සමාජ කොරහේ කිඹුලෝ…….!

මේ කතාව මම වැඩ කරපු තැනකදි මට වෙච්ච දෙයක්.

ඔන්න  ඒ ආයතනයට අලුතෙන් පත් වී ආව පුද්ගලයෙක් එක්ක රාජකාරි වැඩකට මට බම්බලපිටියට යන්න සිද්ධ වුණා. සාමාන්‍යයෙන් මෙහෙම යන්න වුණාම අපි තුන් රෝදයක යන්නෙ. නමුත් මේ පුද්ගලය…… ම්…….. අපි  සිරිමල් කියමුකො….

ඉතින් සිරිමල් ගෙ කාර් එක තිබුණ නිසා ඒකෙ යන්න තීරණය වුණා.

මේ මනුස්සය එක්ක තනියම වාහනයක යන එක හොඳ ද? ඒක ගැලපෙනවද? මේ වගේ ප්‍රශ්න රැසක් මගේ ඹලුවෙ කැරකෙන්න ගත්ත. නමුත් ඒ වෙලාවෙ රාජකාරිමය පැත්තෙන් තිබුණු හදිසි අවශ්‍යතාව සහ අලුතෙන් ආව මනුස්සයෙක් විදියට මිනිහ‍ෙග යෝජනාව එකවරම ප්‍රතික්ෂේප වීමෙන් ඇතිවන අපහසුතාව ගැන හිතල මම ඒ ගැන එකඟ වුණා. මම ඉතිං කො‍රහෙ කිඹුල්ලු දකිනවනෙ කියල හිතල අර කලින් හිතට ආව දේවල් යටපත් කරගෙන ගමන පිටත් වුණා.

බම්බලපිටිය ගැන ඉතින් දන්නවනෙ. …වාහනයක් නවත්ත ගන්න තියෙන අපහසුව ගැන එහෙම…. අපි යාමට නියමිතව තිබුණු තැන වාහන නැවතීමේ පහසුකම් නැති නිසා එතන පහුකරල වාහනේ නවත්තගන්න පුලුවන් තැනක් හොයමින් අපි ටිකක් රස්තියාදු වුණා.

සිරිමල් අපි මැජෙස්ටික් සිටි එකේ පාක් එකටවත් දාල පයින් මේ ටික එමු….

විනාඩි පහලොවක් විතර නාස්ති වුණාට පස්සෙ මම කට ඇරිය

නෑ … නෑ එහෙම කරන් ඕනෙ නෑ…. ඉන්නකො අපි මේ හරියෙම නවත්තගන්න බලමු.

මෙහෙම කියල මිනිහ එක තැනක නවත්තන්න වාහනය අයින් කළා.

‍ෙම් .. මේ මෙතන නෝ පාර්කිංග් කියල බෝඩ් එකක් තියෙනව සිරිමල්

හරි හරි……. පොඩ්ඩක් ඉන්ඩකෝ…… මම කරන්ඩ ඒකට වැ‍ෙඩ්….

මිනිහ වාහනෙන් බැහැල අර බෝඩ් එක අනික් පැත්තට හරවල ආව

අනේ අනේ….මේ…….මම නම් මේ කරපු වැඩේට පොඩ්ඩක්වත් කැමති නෑ සිරිමල්

අපි වෙන තැනක් බලල වාහනේ නවත්තමු සිරිමල් මෙතන හරි යන්නෙ නෑ නෙ…

මේ වෙච්ච දෙයින් නොපැහැදුණු මම කිව්ව

ඕනෙ නෑ ඕනෙ නෑ… අපි යමු….. ප්‍රශ්නයක් වෙන එකක් නෑ

 

ප්‍රශ්නෙ වෙන්නෙ අපි ආපහු එන කොට තමයි… ඉතිං

 

කොහොම හරි වාහනේ එතනම දාල වැඩේට පිටත් වෙන්න මට සිදු වුණා.

විනාඩි විස්සකින් විතර අපි ආපහු ආවා. එනකොටම වාහනේ ලඟ මිනිස්සු දෙන්නෙක් ඉන්න බව මම දැක්ක.

