බයිසිකල් රේස් එකයි උගුරැස්ස ගහයි….!

අන්නෝ………….. බයිසිකල් රේස් එක එනෝ……………………

මල්ලී කෑගසාගෙන දුවගෙන යන්නේ ගමේ ගෙදර මිදුල අයිනේ අලිපේර ගහ යටට.

අනේ රත්තරනේ හෙමින් හෙමින්…….

මගෙ ඇඟේ ලේ නෑ ඔහොම දුවද්දි….

ආච්චි අම්මා  කෑ ගැහුවා…..

කෝ කෝ… !

ඔය ඈත ඇහෙන්නෙ…. ලවුස්පීකරෙන් කෑ ගහනව…

මල්ලී මිදුල කෙලවර ගල් පඩි පාමුල ඇති දූරියන් ගහේ කොළ අස්සෙන් එබි එබී පිළිතුරු දෙන්නේ නොයිවසිල්ලෙන්.

ච්හ් මෙතන පේන්නෙ නෑ….

මල්ලී මිදුලේ අනිත් කෙළවරට දුවන්නෙ ඈත ලැයිමට යන ගල් ලයිසන් කළ පාර අද්දර පොඩි ගල් තලාවට ගොඩවෙන්න. බයිසිකල් රේස් එක බලන්න.

රෑ පුරාවට පඳුරු මතට වැටුණු පිණි වියැකෙන්නවත් කාලයක් ගත වුණේ නෑ.

පහළින් ගලා බහින සීතාවක ගංගා කුමාරිව බලන්න මීදුම් කුමාරය වැඩලා…. තවත් අහසක් වගේ….. ගඟක් ද කියල පේන්නෙ නැති වෙන්නම……

ආ…..න්න යනවා….

මල්ලි ගඟින් එගොඩ  කන්දේ ඈත පාරේ යන බයිසිකල් රේස් එක මෙගොඩ කන්දෙ ඉන්න අපිට පේන්නේ ගස් කොළන් අස්සෙන් යන කූඹි රැලක් වගේ. පාට පාට ඇඳුම් ඇඳගත්ත බයිසිකල් කාරයො…..

දඹදෙනියේ මහ පාර අද්දර ඇති තරම් බයිසිකල් රේස් දැක ඇති අපි දෙන්නා‍ මල්දෙනියේ බයිසිකල් රේස් අතාරින්නෙත් නෑ

අයියෝ……

මල්ලිට කියවුණා. රේස් එක ඒතරම් හිතට අල්ලල නැති පාටයි.

ටික දෙනයිනෙ අක්කෙ ගියේ……

එහෙම තමයි අනේ මෙහෙ…..

අපි දෙන්නා ගල් තලාවෙන් පල්ලම් බහින්නෙ ගෙදර එන්න…

රේස් එක ඉවරයිද පුතේ….

.ගෙයි එලිපත්ත උඩ කොයි වෙලාවෙත් පදිංචි වෙලා ඉන්න බුලත් වට්ටිය උකුලට අරන් විටක් ඒදන ආතා ඇහුව….

හ්ම්…..

තව එකක් එයි ටිකකිං……

එහෙනං හොඳයි…… මල්ලිගෙ මූණ මල් හතයි…..

තාත්තගෙන් කී රොටි සප්පායම් වෙලා  හිටිය හින්දා බඩගින්නක් දැනුණෙත් නෑ දෙන්නටම මිදුලට පැනපු අපි දෙන්නා බිම වැටිල තිබුණ කරාඹු ගෙඩි ඇහින්දා….. ආච්චි අම්මත් ඉදල අරන් ඇවිත් පොල් අතු රටා මවල මිදුල අතු ගාන්න ගත්තා. වැලි පොළවට වැටිච්ච කරාඹු ගෙඩි හා ආච්චි අම්මගෙ ඉදලට අහුවෙන කරාඹු කොළ පොඩි වෙලා හාත්පස අපූරු සුවඳක් පැතිරුණා.

ආං…………. උගුරැස්සත් ඉදිල ඇති ගහේ….

ඒ ඔත්තුව ආතගෙං

ඕං ඉතිං …. දැං මේ කී රොටි කාල උගුරෙං පල්ලෙහිට බැස්ස ඉතරයි නෙ… උගුරැස්ස ගැන කිව්වෙ මොකටද?

ආච්චි අම්මා නෝක්කාඩු කියන්ඩ ගත්තා…..

යනව එහෙම නෙවෙයි ඕං තනියම හෙම…. තාත්ත එක්ක හරි මිසක්ක…

අපිටත් සැර දැම්ම.

එක කොලයක්වත් මිදුලෙ පේන්ඩ නැති වෙන්ඩ අතු ගාපු ආච්චි අම්මා පිලිකන්න පැත්තට ගියේ

දවල්ට උයන්ඩ වෙලාවත් හරි  දැං කියලයි….

මං ඉතිං වැඩි කතා නැතුවම ආච්චි අම්මා රටා මවපු මිදුලෙ බට්ට කොටුවක් ඇන්දා….

