මහන්සියි නේද…..? කෝ දෙන්ඩ ම ම ම ම මං රිටි ගගගහන්නං….
කතා කරද්දි මට වගෙම ගොත ගැහෙන අපේ ලොකු මාම චූටි මාමට කිව්ව….
නෑහ්…. තව ටිකයි නෙ…. අයිය ඉන්ඩ…..
කෝ තාත්තෙ දැහැන්වක…….?
ඒක මොන වගේද???
මල්ලි ගෙ සුපුරුදු ප්‍රශ්න වැල තාත්තව වෙලාගෙන….
ඉන්ඩකො පුතේ පොඩ්ඩක්…. අපි දැන් යන්නෙ ඒක බලන්ඩ තමයි….
තාත්ත ඇවිත් තියෙනවද දැහැන්වක බලන්ඩ….?
මම ඇහුව…
නෑනෙ…. ඒකනෙ මේ එක්ක යන්නෙ බලන්ඩ….
ආං අර බලන්ඩකො අයිය වතුරෙ පාට….
චූටි මාම තරමක් දුරින් ගඟ දිහාවට අත දික් කරල පෙන්නුව…
ආ….. තාත්තේ…. වතුර කලුම කලු පාටයි නේ…..
කෝ කෝ….. මටත් බලන්ඩ ඕනෙ…..
හා හා… සුදුපුතා දඟලන්ඩ එපා ඔරුවෙ, අපි ඔක්කොමල වැටෙයි දැහැන්වකට…
පරිස්සමෙන් ……
අපි ඔක්කොමල ඔරුවෙන් එහා මෙහා වෙවී බැලුව දැහැන්වක දිහා……!
දැහැන්වක කියන්නෙ යෝගම හරියෙදි සීතාවක ගඟ මැද්දෙ විශාල ප්‍රදේශයක් පුරා පැතිරිලා තියෙන ලොකූ අගාධයකට….
ඒක ගැන මම අහල තියෙන දේවල් නම් හරිම විශ්මයජනකයි…
දැහැන්වකේ ගැඹුර ගැන දන්න කෙනෙක් අදටත් නෑ… ගඟේ ගලන වතුර වගේ නෙවෙයි මේ දැහැන්වක ඇතුලෙදි වතුර කලුම කලු පාටයි….මේ ගැන තියෙන ප්‍රවාද කතාව මම අහගත්තෙ අම්මගෙන්…
අහල ඇති නේද ඔය වැව් වල එහෙම රන් තලි, රන් මාල එහෙම පෙනිල මිනිස්සු ඒව ගන්ඩ ගිහින් මියෑදෙන හැටි…. ඔය දැහැන්වකෙත් ඉන්නවලු කඩුක්කන් දාපු ආඳෙක්…..!
ආඳා කියන්නෙ මාලුවෙක් කියල මම දැනගත්තෙ පස්සෙ කාලෙකනෙ
කඩුක්කන් දෙකට ලොබ බැඳගෙන මේ ආඳව අල්ලන්ඩ ගිය මිනිස්සුත් මියැදුනාද දන්නෙ නෑ….
පුංචි කාලෙ ඔය කතාව ඇහුවම මට මැවිල පෙණුනෙ ලොකු රවුම් කරාඹු දෙකක් පැළඳගෙන ඉන්න කබරගොයෙක් වගේ සතෙක්…
ආඳා කියන්නෙ මාලුවෙක් කියල මම දැනගත්තෙ පස්සෙ කාලෙකනෙ
ඔය කතාවට මුල් වෙච්ච ප්‍රවාදයක් ඇති… මේ වෙලාවෙ මට විස්තර අහන්න නම් නෙනෙක් මතක් වෙන්නෙනෑ….
පස්සෙ දවසක දැනගත්තොත් නොවැරදීම ලියනව.
කොහොම වුණත් මෙතන හරිම භයානක තැනක්…. එහෙමත් කෙනෙක් තමයි මේ දැහැන්වකේ සෙල්ලම් දාන්ඩ ඉදිරිපත් වෙන්නෙ…
අයිය මං බහින්නංකො…. ඕං බලන්ඩකො….
චූටි මාම ලකලෑස්ති වෙන්නෙ දැහැන්වකට බහින්ඩ…
මාම පීනන්ඩද යන්නෙ දැහැන්වකේ…..?
ඔවු….!
මාම ඔරුවෙන් බැහැල දැහැන්වක දිහාට පීනුව…
අපි බලාන හිටිය…
වතුරෙ පාට වෙනස් වෙන හරියෙදි මාමව නොපෙනී ගියා
අන්න මාම පේන්නෙ නැතිව ගියා….
මාම කිමිදුනා පුතේ…
කොහොම හරි ටික වෙලාවකින් මාම මතු වුණේ ඔරුවට ගොඩාක් ඈතින්… දැහැන්වක හරහා පීනල….
අපි කටවල් ඇරගෙන බලන් හිටිය….!
ඔරු පදින්ඩ, පීනන්ඩ නං අපේ අම්මලගෙ පවුලෙ අයට ගහන්ඩ අය මල්දෙනියෙ නෑ කියල තමයි එයාල කියන්නෙ…
ඒක ඇත්තම තමයි කියල හිතෙනව එයාලගෙ වැඩ දැක්කාම….
පුංචි කාලෙ ඉඳලම ගගේ බැහැල, පීනල, ඔරු පැදල පුරුදු මාමලට දැහැන්වක කියන්නෙ හරියට එයාලට සෙල්ලම් කරන්ඩ හදපු පොකුණක් වගේ….
අම්ම කියනව අපේ ලොකු අම්ම, ඒ කියන්නෙ අපෙ අම්මගෙ බාප්පගෙ ලොකු දුවත්,තරුණ කාලෙ ඔය දැහැන්වකේ පීනනවලු. මට නම් පීනන්ඩ තියා හදිස්සියෙ වතුරට වැටුණොත් ජීවිතේ බේරගෙන ගොඩට එන්නවත් බෑනෙ…මේ පහුගිය කාලෙක ලොකු අම්ම අපේ ගෙදර ආව වෙලාවක මම දැහැන්වක ගැන විස්තර ඇහුවම ලොකු අම්ම කිව්වෙ
අනේ දැන් දැහැන්වක ඉස්සර වගේ නෑ…. ඒ හරියෙ වැලිත් මතු වෙලා
මිනිස්සු වැලි ගොඩ දාලම ගඟේ ගන්ඩ දෙයක් නෑ කියල…
ඉස්සර ගමට ලයිට් තිබ්බෙ නෑ….ලයිට් ආවා…
යන්ඩ පාලමක් තිබ්බෙත් නෑ…. පාලමකුත් ආවා….
ඒත් පාලම උඩින් ගමට යද්දි ගඟ ඉස්සර තරම් ලස්සනට පෙණුනෙ නෑ…
මට නම් හිතාගන්ඩවත් බෑ ඒ ගැන……. හැබැයි මේ මෑතක අපි යනකොට ගඟේ ඉස්සර තරම් වතුරත් නෑ. ඉස්සර ගඟ මැදට යද්දි අපිව පොව්වන තරම් උසට වතුර පිරිල තිබුණු ගඟට වෙලා තියෙන දෙයක්….! මැද්දෑවෙ ගල් පෑදුණු, අඩියක්වත් උසට වතුර නැති, ගඟ තමන්ගෙ ජීවිතේ වයෝවෘද්ධ සමය ගත කරන බවක් තමයි පෙණුනෙ…
මට එතකොට හිතුනෙ අර දැහැන්වකේ හිටියයි කියන කඩුක්කං ආඳාට මොකද වෙන්න ඇත්තෙ කියල…
මල්ලියි මමයි නම් කතා වෙලා ඉන්නව ඉක්මනටම ගමේ ගිහින් දැහැන්වක බලල එන්ඩ…..
හිතන්න නම් බැරියැ….. කරනවැයි කියල කප්පරකට දේවල්…..!!
නිවාඩුවක් හොයාගන්න එක තමයි අමාරු…..!
එල! මේක ලියනකම් බලාගෙන හිටියෙ කියවන්න.
හා… ස්තූතියි. හැමදාම එන්නකො…. කියවලා යන්න
පරණ මතකයක් අලුත් කලා.දැහැන්වකේ අපි කොච්චර නාල ඇත්ද…කාලෙක ඉදන් එ සේරම නැවතිලා..යාලුවො විසිරිලා…දැහැන්වක ගැන අහන්නත් සතුටුයි..සතුටුයි කිව්වට දුක මිෂ්‍ර සතුටක්..කාලය අපෙන් හුගක් දෙවල් ඈත් කරල..එත් ලගදිම ආයිත් යන්න ඔනෙ..
…..දැහැන්වක තියෙන්නේ අපේ ගමේ…
Shanika,
සන්තෝසයි ඔයාව අඳුනගන්න ලැබීම ගැන. ඉතින් ඔයා දන්නව ඇති නෙ දැහැන්වක ගැන ඇත්ත කතන්දර ගොඩක්…..? කැමති නැද්ද බෙදා හදාගන්න අපේ හිතවතුන් එක්ක?
🙂
අයියෝ මං හිතුවේ ගඟ මැද්දේ ගලක් උඩ තියෙන දේවාලයක් හරි, පරන පන්සලක් හරි වගේ එකක් කියලා. මම රැවටිලානේ….
අක්කේ රස්සවෙන් නිවාඩු අරං හරි, තව කතා ටිකක් ලියන්නකෝ. තාම අවුරුද්දේ මුලනේ, නිවාඩුත් ගොඩ ගැහිලා ඇතිනේ. ඉතිං ඔයා කැමති නැද්ද ඒ නිවාඩු ටික අපිත් එක්ක බෙදා ගන්න? 😀 (joke)
ඒක නෙමේ ඔයාගේ අර කිරිබත…, හෙට පෝය නිසා මම අපේ අම්මට කිව්වා හකුරුත් එක්ක කිරිබත් උයන්න කියලා. ෂිඃ ඉක්මනට හෙට වෙන්නේ නෑනේ…
අනේ ලියන්න නං ආසයි….! ඒත් වෙලාව හොයාගන්න නෙ බැරි…. ශා ඔයා හෙට කිරිබත් කන්ඩද යන්නෙ…. මං නං ඉතිං හෙට දතකට මැදගෙන ඉන්නෙ කතා ටිකක් ලියාගන්ඩ කියල
ගාල්ලෙ අපේ තාත්තලගෙ ගෙදරදි මමත් ඔය වගේ කතාවක් අහලා තියනවා. ඒක නං කවදාවත් දිය නොසිඳෙන, අඩිය නොපෙනන වලක් – සංදර වල කියලා. ඒකෙත් ඉන්නවාලු තඩි කඩුක්කං ආඳෙක්. තව සමහර කාල වල රත්තරං වලින් හදාපු එක එක භාණ්ඩ මතුවෙනවාලු, නිධානයක් කියලයි මිනිස්සු කියන්නෙ. ඉස්සර රජ කෙනෙක් නිදන් හංගලා, සන්දරන් කියලා දෙමල මනුස්සයෙක්ව බිලි දුන්නලු., එයා ආඳා වෙලා ඉපදුනාලු. ගත්තොත් හීනෙන් ඇවිත් රැට බය කරනවාලු. වලේ දිය හිඳින්න හැදුවොත් වහිනවාලු. ඔක්කොම ලු..ලු..නං තමා, ඒත් කතාව නං හරිම අපූරුයි.
සැට් එකම කඩුක්කං ආඳො නිසා නෑයොද මන්දා?
මගෙ හිතේ නෑයො වෙන්ඩ ඇති…… මගෙ හිතේ දැහැන්වක ගැනත් ඔය වගේම කතා ඇති. ගෙදර ගිහින් අම්මගෙන් අහල දැනගන්ඩ ඕනෙ…..
අයිය මෙහෙට ගොඩවැදුනෙ පළවෙනි වතාවට නෙ.. බොහොම ආදරෙන් පිළිගන්නව
මාත් මේ හැන්දෑ කොරේ, කඩ මංඩිය පැත්තෙ යමින් ගමන්. මී වදයි, හල් පිට්‍ටුයි ගැන කතාවක් ඇහුනාම ආයෙ ඉතිං නෑවිත් පුළුවනෑ. දැං ඉතිං යමින් ගමන් මේ පැත්තටත් ගොඩවෙලා ම යඤ්ඤංකො.
ආං හොඳා….. සිරිබිරිස් අයියෙ….
ගොඩාක් දවස් බලාගෙන හිටියට අද තමයි මල්දෙනියේ කතා ඔක්කොම බලන්න වෙලාවක් හම්බ උනේ…. අක්කේ ඔය දැහැන්වකේ නේද සීතාවක රජ්ජුරුවෝ අරිට්ඨ කී වෙන්ඩු පෙරුමාල්ගෙ බහට රැවටිලා හාමුදුරුවරු ගිල්ලලා මරපු තැන. මම අහලා තියන විදියට හාමුදුරුවරු දෙන්න දෙන්න බැඳලලු ගඟට දැම්මේ, අන්තිමට එක හාමුදුරු කෙනෙක් විතරක් ඉතුරු උනාම වඳුරෙක් ගට ගහලා දැම්මලු. මමත් අහපු කතා මේවා, අක්කල බැරැණ්ඩි කෝවිල බලන්න ගියේ නැද්ද?