කිව්ව නාහන ගුරු ඉහළ ගියත් එකයි පහළ ගියත් එකයි

මං කිව්වනෙ වෙන දේ

වෙන දෙයක් වෙච්චාවෙ… ! මම හිතා ගත්ත

 

සිරිමල් කිසිම කතාබහක් වටපිට බැලිල්ලක් නැතිව කෙලින්ම කාර් එක ලඟට ගියා. යතුර දාල දොර ඇරිය.

මොකක් ද මහත්තය බලු වැඩ කරන්නෙ…..?

කවුද……?

ඇයි මහත්තය අපි මෙතන අපේ වෑන් එක එළියට ගන්න බැරිව දැන් ගොඩක් වෙලා මෙතන

අනිත් එක මෙතන නෝ පාකිංග් කියල ගහල තිබ්බ බෝඩ් එකත් අනිත් පැත්ත හරවල නෙ මහත්තය වාහනේ පාක් කලේ….

කවුද …. කවුද බෝඩ් අනිත් පැත්ත හැරෙව්වෙ…. මෙතන මම පාක් කරන කොටත් මේ බෝඩ් එක අනික් පැත්ත හරවල තමි තිබුණෙ.

අනේ යන්ඩ මහත්තය යන්ඩ නිකං බොරු නොකියා… අර එහා පැත්තෙ සිකියුරිටි සේරම බලාගෙනනෙ ඉඳල තියෙන්නෙ… මේ නෝන කෙනෙක් ඉන්න හින්ද අපි ට මොනවත් කියන්ඩ බෑ නැත්තං අපිත් දන්නව කතා කරන්න ඕනෙ විදිය….

දැන්වත් නවත්තපන්කො….. නෑ මේ මිනිහ එල්ලි එල්ලි යනව මේ බෝඩ් එක අනික් පැත්ත හැරෙව්වෙ මිනිහ නෙවෙයි කියන්ඩ

දාහක් දේවල් කිය කියා

මේ මහත්තය දැන් ඉතිං  ඔන්න නම්බු දීල කලා කරපු  අපෙත් ලිමිට් පනින්ඩයි යන්නෙ…. ඔය **** අරගෙන යනවද යන්න මෙතනින් කලිසම ගලවල ඔලුවෙන් අන්දන්න කලින්…. එනව මෙතන තව සුදන වෙන්ඩත් ** වැඩ කරන්ඩ එපා මිනිහො….

සිරිමල්  මේ………..කරුණාකරල මෙතනින් යමු දැන්

මේ වෙනකල් සිද්ධිය ඔක්කොම බලාගෙන අහගෙන ඉඳල ඉවසීමේ උපරිම සීමාවට ලඟා වෙමින් හිටපු මගේ ස්වරය ටිකක් උස් වුණු බව මටම තේරුණා…..

එන පොට හොඳ නැති නිසා මිනිහත් දඩි බිඩි ගාල වාහනේ ට නැගල පිටත් වුණා. ආපහු කාර්යාලයට එනකල්ම මම නම් වචනයක් කතා කළේ නෑ…..

ඒ විතරක් නෙවෙයි මේ ගැන ඊට සෑහෙන කාලෙකට පස්සෙ මගේ හිතවත්ම දෙන්නෙක්ට හැර මම කිව්වෙත් නෑ.

ඇයි දෙයියනේ කාටවත් කියන්න වත් පුලුවන් දෙයක් ද මේක…..?

ඇයි අනිත් කාරණේ…. මම නම් හිතාගත්ත ආයෙ මග මළත් මිනිහත් එක්ක නම් ගමන් නෑ කියල

මිනිහ ගැන එදා ඇතිවුණ පිළිකුල මට කිසිම දවසක අමතක වෙන්නෙ නැහැ.

අද උදේ වැඩට යන ගමන් මම මගේ පෙම්බර ඇත්තට කිව්ව මම අද අලුත් පොස්ට් එකක් දානව

ලියන්න ඉන්නෙ අපේ අම්මලගෙ මහගෙදරත් සමග මට තියෙන සුන්දර මතකයන් ගැන කියල.

ඒත් සේරම නවත්තල මම මෙහෙම ලියන්නෙ අද දවසෙ සිද්ධ වෙච්ච දේකින් මගේ ඒ  පිළිකුල් සිතිවිල්ල නැවත මතුවුණ නිසා…..

අද අපේ කාර්යාලෙ දවල් ආහාරයට අපි එළියට ගිය වෙලාවෙ එක් පුද්ගලයෙක් ආහාර ගනිමින් හිටි තවත් කිහිපදෙනෙක්ට තමන්ගෙ සූර වීර වික්‍රමයන් විස්තර කරනව…..

වාහනේ බලපත්‍ර අලුත් නොකර, රක්ෂණය අලුත් නොකර ධාවනය කරල පොලීසියෙන් ඇල්ලුවාම පොලීසියත් එක්ක තර්ක කරපු හැටි.

රතු එළිය දැල්වෙන මොහොතක ධාවනයෙ යෙදිල පොලීසියට තර්ක විතර්ක ඉදිරිපත් කරපු හැටි

ඒ කියන්නෙ උඹ දැන දැනමද දැම්මෙ රතු එළියෙදි,

ඔව් ඔව්… මම දැක්ක…. ඒත් මචං කොස්ස හිටියෙ ලයිට් එකට ඉස්සරහින් ඉතිං මිනිහට ලයිට් එක පේන්නෙ නෑනෙ….

ඔන්න මිනිහ මාව නැවැත්තුව

මහත්තය රතු තියෙද්දි නේද දැම්මෙ….?

නෑ රාලහාමි මම දැම්මෙ කොල පාට තියෙද්දි

මේ මේ බොරුව දාන්ඩ එපා…..

රාලහාමිල ලයිට් එකට ඉස්සරහින් ඉඳල කොහොමද ලයිට් එක රතු ද කොළද  කියල දකින්නෙ?

අපි දැක්කනෙ එහා පැත්තෙ වාහනවලට කොළ වැටිල තියෙනව එතකොට මේ පැත්ත රතු වැටෙන්නෙ….

ඒ පැත්තෙ කොල තියෙනකොට මේ පැත්ත රතුයි කියල කියන්නෙ කො‍ෙහාමද රාලහාමි… ඒක වැරදියි නේද?

හා හා ඒවගෙන් වැඩක් නෑ…..ගන්නව ගන්නව ලයිෂන් එක

හරි… රාලහාමිලට ඕනෙ නම් මට දඩ ගහන්ඩ. ලයිසන් එකත් ගන්ඩ

හැබැයි මට ලියුමක් ලියල ඕනෙ එහා පැත්තෙ කොළ එළිය දැකලයි මාව නවත්තල මට දඩ ගැහුවෙ කියල

මොකද රාගහාමල දැක්කෙ නෑනෙ මට ඉස්සරහින් තිබුණ ලයිට් එක

මෙන්න මේ වගේ කතාබහක් අස්සෙ තමයි අද දවල් කෑම කෑවෙ.

කොහොම හරි ඉතින් මිනිහ ලයිෂන් එකත් අරන් වාහනයත් අරන් බේරිලා ගිහින් කතාවෙ හැටිය‍ට….

‍ෙම් කතාව අහල වටේ හිටපු මිනිහගෙ යාලු මිතුරු කැල මහ හයියෙන් ගෙඹි නාදෙන් හිනා වෙන්න ගත්ත..

මට පුදුම හිතුණා

මිනිස්සු කොහොමද දෙයියනේ මෙහෙම අල්ලෙ පැලවෙන බොරු කියන්නෙ…..?

අනික තමන් වැරදියි කියල දැන දැන…..? මිනිස්සු හිතාමතා වැරදි කරන්නෙ ඇයි?

වැරැද්ද තමන් අතේ කියල ඔප්පු වෙලා සහසුද්නේම දැනගෙන ඉන්න වෙලාවෙවත් තමන්ගෙ වරද පිළි අරගෙන මට සමාවෙන්න මගෙ අතින් වරදක් වුණේ කියල කියන්න ඇයි දිව නැමෙන්නෙ නැත්තෙ….?

මේ මනුස්සය කොහෙ හරි ආයතනයක ඉහළ තනතුරක් දරන කෙනෙක්… ඒත් කොහොමද මෙයා ඒ ආයතනයට විශ්වාසවන්තයි කියල විශ්වාස කරන්නෙ?

