ලොකු මාමේ නුඹ කොයිබක ගියාදෝ…..!

කහ පාට රුක්අත්තන මල් යාය දැක්කම මට හීල්ලුනා.

සන්තෝසෙට  නෙවෙයි… පපුවෙ තෙරපිලා සුසුම් පවා හිර කරවන මහා දුකට…

කී කාලෙකින්ද ගමට යන්නෙ…..? වෙනද ආසාවෙන් බලන කිසිම දෙයක් දිහා බලන්ඩවත් හිතෙන්නෙ නෑ….

අපි තුන්දෙනත් වැඩි කතාවක් නෑ…..

කරවනැල්ලෙ ඉස්පිරිතාලෙ ලඟ අපි වාහනේ නැවැත්තුවම චූටිමාමයි නැන්දම්මයි හිටිය…

දැන් තමයි රිලීස් කරගත්තෙ…. දැරණියගලට අරන්ගියා

චූටි මාම කිව්ව….

පුංචි අම්මත් ඉස්පිරිතාලෙ උඩහ ඉඳල පාරට ආව….

ඩොක්ට නිහාල් හිටිය නිසා පෝස්ට් මෝටම් එකක් නැතිව ගන්න පුලුවන් වුනා. නැත්තං හරි කරදරයක් වෙන්නෙ….

අනේ ලොකු මල්ලි හරියට කෙට්ටු වෙලා….. වැල් කෝටු වගේ අතපය….

කියන දේ පොඩ්ඩක්වත් ඇහුවෙ නෑනෙ…. ඔය රස්සාවෙ ඉන්නකොට ඉතිං අරක්කු කියන දේ අහන්ඩත් දෙයක්ද…? මිනිස්සු බෝතල් උස්සගෙන නෙ වැඩක් කරගන්ඩ එන්නෙ…

එක එක කතා හීනෙන් වගේ ඇහුණ මතකයි….

හැම දේම වුණේ මොන තරම් ඉක්මනටද……?

ලොකු මාමට සනීප නෑ අපි දැං බලන්ඩ යනව. අම්ම නිට්ටඹුවට එනව කිව්ව….

විදෙස්ගතවෙන පෙම්බරයගෙ ගමන් මලු හදමින් හිටපු මට පෙරේදා හවස අපේ මල්ලි කිව්ව…

ඔය විදියට කීප වතාවක් අසනීප වුණ මාමව අපි බලන්ඩ ගියානෙ වරින් වර….

ඉතින් ඔය සිදුවීම අපිට අමුත්තක් වුණේ නෑ……

අම්මල ගිහින් මාමව බලල ඇවිත් මට කතා කළේ පෙම්බරයව ගුවන්තොටුපලට ඇරලන්න යන අතරෙ…

අපි ගිහින් ආව චූටි පුතේ… පස්සෙ විස්තර කියන්නං….

මට එතකොටවත් මට හිතුනෙ නෑ…

අනේ.. රෑ අටට විතර ලොකු මාම අන්ත්‍රා වුණා පුතේ....

අම්ම මට රෑ වෙලා කිව්වම මට අපේ තාත්ත නැතිවෙලා කියල චූටි මාම අර ජාතික රෝහලේ ගේට්ටුව ඉස්සරහදි කියපු හැටි මැවිල පෙණුනෙ…..

අනේ ලොකු මාමෙ…. කොහොමද යන්ඩ ගියේ අපි එක්ක වචනයක් කතා නොකර….?

මල්දෙනියෙ විත්ති ලිය ලියා පුදුම ආසාවකින් බාල කාලෙ මතකය සමරපු මට දැන් ඒ ගැන ලියන්න බැරි තරම් මගෙ හිත ගොලු වෙලා…..

මගේ කතාවෙ ප්‍රධාන චරිතයක් නැති කොට මම කොහොමද ලියන්නෙ….?

මේ ලියන වෙලාවෙත් මගේ නෙත් කෙවෙනි තෙත් වෙලා…මොනව ලියන්නද කියල තාමත් තේරුමක් නෑ… ඔහේ ලිව්ව…

ලොකු මාම නෑ… හීනයක් වගේ…..

අපි යන ආරංචියට ගෙදරට කළමනා ගෙනත් පුරවන, රඹුටං, මැංගුස්  දූරියන් අරන් ඇවිත්

පු පු පු පුතා මෙ මෙ මෙන්න ක ක ක න්ඩ…

යැයි බලකරන…ලොකුමාමා……

ආයෙත් එන්නෙ නෑ….පෙරේදා යන්නම ගියා අපෙන් වෙන්වෙලා…..

 

මට වෙලාවකට හිතෙනව මම මල්දෙනියෙ විත්ති ලියන්ඩ ගත්තෙ ඇයි කියල…?

මට දැනුනද මන්ද මේ දේ ගැන….?

 

 

 

 

 

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in මට හිතෙන හැටි. Bookmark the permalink.

8 Responses to ලොකු මාමේ නුඹ කොයිබක ගියාදෝ…..!

  1. SiriBiris says:

    හැම දේටම මිලක් තියෙනෙ, සල්ලිවලින් හිතවත්කම මනින සමාජයක හොයාගන්න අමාරු මේ වගේ අපූරු නෑදැකං ලැබිච්ච උඹත්, ගෙනාපු ආවිස ඉවරවී මිය පරලොව ගියත්, ලොකු මාමත් දෙන්නම වාසනාවන්තයි නඟේ. උන්දැ හොඳ තැනකට යන්න ඇති.

  2. ඇත්තටම අක්කේ ටිකක් විතර දුකයි. ඔයාගේ කතාවලට ලොකුමාමා තමා පන පෙව්වේ… ඒත් එයා ගෙනාපු ආයුෂ එච්චර වෙන්න ඇති. එයා ආයෙත් හොඳ තැනක අපි අතරම උපදියි.

    ගොඩක් කනගාටු වෙනවා මම…!

  3. මගෙත් එක්ක එකතු වෙලා දුක බෙදාගන්ට ආවට පිං මල්ලියෙ…
    හිත හැදුනම ආයෙත් එන්නං….

  4. සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත says:

    ජනු නංගෝ, මම ඇතුළු හිතවතුන් පිරිසක්ම මේ දවස් වල පිය විප්පයෝග දුකෙන් පෙළෙනවා. අපේ සහෝදරයෙක් හිතපු නැති විදියකට අපිව දාලා ගිහින්. ඉතින් මටත් තේරෙනවා ඔයාට දැනෙන විදිය. ඔයාගේ ලොකු මාමා නිවන් දකිනකල්ම ඔයාලා අතරම ඉපදේවි. එයා හිටපු කාලේ එයාට ඔයගොල්ලෝ හොඳින් සැලකුවනේ, ඒ නිසා හිතේ දුක අඩු කරගන්න බලන්න. එයාගේ සසර ගමන සාර්ථක වෙන්න අපි ඔක්කොම ලොකු මාමා වෙනුවෙන් ප්‍රාර්ථනා කරමු, පින් අනුමෝදන් කරමු.

  5. Ravi says:

    රකිමි මුනිවත කුමක් පවසමි,
    සිතාගන්නට නොහැකි හන්දා,
    තෙමුනු නෙත් තදකර පියාගමි,
    කඳුලු නෙතඟට උනන හන්දා,

    මගේ සාතිශය සංවේගය නංගි,ඔබ ලියූ මල්දෙනියේ විත්ති මඟින් ඔබේ ලොකු මාමා අපටද හදවතට ඉතාම සමීප වූ බව නොරහසකි, ඔහුට කිසි දිනෙක මෙවන් අකල් මරණයක් අත් නොවේවා යි පතන්නෙමි,

  6. pavithra says:

    ජනූ, ඔයා නිහාල් මහත්තයා කිව්ෙව් කරවනැල්ෙල් නිහාල් ගම්ලත් ෙදාස්තර මහත්තයාද? ඒෙහමනම් මම ඊළග පාර ෙබෙහත් ගන්න ගියාම බ්ෙලාග් ඒකක නම තිබුණු බව කියන්නම්.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s