හූණියම් පෙට්ටියේ ව්‍යසනය….!

අපේ අම්මගෙ උපන්ගම ගැන මම ලියන මල්දෙනියෙ විත්ති කියවන්න ගොඩක් දෙනෙක් කැමතියි කියල මම දන්නව…..

ඇත්තම කිව්වොත් මමත් ඒ මතකය සටහන් කරන්නෙ හරිම ආසාවෙන්….

ඒත්………………. අදනම් පොඩ්ඩක් පීලි පැනල මේ ලියන්ඩ යන්නෙ වෙනමම කතාවක්….

කාලෙකින් ගිය සතියෙ දවසක හවස වැඩ නිමවෙලා මම තරමක් කලින් මගේ නවාතැනට ගියා.

අක්කත් ගෙදර නෑ… මල්ලිත් එන්න තව වෙලා යනව කිව්ව…

ඉතිං කම්මැලිකමට වගේ මම හතට විතර රූපවාහිනිය නරඹන්න ගත්ත. රූපවාහිනිය මගේ ජීවිතෙන් ඈත්වෙච්ච අංගයක් වුණේ මම විශ්වවිද්‍යාලෙට ආවත් එක්කම වගේ….

ඉස්සර අපි දොස්තර හොඳහිත, ගලිවර් ගේ සුවිසැරිය, වගේ කාටුන් විතරක් නෙවෙයි ඇල්ල ලඟ වලව්ව, කඩුල්ල, වගේ ලස්සන ටෙලි නාට්‍ය බලන්නත් කොච්චර ආසද…???

හැබැයි ටිකෙන් ටික ඒ  පුරුදු ඈත් වෙලා අන්තිමට රූපවාහිනිය කොහෙන් හරි අරන් එන  චිත්‍රපටයක් බලන්න ආධාරකයක් විතරක් වුණා.

අන්තිමට දැන් ඒක ගෙදර ඔහේ වහල තියෙන හූනියම් පෙට්ටියක් බවට පත්වෙලා.

එදා ඉඳගත්ත පාර මම තුෂ්නීමභූත වෙලා ගියේ ඒ වෙලාවෙ විකාශය වුණ ටෙලි නාට්ටියක්  දැකලයි (නාට්‍යයක් කියන්න නම් දුකයි. එතකොට ඇත්තම නාට්‍යමය ගුණයෙන් යුක්ත නාට්‍යයකට මොනවද කියන්නෙ…?)

දෙයියනේ…. ඒක නම් හරිම විහිලුවක්…!

අර ඉස්සර ළමා නාට්‍යවල එහෙම  මතක හිටින චරිත රඟ පාපු  නලුවෙක්, ආරෑඪ කරගත් අමුතු කතා විලාසයක් එක්ක විහිලුවක් බවට පත්වෙලා ඉන්න හැටි දැක්කාම මට හිතුණෙ

මුදලේ සෝදාපාලුව කොයි තරම් බලවත් ද කියල…

ඉතින්  ඔය විසූක දස්සනය දැක්කාම  ඔන්න මට මේ ළඟදි දවසක මගෙ වෙන්ඩ නෑන කිව්ව කතාවත් මතක් වුණා. එයාගෙ පුංචි අම්ම කෙනෙක් ගෙ පුතෙක් තමන්ගෙ අම්මට කිව්ව කතාවක්..

මේ පොඩි එකා තාම පෙර පාසල් යන්නෙත් නෑ….

එයාගෙ අත්තම්ම එක්තැන් වෙලා. ඒ මනුස්සයට එක තැනකට වෙලා කරන්න පුලුවන් ලේසිම දේ රූපවාහිනිය නරඹන එකනෙ..

ඉතිං මෙයා කරන්නෙ හවස හතට විතර පටන් ගත්තාම නාලිකා සියල්ලේම යන ටෙලි නාට්ටි ටික බලනවලු…

එහෙන් මෙහෙන් අලුත් වචන ග්‍රහණය කරගන්න වයසෙ පුංචි එකත් මේ වෙලාවට කරන්නෙ  අත්තම්මත් එක්ක තරගෙට මේ ටෙලිනාට්ටි බලන එකලු….

ඉතින් දවසක්මේ පොඩි එකා අම්ම එක්ක මොනවට හරි තරහ වෙලා මෙහෙම කියනවලු

මං තාත්තට කියනව අම්ම මට ගැහුව කියල,  එතකොට තාත්ත අම්මට පොල්ලකින් ගහයි

පොඩි එකා මෙහෙම කිව්වම අම්ම කිව්වලු

ඒ ඇයි තාත්ත මට ගහන්නෙ… ඔයාට කලින්නෙ තාත්තට මාව හම්බ වුණේ…. තාත්ත මට ආදරෙයි එහෙම ගහන්නෙ නෑ පොලුවලින්…………කියල

ඒපාර මේ පොඩි එකා ඉණටත් අතක් කියාගෙන ඔලුව හොළව හොළව කියනවලු

හහ්… හිතුව මදි… අම්ම සමරසිරිව බැඳගත්තට හිතන්ඩ එපා මං මගුලක් කන්ඩ ඉඩ තියයි කියල

බලන්න පොඩි එකා තමන්ගෙ වටපිටින් ඇහෙන දේවල් ග්‍රහණය කරගෙන තියෙන දේවල්….?

මට මතක් වෙන්නෙ අපේ ළමා කාලය ගෙවුණ හැටි

මම හතර වසරෙ විතර ඉන්නකොට අපේ රූපවාහිනිය කැඩුනෙ… ඒක ලී කැබිනට් එකක් තිබුණ පරණම සිංගර් රූපවාහිනියක්… ඒක හදන්න අරන් ගියාම හදන්න බෑ ඒක දෙන්න ඒ වෙනුවට අඩු ගාණට වෙන අලුත් එකක් දෙන්නම් කිව්වාම තාත්ත එපා කියල පරණ අබලන් රූපවාහිනිය අරන් ගෙදර ආව.

ටික දවසක් යනකල් අපි දෙන්නට හරිම දුකයි

බලපු වැඩසටහන්, කාටුන් බලන්ඩ නෑනෙ …

ඒත් ටික දවසක් යනකොට ඒක අමතක වෙලා ගියා…

ඒ වෙලාවෙ පොත් කියවන්න ඉබේම හුරු වුනා..

ඉස්සර රෑට කෑම බෙදාගෙන රූපවාහිනිය ඉසසරහ ඉඳගත්ත අපි දෙන්න අම්මයි තාත්තයි දෙන්නත් එක්ක කුස්සියෙ වාඩි වෙලා කෑම කන්න පුරුදු වුණා. අපි අපේ ප්‍රශ්න, පාසලේ සිදුවීම් අම්මයි, තාත්තයි එක්ක කිව්වෙ මේ වෙලාවෙදි. ඉතින් පවුලේ දෛනික වටමේස සාකච්චාව ඉබේම ඒ වෙලාවට යෙදුණා…

අපි දෙන්නට පවුල් සංස්ථාවක පැවැත්මට සාමාජිකයන් අතර කතාබහ කොච්චර වැදගත්ද කියල පුංචි කාලෙම දැනෙන්ඩ ගත්ත…

ඒක කොයි තරම් වැදගත්ද?

 

ඉතිං මං මේ වැල්වටාරං ඔක්කොම කියාගෙන එන්නෙ එක දෙයක් කියන්නයි…

බ්ලොග් කියවන වැඩි දෙනා තරුණයි කියල මම උපකල්පනය කරනව..

ඔයාලත් බලනව ඇති මේ නාට්ටි…

සමහර විට පුංචි දරුවො ඉන්න රැකියාවට යන අම්මලට රෑ වෙලා ගෙදර ආවාම තියෙන එකම විනෝදාස්වාදය මේ වගේ නාට්‍යයක් නරඹන එක වෙන්න පුලුවන්… එයාල පොඩ්ඩක් විවේක ගන්නෙ ඒ වෙලාවට නෙ..

මම ඔයාලට බලන්ඩ එපා කියල නම් නෙවෙයි කියන්නෙ…

ඒත් බලද්දි චුට්ටක් කල්පනා කරන්න තමන්ගෙ වටපිටාවෙ ඉන්නෙ කවුද එයාලට ඒ දෙයින් වෙන්න පුලුවන් බලපෑම මොකක්ද කියලත්….

අපි සතු වටිනාම වස්තුව ආරක්ෂා කරගන්ඩ අපි ආස කරන දෙයක් කැප කළාට කමක් නෑ කියලයි මට නම් හිතෙන්නෙ….

ඉතින් අපි ඒ වස්තුව ආරක්ෂා කරගනිමු…!

 

Advertisements

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in අම්මයි තාත්තයි මල්ලියි මමයි, මට හිතෙන හැටි. Bookmark the permalink.

8 Responses to හූණියම් පෙට්ටියේ ව්‍යසනය….!

  1. yajith පවසයි:

    පිස්සු කියන්න එපා, හරිය! ඕකෙ යන අර ස්ටාර් මේ ස්ටාර් බැලුවෙ නැත්නම් ඉඳලා වැඩකුත් නෑ.. 😛

  2. ලංකාව කන්නේ ඔය මගුල් පෙට්ටගම තමා.
    ඒකාලේ කඩ්ඩෙන් Asterix,GI Joe,Thunder Cats වගේ Cartoon බැලුව නිසා සද්දකෝසෙට අළුත් වචනයක් දෙකක් වත් එකතු වෙලා අද වෙනකොට සතුටුදායක මට්ටමක ඉන්නවා.දැන් පරපුර දන්න සිංහලෙත් කෙලවා ගන්නවා ටැලිවිසොං එකෙන්.කතා කරන්න නම් දේවල් ගොඩයි අද කාලේ ටැලිවිසොං කෙරුවාව ගැන නං…

  3. kanchana පවසයි:

    හ්ම්…ඒක ඇත්ත.දැන් පොඩි ළමයි සමහර ටෙලි නාට්යවල මියුසික් යනකොටම ඒව අදුනනවා.ළමයින්ට කොහෙත්ම සුදුසු නැති මේ ටෙලිනාට්ය දෙබස් ළමයින්ව වැඩිහිටියන් කරනවා.බහුතරයක් මවුපියන් මේකට සෘජුවම වග කියන්න ඕනා.මොකද රසවින්දනයක් නැති මවුපියන් රසවින්දනයක් නැති දරුවන් සමාජයට මුදා හැරීම හරි අභාග්යසම්පන්නයි.මම දන්නෑ මේ ටෙලි නාට්යවල ප්‍රමිතිය ගැන.අවම වශයෙන් බලා ඉන්න පුලුවන් මට්ටමකින්වත් මේව නිර්මාණය කරලා නැති එක තමයි ප්‍රශ්නෙ.

  4. ගෝල්ඩ් fish පවසයි:

    wedak ne akka katha karala… mama nam TV eken aathma wela inne. Mata pennama beri hema channel ekema ekama kathawa pennanawa, actorsla wenas karala. melo rahak ne.

    Ane me wage ewa nethuwa honda akka wage… oyaga ammalage gama gena liyanna. api asa aa wage katha walata misak ara TV eke yanawa wage moda joke walata nemei.

  5. Lucky Wickramasinghe පවසයි:

    පිස්සු කතාකරනවද ජනූ අක්කෙ? කාටද පුළුවන් දැන් යන මළ ජරාව බලන්න? ළා හිරු දහසක් වගේ සරල රසවින්දනාත්මක කතා, ගිරය, කඩුල්ල වගේ කලාත්මක කතා, ඉර පායා, ඇල්ල ළඟ වලව්ව වගේ සෞඛ්‍ය අධ්‍යාපනය පවා කලාත්මක කළ කතා බලපු අපිට මේවා බලනකොට දුක හිතෙනවා. අද පත්තරේ තිබුණා අනුලා කරුණාතිලක මහත්මිය සමඟ කළ සම්මුඛ සාකච්ඡාවක්. ඇය කියන විදිහට දැන් හැදෙන කතාවලට හරිහමන් පිටපතක් පවා නෑ. නළු නිළියන් පවා කතාව ගැන දැන ගන්නේ ඒ ඒ දවසේ දර්ශන තලයේදී.
    මිනිසුන්ගේ අධ්‍යාත්මික ස්වභාවය තමයි කලා කෘතියකින් පෙන්නන්නේ. මේ තියෙන්නේ අද සමාජයේ අධ්‍යාත්මික කැඩපත මිසක් වෙන මොකක්ද?

  6. Maneka පවසයි:

    මේ කතාවත් එක්ක මන් නම් 100% ම එකඟයි!!! ගෙවල්වලට වෙලා ඉන්න මිනිස්සුන්ගේ ඔලු වල බහුබූත් පුරවන මේ ඔලමොට්ටල නාට්ටි වල පස්ස පැත්තට පයින් ගහන්නයි තියෙන්නේ!!!!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )