස්සන පරිසරයක්….
ලස්සනට ලියලා තියනවා. මම කාපු රසම කෑම වේල කෑවෙ රත්නපුර පැත්තෙ, රබර් ගස් ගලවමින් තිබ්බ වාඩියකින්. ඊට කලිං කන්දක් නැගලා, පහල වෙලේ පොකුණෙන් හිතල වතුර නාලා, අපි පාං කියා ගන්න බැරි ගානට හිටියෙ. එවෙල ගලවපු පිටි ම්ඤ්ඤොක්කයි, ගම්මිරිස් දාල බොරට හදපු සැර සාඩින් හොද්දයි. කාලා නැගිටගන්න බැරුව නයි ගිලපු කබරයි වගේ හිටිය මතකයි.
කෑමක නියම රස විඳින්න බඩගින්නත්, පරිසරයත් හරියට හාමු වෙන්න ඕනෙ කියල මට හිතෙනවා. ආච්චි අම්මා කෙනෙක් කියපු කතාවක් මට මතක් වෙනවා ” අපේ කෑම රස, අපි ඒක හදන්නෙ ආදරයත් පොඩ්ඩක් මුසු කරල නිසයි.” රෙසිපි එක දන්නවා උනාට මාත් තාම බඩු ලයිස්තුව එකතු කරනවා. කොන්ක්‍රීට් වනාන්තරේ සත්තුන්ට තමා ඒ සුන්දරත්වය වැඩියෙන්ම රස විඳින්න ඇහැකි.ඒ වුනාට, හැමදාම ඉන්න ගියොත් වැඩේ “අතිරහ” වෙන්නත් ඉඩ තියෙනවා.
Sorry, can’t write this in Sinhala anymore. These days, I’m working 7 days straight per week. To make things worse, it is the mid-night shift. I’m not complaining, but have to finish this soon, to get some sleep. Sometimes I wonder, whether I’m becoming a typical industrial animal in the concrete jungle. I know, I have to strike a balance and find a way out, without complaining. I’m just tying to do that, so wish me luck.
සිරිබිරිස් අයිය මොකෑ අප්ප අද මේ….? කොංකිරිට් වනාන්තරඔල ගොඩක් කල් ඉන්ඩ එපා….
ඉක්මනට මෙරටට එන්ට… එතකොට බැරියැයි ආයෙත් ඔය රහ කෑම කන්ට….
එතකං අරණකට පෙම් බැඳ පොත කියවන්ට. මේ කොළඹ රටේ සිද්ද වෙන එව්වගෙං හිත රිදුනාම මං නං කොරන්නෙ ආන්න ඒකයි….
අඩේ, මම කියාපුවයිං ගොටුකොල සම්බෝලෙ විතරයි එහෙනං ආච්චි අම්මා රෑට හදල තියෙන්නෙ, අනිවාර්යයෙන් ගොටුකොල සම්බලක් තියෙන්ඩම එපාය, ඔය රබර් වතුවල ගොටුකොල හැදෙනව ඕසෙට, ඒකත් ඔය දැං අපි කන මහ විසාල ගොටුකොලේ නෙවෙයි, චුට්ටි දිගට වැල් ඇදෙන ජාතියක් නෙව, එව්වට මොකක්දෝ නමකුත් කියනව, මතක නැහැනෙ බොලේ,
රස්සාව ගහල ගියත් කාරියක් නැහැ බං, ඔන්නොහේ හැමදාම එක කතාව ගානෙ ලියහං,රස්සාවල් හොයාගංඩ බැරිය නඟෝ එකට දාහක්, ඒ වගේද බොගෙ කතා, හෙහ්, හෙහ්,
එව්වට අපේ පැත්තෙ නං තියන්නෙ වතු ගොටුකොළ, බෙහෙත් ගොටුකොළ, ඔං ඔහොම නං තමා….උඹ නෙං කියයි අයියෙ… ඒත් රස්සාවක් නැතුව, පඩියක් නැතුව මායි මයෙ පෙම්බරයයි කොහොමෙයි අපෙ පැල් කොටේ අටවගන්නෙ….?
කාළෙකට ඉස්සර අර කඩියෝ පස්ස කෑවම හැදෙන කුලප්පුව තියෙන කාලෙ, අපි කස්ටියක් ගියා හෝර්ටන් තැන්නෙ “කැලෑ ගිණි නිවාරණ” සතියක් කරන්න. ගිහින් නැවතුනේ “අල බංගලාවෙ”. බංගලාව කිව්වට මේක අලි තඩි ඉස්ටෝරු වක්. කාලෙකට ඉස්සර හෝර්ටන් තැන්නෙ අල වැව්වලු. අල බැස්සලු හිටු කියලා. ඒත් අහල පහල දිය උල්පත් හිඳිලා පහල නගර වලට වතුර නැති වේගන එනකොට, වැඩේ නැවත්තුව කියලයි ආරංචිවුනේ. එව්ව තියල කතාවට එමුකො:
අල බංගලාව පට්ට හීතලයි. අපි බුදියගත්තෙ කකුල්වලට මේස් දාගෙන. උයන්න හිටි හාදයා, කඩේ ගිහින් පොල්තෙල් ගෙනාව -පොල්තෙල් රාත්තලක්, ෂොපින් බෑග් එකක, ඇයි පොල්තෙල් මිදිල. පලිඟු කැටේ වගෙ දොල පාරක් තිබ්බ, නෑවෙ පට්ට ගිණි මද්දහනෙ ,බුදු අම්මෝ එහෙම හීතලක්. නාල ආවහම කන්න, සාඩින් තෙල්දාල, පරිප්පු හදලා ගොටුකොළ සොම්බෝලයක් තිබ්බා. ඇද්ලා ඇරිය, ඇස්ටි හැලෙන්න. ගොටුකොළ කඩෙන් ගේන්නෙ නෑ, හැම තැනම ඉබේ වැවිල. මේව වැල් ගොටුකොළ , හැබයි කොලේ මැද නාරටිය රතට හුරුයි. රහේ වෙනසක් නෑ, කොල පාට එක වගේම තමා. මං හිතන්නෙ, අර දඬු එකට කියන්නෙ ගස් ගොටුකොළ කියලද කොහෙද? මෙහාට ගෙන්නන්නෙ ඒක විතරයි.
රවියො, උඹ ආයෙ එහෙම කෑම ලැයිස්තු කියල මගේ කට අවුස්සල තිබුණොත්, ආයෙ දෙකක් නෑ ගිලගෙන ගිලගෙන යනව කෙළ, බොගේ බඩට කෙලවෙල යන්නම.
අනේ මන්ද රවී අයියට තර්ජන ගර්ජන එමට…. ඔක්කෝම මේ කට නිසා නෙව….?
මං කිව්වෙ තර්ජනේ කොරන්නෙත් කටට කෙල උණල, තර්ජනේ ලබන්නෙත් කට අවුස්සන්ඩ ගෙහුං… හි හි…
හරි සෝක් අප්පා කතාව… ඉස්සර අපේ වහල උටඩ නැග්ගමත් සිරීපාදේ පේනවා. දැන්නම් කොහොමද දන්නේ නෑ, කාලෙකින් නැග්ගේ නැහැනේ වහලට… අක්කේ තව තියෙනවා නේද ?