මට හිතෙන හැටියට නම් මනුස්සයෙක්ගෙ මේ ගුණාංග හැදෙන්න ඕනෙ මවු සෙවණෙ දරුවා හැදෙන වැඩෙන කුඩා වයසෙදිමයි.

මම ප්‍රාර්ථනා කළේ එක දෙයයි.

අනේ මේ මිනිස්සුන්ට දරුවො ඇත්නම් හෝ මේ මිනිස්සුන්ට දාව දරුවො හම්බ වුණොත් ඒ දරුවො රටට බරක් නම් වෙන්ඩ එපා…..!!!

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in මට හිතෙන හැටි. Bookmark the permalink.

7 Responses to සමාජ කොරහේ කිඹුලෝ…….!

  1. Ravi says:

    අපේ මිනිස්සුන්ට ඕනම වැරැද්දකට තියෙනව බොහෝම පහසු නිදහසට කාරණයක්, ” ආ, ඕක මොකක්ද, මේ රටේ වෙන වැරදි හැටියට?, අර ඇමතිය මෙහෙම කලා, අර මංත්‍රී මෙහෙම කලා, ඉතිං මේක මොකක්ද?” ඔන්න ඕක තමයි විත්ති වාචකය,

    හැබැයි, ඒකෙම අනික් පැත්ත එයාල කල්පනා කරන්නෙ නැහැ, අපිත් පොඩි වැරැද්දක් හරි දැනුවත්ව කරනව නම් ලොකු වැරදි වලට ඇඟිල්ල දික් කරන්ඩ, චෝදනා කරන්ඩ තියෙන අයිතිය අපි අහිමි කර ගන්නවයි කියන එක,

  2. මේවගේ කැත මිනිස්සු හින්ද තමයි අපේ රටට මෙහෙම වෙලා තියෙන්නෙ. ෂුවර් එකටම මෙයා හැදුණු වැඩුණු පරිසරය අම්මල තාත්තලත් ඔහොම වෙන්නැති.

  3. තමන්ගේ සුභ සිද්ධිය විතරක් හිතන උගත් මිනිස්සු, උගත් නෑ මෝඩයි කියලා එයාලට තේරෙන්නේ නෑ. ඒක පේන්නේ වටේ පිටේ ඉන්න මිනිස්සුන්ට.

  4. says:

    ගොඩක් අය වැරැද්දක් කරලා ඒක ගැන කියන්නේ ලොකු ආඩම්බරේකින්. විශේෂයෙන් බීලා එළවන අය ඒත් ඔය නීතිරීති ගොඩක් තියෙන්නේ තමන්ගේම ආරක්ශාවට කියනෙක ගැන හිතන්නේ නැහැ. තමනටම උනාම තමා තේරෙන්නේ

  5. හිතවත් ම ,රවි, ගෝල්ඩ් fish, නුවන්,

    බොහෝ තුති ප‍්‍රතිචාරයට
    ලිපිය ලියවුණේ තරමක ආවේගයකින්.
    හරියට තරහක් පිරිමහන්න වගේ
    ඉතින් මේ ලිපියට ලැබුණු ප‍්‍රතිචාරවලට පිලිතුරු දෙන්න පවා මම මැලි වුණේ ඒ ගැන නැවත නැවත මතකයට ඒම වලක්වා ගන්නයි.
    මේ සමහර සිදුවීම් සෘජුව මට අදාල නොවුණත්, ඉන් මට සිදු වූ හානියක් නොවුණත් මට මහා ලජ්ජාවක් හිතට දනවන සිදුවීමක් මේක.
    මේ මිනිස්සු මෙහෙම ගිහින් නවතින්නෙ කොතැනද කියලයි මට හිතා ගන්න අමාරු

  6. අපි අතරේ මේ වගේ මිනිස්සුත් ඉන්නවා කියල හිතෙනකොට උතෝපියාව හොයාගෙන යන්න හිතෙනවා හිතලුවක් උනත් අම්මපා.

  7. Miyuru says:

    මේවට නම් මල පනිනවා නේන්නං…. කවදා හරි කෙසෙල් ගහකට ඇන්නදාට තමයි මට්ටු වෙන්නෙ…

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s