යාන්තං ඇති …..කරත්තෙට අහුවෙච්ච කජු ලෙල්ල වගේ වෙලා තිබුණ මල්ලිගෙ මූණට එලිය පොදක් වැටුණා…

වළං කට්ටක් අහුලගත්ත අපි දෙන්න බට්ට පනින්න පටන්ගත්තා.

ආ… චූටි මාතියයි සුදු බේබියි ඇවිල නේද…..? අයි අයියෝ…. මා තන්නෙ නේ නෙ…

කූඩෙත් එල්ලගෙන තේවත්තෙ වැඩට යන ගමන් පොන්නු ඇවිත්….පොන්නුගෙ පිටිපස්සෙන් දිස්නෙ ගහන කලු පාට බෝලයක් වගේ සිවකුමාර් හිනා වෙවී….

සිව කුමාර් ඇවිල්ලා…. සිව කුමාර් ඇවිල්ලා…..

අපේ මල්ලිගෙ සන්තෝසෙ ඉහවහා ගිහින් තමන්ගෙ සෙල්ලම් සගයව දැකපු පාර…

මොනා හරි කාලා කුමාර් ෂෙල්ලං කොරොන්ඩ එයි මාතියා.

පොන්නු කුමාර්ව ඉස්සර කරගෙන කුස්සිය දෙසට යන්නේ ආච්චි අම්මාගෙන් කුමාර්ට උදේට කන්න යමක් ඉල්ලා දෙන්නයි.

ආච්චි අම්මා දුන්නු කී රොටිවලටද පොන්නුගෙ හීල් බත් පිඟානෙන් බාගයකටද වග කියන සිව කුමාර් අපි ළඟට දිව එන්නේ මිටින් හල කුරුල්ලෙකු  වගේ…

බට්ට පනිමුද…..

හා….

අපේ සෙල්ලමට සිව කුමාර් ද එක්වෙනව.

දවස ගෙවෙන හැටි අපිට…. නම් තේරුණේ නෑ….

හීල සප්පායම් වෙලා ඉස්තෝප්පුවට ආව තාත්තා ආතා ළඟ වාඩි වුණේ  බුලත් විටක් ඒදා ගන්ට

හා මේ කුමාරයත් ඇවිත් ඉන්නෙ….එප්පඩි???

තාත්තා අසයි

වැඩි කතාබහ හුරු නැති කුමාර ලැජ්ජාවෙන් ඇඹරෙනව

තාත්තෙ තාත්තෙ… අනේ යංකො උගුරැස්ස කඩන්ඩ..

මල්ලීට උගුරැස්ස මතක් වුණා …. තාත්තගෙ අතේ එල්ලෙනව.

ඉන්ඩකෝ මං විඩක් ඒදගෙන එන්නං කෝ….

ඔන්න ඉක්මනට හොඳේ….

හරි හරී….

තාත්තාට මොනම දේකටවත් හදිසියක් නම් නෑ

මේ ළමයට තියෙන හදිස්සිය බලාපල්ලකො…

ගමේ ආතා කටේ විට පුරවගෙන  හිනා වෙනව

හා යං….

විඩක් කටේ දමාගෙන අපිවත් ඉස්සර කරගන්න තාත්තා උගුරැස්ස ගහ ලගට යන්නට පිටත් වෙනව……..

Advertisements

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in අම්මයි තාත්තයි මල්ලියි මමයි, මල්දෙනියෙ විත්ති. Bookmark the permalink.

6 Responses to බයිසිකල් රේස් එකයි උගුරැස්ස ගහයි….!

  1. yajith පවසයි:

    නියමයි! තවත් කොටසක් ලියන්නෝ! 😉

  2. Ravi පවසයි:

    ඔයා ලස්සනට ලියනව, සරලයි ඒ වගේම හිතට වදිනව, ස්තූතියි නංගි,

  3. Taboo Subjects පවසයි:

    ‘ජනූගේ කතා’ හා ජනූගේ සටහන්’ නමින් බ්ලොග් දෙකක් පළවීම පාඨකයාට ගැටළුවක්. මගේ හිතේ තිබුණේ මේ දෙන්නකු ලියන බ්ලොග් කියලා. අද තමයි ඒ එක්කෙනකුගේ බ්ලොග් බව රිජිස්ටර් වුණේ. බ්ලොග් දෙක එකක් කර සීරීස් දෙකක් හැටියට මේ කතා ගෙන යාම ගැන හිතා බලන්න.

    – Taboo

    • හිතවත් ටැබූ,
      බොහෝ තුති ඔබේ ප්‍රතිචාරයට, ඇත්තටම එය එසේ සිදු වුණේ බ්ලොග්වල තාක්ෂණික භාවිතය ගැන මගේ දැනුම අල්ප නිසා. මා බ්ලොග්වල ප්‍රවර්ග කිරීමේ හැකියාව හඳුනාගන්නා විට පෙරහැර ගොස් හමාරයි. ඔබ හරි. මා ඒ ගැන සලකා බැලිය යුතු කාලය ඇවිත්…. මගේ බ්ලොග් සටහන් කියවන්නට ගොඩ වැදුණාට නැවතත් ස්තූතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )