මොකෑලන්තෙ….!

හිතේ මහ දුකක් කඳු ගැහිල තියෙන වෙලාවක හිතවත් ඇත්තෙක් කතාබහ කළාම මොන තරං නම් හිත හැදෙනවද….?

අනිත් එක මේ බ්ලොග් එක නිසා කවදාවත් දැකල නැති ඒත් ලියන දේවල් හරහා  හදවතට සමීප වෙලා ඉන්න කීදෙනෙක් නම් ඉන්නවද?

අද උදේම මගෙ සටහන දැකපු පෙම්බරය කතා කළා…

ඒ ඇත්ත දුරු රට නෙව මේ දවස්වල….

ඊට පස්සෙ තව හිතවත් කීප දෙනෙක්ම කතා කළා….

සිරි බිරිස් අයිය, රත්තරං මාලුව මලය, අපේ රවී අයිය, එතකොට කවිකාරි අක්ක මේ කට්ටියම උදේ පාන්දරින්ම ඇවිත් දුක බෙදා ගත්තනෙ.

ඉතිං මං ඒත් කල්පනා කලා මොනවද මං ලියන්නෙ කියල….

මල්දෙනියෙ විත්ති ගැන ලියන්ඩ හිතක් තාම නැතුවා….

එහෙවු එකේ මං ඉතිං ටිකක් දුක යන්ඩත් එක්ක බජනෙට ගියානෙ අපේ රවී මහත්තැං අයිය එක්ක…

ඔය කී රොටී, එතකොට හල් පිට්ටු ගැන එහෙම රවී අයියණ්ඩි හොඳ හැටියට දන්නව නෙ….

උඩරට පරණ ගැමි කතාබහට බොහොම ලැදි ඒ ඇත්තගෙ බාසා විලාසෙ හරීම සිත්ගන්නා සුලුයි නෙව. ලියන්නෙත් කතාන්දර ගොතාලනෙ… ආත්තම්ම කතා කොරනව අහං ඉඳලලු නෙව පුරුදු උනේ…

ඉතිං ඒ ඇත්තට මං කියව්ව

ඔබ තුමාගෙ භාසා විලාසෙ හරීම ලගන්නා සුලුය…. අරකය මේකය…. ඕන්න ඔහොම හෑල්ලක්..

ඒපාර රවී අයියන්ඩි අහපි

මේ කතා කොරන උඹ කොයි පලාතෙය කියාල

මං ඉතිං මොකෑලන්තෙ කිට්ටුව ගමකිං කොළඹ රටට බැස්ස ඇත්ති නෙව….

ඉතිං මගෙ බාසාව අර උඩරට, පහතරට, බටහිර, සබරගමු, දකුණු, ඔක්කොම කලවං වෙච්ච දැං කාලෙ නැටුමක් වගෙ නෙ කිව්ව….

ඉතිං රවී අයිය අහපි

කොහෙද බොල ඔය මොකෑලන්තෙ තියෙන්නෙ …..? කියාල….

මං ඉතිං රවී අයියණ්ඩිට පහදල දුන්න…මොකෑලන්තෙ ගැන විස්තරේ….

ඒපාර උන්දැ කියාපි

අපොයි බොල කෙල්ලෙ…. ඔය ලන්තෙ ගැන නං කියල වැඩක් නෑ. මේං මයෙ අත්දැකීම් ඔය මොකෑලන්තෙ එක්කල තියෙන .

ඉතිං රවී අයියණ්ඩිගෙ පිහිටෙං තමා ඒං මේ වංගියෙ සටහන ලියවෙන්නෙ

මේ ලන්තෙ ගැන ඉතිං දන්නෝ දනිති….නොදන්න ඇත්තන්ට කම්පනාවට එයි ඕං මේ ලියන්ඩ යන කතාටික කියෙව්වාම මේ කොහේදැයි මේ විස්මලන්තෙ තියෙන්නෙ කියල.

අනිත් කාරණේ මොකෑලන්තෙ උදවිය මයෙ බ්ලොග් එක කියෙව්ව නං මයෙ එක්ක අමනාප වෙන්ට කාරි නෑ ඕං. මං ඉතිං ඔය ප්‍රාදේසීය වහරෙ වෙනස්කංඔලට බොහොම මනාපයි නෙ… ඉතිං මයෙ හිතේ තියෙන්නෙ ඒ ඒ පලාතට ගියාම ඒ ඒ විදියට කතා කොරන්ට ඇත්තං හොඳා කියල…

කොහොමෙං  කොහාමෙං හරි  ඕං අද ලියන්ඩ යන්නෙ හීනෙකිං වත් ලියන්ඩ හිතපු නැති කාරණාවක් ගැන.

ඔය මල්දෙනියෙ විත්ති කියවන්ඩ මග බලාන ඉන්න යජිත් ඇත්තො, රත්තරං මාලුව මලය, බිරී අයිය, කවිකාරි අක්ක එ‍හෙම ගෝලු ගන්ට කාරි නෑ මේ කතාව කියෝල ඕං…

මේ ඉතිං හිතේ දුක වහගන්ට දරන වෑයම නෙව…

මේ ප්‍රාදේසීය වියවහාරවල වෙනස්කොම මට තදිං දැණුනෙ විස්ස විජ්ජාලෙට ආවාම නෙව. ඇයි වදේ දකුණෙං ආව ඈයො එක විදිහක්….

අපි තව විදියක්……

නුවරිං ආව අය මාතලෙං ආව අය තව විදියක්….මොණරාගලිං තව විදියක්…

ඉතිං ඔය විජ්ජාලෙට ආවාම නොසන්ඩාලය….අර මල්සරා විදිනව නෙව…

ඉතිං මල්සරා ඔය උගෙ මල් දුන්නද මොකද්ද එකෙං විදින්නෙ ගැටයො ගැටිස්සියංගෙ උපං ගං බිං, බාසා රටාව එහෙම  බලල හදල නෙවෙයිනෙ… මොනවද ඉතිං සස්…..ස්  ගාල විද්ද.

ඉතිං නානාප්පරකාර හුටපට…

රවී අයියගෙ මොකෑලන්තෙ සම්බන්ද කතන්දර කියන්ඩ කලියෙං මං මයෙ කතන්දර ටික කියලම ඉන්නංකො..

ඕං ඉතිං ඔය මල්සරා ඇත්ත දස්ට කොලා අපෙ පැත්තෙ මයෙ ඉස්කෝලෙ කාලෙ ඉඳලම යාලුවෙකුට.

ඉතිං මේ ගැටය දකුණෙ, ගැටිස්සි තමා මයෙ යාලුව.

දවසද්ද මේ දෙන්න ඉන්නවලු ඕං බස් එකක යන්ට

ආං… බස්එක එනව… ගැටය කිව්වලු

ඉක්මනට අත අල්ලන්ඩ…… අත අල්ලන්ඩ….

මයෙ යාලු ගැටිස්සි කීවලු.

අනේ ඉතිං අර ගැටයත් මේ දැරිවිට බැල්ම දාන වෙන පරාස්සයෙක්වත් අහල පහල ගැවසෙනව වෙන්ටැ, මේ අත අල්ලන්ට කියන්නෙ එහෙම කොරල අයිතිය තහවුරු කොරන්ට වෙන්ටැ කියාල හිතල අපේ ගැටිස්සිගෙ අත අල්ලගෙන ඇහුවලු..

ඇයි අනේ ඔහේ බය වුණාද….. කියල.

ඒපාර ගැටයගෙ අත ගසා බසා දාපු ගැටිස්සි කියනවලු

මයෙ  අත නෙවෙයි…. බස්එකට අත අල්ලන්ඩය කියල….

මේ ගැටය මගෙත් එක්ක ඔය කතාව කිව්වෙත්

හපෝ……. උඹලගෙ අහ කතාබහ නං අපිට අන්තයි කියාල

අපේ පලාතෙ බස් එක නවත්තනවට කියන්නෙ බස් හිටවනව කියලනෙ….

ඉතිං මයෙං හැමදාම අහනව අපෙ යාලු කොලු නඩේ

උඹලයෙ පැත්තෙ බස් හිටවන්නෙ බස් ගෙඩි කන්ඩද කියාල….

ආයෙ අපෙ පැත්තෙ වෑංජනවලට මාලුපිනි කියනවනෙ…

දවසද්ද මේක අහං හිටපු දකුණෙං කොළඹ රටට බැහැපු අපේ පෙම්බරය අහපි

ඔය මාලුපිනි කියන්නෙ පිනි වැටිච්ච මාලු ද කියල..

ඒ ඇත්තො ගැන තව රාසක් කියන්නා. මට ඔයා ය කියල කිව්වට ඒ ඇත්තොංගෙ අම්ම එක්ක කතා කොරනකොට යස අගේට ඔහේ කියනව…..

ඒ විතරක් නං මදෑ….

අපි දෙන්නගෙ සම්බන්දෙ ගැන අහල අපෙ පෙම්බරයගෙ ඥාති අක්කන්ඩියෙක් කිව්වලු පෙම්බරයගෙ අම්මට

හපෝයි චූටි අම්මෙ ඒ පැත්ත නං හරි යන්නෙ නෑ…… ඒ පැත්තෙ එළවලුවලටත් මාලු කියලයි කියන්නෙ..කෑම බීමත් හරිම වෙනස්ය කියාල….

බලාගෙන ගියාම ඒ අක්ක දීග ගිහිං තියෙන්නෙ අපේ පලාතෙ අයියන්ඩි කෙනෙක් එක්ක නෙව…

පෙම්බරයගෙ අම්ම හිනහ වෙනව මාත් එක්ක මෙව්ව කියල.

ඕං ආය දවසද්ද  අපි  දවල්ට කන වෙලාවෙ එක ගැටයෙක් අතිං වතුර බෝතලයක් හැලුන නෙව මේසෙ මත්තෙ. ඒක දැකපු මයෙ යාලු තෙලිජ්ජවිල අහ ගැටයෙක් කියාපි මෙන්න මෙහෙම

ඕකට ඔයි පත්තර පිට්ටක් දෑවනං අහවරයිනෙ…..

අපේ එවුන්ට ඉතිං ඕක මදෑ මාසයක් බක බක ගාන්ට

ඇයි වදේ මාතලෙං  අපෙ චූටි මාමට සහේ ගෙනාපු නැන්දම්ම හොද්ද හැඳි ගානවට කියව්වෙ කරු ගානව කියල.

හොද්ද ලිපෙං බානවට කියව්වෙ බිම තියනව කියල

ඇයි කුඩේ ඉහලනවට කුඩේ අටවනව කියන්නෙ අපේ සමන්ත අක්ක.

ඕං ඉතිං මට කතාවෙං කතාවෙං කියන්ට ආව කතා ටික අමතක වෙනවනෙ…

ඒ කියව්වෙ මං අපෙ රවී අයියණ්ඩිගෙං අහගත්තුව. උන්දැගෙ වචනඔලිංම….

ඕං ඉතිං අපෙ රවි අයියගෙ අතිජාත මිත්තරයෙක් හිටියලු මොකෑලන්තෙ පැත්තෙං ආව…

සැමන් ටිං වලට උන්දැල කියන්නෙ සුට්ටං කුඩමැස්සං බැරැල් එකක් කියාලලු.

මයෙ අම්මේ ඒක අහල මට හිනා ගිය තරං……..!

මං ඒ පාර ඇහැව්ව

ඈ බොල අයියෙ උඹහෙ හදන්නෙ මෙතන මාව තනියම හිනස්සල මට පිස්සුය කියල හිතවල මයෙ රස්සාවටත් විනේ කටින්ට නෙවෙද කියල

තව කතාවක් ඒපාර

ඕං ආයෙ වංගියක් ඒකා ( මොකෑ ලන්තෙ මිත්තරය ) දවල්ට එනවා දාඩිය දාගෙන,

මිදුලෙ ඉඳම්ම කෑගහගෙන එන්න,

අඩේ……!, ගිරීස්මේ පන යනව බොලවු, දා, දා, දා, විජාංඩියට රූන දා, රූන දා කියලා

රූන කියන්නෙ විදුලි පංකාවට ඕං….

මයෙ කොන්දත් ඇවිලුණා අමරෙට ඉඳං කියවන්ඩ ගෙහුං

ඒපාර මං කීව

අයියෙ……. උ‍ඹෝ එක්කල බජනෙට ගියෝතිං නං මට වෙනව හොඳවැයිං නස්පැත්තියක්, කියල

ඒ පාර මුන්දැ තව කතාවක් කීව නෙව.

අහ ගන්ටකො කතාව

දවසක් ඕක එක්ක සෙරෙප්පු ගන්ඩ ගිහිල්ල හතර විලි ලැජ්ජාවයි නෙව උනේ,

අපිත් ඒ කාලෙ පොඩි කොල්ලො නෙව, කඩේ හිටියෙ කෙල්ලො ටිකක්,

අපි උං එක්ක අනම්මනම් කියෝ කියෝ හිටියා,

මූ සෙරෙප්පු අරං එහාට මෙහාට පෙරල පෙරල බල බල හිටියා,

හිටපු ගමං මේකා මරහඬ තියාපි

” කිරි බුදු හප්පොච්චියෝ, මේ සබර වාංපතුල් ඔල ගනං, ගෙඩි රුපියල්ම කතලිහක් නෙව, අනේ යමල්ල බාල්ල යන්ඩ, “ කියාල,

අපි කඩෙං ආව නෙවෙයි දිව්ව එලියට,

හප්පොච්චියේ…. මදැයි මගෙ පණ ගියෙ නැති ටික ඉතරයි ඕං හිනා වෙලා.

මං මේ ඒත් කල්පනා කොලේ…. මේ කයිකාරකං නෙවෙයි මේ අයියට අන්දරේ වාගෙ කවටකාරකමක් උණත් කොරතෑකි නේද බොලේ කියාල….

මොකෑ බෑ කියලයැ….? දැං මේ හිතේ දුකට දැවි දැවී තැවි තැවී හිටපු මාව ටක් ගාල හිනැස්සුවෙ….

හපොයි දෙයියනේ!!! අද මං පෙම්බර ඇත්තන්ට පොරොන්දු දුන්න නේද ඒ ඇත්ත දුංවළලු පා කොරපු කතාව ලියනව කියාල. ඉතිං ඕං පෙම්බරය ඇත්තොත් ගෝලු ගන්ට කාරි නෑ මං ඒ කතාව නොලිය මේකතාව ලිවුවයි කියාල හෙම…. ඒ කතාවත් ලියන්ඩ බැරියැ විජාන්ඩියට…. මේ…..ඉක්මනටම…..

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in Uncategorized. Bookmark the permalink.

12 Responses to මොකෑලන්තෙ….!

  1. SiriBiris says:

    හෙහ්..හෙහ්. මේක නං නියමයි. ඔය රවි ගොයියා, බොහොම දස්ස කතන්දර කාරයා. ඒ වගේම තමා උන්දැගෙ කවිත්. ජීවත් වෙනවා කියන්නෙ, දුක සැප සමබරව තියාගන්න කරන සටනක් නොවැ, ඒක හන්දා ඔහොම යමු අර දුං වලලු කතාවට බොලේ..

  2. මට මෙහෙම හිනා නමං අක්කා දාපු කතන්දර ටික කියවලා, මට හිත්ගන්න ඈහැකි අක්කට ​යෙිම හිනා පනින්නට ඈත්ද කියලා….

    ඔන්ට මාත් කයියක් කෙලින්ට තනන්නේ ඕං. අපේ එකෙක් ඉන්නවා, උගේ ගං පලාත මාතර. දන්නවනේ එයියැහේ වහර… මුගෙන් අපේ එච් ආර් එකේ ලමිස්සියෙක් අහලා උගේ නමට ලියද්දී දාන්නේ “w” දාලාද “v” දාලාද කියලා… මු කෙලල ඇරලා ඕනෙ එකක් දෑවා නම් හරි කියලා. පස්සේ ඉතිං අපේ උත්තමයෝ ටික දෑවා කාඩ් එක රෙජිස්ටර් කොරලා.

    කොහොමෙයි මගේ භාෂා ඥානය? මැක්සා නෙව? මමත් ඉතිං හත්කෝරලේ කොල්ලෙක් නොවැ. මෙහෙට වෙල අල තම්බ තම්බ හිටියට. මාලුපිනි තමා අපේ පැත්තෙත් කියන්නේ.

  3. Ravi says:

    කොයි නඟේ උඹැහෙ අර කියාපු, බොගෙ පෙංබරයද මොකාද එකා වලලු වගයක් දාපු කතන්දරේ,

    අනේ බං විගැහිං දාහං, උන්දැ දීපංකරේ ඉඳං ආපහු මේ අහ එන්ඩ කලියෙං,

    නැහ්නං මේ අහිංසකයා, මයෙ බොටුව මුලිම්ම අල්ලා ගනියි උඹෙ කතන්දර දාන්ඩ ගෙහුං මයෙ කතන්දරේට වෙච්චි දෙයක් නැහැ, මං උඹ අද තියන්නෙ නැහැ බලාගං කියාල,

  4. ඇන්නෑවේ පැටික්කියේ හැබෑම නෙව! ඔහේගෙ පෙම්බර ඇත්තෝ ඇවිදිං කාරිය අපේ අර සූරිය දිවිය රාජෝත්තමයගේ බොටුවෙං අල්ලාගත්තෝතිං මොකෑ කොරඤ්ඤේ? විග විගහට වලලු කතාන්දරේ අහවරක් කොරළා උන්නනං නාකෙයි කෙල්ලේ? මොකෑ දොඩන් නැත්තේ, ඔයි ඉසව්වේ දොඩන් අවාරෙයි?

    රවි අයියේ, තරහ ගන්න කාරි නෑ ඕං දීපු නම්බු නාමෙට, ඇහුනැයි?

    • Ravi says:

      මොනවාද නඟේ, මේ දොඩන්නෙ අනෙ අම්මප? මෙයාකාර ගරු නංබුවක් පොරදානය කොලාමත් තරහ මරහ වෙන්ඩ උඹ හිතුවැයි මට නුහුගුණේය කියාල,

  5. තිරි බුදු හප්පොච්චියෝ මාත් කොරගත්ත වින්නැහියක්!!!!!
    බොලේ බොලේ ලියනෝ ලියනෝ!!! මේ ලියනෝ……!
    හවස අතේ දානෝ!!!!
    පෙම්බර ඇත්තත් අද ගොඩ බහිනෝ!!!!

  6. Amila says:

    අඩේ අපේ පැත්තෙ ඒ කියන්නෙ නොටින්ග්හැම්වලත් මොකෑලෑන්ඩ් එක එග්සිස්ට්ස් ආ

  7. Buru says:

    හවස ඉඳන් කියවන්න ගත්ත බ්ලොග් එක මේ අද නිව්ස්වත් නොබලා කියවනවා තාම. අන්තිමට ඔක්කොම කියවලාම කොමන්ට් දානවා කියලා හිතුවට ඒක හරියන්නේ නෑ.
    මට තවමත් අදහගන්න බෑ මට කොහොමද මේ බ්ලොග් එක මිස් උනේ කියලා.
    මම පොත් කියවලා නෑ සිංහලෙන් නෙට් එකෙන් මිසක්. මේ තරම් කියවලත් මේ තරම් ගමේ කමත් ගමත් එකක් තිබ්බ බ්ලොග් එකක් නම් හමු වෙලාම නෑ.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s